sha fm

    Monday, 14 October 2013

    අල්ප ආයුෂ ඇති වීම සඳහා බලපාන කර්ම

    අල්ප ආයුෂ ඇති වීම සඳහා බලපාන කර්ම දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තෝදෙය්‍ය බමුණාගේ පුත් වූ සුභතරුණා මිනිසුන් වශයෙන් උපන් සියලු දෙනා අතර ඇති විශේෂ කාරණයක් වන පුද්ගල විවිධත්වයට (මිනිසුන් අතර උස් - පහත් භාවයට) කරුණු විමසීය. “කො නු බො, හො ගොතම, හෙතු කො පච්චයො යෙන මනුස්සානංයෙච සතං මනුස්සභුතානං දිස්සන්ති හිනප්පණිතතා” එයට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ මේ විවිධත්වය සඳහා බලපාන සෘජු සාධකය වන්නේ කර්මය බවයි. එය පුද්ගලයාට දායාද වශයෙන්, උපන් ස්ථාන වශයෙන්, පිළිසරණ වශයෙන් හේතු වී උස් - පහත් වශයෙන් විවිධත්වය සඳහා බලපෑම් ඇති කරන බවයි. “කම්මස්සකා, මාණව, සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මප්පටිසරණං කම්මං සත්තෙ විභජති යදිදං - හීනප්පණීතතායාතී” බුදුරජාණන් වහන්සේ, ඒ සඳහා දීර්ඝ පිළිතුරු වශයෙන් මිනිසුන් අතර දැකිය හැකි විවිධත්වයන් හෙවත් උස්, පහත් භාවයත් දාහතරක් (14) දේශනා කොට ඇත. ඒ වෙනස්කම් අතර පළමු කාරණය වන්නේ යමෙක් අල්ප ආයුෂ ඇතිවීමට හේතුවන කාරණයයි. යමෙක් අල්ප ආයුෂයෙන් මිය යයි නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද ප්‍රාණඝාත අකුසල කර්මයයි. එම කාරණය , ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු. ෴අල්ප ආයුෂ ඇති වීම සඳහා බලපාන කර්ම෴ “ඉධ, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිව්වඨො අදයාපන්නො පාණභූතෙසු සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණං අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති. නො වෙ කායස්ස හෙදා පරංමරණං අපාය දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, සවෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පවවාජායති අප්පායුකො හොති. අප්පායුකසංචත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං - පාණාතිපාති හොති ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිව්වඨො අදයාපන්නො පාණභූතෙසු.” මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සත්වයන් කෙරෙහි දයාවෙන් තොරව නසන සිතැතිව ලේ වැකුණු අතැතිව ප්‍රාණඝාතයේ නියැලුනේ වෙයි ද, මෙසේ ඔහු හෝ ඇය ප්‍රාණඝාත අකුසල කර්මයෙන් සිදුකර ගන්නා වූ විපාක හේතුවෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගති පැවතුම් ඇති විවසව පතිත වන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවි ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් අඩු ආයුෂ ඇත්තෙක් බවට පත් වෙයි. මෙය අල්ප ආයුෂ ඇතිවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි. දීර්ඝායුෂ ලැබීම සඳහා බලපාන කර්ම යමෙක් දීර්ඝ ආයුෂ ඇතිවීමට හේතුවන කාරණයය කුමක්ද?. යමෙක් දීර්ඝ ආයුෂ වින්දනය කරයි නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද ප්‍රාණඝාත යෙන් ඉවත් වීමේ කුසල කර්මයයි. එම කාරණය , ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු. “ඉධ පන, මාණව, එකව්වො ඉත්ථි වා පුරිසො වා පාණාතිපාතං පහාය පාණතිපාතා පටිච්රතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජි දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණං සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති, නො චෙ කායස්ස හෙදා පරං මරණං සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති දිඝායුකො හොති. දීඝායුකසංවත්තකා එසා, මාණව, පටිපදා යදිදං - පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජි දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සත්වයන් කෙරෙහි දයාවෙන් යුක්තව බහා තබන ලද දඬු මුඟුරු හා ආයුධ ඇතිව, පවට ලැජ්ජව ප්‍රාණඝාතයෙන් තොරව සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීතව වාසය කරයිද, මෙසේ ඔහු හෝ ඇය සතුන් කෙරෙහි හිතානුකම්පිවීමෙන් සිදු කරගන්නා වූ කුසල විපාකයෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු යහපත් ගතිපැවැතුම් ඇති සැපතින් ආඩ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් දීර්ඝ ආයුෂ ඇත්තෙක් බවට පත් වෙයි. මෙය දීර්ඝ ආයුෂ ඇතිවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි . ඔබත් සත්ව හිංසනයෙන් වැලකී දීර්ඝායුශ ලබන්නෙක් බවට පත් වීමට අදිටන් කර ගන්න මහරැඹෑවැවේ පාලිත හිමි ~ ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය බුද්ධිමත් දෙව් මිනිසුන් උදෙසා ~ 

    No comments:

    Post a Comment