sha fm

    Saturday 12 October 2013

    රට යන අයගෙන් 30,000 ලෙඩ නිසා ආපහු එනවා

    විදෙස් රැකියා සඳහා විදේශගත වන තුන් ලක්ෂයක් පමණ වන ශ්‍රමිකයන්ගෙන් 30,000 කට පමණ විවිධ රෝගාබාධ වැලඳී තිබීම නිසා යළි මෙරටට පැමිණීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ සභාපති සේනක අබේගුණසේකර මහතා කී ය.
    මීට ප්‍රධාන හේතුව විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන්ට ව්‍යාජ වෛද්‍ය සහතික ලබාදීම බවත් මේ නිසා විගමනික ශ්‍රමිකයන් මෙන් ම එතෙර හාම්පුතුන් ද දැඩි අපහසු‍තාවන්ට පත්වන බව පවසයි.
    ඇතැම් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල දී රෝගාබාධයන්ගෙන් පෙළෙන විගමනික ශ්‍රමිකයන්ට ව්‍යාජ වෛද්‍ය සහතික ලබා දී ඇති අවස්ථා ඇති අතර එතෙර දී කරන වෛද්‍ය පරීක්ෂණවලදී ‍රෝගාබාධවලින් පෙළෙන බව සනාථ වූ වහාම ඔවුන් ආපසු මෙරටට එවනු ලබන බවත්, මේ තත්ත්වය මැඬපැවැත්වීම පිණිස විදේශ රැකියා ඒජන්සි සමාගම මඟින් සහන ගාස්තු මත විශේෂිත වෛද්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවනු ලබන බවත් කීය.

    No comments:

    Post a Comment