sha fm

    Friday 20 May 2016

    ආවාසනාවන්ත ගංවතුර හා නායයෑම් තත්ත්වය වෙනුවෙන් කොරියාවේ ජීවත්වන ශ්‍රී ලාංකීය තරුණ පරපුර ඔවුන්ගේ දායකත්වය ලබාදීමට පෙල ගැසී අවසන්.

    http://ratagiyaattho.blogspot.kr/මව් බිමේ උද්ගතවූ ආවාසනාවන්ත ගංවතුර හා නායයෑම් තත්ත්වය වෙනුවෙන් කොරියාවේ ජීවත්වන ශ්‍රී ලාංකීය තරුණ පරපුර ඔවුන්ගේ දායකත්වය ලබාදීමට පෙල ගැසී අවසන්.
    මේ අවස්ථාව වනවිටත් එක් දිනක්තුළ ඉතා විශාල අප නොසිතූවිරූ මුඳල් කන්දරාවක් ගලා එමින් පවතිනවා.
    අපගේ ආරාධනාව පිළිගෙන දෙරණ රූපවාහිනය සහ "මනුසත් දෙරණ" ප්‍රජාසත්කාර වැඩ සටහන අපත් සමග අත්වැල්
    බැඳගත්තා.
    මේ ආධාර විඳිමත්ව විනිවිද ව බෙදාහැරීමේ කටයුත්තට සම්බන්ද වෙන්න.
    කොරියාවේ
    "Korea youth policy development instiute "
    ආයතනයේ නිල ගිණුමට තමයි ඔබේ මුදල් ඔබ බැරකල යුතු වන්නේ.
    ඔබ,
    මේවනවිටත් සැකයෙන් විචිකිච්චා වෙන් පසුවන්නෙක් නම් කරුණාකර අපව විශ්වාස කරන්න.හැම බෙගමක් ගානෙම අපි ඔබට වගකියනව.
    එන්න......
    පක්ෂ ,
    ජාති,
    ආගම්,
    ප්‍රදේශ,
    ලොකු,
    පොඩි
    බේද අතහැර ඔබේ ආදරයේ කොටස ,ඔබේ සහෝදරත්වයේ දායකත්වය අපට ලබා දෙන්න
    ඇත්තටම මව්බිමේ නෑසියන් ගොඩක් අසරනයි .....
    මේ ඔබේ මානමේඋදවුව ඔවුන්ට අවැසි මොහොතයි.
    ඔබගේ වටිනා පරිත්‍යාගය බැර කරන්න .
    ස්තූතියි ..
    ###########################
    මේ මොහොත වනවිට ලැබූ ආධාර මුදලේ අගය. වොන්=6951953 (රැපියල් =868994/=)
    ###########################
    ********************************
    ගිණුම් අංකය =581237 01 023882
    බැංකුව = 국민은행
    ගිණුමේ නම = 한국청소년정책개발원
    *********************************
    ඔබගේ වටිනා ආධාර මුදල් 2016.05.25 බදාදා පෙරවරු 10:00 පෙර පහත ගිණුමට බැර කරන්න
    **********************************
    කරුණාකර share කිරීමෙන් ප්‍රචාරණ දායකත්වය ලබාදෙන්න.<

    Thursday 5 May 2016

    යාලුවනේ මම ඔයාලට පොඩි විග්‍රහයක් දෙන්නම් eps web site එකේ ඔයාලගේ ප්‍රොෆයිල් එකේ තියෙන CHART එක ගැන!,,

    http://ratagiyaattho.blogspot.kr/යාලුවනේ මම ඔයාලට පොඩි විග්‍රහයක් දෙන්නම් eps web site එකේ ඔයාලගේ ප්‍රොෆයිල් එකේ තියෙන CHART එක ගැන!,,

    NAME :
    ඔයාගේ නම. මේක හරියටම ඔයා EXAM එක ලියන්න පාවිච්චි කල passport එකේ තියෙන අකාරයටම වැටෙන්නේ!
    EPS - TOPIK:
    මෙතන වැටෙන්නේ ඔයා exam එකට ගත්ත මුලු ලකුනු ප්‍රමානය ප්‍රතිසතයක් ලෙස. එනම් 100 කින් ගත්ත ප්‍රමානය සහ ඔබ exam එකට මුහුණ දුන් දිනයයි.
    Job Seekers Roster Forwading Date:
    එනම් අපේ විදේස සේවා එකෙන් ඔයාගේ විස්තර ඇතුලත් කරල හදන Roster එක (එනම් ඔයාගේ සියලු විස්තර ඇතුලත් සේවා මුර සටහන, තේරුම් ගන්න අමාරු නම් file එක කියලා හිතා ගන්න.) කොරියාවේ අදාල ආයතනයට යවන දිනය. සාමාන්‍යන් මෙය exam දිනයේ සිට මාස 2ක් ඉක්මවීමට පෙර සිදුකිරීමට විදේස සේවා ආයතනය කල යුතුය.
    Job Seekers Roster Approval Date :
    මෙයින් අදහස් කරන්නේ විදේස සේවා එකෙන් ඔබට අදාලව කොරියාවට යවනු ලැබූ Roster එක , කොරියාවෙන් අනුමත කරන දිනයයි. Chart එකේ මෙම කොටුව පිරුනු පසු තමයි ඔබ කොරියාවෙ web එකට වැටෙන්නේ. මෙය එක් අවුරුද්දක් සදහා වලන්ගු වෙන අතර දෙවැනි අවුරුද්ද සදහා නව medical එකක් කල පසු දීර්ඝ කරනු ලබයි!
    Employment Permit Issuance:
    මේ තමයි approval තත්වයේ සිටින සෑම අයෙකුගේම බලාපොරොත්තුව. මෙහි issued යන්නෙන් පිරවේ. එනම් කොරියාවේ කර්මාන්ත සාලාවකින් ඔබ එහි කම්කරුවෙක් හැටියට සේවය කිරීමට අවසරයක් නිකුත් කර ඇති බවයි. එනම් ඔබට agreement එකක් නිකුත් කර ඇති බවයි සහ එම දිනයයි!
    Standard Labor Contract Forwading :
    එනම් කර්මාන්ත සාලා හිමියා විසින් ඔබ නමින් නිකුත් කරන ලද රැකියා අවසරයට අදාල රැකියා ගිවිසුම ලන්කාවේ විදේස සේවා ආයතනයට එවා ඇති බව සහ එම දිනයයි.
    Stadard Labor Contract Signing :
    මෙහි පිරවෙන්නේ කොරියාවෙන් ඔබ නමට එවන ලද රැකියා ගිවිසුම ඔබ මගින් අත්සන් කරපු බවත් එම දිනයයි.
    CCVI Issuance :
    මෙයින් අදහස් කරන්නේ ඔබට කොරියාවට රැකියාවට යාමට VISA නිකුත් කිරීමට අදාල තොරතුරු සහ එම දිනයයි. මෙහි Issued යන්නෙන් පිරවෙන අතර එනම් ඔබට visa ලබාදී ඇති බව තහවුරු කරගත හැක. නමුත් මෙය සදහා පොලිස් වාර්තාව බලපානු ලබයි.
    Tenatative Entry Date :
    ඉහත සදහන් සියල්ලම සම්පූර්ණ වූ පසු කොරියාව විසින් ඔබට කොරියාවට ඇතුලු වීමට ලබාදෙන තාවකාලික දිනයයි. (අවිනිස්චිත)
    Actual Entry Date :
    එනම් ඔබට කොරියාවට යෑමට තිබෙන ස්ථිර දිනයයි. මෙම දිනය තීරණය කරනු ලබන්නේ විදේස සේවා එකෙන්‍ වේ.
    Employment Training :
    ඔබ කොරියාවට ගිය පසු ඔබ හට ලබා දෙන තුන් දින පුහුනුවට අදාල විස්තරයයි. කොරියාවෙ ඔබගේ කර්මාන්ත සාලාවට රැගෙන යාමට පෙර ලබා දෙනු ලබන පුහුනුව වේ. මෙහි complete යනුවෙන් පිරේ ඔබ එය සම්පූර්න කල පසු. සහ දිනය.
    Assign To Work:
    එනම් ඔබ ඔබගේ company එකේ මුලින්ම වැඩට යොමු කරන් දිනයයි.
    ස්තූතියි!
    මම හිතනවා මේ විග්‍රහය ප්‍රයෝජනවත් වෙවි කියල ඔයාලගෙ Chart එක මොකක්ද කියල තේරුම් ගන්න!

    Tuesday 3 May 2016

    සැමියා ගැන සැක කල සෞදි බිරිද නිවසේ කැමරාවක් සවිකල එහි පටිගත වී තිබූණු දෙය දුටුවොත් ඔබ පුදුමයට පත්වේවි..

    http://ratagiyaattho.blogspot.kr/සැමියා ගැන සැක කල සෞදි බිරිද නිවසේ කැමරාවක් සවිකල එහි පටිගත වී තිබූණු දෙය දුටුවොත් ඔබ පුදුමයට පත්වේවි..
    සම්පූර්ණ වීඩියෝව මෙතනින්https://www.youtube.com/watch?v=xtqlUd1Ly-4