2013 සැප්තැම්බර් මස 24 11:17:17 | .
, ප්‍රසන්න සේනානායක ඊශ්‍රායෙලයේ සිට
ඊශ්‍රායලයේ හර්සිලියා හි සේවය කරන ශ්‍රීලාංකික සාත්තු සේවිකාවක පසුගිය සිකුරාදා තමා බලාගන්න රෝගියාට දෙන ඖෂධ අධිමාත්‍රාවක් ශරීර ගත වී මිය ගියාය.
ඇය දිවි නසා ගැනීමට ඇතැයි සැක කරේ. ඊට හේතුවක් වී ඇත්තේ අන්තර් ජාලයේදී ස්කයිප් ඔස්සේ ඇය විසින් කොරියාවේ ශ්‍රී ලාංකිකයකු දැන අඳුනා ගැනීමෙන් පසු කප්පම් ඉල්ලීමේ සිද්ධියකි.
එම තරුණයා ඇගේ නිරුවත් පින්තූර අයිපෑඩයකින් හෝ ජංගම දුරකතනයකින් ලබා ගෙන ඇතැයි ද, ඒවා අන්තර්ජාලයේ මුදා නොහැරීමට නම් තමා ඉල්ලන කප්පම ගෙවිය යුතු යැයි කියා ඇතැයි පැවසේ.
දකුණු කොරියාවට ලංකාවෙන් ගිය පිරිසක් ස්කයිප් හෝ ෆේස්බුක් ඔස්සේ ඇතැම් කාන්තාවන් සමග ඇති කරගන්නා හිතවත් කමකින් පසු, පරණ ජංගම දුරකතනයක් හෝ අයිපෑඩයක් එවීමෙන් යම් විශ්වාසයක් ඇතිකර ගෙන, ඉන් අනතුරුව එම කාන්තාවන්ගේ නිරුවත් දර්ශන ලබා ගනිතියි කියති.
ඉන්පසුව මොවුන් විසින් එම දර්ශන අන්තර් ජාලයට මුදා නොහැරීමටනම් යම් කප්පම් මුදලක් ඉල්ලති. කප්පම් මුදල එකවර හෝ මාස්පතා ගෙවීමට මෙම අකරතැබ්බයට මුහුණ කාන්තාවන්ට සිදුවී ඇත.

.jpg)

No comments:
Post a Comment