sha fm

    Thursday 30 January 2014

    පොලිස්පරීක්ෂකවරියක් එක් දරු පියෙක් පැහැරගෙනවිත් අපයෝජනයකරලා.....

    http://ratagiyaattho.blogspot.kr/
    බිරිඳ සමග නිදියහනේ සිටි එක්දරු පියකු පැහැරගෙන ගොස් ලිංගික අතවරයක් කළ බවට කැලණිය ‍පොලිස් කොට්ඨාසයේ කාන්තා ‍පොලිස් පරීක්ෂකවරියකට එරෙහිව බස්නාහිර උතුර පළාත් භා නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලක් සම්බන්ධව ඉකුත් දින (29) පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
    පොලිස් පරීක්ෂකවරිය තම සැමියාට මරණීය තර්ජනය කර ඔහුව පැහැරගෙන ගිය බවට බිරිය පෙරේදා (28) රාත්‍රී පෑලියගොඩ ‍පොලීසියට පැමිණිලක් ඉදිරිපත් කර ඇත. අදාළ පොලිස් පරීක්ෂකවරිය ත්‍රිරෝද රථයකින් පෙරේදා (28) පෙරවරුවේ පැහැරගෙන ගිය බව කියන එක්දරු පියාගේ නිවසට ගොස් තිබේ. ඒ වන විට එම  නිවසේ කාමරයක් තුළ ඔහු, බිරිය හා දරුවා සමග ඇඳ මත සිට ඇත.පසුව නිවසට පැමිණි පොලිස් පරීක්ෂකවරිය ඔවුන් සිටි නිදන කාමරය වෙත ගොස් තමන් සමග යන්නට එන ලෙස එක්දරු පියාට පවසා තිබේ. එහි දී බහින්බස් වීමක්ද සිදු වී ඇති අතර පසුව ඔහුගේ මෝටර් රථයෙන්ම එක්දරු පියාත්, ‍පොලිස් පරීක්ෂකවරියත් වත්තල මුහුදු වෙරළට පැමිණ ඇත. එහිදී පොලිස් පරීක්ෂකවරිය අදාළ පුද්ගලයට ලිංගික අතවරක් සිදුකර තිබේ.සැමියා නිවසට පැමිණීමෙන් පසු බිරිය ‍පොලිස් පරීක්ෂකවරිය කළ මරණීය තර්ජනය සම්බන්ධයෙන් ද සැමියා අතවරයට ලක් කිරීම සම්බන්ධයෙන් ද පෑලියගොඩ ‍පොලීසියට පැමිණිලි කර තිබේ.අදාළ පොලිස් පරීක්ෂකවරිය ‍පොලිස් අධිකාරිවරයකුගේ ලේකම්වරියක ලෙස සේවය කරන අතර ඇය ලංකාවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා ඉසව්වක විනිසුරුවරියක ලෙස කටයුතු කරයි.සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

    Monday 27 January 2014

    විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බලය


    http://ratagiyaattho.blogspot.kr/

    පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක්‌ කැමතියි. ඒකට හේතුවක්‌ තියෙනවා. ඒ සිත සමාධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක්‌ ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ රහසක්‌ කියනවා වගේ. ඇත්තටම මේ ගලා බසින දිය දහරාවට එහෙමත් නැතිනම් කඩා හැලෙන දිය ඇල්ලකට සොබා දහමේ රහස්‌ ස`ගවා ගෙන ඉන්න පුළුවන්ද...? ඔව්.... ඇත්තෙන්ම පුළුවන්. ගලා බසින ගංගාව, කඩා හැලෙන දිය ඇල්ල විතරක්‌ නෙමෙයි, ඔබේ අතේ තියෙන වතුර වීදුරුව පවා මේ අනන්ත අප්‍රමාණ වූ විශ්වයේ අපූරු රහස්‌ රැසක්‌ම ස`ගවා ගෙන ඉන්නවා. ඒ රහස්‌ හඳුනාගන්නට හැකිවුණොත් මවිත වේවි ඔබ නිසැකයෙන්ම.

    ඒ අපූරු රහස්‌ එළි කරන්නට ජපන් ජාතික පර්යේෂකයෙක්‌ ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔහු නමින් ආචාර්ය මසාරු ඉමටෝ (Dr' Masaru Emoto). මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුව ජල අණු වල ස්‌වභාවය වෙනස්‌ කරන්නට පුළුවන් බව අපූරු පර්යේෂණ ගණනාවක්‌ මගින් ලොවට ඔප්පු කර පෙන්වන්නට ඔහු සමත් වුණා. ඔහුගේ පර්යේෂණ ක්‍රමවේදය සම්මත විද්‍යාත්මක න්‍යායන්ට අනුව සිදු නොවුණත් ඔහු විසින් සිය පර්යේෂණ දත්ත ඇතුළත් කරමින් ප්‍රකාශයට පත් කරන ලද The Hidden Massages in Water (ජලයේ සැඟවුණු රහස්‌) නම් කෘතිය මුළු විද්‍යාත්මක ලෝකයේම ඇස්‌ අරවන කෘතියක්‌ බවට පත් වී හමාරයි. මේ නිසාම ඔහුගේ පර්යේෂණ දත්තයන්ට විද්‍යාත්මක ලෝකයේ පිළිගැනීම මේ වනවිට නිතැතින්ම හිමි වී තිබෙනවා.

    ආචාර්ය මසාරුගේ පර්යේෂණයකින්ම අපි මේ කතාව පටන් ගනිමු.

    ජපානයේ ෆුජිවාරා (Fujiwara) වේල්ල මේ කියන කාලයේ, ඒ කියන්නේ 1995 වසරේ දී ඒ තරම්ම පිරිසිදු මට්‌ටමක නෙමෙයි තිබුණේ. ඒත් ආචාර්ය මසාරුගේ සුප්‍රකට පර්යේෂණයකට මුල් වුණේ මේ ෆුජිවාරා වේල්ලයි. ෆුජිවාරාහි ජල සාම්පලයක්‌ අධික සිසිලසකට ලක්‌කොට අධි තාක්‌ෂණික කැමරාවකින් රූප රාමුවකට ගත්ත ආචාර්ය මසාරුට දකින්න ලැබුණේ අපිරිසිදු නොපැහැදිලි ජල අණුවක රූපයක්‌. ඉන්පසුව ඔහු මේ වේල්ලේ ඇති ජලයට සෙන් බෞදධ හිමිවරයකුගේ මුවින් සූත්‍ර සඡ්ජායනාවක්‌ ඇසෙන්නට සැලැස්‌සුවා. සූත්‍ර සඡ්ජායනයෙන් පස්‌සේ වේල්ලෙන් ගත්ත ජල සාම්පලයක්‌ පෙර පරිදිම අධික සිසිලසකට බ`දුන්කොට අධි තාක්‌ෂණික කැමරාවෙන් රූප රාමුවට නැගුණා. ප්‍රතිඵලය වුණේ හැමදෙනාම අතිශයින්ම මවිත කරවන සුලු වූවක්‌. පෙරදී දුටු අපැහැදිලි අපිරිසිදු ජල අණුව වෙනුවට මෙවර දකින්නට ලැබුණේ අතිශයින්ම පිරිසිදු හා පැහැදිලි දිලිසෙන ජල අණුවක රූපයක්‌. මේ ප්‍රතිඵලය කොයි තරම් පෙරළිකාර සිදුවීමක්‌ වුණා ද කියනවා නම් ඔහු මේ පදනමේ ඉ`දන් පර්යේෂණ මාලාවක්‌ම ඉන්පස්‌සේ සිදු කළා.

    සම්භාව්‍යය සංගීත රාවය මෙන්ම ගොරහැඩි නාද එකම ජල සාම්පලයකට අසන්නට සලස්‌වා පෙර ආකාරයෙන්ම එය රූපගත කළ පසුව ඔහුට දකින්නට ලැබුණේ මේ ආකාරයේම මවිත කරවන දත්ත සමුදායක්‌. සම්භාව්‍යය සංගීත රාවයට හා මුසුවූ ජල සාම්පලය පියකරු ජල අණු රටා මවද්දී ගොරහැඩි නාද සාම්පලය හා මුසු වුණු ජල සාම්පලයෙන් දකින්නට ලැබුණේ කිසිසේත්ම පියකරු නොවූ අපැහැදිලි රටාවක්‌.

    මේ පර්යේෂණය තවත් ඉදිරියට ගෙන ගිය ආචාර්ය මසාරු ජල සාම්පල් දෙකකට නිතිපතා එකිනෙකට වෙනස්‌ ආකාරයේ වදන් අසන්නට සැලැස්‌සුවා. ආචාර්ය මසාරුගේ මුවින් ගිලිහුණු කාරුණික වදන් දිනපතා අසන්නට ලැබුණු ජල සාම්පලය පෙර පරිදිම පියකරු ජල අණු රටා මවද්දී ඔහුගේ මුවින් සැර පරුෂ වදන් නිතිපතා ඇසූ ජල සාම්පලය විකෘති හැඩ තල මවන්නට වුණා.

    මේ විදියේ එකිනෙකට වෙනස්‌ විවිධාකාර පර්යේෂණ ගණනාවක්‌ තුළින් මිනිස්‌ චිත්ත සන්තානයට ජල අණුවල ව්‍යqහය වෙනස්‌ කළ හැකිය යන මතය තහවුරු කරන්නට ඔහු සමත් වුණා.

    ඔහුගේ මේ පර්යේෂණය බෞද්ධ ජනතාවට ඒ තරම්ම පුදුම සහගත කරුණක්‌ නොවන්නේ පිරිත් සඡ්ජායනාවෙන් ආශීර්වාද ලබන පිරිත් පැන් පිළිබද සංකල්පය බෞද්ධ සිත් සතන් තුළ තැන්පත් වෙලා තියෙන්නේ සියවස්‌ ගණනාවක්‌ ඈත ඉ`දන් නිසයි. ෆුජිවාරාහි ඔහු කළ පර්යේෂණය මගිනුත් තහවුරු වෙලා තිබුණේ පිරිත් සූත්‍ර සඡ්ජායනා ජලයේ ස්‌වභාවයට ධනාත්මක විදියට බලපාන ආකාරයයි.

    මේ කතාව අවසන් කරන්නට මත්තෙන් ආචාර්ය මසාරු අවධාරණය කරන තවත් කරුණක්‌ සිහිපත් කරන්නට අවශ්‍යයි. අපේ සිරුරෙන් සියයට හැත්තෑවකටත් වඩා තියෙන්නේ ජලය බව විද්‍යාත්මක සත්‍යයක්‌. ඒ කියන්නේ මිනිසුන් කියන අපි නිර්මාණය වෙලා තියෙන්නේත් ජලය මත පදනම්ව. ඒ නිසා ධනාත්මක සිතිවිලි නිරන්තරයෙන්ම සිතන පතන පුද්ගලයන්ගේ සිරුරේ ජල අණු ඒ මත පදනම්ව ධනාත්මක පිරිපුන් දිවියකට මග පාදන බව ආචාර්ය මසාරු පෙන්වා දෙනවා.

    ඒත් ඔහු මේ කියන කරුණ මීටත් වඩා පුළුල් අර්ථයෙන් බුදුන් වහන්සේ පහදලා දුන්නේ අවුරුදු දහස්‌ ගණනකට කලින්. "ඔබ කවුරුන්දැයි තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි". ඒ බුදු වදනයි.

    සමන් කළුආරච්චි

    Sunday 26 January 2014

    ජනපති පුතු අසමත් කල නිලධාරිය දොට්ට

    http://ratagiyaattho.blogspot.kr/ 
    ප්‍රශ්නෝත්තර විභාගයෙන් අසමත්ව ඇති අතර එහිදී පිලිතුරු පත්‍ර අධීක්ෂණය කළ නිලධාරියා වහාම ඉවත්කොට රාජපක්ෂ යුවළගේ සිත් සැනසීමට ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. මෙසේ වැඩ තහනමට ලක් කෙරුණු නිලධාරියා වන්නේ ගුවන් සේවා අධිකාරියේ විභාග භාරව සිටි කරුණානන්ද මල්ලිකාරච්චි මහතායි. ඒ මහතා මේ වන විට ජීවිතාරක්ෂාව පතා සැඟවී සිටී. ගුවන් නියමුවන්ට බලපත්‍ර ලබාදීම, ගුවන් සේවක සේවිකාවන්ට බලපත්‍ර ලබාදීම, ගුවන් සේවා ඉංජිනේරුවන්ට බලපත්‍ර ලබාදීම, සඳහා බලය ඇත්තේ ශ්‍රි ලංකා ගුවන්සේවා අධිකාරියටයි. අජඨාකාශගාමියෙකු වීමට වලිකන රෝහිත රාජපක්ෂ මහතාට ඒ සඳහා පිවිසුම් දොරටුව වී ඇති මෙම මූලික විභාගය අසමත් කිරීම හේතුවෙන් කෝපයට පත් ජනාධිපතිවරයා මල්ලිකාරච්චි මහතා විභාගවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ප්‍රතිඵල විභාග අපේක්ෂකයන්ට විශාල මුදලකට විකුණන බවට පුවතක් නිර්මාණය කොට තම හිතවත් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම අරඹා ඇත. මෙම කරුණු චෝදනා කරමින් ශ්‍රී ලංකා ගුවන්සේවා අධිකාරියට ලැබී තිබුණු පෙත්සමක් අනුව අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර ඔහුට එරෙහිව මේ වන විට විශේෂ පරීක්ෂනයක් ආරම්භ කර ඇත. කෙසේ වුවද කරුණානන්ද මල්ලිකාරච්චි මහතා ගුවන්සේවා අධිකාරියේ ප්‍රධානියාට පවසා ඇත්තේ තමාට මේ වන විට මරණීය තර්ජන එල්ලවී ඇති බවයි. පරීක්ෂණ අවසන් වන තෙක් මල්ලිකාරච්චි මහතාට සැඟවී සිටීමට උපදෙස් දී ඇති ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානියා ජනාධිපතිවරයා සැනසීම සඳහා අදාළ විභාගය අන්තර්ජාලය හරහා කිරීමට (Online) පහසුකම් සලසා ඇත. එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ඇති රෝහිත රාජපක්ෂ මහතා අන්තර්ජාලය හරහා පරීක්ෂණයට පෙනී සිට ප්‍රශ්න පත්‍ර අටටම 100% ක් ලකුණු ලබා ගනිමින් වාර්තාවක් පිහිටුවමින් විභාගය සමත් වී ඇත. ඔහු මේ වන විට රුසියාවේ ගුවන් නියමු පාඨමාලාවක් සඳහා ගොස් සිටී. අජඨාකාශගාමියෙකු වීමට මෙම ගුවන් නියමු බලපත්‍රය තිබීම අතිරේක සුදුසුකමක් වන බැවින් රෝහිත රාජපක්ෂ මහතා මෙම පාඨමාලාව හැදෑරීමට තීරණය කර ඇත. (LNW)

    ශ්‍රි ලංකා ගුවන් සේවා අධිකාරිය විසින් පවත්වනු ලබන ගුවන් නියමු බලපත්‍ර ලබාදීමේ මූලික පරීක්ෂණයට ඉදිරිපත් වූ ජනපති කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා එකී බහුවරණ (Mulipl

    Friday 24 January 2014

    25000කට කාමතුරයින් 13ක් තරුණිය යොදාගෙනවිනෝද වෙලා..

    25000කට කාමතුරයින් 13ක් තරුණිය යොදාගෙනවිනෝද වෙලා....
    සමුහ ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් දිගහැරෙන මෙම සටහන කෙතරම් අමිහිරිද යන්න. මෙය කියවන විට දී ඔබට හැගෙනු ඇති. සිය කුලයට අයත් නොවන තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වීම හේතුකොටගෙන විසි හැවිරිදි වියේ පසු වූ ඉන්දීය තරුණියක් බටහිර බෙංගාල ගම්මානයක ගම් සභාවේ තීන්දුවකින් සමූහ දූෂණයකට ලක් කර ඇතැ පුවතක් පිළිබදව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ගම් වැසියන් දහතුන් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර සමූහ දූෂණයට ලක්වූ බව කියන විසි හැවිරිදි අදාළ තරුණිය බරපතල අන්දමින් අපහරණයට ලක්වීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ අතර පොලීසිය මැදිහත් වීමෙන් අනතුරුව ඇය රෝහල්ගත කර තිබේ.සමුහ දුෂණයට ලක් වූ තරුණිය හා තරුණයා අතර පෙම් සබඳතාවය වසර පහක් තරම් වූ දීර්ඝ කාලයක් තිස්සේ පැවතී ඇති අතර පෙම්වතා වූ තරුණයා, අදාළ තරුණියගේ නිවසට පැමිණ විවාහ යෝජනාවක් කිරීම සම්බන්ධයෙන් ගම් සභාව රැස් වී එම සම්බන්ධය නිසා ගම් සභාවේ නීති උල්ලංඝණය වී ඇති බව පවසමින් ඉන්දීය රුපියල් 25000ක් ගෙවීමට ඔවුන් දෙදෙනාට නියම කර ඇති අතර තරුණයාගේ පාර්ශවයෙන් එම මුදල ගෙවා ඇත.
    තරුණියගේ ඥාතීන්ට එය ගෙවීමට හැකියාවක් නොවීම මත ගම් සභාවේ ප්‍රධානියා පවසා ඇත්තේ ඔවුන්ට මුදල් ගෙවීමට හැකියාවක් නොමැති හෙයින් තරුණිය සමග විනෝද වන ලෙසයි. සමූහ දූෂණය සිදුව ඇත්තේ එම තීරණය සමඟයි.

    Thursday 23 January 2014

    රවින්ද්‍ර මැරුවේ මහින්ද අරාබියේ සිටියදියි - රන්ජන්

    http://ratagiyaattho.blogspot.kr/
    ඊයේ (22) එක්සත් එමීර් රාජ්‍යයේදී මරණ දඞුවම ලැබූ රවින්ද්‍ර ක්‍රිෂ්ණා පිල්ලේ නම් ශ්‍රී ලාංකිකයා හට මරණ දඞුවම පමුණුවා ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එක්සත් එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතව එරට නායකයන් හමුවන අතරතුරේදී බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.
    රාමනායක මන්ත්‍රීවරයා විසින් මේ බව පවසා ඇත්තේ අද (22) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
    මේ සම්බන්ධයෙන් එරට බලධාරීන් සමග සාකච්ඡා කර සාධාරණ නඩුවිභාගයක් ලබාදී ඔහුගේ දිවිබේරාගැනීමට ජනපතිවරයා කටයුතු නොකිරීම පිළිබඳව කණගාටු වන බව ද ඔහු කියා සිටී.
    මෙම ශ්‍රී ලාංකිකයා හට අසාධාරණ නඩුවිභාගයක් ලබා නොදීම හෝ ඔහුට මරණ දඞුවම පමුණුවා ඇති බවට මෙරට ජනපතිවරයා හට දන්වා නැති නම් එරට සිටින ශ්‍රී ලාංකික තානාපතිවරයාට හා මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට එරෙහිව දැඩි පියවර ගතයුතු බව ද ඔහු පවසයි.
    රවින්ද්‍ර ක්‍රිෂ්ණා පිල්ලේ හට මරණ දඞුවම පනවා තිබුනේ ඝාතන චෝදනා මතය.
    ඔහුට සිය නීතිඥවරයන් හමුවීමට පවා ඉඩලබාදී නැති බව ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසා ඇති බවත්, ඔහුට සාධාරණ නඩුවිභාගයක් ලබාදී නැති බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය බීබීසී සංදේශයට පවසා ඇති බවත් මෙම නිවේදනයේ දැක්වේ.
    මෙය, රටට අත්‍යාවශ්‍ය වන ඩොලර් බිලියන 07ක විදේශ විනිමයක් උපයන සේවකයන් ගේ සුභසිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දක්වන නොසැලකිල්ල ප්‍රදර්ශනය කෙරෙන තවත් අවස්ථාවක් බවද රාමනායක මන්ත්‍රීවරයා පවසා සිටියි.

    Wednesday 22 January 2014

    දරු ප්‍රසූතිය පහසු කරන ලෝකයේ ප්‍රථම නිර්මාණය


    http://ratagiyaattho.blogspot.kr/සහායෙන් දෙවැනි තල්ලුවේදීම දරුවාගේ හිස එළියට ආවා.......
    නිර්මාණයේ 
    දරු ප්‍රසූතියේ අති දුෂ්කර අවස්‌ථාවකට මුහුණදෙන මවුවරුන්ගේ දරු ගැබ දක්‌වා විහිදී ඇති නාලය තුළින් දරුවා පහසුවෙන් ලබා ගැනීම සඳහා ආර්ජන්ටිනාවේ මෝටර් රථ කාර්මිකයකු විසින් නිපදවා ඇති උපකරණයක්‌ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රශංසාව හිමි වෙමින් පවතියි. මෙම යාන්ත්‍රිකයාට මෙම උපකරණය නිපදවීමට හැකිවී ඇත්තේ හිස්‌ වයින් බෝතලයක්‌ තුළ හිරවී තිබුණු මූඩියක්‌ උපක්‍රමශීලීව ඉවතට ගැනීමේ සිද්ධියකින් පසුව ය. මෙම ක්‍රමය තුළින් දරු ප්‍රසූතියේ දී මුළු ලොව පුරාම ජීවිත අසීමිත සංඛ්‍යාවක්‌ ගලවා ගැනීමට හැකිවන බව සැවොම විශ්වාස කරති."ජෝර්ඡ් ඔඩින්" නම් වූ ඔහු පවසන පරිදි දරු ප්‍රසූතිය ඉතා අපහසු තත්ත්වයට පත්වන අවස්‌ථාවේ දී වාතය පිරවූ ප්ලාස්‌ටික්‌ බෑගයක්‌ උපත් නාලය තුළින් ඇතුළු කොට ප්‍රසූත කිරීම පහසු කළ හැකි වන්නේ ය. මෙම උපකරණය නිපදවීම සඳහා එක්‌සත් රාජ්‍යයේ වෛද්‍ය උපකරණ නිපදවන සමාගමකට අවසර දී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙය ඉතා ඉහළින්ම අනුමත කර ඇත.ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්බන්ධීකාරක වරයකු වූ වෛද්‍ය "මාරියෝ මෙරියල්ඩි" සඳහන් කළේ ස්‌ත්‍රියක්‌ විසින් ජිවිතයේ දී මුහුණපාන මෙම අසාධ්‍ය තත්ත්වය දුරැලීමට මෙතෙක්‌ කිසිවක්‌ නිපදවා හෝ සිදු වී නැති බව ය.දරුවකු බිහි කිරීමට බාධා ඇති වූ විට දැනට අනුගමනය කරන ක්‍රියා මාර්ගය වනුයේ ලෝහමය අඬු ඇතුළු කිරීම හෝ දරුවාගේ හිසට පෑඩ්ස්‌ තබා ඇල්ලීම ය. තමා ලැබූ අත්දැකීම් අනුව මෙසේ කිරීමේ දී අත් වැරැද්දක්‌ සිදු වුවහොත් එය අති භයානක බව පැවසූ වෛද්‍ය මේරියල්ඩි මෙවැනි අවස්‌ථාවක දී සිදුවූ වරදක්‌ නිසා තම නැන්දා කෙනකුට සදාකාලික නහර දුර්වලතාවකට මුහුණපෑමට සිදුවූ බවද පැවසී ය.දරුවන් පස්‌දෙනකුගේ පියා වූ 59 හැවිරිදි ඔඩින් දැනට වසර හතකට පෙර රාත්‍රියේ නින්දට ගිය දිනක සම්පූර්ණ රාත්‍රියම නිදි වර්ජිතව කල්පනා කොට ඇත්තේ මෙම ක්‍රමය දරුවකුට බලපාන අන්දම ය. අලුයම තම බිරිඳගෙන් ඒ පිළිබඳ විමසූ විට ඇය පවසා ඇත්තේ "ඕක පිස්‌සු" වැඩක්‌ කියා ය.එම ප්‍රකාශයෙන් නොසැලුණු ඔඩින් තම දියණියකගේ බෝනික්‌කකු රැගෙන මුළුතැන්ගෙයට ගොස්‌ තම නිර්මාණය ක්‍රියාත්මක කර බැලී ය. ඉන්පසුව ඔහුට ඉතාම දුෂ්කර කාර්යයක්‌ වූයේ පළමුවෙන්ම එම නිර්මාණය එළිදැක්‌වීම සඳහා බලපත්‍රයක්‌ ලබාගැනීම ය. දෙවනුව එම සංකල්පය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම ය.ඔහුගේ මිත්‍රයන් සහ නෑදෑයන් ඔහු වෛද්‍යවරුන් වෙත හඳුන්වා දෙනු ලැබී ය. එම වෛද්‍යවරු ඔහුව තව තවත් දිරිමත් කළහ. ඒ අනුව ඔහු ආර්ජන්ටිනාවේ "බුවනෝස්‌ අයර්ස්‌හි" ප්‍රසව කටයුතු පිළිබඳ ප්‍රධාන වෛද්‍යවරයා හමුවිය. එම වෛද්‍යවරයාට ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සබඳතා පැවති අතර එමගින් ඔඩින්ට වෛද්‍ය මේරිපල්ඩ් මුණගැසීමේ අවස්‌ථාව උදාවිය.එම ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරියා එම අවස්‌ථාවේ සිටියේ 2008 වෛද්‍ය සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි. එය පැවතියේ ආර්ජන්ටිනාවේය. කෝපි පානය සඳහා සුළු විවේකයක්‌ ලැබුණු විට ඉහත කී යාන්ත්‍රිකයා විනාඩි දහයක කාලයක්‌ පමණක්‌ හමුවීමට එකඟවිය.එහෙත් මෙම යාන්ත්‍රිකයා හමුවීමෙන් පසුව පැය දෙකක කාලයක්‌ ගතවිය. අවසානයේ එම වෛද්‍යවරයා පිළිගත්තේ මෙය අති විශිෂ්ට නිර්මාණයක්‌ බවය.එක්‌සත් රාජ්‍යයේ මෙම නිර්මාණය පරීක්‍ෂා කර බැලීමෙන් පසුව ජාත්‍යන්තර අනුග්‍රාහකයන් එයට සිය පූර්ණ සහයෝගය දැක්‌වී ය. බිල් සහ මිලින්ද ගේට්‌ස්‌ පදනම එය ඉතා අගය කරමින් එහි චාම් බව සහ බලවත්භාවය අනුව එය දුගී භාවයෙන් පෙළෙන ගැමි ජනතාව අතර භාවිතයට යෙදීම වඩා යෝග්‍ය බවට නිර්දේශ කරනු ලැබීය.වෛද්‍ය මේරියල්ඩි පැවසූයේ දරු ප්‍රසූතියේ දී ගර්භාෂය මාර්ගයේ දරුවා හිරවීමේ හේතුව නිසා මුළු ලෝකය පුරාම සිය දහස්‌ ගණනක්‌ මවුවරුන් මියයන බව ය.ස්‌විට්‌සර්ලන්තයේ ඩෙවොස්‌ නගරයේ පැවති ලෝක ආර්ථික සමුළුවේදී වෛද්‍ය මෙරියල්ඩි විසින් බෙක්‌ටන් ඩික්‌මන් සමාගමේ ගේරි එම්. කොහේනට්‌ පැවසූයේ මෙම නිර්මාණය නරඹන ලෙස ය."එය දැකීමෙන් මා අතිශයින් ප්‍රීතියට පත්වුණා." යෑයි ලෝක සෞඛ්‍ය පිළිබඳ ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ කොහේන් මහතා පැවසී ය.මෙම නිර්මාණය ආර්ජන්ටිනාවේ කාන්තාවන් විසි දෙනකු වෙත යොදා ක්‍රියාත්මක කරනු ලැබී ය. එය උසස්‌ ප්‍රතිඵල ලබා දුන්නා යෑයි "ලුසියානා වෑල්" නමැති ගුරුතුමිය පැවසුවා ය."මගේ දරුවා වූ මැටියේ මෙම නිර්මාණයේ සහායෙන් ලැබූ පළමු දරුවා වන අතර දෙවැනි තල්ලුවේදීම ඔහුගේ හිස එළියට ආවා..." යෑයිද ඇය පැවසුවාය.මෙය නිර්මාණය කිරීම සඳහා සෑහෙන මුදලක්‌ වැයවන නමුත් දුප්පත් රටවලට ඉතා අඩු මුදලකට ලබාදීමට බලාපොරොත්තු වන බවද "ඔඩින්" නිව්යෝක්‌ ටයිම්ස්‌ පුවත්පතට පැවසී ය.

    Tuesday 21 January 2014

    අවිවාහක තරුණියක් බදුල්ල මහ රෝහලේදී දරු ප්‍රසුතියක්

    http://ratagiyaattho.blogspot.kr/බඩ රිදෙන බව පවසා රෝහල් ගතවෙලා....


    බදුල්ල මහ රෝහලේදී දරු ප්‍රසුතියක් කළ 18 හැවිරිදි අවිවාහක තරුණියක් සැකකටයුතු ලෙස මියගොස් ඇති අතර ඇගේ මරණය පිළිබඳව පරික්ෂණ ආරම්භ කැර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ බදුල්ල වේවැස්ස වත්තේ පදිංචිව සිටි "ශේකර් දිනේෂා" නැමත්ති තරුණයකි.මේ පිළිබඳව බදුල්ල පොලිසිය විසින් බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර මහේස්ත‍්‍රාත් මහේෂිකා ප‍්‍රියදර්ශනීද සිල්වා මහත්මියගේ නියෝගය මත මෙම තරුණියගේ මෘත දේහය පිළිබිඳව පශ්චාත් මරණ පරික්ෂණයක් බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය එච් .බී.කේ විජේවීර මහතා විසින් 20 වැනි සඳුදා එනම් ඊයේ දිනයේ දී සිදුකළේ ය.එහිදි විවෘත තීන්දුවක් ලබාදි ඇති අතර මියගිය තරුණියගේ සිරුරු කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා යොමු කිරීමට උපදෙස් දී ඇත.ආදාළ සිද්ධිය පිළිබදව දැනගන්නට ලැබුණු ආකාරයට නම් ඇය බඩ රිදෙන බව පවසා බදුල්ල මහරෝහලට ඇතුලත් කිරිමෙන් පසු දරුවෙක් ප‍්‍රසූත කර ඇති අතර රෝහල් ගත් වී පැය 5 කට පමණ පසු ඇය අබිරහස් අන්දමින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඈ බිහි කළ දරුවා ද මේ වනවිට සුවෙන් පසුවෙති.ප්‍රේම සම්බන්ධතාවයක්මත ඈ ගැබ්බර වුවාද නැතහොත් වෙනයම් හේතුවක් නිසා ඈ මේ තත්ත්වයට පත් වුවා ද යන්න පිළිබදව තවමත් කරුණු අනාවරණය වී නොමැත.
    බදුලු පොලීසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුරටත් පරීක්ෂණ සිදුකරනු ලබයි.
     

    Saturday 18 January 2014

    දරුවා නිසා මානසික ලෙඩෙක් වූ තරුණ මවක්.....

    සනිලගේ එක් ඇසක් යාන්තමට පෙනෙව. ඒ පෙනීම ඔහුට ලැබුණෙත් විශේෂඥ අක්ෂි වෛද්‍යවරයකු විසින් කළ ශල්‍යකර්මයකින් පසුව. ඉතින් මේ පෙනීම උපයෝගී කරගෙන සනිල පුතු බිත්ති අල්ල අල්ලා නිවස ඇතු‍ලේ හිමිහිට ඇවිදිනවා. තවත් වෙලාවකට බිම වාඩි වෙලා පුංචි සනිල අත් දෙකින් ඔළුවට ගසා ගන්නවා. ඒ සමහර විට මේ දුක දරාගන්න බැරි හින්දා වෙන්න ඇති.සනිලට වචනයක් හරි කතා කරන්න පුළුවන්කම තිබුණා නම් ඔහුට මහ හයියෙන් කෑගහලා ඒ පුංචි හිතේ තෙරපෙන වේදනාව වැඩිහිටියන්ට කියාවි. ඒත් මොනවා කරන්නද? ඒ වාසනාවත් සනිලගේ දෛවය ඔහුට ට ලබාදීලා නැහැ.... සනිලට මෙහෙම අවාසනාවක් ළඟා වුණේ කොහොමද දැන් මේ සටහන කියවන ඔබේ හිතේ ඒ ප්‍රශ්නය නිරන්තරයෙන්ම හට ගනීවි. සනිලගේ මිත්තණියඒ විස්තර පුවත්පතකට පවසා තිබුණේ මෙලෙසිනි.
    "මේ මගේ මුණුබුරා එයා ඉපදෙන කොට ලස්සන දරුවෙක්, ඒත් අපේ අවාසනාවට එයා ඉපදුනේ අඩු මාස ගණනකින්. ඒ කියන්නේ මාස 07 කින් එයා ඉපදුණා." 
    ඇය සඳහන් කරන ආකාරයට සනිල ඉපදුනු හැටියෙම වෛද්‍යවරු ඔහුව නොමේරූ දරු උපත් ඒකකයට යවන්න කටයුතු කළා. හැබැයි ඒ විදිහට යැව්වේ තවත් අසුබ ආරාංචියක් සනිලගේ ආච්චිට වගේම සනිලගේ තාත්තාට කියන ගමන්.
    "මේ දරුවා දවසක්වත් ජීවත් වෙන්නේ නැහැ..... අපි ඔයගොල්ලන්ට කියන්නේ මේ දේ අම්මා එක්ක කියන්න බැරි නිසයි. හිත හදාගන්න."
    වෛද්‍යවරු එහෙම කියද්දී සනිල පුතාගේ ආච්චි අත් දෙක ඔසවලා වැඳ වැටුණා.
    "අනේ දොස්තර මහත්තයා බුදු බව අත්වෙයි. මේ දරුවව අපිට බේරලා දෙන්න." 
    ඇය ඇඬූ කඳුළින් කිව්වා. ඒත් වෛද්‍යවරු කිව්වේ දරුවාට ජීවත් වීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් නැති බවයි.
    ඒත් ඊට පස්සේ සනිල ජීවත් වුණා. දවස් දෙක සතිය මාසය ඔය විදිහට කාලය ගත වුණා. අන්තිමට සනිලගේ ඇස්වල ආබාධයක් හට ගෙන තිබෙන බව රෝහලින් පැවසුවා.
    "ඇත්තටම මේ ආබාධය හට ගෙන තියෙන්නේ අපේ දරුවා මිය යාවි කියන විශ්වාසයෙන් නොමේරු දරුවෙකුට ලබා දෙන ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මක නොකළ නිසා කියලා පසුව අපට දැනගන්න ලැබුණා. ඇත්තටම මමත් ඒක දැක්කා." කොහොම හරි මේ දේවල් වලින් සිදුවුණේ දරුවගේ ඇස්වල පෙනීම නැති වෙච්ච එක විතරයි.

    සනිලට පසු දවසක ඒ කියන්නේ ඉපදුනු රෝහලින් කොළඹ රිජ්වේ රෝහලටත් මාරු කර එව්වා. ඒ කියන්නේ ඇස්වල පෙනීම හදන්නට පුළුවන්ද කියලා බලන්න. ඒත් මාස හතරකට පමණ පසුව එතැනිනුත් සාර්ථක උත්තරයක් නොලැබුණු නිසා සනිල පුතාව ගෙදර අරන් යන්න මේ ආච්චි අම්මට සිදුවුණා.
    "මේ වෙද්දී දරුවගේ ඇස් පෙනෙන්නේ නැහැ කියලා දැනගත් නිසා මගේ දුවගේ ඒ කියන්නේ සනිල පුතාගේ අම්මා නදීශානිගේ මානසික තත්ත්වය හොඳටම පිරිහිලා තිබුණා. ඇත්තටම ඒ හේතුව නිසා සනිල පුතාගේ අම්මා මානසික රෝගියෙක් වුණා.
    ඇය දරුවා වෙනුවෙන් අඬලා අඬලා තමයි ඒ තත්ත්වයට පත් වුණේ. කොහොම හරි එදා ඉඳලම සනිල පුතාගේ අම්මා මානසික රෝගියෙක්. ඒ මානසික රෝගය අද වනතුරුත් සුව කරගන්න බැහැ.
     ඒත් වෛද්‍යවරු ඇයව සුවපත් කරගන්න බොහෝ වෙහෙසෙනවා. තව දරුවෙක් හැදුවොත් මේ තත්ත්වය නැතිවේවි කියලා වෛද්‍ය උපදෙසක් හැටියට අපට ලැබුණා. අපි ඒ අනුව නදීශානි දුවව ඊට සූදානම් කළා. ඒ දරුවාට දැන් අවුරුද්දක් විතර වෙනවා. ඒත් තවම සනිල පුතාගේ අම්මා මානසික රෝගියෙක් ඇය ඔහේ බලා ගත්ත අත බලාගෙන කල්පනා කරනවා. අඬනවා. අපට මේ දුකක් දරාගන්න බැහැ....." සනිලගේ ආච්චි අම්මා වේදනාවෙන් යුතුව කිව්වා.
    දැන් මේ වෙද්දී සනිලගේ ආච්චි අම්මා තමයි මේ පුංචි පුතා ගැන සැලකිල්ලෙන් ඉන්නේ. ඔහුගේ දුක සැප බලන්නේ. ප්‍රතිකාර සඳහා රෝහල් ගානේ අරන් යන්නේ. මේ පුංචි දරුවා ඝන ආහාර ගන්නේ නැහැ. ඒ නිසා වැඩිපුර දෙන්නේ දියරමය ආහාරය. ඒ වගේම පිටිකිරි. ඒවාට ලොකු මුදලක් මාසයකට වැය වෙනවා.
    "ඊට අමතරව සිංහල බෙහෙත් වගේම ඉංග්‍රීසි බෙහෙත්වලිනුත් හැකි උපරිම ප්‍රතිකාර ලබාදීලා. දරුවව සුවපත් කර ගන්න බලනවා. මේ හැම දෙයක් වෙනුවෙන් ලොකු මුදලක් මාසයකට වැය වෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම  මුදල් වියදම් කරන්න අපට බැහැ. දරුවගේ තාත්තාත් පුංචි ස්වයං රැකියාවක් කරනවා."

    සනිල පුතාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට ගන්න නම් ඇත්තටම ඔවුන්ට ඔබේ උදව් අවශ්‍යයි. දැනට සනිල පුතාගේ ඕනෑ එපාකම් හොයා බලලා කටයුතු කරන මේ පුතාගේ ආච්චි අම්මා පවා ඉන්නේ නිදන්ගත රෝග ගණනාවකින් රෝගී වෙලයි. ඉතින් පරිත්‍යාගශීලී ඔබ ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ආදරය දයාව, කරුණාව මුසු වෙච්ච ඔබේ කාරුණික මැදිහත්වීම ඔවුන් වෙනුවෙන් ලබා දෙන්න. මතු දවසක ඔබේ ඒ උදව්වෙන් සනිල පුතා කාගේවත් සරණක් නැතිව දෙපයින් සිට ගනීවි. උදව් කළ සැමට ස්තූති කියාවි.

    ඔවුන්ගේ ගිණුම් අංකය
    ඒ.බි. පද්මා මාලිනි
    72263416
    ලංකා බැංකුව වල්ගම
    දුරකථනය-0724866074

    සිසුවාගෙන් අහවල් වැඩේ කරගන්න ගිහින් ටීචර්ට වුණු දේ

    • මමහොදට සළකන්නම්.....හෙට හැන්දෑවට කාටත් හොරෙන් එන්න...

    දූනගහ ප්‍රදේශයේ පනස්එක් හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක්‌ පසුගිය බ්‍රහස්‌පතින්දා සවස දුරකථනය මගින් බාලවයස්කාර සිසුවෙකුට කතා කොට පසු දින ඔහු කැඳවාගෙන යෑමට පැමිණෙන බවත් එහි දී සිසුවාට හොඳට සළකන බවත් පවසමින් ඇය සිසුවාට තම දෙමව්පියන්ට නොදන්වා මුන්නක්‌කරය කොතලාවල පාලම අසලට පැමිණෙන ලෙස දැනුම් දී ඔහුව වරදට පොලඹවා ගැනීමට ගත් උත්සාහයක් පිළිබදව පුවතක්  දැනගන්නට ලැබුණි.අප වෙත දැනගන්නට ලැබුණු අදාළ සිද්ධිය මෙසේ ය.පසුගිය 21 වැනි දින එනම් පෙරේදා දින තම නිවස කරා යමින් සිටි මෙම 13 හැවිරිදි පාසල් සිසුවාට,"මම හොඳට සලකන්නම් අම්මටයි තාත්තටයි හොරෙන් හෙට හැන්දෑවට එන්න...." 
    යැයි පවසා අනතුරුව පාසල නිම වී අදාළ සිසුවා පැමිණි පසු ඔහු ඇගේ යතුරු පැදියේ නංවාගෙන
    පැහැරගෙන පලා යැමට තැත් කළ අවස්ථාවේ එම 51 හැවිරිදි විශ්‍රාමික ගුරුවරිය මීගමු පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දූනගහ ප්‍රදේශයේ පදිංචි "ඉන්ද්‍රානී හංසිනී" නමැති 51 හැවිරිදි විශ්‍රාමික ගුරුවරිය යි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය මගින් සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ මෙම සිද්ධියට මුහුණ දුන් සිසුවා මීගමුව මංකුලිය ශාන්ත අන්තෝනි විදුහලේ 7 වැනි වසරේ ඉගෙනුම ලබන දහතුන් හැවිරිදි 'පසිඳු චමෝ' නමැති සිසුවා බවයි.මූලික පොලිස්‌ විමර්ශනවල දී අනාවරණය වී ඇති කරුණු අනුව මෙම විශ්‍රාමික ගුරුවරියට සිසුවා හදිසියේ මීගමුව වැල්ලේ දී හමු වී හදිසි මිතු දමක්‌ ගොඩ නගාගෙන තිබේ. පසුව අදාළ ගුරුවරිය සිසුවාගේ දුරකථන අංකය ද චාටුවෙන් ඔහුගෙන් ලබා ගෙන ඇත.
    පසුව එම ගුරුවරියගේ ක්‍රියා කලාපයේ අනතුරක සේයාවක්‌ ඇතැයි සිසුවාට සැකයක් පහළ වී ඇති අතර ඒ නිසා ම ඔහු ගුරුවරිය විසින් තමාට එවූ පණිවුඩය පිළිබදව සිසුවා ඔහුගේ දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා. ඉන් අනතුරුව ගුරුවරිය කොතලා වල පාලම අසලට පැමිණ සිසුවා තම යතුරු පැදියේ නංවාගෙන පලා යෑමට තැත් කළ අවස්‌ථාවේ දෙමාපියන් ප්‍රදේශ වාසීන්ගේ සහාය ඇතිව ගුරුවරිය අල්ලා පොලිසියට භාර දී තිබේ.මැදි වියේ පසු වූ මෙම තැනැත්තිය විශ්‍රාමික ගුරුවරියකි. ඇගේ මෙම පහත් හැසිරීම මුළු මහත් ගුරු නාමයට ම කැළලකි.

    රාක්ෂකයෙක්ද?විශාල පනුවෙක්ද?

    රාක්ෂකයෙක්ද?විශාල පනුවෙක්ද?ජාන වෙනස් වීමකින් ඇති වූ  

      ත්වයෙක්ද?                                                                                                   

    පසුගිය දවස් වල ලොව පුරා පැතිරී ගිය වියට්නාමයේ තැතිගත් පුවත වන්නේ මෙයයි. ජපානයේ මාධ්‍ය සියල්ල දින කිහිපයක් ම මේ විශේෂ පුවත ලොව පුර පතුරවා හරිනු ලැබුවා. මේ පිළබද සිද්දිය ලංකා ඊ ගොසිප් නිවුස් වෙත ආරංචි වුන සැනින් අපි ඔබ හට මෙය වාරතා කරනු ලබනවා. සිද්දිය සැකෙවින් මෙසේය.වියට්නාමයේ බිමකින් මතුවූ විශාල අත්භූත සත්වයෙක් සොයා ගෙන තියෙනවා "Monster Found In Vietnam" යනුවෙන් වීඩියෝ පටයක්ද යු ටියුබ් හරහා  ප්‍රචාරය කර තිබෙනවා. මෙම සත්වයා මොන වර්ගයට අයත් එකෙක්ද යන වග ලොව පුරා සිටින  විද්වතුන්ට පවා හදුනා ගත නොහැකි වී තිබෙනවා.අදහාගත නොහැකි දිගකින් යුතු පණුවෙක් වැනි සිරුරක් ඇති, අලියකු තරම් මහත ඇත.
    රාක්ෂකයෙක්ද? විශාල පනුවෙක්ද? ජාන වෙනස් වීමකින් ඇතිවූ සත්වයෙක්ද? තවමත් එය අබිරහසක් ඉතින් ඔබත් මෙම සත්වයා  දැක නැත්නම් පහත පෙනෙන රුප රාමු හා වීඩියෝව තුලින් නැරබිය හැකිය.

    Friday 17 January 2014

    තානාපති කාර්යාලය ආශ්‍රිත ගැටළු විසඳා ගැනීම

    http://ratagiyaattho.blogspot.kr/ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වන ජංගම සේවය සති අන්තයේ (18,19) පලේර්මෝ නගරයේදී පැවෙත්වන බව තානාපති බැනට් කුරේ මහතා පවසයි.

    පලේර්මෝ නගරයේ ශාන්ත ක්‍රිස්තිනා කොර්තියරේ දෙල් පෙල්ලෙග්රිනෝ ස්ථානයේදී පැවැත් වෙන ජංගම සේවය මගින් සිසිලියා පළාතේ ශ්‍රී ලංකික ජනතාවට තානාපති කාර්යාලය ආශ්‍රිත ගැටළු විසඳා ගැනීමට හැකිබව තානාපති කියයි

    දැරිය කෙළසාතවත් අයටත්විකුණලා.....

    http://ratagiyaattho.blogspot.kr/දැන් දැන් අපේ රටේ සිදුවන ස්ත්‍රී දුෂණ, ළමා අපචාරයන් පිළිබදව අසන්නට ලැබෙන පුවත් කාලින සිදුවීම් සේ මිනිසුන්ට හැගෙන්නට පටන්ගෙන ඇත්තේ එය සාමාන්‍ය දැන් රටේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇති නිසා විය යුතුය.සමාජ සේවය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන බව පවසන ඇතැම් රාජ්‍ය මධ්‍යස්ථාන මෙන්ම පෞද්ගලික සමාජ සේවා ආයතනයන් ද මහමගට බැස පා ගමන් යන්නේ සැබවින්ම දුෂණයන්ට, අපචාරයන්ට ලක් වූ කාන්තාවන්ගේ පටන් බාලවයස්කාර දැරියන් දක්වා වූ පිරිසට ඔවුන්ගෙන් යුක්තිය ඉටුවන්නේදැයි සැකයක් මතු වෙයි. අනෙක් කරුණ නම්, ස්ත්‍රී දුෂකයින් වෙනුවෙන් අප රටේ පවතින නීතිය වරදකරුවන්ට මෙන්ම වැරදි කරන්නට බලාගෙන සිටින කාමාතුරයන්ට ද දැනෙන ලෙසින් ක්‍රියාත්මක කළ යුතු වේ. අප තබන මෙම පුවත අනෙක් පුවත් හා සසදන විට බෙහෙවින්ම කණගාටුදායක ය. ඉකුත් 14 වැනි අගහරුවාදා බිංගිරිය පොලිස් වසමේ නිවසක රඳවා තබාගෙන දාහතර හැවිරිදි වියේ පසු වූ බාලවයස්කාර දැරියක් දූෂණය කරමින් සිටි හත්‍දෙනෙකුගෙන් යුතු පිරිසක් බිංගිරිය පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන ඇත.පොලිසියට ලැබුණ තොරතුරක් මත ප්‍රදේශයේ නිවසක් වටලා පුද්ගලයින් හත්දෙනා අත්අඩංගුවට ගත් බැව් බිංගිරිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.එම්.පී හේරත් මහතා පැවසී ය.පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්වල දී හා දැරියගෙන් ලද කටුත්තරයෙන් අනාවරණය වී ඇත්තේ, සැකකරුවන් විසින් අදාළ දැරිය දූෂණය කර ඉන් පසුව ඔවුන් ඇය පුද්ගලයින් කිහිප දෙනෙකුට මුදලට අලෙවි කර ඇති බවයි.බරපතල අන්දමින් දූෂණයට ලක් වූ බව කියන බාලවයස්කාර දැරිය ප්‍රතිකාර සඳහා මේවනවිට කුලියාපිටිය මූලික රෝහලට ඇතුළු කළ බැව් බිංගිරිය පොලිසිය පවසයි.

    Thursday 16 January 2014

    කොරියාව තුල වීසා නොමැතිව සිටින ශ්‍රීලාංකිකයන් හට...

    http://ratagiyaattho.blogspot.kr/කොරියාව තුල වීසා නොමැතිව සිටින ශ්‍රීලාංකිකයන් හට විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් මාස දෙකක් ඇතුලත තම රටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලිම් කර ඇති අතර කොරියාවේ ආසියානු ක්‍රිඩා උත්සවය මේ වසරේ පවත්වන බැවින් ක්‍රීඩකන්ගේ ආරක්ෂාව පිලිබද ප්‍රශ්න පැනනැගි ඇත. එම නිසා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් අවසරපත්ලද රැකියා අවසරක්‍රමය යටතේ මේ රටට පැමින වීසා නොමැතිව සිටින සියලුම විදේශිකශ්‍රමිකයන් තම රටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලිම් කරඇත. එම නිසා සියලුම රටවලින් පැමිනි විදේශික ශ්‍රමිකයන් ගෙන්වා ගන්නා ලෙස බලකරඇත. එයට විසදුම් ලෙස විදේශසේවා ආයතනය විසින් තමන්ගේ නිවෙස්වලට ලිපියවා ඇත.

    දකුණු කොරියානු රැකියා අහිමිවීමේ අවදානමක්

    http://ratagiyaattho.blogspot.kr/නීති විරෝධි ලෙස දකුණු කොරියාවේ රැදි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හේතුවෙන් මෙරටට හිමිවන දකුණු කොරියානු රැකියා අවස්ථා අහිමි වීමේ අවදානමක් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 

    එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා කියා සිටියේ 4000ත් 5000ත් අතර ප්‍රමාණයක් මේ වන විට නීති විරෝධි ලෙස කොරියාවේ රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. 


    ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් අද දිනයේ එලෙස නීති විරෝධිව කොරියාවේ රැඳී සිටින ශ්‍රමිකයින්ගේ භාරකරුවන් කොළඹට කැඳවා ඇති බවත් මංගල රන්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

    Wednesday 15 January 2014

    ඉසුරු සොයා ගිය සුභාෂිනී ඩුබායිහි දී විඳි දුක්

    http://ratagiyaattho.blogspot.kr/


    ඩුබායි ගියසුභාෂිනි මොලොව දීමඅපා දුක් ගැහැටවින්ඳ හැටි

    රඹුක්කන, මුවපිටියේ සුභාෂිනී මනෝහාරි ජයතිලක, උපුල් සංජීව කුමාරතුංග සමග විවාහ දිවියට ඇතුළත් වූයේ 2009 මාර්තු 27 දා ය. එවකට ඇගේ වයස අවුරුදු දහඅට සම්පූර්ණ වූවා පමණි. උපුල් සංජීව විසි එක් හැවිරිදි විය. ඔහු පෞද්ගලික වාහනයක රියැදුරු වෘත්තියේ නියුතු වූ අයෙකි විවාහ වී මාස දහයකට පසු ඔවුනට දියණියක ලැබිණි. දියණිය විහංගා භාසිරි කුමාරතුංග ය.උපුල්ගේ රැකියාව ස්ථිර එකක් නොවූ අතර ඉන් සැලකිය යුතු ආදායමක් ද නොලැබිණි. ඔහුගේ මව ද ඔත්පලව හිඳීම තවත් කරුණක් විය. මේ සියලු කාරණා මැද උපුල්ටත් සුභාෂිනීටත් තමන්ගේය කියා නිවසක් තනා ගැනීම කිසිදාකත් ඉටු නොවන සිහිනයක් වී තිබිණි. අන්තිමේ සුභාෂිනී මැදපෙරදිග යාමට තීරණය කළා ය. දියණියගේ වයස අවුරුදු එක හමාරක් පමණ වූ විට සුභාෂිනී ඇගේ වගකීම සැමියාට පවරා 2011 ජූලි අට වෙනි දින ගෘහ සේවය සඳහා ඩුබායි රටට පිටත්ව ගියා ය. ඒ කුරුණෑගල විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගිනි.එරට සුභාෂිනීට සේවය කිරීමට ලැබුණු නිවසේ සිටියේ මැදිවියේ යුවළක් සහ ඔවුන්ගේ දරු දෙදෙනා පමණි. මෙහි විශේෂත්වය වූයේ මෙම ස්වාමි දුව අනුකම්පාවක්, දයාවක් තබා එහි සෙවනැල්ලක්වත් නොවැඩුණු අතිශය කුරිරු කාන්තාවක වීම ය.  සුභාෂිනී එහි ගිය පළමු දිනයේ ම ඇයට දඬුවම් කිරීම පිණිස මෙම ස්වාමි දුව සවිමත් වේවැලක් තබා ගත්තා ය. සාමාන්‍යයෙන් අපේ රටේ කරත්තයේ බඳින ගවයකුටවත් එපමණ තලන්නේ දඬුවම් කරන්නේ නැත. මේ කාන්තාව  ඉතා සුළු දොසකට පවා සුභාෂිනීට වේවැලෙන් සේම ඇතැම් විට අතින් පයින් පවා තැලුවා ය. ඒ කිසිම හිතක් පපුවක් නැති ආකාරයට ය. මේ නිසා සුභාෂිනීට නිතරම තුවාල සිදු වූ අතර සිරුර පුරා තැලුම් පහරවල් සහ තුවාල කැළැල් හට ගෙන තිබිණි. 
    සියල්ල ඉවසාගෙන සුභාෂිනී වැඩ පළ කර දෙමින් එම නිවසේ වැටී සිටියේ වසර දෙකේ ගිවිසුම් කාලය අවසන් වන තුරුය. ඒ තම දියණිය සැමියා සහ නිවස තැනීමේ දැඩි අධිෂ්ඨානය වෙනුවෙනි. 
     මෙම ඛේදනීය පසුබිම යටතේ 2012 ජූලි අට වෙනි දින ඇගේ ගිවිසුම් කාලය අවසන් විය. ඒ අනුව ඇගේ වීසා බලපත්‍රය ද අහෝසි වී තිබිණි. නමුත් හාම්පුතුන් ඇයට ලංකාවට පැමිණීමට අවසර දුන්නේ නැත. එසේ අවසර ඉල්ලන හැම අවස්ථාවකදීම ස්වාමි දුව කළේ සුභාෂිනීට පහර දීම ය. තමාගේ දරුවා අසනීප වී හිඳින බවට වරක් සුභාෂිනීට සැමියාගෙන් දුරකථන පණිවුඩයක් ලැබිණි. නමුත් කුමන හේතුවකටවත් ඇයව ලංකාවට එවන්නට හාම්පුතුන් කාරුණික වූයේ නැත. අන්තිමේ කර කියා ගන්නට දෙයක් නැතිව නිවසින් පැන සුභාෂිනී ‍පොලීසියට ගියා ය. තමාගේ අත් පා ආදියෙහි තිබෙන තුවාල කැළැල් සියල්ල පෙන් වූ ඇය ස්වාමි දුවගෙන් සිදුවන හිරිහැර පවසා තමාගේ ගිවිසුම් කාලය අවසන් වී තිබියදීත් බලෙන් රඳවාගෙන හිඳින බවට ද පැමිණිලි කළා ය. සුභාෂිනීගේ එකම ඉල්ලීම වූයේ කෙසේ හෝ තමාව මවුබිමට යවන ලෙසයි. 

    පොලිස් නිලධාරීන් සුභාෂිනිගේ හාම්පුතා ‍පොලීසියට කැඳවී ය. ඔවුන්ගේ, භාෂාවෙන් දීර්ඝ ලෙස කළ සාකච්ඡා කිසිවක් සුභාෂිනීට තේරුණේ නැත. අන්තිමේ ‍පොලීසියෙන් මින්මතු සුභාෂිනීට දඬුවම් නොකරන බවට හාම්පුතාව ‍පොරොන්දු කරවාගෙන ඇයව එම නිවසටම භාර දෙනු ලැබි ය.
    නිවසට පැමිණි මොහොතේම උඩු මහ‍ලේ දී ස්වාමිදුව ඇයට පහර දුන් අතර සුභාෂිනී පඩි පෙළ මත ඇද වැටුණා ය. ඉන්පසු එම හිත්පිත් නැති කාන්තාව කළේ පඩි පෙළ දිගේ ඇය පහළට පෙරළී යන තුරුම පයින් පහර දීමය. මින් සුභාෂිනීට බොහෝ තැලුම් තුවාල සිදුව තිබිණි.  

    මේ අතර තම බිරිඳ මෙතරම් හිංසනවලට ලක් වන බව හා ඇය ගිවිසුම් කාලය අවසන්වීත් බලෙන් රඳවාගෙන හිඳින බව උපුල් සංජීව මෙරට විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබිණි. ඒ පැමිණිලි විභාග වෙමින් පවතින බව ද ඔහුට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් දැන ගන්නට ලැබුණි.
    සුභාෂිනීට සිදු වූ දුක් ගැහැට නම් අංශු මාත්‍රයකින්වත් අඩු වූයේ නැත. ඉවසා ගන්නට බැරිම තැන ඇය යළිදු නිවසින් පැන ගොස් ‍පොලීසියේ පිහිට පැතුවා ය. කෙසේ හෝ තමාව ලංකාවට යවන ලෙස ඉල්ලමින් හඬා වැටුණත් ‍පොලිස් නිලධාරියා කළේ යළිත් ඇගේ හාම්පුතා කැඳවීම ය. 
    වෙනත් සේවිකාවක් සොයාගත් වහාම සුභාෂිනීව ලංකාවට යවන බව මෙහි දී හාම්පුතා ‍පොරොන්දු වී තිබිණි. ඒ අනුව සුභාෂිනී යළිත් තල්ලු වූයේ එම නිවසටම ය. දෙවතාවක්ම නිවසින් පැන ගිය සුභාෂිනීට ස්වාමි දුවගෙන් ලැබුණු දඩුවම් පෙරටත් වඩා වැඩියෙන් විඳීමට සිදුව තිබිණි. ඇය මෙහි දී ස්වාමි දුව වෙතින් ඉල්ලා සිටියේ එකම දෙයකි. එනම් තිරිසන් සතකුගේ පවා ස්වභාවික උරුමයක් වන නිදහස පමණි.
     දෙවසරකට අධික කාලයක් තිස්සේ බොහෝ සෙයින් කායික දඬුවම්වලට ලක්ව කායිකව මෙන්ම මානසිකවත් හෙම්බත්ව සිටි  සුභාෂිනී අවසානයේ නිවස තැනීමේ ආශාව අත හැරියා ය.  අන්තිමට ඇගේ සිතේ තිබූ එකම සිහිනය වූයේ කෙසේ හෝ පණ බේරාගෙන සැමියාත් දරුවාත් වෙත යාම පමණි.ඇය දෙවරක්ම ‍පොලීසියේ පිහිට පැතුවේ ද එම අරමුණෙනි. නමුත් දැන් එයද ඉටුවන බවට ලකුණකුදු නැත. ඒ අනුව මේ නරකාදියෙන් මිදෙන්නට සුභාෂිනීට තිබුණේ එකම විසඳුමක් පමණි. 
    ඒ ලංකාවට යාමට කෙසේවත් අවසරයක් නොලැබිම මත හාම්පුතුන් බිය වද්දා හෝ ඒ අරමුණ ඉටුකර ගැනීම ය. ඉන්පසු ඇය තම කාමරයට වැදී දොර අගුල්ලා වසා ගත්තේ ගෙල වැලලා ගන්නා බව කියමිනි. මෙයින් ඇගේ හාම්පුතුත් බිය වන්නට ඇත.
     ලංකාවට යවන බවට ‍පොරොන්දු වෙමින් ඔවුහු සුභාෂිනීව පිටතට ගත්හ. 
    අන්තිමේ සුභාෂිනීව ලංකාවට යැවීමට ඔවුන් කටයුතු යොදා තිබිණි. මාස හතක හිඟ වැටුප් ඇයට ඔවුන්ගෙන් ලැබිය යුතුව තිබිණ. එහෙත් ඔවුන්ගෙන් ඇයට සත පහක මුදලක් ලැබුණේ නැත. එපමණක් නොව අලුතෙන් ඇඳුමක් පැළඳුමක් කිසිවක් ඇයව නොලැබිණි. අඩුම තරමින් තම කුඩා දියණියට ටොෆියක් චොකලට් පෙත්තක් මිල දී ගන්නටවත් සතයක් නැතිව, විදේශ ගත වන විට ඇඳ ගෙන ගිය ඇඳුමින්ම සැරසී සුභාෂිනී හිස් අතින්ම ලංකාවට පිටත් වූවා ය. ඒ එන අතරමග දී නිවසේ සිට ගුවන් තොටුපළ දක්වා මෝටර් රථයෙන් ඇය ඇරලවන අතරේත් ස්වාමි දුව ඇයට දොස් නගමින් තඩි බාන්නට ද අමතක කළේ නැත. මෙසේ ඉකුත් මාසයේ දිනයෙක  සුභාෂිනී හිස් අතින් ආපසු ගෙදර ආවා ය. ඇයට ඩුබායි රටට ගොස් ආපසු ගෙන එන්නට ලැබුණු එකම දායාදය වූයේ තුවාල කැළැල්වලින් පිරී ගත් සමක් සහිත සිරුරක් පමණි.මෙලෙස විදේශ රැකියාවලට ගොස් අගතියට ලක්වූවන්ට වන්දි, හිඟ වැටුප් ආදිය ලබා ගැනීමේ ක්‍රම, වෙනත් වරප්‍රසාද හා සුබසාධන වැඩපිළිවෙළ පිළිබඳ කොතෙකුත් රජයෙන් පුරසාරම් දොඩනු අපට මාධ්‍යය මගින් අසන්නට දකින්නට ලැබේ. නමුත් මේවා අලංකාර වචනවලට පමණක් සීමා වී ඇති බවක් හැඟී යන්නේ සුභාෂිනීලා වැනි කතුන්ගේ ඉරණම පිළිබඳව සිතන විටය. "රට විරුවෝ" නමින් රියැලිටි ෂෝ පවා අරඹමින් විදේශ රැකියා ප්‍රවර්ධන වැඩසටහන් දියත් කර විදේශ රැකියාවලට යෑම සඳහා ජනතාව පෙළගස්වමින් මේ සිදු කරන්නේ අපේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන අහිංසක මිනිසුන් එතෙර වහල් කඳවුරුවලට සිරකොට විදේශ විනිමය ඉපැයීමට පමණක් ද යන සැකය මෙවන් කතා ප්‍රවෘත්තීන් තුළින්  අප තුළ මතුවේ. 
    http://ratagiyaattho.blogspot.kr/

    කාන්තාරයේ අතරමං වී සිටි ඔවුන් දෙදෙනා කුඩා කල සිටම හොඳම මිතුරන් විය. නමුත් එක් වරම එක් මිතුරෙකු අනෙකාට මුහුණට වැරෙන් පහරක් ගැසුවේ ඔවුන් දෙදෙනා ඒ පැමිණි විනෝද ගමන සැලසුම් කරේ ඔහු බැවිනි. පහර කෑ මිතුරාට රිඳුනද ඔහු කරන ලද්දේ වැලි කතරේ වාඩිවී තම ඇඟිල්ලෙන් ''අද මගේ හොඳම මිතුරා මට පහරක් ගැහුවා'' ලෙස වැලි මත ලිවීම පමණි.

    කෙසේ නමුත් දෙදෙනාම තම ගමන අත් නොහැර දිගින් දිගටම එක් දිශාවකට ඇවිද ගියේ ක්‍ෂේම භූමියකට ලං වීමේ අරමුණ ඇතිවය. ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටුවිය, අවසානයේ ඔවුන් දෙදෙනා හට ක්‍ෂේම භූමියක් දැකගත හැකිවිය. සතුටින් උදම් වූ දෙදෙනා වහා වතුරට පැන දිය නෑමට පටන් ගත්හ. සිදුවූයේ නොසිතූ දෙයකි, පහර කෑ මිතුරා ජලයේ ගිලෙන්නට විය. වහා ඔහු වෙත පීනා ගිය අනෙකා තම මිතුරා රැගෙන ජලයෙන් ගොඩට පැමිණියේය. මද වෙලාවක් ගිමන් හරිමින් සිටි ගිලෙන්නට ගිය මිතුරා ගල් කැබැල්ලක් ගෙන ඒ අසල වූ ගල් තලාවේ මෙසේ සටහන් කරන ලදී. ''අද මගේ හොඳම මිතුරා මගේ ජීවිතය බේරුවා''

    මේ දෙස බලා සිටි අනෙකා ඔහුගෙන් මෙසේ විමසීය...

    ''මම කලින් ඔයාට ගැහුව වෙලාවේ ඔයා ඒක ගැන ලිව්වේ වැලි වල , ඒත් ඇයි දැන් ඔයා මෙතනදී ගල් තලාවේ ලිව්වේ???''

    එවිට අනෙකා මෙසේ පිළිතුරු දුනි...

    ''කෙනෙක් අපිව රිදෙව්වම අපි ඒක ගැන හදවතේ සටහන් කරන්න ඕනේ සමාව කියන සුලඟට ඒ රිදවීම හදවතින් මකලා දමන්න පුළුවන් විධියට. ඒත් අපිට කෙනෙක් හොඳ දෙයක් කරාම අපි ඒ ගැන ජීවිතේ පුරාවටම හදවතේ රැඳෙන පරිදි සටහන් කරන්න ඕන, කිසිම දේකින් එය මැකී නොයන විධියට.''

    අබුසැමි ඇසුර මොළේට හොදයි

    http://ratagiyaattho.blogspot.kr/

    අසභ්‍ය දසුන්නැරබීම භයානකයි....!කායිකව එක්වීමහිතකරයි......
    සාමාන්‍යයෙන් බොහෝ දෙනා පිළිගනු ලබන මතක් නම් පුද්ගලයෙකුගේ බුද්ධිමත් භාවය වැඩිකරගැනීමට මොලයේ සෛල වර්ධනය කර ගත යුතු බවයි. එසේම මතකය වැඩි වෙන්නේ මොලයේ නියුරෝන වැඩියෙන් තිබූ විටය. ඒ වෙනුවෙන් බොහෝ දෙනා වෙහෙසෙති. ඒ වෙනුවෙන් විවිධ වූ ක්‍රම වෙදෙයන් අනුගමනය කරති. භාවනා ක්‍රම, සංගීතයට සවන්දීම, ව්‍යායාම කිරීම, පරිගණක පුහුණු ක්‍රියාකාරකම් ආදිය ඒ අතර ප්‍රසිද්ධ ය.
    නමුත් මේ දේවල්වලට අමතරව නිතර නිතර ලිංගික ක්‍රියාවන්හි යෙදීමෙන් ද මොලයේ සෛල වර්ධනය වන බව ඇමරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ හා දකුණු කොරියානු පර්යේෂ්න කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ. ඔවුන් එම පරීක්ෂණය සිදුකර තිබෙන්නේ "මීයන්" යොදාගෙන ය.
    ඒ අනුව ලිංගික ක්‍රියාවන්හි යෙදෙන මීයන්ගේ මානසික කාර්යක්ෂම තාවය අධික බවත්, ඔවුන්ගේ නියුරෝන වලින් සෑදෙන neurogenesis අධික බවත්, එසේම දීඝකාලීන මතකය වර්ධනය වන බවත් සොයාගන තිබේ.මීට පෙර පසුගිය අප්‍රේල් මාසයේද මේරිලෑන්ඩ් හි පර්යේෂකයන් පිරිසක් විසින් මීට සමාන සොයාගැනීමක් කර සොයාගන තිබුණි. ඔවුන් විසින් මේ ආකාරයටම මධ්‍යම වයසේ මීයන් යොදා කළ පර්යේෂණයක් අනුව ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන මීයන්ගේ මොලයේ cognitive function හා hippocampal function වැඩිවන බව සොයාගන්නා ලදි.පසුගිය නොවැම්බර් මාසයේ දකුණු කොරියාවේ Seoul නගරයේ Konkuk විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් කළ පර්යේෂණයකට අනුවද සොයාගන තිබුණේ ලිංගික ක්‍රියාවලියන් නිසා නිදන්ගත ආතති අඩුවන බවත්, මොලයේ මතක වර්ධනයක් වන බවත් ය.
    නමුත් ඔවුන් පවසන්නේ ව්‍යාජ ලිංගික ක්‍රියාකාරකම් නැරඹීමෙන් වන්නේ මොලයට හානියක් බවයි. ලිංගිකව එක්වන ව්‍යාජ අවස්ථාවන් නැරඹීමට පුරුදුවීමෙන් තිබෙන මතක ශක්තියත් නැති වී යන බවද ඔවුන් පවසයි. මේ ආකාරයට ව්‍යාජ ලිංගික ක්‍රියාකාරකම් ගුගල් වලින් සොයා ලංකාව අංක එක වීම පිළිබද  පුවත ද දැන් බොහෝ දෙනා හොදින් දන්නා කරුණකි.

    Tuesday 14 January 2014

    ඉතාලියත් කාලා

    http://ratagiyaattho.blogspot.kr/

    ෆිරෙන්සි නුවර පෑවති සංගිත ප්‍රසංගය අතරතුර ශ්‍රි ලාංකික දෙපිරිසක් අතර ඈති වු ගැටුම පිළිබදව ෆිරෙන්සි සමාධි විහාරාධිපති දොඩංදෙනියේ නන්දසිරි හිමියෝ දැඩි කලකිරිමකට පත්ව සිටිති. ඈත්තෙන්ම මෙම සිදුවිම අපිට(ලංකාවේ) ලොකු කළු පැල්ලමක්. රටකට ඈවිල්ලත් හෑදෙන්න බැරි ජාතියක්. මම මුන්ට කියන්නේ මෙච්චරයි.උඔලා චණ්ඩින් නම් බොන්නේ නැතිව මෙහේ ( ෆිරෙන්සි) තියෙන ලොකු උද්‍යානයට වරෙල්ලා. ඇවිත් ඇති වෙනකම් ගහ ගනිල්ලා. අපිත් වට වෙලා බලා  ඉන්නම්. තුවාල එන එවුන් රොහලට ගෙනියන්නම්. එහෙම නැතිව දුක්විදින මිනිස්සුන්ට නිදහසේ කලා ප්‍රසංගයක් රස විදින්න තියෙන තැනට ඇවිත් මේ අම්බරුවන් කරන විනාසයට මට නම් කියන්න වචන නැහැ.ලබන පළමු වැනිදා අපේ පංසල මිලට  ගැනීම සදහා මා පොලිසියේ ආරාක්ෂාව අරගත්තා. පොලිසියේ මහත්වරු මට කිව්වේ වැරදි කරන ඒකා පෙන්නන්න කියලා විතරයි. මම කියන්නේ වරෙල්ලා ඈවිත් තව කෙනෙකුට කරදරයක් වෙන්නේ නෑතිව ප්‍රසංගය බලපල්ලා.නෑත්නම් මම ඔක්කොම ටික පොලිසියට කුදලලා දෙනවා. ඉතාලියේ තානාපති බෑනට් කුරේ මහතාගෙන් මෙම ගෑටුම පිලිබදව විමසු විට මෙසේ කීය. ඇත්තෙන්ම මම ලංකාදිප පත්තරෙන් තමයි මේම සිදුවිම දෑක්කේ. මට නම් කියන්න තියෙන්නේ ඔයගෑන කතා නොකර ඉන්න එක හොදයි කියලයි.ඉතාලියේ ප්‍රසිද්ධ සමාජසේවකයෙකු හා ව්‍යාපාරිකයෙක් වන මොදනා වසන්ත කිර්තිරත්න මහතා මෙසේ කියයි.‘මම මෙවැනි කලා කලා කටයුතු වලට ගොඩක් උදව් කරන කෙනෙක්. හෑබෑයි මම එහෙම කරන්නේ බදු වලින් වහන් වෙන්න නෙමෙයි. මෙහේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින්ගේ සතුට වෙනුවෙන්. නමුත් දෑන් මේ හරක් රෑලක් කරන විකාර වෑඩ නිසා මෙවෑනි දේට මුදල් දෙනවද කියලා දෙපාරක් හිතන්න වෙලා.පත්තරේ බෑලුවත් ප්‍රවෘත්ති ඈහෑව්වත් දකින්න ලෑබෙනේ අපේ අයගේ වෑරදි. ශ්‍රි ලාංකිකයෙක් කියලා කියන්නත් මට ලෑජ්ජයි. ඒ තරම්ම අප පිරිහිලා. දියුණු රටකටවත් ඈවිත් හෑදෙන්න බෑරි හරකුන් ඉන්න රටක් කොහොමද ආඅසියාවේ ආශ්චාර්ය වෙන්නේ?

    අම්ම රට ගියදවසේ ඉදන් අවුරුදු තුනක් තිස්සේ තාත්තා මාව....

    http://ratagiyaattho.blogspot.kr/. 

    ඉසුරු සොයා මව රැකියාවක් සඳහා විදේශ ගතවන්නේ තමන්ට දියණිවරුන් සිටි නම් ඒ අයගේ සම්පුර්ණ වගකීම පියා සන්තකයේ තබා ය. ඒ තම දරුවන්ට දෙමව්පියන් හැරුණුකොට අන් කිසිවෙකුගේ රැකවරණයක් නොමැති බැවිණි. එහෙත් අද සමාජය තුළ ඊ අපට දක්නට ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස්  තත්ත්වයකි.බිරිය නැති පාළුව මෙන්ම කාමාශාවන් ඉහවහා යද්දී තමාගේම ලෙයින් ජාතක වූ දැරිය කෙරෙහිත් සිත් පහල වූ විට දැරිය අබු කමේ තබා ගැනීමට වෙහෙසෙන නරුමයින් අප අතර සිටින බව හැගෙන විටත් ඇග කිලිපොලා යයි. මෙයද එවන් පුවතක තවත් එක් සටහනක් පමණි.මව විදේශගත වී සිටින අතර තුර වයස අවුරුදු 17 ක් වන තම දියණියව දුෂණය කළ බව කියන පියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය - වේළුසුමනපුර පදිංචි 51 හැවිරිදි අයෙකුපුද්ගලයෙකි.පසුගිය වසර 03 ක කාලය තුළ පියා විසින් තමන්ව වරින් වර දුෂණය කළ බවත්, ඇතැම් දිනවල විවිධ අපචාර කටයුතු සඳහා තමාව යොමු කර ගත් බවත් අතවරයට පත්ව ඇති තරුණිය පොලීසිය හමුවේ පවසා ඇත. මව විදේශ ගත වු දින සිට තමන් මෙම අතවරයට මුහුණ දුන් බව ද ඇය පවසා තිබේ.අදාළ තරුණිය පියා අතින් සිදුකරනු ලබන අතවරයන් ඉවසාගත නොහැකි වූ තැන ඈ විසින් ඇගේ පියාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත. ඒ අනුව ඔහුව පොලිස් අත්අඩංගුවට නතුකරගත් බව පොලිසිය පවසයි.මේ වනවිට අතවරයට පත්ව ඇති බව කියන තරුණියව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.මුන්දලම පොලීසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කර ගෙන යයි. 

    කෝටියක කොන්ත්‍රාත්තුවක් දී පාතාලයින් ලවා පියා නැසූ තවත් අජාසත්තයෙක්

    http://ratagiyaattho.blogspot.kr/

    කෝටියක කොන්ත්‍රාත්තුවක් දී පාතාලයින් ලවා පියා නැසූ තවත් අජාසත්තයෙක්

    අවසානයේ පියා
    මියගිය දුක
    දරාගත නොහැකියි
    කියමින් වහ බී
    යකා නටලා.....

    එංගලන්ත රජ පවුලට ඥාති සම්බන්ධකම් ඇති "ස්කාගර්" නැමැති සුදු ජාතික වැවිලිකරුවෙකුට හිමි වූ 'ගෝල්ඩන් හෙවන්' නම් වතුයායේ අයිතිය සුදු ජාතිකයාගෙන් පසුව ලැබෙන්නේ "එදිරිසිංහ ආරච්චිලාගේ නවරත්න"ටය. දශක ගණනකට ඉහත සිදු වූ ඒ සිද්ධිය අපූරු එකකි. එකල නවරත්න ‍පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහුව වරක් මහනුවරට කැඳවන්නේ දළදා පෙරහර ආරක්ෂක රාජකාරි සඳහා ය. ඉහළ ‍පොලිස් නිලධාරීන් ඔහුට එදා භාරකර ඇත්තේ දළදා මාළිගාව ඉදිරිපිට ඇති මාර්ග කොටස ය.

    එදා පරීක්ෂක ශ්‍රේණියේ පහළ නිලධාරීන් ඇන්දේ කොට කලිසම් ය. බැටන් ‍පොල්ල හැරුණු කොට වෙනත් කිසිදු ආයුධයක් ‍පොලිස් නිලධාරීන්ට නැත. නවරත්න රාළහාමිට පැවැරෙන්නේ මාර්ගයේ කිසිදු වාහනයක් නතර කරන්නට ඉඩ නොදී පෙරහර ගමන් ගන්නා මාර්ගය ආරක්ෂා කිරීම ය.

    ජැන්ඩියට හැඳ පැළඳ ගත් සුදු මහත්තයෙක් එකල තිබුණු සුඛෝපභෝගිම මෝටර් රථ වර්ගයක් වූ හම්බර් රථයකින් පැමිණ එය  දළදා මාළිගාව අසල මාර්ගයේ  නතර කරනුයේ ඔය අතරතුරදී ය.

    නවරත්න රාළහාමි ඒ සැණින් එතැනට දිවවිත් වාහනය ඉවත්කර ගන්නා ලෙස සුදු ජාතිකයාට දැනුම් දෙන්නේ එම ස්ථානයේ වාහන නතර කිරීම තහනම් නිසා ය. එම සුදු ජාතිකයා වෙන කිසිවෙකුත් නොව ගෝල්ඩන් හෙවන් වතුයායේ හිමිකරු ස්කාගර් ය. එංගලන්තයේ රජ පවුලට ඇති ඥාති සම්බන්ධය නිසාදෝ ඔහු නවරත්න රාළහාමිව තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නැත. මෝටර් රථය ඒ තැනම නතර කොට ඔහු ඉන් බැස  මාළිගාව  දෙසට ගමන් ගත්තේ ය.

    ඒ ගොස් ඔහු නැවත එන විට නවරත්න රාළහාමි සිටින්නේ වැඩ තහනමකට ලක්ව ය. ඒ නිසි ලෙස රාජකාරි ඉටු නොකිරීම හේතුවෙන් උසස් නිලධාරීන්ගේ උදහසට ලක්වීය. ඒ වෙන කිසිවක් නිසා නොව පෙරහර ගමන් මගේ මෝටර් රථයක් නතර කරන්නට ඉඩදීම හේතුවෙනි.

    වැඩ තහනම් වුවත් නවරත්න රාළහාමි ස්කාගර් නැවත පැමිණෙන තුරු මෝටර් රථය අසලට වී බලා සිටියේ ය. ඒ ඔහු නිසා තමාට වූ අසාධාරණය ගැන කියන්නට ය. නැවත ‍පොලීසියේ රක්ෂාව සකස්කර දෙන්න යැයි කියන්නට ය. නවරත්න රාළහාමිගේ ඒ දුක්ගැනවිල්ල ඇසූ ස්කාගර් ඔහුව මෝටර් රථයේ නංවා ගන්නේ ‍පොලීසියේ රක්ෂාව වෙනුවට අලුත් රක්ෂාවක් ලබාදීමේ ‍පොරොන්දුව ඇතිවය. ඒ ස්කාගර් ගේ රියැදුරා ලෙසය.

    එකල තරුණ වයසේ පසු වූ නවරත්න ස්කාගර්ගේ ද සිත් දිනාගෙන වතු පාලකයා බවට ද පත්විනි. අවසානයේ දී ඔහු එම වත්තේම සේවිකාවක් විවාහ කර ගත්තේ ද ස්කාගර්ගේ ආශිර්වාදය ද ඇතිව ය.
    ස්කාගර් හදිසියේම මිය යන්නේ එම විවාහයෙන් වැඩි කලක් යන්නට මත්තෙනි. එම මරණය සම්බන්ධයෙන් විවිධ කටකතා ඇතත් අවසානයේ දී කෝටි ගණනක් වූ ස්කාගර්ගේ දේ‍පොළවල එකම හිමිකරුවා බවට පත්වන්නේ ද නවරත්න ය. ඒ ස්කාගර්ගේ දේ‍පොළවලට අයිතිවාසිකම් කියන්නට වෙන කිසිවෙකු නොවූ බැවිනි.

    පූරුවේ පිනකටමෙන් නවරත්නගේ හිසමත කඩා වැටුණු ඒ කෝටි ගණනක දේ‍පොළ පාලනය කිරීමටත් එම දේ‍පොළ නිසි ආයෝජනයකට යොමුකිරීමටත් නවරත්නට පුළුල් දැනුමක්  නොවීය. ඔහු තම බිරිඳත්  ඈට දාව උපන් දරුවන් දෙදෙනාත් නඩත්තු කරන්නට වූයේ මෙම වටිනා දේ‍පොළ ටිකින් ටික විකුණා දමමිනි. කුමාර සැප විඳිමින් හැඩි දැඩි වූ ඒ දරුවන් දෙදෙනාට ද මේ දේ‍පොළ නඩත්තු කරන්නට උවමනාවක් තිබූ බව නොපෙනිණි. නවරත්නට කරදර කරමින් දේ‍පොළ විකුණමින් ජීවත්වනවා හැරුණු කොට ඔවුන් දෙදෙනාට ස්වාධීනව නැගිටින්නටද උවමනාවක් නොවීය.

    ඔවුන්ගෙන් වැඩිමලා ටිරෝන් ය. ඔහු විවාහ වන්නේ රුසියානු කාන්තාවක් සමගිනි. ඇය සමග ඔහු මීගමුවේම පදිංචිව සිටින අතර බාල පුතා ගිහාන් සිය බිරිඳ සහ දරුවා සමග පදිංචිව සිටියේ ගෝල්ඩන් හෙවන් වත්තේ පිහිටි නිවසේ ය. එය නිවසක් යැයි කීවාට වලව්වකි. නිසි නඩත්තුවක් නොමැති කමින් එයද දැන් ඇත්තේ ගරා වැටෙමිනි.

    එදා 2013 දෙසැම්බර් 18 වෙනිදා ය. සවස හතරට පහට පමණ බිරිඳ සහ දාහතර වියැති තම දරුවා සමග ත්‍රිරෝද රථයක නැගී ගිහාන් පිටත්ව යන්නේ මීගමුවට ය. ඒ අමතර පංතියකට දරුවාව  ඇරලවන්නට ය. ඒ ගිය විට පාළුවට ගිය වත්තක් මැද පිහිටි ගරාවැටුණු ඒ වලව්වේ තනිවන්නේ ඒ වන විට හැත්තෑ දෙහැවිරිදි වියේ පසුවුණු නවරත්නය. හැබැයි ඔහුට එය හොඳටෝම හුරුය.

    මීගමුවට ගිය ගිහාන් සහ බිරිඳ නැවතත් නිවස බලා එන්නේ රාත්‍රී 7.00 ට පමණය. ඒ එන අතරතුර ත්‍රිරෝද රථ රියදුරා වත්තේ කොනක යමෙකු  වැටී සිටිනු දුටුවේය. ඒ ත්‍රිරෝද රථයේ පහන් එළියෙනි. වැටී සිටියේ නවරත්නය. ඒ වනවිටත් ඔහු  අවසන් හුස්ම හෙලා තිබූ  බැවින් ගිහාන් ඒ ගැන සිය වැඩිමහල් සහෝදරයා වූ ටිරෝන්ට ඇමතුමක් ගෙන කීවේය.



    ඒ ඇමතුම ලැබෙන විට දූනගහ ප්‍රදේශයේ සිටි ටිරෝන් පණිවුඩය ලද වහාම එහි ආවේය."අනේ අපේ තාත්තට මේ මොකද දෙයියනේ සිද්ධ වුණේ?" ගිහාන් හඬා වැටෙන්නට වූයේ පියාගේ හදිසි මරණයෙන් කම්පාවට පත්වය. අවසන් මොහොතේ පියාට වතුර උගුරක් වත් දීගත නොහැකි වීම ගැන ඔහු එහි දී වඩාත් කම්පාවට පත් වූයේ ය.

    මීගමුව ‍පොලීසියේ නිලධාරීන් මළ සිරුර මීගමුව රෝහලට ගෙන යන්නට කටයුතු කරන්නේ මූලික විමර්ශන කටයුතුවලින් පසුවය. ඒ එම මරණය බිම වැටීමකින් සිදුවී ඇති බව සිතාය. නවරත්නගේ වයස ද ඊට බලපෑවේ ය. සිරුරේ තැනින් තැන වූ සීරිම් තුවාලද බිම වැටීමකින් සිදු වූවක් බවට සිතන්නට සාක්ෂි සැපයුවේ ය.

    එය එසේ වුවත් නවරත්නගේ මරණය ස්වාභාවික හෝ හදිසි අනතුරකින් වූ මරණයක් නොව මිනීමැරුමක් බව තහවුරු වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ය. මීගමුව රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ "ඒ. දයාපාල" මහතාට අනුව නවරත්නගේ මරණය සිදුකොට තිබුණේ හුස්ම හිරකරය. සිරුරේ තැලීම් සලකුණු සහ ඉල ඇට කැඩීම් මෙන්ම උගුරු දණ්ඩ කැඩීමක්ද අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට හසුවී තිබිණි.

    ඒ නවරත්න මරා දැමීමට පෙර දරුණු පහරදීම් සිදුවී ඇති බව සනාථ කරමිනි. ඒත් සමගම මීගමුව කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ මහතා ක්‍රියාත්මක විය. තමාගේ සෘජු අධීක්ෂණයේ පවතින කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සුසන්ත ප්‍රියදර්ශන කැඳවා නවරත්නගේ ඝාතනය ගැන පුළුල් විමර්ශනයක් පැවැත්වීමේ වගකීම  ඔහුට පවරනු ලැබිය. ඔහු ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් සකස් කළේය. ඒ එක් කණ්ඩායමක ප්‍රධානියා වූයේ සැරයන් සුදත් ගුණවර්ධනය. ඔහුගේ සහයකයා වූයේ  සැරයන් විජේසේකරය.

    අවසන් කාලයේ නවරත්න ඒ වන විට ඉතිරිව ඇති ගෝල්ඩන් හෙවන් වත්තේ ඉඩකඩම් විකුණා දමා, අනුරාධපුරය පැත්තෙන් ඉඩමක් ගෙන වැඩිහිටි නිවසක් තනා ජීවත් වීමට තීරණය කරගෙන සිටි බවටත්, ඒ ගැන දරුවන් සහ ඔහු අතර ආරවුලක් පැවැති බවටත් තොරතුරු පරීක්ෂණ කණ්ඩායමට ලැබෙන්නට වූයේ ඒත් සමගිනි.

    ඒ වන විටත් මුළු ඉඩමම රුපියල් කෝටි 18 කට මිලදී  ගැනීමට ගැණුම්කරුවෙකු පවා නවරත්නට සිටියේය. ඊට වඩා  වැඩි වටිනාකමක් එම ඉඩමට තිබුණත් ඒ ගාණට  ඉඩම විකුණා දමන්නට ඔහු සිතාගෙන සිටියේ දරුවන් දෙදෙනාගේ නාස්තිකාර විය හියදම් නිසා ටිකෙන් ටික ගෝල්ඩන් හෙවන් වත්ත විනාශ වී යනු දැකීමට නොහැකිවය.


    එදා මේ වත්ත හිමිව සිටි සුදු ජාතිකයා නවරත්නට හමු වන විට පැදවූ වාහනය පවා ඒ වන විටත් කෞතුක වස්තුවක් ලෙස වලව්වේ තිබුණේ ය. ඔහු ඉඩම විකුණන්නට සූදානම් වූයේ අද වන විට මිල කළ නොහැකි පෞරාණික වටිනාකමක් ඇති එම වාහනයද සමගිනි.

    ඉඩකඩම් විකිණීමේ සිය පියාගේ තීරණයට ඒවන විටත් දරුවන් දෙදෙනා යුද ප්‍රකාශ කර තිබුණි. ඒ ඔවුන් දෙදෙනාට දේ‍පොළ වලින් හෝ ඉඩම විකුණන මුදලින් හෝ කිසිවක් නොලැබෙන බව දැන සිටි බැවිනි. නවරත්න අබිරහස් ලෙස ඝාතනයට ලක්වන්නේ ඒ සම්බන්ධයෙන් දරුවන් දෙදෙනා ඔහු සමග අඬ දබර වල නිරතව සිටින අතරතුරදී ය.

    මෙම කරුණු එකිනෙක සොයාගත් ‍පොලිස් කණ්ඩායම නවරත්නගේ මළ ගෙදරද වෙස් වලාගෙන කාලය ගත කළේ තවදුරටත් තොරතුරු රැස්කර ගන්නටය. ඒ අයියා මලෝ දෙදෙනා එක්ව පහර දී පියාව මරා දමන්නට ඇති බවට වූ සැකයක්ද සමගිනි.

    නවරත්නගේ අවසන් කටයුතු සිදු කිරීමට පෙර ආගමික වතාවත් සිදුකරමින් භික්ෂූන් වහන්සේ පාංශුකූලය දෙන අතරතුර ගිහාන් වස පානය කර සිය දිවි හානිකර  ගන්නට උත්සාහ දරන්නේ ඒ සැකය ඔහු වෙත යොමු කරවමිනි. වස පානය කළත් ඔහුගේ දිවි ගැලවෙන්නේ කඩිනමින් රෝහල්ගත කිරීම නිසාය.

    එතැන් සිට ‍පොලිස් කණ්ඩායම පන්නන්නට ගන්නේ ගිහාන් පසුපස ය. රුපියල් කෝටියක කොන්ත්‍රාත්තුවක් මිතුරෙකුට ලබා දී  ඔහු සිය පියාව මරා දැමූ බව හෙළිවන්නේ එවිට ය. පියාව මරා දැමීමේ කෝටියේ කොන්ත්‍රාත්තුව ඔහු ලබා දී ඇතැයි පැවසෙන්නේ "ගොටු අනුරට"ය.

    මීගමුවේ සිටි නම් දැරූ පාතාල අපරාධකරුවන් සමග ඇසුරු කර ඇති "ගොටු අනුර" එම කොන්ත්‍රාත්තුව භාර ගන්නේ රුපියල් විසි පන් දහසක අත්තිකාරමක් ද ලබාගෙන ය. නවරත්නව මරා දමන්නට ඔහු එදා "ගෝල්ඩන් හෙවන්" වත්තට රිංගා ගන්නේ තනිවම නොව තවත්  අයෙකුද සමගිනි.

    එදින  සවස නවරත්න පමණක් වත්තේ තනිවන බව ගිහාන්ගෙන් දැනගත් ගොටු අනුර සිය ගෝලයා සමග සවස 6.30 ට පමණ එහි ගොස් නවරත්නව මරා දමන්නේ පහර දී  ගෙල මිරිකාය. සිය පියාගේ  මරණය ගැන කම්පාවට පත්ව ගිහාන්  එදා හඬා වැටෙන්නේ ද ඔහු කෙරෙහි කිසිවකුගේත් සැකයක් ඇති නොවන්නට ය.

    නවරත්නගේ අබිරහස් ඝාතනය මේ ආකාරයට කඩිනමින් විසඳීමට ‍පොලිස් කණ්ඩායමට රුකුලක් ලැබෙන්නේ ගිහාන් වස පානය කිරීම නිසා ය. ඔහු වස පානය කර ඇත්තේ ගොටු අනුර මළ ගෙදරට විත් කෝටියේ කොන්ත්‍රාත්තුවේ ඉතිරි මුදල ඉල්ලා කරදර කරන්නට වූ නිසා ය.