sha fm

    Tuesday 15 October 2013

    "මේ පාරනම් බෑ කියන්න එපා දුවේ.. ඊළඟ කෝච්චියට නම් අපි පනිමු"

    ‘දැන්නම් පුතේ බැහැ කියන්න එපා මේ කෝච්චියටනම් පනින්නම ඕනේ. දැන් කෝච්චිය තුනකටම පැන්නේ  නැහැනේ මගේ පුතේ කියමින් අම්මා මගේ අතින් ඇදගෙන රේල්පාර මැදටම ගියා යැයි ‘රන්පටි දේවගේ චාරුණ්‍යා සඳමිණී ජයශාන්ත (09) දියණිය විසින් බෙම්මුල්ල කොට්ඨාස භාර හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චන්ද්‍රසිරි මාරසිංහ මහතා ඉදිරියේ සාක්කි දෙමින් පැවැසීය. ඇය මේ බව පැවැසුවේ පෙරේදා (13) කීනවල දුම්රිය ස්ථානය අසලදී දුම්රියේ ගැටී මියගිය පී.ජී. මංජුලා එරන්දී ප්‍රියශාන්ත (32) හා චාරුණී (1 1/2) නමැති අයගේ මව හා සොයුරියගේ මරණය සම්බන්ධයෙන් සාක්කි දෙමින් පැවැසීය. මෙම මරණ පරීක්ෂණ වලපිටිවල මූලික රෝහ‍ලේදී පැවැත්විනි. වේයන්ගොඩ ‍පොලීසියේ නිලධාරීන් සාක්කි මෙහෙයවීය. තවදුරටත්  සාක්කි දුන් චාරුණ්‍යා පද්මිණී දියණිය කියා සිටියේ ‘අම්මා මාවයි නංගිවත් එක්ක බයිසිකලයෙන් බෝවත්ත හන්දියට ඇවිත් කඩයක බයිසිකලය දාලා බස් එකෙන් ගිරිඋල්ලට ආවා. ඇවිත් තවත් බස් එකකට නැගලා. අපි මීරිගමට ආවා. ඇවිත් අම්මා අපිට එයා ළඟ තිබුණු රුපියල් 2000 කොළය කඩයට දීලා ටිපිටිප් පැකට් 5කුත් කිරි පැකට් 3කුත් තවත් ටොෆි චොක්ලට් වගයකුත් අරන් දීලා කිව්වා මේ අපි කන අවසන් දවසයි දුවේ කියලා. ඊට පස්සේ අම්මා ගම්පහට කෝච්චි ටිකට් එක්ක ගත්තා. අරගෙන අපි කෝච්චියකින් ආවා. එනකොට අම්මා කිව්වා මේ ස්ටේෂන්  එකෙන් බහිමු මේ හරියේ වැඩිය සෙනඟ නෑ කියා. අපි කීනවලින් බැස්සා. ඊට පස්සේ මම අම්මට කිව්වා මට ටොයිලට් එකට යන්න ඕනෑ කියලා. අම්මා මාව ඒ ළඟ තිබුණු ගෙදරකට එක්ක ගිහින් ටොයිලට් එකකට ගියා. පස්සේ අපි දුම්රිය ස්ථානයේ සිට ටිකක් ඈතට ගියා. ගිහින්  අම්මා කෝච්චි තුනකටම පනින්න හැදුවා මම අම්මව බදාගන ඇඬුවා. ඊට පස්සේ ඒ තුනටම පනින්නේ නැතුව අයිනට වෙලා ඉඳලා තමයි අම්මා මාවත් ඇදගෙන නංගිවත් අතේ අරන් රේල්පාර මැදට ගියා. මම අම්මගේ අත ගසා දාලා දුවන්න හදද්දී අම්මා මගේ සායෙන් ඇද්දා ඒත් මම අත ගලවාගෙන දිව්වා යැයි කීය.
    රන්පටි දේවගේ ඉන්දික නීල් නැමැත්තා සාක්කි දෙමින් ‘මිය ගිය අය මගේ බිරිඳයි දියණියයි. අපේ ගෙදර නිතරම අඬදබර ඇති වුණා. ඔය සිදුවීම වුණ දවසට කලින් දවසේ ඒ කියන්නේ සෙනසුරාදා මම රැකියාවට ගොසින් ගෙට ආවා. ප.ව. 6.30 විතර ඇවිත් මම කඩවල් පැත්තට ගිහින් රාත්‍රී 8ට  විතර දරුවන්ගේ පාසල් උපකරණ ටිකකුත් අරන් ඇවිත් ඒවාත් බිරිඳට දීලා ගියා. අපේ නිවස අසල ඇති අපේ මහගෙදරට එනකොට මගේ බිරිඳ එහෙට ඇවිත් අපේ අම්මයි තාත්තයි එක්ක රණ්ඩුවක් ඇති කරගත්තා. තාත්තා එයාගේ අතේ තිබුණු විදුලි පන්දමෙන් බිරිඳගේ හිසට ගැහුවා. මම ඊට පස්සේ බිරිඳවත් අරගෙන අපේ ගෙදරට ආවා. ඇවිත් මම නිදා ගත්තා රාත්‍රී 12ට විතර. ඒත් බිරිඳ නිදාගත්තේ නැහැ. මම උදේ නිදන් ඉන්නකොට බිරිඳ කොහොද යන්න දරුවනුත් එක්ක ලෑස්ති වෙමින් හිටියා. මම ඇහුවා කොහේද යන්නේ කියලා. ඒත් එයා කිව්වා මහ ගෙදරට යනවා කියලා. ඊට පස්සේ එයා ගියා. මමත් වැඩට ගියා.  පස්සේ උදේ 8.30ට විතර මට එයා කෝල් එක්ක දුන්නා. එයා කිව්වා මම කුරුණෑගල යාලුවෙකුගේ ගෙදර යනවා කියලා. දැන් ඉන්නේ කුරුණෑගල කියලත් කිව්වා. ඊට පස්සේ මම උදේ 10.00 විතර ආයෙත් කෝල් එකක් දුන්නා. එතකොට එයා කිව්වා මාව හොයන්න එන්න එපා. මම ගම්පහ යනව කියලා. ඒත් මම මීරිගමට ආවා එයාලව මගදි බස්ස ගන්නම් කියලා හිතලා. ඒත් මගේ දුරකථනයේ බැටරි බැහැල. ඒකත් ඕෆ් වුණා. පස්සෙ ඒක ආයෙත් ඔෆ් කර එයාට කෝල් කරන්න හදනකොට මට කෝල් එකක් ආවා බිරිඳයි දරුවයි දුම්රියේ ගැටිලා කියලා. එය දැනුම් දුන්නේ ඒ දුම්රිය ස්ථානයේ නිලධාරීන් බවත් පැවැසුවා’ යැයිද කීය. මරණය සම්බන්ධයෙන් සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.පී.ජී. ගුණවර්ධන මහතා තීරණය කර තිබුණේ මවගේ ශරීරයේ සියලුම ඉන්ද්‍රියන්ට සිදු වු හානි නිසාත් දරුවාගේ හිසට සිදුව ඇති හානි නිසාත් මෙම මරණය සිදුව ඇති බවයි.

    No comments:

    Post a Comment