පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කරන ලද ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ කැසිනෝ සහිත හෝටල් ඉදිකිරීමේ ගැසට් නිවේදනය නව සංශෝධන ඇතුළත් කොට නැවත මුද්‍රණය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.
නව පනත අනුව යටතේ හෝටල් ව්‍යාපෘති ඉදි කිරීමේදී කැසිනෝ බලපත්‍ර නිකුත් කිරීමට රුපියල් මිලියන සියයක් සහ මුළු ආදායමෙන් සියයට 5ක් බදු ලෙස අය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
අරලියගහ මන්දිරයේදී ඊයේ (24) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලයට මෙම ගැසට් නිවේදනය ඉදිරිපත් කර ඇති අතර සංශෝධන ඇතුළත් කර නැවත ගැසට් නිවේදනය මුද්‍රණය කර ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි එහිදී උපදෙස් දී තිබේ.
මෙම ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අමාත්‍යවරු විවිධ අදහස් පළ කර ඇති අතර ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ජාතික හෙළ උරුමයේ ලේකම් ඇමති පාඨලී චම්පික රණවක යන මහත්වරුන් මෙයට විරෝධය පළ කර ඇත.
කෙසේ වෙතත් එහිදී ඉදිරිපත් වූ අදහස් සැලකිල්ලට ගනිමින් මෙම හෝටල් වලට කැසිනෝ බලපත්‍ර ලබා දීමේදී මිලියන 100ක් අය කිරීමටත් ලබන මුළු ආදායමෙන් සියයට 5ක් බදු වශයෙන් අය කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මෙම හෝටල් ඉදි කිරීමේදී බදු වලින් නිදහස් කිරීමටද කැබිනට් මණ්ඩලය එකග
No comments:
Post a Comment