sha fm

    Wednesday 23 October 2013

    පැරිස් ජේතවන විහාරයේ කඨින පිංකම........!!!!



    පැරිස් නුවර ජේතවන විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුන්ගස්යයේ ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.

    මෙම පිංකම සඳහා ප්‍රංශයේ පදිංචි ශ්‍රී ලාංකික මෙන්ම වියට්නාම, කාම්බෝජ, ලාඕස්, නෙදර්ලන්ත, බුරුම, බෙල්ජියම් සහ ප්‍රංස ජාතික බෞද්ධයෝ බොහෝදෙනෙක් සහභාගී වුහ. 

    විද්‍යෝදය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත බලන්ගොඩ සෝභිත නාහිමි, බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නාහිමි, බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාල හිටපු කථිකාචාර්ය පුවක්ගහහේනේ වජිරඥාන හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමි, විච්ත්‍ර භාණක මාපලගම බුද්ධසිරි නාහිමි ප්‍රමුඛ කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර පිරිවෙන් අධ්‍යක්ෂක විතාරන්දෙණියේ මේධානන්ද හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසි මාපලගම ජිනානන්ද හිමි, මනම්පිට අමිත හිමි සමඟ වියට්නාම, බුරුම සහ කාම්බෝජ ජාතික ස්වාමින්වහන්සේලාද සහභාගිවුහ.

    කඨින චිවරය සඟසතුකොට පුජාකිරිමේදී වියට්නාම, කාම්බෝජ, සිංහල සහ ප්‍රංශ භාෂාවන්ගෙන් අනිශාසනා පැවැත්වීම එදින දක්නට ලැබුන විශේෂ ලක්ෂණයක් බව විහාරාධිපති ඥානිස්සර නාහිමි පැවසිය.

    බලන්ගොඩ සෝභිත හිමි සහ මුරුංගස්යයේ ඥානිස්සර නාහිමියන් කඨිනානිශංස දේශනා 
    පැවැත්වූහ.

    No comments:

    Post a Comment