sha fm

    Thursday 24 October 2013

    පැරිස් පන්සලෙන් දිරි දරු අරමුදල.....!!!

    http://ratagiyaattho.blogspot.kr/

    ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අධීක්ෂණය යටතේ 2013 වසරේ පස්වන දරුවා බිහිකළ පින්වත් මව්පියන් ධෛර්යමත් කිරීම වෙනුවෙන් වසර 17 ක් පුරාවට නොකඩවා මාසිකව රුපියල් 5000 බැගින් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙයි. 

    එම අරමුදලේ ප‍්‍රථම ආධාර ලබා දීම පසුගිය දා ගල්කිස්සේ වටරපප්පල පාරේ බෞද්ධ ආයතනයේ දී කොලඹ නව කෝරළයේ ප‍්‍රධාන සංඝනායක ගල්කිස්ස බෞද්ධ ආයතනාධිපති දිවියාගහ යසස්සී නායක මාහිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණී.

    මෙම උත්සවයේ දී ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ ලේකම් පරවාහැර චන්දරතන පුණ්‍යභාරයේ ලේඛකාධිකාරී මහින්ද මඩිහේහේවා මහතා විසින් මෙම පසවි දරු දිරි අරමුදල පිළිබඳවත් එම අරමුදල පිහිටුවීමේ අරමුණ පිළිබඳවත් කරුණු පැහැදිලි කළේය.

    හෝකන්දර විජයානන්ද ධර්මායතනාධිපති හබරකඩ ඉන්දරතන නාහිමි පරවාහැර චන්දරතන නාහිමියන්ගේ විශේෂ ප‍්‍රකාශය කියවන ලද අතර අතර කොලඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා දේශනයක් ද පැවැත්වීය.

    2013 වසරේ පස්වන දරුවා බිහිකළ පවුල් හතකට කට මෙදින මාසික ආධාර ලබා දුන් අතර මහනුවර වජිරාරාම විහාරස්ථානයේ භික්ෂුන්ට ලැබෙන පිරිකර එම උත්සවයට සහභාගිවූ සෑම පවුලකටම පරිත්‍යාග කිරීම ද මෙදින විශේෂ සිදුවීමක් විය.

    උත්සව සභාවට එදින සහභාගිවූ භික්ෂුන් වහන්සේ සහ පින්වතුන් පසවීඅරමුදල මඟින් සම්පත් බැංකුවේ ආරම්භ කර ඇති 0070 6000 0144 යන විශේෂ ගිණුමට මාසිකව මුදල් බර කිරීමට කැමැත්ත පලකළ අතර බොහෝදෙනා එදිනම ආධාර මුදල් විශාල ප්‍රමාණයක්ද පරිත්‍යාග කළහ. පුජ්‍ය පරපේ හිමියන් විසින් එම අවස්ථාවේ රුපියල් 5000ක මුදලක් අරමුදල වෙත පරිත්‍යාග කිරීමද එදින සිදුවිය.

    No comments:

    Post a Comment