sha fm

    Thursday 17 October 2013

    විද්‍යා පීඨයේදී අතුරුදහන් වූ මයෝමිගේ අම්මා සහ "බෝයිෆ්‍රෙන්ඩ්" අත්අඩංගුවට

    අකුරැස්‌ස විල්පිට නිල්වලා ගුරු අභ්‍යාස විද්‍යා පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියදී අතුරුදන් වූ හක්‌මන දෙනගම පදිංචි හේවාමුලිගේ මයෝමි සංජීවනී තරුණිය සම්බන්ධයෙන් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ මත මාතර ළමා හා කාන්තා කාර්යාංශය මගින් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
    අකුරැස්‌ස විල්පිට නිල්වලා විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ මේ තරුණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට ගාල්ල ලබුදූව ඉංජිනේරු පීඨයේ තරුණයකු මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මාතර පොලිසියේ සිරමැදිරියේ රඳවා සිටියදී වැසිකිළි යැමට අවශ්‍ය බව පවසා එහි ගොස්‌ හැඳ සිටි කමිසය ගලවා එය ආධාරයෙන් ගෙල වැලලා ගැනීමට තැත් කර ඇත. සිද්ධිය දුටු පොලිස්‌ නිලධාරීන් වහා ඔහු එයින් මුදවාගෙන ප්‍රතිකාර සඳහා මාතර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
    මෙම තරුණිය නිල්වලා විද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් සිටියදී කිරින්ද ප්‍රදේශයේ තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර එයට තරුණියගේ පාර්ශ්වයෙන් විරෝධය පළ වී ඇත.
    ඒ අතර තවත් තරුණයකුගෙන් ඇයට මංගල යෝජනාවක්‌ ද ඉදිරිපත් වී තිබේ. 
    සැකපිට අත්අඩංගුවට ගත් එක්‌ තරුණයකුගෙන් ප්‍රශ්න කිරීමේදී තරුණිය ගැන තොරතුරු තරුණියගේ මව හොඳින්ම දන්නා බව ප්‍රකාශ කිරීම නිසා තරුණියගේ මව ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරේ.
    අතුරුදන් වී ඇති හක්‌මන ප්‍රදේශයේ තරුණියගේ මව විසින් තරුණියගේ මළසිරුර කුඹල්ගම ප්‍රදේශයේ පිහිටි පාළු ළිඳක දමා ඇති බවට කළ ප්‍රකාශයක්‌ අනුව මාතර පොලිසිය විසින් පෙරේදා (16 දා) කුඹල්ගම ප්‍රදේශයේ පාළු ළිඳක්‌ ආශ්‍රිතව සොයා බැලීම් කරන ලදී. එහෙත් ඊයේ හවස්‌ වන විටත් කිසිදු හෝඩුවාවක්‌ නොලැබුණු බව පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.
    මෙම තරුණිය කිසියම් ස්‌ථානයක රඳවා තබාගෙන සිටීද නැතිනම් ඝාතනය කර සිරුරු කොටස්‌ සඟවා ඇත්ද යන්න පිළිබඳව මාතර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
    ඉකුත් සැප්තැම්බර් 20 වැනිදා සිට මේ වන තෙක්‌ තරුණිය සම්බන්ධව කිසිම තොරතුරක්‌ ලැබී නැත. තරුණියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකපිට පොලිස්‌ අත්අඩංගුවට පත් තරුණයා සහ ඇයගේ මව මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුවන් සිsසිර කුමාර මහතා නියෝග කොට ඇත.
    මෙසේ රිමාන්ඩ් භාරයට පත් වූයේ ඩබ්ලිව්. පී. ඉන්ද්‍රdනි (46) සහ ඒ. පී. කුලතුංග (25) නමැති දෙදෙනායි.
    මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ පරිදි මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනිය ඇතුළු කණ්‌ඩායම වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
    අතුරුදන් වී ඇති බවට සැකකරන අකුරැස්‌ස විල්පිට නිල්වලා විද්‍යා පීඨයේ මයෝමි රණසිංහ මෙනෙවිය පිළිබඳ තොරතුරක්‌ දන්නා කිසිවකු වේ නම් මාතර පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කෙරේ.

    No comments:

    Post a Comment