sha fm

    Saturday 21 December 2013

    ඒඩ්ස් රෝගයට ප්‍රතිකාරයක් සොයා ගනියි

    රෝගියෙකුගේ සෛලවලජාන  නැවතසකස් කර ශරීරයට ඇතුළු කිරීම
    ලෝකම බීතියට පත් කළ ඒඩ්ස් වෛරසය ලිංගික සබදතා පවත්වන්නා වූ සියලු දෙනාටම මානසික වදයකි. ජිවිතයේ කෙටි කාලයක් තුළ දි ලබන කායික සුවය තුළින් ඇතැමුන්ට වැළදෙන ඒඩ්ස් වෛරසය ඔවුන්ගේ ජිවිතය ගිල දමයි.
    වෛරසය ශරීරගත වූ පසු වේදනාකාරී ලෙස ජීවිතය විදවා අවසානයේ ඔවුනට දිවියෙන් සමු ගැනීමට සිදුවනු නොවනුමාණ ය. 'ජර්මනියේ ඩෙ‍්‍රස්ඩන්' තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ජෛව වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් ඒඞ්ස් වෛරසය ආසාදිත සෛලවලින් ඉවත් කළ හැකි ක‍්‍රමයක් සාර්ථකව අත්හදා බලා ඇත. අණුක කතුරක් ලෙස හැඳින්වෙන මෙම ක‍්‍රමයේ දී ආසාදිත සෛලයේ 'ඞී.එන්.ඒ' වලින් වෛරසය ඉවත් කිරීම සිදු කරනු ලබයි.

    එන්සයිමය හැසිරවීමේ හැකියාව අත්පත් කරගැනීම මගින් මෙලෙස වර්ණදේහයේ කොටසක් හඳුනාගෙන එය ඉවත් කිරීමට හැකි වී ඇති අතර මෙම ක‍්‍රමයෙන් මානව ප‍්‍රතිශක්ති ඌණතා වෛරසය හෙවත් ඒඞ්ස් හඳුනාගැනීම සඳහා 90%ක පමණ කාර්යක්ෂමතාවයක් පවතින බව පැවසේ. ඩෙ‍්‍රස්ඩන් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිවෛරස උපක‍්‍රම අංශයේ ප‍්‍රධානි 'ජෝකිම් හවුබර්' පවසන්නේ වෛරස ඉවත් කිරීමේ විවිධ ක‍්‍රම සහ සමාන ප‍්‍රවේශයන් පැවතිය ද ආසාදිත සෛලයකින් වෛරසය ඉවත් කිරීමේ උපක‍්‍රමය සුවිශේෂී වන බවයි.රෝගියකුගේ සෛලවල ජාන නැවත සකස් කර ශරීරයට ඇතුළු කිරීමේ සැත්කමක් ලෙස අණුක කතුරු උපක‍්‍රමය තවත් වසර 10ක් ගතවන විට සිදුකළ හැකි වනු ඇතැයි පැවසේ. ජාන සකසන ලද නිරෝගී සෛල ව්‍යාප්ත වෙමින් ආසාදිත සෛලයන්ගේ රෛසය කපා ඉවත් කරමින් ඒවා නිරෝගී තත්වයට පත්කරනු ඇතැයි විද්‍යාඥයන් බලාපොරොත්තු වේ.මීයන් සඳහා මෙම අත්හදාබැලීම සාර්ථක වී ඇති අතර 'හවුබර්' පවසන්නේ රුධිරයේ හඳුනාගත නොහැකි මට්ටමටම වෛරසය පාලනය වූ බවයි. මෙම ප‍්‍රතිකාරය මිනිසුන් සඳහා සාර්ථක වේදැයි පරීක්ෂා කර බැලිය යුතු වන අතර ඒ සඳහා ඉදිරිපත්වන සායනික රෝගීන් සමග එය සිදුකළ හැකි බව ඔහුගේ අදහසයි.ඒඞ්ස් ප‍්‍රතිකාරයක් සඳහා ඖෂධ නිෂ්පාදන සමාගම්වල උනන්දුව අඩු වීම ද මෙවැනි පර්යේෂණ සඳහා බලපා ඇති ගැටළුවක් බව පැවසේ. 

    Friday 13 December 2013

    අනේ සුගත් ඔයා මොනවද ඔය කරන්නේ මට ලැඡ්ජයි

    http://ratagiyaattho.blogspot.kr/

    රංජිත් ඔයාට කැමතියිලු. එයත් කැමැත්තෙන් ඉන්නේ ඔයා එක්‌ක එකට ඉන්න - ස්කයිප් පෙම්වතා




    කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි එක්‌තරා තරුපහේ හෝටලයක ආලින්දයේ ඔබමොබ සක්‌මන් කරන කඩවසම් තරුණයෙකි. 

    යුරෝපීය ඇඳුමින් සැරසී සිටින මේ තරුණයා කිසිවකු ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බවක්‌ පෙනෙන්නට තිබිණි. තරුණයා සිටියේ තරමක කලබලකාරී බවකින්ය.

    ඔහු විටින් විට සිය වම් අතේ වූ රොලැක්‌ස්‌ වර්ගයේ ඉස්‌තරම්ම අත් ඔරලෝසුව දෙස බලන්නට වූයේ තමන් බලාපොරොත්තුව සිටින පුද්ගලයාගේ ප්‍රමාද බව හඟවමින්ය.

    ගතවූයේ සුළු මොහොතකි. හෝටලයේ ප්‍රධාන දොරටුව විවෘත කරගෙන සුකුමාල තරුණියක ආලින්දයට ඇතුළු වූවාය. තරුණිය දුටු වනම කඩවසම් තරුණයාගේ මුහුණ ප්‍රේමනීය හැඟීම්වලින් පිරී ගියේය

    සොරි..මම ටිකක්‌ ලේට්‌ වුණා.." රූමතිය කඩසම් තරුණයා අසලට ගියේ කාලයක සිට ඇසුරු කරන බව හඟවමින්ය. ඔයා අද හරිම ලස්‌සනයි. ස්‌කයිප් එකෙන් කථා කළාට ඔයාගෙ ලස්‌සන හරියටම දැක්‌කේ අදනෙ.."

    කඩවසම් තරුණයා තරුණිය දෙස ගිජු බැල්මක්‌ හෙළමින් කීවාය. මගේ ජීවිතේ සම්පූර්ණ වෙන්න ඔයා හම්බවුණාට පස්‌සේ. ඇත්තටම මම හරිම

    වාසනාවන්තයි. තරුණයා රූමතියගේ දකුණු අත තරයේ අල්ලාගෙන කීවේය.

    අපේ කසාදෙ ලස්‌සනට කෙරෙන්න ඕනේ. ඔයාව මැරි කරලා අපි දෙන්නම ස්‌විඩන් යනවා. තරුණයා කීවේ ස්‌ථිර හැඟීමෙන්ය. මේ කඩවසම් තරුණයා සුගත්ය. ස්‌වීඩනයේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය වරයකු වූ සුගත් වසර ගණනක සිට විදේශගතව සිටියේය.


    සුකුමාල සුන්දර තරුණියකවූ මේනකා මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක වූවාය. පෙරපාසල් ගුරුවරියක වූ ඇය සුගත් දැන හඳුනාගත්තේ ස්‌කයිප් සමාජ ජාල වෙබ් අඩවිය හරහාය. ඒ 2010 වර්ෂයේ දීය.

    ඒ වන විට මේනකා සිටියේ ඔස්‌ට්‍රේලියාවේය. එහි විශ්වවිද්‍යාලයක උපාධියක්‌ ලබා ගැනීමට පැමිණ සිටිය දී ස්‌කයිප් තාක්‍ෂණය ඔස්‌සේ දැන හඳුනා ගත් සුගත් ඉතාම හොඳ තරුණයකු බව ඇය සිතුවාය.

    සුගත් මේනකා ප්‍රේම වෘතාන්තය ගලා ගියේ ස්‌කයිප් තාක්‍ෂණය ඔස්‌සේය. ඔවුන් අදහස්‌ හුවමාරු කර ගත්තේද, පෙම්බස්‌ දෙඩෙව්වේද ස්‌කයිප් තාක්‍ෂණය හරහාය.

    දිනක්‌ සුගත් නොමනා යෝජනාවක්‌ ගෙන ආ නිසා මේනකාගේ සිත බිඳී ගියාය. ඔයා මහ වල් මිනිහෙක්‌. මගෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ ආදරයක්‌ කරුණාවක්‌ නොවෙයි ඒ නිසා අපි මේ සම්බන්ධය නතර කරලා දාමු.

    දැඩි සිත් වේදනාවට පත්ව සිටි මේනකා සුගත් සමග තිබූ ස්‌කයිප් ප්‍රේමය නතර කර දැමුවාය. මේනකා සිය ස්‌කයිප් ගිණුමෙන්ද ඔහු ඉවත් කර දැමුවේ යළි කිසිදිනක සම්බන්ධතාවක්‌ ඇතිකර නොගන්නා ස්‌ථීර අරමුණෙන්ය.

    එහෙත් සුගත්ගෙන් ඇයට ගැලවීමක්‌ ලැබුණේ නැත. තමන් ගෙන ආ අයුතු යෝජනාව වෙනුවෙන් සමාව අයෑද සිටි සුගත් කෙසේ හෝ නැවත මේනකාගේ සම්බන්ධතාව අලුත් කර ගැනීමට උත්සාහ කළේය.

    අවසානයේ දී සුගත්ගේ අරමුණ සාර්ථක විය. මේනකා සමඟ සම්බන්ධය අලුත් කර ගත් සුගත් ඇය බැලීමට ශ්‍රී ලංකාවට පැමිණීමට ද පොරොන්දු වූවේය.

    ඉකුත් 2010 වර්ෂයේ මැද භාගයේදී සුගත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ තම ස්‌කයිප් පෙම්වතිය මුණ ගැසීමේ බලාපොරොත්තු ඇතිවය. ඔවුන්ගේ මුල්ම හමුවීම කොල්ලුපිටිය සුපිරි හෝටලයක ආලින්දයේදී සිදුවන්නේ ඒ ආකාරයටය.

    මම ආසයි ටිකක්‌ විවේකීව ඔයා එක්‌ක කථා කරන්න. අපේ වෙඩින් එකත් ළඟදි කෙරෙන නිසා අපිට කථා කරන්න කොච්චර දේවල් තියනවාද? සුගත් කීවේය. ඔහු සුපිරි හෝටලයේ පස්‌වැනි මහලේ මුහුද පැත්තට වෙන්නට තිබූ සුඛෝපභෝගී කාමරයක්‌ වෙන්කර ගත්තේය.

    විවාහ පොරොන්දුවක්‌ දී තිබූ නිසා මේනකාද ඒ යෝජනාවට එකඟ වූවාය. සුඛෝපභෝගී හෝටල් කාමරයේ සුවපහසු යහනක වැතිරී පෙම්බස්‌ දොඩවමින් සිටි මේනකා මොහොතකට සියලු දේ අමතක කළාය.

    සුගත්ගෙන් වහනය වූ විලවුන් සුවඳ මේනකාගේ සිත තව තවත් වශී විය. ආදරය දොරේ ගලා යන්නට වැඩි වේලාවක්‌ ගත වුණේ නැත. අනේ සුගත් ඔයා මොනවද ඔය කරන්නේ මට ලැඡ්ජයි. ඇයි ඔයා ඔය විදිහට මේ හැම දෙයක්‌ම වීඩියෝ කරන්නේ. මේනකා සිය නග්න සිරුර ඇඳ ඇතිරිල්ලෙන් වසා ගන්නා ගමන් කීවාය.

    ඔයා නැති වෙලාවට මට මේවා බලලා සතුටු වෙන්න පුළුවන්. මම ඇත්තටම ඔයාට ආදරෙයි කොටින්ම මට ඔයා ගැන පිස්‌සු වැටිලා ඉන්නේ. සුගත් මේනකාගේ සුන්දර සිරුර තව තවත් වීඩියෝ ගත කරමින් කීවේය. තම අනාගත සැමියාගේ ආසාවන්ට ඉඩදුන් මේනකා නිසොල්මන් වූවාය.

    මේනකා සුගත් මුල්ම හමුවීම ගෙවී ගියේ ඒ ආකාරයටය. මම තව මාසයක්‌ විතර ලංකාවේ ඉන්නවා. හෙටත් අපි නොවරදාම හම්බ වෙමු. අපිට තව කතා කරන්න ගොඩක්‌ දේවල් තියෙනවානෙ.

    සුගත් මේනකාගෙන් සමුගත්තේ පසුදින නැවතත් හමුවෙන පොරොන්දුවෙන්ය. සුගත් අනේ අර ෆොටෝ වීඩියෝ ටික කාටවත් පෙන්වන්න එපා. ඔයාව මට විශ්වාසයි. මේනකා තම අනාගත සැමියා කෙරෙහි දැඩි විශ්වාසයෙන් කීවාය.

    කතිකා කරගත් පරිදි පසු දින ද සුගත් මේනකා හමුවීමට ආවේ කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි වෙනත් සුපිරි හෝටලයක්‌ වෙතය. එදින සුගත් ගෙන් දිස්‌වූයේ පෙරදින දුටු ප්‍රේමනීය හැඟීම් නොවන බව හඳුනාගන්නට මේනකාට එතරම් වේලාවක්‌ ගත වුණේ නැත.

    සුගත් ඇයි ඔයා අද වෙනස්‌ වෙලා ඔයාට මොකක්‌ හරි කරදරයක්‌ද නැත්නම් අසනීපයක්‌ද මේනකා විමසුවාය. මේනකා පොඩි ප්‍රශ්නයක්‌ තියෙනවා මේවා හංගන්න දේවල් නෙවෙයි. මගේ ඩ්‍රයිවර් රංජිත් හොඳ කොල්ලෙක්‌.

    සුගත් කීමට යන්නේ කුමක්‌දැයි සිතා ගැනීමට නොහැකිව මේනකා තුෂ්ණීම්භූතව සිටියාය. රංජිත් ඔයාට කැමතියිලු. එයත් කැමැත්තෙන් ඉන්නේ ඔයා එක්‌ක එකට ඉන්න. සුගත්ගේ මුවින් පිටවූ වදන් මේනකාගේ හිතේ දොන්කාර දෙන්නට විය. ඇගේ දෙකන් වලින් ගිනිපුළිගු පිටවෙන්නාක්‌ මෙන් දැනිණි.

    තමුසෙට පිස්‌සුද? එහෙමත් නැත්නම් මොළේ හොඳ නැද්ද. තමුසේ මහ වනචරයෙක්‌. මම ගණිකාවක්‌ කියලා හිතන්න එපා. තමුසෙ වැදගත් මිනිහෙක්‌ කියලා හිතලා මම ආශ්‍රය කළේ. මේනකා සුගත් දෙස බලමින් ඔහුට දෙස්‌දෙවොල් තියන්නට වූවාය.

    මේනකා නිකන් බොරුවට කෑගහන්න එපා. ඔයා මේ වැඩේට කැමැති වෙන්න ඕනෙ. අනික රංජිත් විතරක්‌ නොමෙයි මමත් ඔයා එක්‌ක ඉන්නවා. සුගත් කිසිදු බරපතළක්‌ නොමැතිව කීවේය. මේනකාගේ ගත වෙව්ලන්නට වූයේ කෝපය දරා ගැනීමට නොහැකිවූ නිසාය.

    මේනකා තමුසෙ වැඩිය දැඟලුවොත් මම තමුසෙගෙ ජීවිතේම විනාශ කරලා දානවා. පේනවා නේද මේ කැමරාවල තියෙන දේ. තමුසෙගෙ සෙක්‌ස්‌ පිංතූර වීඩියෝ ටික ඉන්ටර්නෙට්‌ එකට දාන්න වැඩිවේලාවක්‌ යන්නේ නැහැ.

    සුගත් කියූ දේවල් මේනකාට ඇසුනේ සිහිනයෙන් මෙන්ය. මුළු ලෝකයම තමා වටේ කැරකී විනාශවී යන බවක්‌ ඇයට දැනෙන්නට විය. ඒ වන විට ඇය පත්ව සිටියේ දැඩි ලෙස අසරණවූ තත්ත්වයකටය. 


    තමන් කරමුලින්ම සිරවී සිටින බව පමණක්‌ ඇය දැන සිටියාය. ගත වූයේ සුළු වේලාවකි. සුගත් ගේ රියෑදුරු රංජිත් හෝටලයේ කාමරය විවෘත කරගෙන එහි ඇතුළු වූවේය.

    ව්‍යාඝ්‍රයන් දෙදෙනකුට මැදිවූ මුවපොව්වෙකු මෙන් අසරණ වී සිටි මේනකා වැළපෙන්නට වූවාය. එහෙත් ඒ වනචර සල්ලාලයන් දෙදෙනාගෙන් ඇයට සහනයක්‌ ලැබුණේ නැත. ඔවුන් දෙදෙනා අතින්ම එකවර අතවරයට ලක්‌වූ මේනකා තව තවත් වැළපුනාය.

    ඒ සියලු දර්ශන සුගත්තේ වීඩියෝ කැමරාවේ සටහන් වුණේ මේනකාටද නොදැනෙන්නටය. මේ අශ්ලීල ක්‍රියාව දවසක්‌ දෙකක්‌ නොව දින ගණනාවක්‌ම මේ ආකාරයට සිදු විය. ඒවන විට මේනකා දැඩි ලෙස අසරණව සිටියාය.

    මම හෙට ආපසු ස්‌වීඩන් යනවා. මතක තියාගන්න ඔයාට බැහැ මාව අමතක කරන්න. එහෙම වුණොත් පහුවදාම ඔයාගෙ සුන්දරත්වය මුළු ලෝකෙම දකීවි. ඒ නිසා අපේ සම්බන්ධතාවට මොකුත් කරගන්න එපා.

    සුගත් මේනකාට කීවේ තර්ජනාත්මක ස්‌වරූපයෙන්ය. මේනකාගේ සුන්දර ජීවිතය අනාගතය මේ ආකාරයට විනාශ කර දැමූ ඒ මෘගයා කිසිවක්‌ නොවූ අයුරින් ස්‌වීඩනය බලා පිටත්ව ගියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පොරොන්දු ඇතිවය.

    තමන් පත්ව ඇති අසරණ තත්ත්වය මෙනෙහි කරමින් මේනකා මැරි මැරී උපදින්නට වූවාය. සුගත්ගේ නියෝගවලට කන්දෙනවා හැරෙන්නට වෙනත් කළයුතු යමක්‌ නොමැති බව ඇය සිතුවාය.

    කාලය කෙමින් ගෙවී ගියේය. මාස හත අටකට පසු සුගත් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ස්‌වීඩනයේ විශ්වවිද්‍යාලයෙන් මාසයක නිවාඩු ලබාගෙනය. ශ්‍රී ලංකාවට පැමිණි දිනට පසු දිනම සුගත් මේනකා හමුවීමට ගියේය. ඒ පාපතරයා දකින දකින වාරයක්‌ පාසා මේනකාගේ සිතේ ඇති වූයේ දරාගත නොහැකිවූ වෛරයකි.

    අපි හෙට පොඩි ට්‍රිප් එකක්‌ යමු. මං ආසයි මුහුදු වෙරළේ ලස්‌සන හෝටලේක ඔයත් එක්‌ක විනෝද වෙන්න. සුගත් කීවේය. යෝජනා කරගත් පරිදි පසුදින සුගත් මේනකා සොයා ආවේය. සුගත් පැමිණ සිටියේ සුඛෝපභෝගී වාහනයකින්ය. සුගත්තේ

    නියෝගවලට අවනතවූ මේනකා සුඛෝපභෝගී රථයට ගොඩවූයේ දෙගිඩියාවෙන්ය. මේනකාගේ සිරුර ගල්ගැසී ගියේ වාහනයේ සිටින තවත් ළාබාල රූමතියක දැකීමෙන්ය.

    මෙයා කව්ද කොහෙද මෙයා යන්නේ මේනකා එසේ විමසුවේ කෝපයෙන්ය. මෙයාගේ නව දිව්‍යා. එයා වත් දැන අඳුන ගත්තේ ඔයාව අඳුනා ගත්ත විදිහටමයි. අපි අද ටිකක්‌ අලුත් විදිහකට එන්ජෝයි කරමු. සුගත් ඇඟටපතට නොදැනෙන්නට කීවේය.

    තම ජීවිතය විනාශ කර දැමූ මේ පාපතරයා අලුතින් අඩව්වක්‌ ඇල්ලීමට උත්සාහ කරන බව මේනකාට තේරුම් ගොස්‌ තිබිණි. ඔවුන් රැගත් සුඛෝපභෝගී රථය මුහුදු බඩ ප්‍රදේශයේ එක්‌තරා හෝටලයක්‌ අසල නතර කෙරිණි.

    හෝටලයේ සුඛෝපභෝගී කාමරයක්‌ ඔවුන් වෙනුවෙන් වෙන්වී තිබිණි. එදින සිදුවූයේ මේනකා සිහිනයකින්වත් නොසිතූ දෙයකි. සුගත්ගේ ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය චිත්‍රපටයක්‌ දිගහැරී තිබිණි. සුරූපී තරුණියන් අසම්මත ආකාරයට අසභ්‍ය ක්‍රියාවල යෙදී සිටින චිත්‍රපටය දෙස මේනකා බලා සිටියේ දැඩි අකමැත්තෙන්ය.

    මේනකා ඔයා දිව්‍යාත් එක්‌ක මේ විදිහට ඉන්න ඕනේ. මම කැමතියි ඔය දෙන්නා එකට ඉන්නව බලන්න. තම සිතේ වූ පහත් අශ්ලීල හැඟීම් එකින් එක ඉවත දැමූ සුගත් අයිස්‌ දැමූ විස්‌කි වීදුරුවක්‌ තොල ගාන්නට වූවේය.

    තමුසෙට පිස්‌සුද මිනිහෝ අපි වැදගත් විදිහට හැදිච්ච කෙල්ලො ඇයි තමුසෙ අපට මෙහෙම කරන්නේ. මේනකා කෑ ගැසුවාය. එහෙත් සුගත් එය ගණනකට ගත්තේ නැත. ඔහු මේනකාගේ නිරුවත් ඡායාරූප එකින් එක නැවත බලන්නට වූයේ ඇයට තර්ජනයක්‌ද කරමින්ය.

    අවසානයේදී සුගත්තේ නියෝග වලට කන්දුන් මේනකා සහ දිව්‍යා අසම්මත ක්‍රියාවන්වල යෙදෙන්නට වූහ. ඒ සියල්ල සුගත් වීඩියෝ ගත කර ගත්තේ අනාගතයේදී එය ප්‍රයෝජනයට ගැනීමේ බලාපොරොත්තුවෙන්ය.

    දින කීපයක්‌ තිස්‌සේම මේනකාට මේ අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවිය. ඒ වන විට ඇය සිටියේ දැඩිලෙස සිත්තැවුලට පත්වය. තවත් මට නැතිවෙන්න දෙයක්‌ නැහැ. මේ කාලකණ්‌ණි දවසින් දවස මගේ ජීවිතේ විනාශ කරනවා මූට හොඳ පාඩමක්‌ උගන්වන්න ඕනේ.

    මේනකා දැඩි තීරණයක්‌ ගත්තාය. ඇය තමන්ට අත්විඳීමට සිදුවී ඇති භයානක සිදුවීම් පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළාය. ඒ ඉකුත් 2011 වර්ෂයේ මැයි මාසයේදීය.

    අහිංසක රූමතියන්ගේ ජීවිත විනාශ කළ මේ පාපතරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය. රහස්‌ පොලිසිය සුගත් පසුපස ලුහුබඳින්නට වූවේය. ඒ බව සැලවූ පසු සුගත් හොර රහසේම ස්‌වීඩනයට පලා ගියේය.

    සුගත් හැම විටම මේනකාට කතා කිරීමට ස්‌කයිප් තාක්‍ෂණය යොදා ගත්තේය. කිසිම අවස්‌ථාවකදී ජංගම දුරකථනයකින් කථා නොකිරීමට ඔහු වගබලා ගත්තේය. ජංගම දුරකථනයක්‌ පාවිච්චි නොකිරීම නිසා සුගත් පිළිබඳව තොරතුරු සොයා ගැනීම පහසු කටයුත්තක්‌ නොවීය. 


    පරීක්‍ෂණ පවත්වන පොලිස්‌ කණ්‌ඩායමට සුගත්ගේ රියෑදුරු වූ රංජිත්ගේ දුරකථන අංකය ලැබෙන්නේ මේනකාගේ මාර්ගයෙන්ය. සර් දවසක්‌ සුගත් මෙන්න මේ නම්බර් එකෙන් මට කතා කළා.

    මේනකා ලබාදුන් දුරකථන අංකය ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ රහස්‌ පොලිසිය දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි රංජිත් නමැත්තෙකු අත්අඩංගුවට ගත්තේය. ඔහු සුගත්තේ රියදුරු බව හෙළිවීම පරීක්‍ෂණ කටයුතුවලට විශාල පිටිවහලක්‌ විය.

    කෝ තමුසෙගෙ සුගත් මහත්තයා කොහෙද ඉන්නෙ මිනිහා. රහස්‌ පොලිසිය රංජිත්ගෙන් ප්‍රශ්න කරන්නට වූවේය. සර්.........එයා ස්‌වීඩන් වල ඉන්නේ. රංජිත්ගෙන් ලැබුණේ එවැනි පිළිතුරකි.

    සුගත් පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කිරීමට උත්සාහ කළද අවසානයේ සියල්ල වමාරන්නට රංජිත්ට සිදුවිය. සුගත් හොර රහසේම ස්‌වීඩනය බලා යැමට ගුවන් තොටුපළට ගොස්‌ සිටිය දී ඔහු අත්අඩංගුවට ගැනීමට රහස්‌ පොලිසියට හැකි විය.

    වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ සැකකරු සුගත් මල්ලවාරච්චි නමැති ව්‍යාජ නමකින් පෙනී සිටින අයකු බව පරීක්‍ෂණවලින් හෙළිකර ගත්තේය.

    ස්‌වීඩනයේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයකු ලෙස රැකියාව කරන සැකකරු වෛද්‍යවරියක හා විවාහව සිටින අයෙකි. දෙදරු පියකු වූ මොහු සිය බිරිඳ සමග ස්‌වීඩනයේ පදිංචිව සිටින බවද හෙළි වූවේය.

    ස්‌කයිප් තාක්‍ෂණය මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ඉහළ පැලැන්තියේ රූමතියන් හා ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගන්නා මොහු ඔවුන්ට විවාහ පොරොන්දු දී මේ ආකාරයේ අසම්මත අශ්ලීල ක්‍රියාවල යෙදීම පුරුද්දක්‌ කරගෙන සිටියේය. මේ පාපතරයාගේ ග්‍රහණයට හසුවූ ලාබාල තරුණියන් බොහොමයකි. ඔවුන් සියලු දෙනා සමඟ ලිංගික ක්‍රියාවල නිරතවූ සැකකරු ඒවා වීඩියේ ගත කරනු ලබයි. 


    පසුව ඒ වීඩියෝපට පෙන්වමින් තරුණියන් බිය පත්කර ඇති මේ අමනයා ඔවුන් විවිධ අශ්ලීල ක්‍රියාවන් සඳහා යොදවා ගත් බව අනාවරණය කර ගන්නට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමත් විය. මොහුගේ තර්ජනවලට බියවූ අසහනයට පත්ව සිටි කිසිවකු ඒ පිළිබඳ පොලිසිය වෙත පැමිණිලි කළේ නැත.

    තාක්‍ෂණයේ දියුණුවත් සමගම සිදුවන මෙවැනි අපරාධ දිනෙන් දිනම ඉහළ යමින් පවතී. එබැවින් මෙවැනි කපටි කයිරාටික පුද්ගලයන්ගේ උගුල් වලට හසු නොවන ලෙස පුවත් වෙබ් අඩවියක් වන හොට් ඇන්ඩ් ‍‍ෆාස්ට් නිවුස් අප සියලු ශ්‍රී ලංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

    Monday 9 December 2013

    නින්දෙන් ගෙරවිම හදවත් රෝගයේ පෙරනිමිත්තක්

    http://ratagiyaattho.blogspot.kr/නින්දේදි ශබ්දනගා ගොරවමින් නිදා ගන්නා පුද්ගලයන් ආඝාත තත්ත්වයට ගොදුරු වීමේ අවධානමක් පවතින බව පර්යේෂණකින් හෙළිවි ඇත. පුද්ගලයන් 25,000 ක් යොදා ගනිමින් කරන ලද මේ අධ්‍යයනයේ දී හෙළි වි ඇත‍්තේ එලෙස ගොරවන පුද්ලයන් වැඩි පිරිසකගේ ලේ කැටි ගැසීම් වලට ගොදුරු වන බවයි. එමෙන්ම ඔවුන්ගෙන් සියයට 80ක් හෘදයාබාධ වලට ලක්වන බව ද තහවුරු වී ඇත.
    නින්දේදී ගෙරවීම හඳුන්වන්නේ ඇප්නියාව යනුවෙනි. ලොව පුරා ලක්ෂ 30ක පමණ පරිසක් මේ රෝගයෙන් පීඩා විඳිති. පිරිමි හතර දෙනකුගෙන් එක් අයෙක් ද ගැහැනුන් දහයකගෙන් එක් අයකු ද අප්නිවායට ගොදුරු වී ඇත.
    තද නින්දට පත්විමේ දී මාංශ පේෂීන් ඉහල්වේ. මේ නිසා බොහෝ දෙනකුට ගැටළු ඇතිවන්නේ නැත. සාමාන්‍යයෙන් ඇනෝපියාව ඇති පුද්ගලයකු හුස්ම ගැනීම තත්ත්පර 10 ට පමණ සිදු නොකරන බව ද පර්යේෂකයන් පවසයි. එවිට සිදුවන්නේ වාතය මෘදු පටක තුළ කම්පනයක් ඇතිකිරීම හේතුවෙන් ගෙරවීමේ ශබ්දය නිකුත්වේ.
    මේ සම්බන්ධයෙන් වූ නවතම අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ හෘදය හා මොලයට වන අනතුර වෙද්‍යවරු සිතනවාට වඩා වැඩි බවයි. චීනයේ සැන්ඩොන් සරසවියේ විද්‍යාඥයන් ඔවුන් කලින් කරණ ලද අධ්‍යනය 12 ක ප්‍රතිපල වලින් පෙන්වා දෙනු ලබන්නේ නින්දේදී අධික ලෙස ගොරවන්නන් ආඝාත තත්වයන් ට ගොදුරැ විමේ අවදානම දෙගුණයක් වන අතර සාමාන්‍ය ලෙස ගොරවන්නන් මෙම අනතුරු දායක තත්වයෙන් මිදි සිටින බවයි.
    බ්‍රිතාන්‍යය හෘද පදනමේ ජ්‍යෙෂ්ඨ හෙදි තෙන්බි ඉන්කලා පවසන්නේ ඔබට මෙම තත්වය ගැන සැකයක් පවතීනම් ඒ බව වෙද්‍යවරයා සමග පැවසිම සුදුසු බවයි. තරබාරැ අය මෙම හෘදයාබාධ වැළදීම කෙරෙහි සම්බන්ධතාවයක් පවතින බවද ඇය පවසන්නිය. මෙම තත්වයෙන් මිදිමට නම් මොවුන්ගේ ජීවන රටාව ව්‍යායාම කිරිම වැනි ක්‍රියාකාරකමි මගින් වෙනස් කරගත යුතු බවයි.
           

    Thursday 28 November 2013

    ජපානයට ගිය ඉංග්‍රීසි ගුරුවරියගේ අවසානය

    http://ratagiyaattho.blogspot.kr/ජපානයේදී චීබා දිස්ත්‍රික් උසාවියේ හඬා වැටෙන පියෙක් හා සහෝදරියන් දෙදෙනකු මිනීමැරුමක තීන්දුව දෙනතුරු කඳුළු පිරි දෙනෙතින් යුතුව බලා සිටිති. ඒ තම දියණිය හා සහෝදරිය මරා දැමූ මිනීමරුවාට දඬුවම ලැබෙන තුරුය. මිනීමරුවා ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කර තිබූ නිසා ඔහුට දරුණුතම දඬුවමක් ලැබෙන බවට ඔවුන් තුළ දැඩි විශ්වාසයක් තිබිණ.ඒ අකාලයේ මරණයට පත්වූ ඉංගී‍්‍රසි ගුරුවරියක් වූ ලින්ඩ්සේ හෝකර්ගේ පියා වන බිල් හෝකර් හා ඇයගේ සොහොයුරියන් වන ලීසා (29) හා ලුයිස් (25) යන අයගෙන් සැදුම් ලද පිරිසයි.විසි දෙහැවිරිදි වියේ පසුවූ ලින්ඩ්සේ හෝකර් ඉතාම විනෝදයෙන් ජීවත්වීමට මහත්සේ පි‍්‍රය කළ එසේම මුළු ලෝකය පුරා සංචාරය කිරීමට ආශා කළ රූමත් තරුණියකි. එංගලන්තයේ කොවෙන්ට්‍රි ප්‍රදේශයේ බ්‍රැන්ඩන් නගරයේ තම පියා හා සොහොයුරියන් සමඟ දිවිගෙවූ ඇය ජපානයට තදින් ඇළුම් කළා ය.ජපානයට යාමට තිබූ දැඩි ආශාව නිසාම ලින්ඩ්සේ විශ්ව විද්‍යලයෙන් උපාධියක් ලබාගත් පසු වැඩිදුර ඉගෙනීම ගැන අමතක කොට ජපානයේ ඉංගී‍්‍රසි උගැන්වීම සඳහා ගියා ය.සිව් වසරක ප්‍රේම සම්බන්ධයක් පැවැති රයන් ගාර්සයිඩ් සමඟ ලෝක සංචාරයක් සඳහා මුදල් එකතු කරගැනීම ඇයගේ අනෙක් අරමුණ විය.තවත් බ්‍රිතාන්‍ය ජාතික තරුණියන් දෙදෙනකු සමඟ සුඛෝපභෝගී කුලී නිවෙසක පදිංචියට ගිය ඇය ටෝකියෝ නගරයේ පිහිටි ඉංගී‍්‍රසි කථාව පුහුණු කරනු ලබන නොවා සම්බු පාසලේ ඉංගී‍්‍රසි උගැන්වීම ඇරඹුවා ය.නොවා පාසැලේ සිට ඇය පදිංචි වී සිටි නිවසට යාමට සිදුවුණේ දුම්රියෙනි. දිනක් ඇය දුටු ජපන් තරුණයකු ඈ සමඟ කථා බහ ඇරඹීය. ඔහු ටට්සුයා ඉචිහාෂි නමැති 28 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ මව දන්තවෛද්‍යවරියක් වූ අතර පියා ද වෛද්‍යවරයෙකි. වැදගත් පවුලකින් පැවතෙන ඉචිහාෂි “චීබා” විශ්ව විද්‍යාලයේ වැවිලි කටයුතු පිළිබඳ උපාධිධරයකු විය.දුම්රියේදී ලින්ඩ්සේ සමඟ ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ දැනුමක් ලබා ගැනීමට තමා තුළ අදහසක් පවතින බවත් ඒ සඳහා ඇයගේ උදව් අපේක්ෂා කරන බවත් ඉචිහාෂි ප්‍රකාශ කර සිටියේ ය.ඇතැම් දිනවල පාසලේ සිට බයිසිකලයෙන් නිවෙසට යාමට ද ලින්ඩ්සේ පුරුදුව සිටියා ය. මේ අතර දිනක් ඇය පිටුපසින් පැමිණි ඉචිහාෂි ඇගේ නිවෙසට පැමිණ වතුර වීදුරවක් ඉල්ලා සිටියේ ය. ඔහු පිළිබඳ ඇතිවූ අනුකම්පාව නිසා ඔහු තම නිවෙසට ඇතුලු කරගත් අතර ආරක්ෂාව සඳහා ඇයගේ මිතුරියන් දෙදෙනාට ද ඔහු හඳුන්වා දුන්නා ය.නිවෙසට ඇතුළු වූ ඉචිහාෂි පැන්සලක් ගෙන ලින්ඩ්සේගේ රූපය ඇඳ ඔහුගේ අත්සන ද යොදා ඇයට පිරිනැමුවේ ය. ඉන් දින හතරකට පසු නොවා පාසැල අසල පිහිට කෝපි පානය කරන හෝටලයකදී ඉචිහාෂිට ඇය ඉංගී‍්‍රසි පාඩම් කියා දීමට ලින්ඩ්සේ ගියා ය.එම හෝටලයේ හමුවී පසුව ඉචිහාෂිගේ කුලී කාමරයට යාම සඳහා ලින්ඩ්සේ එකඟ වූවා ය. එය ලින්ඩ්සේ හෝකර් මෙලොව සිටි අවසන් දිනය ලෙස සැලකේ. ඉචිහාෂි සමඟ කුලී රථයකින් ගිය ලින්ඩ්සේ කුලී රථ රියැදුරාට තමා ඉක්මණින් එන බව කියා ඉචිහාෂි සමඟ ඔහුගේ කාමරයට ගියා ය. ඇයගේ නොපැමිණීම නිසා කුලී රථ රියැදුරා මද වේලාවක් බලා සිට ආපසු යන්නට ගියේ ය.ඉන්පසුව ලින්ඩ්සේ හෝකර්ගේ නිරුවත් සිරුර නාන තටාකයට දමා ඒ මත කොම්පෝස්ට් පොහොර හා වැලි පුරවා වසා දමා තිබියදී ඉචිහාෂි ජීවත් වූ කාමරය අසල බැල්කනියේ තිබී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. ඇගේ සිරුරේ අත්පා ප්ලාස්ටික් ලනු වලින් බැඳ දමා කටේ පාන්කඩ ඔබා තිබිණ.ඇයගේ සිරුරේ උඩ කොටස දැඩි පහරවලට ලක්වී තිබුණ අතර තැනින් තැන ගෙඩි ගැසී ඉදිමී තිබෙන ආකාරය පරීක්ෂණවලදී පොලිස් නිලධාරීන්ට දැකගත හැකිවිය. එය අතින් පයින් පහරදී තිබූ ආකාරයක් පෙන්නුම් කළේ ය. ලින්ඩ්සේ ගේ මරණය සිදුවී තිබුණේ ගෙල සිරකිරීමකින් බවත් මියගියාට පසු හිස බූ ගා තිබූ බවත් පරීක්ෂණවලදී හෙළිවිය. එසේම කිහිපවරක්ම ඇය දූෂණය කර තිබිණි. පරීක්ෂණ ඇරඹූ පොලිස් නිලධාරීන් විසින් ඉචිහාෂි අල්ලා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් දියත් කරන ලදී. ඉචිහාෂි සොයා මුලින්ම ඔහුගේ කාමරය පරීක්ෂා කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ගේ ඇස්වසා හිස වැසෙන සේ රෙද්දක් පොරවාගෙන එතැනින් පැන යාමට ඉචිහාෂිට හැකිවිය. පොලිසිය ඔහු පිටුපස එලවාගෙන ගිය නමුත් කෙසේ හෝ ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී පලා යාමට ඔහුට ඉඩකඩ ලැබිණි.ඉචිහාෂි සොයා මුළු මහත් ජපානය පුරාම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර ඔහු පිළිබඳ තොරතුරක් දෙන අයකුට ලැබෙන මුදල් ත්‍යාගය මිලියන එකේ සිට 10 දක්වා ද වැඩි කරන ලදී.ඉචිභාෂි තම රූපය වෙනස් කර ගැනීම සඳහා ප්ලාස්ටික් ශල්‍ය කර්මයකට මුහුණ දීමට නාගෝරියා හි එක්තරා ඖෂධාලයකට ගිය බව පොලිසියට වාර්තා විය. ඔහුගේ කම්මුල්වල තිබූ ඉන්නන් ඉවත් කිරීම, ඇස් බැමි වෙනස් කිරිම, දෙතොල්වල හැඩය වෙනස් කිරීම වැනි වෙනස්කම් රැසකට ශල්‍යකර්ම සිදු කරනු ලැබු බව ද දැනගන්නට ලැබිණි.මේ අතර පොලිසියට ලැබුණු තවත් ඔත්තුවකට අනුව ඔකිනාවා දූපතට යාම සඳහා පාරුවකට නැඟී සිටිය දි 2009 නොවැම්බර් 10 වැනි දින පොලිසිය ඉචිභාෂි අත්අඩංගුවට ගනු ලැබීය. ලින්ඩ්සේ හෝකර් ගේ මරණයත්, මිනි මරුවා අල්ලා ගැනීමත් මුළු ජපානය පුරාම මහත් සේ අවධානයට පත් වූ සිද්ධියක් වූ අතර නඩු විභාගය සඳහා උසාවි භූමිය ද ජනතාවගෙන් පිරී ගොස් තිබිණි. එසේම ජපන් මාධ්‍ය මෙම පුවත පිළිබඳ අති මහත් ප්‍රචාරයක් කරගෙන ගියේ ය.එංගලන්තයේ සිට ලින්ඩ්සේගේ පියාත් සොහොයුරියන් දෙදෙනාත් නඩු විභාගය සඳහා පැමිණ සිටියහ.මේ අතරතුර ඉචිහාෂි මිනි මැරුම පිළිබඳ පාපොච්චාරණයක් කරමින් තමා කාමරයට ලින්ඩ්සේ කැඳවා ගෙන ගොස් දූෂණය කළ ආකාරය පිළිබඳ විස්තර කළ අතර තමා ඇය මැරීමට තැත් නොකළ බව ද කීවේ ය. අසල්වාසීන්ට ඇගේ විලාපය ඇසේ යන බිය නිසා ගෙල හිර කරගෙන සිටි බවත් කීවේ ය. ඇය මරා දැමීමට කිසිදු අරමුණක් තමා තුළ නොතිබූ බවත් එම පාපොච්චාරණයේ දී ඔහු පැවැසී ය.කළු පැහැති කමිසයක් හා ජීන්ස් වර්ගයේ කලිසමක් ඇඳගෙන මාංචු සහිතව උසාවියට ඇතුළු වූ ඉචිහාෂි ලින්ඩ්සේගේ පියා අසල වැඳ වැටුණේය. එවිට පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණ ඔහු ඇදගෙන ගොස් විත්තිකූඩුව තුළට ඇතුළු කළේ ය.දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2011 ජූලි 21 වැනි දින චිබා දිස්ත්‍රික් උසාවිය මගින් ලින්ඩ්සේ හෝකර් මරණයට පත්කිරිම සම්බන්ධයෙන් ටට්සුයා ඉචිහාෂි ජීවිතාන්තය දක්වා සිරගෙට යැවීමට තීරණය කරන ලදී. හෝකර් පවුලේ උදවිය ඔහුට මරණ දඬුවම දෙන ලෙස ඉල්ලා සිටි නමුත් මීට පෙර අපරාධයකට සහභාගි නොවීමත් තරුණයකු නිසාත් පුනරුත්තාපනය කිරීමේ හැකියාවක් පවතින නිසාත් උසාවිය ඔහුව ජීවිතාන්තය දක්වා සිරගෙට යැවීමට තීරණය කළේ ය.මේ අතර දැනට දිවි ඇති තෙක් සිරබත් කන ඉචිහාෂි තමා අතින් සිදු වූ එම අපරාධයේ සියලු විස්තර සහිතව “අන්ටිල් අයි වෝස් එරස්ටඩ්” (උදබඪත ධ් ඹචඵ චපපඥඵබඥඤ) යනුවෙන් ග්‍රන්ථයක් ලියා ඇති අතර එම ග්‍රන්ථය විකිණීමෙන් ලැබෙන සියලුම මුදල් හෝකර් පවුලට දෙන බව ද ප්‍රකාශ කර ඇත.“ඒ මිනිහාගෙන් අපට කිසිම දෙයක් ඕනේ නෑ එයාට පොතක් ලියන්නත් මුදල් හම්බ කරන්නත් හැකි වුණේ මගේ දුව මරා දැමූ නිසා” යි ලින්ඩ් සේ ගේ පියා කෝපයෙන් පැවැසූවේය. කඳුළු පිරි දෙනෙතින් අපි අවුරුදු හතරහමාරක් බලා හිටියා. අද එය ඉටු වී තිබෙනවා. අපට ඒ ගැන සතුටුයි” ලින්ඩ්සේගේ පියා පවසා සිටියේ ය“ලින්ඩ්සේ ජපානයට ආදරය කළා. ඔබ තුමන්ලා ඇය ව අතරමං කළේ නැහැ” යි ද බිල් හෝකර් තවදුරටත් පැවැසීය.මේ අතර ලින්ඩ්සේ හෝකර්ගේ මිනී මැරුම සිදුකළ ටට්සුයා ඉචිහාසි ලියූ ග්‍රන්ථය චිත්‍රපටියකට නැගීමට යෑම මුළු ජපානය පුරා මහත් විරෝධයක් ඇති කරලීමට සමත් වි ඇත. එම චිත්‍රපටිය “අයි ඈම් ඉචිහාෂි ජර්නල් ඔෆ් අ මර්ඩරර්” (I am Icihashi Jourual of a Murdere) (මම ඉචිහාෂි මිනීමරුවෙකුගේ සටහන) යනුවෙන් නම් කර ඇති මෙම චිත්‍රපටිය තුළින් මිනීමරුවා වීරයකු බවට පත් කරමින් ඔහු පිළිබඳ අනුකම්පාව ඇතිවන අයුරින් පිළිබිඹු කිරීම නිසා එම චිත්‍රපටිය ජපන් රටේ බොහෝ දෙනාගේ දැඩි විරෝධයට ලක් වී ඇති බව වාර්තා වේ.එසේම බිල් හෝකර් ඇතුළු ලින්ඩ්සේ ගේ පවුලේ උදවිය ද මහත් සේ කෝපය ප්‍රකාශ කරමින් තමන්ට මෙම චිත්‍රපටිය ගැන කිසිදු දැන්වීමක් නොකළ බව ද ප්‍රකාශයට පත් කළහ.        රෝහණ ආර්යරත්න

    තරුණ කාන්තාවකට දැපනේ වැටුණු නාගයෙක්

    http://ratagiyaattho.blogspot.kr/වාර්තා වන පරිදි වැල්ලව හේරත්ගම ප්‍රදේශයේ 30 හැවිරිදි විවාහක කතක්‌ සමග දැවැන්ත නාගයකු මිතුරු වී ඇය පසුපස නිතර ගැවසෙන නිසා සිය සැමියා සමඟ පවුල් ආරවුලක්‌ ඇතිවී ඇය වැල්ලව පොලිසියට 20 දා පැමිණිල්ලක්‌ද කර තිබෙනවා.තම නිවසේ ගෘහ සේවිකාවක්‌ ලෙසින් කටයුතු කරන ඇය පසු පසින් ඇදී එන නාගයා බොහෝ කාලයක් තිස්සේ රාත්‍රියට ඇගේ නිදන කාමරයට රිංගා නොයන බව පැවසෙනවා. කාන්තාවගේ මියගිය ඥතියකු නාගයකු වී පැමිණ ඇතැයි දැඩි සේ විශ්වාස කරන එම කාන්තාව නාගයාට ලැගීම සඳහා නිදන ඇඳ අසලින් පෙට්‌ටියක්‌ද තනා දී තිබෙනවා.නාගයාට බියෙන් සැමියා හා දරුවන් එළියේ නිදියන බවත්, කාන්තාවට කරදරයක්‌ කිරීමට නාගයා ඉඩ නොදෙන බවත්, නාගයාට හිංසාවක්‌ කිරීමට ඇය ඉඩ නොදෙන බවත් පවසනවා.තරුණ කාන්තාවකට දැපනේ වැටුණ දැවැන්ත නාගයෙක්‌ නිසා පවුලක්‌ ජීවිත අර්බුදය කට පත්ව ඇති පුවතක් වැල්ලව ප්‍රදේශයෙන් වෙනවා.

    Saturday 23 November 2013

    ලාංකික "කචල්" කාරයෙක් ඉතාලියෙන් පිටුවහල්

    http://ratagiyaattho.blogspot.kr/
    • planetakeoff  වලංගු වීසා බලපත්‍රයක් මත 2009 සිට ඉතාලියේ  පදිංචි වී සිටි ශ්‍රි ලාංකිකයකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට යයි.හතලිස් හැවිරිදි මෙම තිදරු පියා බීමත්ව රිය පැදවීම නිසා පොලීසියෙන් කිහිපවරක්ම අත්අඩංගුවට ගත්තේය. පවුලේ සාමාජිකයනට හා පොලීසියට පහර දීම  වැනි හේතු නිසා ඔහු පිටුවහල් කිරීමට තීරණය කැර ඇත.දින පහකට පෙර හිරෙන් නිදහස් කළ ඔහු කොළඹ බලා යන මුල්ම යානයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සදහා  මුරකා මැද රෝමයට රැගෙන එන බව ඉතාලි රජය කියයි. මින් පසුව ඔහුට ඉතාලි රැකියාව හෝ බිරිය හා දරු තිදෙනා බැලීමට ඉතාලියට පය තැබීමට ඉඩ නොලැබේ. 
    • සමන්ත විජේසිරි

    විහාර ගෙය ඇතුලේ "ලව්" කරන යුවළ දුටු උපාසක අම්මා බයවෙලා

    තරුණ පෙම්වතුන් යුවලක් මාවරල පොලිසිය මගින් අඟහරුවාදා (19) පෙරවරුවෙහි පොලිසිය වෙත කැවාගෙන ගොස් විමර්ශණයක් කළේය. මාවරල විහාරස්ථානයක පූජාවකට සහභාගී වූ ආබාධිත උපාසිකා මාතාවක් බුදු මැදුරට බුදුන් වදින්නට යන අවස්ථාවේ මෙම පෙම්වතුන් බුදු මැදුරෙහි මුල්ලක සිටිනු දැක බය වී කෑගසා ගෙන ගොස් විහාරාධිපති හිමියන්ට කීමෙන් පසුව උන් වහන්සේ විසින් මාවරල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පෙම්වතුන් පොලිසියට රැගෙන විත් ඇත. තරුණයා පස්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තරුණිය රොටුඹ ප‍්‍රදේශයේ පදිංචි කාරියකි. තරුණයාගේ පියාත්,තරුණියගේ මවත් පොලිසියට කැවා තොරතුරු විමර්ශණය කිරීමේදී, අනාවරණය වූයේ ඔවුන් කලක සිට දෙමාපිය අනු දැනුම යටතේ ඇසුර පවත්වා ගෙන ගොස් ඇති බවකි. විහාරස්ථානයේ බුදුමැදුර තුළ පෙම්වතුන් ලෙස හැසිරීමේ අයහපත් කල්ක‍්‍රියාවට ලබන සෙනසුරාදා (23) වන දින තරුණ යුවල විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් කොට විහාරාධිපති හිමියන්ගෙන් සමාව ගැනීම ප‍්‍රමාණවත් බව විහාරාධිපති හිමියන් පොලිසියට දැන්වීම නිසා, තරුණ යුවලට මාවරල මල්ලිකාරමයට ලබන සෙනසුරාදා (23) දින පැමිණ සමාව ගැනීමට පොලිසිය මගින් දැනුම් දීමවගේත්, පියාගේත්,තරුණ යුවලගේත් කට උත්තර ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔවුන් මුදා හැරීමට පොලිසිය මගින් පියවර ගත්තේය.
    විහාරස්ථානයක බුදු මැදුරෙහි සැඟව සිටි,

    Tuesday 12 November 2013

    දුෂණය කල දැරියන් දෙදෙනෙක් රෝහල් ගත කරයි

    http://ratagiyaattho.blogspot.kr/

    සීයලා දෙදෙනෙකු හා විසි තුන් හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු පාසල් සිසිසුවකුගෙන්ද වසර දෙකකට ආසන්න කාලයක්‌ පුරා දැඩි ලිංගික අතවරයකට ලක්‌වූ මෙවර 5 වසර ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටි එකොළොස්‌ හැවිරිදි ශිෂ්‍යාවක හා එම පාසලේ පහ වසර පාසල් සිසුවකු ගලහ පොලීසිය විසින් වෛද්‍ය පරීක්‍ෂණ සඳහා ගලහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනාම මහනුවර මහරෝහලට වෙත යවා ඇතැයි ගලහ පොලිසිය සඳහන් කරයි.ගම්පොල අධ්‍යාපන කලාපයට අයත් මස්‌ගොල්ල ප්‍රදේශයේ දුෂ්කර පාසලක ශිෂ්‍ය උපදේශක සේවාව භාර ගුරුවරුන්ගේ අවධානයට ලක්‌වු පාසල් ශිෂ්‍යාවකගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ලිංගික හිංසනය හෙළි වී ඇත.වහාම පාසල මගින් මෙම සිද්ධිය පිළිබඳව දැරියගේ හා සිසුවාගේ දෙමව්පියන් දැනුවත් කොට කලාප කාර්යාලයටද දැන්වීමෙන් පසු ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ පවත්වා සිද්ධිය ගලහ පොලිසියට දන්වා තිබිණි.මෙම පරීක්‍ෂණවලට අනුව දැරියගේ සීයලා දෙදෙනෙකු දිගු කලක සිට මෙම දැරියට ලිංගික අතවර සිදු කොට ඇති අතර මුලින්ම දැරියට රුපියල් පනහක්‌ දී ඇය වරදට පොළඹවාගෙන තිබිණි.

    මේ අතර දැරිය පාසල ඇරී නිවසට යන අතරමගදී එම ගමේම සිටින විසි තුන් හැවිරිදි පුද්ගලයෙකු ඇය පාළු නිවසකට රැගෙන ගොස්‌ දිනපතාම පාහේ අතවරයට ලක්‌කර ඇති බවත් ඇය මෙම පරීක්‍ෂණ කණ්‌ඩායමට පවසා ඇත.මෙම දැරිය සමඟ පාසල් ඇරී එකට ගමන්ගත් ඇගේ පන්තියේ පිරිමි දරුවෙකු ද මෙම පුද්ගලයා විසින් අපයෝජනයට යොදාගෙන ඇති අතර ඔහු විසින් මෙම කුඩා දරුවා ලවා දැරියට අතවර කිරීමට පොළඹවා ඒවා වීඩියෝගත කරන ලද බවට මෙම දරුවන් පවසා ඇත.

    මෙම දරුවන් වරදට පොළඹවා ගැනීමට පෙර එම සැකකරු මේ දෙදෙනා හට අසැබි දසුන් පෙන්වා මේ සඳහා පොළඹවාගෙන ඇති බවද පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.
    මෙම දැරියගේ මවුපියන් කුලී වැඩට යන නිසා දැරිය පාසල නිමවී නිවසට පැමිණෙන වේලාව පසු වුවද ඒ පිළිබඳව සොයා බැලීමට කෙනෙකු නොමැති නිසා ඇය මෙම ක්‍රීයාවට පෙළඹී ඇත. හතර වසර පන්තියේ සිටම මොවුන්ගෙන් ඇයට අතවර සිදුවූ බවද දැරිය පවසා ඇත.
    දැරිය පොලිසියට දී ඇති කටඋත්තරයට අනුව විසිතුන් හැවිරිදි පුද්ගලයා හා එක්‌ සීයා කෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ විධිමත් කොට ඇත.
    අනික්‌ සීයා පිළිබඳව දැරියගෙන් මෙතෙක්‌ පොලීසියට තොරතුරු ලැබී නොමැති අතර පරීක්‍ෂණ කළ ගුරුවරුන්ට හා කලාප කණ්‌ඩායමට මේ බව පවසා ඇත.
    මේ අතර ශිෂ්‍ය උපදේශක කණ්‌ඩායම පාසලේ අනෙකුත් ළමුන් පිළිබඳව කළ සොයා බැලීමේදී අපයෝජනයට හුරු වූ පිරිමි දරුවා පාසලේ තවත් ළමුන් පස්‌ දෙනෙකු සමග අපයෝජන ක්‍රියාවල නිරතව ඇති බවද සොයාගෙන ඇත.
    සිද්ධිය පිළිබඳව ළමාරක්‍ෂණ අධිකාරියට පාසල් ශිෂ්‍ය උපදේශන පරීක්‍ෂණ කණ්‌ඩායම විසින් දන්වා තිබේ.
    ගලහ පොලිසිය ද වැඩිදුර පරික්‍ෂණ අරඹා ඇත.
    ගම්පොල කොට්‌ඨාශ භාර පොලිස්‌ අධිකාරි ගාමිණි පෙරේරා, ස.පො.අ. වරුන් වන චූලනී වීරරත්න. කපිල සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත ගලහ පොලිස්‌ ස්‌ථානාධිපති එස්‌. බී. රාජනායක මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ පරික්‍ෂණ පවත්වති.

    කොරියානුවන් 80ක් වෙඩි තබා මරා දමලා

    http://ratagiyaattho.blogspot.kr/
    • nkoreදකුණු කොරියානු රූපවාහිනී සේවාවක් මගින් විකාශනය වූ අසභ්‍ය චිත්‍රපට නැරඹීම හා බෙදාහැරීම කළ උතුරු කොරියානු වැසියන් 80 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ග් උන් විසින් පැන වූ නීතියකට අනුව මෙසේ වෙඩි තැබීමට සිදුකර ඇති බවත් , අදාළ චිත්‍රපට හෝ නාලිකා නැරඹීම උතුරු කොරියාවේ තහනම් කර ඇති තත්වයක් තුළ මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
    • මෙම උතුරු කොරියානු වැසියන් 80 දෙනා මහජන ක්‍රීඩාංගනයක මැද තබා 10.000ක් දෙනා බලා සිටියදී වෙඩිතැබීම සිදු කර ඇති බව වැඩිදුරටත් අදාළ පුවත් වාර්තා කරයි.

    1/4ට ආසන්න පිරිමින් සංඛ්‍යාවක් නිදි යහනේදී බොරු කරනවාලු

    http://ratagiyaattho.blogspot.kr/


    • sexpමින් පෙර සිදුකළ පර්යේෂණයකදී කාන්තාවන් ලිංගික සංසර්ගයේදී සංතෘප්තියට පැමිණි බව බොරුවට මවාපාන බව තහවුරු කර තිබුණද නිදියහනේදී වැඩියෙන්ම බොරුකරන්නේ පිරිමින් බව නවතම සමීක්ෂණයකදී තහවුරු වී තිබේ.සිය පාඨකයන් 1200 සහභාගී කරගනිමින් ඔස්ටේ‍්‍රලියාවේ සන්ඬේ ටෙලිග‍්‍රාෆ් පුවත්පත විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව ලිංගික සංතෘප්තියට පැමිණි බවට 23%ක් පිරිමින් ව්‍යාජ ලෙස මවාපාන අතර එලෙස සිදුකරන්නේ කාන්තාවන්ගෙන් 20.6ක් පමණි.  ඇමරිකාව තුළ සිදුකළ ඒ හා සමාන සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ 1/4ට ආසන්න පිරිමින් සංඛ්‍යාවක් එලෙස බොරු කරන බවයි.සංසර්ගය තුළදී මම ඔබට ආදරෙයි යන්න පිරිමින් 25.4%ක් ව්‍යාජ ලෙස පවසද්දී කාන්තාවන් 6.1%ක් එලෙස පවසන බව  ඕස්ටේ‍්‍රලියානු සමීක්ෂණ වාර්තා පවසයි.මේ අතර ලිංගික සංසර්ගය සඳහා රුචි මානසික තත්වයක නොසිටින විටදීත් ව්‍යාජ ලෙස ර`ගපෑ පිරිමින් 32.5%ක් සිටින අතර කාන්තාවන් 19.9%ක් එසේ රගපා ඇතැයි පැවසේ.මේ සමීක්ෂණ ප‍්‍රතිඵල පිළිබඳ අදහස් දක්වන ඉන්ඩියානා විශ්වවිද්‍යාලයේ ලිංගික සෞඛ්‍ය ප‍්‍රචාරණ මධ්‍යස්ථානයේ සම අධ්‍යක්ෂක ඩෙබී හර්නික් පවසන්නේ පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයම මෙලෙස ව්‍යාජ මවාපැම් සිදුකරන්නේ එක හා සමාන හේතු නිසා බවයි.සහයකයාගේ පෞරුෂත්වය ආරක්ෂා කිරීම, ඔහුට හෝ ඇයට නොරිදවීම හෝ නින්දට හෝ නිවසට යාමට අවශ්‍ය වූ විට ලිංගික සංසර්ගය අවසන් කිරීම මෙයට හේතු වන බව ඇයගේ අදහසයි.

    Monday 11 November 2013

    රුසියානු යෞවනියක් කන්‍යාභාවය වෙන්දේසි කරයි...

    http://ratagiyaattho.blogspot.kr/සයිබීරියාවේ වාසය කරන රුසියානු යෞවනියක් තම කන්‍යාභාවය ඩොලර් 30000ට අලෙවි කර ඇතැයි වාර්තා වේ.  ෂටුනිහා නම් අන්වර්ථ නාමයෙන් තමන් හඳුන්වා දී ඇති මෙම 18 වියැති තරුණිය අන්තර්ජාල අලෙවි වෙබ් අඩවියක මෙම දැන්වීම පළ කර තිබේ.
    ඇගේ අවම මිලට එකඟ වන්නේ නම් ක‍්‍රාස්නොයාර්ස්ක් නගරයේ හෝටලයකදී යහන්ගත වීමට සූදානම් බව ඇය පවසා ඇත.  තමන් හදිසි මුදල් අවශ්‍යතාවයකින් පසුවන බැවින් තමන්ට අයත් වටිනාම වස්තුව වෙන්චේසි කිරීමට තීරණය කළ බව ෂටුනිහා පවසා තිබේ.
    තම කන්‍යා භාවය තහවුරු කරන වාර්තාවක් සහ තවත් පුද්ගලයෙකු සමග ප්‍රෙද්මොස්ට්න්යා චතුරස‍්‍රයේදී ගැනුම්කරු හමුවන බවත් මුදල් ගෙන අනෙක් පුද්ගලයා පිටව යන බවත් තමා ගැනුම්කරු සමග සිටින බවත් එම දැන්වීමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
    මෙ වෙළඳ දැන්වීම කන්‍යාභාවය නම් තේමාවෙන් ඉදිරිපත් කර ඇති අතර එහි තත්වය ලෙස දක්වා ඇත්තේ ”අළුත්-භාවිතා කර නොමැති” ලෙසයි.  මින් පෙර අපේ‍්‍රල් මාසයේදීද මෙම යෞවනියම වෙනත් ව්‍යාපාරික අඩවියක පළ කර ඇත්තේ 17 වියැති තමන් 18 වියට එළඹි වහාම තම කන්‍යාභාවය වෙන්දේසි කිරීමට සූදානම් වන බවයි.
    යෙව්ගෙනි වොල්නොව් නම් පුද්ගලයෙකු මේ සඳහා ඉදිරිපත්වී ඇති අතර ඩොලර් 3100ක මූලික ගෙවීමකින් පසුව එක් දිනකින් වෙළඳ දැන්වීම ඉවත් කර තිබේ.
    පොලිසිය පවසන්නේ කිසිදු නීති කඩවීමක් මෙහිදී සිදුවී නොමැති හෙයින් තමන්ට සම්බන්ධ වීමට නොහැකි බවයි.
    ගණිකා වෘත්තිය නම් ගණයටද මෙය අයත් නොවන බවත් යෞවනියගේ සදාචාරමය පාර්ශ්වය පිළිබඳ ප‍්‍රශ්න කිරීමට නීතියට හැකියාවක් නොමැති බවත් පොලිසිය පවසා තිබේ.

    Sunday 10 November 2013

    පාසලේදී බඩ රිදුනු දැරියකට රෝහලේදී දරු ප්‍රසුතියක්

    http://ratagiyaattho.blogspot.kr/

    • ගාල්ල, පනාගමුව, වංචාවල ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියකට පසුගිය 05වනදා පාසලේදී ඇතිවූ බඩේ අමාරුවක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා වෛද්‍යවරයකුට යොමු කළ අවස්ථාවේ ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇය දරු ප්‍රසූතියකට සූදානමින් සිටින බව ප්‍රකාශ කිරීම නිසා පසුදාම මහමෝදර රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඇය දරුවකු ප්‍රසූත කර තිබේ.
    • මේ පිළිබඳව දැරියගේ මව ඇයගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී සිය පෙම්වතා සමග ඉකුත් මාර්තු මාසයේ දිනකදී තමන් කායක සම්බන්ධයක් පැවැත්වූ බව පවසා ඇත.
    • මේ පිළිබඳව දැරියගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම 19 හැවිරිදි පෙම්වතා හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    • කෙසේ වෙතත් මෙම දැරියට දරුවකු ලැබීමට ආසන්න බවට කිසිදු බාහිර පෙනුමක් පෙනෙන්නට නොතිබුණු බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වත් හබරාදුව පොලිසිය පවසයි.

    Friday 8 November 2013

    මාව ආයතනය ඇතුළෙ සෙල්ලම් බඩුවක් වුණා...

    http://ratagiyaattho.blogspot.kr/මං දිනක් මගේ මිතුරකුත් සමග කිරිබත්ගොඩ ෆුඩ් සිටියට ගොඩ වැදුණේ නිවෙසට අත්‍යවශ්‍ය කළමනා ටිකක් මිලට ගැනීමටයි. ඩෙනිමක් සහ ටී ෂර්ටයකින් සැරසුණ කුඩයක් අතින් ගත් රූමත් තරුණියක් මා ඉදිරිපස තිබු රක්කයෙන් ආහාර ද්‍රව්‍ය තෝරමින් සිටියා. ඇය දෙස මම වුවමනාවෙන් බැලුවා.කොහෙද උඹ බලන්නේ ? මීට කලින් දැකලා තියෙනවද එයාව. නෑ බං මම නිකන් බැලුවේ.හොඳට මූණ බලපන්. න්තූරෙකින්වත් කොහෙදි හරි දැකලා තියෙනවද කියලා.නෑ බං... නෑ... මම නිකන් බැලුවේ...ඒකිගේ නේකඩ් පික්චර් මගේ ගාව තියෙනවා ..මිතුරා පැවසූ දෙයින් මම වික්ෂිප්ත වූයේ ඔහු සාමන්‍යෙයන් බොරු කියන චරිතයක් නොවූ නිසයි.මොකද උඹ මගේ මූණ දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නේ. මම කියන්නේ බොරු නෙමේ. එයාගේ නම දූලීෂා. එයා වැඩ කලේ .. ඔෆිස් එකේ. ඒකේ කම්පියුටර් ඉන්ජිනියර් මගේ හොඳම යාළුවෙක්. ඌ තමා මට ඔය පික්චර්ස් ටික දුන්නේ. උන් එයාව බැලැක් මේල් කළා. මම හිතන්නේ එයාට කීප දෙනෙක් එක්ක යන්න සිද්ධ වුණා. අන්තිමට පවුල් ජීවිතෙත් නැති වුණා. ජොබ් එකත් නැති වුණා. දැන් පොඩි බබත් එක්ක අම්මලගේ ගෙදර ඇවිත් ඉන්නේ.එයා මාව හොඳට අඳුරනවා. පොඩ්ඩක් හිටපන් මම කතා කරල පෙන්නන්න. එසේ කියු මිතුරා සැණෙකින් ඇයට කතා කළා පමණක් නොව ඇයට මාව අඳුන්වා දුන්නා. මා සමඟත් වචනයක් දෙකක කතා කළ ඇය ඉක්මනින් එතනින් ඉවත් වී ගියා. අත්තටම මෙය දැන් මට දැඩි කුතුහලයක් වුණා. 
    මේකෙ ඇත්ත නැත්ත හොයන්න ඕනෙ. මිතුරා සමඟ ඔහුගේ නිවසට ගිය මට ඔහු පරිගණකයේ තියෙන ඇගේ නිරුවත් පින්තූර පෙන්නුවා. සැබැවින්ම මේ ඇයම තමා. ෆෝටෝෂොප් ජිල්මාට් එකක්ද? මම මා සතු පරිගණක දැනුමින් පරීක්ෂා කර බැලුවා. 
    කිසිම අයුරකින් සෑදූ පින්තූර නොවන බව මොනවට පැහැදිලි වුණා.ඇත්තටම කොහොමද බං මෙහෙම වුණේ?එයාගෙ ලැප් එකට වින්ඩෝස දාන්න මගෙ යාළුවට දීලා තියෙනවා. ඌට එයාගේ කොම් එකේ හඩ් එක රිකවරි කරලා තමයි ඔය ෆොටෝ ටික අරගෙන තියෙන්නේ. මාත් එක්ක තියෙන ෆිට් එකට තමයි ඌ මට ඔය ෆොටෝස් ටික දුන්නේ.
    ඇත්තටම මෙය කනගාටුදායක කරුණක් නොවේද? තමන්ගේ පරිගණකය සදාගැනීමට ගොස් මෙවන් අකරතැබ්බයන්ට මුහුණ දුන් අය තවත් ඕනෑ තරම් ඇති. මේ පිළිබඳ තවදුරටත් සොයා බලන්න මම තීරණය කලේ නොදන්නාකමින් තමන්ටම කරගන්නා 
    මේ අපරාධය සමාජයට හෙළිකරගත යුතු නිසාමයි.මට අවශ්‍ය වුණේ ඇයගේ කටින්ම මේ ගැන දැන ගැනීමටයි. මිතුරාගේ මාර්ගයෙන් ඇය දැන් පදිංචි වී සිටින අගේ මවුපියන්ගේ නිවස සොයාකත් මම ඇයත් සමඟ කතා බහ කිරීමට මාර්ගයක් සෙව්වා.එහිදී මට දැනගැනීමට ලැබුණා ඇය සතියේ සෑම දිනකම උදේ වරුවේ ඇයගේ කුඩා දරුවා පෙර පාසලට කැන්දගෙන යන බව.මෙය මට හොඳ අවස්ථාවක් වුණා. මම ඇය සමඟ කතා කිරීමට උත්සාහයක් ගත්තා. නමුත් එය උත්සාහය ව්‍යර්ථ වුණා.නමුත් මම උත්සාහය අත්හැරියේ නැහැ. ඇය වැඩ කළාය කියපු කාර්යාලයෙන් තොරතුරක් ලබා ගැනීමට පුළුවන්ද?මම මගේ අවධානය ඒ දෙසට යොමු කළා...ඇත්තටම එහිදී මගේ වාසනාව පෑදුණා... මම දන්නා කියන කෙනෙක් එහිදී මට මුණගැසුණා .. ඇගේ නම අනොමා ...අනෝමා මට මෙහෙම ආරංචියක් ලැබුණා ඇත්තද?මෙහිදී ඇය විමතියට පත් වුණා.... මට මේ ආරංචිය ලැබුණේ කෙසේද කියා. කෙසේ වුවත් ඇය මට මෙහෙම කිව්වා.
    ඒ කතාව ඇත්ත. දුලීෂා මගේ හොඳම යාළුවා. හරිම හොඳ කෙනෙක්. තවමත් මාත් එක්ක විතරයි මේ ඔෆිස් එකෙන් කතා කරන්නේ.එයාට මෙහෙම දෙයක් වුණ එක නම් හරිම අපරාධයක්. එයා මිනිසුන්ව ඕනෑවට වැඩිය විශ්වාස කළා. ඒකයි වුණේ .. හැබැයි එයාට කරදර කරපු එකෙකුටවත් හොඳින් ඉන්න හම්බ වුණේ නැහැ. උන් ඔක්කොටම යන්න වුණා.මම මගේ අදහස ඇයට පැවසුවා. මට ඕනෙ එයාගෙන්ම විස්තර ටිකක් දැන ගන්න මෙහෙම දේවල් තවත් නොවෙන්න සමාජය දැනුවත් කරන්න ..හොඳයි මම උත්සාය කරන්නම්... මට කාලයක් දෙන්න... ඇගේ වදන් මට සතුට අත් කරන්නක් වුණා ..සතියක් ගත වුණා ..අනෝමගෙන් මට දුරකතන ඇමතුමක් ලැබුණා ...දුලීෂා අද අපේ ගෙදර එනවා කිව්වා. ඔයත් එන්න...අනෝමාගේ නිවසේදී මට දුලීෂාව මුණගැසුණා. ඇයගෙන් ලබාගන්නා තොරතුරු කිසිසේතම ඇයට හානියක් වන අයුරින් පාවිච්චි නොකරන බවත්,ඒවා පොදු සමාජ යහපත උදෙසා පාවිච්චි කරන බවටත් ඇයට ඒත්තු ගැන්වීම වෙහෙසකර කටයුත්තක් වුණා.වර්තමානයේ ඇය සමාජය කෙරේ බොහෝසේ කලකිරී සිටීම මගේ වෙහෙස තවත් වැඩි කරන්නක් වුණා.කෙසේ වුවත් අවසානයේ ඇගේ කටහඬ අවදි කිරීමට හැකියාවක් ලැබුණා...කොළඹ ජාත්‍යන්තර පාසලක උගත් ඇය.... ආයතනයේ කලක් විධායක ශ්‍රේණියේ රැකියාවක් කර තිබෙනවා. සුරූපී ඇගේ වයස අවුරුදු 26ක්.අවුරුදු 20දී විවාහ වූ ඇය පෙර පාසල් යන වයසේ දරුවකුගේ මවක්.ඔබට කොහොමද මෙහෙම ප්‍රශ්නයක් වුණේ?මගේ කලින් ඔෆිස් එකේ අයි ටී ඉංජිනියර් මධුර (මනකල්පිත නමකි) කලින් මගෙ හොඳ යාළුවෙක්.මගේ ඔෆිස් කම්පියුටර් කැඩුණාම හදලා දෙන්නේ එයා. මගෙ විතරක් නෙමේ මුළු ඔෆිස් එකේම කම්පියුටර්වලට මොනවා හරි ප්‍රශ්නයක් වුණාම මධුරට තමයි කෝල් කරන්නේ.මේ අතරේ මට වුවමනා වුණා ලැප්ටොප් එකක් ගන්න. මධුර කම්පියුටර් ගැන හොඳට දන්න නිසාමම මධුරට තමයි කිව්වේ කම්පියුටර් එකක් තෝරල දෙන්න කියලා. එයා මට හොඳ බ්‍රෑන්ඩ් එකකින් කම්පියුටර් එකක් තෝරලා දුන්න විතරක් නෙමෙයි එකට සොෆ්ට්වෙයාර්ත් දාලා දුන්නා.එතකොට කොහොමද ඔබගේ නිරුවත් ඡායාරූප ලැප්ටොප් එකට ගියේ.මට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්. (මෙහිදී ඇය විසින් අඳින ලද චිත්‍ර කිහිපයක් දැක ගැනීමේ අවස්ථාව මට ලැබුණඅතර ඒ දුටු මට සිතුණේ ඇත්තෙන්ම ඇය ඉතා දක්ෂ චිත්‍ර ශිල්පිනියක් බවයි)මට හිතුණා මගෙ නිරුවත් ඡායාරූප
    එකක් අඳින්න. ඒ නිසා මගෙ කාමරේ ඉඳගෙන මගෙ කැමරාවෙන් මමම තමයි මගෙ පින්තූර ගත්තේ.(ඇත්තෙන්ම එම ඡායාරූප මම දුටු නිසා එය සත්‍යයක් බව විශ්වාස කළ හැකියි.) ඒ පින්තූර බලාගෙන මාව අඳින්න.මේ මොහොතේ ඇයට ඇඬුම් ආ අයුරු මම දුටුවා. කෙසේ වුවත් ඇය එම සියල්ල යටපත් කරගෙන මා සමඟ කතා කළා....මම ඩෙටා කේබල් එක හරහා ඡායරූප ටික මගෙ ලැප්ටොප් එකට දැම්ම. ටික දවසකින් මගෙ චිත්‍රය ඇඳලා ඉවර කළා... (මම ඒ චිත්‍රය ඇගෙන් ඉල්ලා සිටියත් ඒ මොහොතේ ඇය මට කිව්වේ දැන් ඒක මගෙ ළඟ නැහැ කියලයි.)ඊට පස්සේ මම ඡායාරූප ටික මකලා දැම්ම.. ෂිෆ්ට් ඩිලිට් ගැහුවෙ. මොකද ඒ ඡායාරූප කම්පියුටර් එකේ තියා ගන්න වුවමනාවක් මට කොහොත්ම තිබුණෙ නැති නිසා.ඊට ටික දවසකට පස්සේ මගෙ ලැප්ටොප් එකේ ලෙඩක් ආවා... නිතරම රිස්ටාට් වෙන එක.ඒක හදාගන්න තමයි මම ලැප්ටොප් එක ඔෆිස් එකට අරගෙන ගිහින් මධුරට දුන්නේ.එදා මධුර ඒක ගෙදර අරගෙන ගියා හදලා ගෙනත් දෙන්න.මට කිසිම සැකයක් තිබුණෙත් නැහැ. මොකද මගෙ ලැප්ටොප් එකේ ඒ වෙනකොට කිසිම අනවශ්‍ය දෙයක් තිබුණෙත් නැති නිසා.පසුවදා මධුර ලැප්ටොප් එක හදලා ගෙනත් දුන්නා.
    ඊට ටික දවසකට පස්සේ තමයි මේ සේරම කරදර වෙන්න පටන් ගත්තෙ.මධුර කෝල් කරලා කිව්වා මෙහෙම පින්තූර වගයක් තියෙනවා කියලා. මට හිතා ගන්න බැරිවුණා... ඒ වෙනකොට මම රිකවරි සොෆ්ට්වෙයාර් ගැන මුකුත් දැනගෙන හිටියෙ නෑ.(කම්පියුටරේ වැඩ කරන කොට අපි අතින් වැරදිලා ෆයිල්ස් ඩිලිට් වෙන්න පුළුවන්.රීසයිකල් බින එකට ගියොත් ඒවා අපිට නැවත ගන්න පුළුවන්. නමුත් ෂිෆ්ට් ඩිලිට් කළොත් ෆයිල්ස් ආපසු ගන්න බැහැ. 
    එතකොට අපිට ඒවා නැවත ගන්න ඕනෙ නම් ඩෙටා රිකවරි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්නම වෙනවා.)ඌ මට බලපෑම් කළා ඌත් එක්ක එන්න කියලා... නැත්නම් ඡායාරූප අන්තර්ජාලයට දානවා කිව්වාඅවසානයෙ මට ඒක නොකර බැරිවුණා... ටික දවසක් යනකොට ආයතන ප්‍රධානියටත් මේක ආරංචි වෙලා තිබුණා... මට එයාගෙ ආශාවන් සංසිඳවන්නත් වුණා.... මම හැමදේම කළේ මගෙ පිනතූර ටික ප්‍රසිද්ධ කරයි කියල බයට. මගේ පවුල රැක ගන්න.මම හිතුවා මෙතනින්වත් මේ කරදරේ ඉවර වෙයි කියලා... ටික දවසක් යනකොට ආයතනයේ වෙනත් අයත් මට කතා කරන්න ගත්තා. මධුර මට කිව්වේ එයාගෙ පෙන් ඩ්‍රයිව් එකේ තිබිලා තව කෙනෙක් මේ පින්තූර ටික හොරකම් කරලා කියලා...මට හිතුණා කෝච්චියට බෙල්ල තියන්න. වහ බොන්න... ඒත මගෙ දරු පැටියව දාලා මම කොහොමද එහෙම කරන්නේ?මාව ආයතනය ඇතුළෙ සෙල්ලම් බඩුවක් වුණා... අවසානයෙ මම හිතුවා එතනින් අයින් වෙන්න.එතකොට ඔයාගෙ විවාහය දෙදරල ගියේ මේ බව සැමියට ආරංචි වීම නිසාද?මම විවාහ වුණේ අවුරුදු 20න්. එයා මට වැඩිය ගොඩක් වැඩිමල්. මුල ඉඳලම අපි අතරේ ප්‍රශ්ණ තිබුණා.ගෙදර අකමැත්ත පිටයි මම විවාහ වුණේ. එක ගෙදර හිටයත් අපි දෙන්න දෙපැත්තෙ තමයි හිටියෙ.මේ ප්‍රශ්න ටික ටික එයාටත් ආරංචි වෙලා තිබුණා. එක දවසක් එයා මට හොඳටම ගැහුවා.ඊට පස්සෙ තමයි මම දරුවත් අරගෙන මහ ගෙදර ආවේ...ඔයාට තිබුණනේ නීතියේ පිහිට පතන්න.මම ලැජ්ඡාවට තමයි ඒක නොකළෙ. මගෙ පවුල් ජීවිතේ රැකගන්න ජීවත් වෙන්න ඕන නිසා.නීතිය ඉදිරියට ගිහිල්ලා මුළු සමාජයටම ප්‍රසිද්ධ වෙන්න මට වුවමනාවක් තිබුණෙ නැහැ.ඉතින් ඔයාට හැමදාම මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද?නැහැ. දැන් මම වෙන තැනක ජොබ් එකක් කරනවා. මට ඕනෙ මගෙ දරුව හදාගන්න. මීට වැඩිය මට වෙන්න දෙයක් නැහැ. ආයෙත් මට බලපෑමක් ආවොත් මම දෙපාරක් හිතන්නේ නැහැ පොලිසියට යනවා.ඇත්තෙන්ම ඇගේ ආත්ම ශක්තිය ගැන මට සතුටක් දැනුනත් නොදැනුවත්භාවය නිසා ඇය සිදුකරගත් විනාශය ගැන ඇති වුණෙ කිව නොහැකි තරම් කණගාටුවක්.
    පරිගණක හාඩ්වෙයාර් ආශ්‍රිතව කටයුතු කරන මගේ මිතුරන් සහ ඔවුන් මාර්ගයෙන් හඳුනාගත් පරිගණකහාඩ්වෙයාර් සාප්පු හිමියන් කිහිප දෙනකුගෙනුත් මම කරුණු විමසා සිටියේ මෙවන් අවනඩු තවත් තිබේද යන්න සොයා බැලීම සඳහායි.මේ යක්කල පරිගණක හාඩ්වෙයාර් සාප්පුවක් හිමි ඉඳුනිල් කී කතාවයි.සමාජයේ නොයෙක් තරාතිරම්වල අය අපි ළඟට කම්පියුටර් අරගෙන එනව හදන්න. මේ අතර ලස්සන ගෑනු ළමයිත් ඉන්නවා. ඔෆිස්වල වැඩ කරන ලස්සන නෝනලත් ඉන්නවා.ඇත්තම කියනව නම් ඒ ගොල්ලන්ගෙ පර්සනල් ෆයිල්ස් බලන්න හිතෙන්නේ ඉබේමයි. සමහර වෙලාවට ඒගොල්ලන්ගෙ ලස්සන පින්තූර තිබුණොත් අපි කොපියක් දාගන්නවා.සමහර අයගෙ අඩ නිරුවත් පින්තූර එහෙම තියෙනවා. අපිට මොනව හරි ඇති කියලා සැක හිතෙන කම්පියුටර්වලටඅපි ඩෙටා රිකවරි සොෆ්ට්වෙයාර් එකක් දාලා බලනවා.සමහර වෙලාවට සාර්ථක ප්‍රථිඵල ලැබෙනවා. ඒ සමහර අයගෙ හාඩ් ඩිස්ක් වල නිල් චිත්‍රපට පිරිල තියෙනවා. 
    පිරිමි ළමයින් හැමෝගෙම වගේ හාඩ් ඩිස්ක් වල නිල් චිත්‍රපට තියෙනවා. මේ ළඟදි නෝනා කෙනෙක් එයාගේපර්සනල් කොම් එක මගෙ ළඟට අරගෙන ආව හදන්න.එයාගෙ කම්පියුටරේ ගැහැණු ගැහැණු සමලිංගික සේවනයේ යෙදෙන නිල් චිත්‍රපට පිරිලා තිබුනා. 
    පස්සේ මම එයාගැන හොයලා බලපුවාම දැනගන්ත එයා සමලිංගික සේවනයට දැඩි ලෙස ඇබ්බැහි වෙච්ච කෙනෙක් කියලා.අපි ළඟට එන සමහර අය කම්පියුටර් හාඩ්වෙයාර් ගැන කිසිම අවබෝධයක් නැහැ.එහෙම දැනගත්තාම අපි කරන්නේ ඉතින් දත ගලවන එක තමයි. වීජීඒ කාඩ් එක පිච්චිලා,හාඩ් ඩිස්ක් එක පිච්චිලා මදර් බෝඩ් එක පිච්චිලා .. මේ මොනව හරි බයිලයක් කියලා ගාණ කපා ගන්නවා...ඇත්තටම ඔබට දැන් යන්තම් හෝ වැටහීමක් ඇති තත්වය මොනතරම් භයානකද කියලා.නමුත් ඇත්තම තත්වය මෙයටත් වඩා භයානක බව නම් ඉඳුරා පැවසිය හැකියි.යක්කල ඉඳුනිල් කම්පියුටර් ෂොප් එකෙන් මා සමුගනිද්දී ඔහු අවසානයට පැවසූ වදන් මාවබොහෝ සේ කම්පාවට පත් කළ බව නම් කිය යුතුමයි.අයිය දන්නවද අයියේ... දැන් පන්සල්වල ඉන්න සමහර තරුණ හාමුදුරුවරු ළඟ කම්පියුටර් තියෙනවා.මේ ඔක්කොටම වැඩිය හොඳ දේවල් ඒවයේ තියෙනවා.ඒවා කියනව නම් දවසකුත් මදි.නිවාඩු දවසක් තිබු‍ණොත් ආයේ මේ පැත්තේ එන්න මම අයියට විස්තර දෙන්නම්.ඔහු එසේ පවසද්දී මට මතක් වුයේ එක්තරා තරුණ භික්ෂුන් වහන්සේ නමකගේ මෙවැනිඅශෝභන ක්‍රියාරැසක් මේ මැතකදී අන්තර්ජාලයට මුදා හැර තිබු බවයි.මීලඟට මම හමුවීමට තීරණය කලේ මිතුරකුගේ මාර්ගයෙන් දැන හඳුනාගත් ඩිජිටත්කැමරාවක් නිසා දුලීෂා මෙන් අපහසුතාවයට පත් වූ තරුණයෙක්.විනෝදකාමී තරුණයෙක් වූ ඔහුගේ නම රසික. ඔහු විවාහකයෙක්. ඒ වගේම කුඩා දරු දෙදෙනකුගේ පියෙක්. රසික මට එන්න තැනක්, දිනයක් සහ වෙලාවක් දුන්නා. ගම්පහ - ජාඇල පාරේ පිහිටි අවන්හලකට මා පිය නැඟුවේ ඒ අනුවයි. බීර වීදුරු එක දෙක හිස් වෙන්න වුණා.මොකක්ද මචං වුණ කරදරය මම රසිකගෙන් විමසුවා.මචං මම ගත්ත ඩිජිටල් කැමරාවක්. අපි ෆැමිලි එක ට්‍රිප් එහෙම යනකොට ෆොටෝස් ගන්න කියලා හිතාගෙන.කැමරාව ගත්ත දවස්වල ආසාවටත් එක්ක නිතරම ෆොටෝස් ගත්ත. එක දවසක් බබාල එහෙම නිදාගත්තට පස්සේ වයිෆ් කිව්වා එයාගේ නියුඩ් ෆොටෝ එකක් ගන්න කියලා ආසාවට බලන්න. හැබැයි බලපු ගමන්ම මකල දන්න කිව්වා. මම එයාගෙ ෆොටෝ එකක් ගත්ත. ඊට පස්සේ අපි දෙන්නම එකට ඉඳලා ෆොටෝ එකක් ගත්ත.අපි ඒවා බලල එවෙලෙම මකල දම්මා. ඒ සිද්ධිය එතනින් ඉවර වුණා. ටික දවසකට පස්සේ මගෙ යාළුවෙක් මගෙන් ඩිජිටල් කැමරාව ඉල්ලුවා... ට්‍රිප් එකක් යනවා ෆොටෝස් ටිකක් ගන්න කියලා. මම කැමරාව ඔහුට දුන්නා. ටික දවසකට පස්සේ ඌ මට උගෙ ගෙදරට එන්න කියලා පෙන්නපු දෙය මට විශ්වාස කරන්නත් බැරි වුණා. බිරියත් මමත් එදා ගත්ත පින්තූර උගෙ කම්පියුටරේ තිබුණා.උඹට මම හින්ද හොඳයි. මම කාටවත් මේව පෙන්නුවේ නෑ. වෙන එකෙකුට හම්බ වුණානං ඉවරයි. ඌ මට කිව්වා.ඇත්තටම ඌ මගෙ හොඳ යාළුවෙක්. ඒ හින්දා මට ඌව විශ්වාසයි රසික කියාගෙන ගියා.ඒත් මචං ලැජ්ජාව... ඒ ගැන කියලා වැඩක් නෑ... බීර බෝතලයට මේ කතා කරන්නේ මට හිතුණා.උඹටකොහොමද මේවා හම්බ වුණේ.... මම මේවා මකලා දාලානෙ තිබුණේ. මම උගෙන් ඇහුවා. රසික කිව්වා ... එතකොට ඌ කිව්ව දේවල්වලින් තමයි මෙහෙම දේවලුත් තියෙනවා කියල මම දැනගත්තේ.මම උඹෙන් කැමරාව ඉල්ලගෙන ආපු දවසෙ මම ගෙදරදී අපේ බබාගෙ ෆොටෝ වගයක් ගත්තා. ඒ ටික මගෙ අතින් මැකුණෘ. මට ඒ ටික අපසු ගන්න ඕන වුණ නිසා කැමරාවේ මෙමරි චිප් එක රිකවරි කළා. එතකොට ඒ ෆොටෝස් එක්කම තමයි උඹලගෙ ෆොටෝ 2ත් මට හම්බ වුණේ. රසිකගේ කතාව... රසිකගෙ හොඳම යාළුවෙකුට ඒ ෆොටෝස් ලැබීම නිසා ප්‍රසිද්ධ නොකර බේරගන්න පුළුවන් වුණාට හැමෝටම ඒ චාන්ස් එක ලැබෙන්නෙ නැති බව නම් මේක කියවන කට්ටිය හොඳට මතක තියාගත්තොත් හොඳයි.ඒ වගේම තමා පෙන් ඩ්‍රයිව් පාවිච්චිය. තමාගේ අත්‍යාවශ්‍ය දත්තයන්එකක් ගොඩක් දෙනා පෙන් ඩ්‍රයිව් තැන තැන දාලා යන ප්‍රවණතාව වැඩියි. ඒ වගේම පෙන් ඩ්‍රයිව් රිකවරි කරලා ඒවාගේ මැකී ගිය දත්ත නැවත ලබාගන්න පුළුවන්. මේ නිසා අමාරුවේ වැටිච්ච ගොඩක් දෙනෙක් සමාජයේ ඉන්නවා. මේ නිසා අමාරුවේ වැටිච්ච දැනට වෙස් මාරු කරගෙන ජීවත් වෙන තරුණයෙක් ගම්පහ ඉන්නවා. සංගීත කණ්ඩායමක සමාජිකයෙක්. ඔහු තමාගේ පෙම්වතිය සමඟ ලිංගිකව හැසිරෙන දර්ශනයක් වීඩියෝ ගත කරලා ඒක පෙන් ඩ්‍රයිව් එකක ගබඩා කරලා තිබිලා තියෙනවා.කොහොම හරි මේ පෙන් ඩ්‍රයිව් එක නැතිවෙලා තියෙනවා. දැන් ඒ විඩියෝ ක්ලිප් එක අන්තර්ජාලයේ තියෙනවා.කොහොම අන්තර්ජාලයට ගියාද කියන්න ඔහුවත් දන්නේ නැහැ.ඒක දැන් ලංකාවේ අන්තර්ජාලයෙන් මේව බලන අය අතරේ ගොඩක් ජනප්‍රියයි. මේ හේතුව නිසා තරුණියට වුණේ රට හැර යන්න. මේ යාළුවට වුණේ වෙස් මාරකරගෙන ජීවත් වෙන්න.තමන්ගේ වැරදි හෝ නොදැනුවත්කම නිසා එසේත් නැතිනම් 
    සමාජයේ කොතැනක හෝ තියෙන වරදකින් මෙවැනි දේවල් සිදුවෙන ප්‍රමාණය දිනෙන් දින ඉහළ ගොස් තිබෙනවා. මෙයටත් වඩා බොහොම භයානක ලෙසට ෆේස්බුක් වලින් අපරාධ ඉහළ ගොස් තිබෙනවා. ඇත්තටම මෙය තාක්ෂණයේ වරදද? අපේ වරදද ? නැවත නැවත හිතන්නට කාලය ඇවිල්ලා තියෙනවා

                  
                                                                                       සුගත් පෙරේරා

    Thursday 7 November 2013

    සම්පුර්ණ මුහුණම වසෙන්න හෙල්මට් දැමීම අද සිට තහනම්

    http://ratagiyaattho.blogspot.kr/
    • helmatයතුරු පැදිකරුවන් භාවිතා කරන සම්පූර්ණ මුහුණ ආවරණය වන සහ කළු ආවරණ සහත හිස් වැසුම් නීතිය අද දිනයේ සිට දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.මේ සම්බන්ධයෙන් වන විශේෂ නියෝගය සියළු පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.මෙම නීතිය කලින්ද ස්ථාපිතව තිබුණද එය ක‍්‍රියාත්මක නොවීය.පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.ආරක්‍ෂිත හිස් වැසුමි සමිබන්ධ නිතිය 1991 ජනවාරි 11 වන දින අංක 644 / 26 දරණ අති විශේෂ ගැසටි පත‍්‍රයේ රෙගූලාසි වල සදහන්ව ඇති අතර එම රෙගූලාසි 1981 අංක 21 දරණ මෝටර් වාහන පනතේ 158 (2) හා 237 වගන්තිය යටතේ ප‍්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා විසින් සාදා ඇත.එම නියෝග මෙසේය.
    • 01. අනුමත කරන ලද ආරක්‍ෂිත හිස් වැස්මක් නිකට වටා සුරක්‍ෂිත පරිදි නිකට පටියකින් සවි කිරිම මගින් පදවන්නාට සහ පසුපස ආසනයේ යන්නාට හිසට වැදෙන පහරකින් ප‍්‍රධාන වශයෙන්ම ආරක්‍ෂාව සලසන්නාවුද පැළද සිටින තැනැත්තාව පහසුවෙන් හඳුනා ගත හැකි වන සේ මුහුණ ප‍්‍රදේශයේ විවෘතව පවත්නාවුද හිසෙහි පළදින උපකරණ විශේෂයක් විය යුතූය.
    • 02. ආරක්‍ෂිත හිස්වැස්ම පැළදි විට එහි කිසිම කොටසක් දිගූවක් හෝ සමිබන්ධිතයක් මගින් ඇහිබැම සහ නිකට අතර මුහුණෙහි කිසිදු කොටසක් අපහැදිලි වන “සැඟවෙන හෝ විකෘති වන ආකාරයේ වර්ගයක ආරක්‍ෂිත හිස් වැසුමි නොවිය යුතූය.
    • 03.ආරක්‍ෂිත හිස්වැස්ම යන්නෙන් ප‍්‍රමාණවත් අවට පෙනිම වැළැක්විමක් නොමැතිව හිස් වැස්ම පැළඳ සිටින්නාගේ හිසෙහි මුලික තලය ඉහළින් පිහිටි කොටසට වැදෙන පහරකින් ආරක්‍ෂා කිරිම. මුලික වශයෙන් අරමුණු කරගත් ශිර්ෂ පළඳනාවක් අදහස් වේ.
    • 04. ආරක්‍ෂක මුවාව (වයිසරය) මද පැහයෙන් වර්ණවත් කර හෝ කිසියමි වර්ණවත් ද්‍රව්‍යකින් තනා හෝ නොතිබිය යුතූය.
    • ඉහත සදහන් රෙගූලාසි වලට පටහැනිව පාවිච්චි කරනු ලබන හිස්වැසුමි නිසා අනතූරු වලින් මිය යන හා තුවාල ලබන පිරිස වැඩි වි ඇති අතරම අඳුරු වයිසරය සහිත හිස්වැසුමි භාවිතා කිරිමෙන් අනන්‍යතාවය තහවුරු නොවන පරිදි අපරාධකරුවන් පළාගිය අවස්ථාද වාර්තා වි ඇත.
    • එම හේතූ නිසා ඉහත රෙගූලාසි වලට පටහැනි ආකාරයෙන් හිස්වැසුමි පළදින පැදිකරුවන් හා පසුපැදිකරුවන්ට රථවාහන නීතිය කි‍්‍රයාත්මක කිරිමට බලාපොරොත්තූ වේ.

    Wednesday 6 November 2013

    කාන්තාවකට "කිස්" එකක් දුන්නු රේවත හිමිට අධිකරණයෙන් තහනමක්

    http://ratagiyaattho.blogspot.kr/
    lawඉන්දීය මහාබෝධි සංගමයේ ප්‍රධාන ‍ලේකම් ධුරය දැරීම වළක්වාලමින් ඉන්දියාවේ කල්කටා නුවර මහාධිකරණය විසින් ආචාර්ය දොඩම්ගොඩ රේවත හිමියන් වෙත තහනම් නියෝගයක් පනවා ඇත. කල්කටා මහාධිකරණය මේ අතුරු තහනම් නියෝගය නිකුත් කළේ රේවත හිමියන් බෞද්ධ භික්ෂූන් උදෙසා විනය පිටකය මගින් පනවා ඇති නීති හා රෙගුලාසි උල්ලංඝනය කරමින් බෞද්ධ භික්ෂුවකට නුසුදුසු ලෙස ක්‍රියා කරන බව සඳහන් පෙත්සමක් සැලකිල්ලට ගනිමිනි.
    ඉන්දීය නීතිවේදීහු අවධාරණය කරන්නේ බෞද්ධ පිටකයක් පදනම් කර ගනිමින් පෙත්සමක් පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට කල්කටා මහාධිකරණය අවසර ලබාදීම ඉන්දීය අධිකරණ ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් බවය.
    මේ අතුරු තහනම් නියෝගය නිසාත්, කාන්තාවක් සිප වැළඳ ගන්නා වීඩියෝ දර්ශන සහ ඡායාරූප ගණනාවක් ජනමාධ්‍ය ඔස්සේ හෙළිදරව් වූ නිසාත් මේ දිනවල රේවත හිමියෝ ඉන්දියාවේ බෞද්ධ ජනතාව අතර මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වී සිටිති. උන්වහන්සේට විරෝධය පාමින් ඉන්දීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සංවිධාන ගණනාවක් පසුගියදා උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කළහ.
    මේ සමගම පසුගිය කාලය පුරා ඉන්දීය මහාබෝධි සංගමය හරහා සිදුවිණැයි පැවසෙන අයථා ක්‍රියාවන් ගණනාවක්
    පිළිබඳව තොරතුරුද ඉන්දීය ජන මාධ්‍යයන් ඔස්සේ හෙළිදරව් වෙමින් පවතී.
    විදේශීය මුදල් අයුතු ලෙස පරිහරණය සම්බන්ධයෙන් වැරදිකරු වීම හේතුවෙන් සංගමයේ කිසිදු මූල්‍යමය කටයුත්තකට රේවත හිමියන්ට සම්බන්ධ වීම තහනම් කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නියෝගයක්ද පනවා තිබේ.
    2001 වසරේ සිට ඉන්දීය මහාබෝධි සංගමයේ ප්‍රධාන ‍ලේකම් ධුරය හොබවනුයේ රේවත හිමියන් විසිනි. අසීමිත කාලයකට එම ධුරය දැරීමට හැකි වන ලෙස පසුගියදා ව්‍යවස්ථා සංශෝධනයක්ද සිදුකෙරිණි.
    මෙම ව්‍යවස්ථා සංශෝධනයන්ට විරෝධය පළ කරමින් සංගමය හා දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කටයුතු කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු භගබතී ප්‍රසාද් බැනර්ජි, බෙංගාලයේ හිටපු නියෝජ්‍ය ‍පොලිස්පති අමියෝ කුමාර් සමන්තා සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු චිත්තතෝශ් මුකර්ජි මහතාද සංගමයේ මතෛක් දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත. මුකර්ජි මහතා අනගාරික ධර්මපාලතුමන් මුලින්ම ඉන්දීය මහාබෝධි සංගමය පිහිටවූ අවස්ථාවේ එහි සභාපතිත්වයට පත් කරගත් ආශුතෝශ් මුකර්ජි මහතාගේ මුණුපුරෙකි.

    Tuesday 5 November 2013

    “රට ගියා ම හැම දාම රෑට මුන් දෙන්නා ටෙලිපෝන් එකෙන් මට කලකොලොප්පම් කරන්න හිටියා"

    http://ratagiyaattho.blogspot.kr/
    butha17-08“අනේ! බුදු මහත්තයෝ මට වෙච්ච විපත මට දරාගෙන ඉන්න බෑ. අනේ....” යි නාලිනීට ආවිශ්ට වූ භූතාත්මය බිම පෙරැළී අඬන්නට වූයේය.
    මොකක්ද වෙච්ච විපත. කරදරය. ඔය ඇඬිල්ල නතර කරලා කියන්න, අපට පුළුවන් උදව්වක් කරන්නම්” යැයි ආධ්‍යාත්මික ගවේෂකවරයා කීවේය.
    මහත්තයා මම අවුරුදු හතක් අරාබියේ රස්සාව කළා. ගෙවල් දොරවල් හැදුවා. ගෑනිට රත්තරන් බඩු අරන් දුන්නා. ගෙදරට අවශ්‍ය, ටී. වී. - ෆ්‍රිජ්, ඇඳ පුටු මේස අලුතෙන්ම ගත්තා. මහත්තයා මම බස් එකකුත් ගත්තා. ඒක ගත්තෙත් ගෑනිගෙ නමට. මම රට ඉන්දැද්දි ගෑනි හොර මිනිහෙක් යාළු කැර ගෙන. ඌව ගෙදරට ම ගෙන්නගෙන මට තර්ජනය කළා” යි නැවතත් හඬන්නට විය.
    නාලිනී පෙරේරා තිස් පස් හැවිරිදි විවාහක කාන්තාවකි. මාවතගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. අරාබියේ දී සිය දිවි හානි කැර ගත් සහෝදරයාගේ භූතාත්මය ඇයට ආවිෂ්ට වීම නිසා දුකට පත්ව, ශාරීරිකව ද මානසිකව ද පීඩා වින්දාය. තොවිල් පවිල් ශාන්ති කර්ම සිදු කළත් නිත්‍ය සුවයක් නොලදින් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ස්වාමි පුරුෂයා සමඟ පැමිණියාය.
    එහිදී ආධ්‍යාත්මික ගවේෂකවරයා මුණ ගැසී තමන්ගේ දුක් විපත් කතාව කියන්නට සැරසෙද්දී ම භූතාත්මය ආවිෂ්ටව විස්තර කියන්නට වූයේය.
    “මහත්තයා, අපේ අම්මා රට රස්සාවකට ගියා. තාත්තා බීමට ඇබ්බැහි වෙලා මාවයි අක්කවයි දාලා යන්නට ගියා. අක්කා තමයි දුක් විඳගෙන මාව හැදුවේ. මගේ මේ බුදු අක්කට පින් අයිති වෙන්න ඕනෑ” යි අඬන්නට විය.
    “හරි හරි ඔය හිතේ තියෙන දුක නිවෙන්නත් එක්ක ඔයාගෙ ප්‍රශ්නය කියන්න.”
    “ඔව් මහත්තයා මගේ දුක කියන්න වෙන කෙනෙක් නෑ. මම ඔක්කොම කියනවා.”
    “මොකක්ද ඔබේ නම?”
    “සිරිල්”
    “සිරිල්ට මොකද වුණේ?”
    “මම හැදුණෙ වැඩුණෙ අක්කගෙ ළඟ. මම වඩු වැඩ කරන්න ඉගෙන ගන්නා වයස අවුරුදු දහ අටේ දි ගෑනු ළමයෙක් එක්ක යාළු වුණා. එයාගෙ නම රීටා. රීටාට වයස අවුරුදු දහසයේදී මම එයාව කසාද බැඳල ගෙදරට එක්ක ගෙන ආවා. අපට ය කියලා ගෙයක් ඕනැයි කියල කංකෙඳිරි ගාන කොට මම රට රස්සාවකට ගියා. එතකොට අපට දරුවෙකුත් ඉන්නවා. මම ගියේ අරාබි රටකට. සල්ලි ටිකක් හම්බ කැර ගෙන ඇවිත් ගෙයක් හදන්න කටයුතු කළා. දේව පූජා තියන්න කියලා දේවාලයකට ගියා. ඒ දේවාලේ කපුවා අප එක්ක හිතවත් වුණා. මම ආපහු නැවතත් රට ගියා. මේ අතරේ රීටා කපුවා එක්ක යාළු වෙලා. මම දන්නෙ නෑ මම අවුරුදු හතක් දුක් විඳලා හම්බ කරපු දෙයින් ලස්සන ගෙයක් හැදුවා. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ගත්තා. රීටාට රත්තරන් බඩු අරන් දුන්නා. මම අලුතෙන් බස් එකකුත් අර ගත්තා. ඒක ගත්තෙත් රීටගෙ නමට.
    “ඔය අතරෙ රීටා අර කපුවත් එක්ක යාළුයි කියලා ආරංචි වුණා. ඌ අපේ ගෙදර ඇවිත් නතර වෙනවයි කියලත් ආරංචි වුණා. ඒවත් කපුවගෙම වැඩ. මම ආපහු ලංකාවට ආවා. මම මේවා ගැන ඇහුවාම රීටා ඒවා ඇත්ත බව පිළිගත්තා. මම ගෙදර ඉන්න කොටත් අරූ - කපුවා මගේ ගෙදරට ආවා. රීටා මටත් වඩා හොඳට ඌට සැලකුවා. ඌ මට තර්ජනය කළා. උඹ බලා ගනින්, මම දෙවියන්ගෙ මිනිහෙක්. මට උඹ හිටියත් එකයි, මළත් එකයි. මගෙයි රීටගෙයි සම්බන්ධය මම නතර කරන්නේ නෑ කියලා මට තර්ජනය කළා. දවසක් උදේ පාන්දර අවදි වෙලා බලන කොට මම නිදාගන්න ඇ‍ඳේ ඔළුව තියපු කොට්ටය යට මිරිස් කරලක් ගහපු දෙහි ගෙඩියක් තිබුණා. මේක අරූගෙ වැඩක් බවත් රීටගෙ සහයෝගය ලැබිලා මෙහෙම ගුරුකමක් කැර තියෙන බවත් මට වැටහුණා. මේ සිද්ධියෙන් මම මානසිකව වැටුණා. කරන්න දෙයක් නැති තැන මම නැවතත් රට ගියා.
    “රට ගියා ම හැම දාම රෑට මුන් දෙන්නා ටෙලිපෝන් එකෙන් මට කලකොලොප්පම් කරන්න හිටියා. දවසක් මුන් දෙන්නා මට තර්ජනය කළා. උඹ දික්කසාද වෙයන්. හැබැයි ගේත් අපට ඕනෑ. බස් එකත් උඹට දෙන්නෙ නෑ. ඒක රීටගෙ නමටයි තියෙන්නේ කියලා තර්ජනය කළා. එදා මම හොඳට ම කළකිරුණා. එදා අරාබියේ මම හිටපු කාමරයේදී ගෙල වැළලාගෙන මැරුණා” යි සිරිල්ගේ ප්‍රාණකාරයා සිය කතාව කීවේය. ඉන් පසුව දිගින් දිගට අඬන්නට වූයේය.
    දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙසට ගවේෂකවරයා නාලිනීට උපදෙස් දුන්නේය.
    සති තුනකට පසු නැවත පැමිණි විට ද නාලිනී ප්‍රලය වූවාය.
    ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
    “තමුන්ගෙම බිරියයි කපුවයි වරද කරලා තියෙන්නේ, ඉතින් ඇයි මේ අක්කගෙ ඇඟට රිංගලා එයාට කරදර කරන්නෙ?”
    “උන් දෙන්නා ආරක්ෂා වෙලා ඉන්නෙ. මට කිට්ටු කරන්න බැහැ. මගේ දුක කියා ගන්න වුවමනා නිසා අක්කගෙ ඇඟට රිංගුවා.”
    “මොකක්ද තමුන්ට තියෙන දුක?”
    “මගේ ගෑනිත් දේපළත් අහිමිවීම දුකක් නෙවෙයි ද?”
    “දුකක් නම් තමයි. ඒත් මෙන්න මේ ටිකත් අහන්න. යන්තම් වයස අවුරුදු දහඅට වෙනකොට ගෑනියෙක් ඕනැ වුණා. හරියට රස්සාවක් ආදායමක් නෑ. ඉන්න හිටින්න ගෙයක් දොරක් නෑ. ඉතින් රට රස්සාවලට යනවා. ළාබාල කෙල්ලක් විවාහ කරගෙන ඒකිව ගෙදර දාලා රට යනවා. ඇත්තටම මේ වගේ කෙල්ලො හරියට තරුණ වයසට ඇවිත් නැහැ. ජීවිතය ගැන අවබෝධයක් නැහැ. කසාද බැන්දට පස්සෙයි නියම තරුණ වයසට එන්නෙ. මිනිහා අවුරුදු හත අට රට ගිහින් එනකම් තනිකඩේ ඉන්න කොට මොකෙක් එක්ක හරි යාළු වෙනවා. පාන් කාරයා වුණත් කමක් නෑ. ත්‍රීවිල් කාරයා වුණත් කමක් නෑ. මොකා එක්ක හරි පැටළෙනවා. ඔයිනුත් භයානකම දේ තමයි දේවාල ගාණෙ යන එක. ළපටි තරුණ ගෑනු ගියාම යකා නොවෙයි දිෂ්ටි හෙළන්නෙ කපුවා.”
    “සිරිලුත් ජීවිතේ බාරදූරකම දන්නෙ නෑ. අත්දැකීම් දන්නෙ නෑ. ගෑනිට වහවැටිලා ර‍ටේ ලෝකෙ වෙන දේවල් දන්නෙ නෑ. ගෑනිව විශ්වාස කරලා දේපළ ගෑනිගෙ නමට ගත්තා. ඉතින් කල්පනා කරලා කියන්න මෙතන කවුද වරද කරලා තියෙන්නෙ?” ගවේෂකවරයා ඇසීය.
    “ඔව් මහත්තයා, මම ම තමයි වරද කරලා තියෙන්නෙ.” යි භූතාත්මය අඬන්නට වූයේය.
    “ඒ විතරක් ද නොවෙයි. සිරිල්ගෙ අම්මත් රට ගියා. රට ගියා ම බොහොමයක් ගෑනුන්ට මිනිහව මදිපුංචි වෙනවා. ගෙවල් දොරවල් හදන්න සල්ලි හම්බ කරන්න කියලා තමයි යන්නෙ. ටික දවසක් ඉන්න කොට මස් මාළු කාලා තෙල වැටෙන කොට ආපු කාරණේ මතක නැති වෙනවා. ගෙවල් දොරවල් අමතක වෙනවා. ඔහොම වෙන කොට ගෙදර ඉන්න මිනිහා බීමට ඇබ්බැහි වෙනවා. අයාලේ යනවා. අන්තිමට බලන කොට පවුල් ජීවිතේ අවුල්, ජීවිතේ හොඳම කාලෙ ගෑනියි මිනිහයි එක වහළ යට නෑ. දරුවන්ට අම්මගෙ තාත්තගෙ ආදරේ කරුණාව නෑ. රට යන්නන් වාලෙ රට ගියාට වැඩක් නෑ. පවුලේ ජීවිත සැලසුම් කරන්න, මෙහෙයවන්න දැනුම තේරුම ඕනෑ. සල්ලි තිබුණටම මදි. ඒ මුදල් කළමනාකරණය කරගත්තත් දැනුම අවබෝධය තියෙන්න ඕනෑ. අඩිපුඩි ගහලා පාටි දැම්මාට වැඩක් නෑ. රට රස්සාවලට ගිය අයගෙන් කීයෙන් කී දෙනා ද සන්තෝසෙන් පවුල් කන්නෙ. සිරිල්ටත් වුණේ ඒ ටික ම නේද?” අන්තිමට ජීවිතෙත් නෑ. මෙලොවත් පරලොවත් දෙක ම නෑ.”
    “ඇයි මහත්තයා පරලොවත් නෑ කිව්වෙ?”
    “දුකෙන් වේදනාවෙන් තරහෙන් සියදිවි හානි කැර ගෙන දුගතිගාමී උපතක් ලබලා දැන්.”
    “මට කපුවගෙන් පළිගන්න ක්‍රමයක් නැද්ද මහත්තයා?”
    “අනුන්ට වෛර කරන්න හිතන්න එපා. දෙවියන්ගේ නාමයෙන් වැරදි වැඩ කරන අයට විශ්වය දඬුවම් කරනවා. දැන් ඔය කපුවා වුණත් තමන්ගෙ අඹු දරුවන් අතහැරලා රීටා ළඟට ඇවිත් ඉන්නේ. එහෙම වුණත් කපුවගෙ යටිහිත දන්නවා තමන්ගෙ කසාද බිරියයි දරුවොයි දුක් විඳින බව, සාප කරන බව. ඔය වගේ ඇදුරොත් කපුවොත් අන්තිමට අනන්ත දුක් විඳිනවා. මෙලොවත් දුක් විඳිනවා. පරලොවත් දුක් විඳිනවා. තමුන් පළිගන්න වුවමනා නෑ. විශ්වය නියමය ඉටුකරාවි” යි ගවේෂකවරයා කරුණු පැහැදිලි කළේය.
    “ඉතින් මහත්තයා මම දැන් මොනව ද කරන්න ඕනෑ.”
    “ඔබ කිසි දෙයක් කරන්න අවශ්‍ය නෑ. රීටාත් කපුවාත් දෙන්නා බරපතළ පාපයක් කරන්නෙ. ඒ දෙන්නා නිසා ඔබේ ජීවිතය නැති වුණා. සිරිල්ගේ ජීවිතය විනාශ වන තැනට ඒ දෙන්නා කටයුතු කළා. ඒක ප්‍රාණඝාතයක්. ඒ වගේ ම අනුන් සතු දේපළ වැරදි ආකාරයෙන් ලබා ගැනීම, බුක්ති විඳීම, අදන්නාදානය. ඊළඟට වැරදි කාමසේවනය. වැරදි ලෙස පංචේන්ද්‍රියයන් පිනවීම, කාමය වරදවා හැසිරීම, මේ වගේ අපරාධ කළ අයගේ යටි හිත දන්නවා තම තමන් කළ වරද. මෝහයෙන් අන්ධ වී ලෝභයෙන් රාගයෙන් ද්වේෂයෙන් සිදුකළ අහේතුක අකුසල කර්ම. විපාක බරපතළයි, ඒ අය මෙලොවත් පරලොවත් විඳවාවි, ඔබ ඔබේ හිත හදාගන්න.”
    “කොහොම ද මහත්තයා හිත හදාගන්නෙ?”
    “මේක ලෝකයේ හැටි. මේ වගේ දේවල් ලෝකයේ තවත් අයට සිද්ධ වෙලා තියෙනවා. දැනුත් සිද්ධ වෙනවා. ඉදිරියටත් සිද්ධ වෙනවා. ඔය දේපළ ගැන හිතන්න එපා. අපේ ශරීර වගේ ම ඒවත් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. දිරාපත් වෙනවා. විනාශ වෙනවා. ඔය දේපළ ගැන හිතලා වැඩක් නෑ. ඒකෙන් වේදනාව පීඩාව විතරයි ඔබට ලැබෙන්නේ. ඔය දේපළ නීතියෙන් ලබාගන්නත් බෑ. එසේ ලබාගන්නත් ඔබට භුක්ති විඳින්නත් බැහැ. ඔබ දැන් එදා හිටපු සිරිල් නොවෙයි, දැන් ප්‍රේතයෙක්. ඔබ දැන් ඔය ප්‍රේත භවයෙන් මිදී ඉහළ තලයකට යන්න අධිෂ්ඨාන කරන්න. අක්කා ලවා සාංඝික දානයක් මහා සංඝ රත්නයට පූජා කොට ඔබේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කරවන්නම්, එතකොට ඔබට ඉහළ තලයකට යන්න පුළුවන්” යැයි කරුණු පැහැදිලි කළේය.
    නාලිනී සාංඝික දානය පිරිනමා නැවත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ආවාය. එදින ද ප්‍රලය වූවාය.
    “කවුද මේ?” ගවේෂකවරයා ඇසීය.
    “මම සිරිල්. මම පින් අනුමෝදන් වුණා. මට ඒ සතුටත් සමඟ සැහැල්ලුවක් දැනුණා. මට දැන් කතරගම දේවාලයට යන්න ඕනෑ.”
    “බැහැ. බැහැ. දේවාලයට බැහැ. ඔබට කිරිවෙහෙර වහන්සේ අසලට යන්න පුළුවන්. එතැනට ගොස් පිනට දහමට සම්බන්ධ වෙන්නැÓයි උපදෙස් දුන්නේය.
    මෙය සීමාව ඉක්මවා දේවාල පස්සේ යන උදවියට පාඩමකි. එසේම ළමාවිය, ලෝකය පිළිබඳ ඉගෙන ගන්නා වයස තරුණ විය යැයි සිතා සිටින නොමේරූ වයසේදී මනමාල මඟුල් සිතුවිලි ගොඩ නඟන ගැහැනු පිරිමි දෙපාර්ශ්වයට ම ආදර්ශයකි. එවැනි අයට ප්‍රතිඵලය ඉගෙනුම කඩා කප්පල් වේ. ජීවිතය අවුල් වේ. අසාර්ථකයි. මෙලොවත් පරලොවත් සැනසුමක් සතුටක් නැත, මවුපියනට ද පාඩමකි.