sha fm

    Saturday 12 October 2013

    අකුරැස්සේ ප්‍රාදේශීය සභාපතියාගෙන් දුෂණය වූ දැරිය පාසලෙනුත් දොට්ට

    පසුගිය කාලයේ කුප්‍රසිද්ධවූ
    මුලින්ම තරුණයන් දෙදෙනකුගෙන් හා ඊට පසුව ප්‍රාදේශීය සභා සභාපතිවරයාගෙනුත් අතවරයකට ලක්වූ බව කියන මේ බාලවයස්කාර දැරිය ඒ කාලේ ඉගෙන ගත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පාසලකය. නමුත් 14 හැවිරිදි වියේ පාසල් යද්දී සිදුවූ ඇයගේ අතවර සිද්ධිය 2012 මැයි මස මාධ්‍ය ඔස්සේ ආන්දෝලනය වෙමින් ප්‍රචාරයවීමෙන් අතවරකරු නීතියට කොටු කරන්නට සමත් වුවත් ඇයගේ දෛවයට අත්කළේ අවාසනාවකි.
    ඇයට එම පාසලේ තවදුරටත් සිටිය නොහැකි විය. ඇයට එම පළාතේද වාසය කළ නොහැකි විය. සමහරු සිතුවේ ඇය දිවි නසාගත් බවය. ඇයට අතවර සිද්ධියෙන් පසු කුමක් වූවාද යන්න වැඩි දෙනෙකු ඇත්තටම දැන සිටියේ නැත.
    නමුත් ඇය දෙමාපියන් සමග පවුල් පිටින් ඈත පළාතකට සංක්‍රමණය වන්නට තීරණය කර තිබුණා. මේ වනවිට 15 හැවිරිදි වියේ සිටින 9 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටින ඇය ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගය ලියා ඉදිරියට යාමේ අදිටනින් සිටින්නියකි. ඇය සිදුවූ දේ අමතක කර අධ්‍යාපනයෙන් දස්කම් පෙන්වා ඉදිරියට යන්නට තීරණය කර තිබුණා. නමුත් එයටද දැන් දුර්භාග්‍ය සම්පන්න ඉරණමක් අත්ව ඇත.
    අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපතිගෙන් අතවරයට පත්වු ආන්දෝලනයට තුඩුදුන් සිද්ධියේ දැරියට දැන් අත්ව ඇති අවාසනවන්ත ඉරණම ඛේදජනකය.
    ඇය අකුරැස්සෙන් සංක්‍රමණය වුයේ බණ්ඩාරවෙලටය. බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයට ඇයට ඇතුළුවන්නට හැකියාව ලැබුණ අතර නැවතත් පාඩම් වැඩ වලට ඇය අත ගැසුවා පමණි.
    දැරිය එම විදුහලේ ඉගෙනීම ලබමින් සිටින අතර ඉකුත් සැප්තැම්බර් 07 දා ඇගේ මව විදුහලට කැඳවූ විදුහල්පති වැදගත් කාරණාවක් ගැන සාකච්ඡා කිරීමට ඇති බව පවසා තිඛෙනවා. විදුහල්පතිවරයාට  දියණිය පාසලේ තබා නොගන්නා මෙන් තර්ජනය කරමින් මාතරින් දුරකථන ඇමතුම් කීපයක් ලැබුණු බවත් ඒ නිසා තීරණයක් ගතයුතු බවත් විදුහල්පති දැරියගේ මවට දන්වා ඇත.
    විදුහලේ ඉගෙනුම ලබන සෙසු සිසුවියන්ගේත් ආරක්ෂාව පිණිස දියණිය විදුහලෙන් අස්කර ගත්තොත් හොඳයි නේද යනුවෙන් ඔහු යෝජනාවක්ද කර ඇත.තමා අමාරුවෙන් දියණියට වැනසීයන හෙට සකස් කරගන්නට උත්සාහ දරන මේ අවස්ථාවේ විදුහල්පතිවරයාගේ හැසිරීම මවට ප්‍රහේළිකාවක්වී ඇති අතර ඔහු යෝජනා කර ඇත්තේ කැමැත්තෙන් අස්වෙන බවට තමා ලියවිල්ලක් සකස් කර දෙන බවකි.විදුහල්පතිවරයට තිබුණ ගෞරවය හා එම අවස්ථාවේ උපදෙස් සැපයූ ආකාරය අනුව මවට මෙම බලපෑම්කාරී තීරණයට නතුවන්නට සිදුව ඇත.
    දැරියගේ මව දැරියද කැටුව නැවත නිවසට ආවේ කබලෙන් ලිපට වැටීය.
    මෙම ගැටලූව ගැන ඇය නැවත නිවැරදිව සිතා ඇත්තේ නිවසට ගිය විටය.

    කැමැත්තෙන් අස්වී යන බව විදුහල්පති නිකුත් කළ අස්වීමේ සහතිකයේ සඳහන් වුවත් එය සම්පූර්ණයෙන් අසත්‍යක් බවත් අස්වීමට සිදුවූයේ විදුහල්පති ගත් අත්තනෝමතික හිතුවක්කාර අසාධාරණ තීරණය උඩ කළ දැඩි බලපෑම් නිසා බවත් ඇය තේරුම් ගත් අතර නීතියේ පිහිට සොයා යන්නටද ඇයට සිදු වුණා. ඒ අනුව මෙම සිද්ධිදාමය
    පෙත්සමක සඳහන් කර බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා විදුහල්පති, බත්තරමුල්ල ඉසුරුපාය ජාතික පාසල් අධ්‍යක්ෂ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ අධ්‍යාපන ඇමැති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇය නීති මාර්ගයට දැන් එළැඹ සිටිනවා.
    ඉගෙනීම ලබමින් සිටි විදුහලෙන් අස්කර ගැනීමට බලපෑම් කළ බව කියන විදුහල්පතිගෙන් රුපියල් ලක්ෂ 20 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා එම දැරිය හා ඇගේ මව නීතිඥයකු මාර්ගයෙන් ඊයේ (10 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.
    2014 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත් විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටින දැරියට තවදුරටත් අධ්‍යාපන කටයුතුවල යෙදීමට ඇති අයිතිය සුරක්ෂිත වන ආකාරයට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
    මෙම පෙත්සම පිළිබඳව සම්පූර්ණ විභාගයක් පවත්වා අවසන් වන තුරු එම විදුහලට යළි ඇතුල් කරගත යුතු බවට නියෝගයක් විදුහල්පතිට ද එසේ නැත්නම් හැකි ඉක්මණින් දැරියට වෙනත් සුදුසු පාසලක් සොයාදෙන ලෙසට අධ්‍යාපන බලධාරීන්ට ද නියෝග කරන්නැයි ද පෙත්සමෙන් ඉල්ලා තිඛෙනවා. මේ පිළිබඳ විභාගය ඉදිරියට පැවැත්වෙනු ඇත.
    අතවර කළ සභාපති නිදහස්වී දැන් පුරුදු වැඩ කරමින් ගෙදරය.
    අනපේක්ෂිත අතවර සිද්ධිය නිසා සමාජයෙන් ඇත්වන්නට සිදුවූ අහිංසක ඇයට ජීවිතයේ සාමාන්‍ය අයිතීන් වෙනුවෙන් පවා දැන් සටන් වදින්නට සිදුව ඇත.

    No comments:

    Post a Comment