sha fm

    Tuesday 19 July 2016

    දකුණු කොරියාව තුල සේවකයාගෙ වැටුප් වර්ධනය

    2017 වසරට අදාල දකුණු කොරියාව තුල සේවකයාගෙ වැටුප් වර්ධනය සහ එහි ඉතිහාසය.


    ________________________________________________
    ලොව රටවල් අතුරින් නමවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන දකුණු කොරියාව ඒක පුද්ගල ආදායම (පැයකට ) අතින් ගත්කල ලොව රටවල් අතුරි දතුන්වන ස්ථානයෙ පසුවෙයි. විකිපිඩියා වෙබ් අඩවියට අනුව 2014 වසරෙ එක පුද්ගල ආදායම දකුණු කොරියාතුල අයෙකුගෙ ( වසරකට ) ඩොලර් 36672කි. එය ලොව රටවල් අතරින් 10 වන විෂාලතම තනි පුද්ගල ආදායම් ඉපයීම වෙයි. ශ්‍රී ලංකාව හා සංසන්දය කිරිමේදි ලංකාව තුල සේවකයෙකු වසර 10කදිවත් උපයනා ආදායමේ සාමන්‍යට වඩා විශාල අගයකි.
    2017 වසරට ආදාලව දකුණු කොරියාව සේවකයන්ට හිමිවියයුතු වැටුප් ප්‍රමාණයන් මේ වනවිට නිකුත් වි ඇත. සාමාන්‍යයෙන් දකුණු කොරියාවෙ ස්‍රමිකයෙකුගෙ වැටුප අවම වශයෙන් 6%කින් වර්ධනය වෙයැයි පිළිගැනිමක් පවති. වසර කිපයක තොරතුරු සංසන්දයය කරමින් මේ වසරෙ වැටුප් වර්ධකය කොපමණ දුරට සේවකයා කෙරෙහි බලපැම් ගෙනදෙනු ඇද්දැයි විමසා බලමු.
    2013 වසර
    --------------
    මුලිඛ වැටුප වොන් - 1015740යි.
    අතිකාල පැයකට වොන් - 7290යි.
    එය 7.2%කින් වැඩිකරමින් 2014 වසරට අදාල වැටුප් වර්ධනය විය.
    2014 වසර
    --------------
    මුලිඛ වැටුප - වොන් 1088890යි.
    අතිකාල පැයකට - වොන් 7815යි.
    මෙම වැටුප් ප්‍රමාණයන් 7.1% වැඩිකරමින් 2015 වසර සදහා වැටුප් ප්‍රමාණයන් සකස්වන්නට විය.
    2015 වසර
    --------------
    මුලිඛ වැටුප - වොන් 1166220යි.
    අතිකාල පැයකට - වොන් 8370යි.
    ආසන්න දශක කිහිපයක ඉතිහාසය තුල දැවැන්තම වැටුප් වර්ධකය හිමිවු වසර ලෙස 2016 වසර හදුන්වාදිය හැකිය. එම වසරෙදි පෙර වසරට සාපේක්ශව 8.06% කින් වැටුප් වර්ධනය විය.
    2016 වසර.-----------------

    මුලිඛ වැටුප - වොන් 1260270යි
    අතිකාල පැයකට - වොන් 9045යි.
    මේවනවිට නිකුත් වි ඇති 2017 වසර අදාල වැටුප් වර්ධනය වු ආකරය විමසා බලමු. පෙර වසරෙ පැවති මුලිඛ වැටුප වන වොන් 1260270ක මුදල මේ වසරෙදි වොන් 1,352,230ක් දක්වා වර්ධනය වි ඇති අතර ඒ 2016 වසරට සාපේක්ෂව 7.2% ප්‍රමාණයකින් වර්ධනය වි ඇත.
    2017 වසර
    --------------
    මුලිඛ වැටුප - වොන් 1,352,230යි.
    අතිකාල පැයකට - වොන් 9,705යි.
    සාමාන්‍ය පැයකට - වොන් 6,470යි.
    ගතවෙන වසරට සාපේක්ෂව එලබෙන වසරෙ වැටුප් වර්ධකය යම් ප්‍රමාණයකට හීන වර්ධණ වේගයක් පෙන්නුම් කළද එය සැහිමකට පත්විය හැකි ප්‍රමාණයක පවති. ගතවෙන වසර තුල දකුණු කොරියාවෙ නැව් කර්මාන්තය සැලකිය යුතු මට්ටමකින් පසුබැමට ලක්වීම මෙරට ආර්ථිකයට තදින් බලපැම් කරනු ලැබු බව පෙනෙනට තිබේ. එහි යම් තාක් දුරකට වන බලපැමක් වැටුප් වර්ධක සදහාද බලපා ඇති බවට උපකල්පනය කල හැක.

    No comments:

    Post a Comment