http://ratagiyaattho.blogspot.kr/
ඩුබායි ගියසුභාෂිනි මොලොව දීමඅපා දුක් ගැහැටවින්ඳ හැටි
රඹුක්කන, මුවපිටියේ සුභාෂිනී මනෝහාරි ජයතිලක, උපුල් සංජීව කුමාරතුංග සමග විවාහ දිවියට ඇතුළත් වූයේ 2009 මාර්තු 27 දා ය. එවකට ඇගේ වයස අවුරුදු දහඅට සම්පූර්ණ වූවා පමණි. උපුල් සංජීව විසි එක් හැවිරිදි විය. ඔහු පෞද්ගලික වාහනයක රියැදුරු වෘත්තියේ නියුතු වූ අයෙකි විවාහ වී මාස දහයකට පසු ඔවුනට දියණියක ලැබිණි. දියණිය විහංගා භාසිරි කුමාරතුංග ය.උපුල්ගේ රැකියාව ස්ථිර එකක් නොවූ අතර ඉන් සැලකිය යුතු ආදායමක් ද නොලැබිණි. ඔහුගේ මව ද ඔත්පලව හිඳීම තවත් කරුණක් විය. මේ සියලු කාරණා මැද උපුල්ටත් සුභාෂිනීටත් තමන්ගේය කියා නිවසක් තනා ගැනීම කිසිදාකත් ඉටු නොවන සිහිනයක් වී තිබිණි. අන්තිමේ සුභාෂිනී මැදපෙරදිග යාමට තීරණය කළා ය. දියණියගේ වයස අවුරුදු එක හමාරක් පමණ වූ විට සුභාෂිනී ඇගේ වගකීම සැමියාට පවරා 2011 ජූලි අට වෙනි දින ගෘහ සේවය සඳහා ඩුබායි රටට පිටත්ව ගියා ය. ඒ කුරුණෑගල විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගිනි.එරට සුභාෂිනීට සේවය කිරීමට ලැබුණු නිවසේ සිටියේ මැදිවියේ යුවළක් සහ ඔවුන්ගේ දරු දෙදෙනා පමණි. මෙහි විශේෂත්වය වූයේ මෙම ස්වාමි දුව අනුකම්පාවක්, දයාවක් තබා එහි සෙවනැල්ලක්වත් නොවැඩුණු අතිශය කුරිරු කාන්තාවක වීම ය. සුභාෂිනී එහි ගිය පළමු දිනයේ ම ඇයට දඬුවම් කිරීම පිණිස මෙම ස්වාමි දුව සවිමත් වේවැලක් තබා ගත්තා ය. සාමාන්‍යයෙන් අපේ රටේ කරත්තයේ බඳින ගවයකුටවත් එපමණ තලන්නේ දඬුවම් කරන්නේ නැත. මේ කාන්තාව ඉතා සුළු දොසකට පවා සුභාෂිනීට වේවැලෙන් සේම ඇතැම් විට අතින් පයින් පවා තැලුවා ය. ඒ කිසිම හිතක් පපුවක් නැති ආකාරයට ය. මේ නිසා සුභාෂිනීට නිතරම තුවාල සිදු වූ අතර සිරුර පුරා තැලුම් පහරවල් සහ තුවාල කැළැල් හට ගෙන තිබිණි.
සියල්ල ඉවසාගෙන සුභාෂිනී වැඩ පළ කර දෙමින් එම නිවසේ වැටී සිටියේ වසර දෙකේ ගිවිසුම් කාලය අවසන් වන තුරුය. ඒ තම දියණිය සැමියා සහ නිවස තැනීමේ දැඩි අධිෂ්ඨානය වෙනුවෙනි.
මෙම ඛේදනීය පසුබිම යටතේ 2012 ජූලි අට වෙනි දින ඇගේ ගිවිසුම් කාලය අවසන් විය. ඒ අනුව ඇගේ වීසා බලපත්‍රය ද අහෝසි වී තිබිණි. නමුත් හාම්පුතුන් ඇයට ලංකාවට පැමිණීමට අවසර දුන්නේ නැත. එසේ අවසර ඉල්ලන හැම අවස්ථාවකදීම ස්වාමි දුව කළේ සුභාෂිනීට පහර දීම ය. තමාගේ දරුවා අසනීප වී හිඳින බවට වරක් සුභාෂිනීට සැමියාගෙන් දුරකථන පණිවුඩයක් ලැබිණි. නමුත් කුමන හේතුවකටවත් ඇයව ලංකාවට එවන්නට හාම්පුතුන් කාරුණික වූයේ නැත. අන්තිමේ කර කියා ගන්නට දෙයක් නැතිව නිවසින් පැන සුභාෂිනී පොලීසියට ගියා ය. තමාගේ අත් පා ආදියෙහි තිබෙන තුවාල කැළැල් සියල්ල පෙන් වූ ඇය ස්වාමි දුවගෙන් සිදුවන හිරිහැර පවසා තමාගේ ගිවිසුම් කාලය අවසන් වී තිබියදීත් බලෙන් රඳවාගෙන හිඳින බවට ද පැමිණිලි කළා ය. සුභාෂිනීගේ එකම ඉල්ලීම වූයේ කෙසේ හෝ තමාව මවුබිමට යවන ලෙසයි.
පොලිස් නිලධාරීන් සුභාෂිනිගේ හාම්පුතා පොලීසියට කැඳවී ය. ඔවුන්ගේ, භාෂාවෙන් දීර්ඝ ලෙස කළ සාකච්ඡා කිසිවක් සුභාෂිනීට තේරුණේ නැත. අන්තිමේ පොලීසියෙන් මින්මතු සුභාෂිනීට දඬුවම් නොකරන බවට හාම්පුතාව පොරොන්දු කරවාගෙන ඇයව එම නිවසටම භාර දෙනු ලැබි ය.
නිවසට පැමිණි මොහොතේම උඩු මහලේ දී ස්වාමිදුව ඇයට පහර දුන් අතර සුභාෂිනී පඩි පෙළ මත ඇද වැටුණා ය. ඉන්පසු එම හිත්පිත් නැති කාන්තාව කළේ පඩි පෙළ දිගේ ඇය පහළට පෙරළී යන තුරුම පයින් පහර දීමය. මින් සුභාෂිනීට බොහෝ තැලුම් තුවාල සිදුව තිබිණි.
මේ අතර තම බිරිඳ මෙතරම් හිංසනවලට ලක් වන බව හා ඇය ගිවිසුම් කාලය අවසන්වීත් බලෙන් රඳවාගෙන හිඳින බව උපුල් සංජීව මෙරට විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබිණි. ඒ පැමිණිලි විභාග වෙමින් පවතින බව ද ඔහුට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් දැන ගන්නට ලැබුණි.
සුභාෂිනීට සිදු වූ දුක් ගැහැට නම් අංශු මාත්‍රයකින්වත් අඩු වූයේ නැත. ඉවසා ගන්නට බැරිම තැන ඇය යළිදු නිවසින් පැන ගොස් පොලීසියේ පිහිට පැතුවා ය. කෙසේ හෝ තමාව ලංකාවට යවන ලෙස ඉල්ලමින් හඬා වැටුණත් පොලිස් නිලධාරියා කළේ යළිත් ඇගේ හාම්පුතා කැඳවීම ය.
වෙනත් සේවිකාවක් සොයාගත් වහාම සුභාෂිනීව ලංකාවට යවන බව මෙහි දී හාම්පුතා පොරොන්දු වී තිබිණි. ඒ අනුව සුභාෂිනී යළිත් තල්ලු වූයේ එම නිවසටම ය. දෙවතාවක්ම නිවසින් පැන ගිය සුභාෂිනීට ස්වාමි දුවගෙන් ලැබුණු දඩුවම් පෙරටත් වඩා වැඩියෙන් විඳීමට සිදුව තිබිණි. ඇය මෙහි දී ස්වාමි දුව වෙතින් ඉල්ලා සිටියේ එකම දෙයකි. එනම් තිරිසන් සතකුගේ පවා ස්වභාවික උරුමයක් වන නිදහස පමණි.
දෙවසරකට අධික කාලයක් තිස්සේ බොහෝ සෙයින් කායික දඬුවම්වලට ලක්ව කායිකව මෙන්ම මානසිකවත් හෙම්බත්ව සිටි සුභාෂිනී අවසානයේ නිවස තැනීමේ ආශාව අත හැරියා ය. අන්තිමට ඇගේ සිතේ තිබූ එකම සිහිනය වූයේ කෙසේ හෝ පණ බේරාගෙන සැමියාත් දරුවාත් වෙත යාම පමණි.ඇය දෙවරක්ම පොලීසියේ පිහිට පැතුවේ ද එම අරමුණෙනි. නමුත් දැන් එයද ඉටුවන බවට ලකුණකුදු නැත. ඒ අනුව මේ නරකාදියෙන් මිදෙන්නට සුභාෂිනීට තිබුණේ එකම විසඳුමක් පමණි.
ඒ ලංකාවට යාමට කෙසේවත් අවසරයක් නොලැබිම මත හාම්පුතුන් බිය වද්දා හෝ ඒ අරමුණ ඉටුකර ගැනීම ය. ඉන්පසු ඇය තම කාමරයට වැදී දොර අගුල්ලා වසා ගත්තේ ගෙල වැලලා ගන්නා බව කියමිනි. මෙයින් ඇගේ හාම්පුතුත් බිය වන්නට ඇත.
ලංකාවට යවන බවට පොරොන්දු වෙමින් ඔවුහු සුභාෂිනීව පිටතට ගත්හ.
අන්තිමේ සුභාෂිනීව ලංකාවට යැවීමට ඔවුන් කටයුතු යොදා තිබිණි. මාස හතක හිඟ වැටුප් ඇයට ඔවුන්ගෙන් ලැබිය යුතුව තිබිණ. එහෙත් ඔවුන්ගෙන් ඇයට සත පහක මුදලක් ලැබුණේ නැත. එපමණක් නොව අලුතෙන් ඇඳුමක් පැළඳුමක් කිසිවක් ඇයව නොලැබිණි. අඩුම තරමින් තම කුඩා දියණියට ටොෆියක් චොකලට් පෙත්තක් මිල දී ගන්නටවත් සතයක් නැතිව, විදේශ ගත වන විට ඇඳ ගෙන ගිය ඇඳුමින්ම සැරසී සුභාෂිනී හිස් අතින්ම ලංකාවට පිටත් වූවා ය. ඒ එන අතරමග දී නිවසේ සිට ගුවන් තොටුපළ දක්වා මෝටර් රථයෙන් ඇය ඇරලවන අතරේත් ස්වාමි දුව ඇයට දොස් නගමින් තඩි බාන්නට ද අමතක කළේ නැත. මෙසේ ඉකුත් මාසයේ දිනයෙක සුභාෂිනී හිස් අතින් ආපසු ගෙදර ආවා ය. ඇයට ඩුබායි රටට ගොස් ආපසු ගෙන එන්නට ලැබුණු එකම දායාදය වූයේ තුවාල කැළැල්වලින් පිරී ගත් සමක් සහිත සිරුරක් පමණි.මෙලෙස විදේශ රැකියාවලට ගොස් අගතියට ලක්වූවන්ට වන්දි, හිඟ වැටුප් ආදිය ලබා ගැනීමේ ක්‍රම, වෙනත් වරප්‍රසාද හා සුබසාධන වැඩපිළිවෙළ පිළිබඳ කොතෙකුත් රජයෙන් පුරසාරම් දොඩනු අපට මාධ්‍යය මගින් අසන්නට දකින්නට ලැබේ. නමුත් මේවා අලංකාර වචනවලට පමණක් සීමා වී ඇති බවක් හැඟී යන්නේ සුභාෂිනීලා වැනි කතුන්ගේ ඉරණම පිළිබඳව සිතන විටය. "රට විරුවෝ" නමින් රියැලිටි ෂෝ පවා අරඹමින් විදේශ රැකියා ප්‍රවර්ධන වැඩසටහන් දියත් කර විදේශ රැකියාවලට යෑම සඳහා ජනතාව පෙළගස්වමින් මේ සිදු කරන්නේ අපේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන අහිංසක මිනිසුන් එතෙර වහල් කඳවුරුවලට සිරකොට විදේශ විනිමය ඉපැයීමට පමණක් ද යන සැකය මෙවන් කතා ප්‍රවෘත්තීන් තුළින් අප තුළ මතුවේ.

No comments:
Post a Comment