sha fm

    Thursday 23 January 2014

    රවින්ද්‍ර මැරුවේ මහින්ද අරාබියේ සිටියදියි - රන්ජන්

    http://ratagiyaattho.blogspot.kr/
    ඊයේ (22) එක්සත් එමීර් රාජ්‍යයේදී මරණ දඞුවම ලැබූ රවින්ද්‍ර ක්‍රිෂ්ණා පිල්ලේ නම් ශ්‍රී ලාංකිකයා හට මරණ දඞුවම පමුණුවා ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එක්සත් එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතව එරට නායකයන් හමුවන අතරතුරේදී බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.
    රාමනායක මන්ත්‍රීවරයා විසින් මේ බව පවසා ඇත්තේ අද (22) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
    මේ සම්බන්ධයෙන් එරට බලධාරීන් සමග සාකච්ඡා කර සාධාරණ නඩුවිභාගයක් ලබාදී ඔහුගේ දිවිබේරාගැනීමට ජනපතිවරයා කටයුතු නොකිරීම පිළිබඳව කණගාටු වන බව ද ඔහු කියා සිටී.
    මෙම ශ්‍රී ලාංකිකයා හට අසාධාරණ නඩුවිභාගයක් ලබා නොදීම හෝ ඔහුට මරණ දඞුවම පමුණුවා ඇති බවට මෙරට ජනපතිවරයා හට දන්වා නැති නම් එරට සිටින ශ්‍රී ලාංකික තානාපතිවරයාට හා මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට එරෙහිව දැඩි පියවර ගතයුතු බව ද ඔහු පවසයි.
    රවින්ද්‍ර ක්‍රිෂ්ණා පිල්ලේ හට මරණ දඞුවම පනවා තිබුනේ ඝාතන චෝදනා මතය.
    ඔහුට සිය නීතිඥවරයන් හමුවීමට පවා ඉඩලබාදී නැති බව ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසා ඇති බවත්, ඔහුට සාධාරණ නඩුවිභාගයක් ලබාදී නැති බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය බීබීසී සංදේශයට පවසා ඇති බවත් මෙම නිවේදනයේ දැක්වේ.
    මෙය, රටට අත්‍යාවශ්‍ය වන ඩොලර් බිලියන 07ක විදේශ විනිමයක් උපයන සේවකයන් ගේ සුභසිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දක්වන නොසැලකිල්ල ප්‍රදර්ශනය කෙරෙන තවත් අවස්ථාවක් බවද රාමනායක මන්ත්‍රීවරයා පවසා සිටියි.

    No comments:

    Post a Comment