sha fm

    Wednesday 8 January 2014

    ගෝඨා අපිව රැවට්ටුවා – මෙච්චර කල් හංගන් හිටපු රහස

    http://ratagiyaattho.blogspot.kr/
    ගෝඨා අපිව රැවට්ටුවා – මෙච්චර කල් හංගන් හිටපු රහස
    බොදු බල සේනා හලාල් ක්‍රියාදාමය පසුපස රජයේ ප්‍රබල අමාත්‍යවරයකු වන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිටින බවත්, මෙම සිද්ධියේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම සංවිධානය රැවටීමකට ලක්කලාදැයි සැකයක් මතුවන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර ප්‍රකාශ කර ඇත.

    ඒ කියන්නේ මේ ඊනියා ආගමික ප්‍රේමීන් මෙච්චර කලක් වැඩ කර ඇත්තේ ගොටා කියන පරිදිය. හරි ෂෝක්ය. දැන් ගොටා ඥානසාරව කඩේ යවා ඇති බව ඥානසාරට තේරෙන්න පටන් ගෙන තිබේ.  වස ලැජ්ජාවය.  මේ බලන්නකෝ ඊට පස්සේ කියන කතාව…

    උලමාවරුන් සිදුකරගෙන යන බොරුවට නොරැවටී ඍජු තීරණ ගැනීමට ජනාධිපතිවරයාට හැකිවිය යුතු බවත්, ‘හලාල් සහ ජමියතුල් උලමා සංවිධානය’ යන දෙකම වහාම ‘තහනම්’ කිරීමට රජය කටයුතු කළ යුතු බවත් ඔහු කියයි.

    හයක් හතරක් නොතේරෙන කුඩා දරුවෝ තමන්ට ලබා ගන්න තියෙන දෙයක් නොලැබූ විට තවත් මුරණ්ඩු වෙයි.  ඉල්ලීම් දරුණු වෙයි. අම්මට කියලා කර ගන්න බැරිවෙච්ච දී තාත්තාට කියා හෝ කර ගන්න බලයි. එහෙමත් බැරිනම් වට පිටාවේ තියෙන් දෑ වලින් කේන්තිය පිට කරයි.
    ඥානසාරට වී ඇත්තේද එයයි.  වේවැල් පාරක් වදින තෙක් ඔහොම්ම කෑ ගගහා ඉදීවී..

    No comments:

    Post a Comment