sha fm

    Saturday 21 December 2013

    ඒඩ්ස් රෝගයට ප්‍රතිකාරයක් සොයා ගනියි

    රෝගියෙකුගේ සෛලවලජාන  නැවතසකස් කර ශරීරයට ඇතුළු කිරීම
    ලෝකම බීතියට පත් කළ ඒඩ්ස් වෛරසය ලිංගික සබදතා පවත්වන්නා වූ සියලු දෙනාටම මානසික වදයකි. ජිවිතයේ කෙටි කාලයක් තුළ දි ලබන කායික සුවය තුළින් ඇතැමුන්ට වැළදෙන ඒඩ්ස් වෛරසය ඔවුන්ගේ ජිවිතය ගිල දමයි.
    වෛරසය ශරීරගත වූ පසු වේදනාකාරී ලෙස ජීවිතය විදවා අවසානයේ ඔවුනට දිවියෙන් සමු ගැනීමට සිදුවනු නොවනුමාණ ය. 'ජර්මනියේ ඩෙ‍්‍රස්ඩන්' තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ජෛව වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් ඒඞ්ස් වෛරසය ආසාදිත සෛලවලින් ඉවත් කළ හැකි ක‍්‍රමයක් සාර්ථකව අත්හදා බලා ඇත. අණුක කතුරක් ලෙස හැඳින්වෙන මෙම ක‍්‍රමයේ දී ආසාදිත සෛලයේ 'ඞී.එන්.ඒ' වලින් වෛරසය ඉවත් කිරීම සිදු කරනු ලබයි.

    එන්සයිමය හැසිරවීමේ හැකියාව අත්පත් කරගැනීම මගින් මෙලෙස වර්ණදේහයේ කොටසක් හඳුනාගෙන එය ඉවත් කිරීමට හැකි වී ඇති අතර මෙම ක‍්‍රමයෙන් මානව ප‍්‍රතිශක්ති ඌණතා වෛරසය හෙවත් ඒඞ්ස් හඳුනාගැනීම සඳහා 90%ක පමණ කාර්යක්ෂමතාවයක් පවතින බව පැවසේ. ඩෙ‍්‍රස්ඩන් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිවෛරස උපක‍්‍රම අංශයේ ප‍්‍රධානි 'ජෝකිම් හවුබර්' පවසන්නේ වෛරස ඉවත් කිරීමේ විවිධ ක‍්‍රම සහ සමාන ප‍්‍රවේශයන් පැවතිය ද ආසාදිත සෛලයකින් වෛරසය ඉවත් කිරීමේ උපක‍්‍රමය සුවිශේෂී වන බවයි.රෝගියකුගේ සෛලවල ජාන නැවත සකස් කර ශරීරයට ඇතුළු කිරීමේ සැත්කමක් ලෙස අණුක කතුරු උපක‍්‍රමය තවත් වසර 10ක් ගතවන විට සිදුකළ හැකි වනු ඇතැයි පැවසේ. ජාන සකසන ලද නිරෝගී සෛල ව්‍යාප්ත වෙමින් ආසාදිත සෛලයන්ගේ රෛසය කපා ඉවත් කරමින් ඒවා නිරෝගී තත්වයට පත්කරනු ඇතැයි විද්‍යාඥයන් බලාපොරොත්තු වේ.මීයන් සඳහා මෙම අත්හදාබැලීම සාර්ථක වී ඇති අතර 'හවුබර්' පවසන්නේ රුධිරයේ හඳුනාගත නොහැකි මට්ටමටම වෛරසය පාලනය වූ බවයි. මෙම ප‍්‍රතිකාරය මිනිසුන් සඳහා සාර්ථක වේදැයි පරීක්ෂා කර බැලිය යුතු වන අතර ඒ සඳහා ඉදිරිපත්වන සායනික රෝගීන් සමග එය සිදුකළ හැකි බව ඔහුගේ අදහසයි.ඒඞ්ස් ප‍්‍රතිකාරයක් සඳහා ඖෂධ නිෂ්පාදන සමාගම්වල උනන්දුව අඩු වීම ද මෙවැනි පර්යේෂණ සඳහා බලපා ඇති ගැටළුවක් බව පැවසේ. 

    No comments:

    Post a Comment