sha fm

    Tuesday, 15 October 2013

    "මේ පාරනම් බෑ කියන්න එපා දුවේ.. ඊළඟ කෝච්චියට නම් අපි පනිමු"

    ‘දැන්නම් පුතේ බැහැ කියන්න එපා මේ කෝච්චියටනම් පනින්නම ඕනේ. දැන් කෝච්චිය තුනකටම පැන්නේ  නැහැනේ මගේ පුතේ කියමින් අම්මා මගේ අතින් ඇදගෙන රේල්පාර මැදටම ගියා යැයි ‘රන්පටි දේවගේ චාරුණ්‍යා සඳමිණී ජයශාන්ත (09) දියණිය විසින් බෙම්මුල්ල කොට්ඨාස භාර හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චන්ද්‍රසිරි මාරසිංහ මහතා ඉදිරියේ සාක්කි දෙමින් පැවැසීය. ඇය මේ බව පැවැසුවේ පෙරේදා (13) කීනවල දුම්රිය ස්ථානය අසලදී දුම්රියේ ගැටී මියගිය පී.ජී. මංජුලා එරන්දී ප්‍රියශාන්ත (32) හා චාරුණී (1 1/2) නමැති අයගේ මව හා සොයුරියගේ මරණය සම්බන්ධයෙන් සාක්කි දෙමින් පැවැසීය. මෙම මරණ පරීක්ෂණ වලපිටිවල මූලික රෝහ‍ලේදී පැවැත්විනි. වේයන්ගොඩ ‍පොලීසියේ නිලධාරීන් සාක්කි මෙහෙයවීය. තවදුරටත්  සාක්කි දුන් චාරුණ්‍යා පද්මිණී දියණිය කියා සිටියේ ‘අම්මා මාවයි නංගිවත් එක්ක බයිසිකලයෙන් බෝවත්ත හන්දියට ඇවිත් කඩයක බයිසිකලය දාලා බස් එකෙන් ගිරිඋල්ලට ආවා. ඇවිත් තවත් බස් එකකට නැගලා. අපි මීරිගමට ආවා. ඇවිත් අම්මා අපිට එයා ළඟ තිබුණු රුපියල් 2000 කොළය කඩයට දීලා ටිපිටිප් පැකට් 5කුත් කිරි පැකට් 3කුත් තවත් ටොෆි චොක්ලට් වගයකුත් අරන් දීලා කිව්වා මේ අපි කන අවසන් දවසයි දුවේ කියලා. ඊට පස්සේ අම්මා ගම්පහට කෝච්චි ටිකට් එක්ක ගත්තා. අරගෙන අපි කෝච්චියකින් ආවා. එනකොට අම්මා කිව්වා මේ ස්ටේෂන්  එකෙන් බහිමු මේ හරියේ වැඩිය සෙනඟ නෑ කියා. අපි කීනවලින් බැස්සා. ඊට පස්සේ මම අම්මට කිව්වා මට ටොයිලට් එකට යන්න ඕනෑ කියලා. අම්මා මාව ඒ ළඟ තිබුණු ගෙදරකට එක්ක ගිහින් ටොයිලට් එකකට ගියා. පස්සේ අපි දුම්රිය ස්ථානයේ සිට ටිකක් ඈතට ගියා. ගිහින්  අම්මා කෝච්චි තුනකටම පනින්න හැදුවා මම අම්මව බදාගන ඇඬුවා. ඊට පස්සේ ඒ තුනටම පනින්නේ නැතුව අයිනට වෙලා ඉඳලා තමයි අම්මා මාවත් ඇදගෙන නංගිවත් අතේ අරන් රේල්පාර මැදට ගියා. මම අම්මගේ අත ගසා දාලා දුවන්න හදද්දී අම්මා මගේ සායෙන් ඇද්දා ඒත් මම අත ගලවාගෙන දිව්වා යැයි කීය.
    රන්පටි දේවගේ ඉන්දික නීල් නැමැත්තා සාක්කි දෙමින් ‘මිය ගිය අය මගේ බිරිඳයි දියණියයි. අපේ ගෙදර නිතරම අඬදබර ඇති වුණා. ඔය සිදුවීම වුණ දවසට කලින් දවසේ ඒ කියන්නේ සෙනසුරාදා මම රැකියාවට ගොසින් ගෙට ආවා. ප.ව. 6.30 විතර ඇවිත් මම කඩවල් පැත්තට ගිහින් රාත්‍රී 8ට  විතර දරුවන්ගේ පාසල් උපකරණ ටිකකුත් අරන් ඇවිත් ඒවාත් බිරිඳට දීලා ගියා. අපේ නිවස අසල ඇති අපේ මහගෙදරට එනකොට මගේ බිරිඳ එහෙට ඇවිත් අපේ අම්මයි තාත්තයි එක්ක රණ්ඩුවක් ඇති කරගත්තා. තාත්තා එයාගේ අතේ තිබුණු විදුලි පන්දමෙන් බිරිඳගේ හිසට ගැහුවා. මම ඊට පස්සේ බිරිඳවත් අරගෙන අපේ ගෙදරට ආවා. ඇවිත් මම නිදා ගත්තා රාත්‍රී 12ට විතර. ඒත් බිරිඳ නිදාගත්තේ නැහැ. මම උදේ නිදන් ඉන්නකොට බිරිඳ කොහොද යන්න දරුවනුත් එක්ක ලෑස්ති වෙමින් හිටියා. මම ඇහුවා කොහේද යන්නේ කියලා. ඒත් එයා කිව්වා මහ ගෙදරට යනවා කියලා. ඊට පස්සේ එයා ගියා. මමත් වැඩට ගියා.  පස්සේ උදේ 8.30ට විතර මට එයා කෝල් එක්ක දුන්නා. එයා කිව්වා මම කුරුණෑගල යාලුවෙකුගේ ගෙදර යනවා කියලා. දැන් ඉන්නේ කුරුණෑගල කියලත් කිව්වා. ඊට පස්සේ මම උදේ 10.00 විතර ආයෙත් කෝල් එකක් දුන්නා. එතකොට එයා කිව්වා මාව හොයන්න එන්න එපා. මම ගම්පහ යනව කියලා. ඒත් මම මීරිගමට ආවා එයාලව මගදි බස්ස ගන්නම් කියලා හිතලා. ඒත් මගේ දුරකථනයේ බැටරි බැහැල. ඒකත් ඕෆ් වුණා. පස්සෙ ඒක ආයෙත් ඔෆ් කර එයාට කෝල් කරන්න හදනකොට මට කෝල් එකක් ආවා බිරිඳයි දරුවයි දුම්රියේ ගැටිලා කියලා. එය දැනුම් දුන්නේ ඒ දුම්රිය ස්ථානයේ නිලධාරීන් බවත් පැවැසුවා’ යැයිද කීය. මරණය සම්බන්ධයෙන් සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.පී.ජී. ගුණවර්ධන මහතා තීරණය කර තිබුණේ මවගේ ශරීරයේ සියලුම ඉන්ද්‍රියන්ට සිදු වු හානි නිසාත් දරුවාගේ හිසට සිදුව ඇති හානි නිසාත් මෙම මරණය සිදුව ඇති බවයි.

    Monday, 14 October 2013

    අල්ප ආයුෂ ඇති වීම සඳහා බලපාන කර්ම

    අල්ප ආයුෂ ඇති වීම සඳහා බලපාන කර්ම දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තෝදෙය්‍ය බමුණාගේ පුත් වූ සුභතරුණා මිනිසුන් වශයෙන් උපන් සියලු දෙනා අතර ඇති විශේෂ කාරණයක් වන පුද්ගල විවිධත්වයට (මිනිසුන් අතර උස් - පහත් භාවයට) කරුණු විමසීය. “කො නු බො, හො ගොතම, හෙතු කො පච්චයො යෙන මනුස්සානංයෙච සතං මනුස්සභුතානං දිස්සන්ති හිනප්පණිතතා” එයට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ මේ විවිධත්වය සඳහා බලපාන සෘජු සාධකය වන්නේ කර්මය බවයි. එය පුද්ගලයාට දායාද වශයෙන්, උපන් ස්ථාන වශයෙන්, පිළිසරණ වශයෙන් හේතු වී උස් - පහත් වශයෙන් විවිධත්වය සඳහා බලපෑම් ඇති කරන බවයි. “කම්මස්සකා, මාණව, සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මප්පටිසරණං කම්මං සත්තෙ විභජති යදිදං - හීනප්පණීතතායාතී” බුදුරජාණන් වහන්සේ, ඒ සඳහා දීර්ඝ පිළිතුරු වශයෙන් මිනිසුන් අතර දැකිය හැකි විවිධත්වයන් හෙවත් උස්, පහත් භාවයත් දාහතරක් (14) දේශනා කොට ඇත. ඒ වෙනස්කම් අතර පළමු කාරණය වන්නේ යමෙක් අල්ප ආයුෂ ඇතිවීමට හේතුවන කාරණයයි. යමෙක් අල්ප ආයුෂයෙන් මිය යයි නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද ප්‍රාණඝාත අකුසල කර්මයයි. එම කාරණය , ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු. ෴අල්ප ආයුෂ ඇති වීම සඳහා බලපාන කර්ම෴ “ඉධ, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිව්වඨො අදයාපන්නො පාණභූතෙසු සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණං අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති. නො වෙ කායස්ස හෙදා පරංමරණං අපාය දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, සවෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පවවාජායති අප්පායුකො හොති. අප්පායුකසංචත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං - පාණාතිපාති හොති ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිව්වඨො අදයාපන්නො පාණභූතෙසු.” මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සත්වයන් කෙරෙහි දයාවෙන් තොරව නසන සිතැතිව ලේ වැකුණු අතැතිව ප්‍රාණඝාතයේ නියැලුනේ වෙයි ද, මෙසේ ඔහු හෝ ඇය ප්‍රාණඝාත අකුසල කර්මයෙන් සිදුකර ගන්නා වූ විපාක හේතුවෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගති පැවතුම් ඇති විවසව පතිත වන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවි ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් අඩු ආයුෂ ඇත්තෙක් බවට පත් වෙයි. මෙය අල්ප ආයුෂ ඇතිවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි. දීර්ඝායුෂ ලැබීම සඳහා බලපාන කර්ම යමෙක් දීර්ඝ ආයුෂ ඇතිවීමට හේතුවන කාරණයය කුමක්ද?. යමෙක් දීර්ඝ ආයුෂ වින්දනය කරයි නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද ප්‍රාණඝාත යෙන් ඉවත් වීමේ කුසල කර්මයයි. එම කාරණය , ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු. “ඉධ පන, මාණව, එකව්වො ඉත්ථි වා පුරිසො වා පාණාතිපාතං පහාය පාණතිපාතා පටිච්රතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජි දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණං සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති, නො චෙ කායස්ස හෙදා පරං මරණං සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති දිඝායුකො හොති. දීඝායුකසංවත්තකා එසා, මාණව, පටිපදා යදිදං - පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජි දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සත්වයන් කෙරෙහි දයාවෙන් යුක්තව බහා තබන ලද දඬු මුඟුරු හා ආයුධ ඇතිව, පවට ලැජ්ජව ප්‍රාණඝාතයෙන් තොරව සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීතව වාසය කරයිද, මෙසේ ඔහු හෝ ඇය සතුන් කෙරෙහි හිතානුකම්පිවීමෙන් සිදු කරගන්නා වූ කුසල විපාකයෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු යහපත් ගතිපැවැතුම් ඇති සැපතින් ආඩ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් දීර්ඝ ආයුෂ ඇත්තෙක් බවට පත් වෙයි. මෙය දීර්ඝ ආයුෂ ඇතිවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි . ඔබත් සත්ව හිංසනයෙන් වැලකී දීර්ඝායුශ ලබන්නෙක් බවට පත් වීමට අදිටන් කර ගන්න මහරැඹෑවැවේ පාලිත හිමි ~ ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය බුද්ධිමත් දෙව් මිනිසුන් උදෙසා ~ 

    මලක් තලා රුපියල් 20 දීලා ගිහින්...

    වයස අවුරුදු 08 ක් වන පාසල් සිසුවියකට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව සාලියවැව පොලීසිය කියයි. අතවරයට ලක්ව ඇත්තේ සාලියවැව පොලිස් වසමේ යාය 08 පදිංචි සිටින දැරිවියකි. පසුගිය ජුලි මස 15 වැනි දින මෙම අපරාධය සිදුවී ඇති බව පොලීසිය කියයි.
    සිද්ධිය වු දින නිවසේ සිට ඇත්තේ දැරිවිය පමණකි.එම අවස්ථාවේ ඇගේ නිවසට පැමිණ ඇති සැකකරු අපරාධය සිදු කර දැරිවියට මුදල් රුපියල් 20 ක් ද දී මේ බව කිසිවෙකුටත් නොකියන ලෙස පවසා පිටත්ව ගොස් ඇත.
    තමන් මුහුණ දුන් අත්දැකීම දැරිවිය තම පාසල් මිතුරියකට පවසා ඇත. එම දැරිවිය මේ බව ඇයගේ මවට පවසා ඇත.එම මව විසින් මේ සම්බන්ධයෙන් අතවරයට පත්ව ඇති දැරිවියගේ මවට පවසා ඇත.ඉන් පසුව තම දියණියගෙන් විස්තර දැන ගෙන ඇති ඇයගේ මව්පියන් මේ බව පොලීසියට දන්වා ඇත.
    සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

    සාලියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

    සල්ලාලයාට ඖෂධවේදිනිය නියම බේතක් දෙයි

    හෝමාගම අවන්හලක පඩිපෙළක් නැඟ කෑම මිලට ගැනීමට ගිය කතකගේ යටි කය වීඩීයෝ ගත කළ  බව කියන එහි සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු අද හෝමාගම මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
    කෑම ඇණැවුම් කරද්දී ගවුමේ යම්කිසි දෙයක් ඇතිල්ලෙන බව දැනගත් දෙදරු මවක වන සහකාර ඖෂධවේදිනිය එය ජංගම දුරකතනයක් බවත්, එතැන පහත් වී සිටි පුද්ගලයකු එය අල්ලාගෙන සිටි බවත් දුටුවාය. ඇගේ කෑ ගැසීම අසා අසළ පාරේ සිටි පොලිසිය එහි පැමිණි බවත් පොලිසිය කියයි.
    එම ජංගම දුරකතනය පිරික්සූ පොලිසිය කියනුයේ ඇගේ යටි කය වීඩියෝ ගත කර ඇති බව

    කර්ම විපාක වළක්වා ගත හැකි ද?

    කර්ම විපාක වළක්වා ගත හැකි ද? කර්මය මුල් බුදු සමයට අයත් ඉගැන්වීමකි. මිනිස් දිවියට නිරන්තර සබඳතාව ඇති දෙයකි. කර්ම සංකල්පය උපතේ සිට මේ ජීවිතයට පමණක් නොව, ඊළඟ භවයට ද දිවයන්නකි. කර්මය මේ කර්මය සංකල්පය පිළිබඳ ඉගැන්වීම් රැසක් බුදු දහමෙහි සඳහන් වෙයි. කර්මය යනු චේතනාව බව ‘චේතනාහං භික්‍ඛවේ කම්මං වදාමි’ යන බුදු වදනෙන් අර්ථවත් වෙයි. මෙය, කර්මය පිළිබඳ මූලික නිර්වචනයකි. එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිතේ හට ගන්නා චේතනාව කය, වචන, සිත යන දොරටු තුනින් ක්‍රියාත්මක වීම සම්පූර්ණ කර්මයක් බවයි. එසේ නම් සිතා මතා සිත, කය, වචන තුළින් පරිපූර්ණ කර්ම සිදු වෙයි. නොසිතා කරන ක්‍රියාව සම්පූර්ණ කර්මයක් නොවෙයි. ඒවා අසම්පූර්ණ කර්මයයි. කර්මය, සත්වයාගේ උස් පහත් භේදය, උගත් නූගත් භේදය සඳහා ද බලපාන බව ‘කම්මං සතෙත විභජති යදිදං හීනප්ණනනාය’ යන ඉගැන්වීමෙන් පැහැදිලි කැරෙයි. එසේම කම්ම බන්දු, කම්ම යෝනි, කම්ම පටිසරණෝ යන යෙදුම් වලින් පෙන්වා දෙන්නේ සත්වයා විසින් කරනු ලබන කර්මය තම ඥාතියකු සේ තමන්ට පිළිසරණ වන බවයි. මේ හැරුණු විට එම කර්ම තුළින් ලැබෙන විපාක වලින් සැඟ වී බේරීමට නොහැකි බවද උගන්වා ඇත. න අන්නලිකෙබ නසමුද්දමුජේඣ, න පබ්බතානං විවරං පවිස්ස යනාදී ධම්ම පද ගාථාවෙන් ආහසෙහි, මුහුද මැද හෝ පර්වත විවරයක ආදී කොතැනක හෝ සැඟ වී සිටියත්, කර්ම විපාක පල දෙන බව දේශිතය. මෙය මෙසේ වූවත්, බුදුරදුන් සියල්ල කර්මයට පවරා නැත. පූර්ව කර්මයෙන් සියල්ල සිදුවේය යන මතය, බන්ධනය කරන බුදු දහම කර්මාවාදී හෝ ආත්මවාදී නොවූ දහමක් බව කිව යුතු ය. මැදුම් පිළිවෙත අගය කරන බුදු දහම, පුද්ගල කුසලතාව අගය කරමින් කර්ම විපාක පවා වෙනස් කළ හැකි පිළිවෙත් උගන්වයි. එහෙත් සියලු කර්ම විපාක ක්‍ෂ්ය කළ නො හැකි ය. පෘථග්ජන මිනිසාට, සුළු සුළු කර්ම විපාක වෙනස් කළ හැකි මාර්ග පෙන්වා දී ඇත. අද බොහෝ අය බොහෝ සිද්ධිවලදී කර්මයට වගකීම පවරා පසෙකට වී බලා සිටිති. එසේම කටයුතු ඉබේම ඉටු වනතුරු කර්මය ගැන විශ්වාස තබා සිටිති. ඒ සියල්ල මිථ්‍යා අදහස් බව කිව යුතු ය. මෙලොව සිදු වන විවිධ සිදුවීම් නියාම ධර්ම පහක් අනුව ක්‍රියාත්මක වෙයි. උතු නියාමය, චිත්ත නියාමය, බීජ නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය යනු එම නියාම ධර්ම පහයි. මේ ස්වභාව න්‍යාය මුල් වීමෙන් ලොව පැවැත්ම සිදු වෙයි. මේවා ජීවිතවලට ද එලෙසම බලපායි. එසේ නම් සියල්ලම කර්මයට පැවතිය නොහැකි බව පැහැදිලිය. කර්ම ඬයාමය එම පහෙන් එකක් පමණකි. අනෙකුත් නියාම ධර්ම කර්ම විපාක සඳහා ද බලපායි. සෘතු ගුණය නිසා ලෝකයේ කාලගුණික වෙනස්කම් හේතුඵල ලෙස, ස්වභාවිකව සිදු වෙයි. මෙය උතු නියාමයයි. බීජයට අනුරූපව පැලය හට ගනියි. කිසිවකුගේ මැදිහත් වීමක් මේ සඳහා අවශ්‍ය නොවෙයි. මෙය බීජ නියාමයයි. හොඳ, නරක කර්ම වලට හොඳ නරක වශයෙන් විපාක ලැබෙනුයේ ද හේතු ඵල ලෙසයි. මෙය ‘කම්ම’ නියාමයයි. මෙහි ධම්ම නියාමයව භූමි කම්පා, ගිනි, කඳු පිපිරීම්, සුළි සුළං වැනි ස්වාභාවික විපත් ආදිය අයත් වෙයි. ඒවා කරවන කෙනෙක් නැත. සිතෙහි සිදුවන ක්‍රියාකාරීත්වය ද ස්වාභාවික සිදු වන ක්‍රියාදාමයකි. එය චිත්ත නියාමයයි. මෙකී පංච නියාම ධර්ම විවරණයට සමස්ත ලෝකයෙහි භෞතික හා මානසික සියල්ල අයත් වෙයි. කර්ම නියාමයට අයත් වන්නේ මෙම පහෙන් එක් කොටසක් පමණකි. ලොව සියල්ලම කර්මානුරූපව සිදු වෙතැයි පිළිගැනීම් එබැවින් වරදකි. අප ජීවිතයේ සිදු වන සියල්ල හෝ අප කරන සියල්ල අතීත කර්ම හේතුවෙන් ම සිදු වෙතැයි යන අදහස බුදුරදුන් බැහැර කොට ඇත්තේ, එම නිසයි. එහෙත් අප කළ අතීත කර්මවල විපාක අපට නොලැබෙනවා නොවෙයි. එය එසේ වූවත් අප ජීවිතයේ ලොකු කුඩා සෑම සිදුවීමක් පිටුපසම කර්මය තිබෙන බව, බුදු දහම හා පිළි ගනියි. අප කළ කර්ම එලෙස ම විපාක වශයෙන් විඳ දරා ගත යුතු ය. ඒ ගැන වෙන් කළ හැකි දෙයක් නැතැයි සිතීම ද, කර්ම නියාමය වරදවා වටහා ගැනීමකි. වර්තමාන කර්ම වලින් අතීත කර්ම ශක්තිය පාදා ගැනීමට, වෙනස් කර ගැනීමට හෝ ඇතැම් විට නැති කර ගැනීමට ද හැකියාව ඇත. කර්ම ඵලයේ වෙනස්කම් සිදුවීමට කාල සම්පත් බලපායි. යහපත් සශ්‍රීක කාලයක උපත ලදහොත් එය පාප කර්ම වල විපාක අඩු කරයි. නැත්නම් වළක්වයි. ගති සම්පත් නම් ඉතා හොඳ උසස් උපතක් ලබා ගත හොත් එය පාප කර්ම විපාක වැළැක්වීමයි. උපධි සම්පත් නම් රූපයෙන් හෙබි කායික පරිපූර්ණත්වය අතීත අකුසල කර්ම විපාක වෙනසකට හේතු වීමයි. ප්‍රයෝ සම්පත් නම් විවිධ ප්‍රයෝග විධි ක්‍රියා කාරකම් තුළින් ද පුද්ගල අතීත කර්ම විපාක වළක්වා ගත හැකි ය. පාප විපාක මර්දනයට මෙම සම්පත් හතර උපයෝගී වන්නා සේම පුණ්‍ය විපාක වළක්වන ගති විපත්, උපධි විපත්, කාල විපත්, පයෝ විපත් යන විපත්ති සතරක් ද පෙන්වා දී ඇත. මෙයින්ද අපට පැහැදිලි වන්නේ කර්මයේ විපාක ඒ අයුරින්ම සිදු නොවන බවයි. මේ හැරුණු විට කර්ම විපාක වළක්වමේ හැරුණු විට කර්ම විපාක වළක්වා ගත හැකි මාර්ගයකි. පුද්ගල අධිෂ්ඨානය හා උට්ඨාන වීර්යය සිය අධිෂ්ඨානයෙන් හා උත්සාහයෙන් ගොඩනඟා ගන්නා චිත්ත ශක්තිය, ආත්ම විශ්වාසය මේ සඳහා උපයෝගී වෙයි. අංගුලිමාල, සිය චිත්ත ශක්තිය යොදා සියලු කෙලෙස් නැසූ අතර සියලු කර්ම විපාක ද නැති කරගත් අයුරු බෞද්ධ සාහිත්‍යයෙන් මොනවට පැහැදිලි වෙයි. එයින් ඔහුගේ අකුසල විපාක රැසක් අහෝසි විය. පුද්ගලයා කරන සෑම ක්‍රියාවලියකදීම සම්මා සතිය පිහිටුවා ගන්නේ නම් එයද පාප කර්ම සිදු නොවීමටත්, අතීත කර්ම විපාක වළක්වා ගැනීමටත් හේතුවෙයි. විශේෂයෙන් පුද්ගලයාට බලපා ඇති කර්ම විපාක දුරු කර ගැනීමට ශාන්ති කර්ම ආගමික වතාවත් සිදු කිරීමට ද බෞද්ධයා පෙළඹී ඇත. අද ග්‍රහදෝෂ අපල ලෙස සලකන්නේ ද අප කළ අතීත කර්මයයි. මේවා යටපත් කිරීමට බෝධි පූජා, බුද්ධ පූජා, සෙත් කවි ආදී ආගමික වතාවත් කරති. මේවා ද ඵලදායක පිළිවෙත් ලෙස සැලකිය හැකි ය. මේ සියලු ආගමික කාර්ය තුළින්ම පුද්ගල මානසික සංවර්ධනයක් ගොඩනැඟෙයි. මෙයින් චිත්ත ශක්තිය මෙන්ම ශෝභන චෛතසික සංවර්ධනයක් ඇති කරවිය. ස්වාභාවික පරිසරයෙන්ද යහපත් කිරණ රශ්මියක් ජීවිතයට එක් වෙයි. මෙම අභ්‍යන්තර සහ බාහිර විපර්යාසය තුළින් පාප කර්මය විපාක යටපත් කරගත හැකි ය. එසේම කුසල ශක්තිය මතුකර ගැනීමෙන් අතීත අහිතකර පාප විපාක යටපත් කරගත හැකි ය. පුද්ගලයා විසින් කළ කී හොඳ පුණ්‍ය කර්ම නිතර නිතර සිතීමෙන් චිත්ත ප්‍රමෝදය ප්‍රබෝධයක් ඇති කරවයි. මේ චිත්ත ප්‍රමෝදය කර්ම විපාක දුරුකර ගැනීමට මගක් වෙයි. මේ හැරුණු විට පුද්ගලයා කර්මය හා කර්ම වල විශ්වාසය තුළින් සදාචාර මඟකට යොමු වෙයි. එම ආචාරශීලී දිවි පැවැත්ම කර්ම විපාක වලක්වා ගැනීමට හේතුවෙයි. සත්පුරුෂ ඇසුර හා යහපත් පරිසරයද මේ සඳහා ඉවහල් වෙයි. ඉහත සඳහන් කළ කරුණු අනුව පින්වත් ඔබත් ක්‍රියා කර පාපකර්ම විපාක වලක්වා ගැනීමට උත්සුක වන්න ගුණ දහමින් යුතුව භාවනා යෝගීව සියලු කෙලෙස් ක්ෂය කළහොත් රහත් භාවය ලැබිය හැකි ය. නිවන් ලැබිය හැකි ය. මෙම මඟට පිවිසෙන අයට කර්මයේ කළ කර්ම ක්‍ෂය කළ හැකි නිවන් සුවය සඳහා ඔබට සදහම් මග යෑමට තිසරණ සරණින් ශක්තිය උදාවේවා! 

    Sunday, 13 October 2013

    වැලිකඩ කාන්තා බන්ධනාගාරයට උපත් පාලන පෙති

    වැලිකඩ කාන්තා බන්ධනාගාරය තුළට බැඳපු කුකුල්බස් කැබැල්ලක් තුළ සැඟ වූ උපත් පාලන පෙති රැගෙන ගිය සැකකරුවකු ලබන 27 දක්වා රක්ෂිත  බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ  මහතා නියෝග ඛර ඇත.
    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නො. 155 නානායක්කාර මාවත, ඔබේසේකරපුර, රාජගිරිය ලිපිනයෙහි පදිංචි උක්වත්තේ දොන් නිහාල් ප‍්‍රියන්ත නමැත්තෙකි.
    වැලිකඩ කාන්තා බන්ධනාගාරය තුළ රඳවා සිටින තම නැණන්ඩියට ලබාදීම සඳහා සැකකරු විසින් මෙලෙස රෝස් කරන ලද කුකුල් මස් කැබැල්ලක් තුළ උපත් පාලන පෙති 4 ක් සඟවා තිබියදී ඒවා ලබාදීමට යාමේදී වැලිකඩ බන්ධනාගාර බුද්ධි අංශය විසින් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇති බව බොරැුල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

    "උපත් පාලන පෙති 50% ෆාමසිවලින් ගන්නේ ටියුෂන් එන ළමයි" - ගම්පහ නගරාධිපති

    ගම්පහ නගරයේ තිබෙන ෆාමසිවලින් විකුණන උපත් පාලන පෙති සහ උපත් පාලන උපකරණ වලින් 50‍%ක්  මිලදී ගන්නේ උපකාරක පන්ති වලට එන වයස අවුරුදු 16ත් 24ත් අතර තරුණ තරුණියන් බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පවසයි.
    ‘ගම්පහ නගර සභා බල ප‍්‍රදේශයේ අනුමත ලැගුම්හල් 16 ක් තිබෙනවා. අලූතින් කිසිදු ලැගුම් හලකට අනුමැතිය දීලා නෑ.  ඕනෑම නගරයක මෙවැනි දේ තිබෙනවා. ඒවා රටට අවශ්‍යයි.  නමුත් ලැගුම්හල් මුවාවෙන් අපචාර සිදු කරන්නට ඉඩ දෙන්න බැහැ. එවැනි දේ විධිමත් පාලනයක් තුළින් අවම කරගත යුතුයි. පොලීසියේ උසස් නිලධාරීන් මේවායේ සිදුවන අපචාර මැඩලීමට විධිමත් ක‍්‍රියා මාර්ග යෝජනා කළත් ඒවා ක‍්‍රියාත්මක කරන පහළ නිලධාරීන් මන්දගාමී වීම නිසා මේවායේ සිදුවන අපචාර අඩුකරන්න අපහසු වෙලා තිබෙනවා.
    බලපත‍්‍ර ඇති ලැගුම්හල්  වලට අමතරව අනවසරයෙන් මෙවැනිතැන් පවත්වාගෙන යන  නිවාසත් තිබෙන බව පිළිගන්නවා. නමුත් මේවා ගැන නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන තිබුණත් ඒවා නිසි ලෙස ක‍්‍රියත්මක නොවන බව පැහැදිලියි නගර සභාවට පමණක් මේවා සොය බලා ලැගුම්හල් වල සිදුවන සියලූ අපචාර අඩුකරන්න අපහසුයි.
    අද ගම්පහ නගරය තුළ තිබෙන ෆාමසි වලින් විකුණන උපත් පාලන පෙති සහ උපත් පාලන උපකරණ වලින් සියයට පනහක් මිලදී ගන්නේ උපකාරක පන්ති වලට එන අවුරුදු 16ත් 24ත් වයසේ පසුවන තරුණ තරුණියන් බව ෆාමසි හිමියන් කියනවා. මේ අයට මෙවැනි දේ ලබාදීම ප‍්‍රතික්ෂේප කළ හැකියි. නමුත් රටේ සාරධර්ම මුදලට යටවෙලා’ යැයිද කී ගම්පහ නගරාධිපතිවරයා ගම්පහ ලැගුම්හල් වලට එන පුද්ගලයන් පිළිබද නිවැරදි තොරතුරු හා දත්ත දන්න අය අතර ගම්පහ නගරයේ ත‍්‍රීවිල් රියදුරන් මුල් තැනක සිටින  බවද කීය.

    Saturday, 12 October 2013

    "කරගත්තා නම් කෑ නොගහා හිටපන්"

    දරු ප්‍රසූතිය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු සිංහල බෞද්ධ කාන්තාවන් නීති විරෝධී ආකාරයෙන් වන්ධ්‍යාකරණයට හා උපත් පාලනයට යොමු කෙළේ යැයි චෝදනා ලබා සිටින සීමාවාසික වෛද්‍යවරිය හා වෛද්‍යවරයා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් මත මහනුවර මහ රෝහල් අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන පරීක්ෂණයේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී දරු ප්‍රසූතිය සිදු කළ තරුණ සිංහල කාන්තාවක් හට චෝදනා ලබා සිටින වෛද්‍යවරිය විසින් ඉතා අමානුෂික ආකාරයෙන් පහර දුන් බව පහර කෑමට ලක්වූ මව ප්‍රකාශයක් ලබාදී ඇති බව වාර්තා වේ.
    යටිනුවර පදිංචිකාරියක වන පහර කෑමට ලක්වූ බව පැවැසෙන 19 හැවිරිදි නෙළුම් කුමාරි නම් මව දරු ප්‍රසූතියට ආසන්නව ප්‍රසූතිකාගාරයට ගෙන ආ අවස්ථාවේදී විළිරුදාව ඉවසාගත නොහැකිව කෑ ගසා ඇති අවස්ථාවේදී චෝදනා ලත් වෛද්‍යවරිය මිට මොළවා ඉතා තදින් ඇගේ දෙකලවා හා තවත් ප්‍රදේශයකට පහර එල්ලකොට ඉතා පරුෂ වචනයෙන් උඹලා මෙතැන ළමයි හදාගෙන අපිට වධ දෙනවා.
    කරගත්තා නම් කෑ නොගහා හිටපන්. ආයේ අවුරුදු 25-30ටවත් ළමයි හදාගෙන මේ පැත්ත පළාතේ එන්න එපා කියා බැන වැදුණු බවද තමාට සිසේරියන් සැත්කමක් කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් පවසා සිටියදී එම වෛද්‍යවරිය විසින් තමා සාමාන්‍ය දරු ප්‍රසූතියක් සඳහා යොමු කළ බවද, දරු ප්‍රසූතියට ආසන්නව සිටිනා කාන්තාවකට පහර නොදෙන ලෙසට එම අවස්ථාවේ ප්‍රසූතිකාගාරයේ සේවයේ නියුතුව සිටි හෙදියන් හා අනෙකුත් කාර්ය මණ්ඩලය විසින් පැවැසූ අවස්ථාවේදී එම වෛද්‍යවරිය විසින් ඔවුනටද පරුෂ වචනයෙන් බැන වැදුණු බවට ප්‍රකාශයක් ලබාදී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මේ පැමිණිල්ල ගොනු කළ ජාතික හෙළ උරුමය මහනුවර ප්‍රධාන සංවිධායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රි තුෂාර ස්වර්ණතිලක මහතා පැවැසීය.
    පහර කෑමට ලක්වූ 19 හැවිරිදි මවට ඒ හේතුවෙන් දරු ප්‍රසූතියෙන් පසුව ඇවිදීමට පවා අපහසු තත්ත්වයක් උදාවූ බවද මේ වෛද්‍යවරිය විසින් දරු ප්‍රසූතියෙන් පසුව තමාගේ හෝ තම සැමියාගේ කැමැත්ත ලබා නොගෙනම තමා හට උපත් පාලන එන්නතක්ද නීති විරෝධී අයුරින් එන්නත් කළ බවටද ඇය ප්‍රකාශ කර තිබෙන බවද තුෂාර ස්වර්ණතිලක මහතා සඳහන් කෙළේය. පරීක්ෂණ නිමවන තුරු චෝදනා ලත් වෛද්‍යවරුන් දෙදෙනාගේ සේවා තාවකාලිකව නවතාලන ලෙස පරීක්ෂණ කමිටුවෙන් තමා ඉල්ලීමක් කළ බවද තුෂාර ස්වර්ණතිලක මහතා සඳහන් කෙළේය. පරීක්ෂණ කමිටු ප්‍රධානී මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කෙළේ මේ වන විට පුරා දින 3ක් මේ පරීක්ෂණ පැවැත්වෙන බවද දරු ප්‍රසූතියේදී පහර කෑමට ලක්වූ බව පැවැසෙන මවගෙන් හා තවත් කීප දෙනකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවද තවත් සතියක් පමණ මේ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවද පැවැසීය.

    අකුරැස්සේ ප්‍රාදේශීය සභාපතියාගෙන් දුෂණය වූ දැරිය පාසලෙනුත් දොට්ට

    පසුගිය කාලයේ කුප්‍රසිද්ධවූ
    මුලින්ම තරුණයන් දෙදෙනකුගෙන් හා ඊට පසුව ප්‍රාදේශීය සභා සභාපතිවරයාගෙනුත් අතවරයකට ලක්වූ බව කියන මේ බාලවයස්කාර දැරිය ඒ කාලේ ඉගෙන ගත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පාසලකය. නමුත් 14 හැවිරිදි වියේ පාසල් යද්දී සිදුවූ ඇයගේ අතවර සිද්ධිය 2012 මැයි මස මාධ්‍ය ඔස්සේ ආන්දෝලනය වෙමින් ප්‍රචාරයවීමෙන් අතවරකරු නීතියට කොටු කරන්නට සමත් වුවත් ඇයගේ දෛවයට අත්කළේ අවාසනාවකි.
    ඇයට එම පාසලේ තවදුරටත් සිටිය නොහැකි විය. ඇයට එම පළාතේද වාසය කළ නොහැකි විය. සමහරු සිතුවේ ඇය දිවි නසාගත් බවය. ඇයට අතවර සිද්ධියෙන් පසු කුමක් වූවාද යන්න වැඩි දෙනෙකු ඇත්තටම දැන සිටියේ නැත.
    නමුත් ඇය දෙමාපියන් සමග පවුල් පිටින් ඈත පළාතකට සංක්‍රමණය වන්නට තීරණය කර තිබුණා. මේ වනවිට 15 හැවිරිදි වියේ සිටින 9 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටින ඇය ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගය ලියා ඉදිරියට යාමේ අදිටනින් සිටින්නියකි. ඇය සිදුවූ දේ අමතක කර අධ්‍යාපනයෙන් දස්කම් පෙන්වා ඉදිරියට යන්නට තීරණය කර තිබුණා. නමුත් එයටද දැන් දුර්භාග්‍ය සම්පන්න ඉරණමක් අත්ව ඇත.
    අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපතිගෙන් අතවරයට පත්වු ආන්දෝලනයට තුඩුදුන් සිද්ධියේ දැරියට දැන් අත්ව ඇති අවාසනවන්ත ඉරණම ඛේදජනකය.
    ඇය අකුරැස්සෙන් සංක්‍රමණය වුයේ බණ්ඩාරවෙලටය. බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයට ඇයට ඇතුළුවන්නට හැකියාව ලැබුණ අතර නැවතත් පාඩම් වැඩ වලට ඇය අත ගැසුවා පමණි.
    දැරිය එම විදුහලේ ඉගෙනීම ලබමින් සිටින අතර ඉකුත් සැප්තැම්බර් 07 දා ඇගේ මව විදුහලට කැඳවූ විදුහල්පති වැදගත් කාරණාවක් ගැන සාකච්ඡා කිරීමට ඇති බව පවසා තිඛෙනවා. විදුහල්පතිවරයාට  දියණිය පාසලේ තබා නොගන්නා මෙන් තර්ජනය කරමින් මාතරින් දුරකථන ඇමතුම් කීපයක් ලැබුණු බවත් ඒ නිසා තීරණයක් ගතයුතු බවත් විදුහල්පති දැරියගේ මවට දන්වා ඇත.
    විදුහලේ ඉගෙනුම ලබන සෙසු සිසුවියන්ගේත් ආරක්ෂාව පිණිස දියණිය විදුහලෙන් අස්කර ගත්තොත් හොඳයි නේද යනුවෙන් ඔහු යෝජනාවක්ද කර ඇත.තමා අමාරුවෙන් දියණියට වැනසීයන හෙට සකස් කරගන්නට උත්සාහ දරන මේ අවස්ථාවේ විදුහල්පතිවරයාගේ හැසිරීම මවට ප්‍රහේළිකාවක්වී ඇති අතර ඔහු යෝජනා කර ඇත්තේ කැමැත්තෙන් අස්වෙන බවට තමා ලියවිල්ලක් සකස් කර දෙන බවකි.විදුහල්පතිවරයට තිබුණ ගෞරවය හා එම අවස්ථාවේ උපදෙස් සැපයූ ආකාරය අනුව මවට මෙම බලපෑම්කාරී තීරණයට නතුවන්නට සිදුව ඇත.
    දැරියගේ මව දැරියද කැටුව නැවත නිවසට ආවේ කබලෙන් ලිපට වැටීය.
    මෙම ගැටලූව ගැන ඇය නැවත නිවැරදිව සිතා ඇත්තේ නිවසට ගිය විටය.

    කැමැත්තෙන් අස්වී යන බව විදුහල්පති නිකුත් කළ අස්වීමේ සහතිකයේ සඳහන් වුවත් එය සම්පූර්ණයෙන් අසත්‍යක් බවත් අස්වීමට සිදුවූයේ විදුහල්පති ගත් අත්තනෝමතික හිතුවක්කාර අසාධාරණ තීරණය උඩ කළ දැඩි බලපෑම් නිසා බවත් ඇය තේරුම් ගත් අතර නීතියේ පිහිට සොයා යන්නටද ඇයට සිදු වුණා. ඒ අනුව මෙම සිද්ධිදාමය
    පෙත්සමක සඳහන් කර බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා විදුහල්පති, බත්තරමුල්ල ඉසුරුපාය ජාතික පාසල් අධ්‍යක්ෂ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ අධ්‍යාපන ඇමැති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇය නීති මාර්ගයට දැන් එළැඹ සිටිනවා.
    ඉගෙනීම ලබමින් සිටි විදුහලෙන් අස්කර ගැනීමට බලපෑම් කළ බව කියන විදුහල්පතිගෙන් රුපියල් ලක්ෂ 20 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා එම දැරිය හා ඇගේ මව නීතිඥයකු මාර්ගයෙන් ඊයේ (10 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.
    2014 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත් විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටින දැරියට තවදුරටත් අධ්‍යාපන කටයුතුවල යෙදීමට ඇති අයිතිය සුරක්ෂිත වන ආකාරයට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
    මෙම පෙත්සම පිළිබඳව සම්පූර්ණ විභාගයක් පවත්වා අවසන් වන තුරු එම විදුහලට යළි ඇතුල් කරගත යුතු බවට නියෝගයක් විදුහල්පතිට ද එසේ නැත්නම් හැකි ඉක්මණින් දැරියට වෙනත් සුදුසු පාසලක් සොයාදෙන ලෙසට අධ්‍යාපන බලධාරීන්ට ද නියෝග කරන්නැයි ද පෙත්සමෙන් ඉල්ලා තිඛෙනවා. මේ පිළිබඳ විභාගය ඉදිරියට පැවැත්වෙනු ඇත.
    අතවර කළ සභාපති නිදහස්වී දැන් පුරුදු වැඩ කරමින් ගෙදරය.
    අනපේක්ෂිත අතවර සිද්ධිය නිසා සමාජයෙන් ඇත්වන්නට සිදුවූ අහිංසක ඇයට ජීවිතයේ සාමාන්‍ය අයිතීන් වෙනුවෙන් පවා දැන් සටන් වදින්නට සිදුව ඇත.

    රට යන අයගෙන් 30,000 ලෙඩ නිසා ආපහු එනවා

    විදෙස් රැකියා සඳහා විදේශගත වන තුන් ලක්ෂයක් පමණ වන ශ්‍රමිකයන්ගෙන් 30,000 කට පමණ විවිධ රෝගාබාධ වැලඳී තිබීම නිසා යළි මෙරටට පැමිණීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ සභාපති සේනක අබේගුණසේකර මහතා කී ය.
    මීට ප්‍රධාන හේතුව විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන්ට ව්‍යාජ වෛද්‍ය සහතික ලබාදීම බවත් මේ නිසා විගමනික ශ්‍රමිකයන් මෙන් ම එතෙර හාම්පුතුන් ද දැඩි අපහසු‍තාවන්ට පත්වන බව පවසයි.
    ඇතැම් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල දී රෝගාබාධයන්ගෙන් පෙළෙන විගමනික ශ්‍රමිකයන්ට ව්‍යාජ වෛද්‍ය සහතික ලබා දී ඇති අවස්ථා ඇති අතර එතෙර දී කරන වෛද්‍ය පරීක්ෂණවලදී ‍රෝගාබාධවලින් පෙළෙන බව සනාථ වූ වහාම ඔවුන් ආපසු මෙරටට එවනු ලබන බවත්, මේ තත්ත්වය මැඬපැවැත්වීම පිණිස විදේශ රැකියා ඒජන්සි සමාගම මඟින් සහන ගාස්තු මත විශේෂිත වෛද්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවනු ලබන බවත් කීය.