පිළියන්දල සද්ධර්මාලෝක ධර්ම නිකේතනයේ අනුශාසක පිටිගල ගුණරතන හිමි බුදුරජාණන් වහන්සේ කයින් වචනයෙන් හික්මීමේ සංවරය සීලය ලෙසයි වදාළේ. එබැවින් ඒ කය, වචන දෙක සීල හා දුස්සීල කියන දෙ කොටස වෙන්කළ පසු අපට හමුවන්නේ මනෝ කර්මය යි. මානසික ක්‍රියාවද කුසල සහගත හෝ අකුසල සහගත වෙන්න පුළුවන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක්විඳින සත්ත්වයන් ඒ දුකින් නිදහස් කරනු පිණිස ලෞකික මෙන්ම ලෝකෝත්තර ප්‍රතිපදාවලින් යුක්ත දහමක් වදාළා. ඒ අතරේ සීලය පිළිබඳව විශේෂ වෙනවා. සීලය තථාගතයන් වහන්සේ දේශනා කළ නිසා හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ නිසා හෝ උන්වහන්සේ සතුටු කරන්නට අප විසින් කළයුත්තක් නොවේ. මෙය අපේම අවශ්‍යතාවය බව පළමුකොට හඳුනාගත යුතුයි. සිල්වත්වීමේ ආනිශංසත් එහි විපාකත් විඳින්නේ තම තමා තනි තනිවමයි. එනිසා අප මේ වෙලාවේදී එබඳු සීලයක් කෙසේ පුරන්නේද යන්න විමසා බලමු. දැන හෝ නො දැන ලෝක සම්මත වරදින් හෝ ශාසනය තුළ පැන වූ සම්මුතිය වරදින් හෝ මිදෙන්නට නිදහස් වීමට ඔබ උත්සහයක් දරනවා නම් එයින් රැස්වන පින ඔබට සංසාර ගමනේ බොහෝ උපකාර වන සැප පිණිස පවතින උපකාරයක් බවට පත්වෙනවා. එනිසා කෙසේ හෝ වැරැදි නොකර ඉන්නට දරන උත්සාහය අත් නොහැර තවදුරටත් ඒ ආකාරයෙන්ම නිවැරැදි මඟක් දැන හඳුනා ගන්නා තුරු එවැනි සීලයක් තුළ පිහිටා සිටීමට වඩ වඩාත් යෝග්‍ය වෙනවා. සීලයේ එන විශේෂ ප්‍රභේද වෙන් වෙන්ව ගෙන කථා නො කළත් ඒ පිළිබඳව විශේෂිත වූ “සීල සැපය”
පිළිබඳව ඔබට යමක් දැන ගැනීමට කැමැතිනම් විශුද්ධි මාර්ගයේ එන සීල විශුද්ධිය හොඳින් කියවා බැලීම ප්‍රයෝජනවත් වෙනවා. අප දැන් අප කථා කරන්නේ ලෝකෝත්තර මාර්ගයට නිවනට සාපේක්ෂව මේ සීලමය ගුණය කෙසේ නිවැරැදි විය යුතුද කියන අදහස පමණයි. මේ ශාසනය තුළ මූලික වශයෙන් අකුසලය දස ආකාරයකින් දක්වා තිබෙනවා. එයට කියනවා දස අකුසලය කියලා. දස අකුසලය තවත් විදිහකට ත්‍රිවිධ දුෂ්චරිතය ලෙස හඳුන්වනවා. එයින් පැහැදිලි කරන්නේ කයින්, වචනයෙන්, මනසින් කරන අකුසල්. ඒවා කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්ම ලෙස පැහැදිලි කර තිබෙනවා. මෙහිදී කායිකව සිදුවන අකුසල කර්ම තුනක් දක්වනවා. 1) ප්‍රාණඝාතය, 2) සොරකම, 3) කාමමිථ්‍යාචාරය. ඊළඟට වචී දුෂ්චරිතය හතර ආකාරයක් වෙනවා. 1).මුසාවාද, 2). පිසුනාවාච 3).පරුසාවාච, 4). සම්ප්‍රප්පලාප. ඊළඟට මනෝ දුෂ්චරිතයද අංග තුනකින් යුක්ත වෙනවා. 1). අවිද්‍යාව, 2). ව්‍යාපාදය, 3). මිථ්‍යාදෘෂ්ඨිය. යම් කෙනෙකු මේ දස අකුසලයේ වෙන් වී දස කුසලයෙහි පිහිටන්නේ නම් එය මේ ශාසනය තුළ සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා - සියලු පව් නො කරන්න. කුසල් වඩන්න. මේ ආකාරයෙන් දක්වන්නට පුළුවන්. නමුත් අප මතක තබාගන්න ඕන කුසලස්ස උපසම්පදා කියන තැන බුද්ධ දේශනා නතර කරලා නැහැ. තවදුරටත් සචිත්තපරියෝ දපනං - සිත පිරිසුදු කළ යුතුයි. මේ සියල්ල මතකයේ තබාගෙන අප මේ අකුසලය පිළිබඳව විමසා බලමු. අකුසලයෙන් මිදී සුසිල්වත් වන ආකාරය දස කුසල කර්මය ලෙසත්, ත්‍රිවිධ සුචරිතය ලෙසත් අප ඉගෙනගෙන තිබෙනවා. එහිදී කාය සුචරිතය ප්‍රාණඝාතයෙන් මිදීම, සොරකමින් වෙන්වීම, කාම මිථ්‍යාචාරයෙන් වෙන්වීම. වචී සුචරිතය මුසාවාදයෙන්, පරුෂාවාචයෙන්, සම්ප්‍රප්පලාපයෙන් , පිසුනාවාචයෙන් වෙන්වීම. මනෝ සුචරිතය දැඩි ලෝභයෙන්, ව්‍යාපාදයෙන්, මිසදුටු බවින්, වෙන්වීම. මෙයයි දස කුසල ලෙස හඳුන්වන්නේ. කාය දුශ්චරිතය, වචී දුෂ්චරිතය “සීල” කියන කොටසට අයිතියි. බුදුරජාණන් වහන්සේ කයින් වචනයෙන් හික්මීමේ සංවරය සීලය ලෙසයි වදාළේ. එබැවින් ඒ කය, වචන දෙක අප සීල හා දුස්සීල කියන දෙ කොටස වෙන්කළ පසු අපට හමුවන්නේ මනෝ කර්මය යි. මානසික ක්‍රියාවද කුසල සහගත හෝ අකුසල සහගත වෙන්න පුළුවන්. ධම්මපදය ගැන විමසා බැලුවොත් එහි පළමු ගාථාවේ සඳහන් වන මනසා චේ පදුට්ඨේන භාසති වා කරෝති වා තථෝ නං දුක්ඛ මන්චේති චක්කං’ව වහතෝ පදං මනසා චේ පසන්නේ න භාසති වා කරෝති වා තතෝ නං සුඛංමන්චේති ඡායා’ ව අනපායිතී සසර ගමනේ දී දුක්පීඩා ගෙනදෙන කාය සහගත වචී සහගත කර්ම ගොඩ නැෙගන්නේ දූසිත වූ මනස මූලික වීම බව අප දන්නවා. ඒ අනුව මනස දූෂිත වෙලා දූෂිත සිත මූලික කරගෙන කායිකව හෝ වාචසිකව යම් ක්‍රියාවක් වෙනවානම් එය “ගොනා පසුපස යන කරත්තය” මෙන් දුක පිණිස පවතිනවා. කාය කර්මය, වචී කර්මය දුෂ්චරිත වන්නේ මනස දූෂණය වීමෙනුයි. එහි අනෙක් අදහස මනසා චේ පදුට්ඨේ න ප්‍රසන්න වූ මනස මූලික කරගෙන යමෙක් කායිකව හෝ වාචසිකව යම් ක්‍රියාවක් කරයිද “සෙවනැල්ල” මෙන් තමා අත් නො හැර සැපත තමා වෙත ළංවෙන බව මෙහි කියවෙනවා. සැප ගෙන දෙන කාය කර්මය වාග් කර්මය සිදුවන්නේ් මනස ප්‍රසන්න වීමෙන්ම යි. දැන් ඔබට පැහැදිලියි කාය , වාග් කර්මය, අකුසල් වීමට හෝ කාය වාග් කර්මය කුසල් වීමට හේතුව වන්නේ මනස බව. මනස ගැන නො දැන කාය කර්මය හා වචී කර්ම කුසල කරගන්නට බැහැ. මනසේ ප්‍රසන්න භාවය ගැන නොදැන නොදැක කාය කර්මය, වාග් කර්මය සුචරිතවත් වන්නේ නැහැ. අප සමාදන්වූ ශික්ෂාපද ඒ පොරොන්දු වූ ආකාරයටම වරදට නො වැටී පිහිටා සිටින්නට නම් සිත කෙලෙසෙන්නට සිත කිලුටු වෙන්නට, සිත දූෂිත වන්නට ඉඩ නොතබා සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් සිල් පුරන පුද්ගලයාට තිබෙන්නට ඕන. ඒ ගැන දැනුමක්, නුවණක් ඒකාන්තයෙන් තිබිය යුතු බව. මේ කරුණ ගැන සිතන විට පෙනෙනවා. අප දන්නවා මේ කුසලා කුසල ධර්ම, ඒ කුසල අකුසලයට මුල් වූ ලෝභ, ද්වේෂ, මෝහය, අලෝභ, අදෝෂ, අමෝහය කියන හේතු යටතට පත්වෙනවා. ලෝභ සහගතබවින් ගොඩනැගෙන අකුසල ධර්ම තිබෙනවා. ද්වේෂය මූලිකවන, මෝහය මූලික වන අකුසල ධර්ම තිබෙනවා. අලෝභය, අද්වේෂය, අමෝහය මූලික වන කුසල ධර්ම තිබෙනවා. දැඩි ලෝභය එසේ නොමැතිනම් අවිද්‍යාව කියන මානසික ගතිය සිතේ හටගත්විට ඒ හේතුවෙන් හට ගන්න, සිදුවන කාය කර්ම දෙකක් දක්වන්න පුළුවන්. එනම් සොරකම සහ කාමමිථ්‍යාචාරය. දැඩි ලෝභය සිතේ පහළ වුණාමයි මේ කාය කර්ම දෙක සිදුවෙන්නේ. ඒ දැඩි ලෝභය නිසාම වාග් කර්ම අතරින් මුසාවාද කියන කර්මය සිදුවන්නේ. එයට හේතුව අවිද්‍යාව යි. ද්වේෂය, ව්‍යාපාදය, කියන මානසික ගතිය සිතේ බලවත් වූ විට ප්‍රාණඝාතය කියන කාය කර්මයත් පිසුනාවාචා, පරුසාවාචා කියන වචී කර්ම දෙකත් සිදු වෙනවා. මිථ්‍යාදෘෂ්ඨි කියන මානසික ගතියේ ප්‍රතිඵලය තමයි බොහෝ කොට නිශ්ඵල දේ කථා කිරීම. මේ අනුව අපට පුළුවන් මේ කාය කර්ම , වචී කර්ම සහ මනෝ කර්ම තුන වෙන් වෙන්ව හඳුනාගන්න. මානසික ගතිය සිතේ බලවත්නම් මේ කාය වාග් කර්මයන්ගෙන් මිදීමක් නැහැ. අවිද්‍යාව බලවත්නම් සොරකම, කාමමිථ්‍යාචාරය, මුසාවාද කියන කර්මවලින් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ. ව්‍යාපාදය සිතේ බලවත්ව තිබෙනවානම් මේ කර්මවලින් මිදෙන්නට අපහසු වෙනවා. මිසදුටු බව සිතේ නැගෙනවානම් දොඩමළු බව, නිසරු දේ කථා කිරීම ආදී ලක්ෂණ වෙනවා. එසේනම් කාය වාග් කර්මයෙන් හා වචී කර්මයෙන් අකුසල නො වන්නට මේ හේතු සිෙඳන වැඩ පිළිවෙළක් අප අනුගමනය කළයුතු වෙනවා. ඉතිරි කොටස ලබන සතියේ සටහන : නයනා නිල්මිණි