උතුම් මිනිසත් බවෙන් අනගි පල ලබමු
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය මාලගම්මන ශ්‍රී ධර්මාලෝක පිරිවෙනේ කෘත්‍යාධිකාරි ශ්‍රී‍්‍ර සම්බුද්ධ ශාසන කීර්ති ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත අමුණුපුර පියරතන නා හිමි නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස කිච්ඡෝ මනුස්ස පටිලාභො කිච්ඡං මච්චාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවණං කිච්ඡෝ බුද්ධානං උප්පාදො සුපින්වත්නි, සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර සමීපයෙහි මහරි වෘක්‍ෂයක් මූල වැඩ සිටින සමයෙක ඒරක පත්ත නම් නාරජු අරභයා මෙම ගාථාධර්මය දේශනා කොට වදාළ සේක. මෙකී ඒරක පත්ත නාගයා පෙර කාශ්‍යප බුදුරදුන් සමයෙහි උතුම් මිනිසත් බව ලබා එම බුදුසසුනෙහි දිවි ඇති තෙක් මහණ දම්පුරා යළි පාප කර්මයක ප්‍රතිවිපාක වශයෙන් මිනිසත් බව නො ලබාම සංසාරගතව තිරිසන් ආත්මයක් ලැබුවෙකි. එදවස මහණදම් පුරමින් සිටිනා අතර කිසියම් කාරණයකට ගඟකින් එතෙරවීම සඳහා අගුලකට නඟිද්දී ඒරු ගසක අත්තක් අල්ලා ගන්නාලදින් එයින් කොළයක් කැඩී ගඟට වැටිණ. උපසපන් භික්‍ෂුවක් ගස්වැල් සිඳ බිඳ දැමීම ආපත්ති දෝෂයක් බැවින් එවන් වැරැද්දක් වූයේ නම් ආයති සංවරය සඳහා ඇවැත් දෙසිය යුතු වන්නේය. එහෙත් මෙම භික්‍ෂුව එසේ ඇවැත් දෙසීමට අවස්ථාවකුත් නොලබාම එම ආරම්මණය සම්බන්ධව චිත්ත සන්තානයේ තැවීමක් ඇතිවී මරණාසන්න චිත්ත වීථියට සංයුක්තව මරණින් මතු ඔරුවක් පමණ විශාල නාග රාජයෙක්ව උපන්නේය. අප ගෞතම සර්වඥයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණ, පිළිවෙළින් ගම්නියම්ගම් රාජධානිවල වඩිමින් වරෙක බරණැස මහරි රුකක් මුල වැඩ සිටින විට එතැනට පැමිණි මෙම නාගරාජයා බුදුසිරිපා වැඳ හඬන්නට විය. කාශ්‍යප බුද්ධකාලයෙන් පසුව මිනිසත් බවක් නොලැබීමත්, බණ ඇසීමක් හෝ බුදුරජාණන් වහන්සේ නමක දැක පිනක් කිරීමට නොහැකිවීමත් නිසා ශෝකය ඉවසාගත නොහැකිව හැඬුන බව බුදුරදුන්ට ප්‍රකාශ කළේය. පින්වත්නි, විශ්වයේ අපමණ ලෝකවල අසංඛ්‍ය සංඛ්‍යාත සත්වයන් සිටින නමුත් මෙම සක්වළ මිනිස් ලොව මිනිස්බව ලබන සත්වයන් ඉතා ස්වල්ප වන අතර එවන් උතුම් මනුකය ලබා ගැනීමෙහිලා සසරදි දානාදි මහා පින්කම කළ යුතුම වන්නේය. සිතුවිලි අනුව භවය පවත්නා හෙයින් මිනිසා ප්‍රධාන ජීවින්ගේ උපත හා පැවැත්ම සද්, අසද් ධර්මයන්හි බලපෑම මත සිදුවන බව බෞද්ධ දර්ශනයෙන් පැහැදිලි වේ. චින්තනයෙන් උස්පහත් වීම මනුෂ්‍ය , තිරිසන්, වෙනසට මූලික වේ. එම චින්තන මූලධර්මයන් ඉහළ තලයකට ගොඩනඟාගැනීම හෝ මනුෂ්‍යත්වයට අදාළ වන පරිදි චින්තන භුමිකාව සකස්කර ගැනීම සඳහා මනාසේ මඟපෙන්වන්නේ බුදුදහමයි. එහෙත් එය අන්තර් ඤාණයෙන් ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට නොහැකි කෝටි සංඛ්‍යාත මිනිසුන් මිහිමත සිටින නිසා සෙසු මිනිසුන්ටද එම ප්‍රවණතාව විශාල පීඩනයකි. මෙයට ප්‍රධාන හේතු කිහිපයකි. * මනුෂ්‍යත්වයේ වටිනාකම හඳුනා නොගැනීම * කර්ම නියාමය නොපිළිගැනීම * විවේක බුද්ධිය නැතිකම * භෞතික සම්පත් කෙරෙහි වන අසීමිත ආශාව * මිනිස් චින්තනයට ගරුනොකිරීම මේ නිසා අතීත පිනකින් මිනිසත් බව ලැබුවද කෝටි සංඛ්‍යාත මිනිසුන් මිනිස් කය පැවැතිය ද චින්තනයෙන් ඉතා ලාමකව මරණින් මතු මනුකය හැර දමා දුගතිගාමි වන්නේය. එබැවින් කලෙකින් මිනිසත් බව ලැබූවද එය පවත්වා ගෙන යෑමද ඉතා දුෂ්කර වන්නේය. මනුෂ්‍යත්වය ආරක්‍ෂා කරගැනීමට ප්‍රධාන කාරණා කිහිපයක් අවශ්‍ය වන්නේය. * මනුෂ්‍යත්වය පිළිබඳ මනා දැනීම * ධාර්මික ජීවන පැවැත්ම * නිවැරැදි ජීවන දර්ශනය * කල්‍යාණ මිත්‍රසේවනය අතීත භවයන්හිදී කළ මහා කුසල බලයෙන් මිනිස් මවුපියන්ගෙන් උපදින්නට වාසනාවන්ත වූ මනුෂ්‍යයෙක් ක්‍රමයෙන් කයෙන්, මනැසෙන් හැදි වැඩී මානුෂික ගුණාංග පිළිබඳ දැනීමක් ලබාගත යුතු වන්නේය. විශේෂයෙන් මෙයට පරිසරය මහෝපකාරිවන අතර අධ්‍යාත්මික ගුණයෙන් මූර්තිමත් මිනිසුන් හා පරිසරය තුළින් සද්පුරුෂයන් බිහිවන්නේය.අසද් පුරුෂයන් සිටින අසුන්දර අපි‍්‍රය පරිසරයක බොහෝ විට අසද්පුරුෂ මිනිසුන් බිහිවීම ස්වභාවික සිද්ධියකි. මිනිස් කය උපදින විට ලැබෙන අතර උදාර මිනිස්කම අවබෝධයෙන් ලැබෙන්නේය.අප කැමැති වුවද අකැමැති වුවද සාවද්‍ය සංකල්පනා අනිවාර්යයෙන් අප කරා පැමිණෙන්නේය. එහෙත් ඒවා ප්‍රබල ප්‍රයත්නයෙන් බැහැරකොට විකල්ප වශයෙන් කුසල පාක්ෂික චින්තන ධර්මයන් ආදේශ කරගත යුතු වන්නේය. ‘ධම්මිකෝ, ධම්මජීවි’ යනුවෙන් අප බුදුරදුන් වදාළ පරිදි ප්‍රාණඝාත, අදින්නාදානාදී පස්පව් නොකොට දාන, ශීල, භාවනාදි ත්‍රිශික්ෂාවෙහි යෙදෙන්නේ නම් උදාර මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියක් වන අතර මානව පරපුරට මහඟු ආදර්ශයක් ද වන්නේය. මිනිසකු උපන්දා පටන් එක්බසකින් හෝ භාෂා කිහිපයකින් හෝ සිතන කියන අක්‍ෂර වදන් වාක්‍ය ඡේද සිය දහස් ලක්‍ෂ කෝටි ගණනින් ප්‍රමාණ වන නමුත් අප බුදුරදුන් වදාළ එක බණ පදයක් වෙත සිය ශ්‍රවණ, ධාරණ, චින්තන ශක්තිය යොමුවන්නේ නම් එය ඒ සියල්ලටම වඩා සිය දහස් ලක්‍ෂ ගුණයෙන් අනගි වන්නේය. එසේ හෙයින් අප බුදුරජාණන් වහන්සේ ‘කිච්ඡං සද්ධම්ම සවණං’ යනුවෙන් වදාළ සේක. අතිදීර්ඝවූ සංසාර ගමනේදි බුද්ධාදී උත්තමයන්ගේ උතුම් ධර්මය අසන්නට, සිතේ දරා පිළිපදින්නට අවකාශ ලැබෙන්නේ නම් එම කුසලකර්මයේ ප්‍රතිවිපාක වශයෙන් භවාන්තරයේ සියලු සම්පත් හා කෙළවර උතුම් නිවන් සම්පත් ලබාදෙන්නේය. ලෝක ස්වභාව ප්‍රත්‍යක්‍ෂයෙන් නොදැන අනුමානයෙන් සිතා ආත්මාර්ථකාමිත්වයෙන් දේශනා කිරීම අසද්පුරුෂ ක්‍රියාවකි. එවන් දහම් දෙසීම් ලොව ඕනෑම කලෙක පැවැතිය හැකි අතර ස්වාක්ඛාතවූ සම්බුද්ධ ධර්මය අසන්නට ලැබෙන්නේ කල්පාන්තරයකට පසුව පහළවන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් සමීපයට පැමිණියොත් පමණි. මනුලොව බුදුරජාණන් වහන්සේ පහළවුවද එම ධර්මය අසා දැනගෙන එයින් සැනසීමට තරම් නැණවත් සර්ව සම්පූර්ණ මිනිසත්බවක් නොලදහොත් අර්ථයක් සිදු නොවන්නේමය. සද්ධර්මය ඇසීමත්, සිතීමත් , පිළිපැදීමත් උභය ලෝකාර්ථ සිද්ධියට හේතුභූත වන්නේය. එමෙන්ම මෙම උතුම් ධර්මය සංසාරික වශයෙන් පීඩාකර වූ ජාති,ජරා, ව්‍යාධි මරණාදි අපමණ දුක්වේදනා සමනය කිරීමෙන් අවේදයිත සුඛ සංඛ්‍යාත පරම ශාන්ත අමාමහ නිවනින් සැනසීමට යථාර්ථයෙන්ම මහෝපකාරි වන්නේය. ඔබ සැමට තෙරුවන් සරණයි.

No comments:
Post a Comment