බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම තිරසරව පවතින්නේ පංචසීල ප්‍රතිපත්ති පදනම මත පිහිටා ක්‍රියාකිරීමෙන් නිසා විශේෂයෙන් බෞද්ධයන් පංචපාප කර්මයන්ගේ ආදීනව සමාජ සිද්ධාන්ත අනුව වටහාගෙන පංචසීල ප්‍රතිපත්තිය ආරක්ෂා කළයුතු බව අවධාරණයෙන් මතක් කරන්නේ කෝටි සංඛ්‍යාත ජනතාවගෙන් ස්වල්ප දෙනෙකුගේ පංච දුශ්චරිත විෂමාචාරය නිසාම සකල ජන සමාජයට වන අයහපත නිසා ය. අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහෝපාධ්‍යාය ශාස්ත්‍රවේදී පණ්ඩිත අමුණුපුර පියරතන හිමි යො පාණමති පාතෙති මුසාවාදංච භාසති ලොකෙ අදින්නං ආදියති පරදාරංච ගච්ඡති සුරාමෙරය පානංච යොනරො අනුයුංජති ඉධෙව මෙසො ලොකස්මිං මූලංඛණති අත්තනො සුපින්වත්නි සකල ජන වන්දනීය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි පන්සියයක් උවසුවන් අරභයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. සැවැත්නුවර දෙව්රම් වෙහෙර නන් දෙසින් සැපත්වන උපාසක, උපාසිකාවන්ගෙන් පිරී පවත්නා බැවින් සිරියාවෙන් පිරී ඉතිරී යන්නේ ය. පිරිසුදු සිතින් මෙන්ම ගතින්ද බණ අසන දන්දෙන, මල්පහන් පුදන සිල්වත් ගුණවත්, නැණවත් ගිහි පැවිදි උතුමන් නිතර දෙව්රම් වෙහෙරට සැපත්ව ආපසු යන්නේ දෙව් මිනිස් නිවන් සම්පත් සාදාගැනීමේ පරම අධිෂ්ඨානයෙනි. මෙම ජනයා අතර පන්සීයක් පමණ දෙනෙක් තම තමන් ආරක්ෂා කරන සිල්පද පිළිබඳ වාදවිවාද ඇතිකොට එම වාදය පිළිබඳව විසඳුමක් ලබාගැනීම බුදුරදුන්වෙත පැමිණ වාදයට හේතු සැලකළහ. බුදුරජාණන් වහන්සේ එම වාදය සන්සිදුවා පස්පව් දුරුකොට පන්සිල් ආරක්ෂා කළයුතු බව දේශනා කොට වදාළ සේක. මිහිමත සත්ව පරපුර බිහිවූ දා සිට කෙනෙකුගේ ජීවයක් විනාශකොට තවත් ජීවියක් රැකීමේ ප්‍රවණතාවය නොකඩවා පවතින්නේය. ආගම්, දර්ශන, නීතිරීති, කෙතරම් තිබුණත් ක්‍රමක්‍රමයෙන් ප්‍රාණවදය විවිධාකාරයෙන් සිදුවීම නිසා සත්ව ලෝකය විවිධ ව්‍යසනයන්ට භාජනයවන වග ප්‍රත්‍යක්ෂ වූවකි. ප්‍රාණඝාතය කරන්නාට මේ අත්බැව්හිදී සියලු විපත් සිදුවන අතර මරණින් මතු නරකයෙහි ඉපිද කල්ප ගණන් විපාක විඳින්නට සිදුවන්නේම ය. එසේ අනන්ත දුක් වේදනා විඳ මිනිසත්බව ලැබුවත් අල්පායුෂ්කව මරණයට පත් වන්නේය. බුද්ධිමත් මිනිසුන් තම තමන්ගේ ජීවිත ගැන සලකා අවිහිංසාවට පුරුදුවන්නේ නම් ලෝකයට මෙතරම් ව්‍යසනයන් සිදු නොවන්නේ ය. මිනිසා ශිෂ්ඨාචාරාත්මකව ජීවත්වන්නට සිතනපතන සෑම මොහොතකම එයට බාධාවන්නේ භෞතික සම්පත් නිසා සිදුවන සොරකම වංචාව නිසාබව ප්‍රත්‍යක්ෂ වේ. මානසිකව විවෘත ජීවිතයක් ගතකළ මිනිසා මහපොලොවේ සම්පත් පෞද්ගලිකව පරිහරනය කරන්නට යාමෙන් චින්තනය වංචාවෙන් විකෘත වූ ආකාරය අග්ගඤ්ඤ සූත්‍රයෙන් දක්නට පුළුවන. මානව පරපුරේ ආදිතම ස්වරූපය විවෘතව පැවතියේ ආශාවේ සීමිතභාවය නිසාය. ක්‍රමක්‍රමයෙන් මිනිස් පරපුරේ ආශාවන් වර්ධනය වනවිට පරිසර සම්පත් අන්‍යෝන්‍ය වශයෙන් පෞද්ගලී කරණයෙන් වෙන්කර ගන්නට පමණක් නොව ආශාව ක්‍රෝධය ආදී ප්‍රපංච ධර්මයන් සංකීර්ණවීම නිසා සමාජ ගැටුම් ඇතිවන්නට විය. මිනිසා විසින්ම හදාගත් නීතියෙන් මිනිසාටම සාහාසික දඬුවම් වධ වේදනා විඳින්නට විය. අදත්තාදානය නිසා මිනිසාගේ කාලය, ශ්‍රමය, විනාශවන අතර මානව ධර්ම තුරන් වන්නේ ය. අදින්නාදානං භික්ඛවෙ ආසෙවිතං, භාවිතං බහුලී කතං නිරය සංවත්තනිකං හොති යනාදි නයින් දේශිත බුද්ධ දේශනාව අනුව සොර සිතින් අන්සතු දේ ගැනීම මරණ පාශයක් වන අතර මරණින් මතු සතර අපායේ ඉපිද අතිදිගු කලක් දුක්විඳ මනුලොව උපන්නේ වී නමුත් ඉතා දුප්පත්ව අනුන්ගෙන් හිඟමනේ යමින් ගර්හාවට භාජන වන්නේය. එබැවින් මෙම අදත්තාදාන අකුසල කර්මයෙන් දුරුවිය යුත්තේ ම ය. කාමාශාවේ අතෘප්තිකර භාවය නිසා කාමමිථ්‍යාචාර අකුසල් කරණ මිනිසුන් වැඩිවන්නේ ඒ සඳහා සලසන කාමභෝගී උපාය මාර්ග නිසාමය. ආගම, දහම විනය, නීතිය, සිරිත්විරිත් කෙතරම් පැවතියද ඒ සියල්ල ඉක්මවා, කාම මිථ්‍යාචාරය නමැති මහා පාප කර්මය මානව සමාජයට කොතරම් ව්‍යසන ඇතිකරන්නේ දැයි සමාජ සිද්ධිවලින් ප්‍රත්‍යක්ෂ වන්නේය. ඉත්ථිධුත්තෝ සුරාධුත්තෝ අක්ඛධුත්තෝ ච යෝනරෝ ලද්ධං ලද්ධං විනාසෙති තං පරාභවතො මුඛං පරදාර සේවනය, මද්‍යපානය, සූදුව යන පාපක්‍රියා තුනම එකට සංයුක්තව ක්‍රියාත්මක කරන මිනිසා සමාජයේ පාපතම පුද්ගලයෙකු බවත් එයින් මෙලොවදීම අන්තපරිහානියට පත්වන බවත් ශිෂ්ඨ සම්පන්න සෑම සමාජයකම පොදු පිළිගැනීමයි. එහෙත් මානව පරපුර මිහිමත සමාජගත වූදා සිට පටු කල්පනාවත්, තාවකාලික තෘප්තියත්, අනවබෝධයක් එමෙන්ම අන්ධානුකරණයත් නිසා එකී පාප කර්ම ක්‍රියාත්මක කිරීමෙන් සමස්ත මානව වර්ගයටම සිදුවන හානිය කියා නිමකළ නොහැක. මානව සමාජයට අතීත කාලයට වඩා වර්තමානයේ අත්දැකීමෙන් යම් ක්‍රියාවක් හිතාහිත බව තේරුම් ගන්නා ක්‍රම බහුලය. ආගම දහමෙන් උගන්වන භාවාන්තරය පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානය නැතිවුවද ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය මුසාවාදය, සුරාපානය යන පංචපාප කර්ම නිසා පුද්ගලයා හා පුද්ගලාන්තර වශයෙන් සිදුවන ව්‍යසන කෙතරම්දැයි ජනසමාජය දෙස සිහිබුද්ධියෙන් බැලීමෙන් අවබෝධ වන්නේ ය. විශේෂයෙන් මෙකී පංච පාප කර්ම නිසා ලොවට සිදුවන හානි ප්‍රධාන වශයෙන් කීපයක් දැක්විය හැක. පවුල් සමාජය බිඳවැටීම, වැඩිහිටි සමාජයෙන් බාල පරපුරට ආදර්ශයක් නැතිවීම, ධන හානිය, සෞඛ්‍ය තත්ත්වය පිරිහීම, ආගම දහම දර්ශනය වනගත වීම, උදාර මිනිසුන් පහල නොවීම, ජාත්‍යන්තර යුද්ධ යනාදිය දැක්විය හැකිවේ. මිනිසා සකස් කිරීම සඳහා වත්මන් ලෝකයේ කෙතරම් සංරක්ෂණ හා විවිධ භාවිතයන් ඇතිවුවද ඒ සියල්ල අභිබවා විෂමාචාරය ඉතිරී පැතිරී යන්නේ පස්පව් නොකිරීමේ ජගත් ප්‍රතිපත්තියක් නොවීම නිසාය. අප බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම තිරසරව පවතින්නේ පංචසීල ප්‍රතිපත්ති පදනම මත පිහිටා ක්‍රියාකිරීමෙන් නිසා විශේෂයෙන් බෞද්ධයන් පංචපාප කර්මයන්ගේ ආදීනව සමාජ සිද්ධාන්ත අනුව වටහාගෙන පංචසීල ප්‍රතිපත්තිය ආරක්ෂා කළයුතු බව අවධාරණයෙන් මතක් කරන්නේ කෝටි සංඛ්‍යාත ජනතාවගෙන් ස්වල්ප දෙනෙකුගේ පංච දුශ්චරිත විෂමාචාරය නිසාම සකල ජන සමාජයට වන අයහපත නිසා ය. පස්පව් කොට මෙතෙනත් ලැබ සෝකය ගොස් නිරයේ දුක් විඳිති අනේකය රැස්කොට ඉන් පින් මෙමිනිස ලෝකය සිස් නොකරව් කලකින් ලත් මේ කය මෙසේ පංචපාපයේ දරුණු විපාක ගද්‍යයෙන් පද්‍යයෙන්, උපදේශයෙන්, නාට්‍යයෙන්, චිත්‍රයෙන් ප්‍රකට කර ඇත්තේ ලෝකයේ සත්‍ය ධර්මය තත්වාකාරයෙන් අවබෝධ කළ බුද්ධාදී ආර්ය උත්තමයන් වහන්සේලාගේ දේශනා මාර්ග අනුවය. ඔබ සෑම දෙනාම පස්පව් දුරින්ම දුරුකොට පන්සිල් ආරක්ෂා කොට දෙව් මිනිස් නිවන් සම්පත් ලබා සදා සැනසීමට උත්සාහ ගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. |
Sunday, 30 June 2013
දුරුකළ යුතු පස්පව්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment