sha fm

    Friday 8 July 2016

    Samsung Korean version දුරකතන ගැන පැහැදිලි අවබෝධයක්

    http://ratagiyaattho.blogspot.kr/
    කොරියාවේ සහ ලංකාවේ ටික දෙනෙක් නම් මේ ගැන දන්නවා. එත්
    ගොඩක් අයට Samsung Korean version දුරකතන ගැන
    පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ අය
    හිතන්නේ කියන්නේ Korean version, International version
    එකේ copy (replica) එකක් කියල. සමහර අය Korean version
    එකට Anycall කියලත් කියනවා.
    දැන් අපි බලමු මොනවද මේ Korean version කියලා...........
    මුලින්ම කියන්න ඕනේ Original Samsung වල version කීපයක්
    තියෙනවා. Model No. එකෙන් හඳුනා ගන්න පුලුවන්,
    දුරකතනය අයිති වෙන්නේ මොන version එකකටද කියලා.
    International version එකක Model No. එක
    වෙන්නේ මේ වගේ එකක්, GT-iXXXX
    Korean version එකක Model No. එක
    වෙන්නේ මේ වගේ එකක් SHW-MXXX/ SHV-
    EXXX
    US/Canada version එකක Model No. එක
    වෙන්නේ මේ වගේ එකක් SGH-iXXX
    Japan version එකක Model No. එක
    වෙන්නේ මේ වගේ එකක් SC-XXX
    මේ හැම එකක්ම original Samsung . ඒත්
    අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නේ international version
    විතරයි Original කියලා.
    South Korean වල Network provider company 3 ක්
    තියෙනවා. (හරියට අපේ රටේ Dialog Telekom, Mobitel,
    Airtel, Hutch, Etisalat වගේ). ඒ company තුනෙන්ම තමයි
    ජංගම දුරකතන දෙන්නෙත්. මොනවද ඒ company????
    1. SK Telecom
    2. Korean Telecom
    3. LG U+ Corporation
    බොහොමයක් Korean version දුරකතන boot වෙනකොට
    මේ කියන Anycall, Olleh, LG U+ logo එක display වෙනව.
    Anycall
    Olleh
    LG U+
    සමහර දුරකතන වල back cover එකෙත් මේ logo එක
    තියෙනවා (උදා: Samsung Galaxy S2)
    එහෙම නැත්නම් Model No. එකෙනුත් දුරකතනය අයිති මොන
    වර්ගයටද කියලා හඳුනාගන්න පුලුවන්. Model no. අගට S
    තියෙන්නේ Anycall , K තියෙන්නේ Olleh , L
    තියෙන්නේ LG U+ .
    Korean version දුරකතන වල model no. වෙන්නේ SHW, SHV
    කියලා එන ඒවා පමණයි. 3G තියෙන ඒවා SHW වලිනුත්, 4G
    Lte තියෙන ඒවා SHV වලිනුත් තමයි එන්නේ.
    උදාහරණ
    S >>> SHW-M110S
    S2 >>> SHW-M250S, SHW-M250K
    S2 Lte >>> SHV-E110S, SHV-E110K, SHV-
    E110L
    S2 HD Lte >>> SHV-E120S, SHV-E120K, SHV-
    E120L
    S3 >>> SHW-M440S, SHW-M440K
    S3 Lte >>> SHV-E210S, SHV-E210K, SHV-
    E210L
    S4 Lte >>> SHV-E300S, SHV-E300K, SHV-
    E300L
    S4 Lte-A >>> SHV-E330S
    Note Lte >>> SHV-E160S, SHV-E160K, SHV-
    E160L
    Note2 Lte >>> SHV-E250S, SHV-E250K, SHV-
    E250L
    SHW හෝ SHV වලින් Model no. පටන්
    ගන්නේ නැතිනම් එක original korean version
    එකක් නෙවෙයි.
    Korean version එක හදන්නේ ඒ රටේ අයට පාවිච්චි කරන්න.
    අපේ රටේ තේ බොන විදියට නෙවෙයි
    කොරියානුවෝ phone හදන්නේ. ඒ
    කිව්වේ අපේ රටේ ලෝකෙන්ම හොඳම තේ (Ceylon Tea)
    නිෂ්පාදනය කලාට අපි බොන්නේ කසල තේ (Dust). එත්
    කොරියානුවෝ එහෙම නැහැ. ඒ අයගේ රටේ අයට
    පාවිච්චි කරන්න ඒ අය හොඳම තත්වයේ phones තමයි
    හදන්නේ.
    අපේ රටේ තියෙන international version දුරකතන
    හදන්නේ China හෝ Vietnam වල. Chinese නිෂ්පාදන ගැනඉතින් අපේ අයට අමුතුවෙන කියන්න ඔනේ නැහැනේ.
    අද ලංකාවේ S4 එකයි, Note3 එකයි brand-new
    කියලා 15,000-20,000 විකුණන්න ඕන තරම් ads
    දාලා තියෙනවා ikman.lk එකෙයි, Facebook groups
    වලයි. අපේ අයත් ඕන තරම් දැකල ඇතිනේ.
    ඒවා විකුණන්නේ "Made by Samsung by Korea"
    හෝ "Made by Samsung by Vietnam" කියලා. ඒත්
    මේ එකක්වත් හදන්නේ Korean වලවත්, Vietnam වලවත්
    නෙවෙයි, China වල. මේවා Original දුරකතන නෙවෙයි
    බාල Copy (Replica). මේවා හඳුනාගන්න විදියYOUTUBE
    එකේ Video වල තියෙනවා ඕන තරම්. Searchකරලා බලන්න.
    ඒ ads වල Korean version කියලා තිබුනට එකේ Model No.
    එක දිලා තියෙන්නේ international version එකේ model no.
    eka එක. උදාහරණයක් විදියට S4 එක ගනිමු. Korean version
    එකේ Model No. එක SHV-E300S/K/L මිසක් GT-i9500
    නෙවෙයි.
    වියදම් කරලා බාල copy එකක්
    ගන්නවට වඩා අතේ තියෙන මුදලට එකක් original phone
    ගන්න එක හොඳයි කියලා.
    ********************************************************
    **************************
    අනිත් අයටත් දැනගන්න එක්ක share කරන්නත් අමතක කරන්න
    එපා.

    ‪#‎උපුටා‬ ගැනීමකි.

    No comments:

    Post a Comment