sha fm

    Friday, 18 October 2013

    උතුම් සිදුවීම් රැසක් සිදු වූ වප් පුර පසළොස්වක පොහෝ දිනය



    සුපුරුදු ලෙස ශීලාංගයන්හි පිහිටීමෙන් යුතුව කිසියම් විවේකයක් ලබමින් ආගමික කටයුතුවල යෙදෙන අද දිනය වප් පුර පසළොස්වක පොහෝ දිනය වශයෙන් අපි හඳුනාගෙන සිටිමු. අද දිනයෙහි ශාසනික වශයෙන් මෙන්ම ශාසන ඉතිහාසය සම්බන්ධයෙන්ද බොහෝ වැදගත් සිදුවීම් සිදුවී තිබේ. ඔබේ අවධානය සඳහා බුද්ධචරිතය ඇසුරින් හා ශාසන ඉතිහාසය ඇසුරින් එම සුවිශේෂීතාවන් සිහිපත් කිරීමට බලාපොරෙත්තු වන අතර එය ඔබේ ශ්‍රද්ධාව වඩා වර්ධනය සඳහා හේතු වනු ඇත.
    කළගුණ සැලකීමේ උසස් බව ප්‍රායෝගිකවම බුදුරජාණන් වහන්සේ විසින් අපට නොයෙක් වර පෙන්නුම් කොට වදාරණ ලදී. ඒ අනුව බුද්ධත්වයෙන් සත්වෙනි වර්ෂයෙහි තම සිද්ධාර්ථ ජීවිතයෙහි මෑණියන් වූ මාතෘ දිව්‍යරාජයාණන්ට අනුග්‍රහ පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක්දෙවිඳුගේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස් විසූ බව අපේ ශාසනික ඉතිහාසයෙහි සඳහන් වෙයි. තෙමසක් මුළුල්ලෙහි මාතෘ දිව්‍යරාජයාණන් ප්‍රධාන දෙවියන්ට අභිධර්මය දේශනා කිරීමත් අවසන අසූකෝටියක් දෙවියන් නිවන් දුටු ආකාරයත් මාතෘ දිව්‍යරාජයාණන් සෝවාන් වූ බවත් එහි සඳහන්ව ඇත.
    මෙසේ පුරා තෙමසක් තව්තිසාවෙහි වස් වසා වැඩ සිටි බුදුරජාණන් වහන්සේ වස්පවාරණය කොට දඹදිව සංකස්ස පුරයට දෙව් මිනිසුන්ගේ පෙරහර මධ්‍යයෙහි අසිරිමත් පෙළහරින් යුතුව වැඩම කළේද අද වැනි වප් පොහෝ දිනයකය. මෙහිදී සැරියුත් මහරහතන් වහන්සේ වෙත බුදුරජාණන් වහන්සේ විසින් යොමු කරන ලද න්‍යායාත්මක ප්‍රශ්න මාලාවකට දම් සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ විසැඳුම් දේශනාවක් පැවැත්වීමද අසිරිමත් සිදුවීමකි. මේ සමඟම මෙහි රැස් වූ මහජන සමූහයා ඉදිරියෙහි, තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවක මහා සංඝරත්නය අතරින් ප්‍රඥාවෙන් අගතැන්පත් මහා ශ්‍රාවකයාණන් වහන්සේ ලෙස සැරියුත් මහරහතන් වහන්සේ පිළිබඳ ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, ධර්මසේනාධිපති අග්‍ර ශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර මහරහතන් වහන්සේ ලෙස අග තනතුරු ලැබුවේද අද වැනි වප් පුර පොහෝ දිනයකදීය.
    එසේම මෙම අසිරිමත් වූ දේවාවරෝහණ මහා උත්සවය දැකීමෙන් බොහෝ ජනතාව බුදුබව ප්‍රාර්ථනා කළ ආකාරය පිළිබඳද අපේ ධර්ම සාහිත්‍ය මැනැවින් තොරතුරු වාර්තා කොට ඇත. මෙහිදී බුදුරජාණන් වහන්සේ සහ සැරියුත් මහතෙරුන් අතර පැවැති ප්‍රශ්න විසර්ජන සාකච්ඡාවට සවන් දී සිටි මෛත්‍රි බෝසතාණන් වහන්සේ මහත් ප්‍රසාදයට පත්ව පැවිදි ජීවිතයට එළැඹ ඇත. මතු ලොව්තුරා බුද්ධත්වයට පත්වන මෛත්‍රි බෝසතාණන් වහන්සේ අප ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි බවට පත් වූ දිනය වන්නේ ද අද වන් වප් පුර පොහෝ දිනයකි.
    ශාසනයෙහි ප්‍රධාන පින්කම් අටක් පිළිබඳ සඳහන් වේ. එම පුණ්‍ය ක්‍රියා අතර ප්‍රථම පින්කම වන්නේ කඨින පූජා පින්කමයි. කඨින පූජා පින්කම හැම දිනකම හැම කාලයකම සිතූ පමණින් සිදුකළ හැකි පින්කමක් නොවේ. ඇසළ පුර පොහෝ දිනයෙන් ආරම්භ වන වස් කාල සීමාව තුළ වස් ශික්‍ෂා පදය ආරක්‍ෂා කරමින් කටයුතු කළ භික්ෂූන් වහන්සේ මහා පවාරණයෙන් පවාරණය විය යුතු වෙයි. වස් පවාරණය සිදු කරනු ලබන්නේද වප් පුර පොහෝ දිනයේය. අද දිනයෙන් ආරම්භ වන කාල සීමාව ඉල් පුර පොහෝ දිනය තෙක් සීමාවන දින 29 තුළදි පමණක් වස් විසූ භික්ෂූන් සඳහා කඨින චීවර පූජාවන් සිදු කළ හැකි වේ. මෙම කාල සීමාවෙන් පෙර හෝ පසුව මෙම විශේෂ පින්කම සිදු කළ නොහැකිය. ඒ අනුව මෙම කාල සීමාව චීවර මාසය නමින් හඳුන්වනු ලැබේ. එසේ නම් ලොව පුරා මහා කඨින පූජා පින්කම් පවත්වමින් මහා ආනිශංස ලබා ගන්නා උතුම් පින්බර මාසයක ආරම්භක දිනය වන්නේද වප් පුණු පොහෝ දිනයයි.
    මහින්දාගමනයෙන් පසු උන්වහන්සේගෙන් බණ අසා පළමුවෙන්ම මාර්ගඵල ලාභීන් බවට පත් වූයේ අනුලා දේවිය ප්‍රධාන ලාංකේය කාන්තා පක්‍ෂයයි. ඇතැම් අවස්ථාවල පිරිමි පක්ෂය අභිභවා ආගමික කටයුතුවල වැඩි උනන්දුවකින් ද යුතුව ක්‍රියා කරන කාන්තාවන් ප්‍රථමයෙන් ම මඟ ඵල ලැබීම සුවිශේෂි සිද්ධියකි. මාර්ගඵල ලාභී මෙම කාන්තාවන්ට සසුනෙහි පැවිදි බව ලබා ගැනීමට අවශ්‍ය වූ අතර ඒ සඳහා භික්‍ෂුණි සංඝයා ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව ද ඇති විය.
    ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ නියමයෙන් දෙවැනි පෑතිස් රජතුමා විසින් අශෝක රජතුමා වෙත සංදේශයක් යවන ලදී. එයින් ප්‍රකාශ වූයේ අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීම සඳහා සංඝමිත්තා මහරහත් තෙරණිය වැඩමවා ගැනීමේ අවශ්‍යතාව යි. ඒ සමඟ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් වැඩමවා ගැනීම පිළිබඳ ද සඳහන් කෙරිණි. මෙම ඉල්ලීම ඇතුළත් සංදේශය සහිත ව තුටු පඬුරු රැගත් අරිට්ඨ කුමරු ඇතුළු රාජකීය දුත පිරිස අශෝක අධිරාජයා මුණ ගැසීම සඳහා පිටත්ව ගොස් ඇත්තේද අද වැනි වප් පුන් පොහෝ දිනයකය. අපේ කාන්තා පක්ෂයට ආශිර්වාදයක් වූ භික්‍ෂූණී ශාසනය මෙන්ම ලංකාවාසි බෞද්ධ ජනතාවගේ ශ්‍රේෂ්ඨතම පූජනීය වස්තුවක් වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ වැඩමවීමෙහි කාර්යාවලියේ ආරම්භක දිනය වූ අද දවසෙහි වැදගත්කම අපේ වංශකතා මගින් මහත් අසිරිමත් ආකාරයෙන් යුතුව අනාවරණය කොට ඇත.
    ලක්දිව සම්බුදු සසුන පිහිටියේදැයි දේවානම්පියතිස්ස රජු අසා ඇති ප්‍රශ්නයකට පිළිතුරු දුන් මිහිඳු හිමියන් පවසා ඇත්තේ මෙරට සිංහල මව්පියන් ඇතිව උපන් දරුවකු මෙහි පැවිදිව විනය ධාරිව මෙරටදී විනය උගන්වයිද එවිට ශාසනය මුල්බැස ගත්තා වන්නේ යැයි යනුවෙනි. ඒ අනුව, ප්‍රථම සිංහල මහරහතන් වහන්සේ වූ මහඅරිට්ඨ තෙරණුවන් ඒ සඳහා සුදුසුකම් ලබා තිබුණි. අනුබුදු මිහිඳු මහ හිමියන් ප්‍රමුඛ මහා අරිට්ඨ තෙරුන් ඇතුළු මහරහතන් වහන්සේ අටසැට නමක්, දහසක් බැගින් භික්‍ෂූන් සමග අනුරාධපුර ථූපාරාම විහාරයේදි විනය පිටකය සංගායනා කළේද අද වැනි වප් පුර පොහෝ දිනකය. මහා අරිට්ඨ මහරහතන් වහන්සේ විසින් සිදු කරන ලද මෙම විනය සංගායනාව ලක්බුදු සසුනෙහි විශේෂි අවස්ථාවක් ලෙස ශාසන ඉතිහාසය මගින් වාර්තා කොට තිබේ.
    මහාපවාරණය, දේවාවරෝහණය, සැරියුත් තෙරුන් නුවණින් අගතනතුර ලැබීම, මෛත්‍රි බෝසතුන් පැවිදිවීම, අරිට්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිස දඹදිව කරා ගමන් ආරම්භය, ලක්දිව ප්‍රථම විනය සංගායනාව ආදි අසිරිමත් ආගමික කටයුතු රැසක් සිදුවූ අද දිනය පිළිබඳ කරුණු දැන ගැනීම ඔබ හැමගේ ශ්‍රද්ධාව වැඩිදියුණු වීම සඳහා මහත් රුකුලක් වනු ඇත. වැඩිදුරටත් සැදැහැ ගුණ දියුණුවනු වස් දහම් ගුණ පිළිබඳ ද කරුණු විමසා බලමු.
    ‘ධර්ම’ යන වචනයට විවිධ අර්ථ ඇති අතර අප මෙහිදී කෙටි විමසීමකට ලක් කරනුයේ තථාගත ධර්මය පිළිබඳවයි. පර්යාප්ති ධර්ම සංඛ්‍යාත බුද්ධ වචන සමූහය ධර්මස්ඛන්ධ වශයෙන් සුවාසු දහසක් වන බව ගණනය කොට ඇති අතර මුළු මහත් බුද්ධවචනය සූත්‍රපිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය, වශයෙන් ත්‍රිපිටකය යන නමින් බෙදා දක්වා තිබේ. මෙයට අතුළත්ව සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමී මාර්ගය, අරහත් මාර්ගය යන සිව් ආර්ය මාර්ගයනුත් සිව් ආර්ය ඵලයනුත් නිර්වාණ ධර්මයත් යන ධර්ම නවය නව ලෝකෝත්තර ධර්මය යනුවෙන් හැඳින්වේ. මෙහි තේරුම වන්නේ සත්වයන් සංසාර ලෝකයෙන් එතෙර කරවන්නේය යන්නය.
    මේ හැරෙන්නට පරියප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද වශයෙන්ද ධර්මයෙහි ආකාර තුනක් පිළිබඳ සඳහන් වේ. සූත්‍ර, විනය, අභිධර්මය යන පිටකත්‍රය පරියාප්ති නම්වේ. සිව් අපායෙන් මිදීම සඳහාත් දෙව්, මිනිස්, නිවන් යන ත්‍රිවර්ග සම්පත් ලැබීම සඳහාත් පිරිය යුතු ශාසනික ප්‍රතිපත්තිය, ප්‍රතිපත්ති ධර්මය ලෙස හඳුන්වනු ලැබේ. ආර්ය මාර්ග සතරත් , ආර්යඵල සතරත් නිර්වාණයත් යන නව ලොව්තුරු දහම් ප්‍රතිවේද ධර්මය ලෙසත් සඳහන්ව ඇත.
    ‘දරන්නා වූ’ යන අදහසින් ධර්මය නම්වේ. දැරීම නම් සතර අපායට සහ සසර දුකට වැටෙන්නට නොදී ආරක්‍ෂාව සැලසීමයි. ධර්මය අසමින් සිත්හි ධාරණය කර ගනිමින් ඊට අදාළ පිළිවෙත් පූරණය කරමින් ධර්මාවබෝධය ලබන්නන් ධර්මය දරන්නන් ලෙස දක්වා ඇත. මෙසේ ධර්මය දරන්නා වූ අය සතර අපායටත් සසර දුකටත් යා නොදී ආරක්‍ෂා කිරීම ධර්මයෙන් සිදුවන සුවිශේෂී කාර්යයක් ලෙස ධර්මයෙහි ඉතා මැනැවින් දක්වා ඇත. මෙවන් වු තථාගත ධර්මය ගුණ වශයෙන් ගත් කළ මූලික ගුණ හයක් වශයෙන් බොහෝ සූත්‍රවල දක්නට ලැබෙන අතර අපේ දහම් ගුණ පාඨයෙන් එය මනාව විවරණය කොට තිබේ. මේ අනුව අද දිනයෙහි වැදගත් කමද සිහිපත් කරමින් උතුම් ධර්මයෙහි හැසිරෙමින් නිර්වාණාවබෝධය සඳහා උත්සාහවත් වනු මැනැවි.



    ඔබේ පෙම්වතිය වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්.

    මම අද ඔයාලට දෙන්න යන්නේ 
    ඕනෑම ගැහැණියෙක් සතුටු කරන්න පුළුවන් ක්‍රම 45 ක් 
    මේ ටික හරියට කරොත් ඔයාගේ ගෑණු ළමයා එයාගේ ජීවිතය පුරාවටම ඔයත් එක්ක ඉදිවී .. 

    ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, 
    ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්. 
    1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.

    2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.

    3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.

    4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.

    5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න මේ දේවල් අමතක කරන්නත් එපා . . .

    6. ඇයව වැළඳගන්න.

    7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.

    8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.

    9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.

    10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න. නිදහස් තැන්වලදී . . .

    11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.

    12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.



    13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.

    14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.

    15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා. ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?

    16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.

    17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.

    18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.

    19. ඇය ලස්සන බව ඇයට පවසන්න.

    20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න. ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න

    21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.

    22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.

    23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.

    24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න

    25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි. ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා

    26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.

    27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.

    28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.

    29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.

    30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.

    31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.

    32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.

    33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.

    34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.

    35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න

    36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.

    37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.

    38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.

    39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.

    40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න. ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.

    41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.

    42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.

    43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.

    44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.

    45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න……………………


    උපුටා ගැනීම – අන්තර්ජාලයෙනි…




    Thursday, 17 October 2013

    Inside AdSense: Redesigned Text Ads on the Google Display Network

    Inside AdSense: Redesigned Text Ads on the Google Display Network

    විද්‍යා පීඨයේදී අතුරුදහන් වූ මයෝමිගේ අම්මා සහ "බෝයිෆ්‍රෙන්ඩ්" අත්අඩංගුවට

    අකුරැස්‌ස විල්පිට නිල්වලා ගුරු අභ්‍යාස විද්‍යා පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියදී අතුරුදන් වූ හක්‌මන දෙනගම පදිංචි හේවාමුලිගේ මයෝමි සංජීවනී තරුණිය සම්බන්ධයෙන් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ මත මාතර ළමා හා කාන්තා කාර්යාංශය මගින් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
    අකුරැස්‌ස විල්පිට නිල්වලා විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ මේ තරුණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට ගාල්ල ලබුදූව ඉංජිනේරු පීඨයේ තරුණයකු මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මාතර පොලිසියේ සිරමැදිරියේ රඳවා සිටියදී වැසිකිළි යැමට අවශ්‍ය බව පවසා එහි ගොස්‌ හැඳ සිටි කමිසය ගලවා එය ආධාරයෙන් ගෙල වැලලා ගැනීමට තැත් කර ඇත. සිද්ධිය දුටු පොලිස්‌ නිලධාරීන් වහා ඔහු එයින් මුදවාගෙන ප්‍රතිකාර සඳහා මාතර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
    මෙම තරුණිය නිල්වලා විද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් සිටියදී කිරින්ද ප්‍රදේශයේ තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර එයට තරුණියගේ පාර්ශ්වයෙන් විරෝධය පළ වී ඇත.
    ඒ අතර තවත් තරුණයකුගෙන් ඇයට මංගල යෝජනාවක්‌ ද ඉදිරිපත් වී තිබේ. 
    සැකපිට අත්අඩංගුවට ගත් එක්‌ තරුණයකුගෙන් ප්‍රශ්න කිරීමේදී තරුණිය ගැන තොරතුරු තරුණියගේ මව හොඳින්ම දන්නා බව ප්‍රකාශ කිරීම නිසා තරුණියගේ මව ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරේ.
    අතුරුදන් වී ඇති හක්‌මන ප්‍රදේශයේ තරුණියගේ මව විසින් තරුණියගේ මළසිරුර කුඹල්ගම ප්‍රදේශයේ පිහිටි පාළු ළිඳක දමා ඇති බවට කළ ප්‍රකාශයක්‌ අනුව මාතර පොලිසිය විසින් පෙරේදා (16 දා) කුඹල්ගම ප්‍රදේශයේ පාළු ළිඳක්‌ ආශ්‍රිතව සොයා බැලීම් කරන ලදී. එහෙත් ඊයේ හවස්‌ වන විටත් කිසිදු හෝඩුවාවක්‌ නොලැබුණු බව පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.
    මෙම තරුණිය කිසියම් ස්‌ථානයක රඳවා තබාගෙන සිටීද නැතිනම් ඝාතනය කර සිරුරු කොටස්‌ සඟවා ඇත්ද යන්න පිළිබඳව මාතර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
    ඉකුත් සැප්තැම්බර් 20 වැනිදා සිට මේ වන තෙක්‌ තරුණිය සම්බන්ධව කිසිම තොරතුරක්‌ ලැබී නැත. තරුණියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකපිට පොලිස්‌ අත්අඩංගුවට පත් තරුණයා සහ ඇයගේ මව මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුවන් සිsසිර කුමාර මහතා නියෝග කොට ඇත.
    මෙසේ රිමාන්ඩ් භාරයට පත් වූයේ ඩබ්ලිව්. පී. ඉන්ද්‍රdනි (46) සහ ඒ. පී. කුලතුංග (25) නමැති දෙදෙනායි.
    මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ පරිදි මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනිය ඇතුළු කණ්‌ඩායම වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
    අතුරුදන් වී ඇති බවට සැකකරන අකුරැස්‌ස විල්පිට නිල්වලා විද්‍යා පීඨයේ මයෝමි රණසිංහ මෙනෙවිය පිළිබඳ තොරතුරක්‌ දන්නා කිසිවකු වේ නම් මාතර පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කෙරේ.

    Wednesday, 16 October 2013

    අසික්කිත විදිහට මාව පාවිච්චි කලා

    මගේ කතාව අහලා සමහරු කියයි මම මහා නැහැදිච්ච ගැහැණියක් කියලා.නමුත් මම මගේ ජිවිතයේ භායානක අත්දැකිම්වලට මුහුණ දිපූ කාන්තාවක්.
    සමහරු හිතන්නේ මේ ලෝකයේ ජිවත් විමට ලිංගිකත්වය අවශ්‍ය නෑ කියලා.මේ හැමදෙයක්ම බොරු කිව්වොත් සමහරු මට බනි.දෙදෙනෙක් ආදරය කරන්නේ ලිංගිකත්වයට පවතින ආකර්ෂණය නිසා කිව්වොත් සමහරු මට හොදටම බනියි.නමුත් ඒක තමයි ඇත්ත.නමුත් මම ප්‍රාර්ථනා කරනවා අවුරුදු 23ට මම මුහුණ දිපු භායානක අත්දැකිම් ජිවිතයේ කිසිම දිනක කිසිම කාන්තාවකට මුහුණ දිමට ලැබෙන්න එපා කියලා.නමුත් මම මේ කතාව කියන්න හිතුවේ මම වගේ ගැහැණු ඕන තරම් මේ සමාජයේ ඉන්න නිසා.ගණිකා වෘත්තිය කිව්වොත් අපේ සමාජයේ හැමෝම දෝෂා රෝපණය කරනවා.නමුත් අපිට කර කියාගන්න දෙයක් නැති වුණාම අපිට ඒ තත්වයට පත්වෙන්න තියන ඉඩ අවස්ථාව බොහෝම වැඩි.
    වේලාවකට මට හිතෙනවා මේ ලෝකයේ ඉන්න කලකන්ණිම ගැහැණිය මම කියලා.පිරිමින්ගේ කුණු ගොඩට යට වුණ කාන්තාවෝ ඕනෑ තරම් මේ ලෝකයේ ඉන්නවා.මමත් ඒ ශාපයට අහුවුණු එක් කාන්තාවක් විතරයි.මගේ නම දිප්නි සංජනා.මගේ අම්මයි ,තාත්තයි නිතර ගෙදර්දි රණ්ඩු වුණා.එයාලට වෙනත් සම්බන්ධකම් තියනවා කියලා මට හැගුණ අවස්ථා අනන්තයි අප්‍රමාණයි !නමුත් මම කිසිදෙයක් ඇස් දෙකෙන් දකින තුරු විශ්වාස කරන කාන්තාවක් නෙමෙයි.දවසක් මම ඒ සැකකරපු හැම දෙයක්ම ඇත්ත කියලා මම දැක්කා.එදා මට මැරෙන්න තරම් දුකයි.මම ආදරය කරපු කෙනාගේ අවශ්‍යතාවය එදා තමයි මට ගොඩාක් දැනුණේ.මම එයාට කෝල් කරලා ගෙදර වුණ හැමදෙයක්ම කිව්වා.මම මගේ කටට ආපු ගමන් කිව්වේ අනේ මාව මේ අපායෙන් අරගෙන යන්න කියලා.එයා ආයෙත් දෙපාරක් හිතුවේ නෑ.එයා ඇවිත් මාව එක්කගෙන ගියා.ජිවිතයේ කවදාවත් මම එහෙම තැනකට ගිහින් තිබුණේ නෑ.එයා මාව පළවෙනි වතාවට මීගමුව ප්‍රදේශයේ කාමරක් ඇතුළට අරගෙන ගියා.
    මම එදා කොච්චර ඇඩුවද ?ඒ දුක නිසාම මට මම ආදරය කරපු කෙනාගේ අවශ්‍යතාවය ගොඩාක් තදින් දැනුණා.එයා මාව බදාගෙන කිව්වා අඩන්න එපා මගේ රත්තරනේ කියලා!ඔයාට හැමදාමත් මම ඉන්නවා කියලා කිව්වා.මට ඒ හැම වචායක්ම අද වගේ මතකයි.ඒ වචන හැම දෙයක්ම මගේ හිතට දැනුණේ මහ පුදුමාකාර විදිහට.ටික වේලවයි ගියේ.
    tumblrඑයා මාව කිස් කලා ගොඩාක්.මගේ ඔළුව අත ගෑවා.එයා මගේ බ්ලව්ස් එකේ බොත්තම් එකින් එක ගැලැව්වා.මම එයාට කීකරු වෙච්ච හැටි .මට හිතුණා මට මුළු ලෝකයම ලැබුණා කියලා.මගේ මුළු ඇගේම තියන ඇදුම් ගැලවුණ හැටි මට තේරුණේවත් නෑ.මට ඒක අද වෙනකම් හිතාගන්න බෑ.පුංචි දරුවෙක් වගේ මම එයා කියපු හැම ලිංගික ඉරියව්වකින්ම හිටියා.මගේ ඇගේ එක ඇදුමක්වත් තිබුණේ නෑ.එයා ඇදුම් ඇදගෙන හිටියෙත් නෑ.අපි ගොඩාක් වෙලා බදාගෙන හිටියා.ඒ උණුසුම මට අදටත් දැනෙනවා.මම එදා මුළු රැයම එයාගේ තුරුලට වෙලා නිදාගත්තා.මම උදේ නැගිටිනකොට මගේ ඇගේ වගේම මගේ මුදිතගේ ඇගේ නූල් පොටක තරම්වත් කිසි දෙයක් තිබුණේ නෑ.මම දැක්කා අපි නිදාගත්ත ඇදේ රෙද්දේ රත්පාටට ලේ තියනවා.අනේ මම එදා තමයි ගොඩාක් සතුටු වුණ දවස.
    මට උදේ නැගිටපු ගමන් එයාට කියන්න හිතුණා අනේ මට ඊයේ රෑ කරපු හැම දෙයක්ම ආයෙත් කරන්න කියලා.මම එදා රෑ හිතුවා ලිංගිකත්වය කියන්නේ කොච්ච්ර සුන්දර දෙයක්ද කියලා.අපි මාස 03 විතර ගොඩාක් සතුටින් හිටියා.ලිංගික වශයෙන් නොකරපු දෙයක් නෑ.එයා මගේ ඔළුව අත ගලා මගේ තොල් දෙක කිස් කරනකොට මගේ ඇදුම් ගැලවුණ හැටි ...අනේ මගේ ජිවිතේ ඒ මිහිරි මතකයන් හැමදෙයක්ම අමිහිරි වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ.
    ඒත් හිටි ගමන් මගේ මුදිත වෙනස් වුණා.හොදටම බිලා ඇවිල්ලා මාත් එක්ක රණ්ඩු කරනවා.ගෙදර බඩු විකුණනවා.එයා මාව විතරයි විකුණුවේ නැත්තේ.ගෙදර එන්නෙත් නෑ.මගේ බඩට ආහාරයක් නැතිව මම ගෙවපු දින ගණන ගණන් කරන්න බැරි තරම්.මම බලාපොරොත්තු වුණ කිසි දෙයක් මට මුදිතගෙන් ඒ දිනවල ලැබුණේ නෑ.මගේ මුළු ඇගම ස්පර්ශ කල එයා මාව පිළිකුල් කලා.මට ඒ අඩුව හොදට තේරුණා.ඔය අතර තමයි මට මුදිතගේ හොදම යාළුවා අවිශ්කව ලැබුණේ.අවිශ්ක මුදිතට දෙවෙනි නෑ.මුදිතට නින්ද යන්න බෙහෙත් දිලා අපේ ගෙදරට අවිල්ලා අවිශ්ක මාත් එක්ක හොදට පවුල් කෑවා.මුදිත ගෙදර ඉන්න වෙලාවට අවිශ්ක අපේ ගෙදර යන එන එක ගැන කිසිම කෙනෙකුට සැකයක් තිබුණේ නෑ.මට එක දවසක් හොදටම අසනීප වුණා.මගේ යෝනියෙන් හොදටම ලේ ගියා.වෙනදා වගේම අවිශ්ක ඇවිල්ලා මුදිතට බොන්න දිලා නිදි පෙති දුන්නා.එයා මාත් එක්ක හිටියා.මට මාසික ශුද්ධිය හැදිලා කියලා එයාට කියද්ධිත් ඒ කිසිම දෙයක් ගානකට ගන්නේ නැතිව.අනේ ඒ තරම් අසික්කිත විදිහට මාව පාවිච්චි කලා.මම කොච්චර කෑ ගැහුවද?කිසිම දෙයක් ගාණකට ගත්තේ නෑ.ඒත් එදාට පස්සේ මම අද වෙනතුරු අවිශ්ක දැක්කෙත් නෑ.
    මට ආයෙත් ජීවත් වෙන්න විදිහක් නෑ.මම මහ රෑ ගෙදරින් එළියට බැහැලා ගියේ මම මුහුදට පැනලා මගේ ජිවිතේ නැති කරගන්නවා කියලා.මම පාරේ බස් හෝල්ට් එකේ ඉන්නකොට හොද හැදි දැඩි පිරිමියෙක් මගේ ලගට ආවා.එයාට මම කිව්වේ මට ජොබ් එකක් හොයලා දෙන්න කියලා.ඒ වෙලාවේ ඕනා දෙයක් කරන්න පුළුවන් විදිහට මගේ මනස හැදිලයි තිබුනේ.එයා මට රුපියල් 3000 දිලා කිව්වා මේ මහත්ත්‍යා කියන කියන විදිහට ඉන්න කියලා.මම මගේ ශරිරය ඒ පිරිමියාට පැයකට විකුණුවා.මම හිතුවේ එතනින් හැම දේම ඉවරයි කියලා.නෑ කවදාවත් දැකලා නැති මුහුණු රුපියල් 8000,5000,2000 මේ කොළ ඉදිරිපිට මම පූසෙක් වගේ කිකරු වුණා.prostitute metersy1
    අනේ දැනටත් මාසික ශුද්ධිය ඇති වුණාම යෝනි මාර්ගයට පුළුන් කෑල්ලක් ඇතුළත් කරගෙන පිරිමි සමග මම ඉන්නවා.මම මේ වෘත්තිය ආවා.ඒත් කැමැත්තෙන් නෙමෙයි.අද මට මේ පාප කර්මයෙන් බේරෙන්න විදිහක් නෑ.මේක මහා ශාපයක්.ඒ හැම පිරිමියෙක් ඉස්සරහාම මම එයාලගේ හැම ආශාවක්ම ඉටු කරලා අඩන අවස්ථා අනන්තයි !අප්‍රමාණයි.නමුත් මේ වගේ දෙයක් වෙන කිසිම කෙල්ලෙකුට සිදු නොවේවා !එය මාගේ එකම ප්‍රාර්ථනයයි.මම අදටත් අදහන ආගමට කියන්නේ මාව මේ පව්කාර ජීවිතයෙන් ගලවලා දෙන්න කියලයි.
    මෙවන් කාන්තාවන් අපි අතර ඕනෑ තරම් පසුවේ.ජිවිතයේ හැගිම් වලින් අන්ධවි ජිවිතයට නුසුදුසු තිරණ ලබා ගැනිමට ඔබට සිදුවි ඇති බව මේ කථාව ඇසිමෙන් අපට හැගේ.නමුත් මෙවැනි දේවල් කතා කිරිමට මොවුන් ඉදිරිපත් නොවිම නිසා ජිවිතයේ දිනෙන් දින තම ජිවිතය ආගාධයට පත් කරගන්නා කාන්තාවන් අනන්තයි.සොයුරිය ඔබගේ ප්‍රාර්ථනාව පරිදි මෙවන් දෙයක් කිසිම කන්තාවකට සිදු නොවේවා යැයි ප්‍රර්ථනා කිරිම අපි අගය කරන්නෙමු.
    කතෘ සටහන - මෙම කතාව සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වි ඇති අතර මෙම අවසනාවන්ත සිද්ධියට මුහුණ දුන් අපේ කාලේ සහෝදරිය මේ කතාව ඔබට කියනා ලෙස ඉල්ලා සිටින්නේ ඔබගේ හෙට දවස සුන්දර කිරිම සදහා පමණි.

    Tuesday, 15 October 2013

    "මේ පාරනම් බෑ කියන්න එපා දුවේ.. ඊළඟ කෝච්චියට නම් අපි පනිමු"

    ‘දැන්නම් පුතේ බැහැ කියන්න එපා මේ කෝච්චියටනම් පනින්නම ඕනේ. දැන් කෝච්චිය තුනකටම පැන්නේ  නැහැනේ මගේ පුතේ කියමින් අම්මා මගේ අතින් ඇදගෙන රේල්පාර මැදටම ගියා යැයි ‘රන්පටි දේවගේ චාරුණ්‍යා සඳමිණී ජයශාන්ත (09) දියණිය විසින් බෙම්මුල්ල කොට්ඨාස භාර හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චන්ද්‍රසිරි මාරසිංහ මහතා ඉදිරියේ සාක්කි දෙමින් පැවැසීය. ඇය මේ බව පැවැසුවේ පෙරේදා (13) කීනවල දුම්රිය ස්ථානය අසලදී දුම්රියේ ගැටී මියගිය පී.ජී. මංජුලා එරන්දී ප්‍රියශාන්ත (32) හා චාරුණී (1 1/2) නමැති අයගේ මව හා සොයුරියගේ මරණය සම්බන්ධයෙන් සාක්කි දෙමින් පැවැසීය. මෙම මරණ පරීක්ෂණ වලපිටිවල මූලික රෝහ‍ලේදී පැවැත්විනි. වේයන්ගොඩ ‍පොලීසියේ නිලධාරීන් සාක්කි මෙහෙයවීය. තවදුරටත්  සාක්කි දුන් චාරුණ්‍යා පද්මිණී දියණිය කියා සිටියේ ‘අම්මා මාවයි නංගිවත් එක්ක බයිසිකලයෙන් බෝවත්ත හන්දියට ඇවිත් කඩයක බයිසිකලය දාලා බස් එකෙන් ගිරිඋල්ලට ආවා. ඇවිත් තවත් බස් එකකට නැගලා. අපි මීරිගමට ආවා. ඇවිත් අම්මා අපිට එයා ළඟ තිබුණු රුපියල් 2000 කොළය කඩයට දීලා ටිපිටිප් පැකට් 5කුත් කිරි පැකට් 3කුත් තවත් ටොෆි චොක්ලට් වගයකුත් අරන් දීලා කිව්වා මේ අපි කන අවසන් දවසයි දුවේ කියලා. ඊට පස්සේ අම්මා ගම්පහට කෝච්චි ටිකට් එක්ක ගත්තා. අරගෙන අපි කෝච්චියකින් ආවා. එනකොට අම්මා කිව්වා මේ ස්ටේෂන්  එකෙන් බහිමු මේ හරියේ වැඩිය සෙනඟ නෑ කියා. අපි කීනවලින් බැස්සා. ඊට පස්සේ මම අම්මට කිව්වා මට ටොයිලට් එකට යන්න ඕනෑ කියලා. අම්මා මාව ඒ ළඟ තිබුණු ගෙදරකට එක්ක ගිහින් ටොයිලට් එකකට ගියා. පස්සේ අපි දුම්රිය ස්ථානයේ සිට ටිකක් ඈතට ගියා. ගිහින්  අම්මා කෝච්චි තුනකටම පනින්න හැදුවා මම අම්මව බදාගන ඇඬුවා. ඊට පස්සේ ඒ තුනටම පනින්නේ නැතුව අයිනට වෙලා ඉඳලා තමයි අම්මා මාවත් ඇදගෙන නංගිවත් අතේ අරන් රේල්පාර මැදට ගියා. මම අම්මගේ අත ගසා දාලා දුවන්න හදද්දී අම්මා මගේ සායෙන් ඇද්දා ඒත් මම අත ගලවාගෙන දිව්වා යැයි කීය.
    රන්පටි දේවගේ ඉන්දික නීල් නැමැත්තා සාක්කි දෙමින් ‘මිය ගිය අය මගේ බිරිඳයි දියණියයි. අපේ ගෙදර නිතරම අඬදබර ඇති වුණා. ඔය සිදුවීම වුණ දවසට කලින් දවසේ ඒ කියන්නේ සෙනසුරාදා මම රැකියාවට ගොසින් ගෙට ආවා. ප.ව. 6.30 විතර ඇවිත් මම කඩවල් පැත්තට ගිහින් රාත්‍රී 8ට  විතර දරුවන්ගේ පාසල් උපකරණ ටිකකුත් අරන් ඇවිත් ඒවාත් බිරිඳට දීලා ගියා. අපේ නිවස අසල ඇති අපේ මහගෙදරට එනකොට මගේ බිරිඳ එහෙට ඇවිත් අපේ අම්මයි තාත්තයි එක්ක රණ්ඩුවක් ඇති කරගත්තා. තාත්තා එයාගේ අතේ තිබුණු විදුලි පන්දමෙන් බිරිඳගේ හිසට ගැහුවා. මම ඊට පස්සේ බිරිඳවත් අරගෙන අපේ ගෙදරට ආවා. ඇවිත් මම නිදා ගත්තා රාත්‍රී 12ට විතර. ඒත් බිරිඳ නිදාගත්තේ නැහැ. මම උදේ නිදන් ඉන්නකොට බිරිඳ කොහොද යන්න දරුවනුත් එක්ක ලෑස්ති වෙමින් හිටියා. මම ඇහුවා කොහේද යන්නේ කියලා. ඒත් එයා කිව්වා මහ ගෙදරට යනවා කියලා. ඊට පස්සේ එයා ගියා. මමත් වැඩට ගියා.  පස්සේ උදේ 8.30ට විතර මට එයා කෝල් එක්ක දුන්නා. එයා කිව්වා මම කුරුණෑගල යාලුවෙකුගේ ගෙදර යනවා කියලා. දැන් ඉන්නේ කුරුණෑගල කියලත් කිව්වා. ඊට පස්සේ මම උදේ 10.00 විතර ආයෙත් කෝල් එකක් දුන්නා. එතකොට එයා කිව්වා මාව හොයන්න එන්න එපා. මම ගම්පහ යනව කියලා. ඒත් මම මීරිගමට ආවා එයාලව මගදි බස්ස ගන්නම් කියලා හිතලා. ඒත් මගේ දුරකථනයේ බැටරි බැහැල. ඒකත් ඕෆ් වුණා. පස්සෙ ඒක ආයෙත් ඔෆ් කර එයාට කෝල් කරන්න හදනකොට මට කෝල් එකක් ආවා බිරිඳයි දරුවයි දුම්රියේ ගැටිලා කියලා. එය දැනුම් දුන්නේ ඒ දුම්රිය ස්ථානයේ නිලධාරීන් බවත් පැවැසුවා’ යැයිද කීය. මරණය සම්බන්ධයෙන් සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.පී.ජී. ගුණවර්ධන මහතා තීරණය කර තිබුණේ මවගේ ශරීරයේ සියලුම ඉන්ද්‍රියන්ට සිදු වු හානි නිසාත් දරුවාගේ හිසට සිදුව ඇති හානි නිසාත් මෙම මරණය සිදුව ඇති බවයි.

    Monday, 14 October 2013

    අල්ප ආයුෂ ඇති වීම සඳහා බලපාන කර්ම

    අල්ප ආයුෂ ඇති වීම සඳහා බලපාන කර්ම දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තෝදෙය්‍ය බමුණාගේ පුත් වූ සුභතරුණා මිනිසුන් වශයෙන් උපන් සියලු දෙනා අතර ඇති විශේෂ කාරණයක් වන පුද්ගල විවිධත්වයට (මිනිසුන් අතර උස් - පහත් භාවයට) කරුණු විමසීය. “කො නු බො, හො ගොතම, හෙතු කො පච්චයො යෙන මනුස්සානංයෙච සතං මනුස්සභුතානං දිස්සන්ති හිනප්පණිතතා” එයට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ මේ විවිධත්වය සඳහා බලපාන සෘජු සාධකය වන්නේ කර්මය බවයි. එය පුද්ගලයාට දායාද වශයෙන්, උපන් ස්ථාන වශයෙන්, පිළිසරණ වශයෙන් හේතු වී උස් - පහත් වශයෙන් විවිධත්වය සඳහා බලපෑම් ඇති කරන බවයි. “කම්මස්සකා, මාණව, සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මප්පටිසරණං කම්මං සත්තෙ විභජති යදිදං - හීනප්පණීතතායාතී” බුදුරජාණන් වහන්සේ, ඒ සඳහා දීර්ඝ පිළිතුරු වශයෙන් මිනිසුන් අතර දැකිය හැකි විවිධත්වයන් හෙවත් උස්, පහත් භාවයත් දාහතරක් (14) දේශනා කොට ඇත. ඒ වෙනස්කම් අතර පළමු කාරණය වන්නේ යමෙක් අල්ප ආයුෂ ඇතිවීමට හේතුවන කාරණයයි. යමෙක් අල්ප ආයුෂයෙන් මිය යයි නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද ප්‍රාණඝාත අකුසල කර්මයයි. එම කාරණය , ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු. ෴අල්ප ආයුෂ ඇති වීම සඳහා බලපාන කර්ම෴ “ඉධ, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිව්වඨො අදයාපන්නො පාණභූතෙසු සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණං අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති. නො වෙ කායස්ස හෙදා පරංමරණං අපාය දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, සවෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පවවාජායති අප්පායුකො හොති. අප්පායුකසංචත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං - පාණාතිපාති හොති ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිව්වඨො අදයාපන්නො පාණභූතෙසු.” මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සත්වයන් කෙරෙහි දයාවෙන් තොරව නසන සිතැතිව ලේ වැකුණු අතැතිව ප්‍රාණඝාතයේ නියැලුනේ වෙයි ද, මෙසේ ඔහු හෝ ඇය ප්‍රාණඝාත අකුසල කර්මයෙන් සිදුකර ගන්නා වූ විපාක හේතුවෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගති පැවතුම් ඇති විවසව පතිත වන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවි ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් අඩු ආයුෂ ඇත්තෙක් බවට පත් වෙයි. මෙය අල්ප ආයුෂ ඇතිවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි. දීර්ඝායුෂ ලැබීම සඳහා බලපාන කර්ම යමෙක් දීර්ඝ ආයුෂ ඇතිවීමට හේතුවන කාරණයය කුමක්ද?. යමෙක් දීර්ඝ ආයුෂ වින්දනය කරයි නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද ප්‍රාණඝාත යෙන් ඉවත් වීමේ කුසල කර්මයයි. එම කාරණය , ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු. “ඉධ පන, මාණව, එකව්වො ඉත්ථි වා පුරිසො වා පාණාතිපාතං පහාය පාණතිපාතා පටිච්රතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජි දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණං සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති, නො චෙ කායස්ස හෙදා පරං මරණං සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති දිඝායුකො හොති. දීඝායුකසංවත්තකා එසා, මාණව, පටිපදා යදිදං - පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජි දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සත්වයන් කෙරෙහි දයාවෙන් යුක්තව බහා තබන ලද දඬු මුඟුරු හා ආයුධ ඇතිව, පවට ලැජ්ජව ප්‍රාණඝාතයෙන් තොරව සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීතව වාසය කරයිද, මෙසේ ඔහු හෝ ඇය සතුන් කෙරෙහි හිතානුකම්පිවීමෙන් සිදු කරගන්නා වූ කුසල විපාකයෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු යහපත් ගතිපැවැතුම් ඇති සැපතින් ආඩ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් දීර්ඝ ආයුෂ ඇත්තෙක් බවට පත් වෙයි. මෙය දීර්ඝ ආයුෂ ඇතිවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි . ඔබත් සත්ව හිංසනයෙන් වැලකී දීර්ඝායුශ ලබන්නෙක් බවට පත් වීමට අදිටන් කර ගන්න මහරැඹෑවැවේ පාලිත හිමි ~ ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය බුද්ධිමත් දෙව් මිනිසුන් උදෙසා ~ 

    මලක් තලා රුපියල් 20 දීලා ගිහින්...

    වයස අවුරුදු 08 ක් වන පාසල් සිසුවියකට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව සාලියවැව පොලීසිය කියයි. අතවරයට ලක්ව ඇත්තේ සාලියවැව පොලිස් වසමේ යාය 08 පදිංචි සිටින දැරිවියකි. පසුගිය ජුලි මස 15 වැනි දින මෙම අපරාධය සිදුවී ඇති බව පොලීසිය කියයි.
    සිද්ධිය වු දින නිවසේ සිට ඇත්තේ දැරිවිය පමණකි.එම අවස්ථාවේ ඇගේ නිවසට පැමිණ ඇති සැකකරු අපරාධය සිදු කර දැරිවියට මුදල් රුපියල් 20 ක් ද දී මේ බව කිසිවෙකුටත් නොකියන ලෙස පවසා පිටත්ව ගොස් ඇත.
    තමන් මුහුණ දුන් අත්දැකීම දැරිවිය තම පාසල් මිතුරියකට පවසා ඇත. එම දැරිවිය මේ බව ඇයගේ මවට පවසා ඇත.එම මව විසින් මේ සම්බන්ධයෙන් අතවරයට පත්ව ඇති දැරිවියගේ මවට පවසා ඇත.ඉන් පසුව තම දියණියගෙන් විස්තර දැන ගෙන ඇති ඇයගේ මව්පියන් මේ බව පොලීසියට දන්වා ඇත.
    සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

    සාලියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

    සල්ලාලයාට ඖෂධවේදිනිය නියම බේතක් දෙයි

    හෝමාගම අවන්හලක පඩිපෙළක් නැඟ කෑම මිලට ගැනීමට ගිය කතකගේ යටි කය වීඩීයෝ ගත කළ  බව කියන එහි සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු අද හෝමාගම මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
    කෑම ඇණැවුම් කරද්දී ගවුමේ යම්කිසි දෙයක් ඇතිල්ලෙන බව දැනගත් දෙදරු මවක වන සහකාර ඖෂධවේදිනිය එය ජංගම දුරකතනයක් බවත්, එතැන පහත් වී සිටි පුද්ගලයකු එය අල්ලාගෙන සිටි බවත් දුටුවාය. ඇගේ කෑ ගැසීම අසා අසළ පාරේ සිටි පොලිසිය එහි පැමිණි බවත් පොලිසිය කියයි.
    එම ජංගම දුරකතනය පිරික්සූ පොලිසිය කියනුයේ ඇගේ යටි කය වීඩියෝ ගත කර ඇති බව

    කර්ම විපාක වළක්වා ගත හැකි ද?

    කර්ම විපාක වළක්වා ගත හැකි ද? කර්මය මුල් බුදු සමයට අයත් ඉගැන්වීමකි. මිනිස් දිවියට නිරන්තර සබඳතාව ඇති දෙයකි. කර්ම සංකල්පය උපතේ සිට මේ ජීවිතයට පමණක් නොව, ඊළඟ භවයට ද දිවයන්නකි. කර්මය මේ කර්මය සංකල්පය පිළිබඳ ඉගැන්වීම් රැසක් බුදු දහමෙහි සඳහන් වෙයි. කර්මය යනු චේතනාව බව ‘චේතනාහං භික්‍ඛවේ කම්මං වදාමි’ යන බුදු වදනෙන් අර්ථවත් වෙයි. මෙය, කර්මය පිළිබඳ මූලික නිර්වචනයකි. එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිතේ හට ගන්නා චේතනාව කය, වචන, සිත යන දොරටු තුනින් ක්‍රියාත්මක වීම සම්පූර්ණ කර්මයක් බවයි. එසේ නම් සිතා මතා සිත, කය, වචන තුළින් පරිපූර්ණ කර්ම සිදු වෙයි. නොසිතා කරන ක්‍රියාව සම්පූර්ණ කර්මයක් නොවෙයි. ඒවා අසම්පූර්ණ කර්මයයි. කර්මය, සත්වයාගේ උස් පහත් භේදය, උගත් නූගත් භේදය සඳහා ද බලපාන බව ‘කම්මං සතෙත විභජති යදිදං හීනප්ණනනාය’ යන ඉගැන්වීමෙන් පැහැදිලි කැරෙයි. එසේම කම්ම බන්දු, කම්ම යෝනි, කම්ම පටිසරණෝ යන යෙදුම් වලින් පෙන්වා දෙන්නේ සත්වයා විසින් කරනු ලබන කර්මය තම ඥාතියකු සේ තමන්ට පිළිසරණ වන බවයි. මේ හැරුණු විට එම කර්ම තුළින් ලැබෙන විපාක වලින් සැඟ වී බේරීමට නොහැකි බවද උගන්වා ඇත. න අන්නලිකෙබ නසමුද්දමුජේඣ, න පබ්බතානං විවරං පවිස්ස යනාදී ධම්ම පද ගාථාවෙන් ආහසෙහි, මුහුද මැද හෝ පර්වත විවරයක ආදී කොතැනක හෝ සැඟ වී සිටියත්, කර්ම විපාක පල දෙන බව දේශිතය. මෙය මෙසේ වූවත්, බුදුරදුන් සියල්ල කර්මයට පවරා නැත. පූර්ව කර්මයෙන් සියල්ල සිදුවේය යන මතය, බන්ධනය කරන බුදු දහම කර්මාවාදී හෝ ආත්මවාදී නොවූ දහමක් බව කිව යුතු ය. මැදුම් පිළිවෙත අගය කරන බුදු දහම, පුද්ගල කුසලතාව අගය කරමින් කර්ම විපාක පවා වෙනස් කළ හැකි පිළිවෙත් උගන්වයි. එහෙත් සියලු කර්ම විපාක ක්‍ෂ්ය කළ නො හැකි ය. පෘථග්ජන මිනිසාට, සුළු සුළු කර්ම විපාක වෙනස් කළ හැකි මාර්ග පෙන්වා දී ඇත. අද බොහෝ අය බොහෝ සිද්ධිවලදී කර්මයට වගකීම පවරා පසෙකට වී බලා සිටිති. එසේම කටයුතු ඉබේම ඉටු වනතුරු කර්මය ගැන විශ්වාස තබා සිටිති. ඒ සියල්ල මිථ්‍යා අදහස් බව කිව යුතු ය. මෙලොව සිදු වන විවිධ සිදුවීම් නියාම ධර්ම පහක් අනුව ක්‍රියාත්මක වෙයි. උතු නියාමය, චිත්ත නියාමය, බීජ නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය යනු එම නියාම ධර්ම පහයි. මේ ස්වභාව න්‍යාය මුල් වීමෙන් ලොව පැවැත්ම සිදු වෙයි. මේවා ජීවිතවලට ද එලෙසම බලපායි. එසේ නම් සියල්ලම කර්මයට පැවතිය නොහැකි බව පැහැදිලිය. කර්ම ඬයාමය එම පහෙන් එකක් පමණකි. අනෙකුත් නියාම ධර්ම කර්ම විපාක සඳහා ද බලපායි. සෘතු ගුණය නිසා ලෝකයේ කාලගුණික වෙනස්කම් හේතුඵල ලෙස, ස්වභාවිකව සිදු වෙයි. මෙය උතු නියාමයයි. බීජයට අනුරූපව පැලය හට ගනියි. කිසිවකුගේ මැදිහත් වීමක් මේ සඳහා අවශ්‍ය නොවෙයි. මෙය බීජ නියාමයයි. හොඳ, නරක කර්ම වලට හොඳ නරක වශයෙන් විපාක ලැබෙනුයේ ද හේතු ඵල ලෙසයි. මෙය ‘කම්ම’ නියාමයයි. මෙහි ධම්ම නියාමයව භූමි කම්පා, ගිනි, කඳු පිපිරීම්, සුළි සුළං වැනි ස්වාභාවික විපත් ආදිය අයත් වෙයි. ඒවා කරවන කෙනෙක් නැත. සිතෙහි සිදුවන ක්‍රියාකාරීත්වය ද ස්වාභාවික සිදු වන ක්‍රියාදාමයකි. එය චිත්ත නියාමයයි. මෙකී පංච නියාම ධර්ම විවරණයට සමස්ත ලෝකයෙහි භෞතික හා මානසික සියල්ල අයත් වෙයි. කර්ම නියාමයට අයත් වන්නේ මෙම පහෙන් එක් කොටසක් පමණකි. ලොව සියල්ලම කර්මානුරූපව සිදු වෙතැයි පිළිගැනීම් එබැවින් වරදකි. අප ජීවිතයේ සිදු වන සියල්ල හෝ අප කරන සියල්ල අතීත කර්ම හේතුවෙන් ම සිදු වෙතැයි යන අදහස බුදුරදුන් බැහැර කොට ඇත්තේ, එම නිසයි. එහෙත් අප කළ අතීත කර්මවල විපාක අපට නොලැබෙනවා නොවෙයි. එය එසේ වූවත් අප ජීවිතයේ ලොකු කුඩා සෑම සිදුවීමක් පිටුපසම කර්මය තිබෙන බව, බුදු දහම හා පිළි ගනියි. අප කළ කර්ම එලෙස ම විපාක වශයෙන් විඳ දරා ගත යුතු ය. ඒ ගැන වෙන් කළ හැකි දෙයක් නැතැයි සිතීම ද, කර්ම නියාමය වරදවා වටහා ගැනීමකි. වර්තමාන කර්ම වලින් අතීත කර්ම ශක්තිය පාදා ගැනීමට, වෙනස් කර ගැනීමට හෝ ඇතැම් විට නැති කර ගැනීමට ද හැකියාව ඇත. කර්ම ඵලයේ වෙනස්කම් සිදුවීමට කාල සම්පත් බලපායි. යහපත් සශ්‍රීක කාලයක උපත ලදහොත් එය පාප කර්ම වල විපාක අඩු කරයි. නැත්නම් වළක්වයි. ගති සම්පත් නම් ඉතා හොඳ උසස් උපතක් ලබා ගත හොත් එය පාප කර්ම විපාක වැළැක්වීමයි. උපධි සම්පත් නම් රූපයෙන් හෙබි කායික පරිපූර්ණත්වය අතීත අකුසල කර්ම විපාක වෙනසකට හේතු වීමයි. ප්‍රයෝ සම්පත් නම් විවිධ ප්‍රයෝග විධි ක්‍රියා කාරකම් තුළින් ද පුද්ගල අතීත කර්ම විපාක වළක්වා ගත හැකි ය. පාප විපාක මර්දනයට මෙම සම්පත් හතර උපයෝගී වන්නා සේම පුණ්‍ය විපාක වළක්වන ගති විපත්, උපධි විපත්, කාල විපත්, පයෝ විපත් යන විපත්ති සතරක් ද පෙන්වා දී ඇත. මෙයින්ද අපට පැහැදිලි වන්නේ කර්මයේ විපාක ඒ අයුරින්ම සිදු නොවන බවයි. මේ හැරුණු විට කර්ම විපාක වළක්වමේ හැරුණු විට කර්ම විපාක වළක්වා ගත හැකි මාර්ගයකි. පුද්ගල අධිෂ්ඨානය හා උට්ඨාන වීර්යය සිය අධිෂ්ඨානයෙන් හා උත්සාහයෙන් ගොඩනඟා ගන්නා චිත්ත ශක්තිය, ආත්ම විශ්වාසය මේ සඳහා උපයෝගී වෙයි. අංගුලිමාල, සිය චිත්ත ශක්තිය යොදා සියලු කෙලෙස් නැසූ අතර සියලු කර්ම විපාක ද නැති කරගත් අයුරු බෞද්ධ සාහිත්‍යයෙන් මොනවට පැහැදිලි වෙයි. එයින් ඔහුගේ අකුසල විපාක රැසක් අහෝසි විය. පුද්ගලයා කරන සෑම ක්‍රියාවලියකදීම සම්මා සතිය පිහිටුවා ගන්නේ නම් එයද පාප කර්ම සිදු නොවීමටත්, අතීත කර්ම විපාක වළක්වා ගැනීමටත් හේතුවෙයි. විශේෂයෙන් පුද්ගලයාට බලපා ඇති කර්ම විපාක දුරු කර ගැනීමට ශාන්ති කර්ම ආගමික වතාවත් සිදු කිරීමට ද බෞද්ධයා පෙළඹී ඇත. අද ග්‍රහදෝෂ අපල ලෙස සලකන්නේ ද අප කළ අතීත කර්මයයි. මේවා යටපත් කිරීමට බෝධි පූජා, බුද්ධ පූජා, සෙත් කවි ආදී ආගමික වතාවත් කරති. මේවා ද ඵලදායක පිළිවෙත් ලෙස සැලකිය හැකි ය. මේ සියලු ආගමික කාර්ය තුළින්ම පුද්ගල මානසික සංවර්ධනයක් ගොඩනැඟෙයි. මෙයින් චිත්ත ශක්තිය මෙන්ම ශෝභන චෛතසික සංවර්ධනයක් ඇති කරවිය. ස්වාභාවික පරිසරයෙන්ද යහපත් කිරණ රශ්මියක් ජීවිතයට එක් වෙයි. මෙම අභ්‍යන්තර සහ බාහිර විපර්යාසය තුළින් පාප කර්මය විපාක යටපත් කරගත හැකි ය. එසේම කුසල ශක්තිය මතුකර ගැනීමෙන් අතීත අහිතකර පාප විපාක යටපත් කරගත හැකි ය. පුද්ගලයා විසින් කළ කී හොඳ පුණ්‍ය කර්ම නිතර නිතර සිතීමෙන් චිත්ත ප්‍රමෝදය ප්‍රබෝධයක් ඇති කරවයි. මේ චිත්ත ප්‍රමෝදය කර්ම විපාක දුරුකර ගැනීමට මගක් වෙයි. මේ හැරුණු විට පුද්ගලයා කර්මය හා කර්ම වල විශ්වාසය තුළින් සදාචාර මඟකට යොමු වෙයි. එම ආචාරශීලී දිවි පැවැත්ම කර්ම විපාක වලක්වා ගැනීමට හේතුවෙයි. සත්පුරුෂ ඇසුර හා යහපත් පරිසරයද මේ සඳහා ඉවහල් වෙයි. ඉහත සඳහන් කළ කරුණු අනුව පින්වත් ඔබත් ක්‍රියා කර පාපකර්ම විපාක වලක්වා ගැනීමට උත්සුක වන්න ගුණ දහමින් යුතුව භාවනා යෝගීව සියලු කෙලෙස් ක්ෂය කළහොත් රහත් භාවය ලැබිය හැකි ය. නිවන් ලැබිය හැකි ය. මෙම මඟට පිවිසෙන අයට කර්මයේ කළ කර්ම ක්‍ෂය කළ හැකි නිවන් සුවය සඳහා ඔබට සදහම් මග යෑමට තිසරණ සරණින් ශක්තිය උදාවේවා!