sha fm

    Monday 13 January 2014

    යෝධ දැල්ලාගේ ඡායාරුප දුටුවද?

    http://ratagiyaattho.blogspot.kr/ 
    මුහුදු සත්තු 
    යෝධයෝ වන්නේ 
    විකිරණ 
    කාන්දුවේ
    ප්‍රතිඵලයක් ලෙසද...?

    මෙතෙක් කාලයක දී හමු වූ විශාලම සතුන් අතුරින් ලොව හමු වූ දිගින් වැඩිම සත්ත්වයා කැලිෆෝර්නියාවේ වෙරළට ගොඩගසා ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඒ මියගිය දැල්ලෙකි. අඩි 160ක් දිගින් යුතු මේ සත්ත්වයා වෙරළට ගොඩ ගැසීමට පෙර අඩි 100ක් දිග අද්භූත සතකු ද හමුවී තිබිණි. මේ යෝද සත්ත්වයන් දෙදෙනා ම අමුතු පෙනුමෙන් යුක්ත වූ නමුත් අනෙක් සතුන් හා සාපේක්ෂව බලන කල්හී මොවුන්ගේ පොදු ලක්ෂණ පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දී තිබේ.මෙම සත්වයින් දෙදෙනාම ජපානයේ "ෆුකුෂිමා ඩායි ඉචි" න්‍යෂ්ඨික බලාගාරය ආසන්න සාගර ප්‍රදේශයේ සිට පැමිණෙන්නට ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

    2011 වසරේ දී මේ බලාගාරය පුපුරා යාමෙන් පසු අති විශාල මුහුදු ජීවින් ප්‍රමාණයක් ප්‍රවේණිගත විකෘත්තියන්ට ගොදුරු වී ඇතැයි යන්න විද්‍යාඥයන් පවසයි. මේ විකෘතිතා හේතුවෙන් අසාමාන්‍ය ලෙස විශාල වූ සත්ත්වයන් ඇමෙරිකාවේ ශාන්ත මොනිකා මහද්වීප තටාකය දෙසට ගසාගෙන එන්නට ඇතැයි විශ්වාස කරණු ලබයි. 

    වෙරළට එද්දී මේ සතා මියගොස් සිටි බවත්,  ඔවුන්ගේ ශක්තිමත් බව පවතින්නේ ජලයේ සිටින විට පමණක් බවත් "හාන්ත මොනිකාහි" සත්ත්වෝද්‍යාන කළමනාකරු "සින්තියා බියර්ඩි" පවසන්නී ය. මේ සත්ත්වයාගේ කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා යොදා ගන්නා බව ද ඇය පවසයි.

    මෙම සතුන් මෙතරම් විශාල වන්නේ විකිරණශීලීත්වය හේතුවෙන් ඩී.එන්.ඒ. අනුවල විකෘත්තියකින් බව මෙතෙක් ස්ථිරව තහවුරු නොකළ මතයයි. වර්ධක සෛළ වැඩි වාර ගණනක් විභේදනය වී සාමාන්‍ය ශරිරයේ ප්‍රමාණය විශාල වීම සිදුවේ ශාන්ත මැරිනෝ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා මහාචාර්ය "එල්.ග්‍රිම්" පවසන්නේ මේ විකිරණ විනාශයෙන් අපේක්ෂා නොකළ ප්‍රතිලාභ ද යම් ප්‍රමාණයක් ලැබෙන බවයි.

    ඔහු පවසන්නේ විකිරණශීලී යෝධ බව පරමාණුවක් මගින් පරමාණුක බලය සන්නද්ධ කරන ආකාරය ගැන හොද සාක්ෂියක් යැයි ද ග්‍රිම්ගේ විශ්වාසයයි.

    Sunday 12 January 2014

    බාලවයස්කාරියක් කැලෑවකට ඇදන් ගිහින් කෙළෙසලා

    http://ratagiyaattho.blogspot.kr/

    ඥාති සහෝදරයින්
    එක්ව පාසල්
    සිසුවියක් 
    අපයෝජනයකළහැටි.... 

    ඥාති සහෝදරයින් දෙදෙනෙකු එක්ව වයස අවුරුදු පහළොවක තරම් වූ බාලවයස්කාර දැරියකට සිදු කරන ලද දුෂණයක් හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් පසු වූ ඇය හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත පොලීසිය පවසයි. මේ අයුරින් අපයෝජනයට ලක්ව රෝහල් ගත කර ඇත්තේ හලාවත - කරවිටාගාරය, අලුත්වැව පදිංචි පාසල් සිසුවියකි.

    ඊයේ (10) දහවල් 12.00 ට පමණ හලාවත - කරවිටාගාරය ප්‍රදේශයේ දී ඇයට මෙම අපරාධය සිදු වී ඇත. සිද්ධියට මුහුණ දුන් බාලවයස්කාරිය හාල් කෙටීම සඳහා නිවසෙන් තරම් ඈතින් පහිටි මෝලයකට ගොස් තිබේ. ඇය කරවිටාගාරය වැව් බැම්ම මතින් ආපසු සිය නිවස බලා ගමන් කරමින් සිටින විට අතර මග රැක සිට ඇති සැකකරුවන් දෙදෙනා ඇයව බලහත්කාරයෙක් කැලෑවකට ගෙන ගොස් ඇත.

    අනතුරුව එක් සැකකරුවෙක් විසින් දැරිවිය දුෂණය කර ඇති අතර අනෙක් සැකකරු ඊට අනුබල දී ඇති බව පොලිස් මුලික විමර්ශනවල දී හෙළි වූ බව පොලීසිය පවසයි. මෙම අපරාධයසිදු කර ඇත්තේ සිද්ධියට මුහුණ දුන් දැරියගේ නැන්දාගේ පුතා සහ බාප්පාගේ පුතා බවට හඳුනාගෙන ඇත.

    ඥාති සහෝදරයින් අතින් අපයෝජනයට ලක් වූ දැරිය ඒ පිළිබදව ඇගේ දෙමව්පියන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඒ පිළිබදව හලාවත පොලිසිය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

    ඒ අනුව ඉන් එක් සැකකරුවෙකු පොලීසිය විසින් මේවන අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

    සිද්ධියට මුහුණ දුන් දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

    හලාවත පොලීසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

    ලංකාව තුළ හුවමාරුවන මත් කුඩු ජාවාරමේ තොරතුරු රැසක් වසරකට කුඩු

    http://ratagiyaattho.blogspot.kr/
    වසරකට කුඩුවසරකට කුඩු
    කිලෝ 700ක්
    බීවත්...... 
    අහුවෙන්නේ
    කුඩු කිලෝ 30යි 

    හෙරොයින් සම්බන්ධයෙන් මෑත කාලයේ වැඩි කතා බහක් ඇති විය. කුඩු කන්ටේනරය නිසා ඇති වූ කතා බහ ඉදිරියට ගෙන යෑමට වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිගේ සිද්ධිය සමත් විය. දකුණු පළාතෙන් හසු වූ වැඩිම හෙරොයින් තොගය හමුවූවේ මෑතක දීය.

    ඉතිහාසයේ නොවූ විරූ ලෙස මුළු සමාජයම හෙරොයින් ගැන කතා කරන්නට වූ අතර ශ‍්‍රී ලංකාව හෙරොයින්වලට යටවී හමාර බවත් පිරිසක් කීහ. ලංකාව යනු ආසියාවේ හෙරොයින් එහා මෙහා යන මාර්ගයේ කේන්ද්‍රස්ථානය බව තවත් පිරිසක් කීහ. මෙවැනි කතා බහක් ඇතිවී ඇති තත්ත්වයක, විවිධ සමාජ කණ්ඩායම් හෙරොයින් ගැන සොයන්නට පටන්ගෙන ඇති පසුබිමක හෙරොයින් හා ලංකාවේ හෙරොයින් ව්‍යාප්තිය ගැන සදහන් කිරීම වටී.

    හෙරොයින් යනු ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍යයක් නොවේ. "ඩයිඇසිටයිල් මෝෆීන්" (Diacetyl morphine) ලෙස හෙරොයින් හැඳින්වේ. මෝෆීන් නම් ද්‍රව්‍යයට තවත් රසායන ද්‍රව්‍ය කිහිපයක් එක්කර හෙරොයින් නිෂ්පාදනය කරයි. මොර්ෆීන් යනු පොපි ශාඛයෙන් නිෂ්පාදනය කරන ද්‍රව්‍යයකි. පොපි ශාකයෙන් නිපදවන අබිංවලින් මෝර්ෆීන් නිෂ්පාදනය කරයි.

    සුදු, කහ, සහ දුඹුරු පැහැයෙන් හෙරොයින් පවතී. කුඩු, කැට සහ දියර ස්වභාවයන්ගෙන් හෙරොයින් දැකිය හැකිය. ශ‍්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම හෙරොයින් ඇත්තේ කුඩු වශයෙනි. ඇසිඞ් හෝ විනාකිරි මෙන් ගඳක් වහනය වන හෙරොයින් හි හොඳම වර්ගය සුදු පැහැයෙන් යුක්ත බව කියති. ලංකා වෙළෙඳපොළේ එවැනි හෙරොයින් නැත. වැඩි වශයෙන් හෙරොයින් නිපදවන වන රටක්ලෙස කොලොම්බියාව දැක්විය හැකිය.

    හෙරොයින් ලංකාවට එන ආකාරය

    ශ‍්‍රී ලංකාවට වැඩි වශයෙන් හෙරොයින් එන්නේ ඇෆ්ගනිස්ථානයේ සිට බව සොයාගෙන ඇත. ඇෆ්ගනිස්ථානයේ සිට ඉන්දියාව හරහා හෙරොයින් ගෙන ඒම එක් මාර්ගයක් ලෙස යොදා ගැනෙන අතර ඉරානය දෙසින් රුසියාවේ කැඩුණු ප‍්‍රාන්ත හරහා ගෙන ඒම තවත් මාර්ගයක් ලෙස ද පෙන්වාදිය හැකිය. පකිස්ථානයේ සිට ද ලංකාවට හෙරොයින් ගෙන එන බව සොයාගෙන ඇත.

    ශ‍්‍රී ලංකාවට හෙරොයින් ඇතුළුවන ප‍්‍රධාන මාර්ග දෙකකි. පළමුවැන්න මුහුදෙනි. දෙවැන්න ගුවනෙනි. එයින් වැඩි වශයෙන් ශ‍්‍රී ලංකාවට හෙරොයින් එන්නේ මුහුදු මාර්ගයෙනි. මුහුදු මගින් හෙරොයින් ලංකාවට ගෙනෙන ප‍්‍රධාන ක‍්‍රම දෙක වන්නේ කන්ටේනර සහ බෝට්ටු මගින් පමණි.

    පසුගිදා ආන්දෝලනයකට තුඩුදුන් කුඩු කන්ටේනරය ද මුහුදු මාර්ගයෙන් ගෙනා එකකි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන අංශ මීට පෙර සොයාගෙන තිබුණේ බෝට්ටු හරහා ලංකාවට වැඩි වශයෙන් කුඩු ගෙන එන බවයි. එම මතය බිඳ හෙළමින් ඊට වඩා සිය දහස් ගුණයක් වැඩියෙන් කන්ටේනරවලින් කුඩු ගෙන එන බව හෙළි වූයේ ග‍්‍රීස් ටින් අස්සේ සඟවා ගෙන ආ හෙරොයින් කිලෝ 261ත් සමගය. මෙවැනි කන්ටේනර මීට පෙර ලංකාවට පැමිණියේ නැතැයි කිසිවකුට කිව නොහැකිය.

    ඉන්දියාවේ සිට බටහිර වෙරළ තීරයට බෝට්ටු මගින් බහුල වශයෙන් හෙරොයින් ගෙන එන බවට ද ලංකාවේ ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන ආයතනවලට තොරතුරු ලැබී ඇත.  මීගමුවේ සිට හලාවත දෙසට මුහුදු තීරය ඒ අතර විශේෂත්වයක් ගනී. බෝට්ටු මගින් ගෙන එන හෙරොයින් ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතැම් ස්ථානවලින් ලංකාවට ඇතුළුවන බව ද කියති.

    ලංකාවේ හෙරොයින් ව්‍යාප්තිය

    ලංකාවේ හෙරොයින් භාවිතය සමාජ ප‍්‍රශ්නයක් බවට පත් වූයේ අසූව දශකයෙන් පසුවය. සංචාරකයන් හා විදෙස් ගතවී සිට පැමිණෙන්නන් අතර මුලින් හෙරොයින් භාවිතය තිබුණු අතර ඉන් අනතුරුව අගනුවර හා තදාසන්න පැතිවලටත්, සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන පැතිවලත් එය ව්‍යාප්ත විය. ඉන් අනතුරුව ක‍්‍රමයෙන් හෙරොයින් උවදුර මුළු ලංකාවම වෙළා ගත්තේය. ශ‍්‍රී ලංකාවේ පොලිස් කොට්ඨාස 43න්ම හෙරොයින් සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව පෙනී යන්නේ ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම හෙරොයින් ව්‍යාප්ත වී ඇති බවයි.

    ලංකාවේ හෙරොයින් භාවිතය


    ශ‍්‍රී ලංකාවේ එක්තරා පන්තියකට අයත් පිරිසක් අතීතයේ හෙරොයින් භාවිත කළත් වර්තමානය වන විට හෙරොයින් භාවිතය සම්බන්ධයෙන් වයස් සීමාවක් හෝ පන්ති බේදයක් දැක්විය නොහැකි තත්ත්වයකට පත්ව ඇත. පාසල් සිසුවාගේ සිට ඉහළම වයස් දක්වා පිරිස් හෙරොයින් භාවිත කරති.

    ලංකාවේ වැඩි වශයෙන් හෙරොයින් භාවිත කරන්නේ චයින්ස් ක‍්‍රමයටය. එනම් දුම බටයකින් ඉරීමේ ක‍්‍රමයටයි. ඊට අමතරව එන්නත් මගින් විද ගැනීම ද ලංකාවේ සුළු වශයෙන් සිදුවේ. හික්කඩුව, මීගමුව ආදී සංචාරකයන් වැඩියෙන් ගැවසෙන ප‍්‍රදේශ ආශ‍්‍රිතව හෙරොයින් විද ගැනීමේ ක‍්‍රමය භාවිත කරයි.

    අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාවලට අනුව 2011 වසරේ වීදි මට්ටමින් හෙරොයින් භාවිත කරන්නන් සඳහා දිනකට හෙරොයින් කිලෝ දෙකක් අවශ්‍ය වේ. ඒ අනුව වසරකට හෙරොයින් කිලෝ 763ක් පමණ අවශ්‍ය වේ. ලංකාවේ එතරම් ප‍්‍රමාණයක් හෙරොයින් භාවිත වුවත් අත්අඩංගුවට පත් වන්නේ ඉතා සුළු ප‍්‍රමාණයකි.

    පොලිස් අත්අඩංගුවට ගැනීම් අනුව බලන විට 2011 වසරේදී අවුරුදු 14ට වැඩි ජනගහනයෙන් පුද්ගලයන් ලක්ෂයකට පුද්ගලයන් 96ක් හෙරොයින් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ඒ අත්අඩංගුවට පත්වන ප‍්‍රමණය පමණි. භාවිත කරන ප‍්‍රමාණය ඊට බෙහෙවින් වැඩිය.එහෙත් අද වනවිට එය ද  විශාල ප‍්‍රමාණයකින් වැඩි වී ඇත.

     2007, 2008, 2009 සහ 2010 යන සිව් වසර ගත් කල අවුරුදු 18ට අඩු ළමයින් 59 දෙනෙක් හෙරොයින් වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූහ. 2013 වන විට එම ප‍්‍රමාණය විශාලලෙස වැඩි වී ඇත.

    ශ‍්‍රී ලංකාවට ගෙන්වන හෙරොයින් අවසන් පාරිභෝගිකයා හෙවත් කුඩු ගසන්නා අතට පත් වන්නේ තැරැුව්කරුවන් කිහිප දෙනකු අතට පත්වීමෙන් පසුවය. එලෙස පත්වන විට ගෙන්වන ලද හෙරොයින්වලට තවත් විවිධ අහිතකර දෑ එක් කරයි. හෙරොයින්වල ශූද්ධතාව යනු ඩයි ඇසිටයිල් මෝර්ෆීන් අඩංගු ප‍්‍රමාණයයි. ලංකාවට ගෙන්වන විට වැඩි ප‍්‍රතිශතයක් ඩයි ඇසිටයිල් මෝර්ෆීන් අඩංගු වුවත් විවිධ දෑ එක් කිරීම නිසා වීදි හෙරොයින්වල එම ප‍්‍රතිශතය බොහෝ විට සියයට 30ත් 35ත් අතර වෙයි.

    තැරැව්කරුවන් අතින් අතට පත් වෙද්දී ඔවුන් වැඩිපුර ලාබයත් තබා ගැනීම සඳහා හෙරොයින්වල ශූද්ධතාව අඩු කරයි. එනම් ඩිස්ප‍්‍රීන් වැනි විවිධ වර්ග එකතු කරයි.

    ලංකාවේ හෙරොයින් මිල

    හෙරොයින් යනු නීතියෙන් තහනම් දෙයක් නිසා සත්‍ය වශයෙන්ම ඊට වෙළෙඳ පොළ මිලක් නියම කළ හැකි නොවේ. නමුත් සාමාන්‍යයයෙන් ශ‍්‍රී ලංකාවේ හෙරොයින් කිලෝවක් ලක්ෂ හැටකට පමණ අලෙවිවන බව හඳුනාගෙන ඇත. ඒ අනුව ලංකාවේ හෙරොයින් ග‍්‍රෑම් එකක මිල රුපියල් හය දහසක් පමණ වෙයි. මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්ගේ මිල ගණන් එසේ වුවත් හෙරොයින් වීදි වටිනාකම ඊට වෙනස්ය.

    සුළු පරිමාණයෙන් හෙරොයින්  ව්‍යාපාරය කරන පුද්ගලයකු මීට කලකට පෙර ගම්පහ පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු පොලිසියට කියා ඇත්තේ කොළඹින් රුපියල් 500කට පමණ තමන් හෙරොයින් පැකට්ටුවක් මිලදී ගන්නා බවයි. හෙරොයින් පැකට්ටුවට හෙරොයින් මිලිග‍්‍රෑම් 30ක් පමණ අඩංගු වෙයි. එවැනි පැකට් විස්සක් තිහක් රැගෙන එන ඔහු එවැනි පැකට් දෙකක් එකට එක් කර එම කොටස් දෙකේ අඩංගු හෙරොයින් කොටස් තුනකට කඩා පැකට් තුනක් හදයි. එලෙස සකසන පැකට්ටුවක් රුපියල් 900ත් දහසත් අතර මුදලකට අලෙවි කරයි. ඒ අනුව බැලූ විට වීදි මට්ටමේ හෙරොයින් මිලිග‍්‍රෑම් පහළොවක විස්සක මිල රුපියල් දහසක් පමණ වේ.

    හෙරොයින් හා ලංකාවේ නීතිය


    1984 අංක 13 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ වර්ග (සංශෝධන) පනතට අනුව හෙරොයින් ග‍්‍රෑම් දෙකක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම සම්බන්ධයෙන් වැරදි කරුවකු වුවහොත් මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කළ හැකිය.

    එමෙන්ම හෙරොයින් ග‍්‍රෑම් 1ත් 2ත් අතර ප‍්‍රමාණයක් ළඟ තබා ගැනීම, ජාවාරම් කිරීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවකු වුවහොත් රුපියල් ලක්ෂයකට නොඅඩු සහ රුපියල් පන් ලක්ෂයකට නොවැඩි දඩයකට ද, අවුරුදු හතකට නොඅඩු සහ අවුරුදු විස්සකට නොවැඩි කාලයක් දෙයාකාරයකින් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමකට ද යටත් කළ හැකිය.
    හෙරොයින් ග‍්‍රෑම් එකකට අඩු ප‍්‍රමාණයක් ළඟ තබා ගැනීම, ජාවාරම් කිරීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වුවහොත් රුපියල් පහළොස් දහසකට නොඅඩු, රුපියල් පනස් දහසකට නොවැඩි දඩයකට  ද, අවුරුදු තුනකට නොඅඩු, අවුරුදු හතකට නොවැඩි කාලයක් දෙයාකරයකින් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමට ද ලක් කළ හැකිය.

    නීතිපති දෙපාර්තමේන්තුවෙන් 2012/ 04/18 වැනිදා තමින් සිආර්3/විවිධ05/12 අංකයෙන් පොලිසියට නිකුත් කර ඇති උපදෙස් පත‍්‍රිකාවක දැක්වෙන්නේ ශූද්ධ තාව අනුව හෙරොයින් මිලි ග‍්‍රෑම් පන්සියයක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් සමග අත්අඩංගුවට ගන්නා සැකකරුවන්හට මහාධිකරණයේ නඩු පැවරිය යුතු බවයි.

    හෙරොයින් මිලිග‍්‍රෑම් 500ට අඩු වුවත් හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි සාක්කි ඇත්නම් හෝ හෙරොයින් සම්බන්ධයෙන් ඇබ්බැහිය නොවන   පෙර වැරදි තුනක් හේ ඊට වැඩියෙන් ඇත්නම් මහාධිකරණයේ නඩු ගොනු කරන ලෙසද නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට උපදෙස් දී ඇත. නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ ජාවාරම් කිරීම හා විකිණීම යනු දෙකක් බවයි. සුළු පරිමාණයෙන් අවසන් පාරිභෝගිකයාට හෙරොයින් අලෙවි කිරීම විකිණීම ලෙස ඔවුන් දක්වා ඇත. එවැනි වැරදි සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරිය යුතුයි.

    හෙරොයින් ලංකාවේ වැඩි වශයෙන් ව්‍යාප්තවීම කෙරෙහි ලංකාවේ නීතිය ද බලපා ඇති බව බොහෝදෙනා කියති. ශීඝ‍්‍රයෙන් හෙරොයින් සම්බන්ධ වැරදි ව්‍යාප්ත වන නිසා නීතිය මීට වඩා ශක්තිමක් කළ යුතු බව ඔවුහු පවසති.

    ලංකාවේ හෙරොයින් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන ආයතන කිහිපයකි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, ශ‍්‍රී ලංකා රේගුව, ශ‍්‍රී ලංකා පොලිසිය ඒ අතර ප‍්‍රධාන තැනක් ගනී.

    හෙරොයින් අපනයනය

    ගුවන් මගින් හා නැව් මගින් ලංකාවට ගෙන ඒමට හෝ ලංකාවෙන් ගෙන යෑමට තැත් කරද්දී 2013 වසරේ ශ‍්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගත් හෙරොයින් ප‍්‍රමාණය කිලෝ 293 ග‍්‍රෑම් 628කි. ආන්දෝලනයට ලක්වූ කන්ටේනරයෙන් හසුවූ කුඩු කිලෝ 261 ග‍්‍රෑම් 292ක ප‍්‍රමාණය ද ඊට ඇතුළත්ය.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් පසුගිය වසරේ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප‍්‍රමාණය කිලෝ 293 කි. ඊට ද කන්ටේනරයේ තුබූ හෙරොයින් කිලෝ 261 ඇතුළත්ය. එය ඉවත් කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින්  ප‍්‍රමාණය කිලෝ 32කි. ඊට අමතරව ශ‍්‍රී ලංකාවේ විවිධ පොලිසි වලින්ද හෙරොයින් විශාල ප‍්‍රමාණයක් පසුගිය වසරේ අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ අනුව බලන කල පෙනී යන්නේ හෙරොයින් ලංකාවට ගෙන්වන්නේ ශ‍්‍රී ලංකාවේ පරිභෝජනයට පමණක් නොවන බවයි.  ඒ බව සනාථ කරමින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට ද මේ වනවිට තොරතුරු ලැබෙමින් පවතී.රුපියල් කෝටි විසිහතරක් වටිනා  හෙරොයින් කිලෝග‍්‍රෑම් තිහක් ශ‍්‍රී ලංකාවේ සිට ඩුබායි හරහා උගන්ඩාවේ එන්ටැබේ නුවරට රැුගෙන යාමට උත්සාහ කළ තානාපති වරප‍්‍රසාද සහිත ගමන් බලපත‍්‍රයක් හිමි ලයිබීරියානු ජාතිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  මීට කලකට පෙර රේගු අත්අඩංගුවට පත් විය. බොහෝ දෙනකුගේ ඇස් ඇරෙන්නට පටන් ගත්තේ ඒ සමගය.

    ඔහුගෙන් කළ දීර්ඝ ප‍්‍රශ්න කිරීම්වලදී දකුණු පළාතෙන් හමු වූ විශාලම හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් පසුගිය දෙසැම්බර් 12 වැනිදා හික්කඩුවෙන් සොයා ගත්තේය. එම ප‍්‍රමාණය කිලෝ 10යි ග‍්‍රෑම් 130කි.

    මේ වනවිට අනාවරණය වෙමිත් තිබෙන්නේ ලංකාව මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් කර ගනිමින් ලංකාව හරහා වෙනත් රටවලට හෙරොයින් ගෙන යන බවයි. ඊට ලංකාවේ තැරැව්කරුවන් හවුල් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. එමෙන්ම ලංකාවෙන් මත්ද්‍රව්‍ය රැුගෙන වෙනත් රටවලට ඇතුළු වෙද්දී හසුවූ පිරිස් ද වෙති. මත්ද්‍රව්‍ය සම්බන්ධ ආයතනයක නිලධරයකු පැවසුවේ ඇතැම් රටවල් තමන්ගේ රටට මත්ද්‍රව්‍ය ගෙන ඒම සම්බන්ධයෙන් ලංකාවට ඇඟිල්ල දිගු කරන බවයි.

    ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව මත් උවදුරට හා මත් ද්‍රව්‍ය ප‍්‍රවාහනයට ගොදුරුවන ප‍්‍රබල ස්ථානයක ලංකාව පිහිටා ඇත. ලොව බහුල වශයෙන් මත් ද්‍රව්‍ය නිපදවන හා ගෙන යන රන් ත‍්‍රිකෝණය (තායිලන්තය, බුරුමය හා ලා ඕසය) සහ  රන් චන්ද්‍රවංකය (ඉරාණය, ඇෆ්ගනිස්ථානය හා පාකිස්තානය)  ලෙස හඳුන්වන රටවල් අතර ශ‍්‍රී ලංකාව පිහිටා ඇති නිසා ලංකාවේ මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනයේ කේන්ද්‍රස්ථානයක්වීමේ අවදානම වැඩි කරයි. 

    පොලිසිය හා හෙරොයින්

    හෙරොයින් හා පොලිසිය සම්බන්ධයෙන් වැඩි කතා බහක් ඇති වූයේ පසුගිය දා වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති හෙරොයින් ග‍්‍රෑම් 42ක් සමග අත්අඩංගුවට ගැනීමත් සමගය. එලෙස සමාජයේ වැඩි කතා බහක් ඇති වුවත් පොලිසිය හා හෙරොයින් සම්බන්ධ නෑකම තවත් ඈතට දිව යයි.

    අත්අඩංගුවට ගන්නා හෙරොයින්වලින් කොටසක් ඉතිරි කරගෙන කොටසකට පමණක් නඩු පැවරීම බොහෝ දෙනා දන්නා රහසකි. ඉන් එහා ගිය සිද්ධි රාශියක් පසුගිය කාලයේ වාර්තා විය. එක්තරා පොලිසියක ස්ථානාධිපතිවරයකුගේ වැඩ තහනම් වූයේ පොලිස් සේප්පුවේ තබා තිබූ හෙරොයින් මත්කුඩු තොගයක් හිටි අඩියේ පාන්පිටි වීමත් සමගය.

    තම පොලිසියේ දෙදෙනකු හෙරොයින් සම්බන්ධයෙන් වෙනත් පොලිසියකින් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔවුන් සැකකරුවන් ලෙස උසාවියට ඉදිරිපත් කළ පසු සැකකරුවන්ගේ නිර්දෝශීභාවය පිළිබඳ ඉදිරිපත් වූ ස්ථානාධිපතිවරයෙක් ගැන ද පසුගියදා වාර්තා විය.

    එක් පසෙකින් පොලිසියේ දෙදෙනකු සැකකරුවන් ලෙස නම් කර එක් පොලිසියකින් අධිකරණයට කරුණු වාර්තා කරද්දී තවත් පොලිසියකින් කළේ ඒ දෙදෙනා නිර්දෝශී බවට ඔප්පු කිරීමට වෙහෙසීමයි. වැටලීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු වැරදි වැටහීමකින් අනික් පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව එම ස්ථානාධිපති කියා තිබුණත් වැටලීම් සඳහා හෙරොයින් භාවිත කළ හැකි බවක් මීට පෙර අප අසා නොතිබිණි. සත්‍ය වශයෙන්ම එම නිලධාරීන් දෙදෙනා වරදක් කර නැතිනම් කළ යුතුව තිබුණේ අත්අඩංගුවට ගත් සැනින් ඒ ගැන උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දීමයි. විවිධ සිද්ධි සම්බන්ධයෙන් ස්ථානාධිපතිට එරෙහිව ඉහළ උසාවිවල ද නඩු ගොනු විය.

    මීට වසරකට පමණ පෙර එක්තරා ප‍්‍රදේශයක ආන්දෝලනාත්මක සිදු වීමක් වාර්තා විය. එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයමින් සිටිය දී එය විමර්ශනය කළ පොලිසියේ ස්ථානාධිපතිට නිර්නාමික ලිපි කිහිපයක් ලැබිණි.  ආන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධ පුද්ගලයකු හෙරොයින් බිස්නස් කරන බවත්, ඔහු දේශපාලනඥයකුගේ වාහනයේ හෙරොයින් ගෙන ගිය බවත්, එම පොලිසියේ නිලධාරියකු ඔවුන්ගෙන් යැපෙන බවත් එම ලිපිවලින් කියැවිණි.

    ඊට ටික දිනකට පසු ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත් ස්ථානාධිපති ඔහු පොලිස් කූඩුවට නොදා තම කාමරයේ තබා ගනීමට තරම් කෘතඥ විය. එම අවස්ථාවේ සේවා භාරව සිටි පොලිස් සැරයන්වරයකු පොලිස් ස්ථානාධිපතිගේ ක‍්‍රියාව ගැන පොලිස් පොතේ සටහනක් ද දැමීය. ලියුම්වල තිබූ දෑ සත්‍යදැයි සොයනවා වෙනුවට අවසානයේ ස්ථානාධිපති නතර වූයේ එම ලියුම්වල නම් සටහන් වී ඇති පුද්ගලයන්ගෙන් යැපෙන තත්ත්වයට පත් වීමෙනි.

    හෙරොයින් හා ඇතැම් පොලිස් නිලධාරීන්ගේ නෑකම ගැන කීමට තවත් කතා රාශියකි.

     
    හෙරොයින් හා අපරාධ

    හෙරොයින් භාවිතය නිසා ශ‍්‍රී ලංකාවේ අපරාධ වැඩිවී ඇතැයි සමාජ විද්‍යාඥයෝ කියති. හෙරොයින් නොමැතිකම නිසා ඇතිවන පීඩනය මැඩ ගැනීම සඳහා ප‍්‍රචණ්ඩත්වයට යොමුවන පිරිස් නිසා අපරාධ සිදුවීම එක් හේතුවකි. අනෙක් හේතුව වන්නේ හෙරොයින් මිලදී ගැනීමට අධික මුදලක් වැයවන නිසා ඒ වෙනුවෙන් මුදල් උපයා ගැනීම විවිධ අපරාධ කිරීමයි.

    සුළු සුළු දේ සොරා ගැනීමේ සිට මිනීමැරුම් දක්වා එම අපරාධ ව්‍යාප්ත වන බව කියති. බොහෝ අපරාධවලට අත්අඩංගුවට ගන්නා වැඩි දෙනෙක් හෙරොයින් සඳහා ඇබ්බැහිවූවන් ලෙස සොයාගෙන ඇත.

    වෛද්‍යවරයකු පැවසුවේ හෙරොයින් භාවිත කරන්නන් එය නවත්වන්නට උත්සාහ කරද්දී හෙරොයින් ජාවාරම්කරුවන් ඔවුනට නොමිලයේ හෙරොයින් ලබා දෙමින් ඊට නැවත හුරු කිරීමට උත්සාහ කරන බවයි. බන්ධනාගාරගතවී සිටියදී පවා ඔවුන්ට හෙරොයින් ලැබීමට සලස්වන ක‍්‍රම ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය.

    ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ද ඊට ලැබෙන බව පසුගිය කාලයේ වාර්තා වූ සිද්ධීන් සමඟ පෙනී යයි. හෙරොයින් සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට ලංකාවේ ඇති මධ්‍යස්ථාන ප‍්‍රමාණවත් වන්නේ නැත. ඒ සඳහා විශේෂිත වූ මධ්‍යස්ථාන ඇති කළ යුතුය. හෙරොයින්වලට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගත නොහැකි බවට ඇති මතය සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක් බවත් හෙරොයින්වලට ඇබ්බැහි වූවන් ඉන් සම්පූර්ණයෙන් මුදා ගැනීමට හැකි බවත් වෛද්‍යවරු කියති.

    හෙරොයින් භාවිත කර එය නැවැත්වූ සැණින් ඇතිවන විරමණ ලක්ෂණ නිසා දිගින් දිගටම හෙරොයින් භාවිතයට යොමු වේ. වෛද්‍යවරු කියනුවේ එම විරමන ලක්ෂණ පවතින්නේ ටික දිනක් පමණක් බවයි. ඉන් පසු විරමණ ලක්ෂණ පහව යන බව වෛද්‍යවරු කියති. පොලිසිය කියනුයේ පුද්ගලයකුගේ මුහුණේ ඉරියව් හා ඇවතුම් පැවතුම් දෙස බැලූ විට හෙරොයින්වලට ඇබ්බැහි වූවන් හදුනා ගත හැකි බවයි.

    හෙරොයින් සම්බන්ධයෙන් සමාජයේ වැඩි කතා බහකට ලක්වෙන දේශපාලකයෝද වෙති. ඒ අතර හලාවත, ගම්පහ සහ කොළඹ දිස්ති‍්‍රක්කවල දේශපාලනයට සම්බන්ධ කිහිප දෙනකුගේ නම් ඉදිරියෙන් ඇත. කුරුණෑගල, පොල්ගහවෙල ප‍්‍රදේශවල වැඩි වශයෙන් හෙරොයින් ව්‍යාප්ත වෙමින් පැවැතීමට පොලිසියේ සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලිය යුතුය.

    මීගමු වෙරළින් හෙරොයින් ගෙන එන බව කියනුයේද දේශපාලනයට සම්බන්ධ පිරිස් බව ඇතැම්මු කියති. එහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියටයි.
     

    ඔබගේ ජංගම දුරකතනයේ ආයු කාලය වැඩි කරගනිමු.

    01. හැකි සෑමවිටම ජංගම දුරකථනය ඝට්ටන වලින් ආරක්ෂා කරගන්න.



    ජංගම දුරකථන වලට සිදුවන හානි වලින් 85%ක් ම පමණ මෙම ඝට්ටන මගින් සිදුවන ඒවාය.මෙම නිසා පෑස්සුම් බුරුල් වීම, ඩිස්ප්ලේ ආදී සංවේදී උපකරණ වලට හානි සිදුවීම,පාස්සා නොමැති එකට යාවීම මගින් සම්බන්ද වන උපකරණ ස්ථානගත වීම් වෙනස් වීම,ඇතැම් සියුම් පරිපථ කොටස් කැඩී යාම පවා සිදුවිය හැකිය.



    02.හැකි සෑම විටම ජංගම දුකථනය ජලයෙන් ආරක්ෂා කරගන්න.




    මෙහි ජලය යන්නෙන් අදහස් කරනුයේ ජංගම දුරකතනය වතුරට වැටීම නොව ජල වාෂ්ප, ජල බිඳිති , ආදියයි.මේවා මගින් ඔබට නොදැනෙන්න ජංගම දුරකතනයට හානි සිදුවේ.ඇතුලත සියුම් කොටස් මලකෑම, දියසෙවෙල් බැඳීම පවා සිදුවේ. මට හමුවී ඇති බොහෝ ජංගම දුරකථන මේ ආකාරයේ දියසෙවෙල් බැඳීම් වලට ලක්වී තිබී ඇත.
    කොහොම හරි වතුරට ෆෝන් එක වැ‍ටුනොත් එහෙම වහාම ෆෝන් එකේ බැට්‍රිය ගලවලා හාල් මුට්ටියක සතියක් පමන වියලෙන්න ඉඩ හරින්න.




    03. ජංගම දුරකථනය සාක්කුවේ හෝ වෙනත් බෑගයක පොකට්ටුවක හෝ දමනවා නම් 


    එය කාසි , යතුරු , යතුරු කටු ආදී ලෝහ උපකරණ සමග දැමීමෙන් වලකින්න.බොහෝවිට සිරීම් ඇතිවේ.

    04. ප්ලාස්ටික් රබර් හෝ මේ ආදී ඕනෑම කවරයක් භාවිතා කරනවානම් 
    මසකට වරක්වත් එය ගලවා පිරිසිදු කරන්න.මන්දයත් දුවිලි අංශු සහ සියුම් වැලි කැට මගින් එය සිරීම් වලට ලක්විය හැකිය.


    05. මාස 8 කට වරක් වත් ජංගම දුරකථන අලුත් වැඩියා සැලකට දී ජංගම දුරකථනය සර්විස් කරගන්න. 
    මේ සමගම ඔබට අලුත් වැඩියා කරගත යුතු යමක් තිබේ නම් එයද ඔවුනට පවසන්න.මෙලෙස සර්විස් කලයුතු කාලසීමාව ඔබගේ පාවිච්චිය අනුව තීරණය වේ.තවද මෙමගින් ජංගම දුරකතනයේ ඔබට පිරිසිදු කල නොහැකි ස්ථාන පිරිසිදු කරගත හැකිය.

    06. හැකි සෑම විටම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර චාර්ජ් කරන්න. 

    ගොඩක් දෙනා මේකනම් කරන්නේ නැහැ.ඔන් කරගෙනම තමයි චාර්ජ් කරන්නේ මේක බැට්රි එකට හොඳ නැහැ.අනවශ්‍ය විදියට බැට්රි එක රත් වෙන්න බලනවා.අනිත් එක තමයි ඔන් කරලා චාර්ජ් කරනවට වැඩිය සැලකියයුතු වෙලාවක් බැට්රි එක ඕෆ් කරලා චාර්ජ් කරහම පාවිච්චි කරන්න පුළුවන්.ඔන් කරලා චාර්ජ් කරනකොට ඒ ආරෝපණය වෙන ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ෆෝන් එකේ වෙන වෙන වැඩ වලට වැය වෙනවා නමුත් ඕෆ් කරහම එහෙම නෑ.එක බැට්රි එකේ ආයුකාලයටත් හොඳයි.

    07. Brightness,Contrast හැකි තරම් අඩුව ඔබට පැහැදිලිව තිරය පෙනෙන තරමට තබාගන්න. 

    මේක හින්දත් ඔයාලගේ ෆෝන් වල බැට්රි බහිනවා ගොඩක් ඉක්මනට.ඒ හින්ද මේ දෙක පුළුවන් තරම් අඩු මට්ටමක තියාගන්න.නමුත් දවල් කාලයට අව්ව තියෙන වෙලාවට වගේ තිරය පැහැදිලිව දකින්න නම් මේ දෙක ටිකක් වැඩි මට්ටමක තියෙන්න ඕන.ඒ නිසා පුළුවන් වෙලාවට මේක ඇජස්ට් කරගන්න.මහා අමාරු වැඩක් නෙමේ නේ.රෑට නම අඩුම කරලා තියාගත්තත් කමක් නැහැ.අවුලක් නැතුව පේනවා.


    08. චාර්ජ් කිරීමට ජංගම දුරකථනය සම්පුර්නයෙන්ම ක්‍රියා විරහිත වන තුරු ඉන්න එපා. 
    ගොඩක් දෙනා කරන්නේ ෆෝන් එක බැට්රි ලෝ කියල වැටිලා වැටිලා අන්තිමට ෆෝන් එක ඕෆ් වෙනකන්ම පාවිච්චි කරන එක.මේකත් එච්චර හොඳ දෙයක් නෙමේ.පුළුවන් හැම වෙලාවකම දෙපාරක් විතරවත් බැට්රි ලෝ කියල වැටුනට පස්සේ ෆෝන් එක ඕෆ් කරලා චාර්ජ් කරන්න.

    09.ඇතුලතින් ක්‍රියාත්මක වන වැඩසටහන් ප්‍රමාණය හැකි තරම් අඩු කලයුතුය.
    මේකත් කියන්න දෙයක් නැහැ නේ. ජාවා වලින් රන් වෙන ෆෝන් වලට නම මේ ගැටලුව ඒ තරම් බලපාන්නේ නැහැ. නමුත් Symbian ,Android , IOS වගේ ෆෝන් වලටනම් මේක බලපානවා. ගොඩක් දෙනා Android ෆෝන් වල බැට්රි බහිනවා කියල කෑගහන්නේ මේක නිසා තමයි.මේ ෆෝන් එකක Running ඇප් ලිස්ට් එකට ගියහම ගොඩක් වෙලාවට ඇප් 10 ක් 15 ක් රන් වෙනවා මේ ගොඩක් ඒවා සමහර වෙලාවට OS එකෙන්ම රන් කරන ඒවා. නමුත් මේ එකක් දෙකක් වත වැඩක් නැති ඒවා බලල ක්ලෝස් කරන්න පුළුවන් නම් බැට්රි ඉතුරු කරගන්න පුළුවන් වෙයි සැලකිය යුතු ප්‍රමාණයක්

    Wednesday 8 January 2014

    පිරිත් නූල යනු කුමක්‌ද

    http://ratagiyaattho.blogspot.kr/ේ විසින් දේශනා කරන ලද ආරක්‍ෂක දේශනාවලට පිරිත් හෙවත් පරිත්ත යනුවෙන් දක්‌වා ඇත. පිරිත් යනු තමා සිටින මුළු පරිසරයම රැකවරණය සලසනවා යන්නයි. ඒ පිsරිත් සුත්‍රවලින් ස්‌වාමීන් වහන්සේලා පිරිත් හූය ගෙන එයට එක්‌වාරයක්‌ හෝ ඊට වැඩිවාර ගණනක්‌ ජප කිරීමෙන් පිරිත් නූලක්‌ බවට පත්වේ.
    පිරිත් නූල යනු කුමක්‌ද? බුදුරජාණන් වහන්ස

    පිරිත් නූලකට ප්‍රධාන වශයෙන්ම ගන්නේ නූල් තුනකි. එය තුන්නූල හැටියට දැක්‌වේ. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ඉන් අර්ථවත් කෙරේ. එසේම, බුදුරජාණන් වහන්සේගේ සවණක්‌ රැස්‌ අර්ථ ගන්වමින් ඒ ඒ පාට නුල් ගෙන පාට නූල් ද සකස්‌ කර ඇත. විවිධ රටවල එක්‌ එක්‌ පාටවලින් නොයෙක්‌ හැඩතල දමා පිරිත්නූල් සකස්‌ කර ඇත.

    පිරිත් නූල සම්බන්ධ තවත් අවස්‌ථාවක්‌ මහාවංශයේ හත්වෙනි පරිච්ඡේදයේ දක්‌වා ඇත. විජය ඇතුළු පිරිස ශ්‍රී ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වූ අවස්‌ථාවේ උපුල්වන් දෙවිඳු විසින් ඔවුන්ට පිරිත් පැන් දී ආශිර්වාද කළ ආකාරය සඳහන් වන්නේ මෙසේය.

    න සන්ති මනුජා එත්ථ
    න ච හෙස්‌සති වෝභයං
    ඉති වත්වා කුන්ඩිකාය
    තේ ජලේන නිසිංචිය

    මෙහි මනුෂ්‍යයෝ නැත. ඒ නිසා ඔබට භයක්‌ නොවේවා කියා කෙන්ඩියෙන් පිරිත් පැන් ගෙන ඔවුන්ට ඉස්‌සේය.

    සුත්තංච තේසං හත්ෙථිසු
    ලගෙත්වා නභසාගමා

    පිරිත් නූල් ද ඔවුන්ගේ අත්වල බැඳ අහසින් ගියේය යනුවෙන් එම විස්‌තරයේ දැක්‌වේ.

    පන්සිය පනස්‌ ජාතක පොතේ තේලපත්ත ජාතක කථාවේද පිරිත් නූල් සම්බන්ධ කරගත් අවස්‌ථාවක්‌ ඇත. එම කථාවේ සඳහන් පසේ බුදු රජාණන් වහන්සේ යකින්නියගෙන් බේරීම සඳහා බෝධි සත්ත්වයන් වහන්සේට පිරිත් වැලි හා පිරිත් හුය දුන් බව සඳහන් වේ. එම පිරිත් වැලි ඉස, පිරිත් හුය වටකොට ඇද රැය පහන් කළ බවත් එයින් බෝධිසත්ත්වයන් වහන්සේ ආරක්‍ෂා වුණු බවත් සඳහන් වේ.

    මේ අනුව බලන විට පිරිත් නූල ඈතට දිවයන්නකි. අද බොහෝ දෙනෙකුගේ අතේ පිරිත් නූලක්‌ ඇත. නමුත් එහි වටිනාකම දන්නේ කීයෙන් කී දෙනාද? පිරිත් නූලක්‌ සතියකට වැඩි කාල සීමාවක්‌ පිරිසිදුව තබාගත හැකිය. යම් විදියකින් අපිsරිසිදු වුවොත් ඉවත් කළ යුතුය. පිරිත් නූලක්‌ පිරිසිදුව තබාගත හැකි නම් එසේම පන්සිල් ආරක්‍ෂා කරමින් ආගමික කටයුතුවල නිරන්තර නිරත වේ නම් ඒ පිරිත් නූලේ බලය තව තවත් වැඩි දියුණු වනු ඇත. සමහර අය පරණ පිරිත් නූල් අස්‌ නොකර ඊට උඩින් තව තවත් පිරිත් නූල් ගැටගසති. ඒ නිසා සමහර අයගේ අත් බැන්ඩේඡ් දාලා වගේ එතරම්ම පිරිත්නූල් එකතු කර ඇත. එවැනි ආකාරයෙන් තබා ගැනීම අන් අයගේ අප්‍රසන්නතාවයට හා විහිළුවට කාරණා වනු ඇත. එක්‌ පිරිත් නුලක්‌ තබා ගන්න. එය අපිරිසිදු වූ විට ඉවත් කර අලුත් නූලක්‌ දාගන්න.

    කෙතරම් නූල් බැඳ ගෙන සිටියත් තමන් සිතන්නේ නරක දෙයක්‌ ගැන නම් තමන් කරන්නේ නරක දෙයක්‌ නම් ඉන් ලැබෙන ආශිර්වාදයක්‌ නැත. ඒ නිසා යහපත් දෙයක්‌ සිතමින් යහපත් දෙයක්‌ කරමින් තම ජීවිතය ගෙනයන්නට උත්සාහ ගන්න. තිබෙන එක්‌ පිරිත් නූලෙන් ඔබට විශාල ශාන්තියක්‌ සැලසෙනු ඇත.

    ගෝඨා අපිව රැවට්ටුවා – මෙච්චර කල් හංගන් හිටපු රහස

    http://ratagiyaattho.blogspot.kr/
    ගෝඨා අපිව රැවට්ටුවා – මෙච්චර කල් හංගන් හිටපු රහස
    බොදු බල සේනා හලාල් ක්‍රියාදාමය පසුපස රජයේ ප්‍රබල අමාත්‍යවරයකු වන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිටින බවත්, මෙම සිද්ධියේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම සංවිධානය රැවටීමකට ලක්කලාදැයි සැකයක් මතුවන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර ප්‍රකාශ කර ඇත.

    ඒ කියන්නේ මේ ඊනියා ආගමික ප්‍රේමීන් මෙච්චර කලක් වැඩ කර ඇත්තේ ගොටා කියන පරිදිය. හරි ෂෝක්ය. දැන් ගොටා ඥානසාරව කඩේ යවා ඇති බව ඥානසාරට තේරෙන්න පටන් ගෙන තිබේ.  වස ලැජ්ජාවය.  මේ බලන්නකෝ ඊට පස්සේ කියන කතාව…

    උලමාවරුන් සිදුකරගෙන යන බොරුවට නොරැවටී ඍජු තීරණ ගැනීමට ජනාධිපතිවරයාට හැකිවිය යුතු බවත්, ‘හලාල් සහ ජමියතුල් උලමා සංවිධානය’ යන දෙකම වහාම ‘තහනම්’ කිරීමට රජය කටයුතු කළ යුතු බවත් ඔහු කියයි.

    හයක් හතරක් නොතේරෙන කුඩා දරුවෝ තමන්ට ලබා ගන්න තියෙන දෙයක් නොලැබූ විට තවත් මුරණ්ඩු වෙයි.  ඉල්ලීම් දරුණු වෙයි. අම්මට කියලා කර ගන්න බැරිවෙච්ච දී තාත්තාට කියා හෝ කර ගන්න බලයි. එහෙමත් බැරිනම් වට පිටාවේ තියෙන් දෑ වලින් කේන්තිය පිට කරයි.
    ඥානසාරට වී ඇත්තේද එයයි.  වේවැල් පාරක් වදින තෙක් ඔහොම්ම කෑ ගගහා ඉදීවී..

    Saturday 21 December 2013

    ඒඩ්ස් රෝගයට ප්‍රතිකාරයක් සොයා ගනියි

    රෝගියෙකුගේ සෛලවලජාන  නැවතසකස් කර ශරීරයට ඇතුළු කිරීම
    ලෝකම බීතියට පත් කළ ඒඩ්ස් වෛරසය ලිංගික සබදතා පවත්වන්නා වූ සියලු දෙනාටම මානසික වදයකි. ජිවිතයේ කෙටි කාලයක් තුළ දි ලබන කායික සුවය තුළින් ඇතැමුන්ට වැළදෙන ඒඩ්ස් වෛරසය ඔවුන්ගේ ජිවිතය ගිල දමයි.
    වෛරසය ශරීරගත වූ පසු වේදනාකාරී ලෙස ජීවිතය විදවා අවසානයේ ඔවුනට දිවියෙන් සමු ගැනීමට සිදුවනු නොවනුමාණ ය. 'ජර්මනියේ ඩෙ‍්‍රස්ඩන්' තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ජෛව වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් ඒඞ්ස් වෛරසය ආසාදිත සෛලවලින් ඉවත් කළ හැකි ක‍්‍රමයක් සාර්ථකව අත්හදා බලා ඇත. අණුක කතුරක් ලෙස හැඳින්වෙන මෙම ක‍්‍රමයේ දී ආසාදිත සෛලයේ 'ඞී.එන්.ඒ' වලින් වෛරසය ඉවත් කිරීම සිදු කරනු ලබයි.

    එන්සයිමය හැසිරවීමේ හැකියාව අත්පත් කරගැනීම මගින් මෙලෙස වර්ණදේහයේ කොටසක් හඳුනාගෙන එය ඉවත් කිරීමට හැකි වී ඇති අතර මෙම ක‍්‍රමයෙන් මානව ප‍්‍රතිශක්ති ඌණතා වෛරසය හෙවත් ඒඞ්ස් හඳුනාගැනීම සඳහා 90%ක පමණ කාර්යක්ෂමතාවයක් පවතින බව පැවසේ. ඩෙ‍්‍රස්ඩන් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිවෛරස උපක‍්‍රම අංශයේ ප‍්‍රධානි 'ජෝකිම් හවුබර්' පවසන්නේ වෛරස ඉවත් කිරීමේ විවිධ ක‍්‍රම සහ සමාන ප‍්‍රවේශයන් පැවතිය ද ආසාදිත සෛලයකින් වෛරසය ඉවත් කිරීමේ උපක‍්‍රමය සුවිශේෂී වන බවයි.රෝගියකුගේ සෛලවල ජාන නැවත සකස් කර ශරීරයට ඇතුළු කිරීමේ සැත්කමක් ලෙස අණුක කතුරු උපක‍්‍රමය තවත් වසර 10ක් ගතවන විට සිදුකළ හැකි වනු ඇතැයි පැවසේ. ජාන සකසන ලද නිරෝගී සෛල ව්‍යාප්ත වෙමින් ආසාදිත සෛලයන්ගේ රෛසය කපා ඉවත් කරමින් ඒවා නිරෝගී තත්වයට පත්කරනු ඇතැයි විද්‍යාඥයන් බලාපොරොත්තු වේ.මීයන් සඳහා මෙම අත්හදාබැලීම සාර්ථක වී ඇති අතර 'හවුබර්' පවසන්නේ රුධිරයේ හඳුනාගත නොහැකි මට්ටමටම වෛරසය පාලනය වූ බවයි. මෙම ප‍්‍රතිකාරය මිනිසුන් සඳහා සාර්ථක වේදැයි පරීක්ෂා කර බැලිය යුතු වන අතර ඒ සඳහා ඉදිරිපත්වන සායනික රෝගීන් සමග එය සිදුකළ හැකි බව ඔහුගේ අදහසයි.ඒඞ්ස් ප‍්‍රතිකාරයක් සඳහා ඖෂධ නිෂ්පාදන සමාගම්වල උනන්දුව අඩු වීම ද මෙවැනි පර්යේෂණ සඳහා බලපා ඇති ගැටළුවක් බව පැවසේ. 

    Friday 13 December 2013

    අනේ සුගත් ඔයා මොනවද ඔය කරන්නේ මට ලැඡ්ජයි

    http://ratagiyaattho.blogspot.kr/

    රංජිත් ඔයාට කැමතියිලු. එයත් කැමැත්තෙන් ඉන්නේ ඔයා එක්‌ක එකට ඉන්න - ස්කයිප් පෙම්වතා




    කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි එක්‌තරා තරුපහේ හෝටලයක ආලින්දයේ ඔබමොබ සක්‌මන් කරන කඩවසම් තරුණයෙකි. 

    යුරෝපීය ඇඳුමින් සැරසී සිටින මේ තරුණයා කිසිවකු ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බවක්‌ පෙනෙන්නට තිබිණි. තරුණයා සිටියේ තරමක කලබලකාරී බවකින්ය.

    ඔහු විටින් විට සිය වම් අතේ වූ රොලැක්‌ස්‌ වර්ගයේ ඉස්‌තරම්ම අත් ඔරලෝසුව දෙස බලන්නට වූයේ තමන් බලාපොරොත්තුව සිටින පුද්ගලයාගේ ප්‍රමාද බව හඟවමින්ය.

    ගතවූයේ සුළු මොහොතකි. හෝටලයේ ප්‍රධාන දොරටුව විවෘත කරගෙන සුකුමාල තරුණියක ආලින්දයට ඇතුළු වූවාය. තරුණිය දුටු වනම කඩවසම් තරුණයාගේ මුහුණ ප්‍රේමනීය හැඟීම්වලින් පිරී ගියේය

    සොරි..මම ටිකක්‌ ලේට්‌ වුණා.." රූමතිය කඩසම් තරුණයා අසලට ගියේ කාලයක සිට ඇසුරු කරන බව හඟවමින්ය. ඔයා අද හරිම ලස්‌සනයි. ස්‌කයිප් එකෙන් කථා කළාට ඔයාගෙ ලස්‌සන හරියටම දැක්‌කේ අදනෙ.."

    කඩවසම් තරුණයා තරුණිය දෙස ගිජු බැල්මක්‌ හෙළමින් කීවාය. මගේ ජීවිතේ සම්පූර්ණ වෙන්න ඔයා හම්බවුණාට පස්‌සේ. ඇත්තටම මම හරිම

    වාසනාවන්තයි. තරුණයා රූමතියගේ දකුණු අත තරයේ අල්ලාගෙන කීවේය.

    අපේ කසාදෙ ලස්‌සනට කෙරෙන්න ඕනේ. ඔයාව මැරි කරලා අපි දෙන්නම ස්‌විඩන් යනවා. තරුණයා කීවේ ස්‌ථිර හැඟීමෙන්ය. මේ කඩවසම් තරුණයා සුගත්ය. ස්‌වීඩනයේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය වරයකු වූ සුගත් වසර ගණනක සිට විදේශගතව සිටියේය.


    සුකුමාල සුන්දර තරුණියකවූ මේනකා මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක වූවාය. පෙරපාසල් ගුරුවරියක වූ ඇය සුගත් දැන හඳුනාගත්තේ ස්‌කයිප් සමාජ ජාල වෙබ් අඩවිය හරහාය. ඒ 2010 වර්ෂයේ දීය.

    ඒ වන විට මේනකා සිටියේ ඔස්‌ට්‍රේලියාවේය. එහි විශ්වවිද්‍යාලයක උපාධියක්‌ ලබා ගැනීමට පැමිණ සිටිය දී ස්‌කයිප් තාක්‍ෂණය ඔස්‌සේ දැන හඳුනා ගත් සුගත් ඉතාම හොඳ තරුණයකු බව ඇය සිතුවාය.

    සුගත් මේනකා ප්‍රේම වෘතාන්තය ගලා ගියේ ස්‌කයිප් තාක්‍ෂණය ඔස්‌සේය. ඔවුන් අදහස්‌ හුවමාරු කර ගත්තේද, පෙම්බස්‌ දෙඩෙව්වේද ස්‌කයිප් තාක්‍ෂණය හරහාය.

    දිනක්‌ සුගත් නොමනා යෝජනාවක්‌ ගෙන ආ නිසා මේනකාගේ සිත බිඳී ගියාය. ඔයා මහ වල් මිනිහෙක්‌. මගෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ ආදරයක්‌ කරුණාවක්‌ නොවෙයි ඒ නිසා අපි මේ සම්බන්ධය නතර කරලා දාමු.

    දැඩි සිත් වේදනාවට පත්ව සිටි මේනකා සුගත් සමග තිබූ ස්‌කයිප් ප්‍රේමය නතර කර දැමුවාය. මේනකා සිය ස්‌කයිප් ගිණුමෙන්ද ඔහු ඉවත් කර දැමුවේ යළි කිසිදිනක සම්බන්ධතාවක්‌ ඇතිකර නොගන්නා ස්‌ථීර අරමුණෙන්ය.

    එහෙත් සුගත්ගෙන් ඇයට ගැලවීමක්‌ ලැබුණේ නැත. තමන් ගෙන ආ අයුතු යෝජනාව වෙනුවෙන් සමාව අයෑද සිටි සුගත් කෙසේ හෝ නැවත මේනකාගේ සම්බන්ධතාව අලුත් කර ගැනීමට උත්සාහ කළේය.

    අවසානයේ දී සුගත්ගේ අරමුණ සාර්ථක විය. මේනකා සමඟ සම්බන්ධය අලුත් කර ගත් සුගත් ඇය බැලීමට ශ්‍රී ලංකාවට පැමිණීමට ද පොරොන්දු වූවේය.

    ඉකුත් 2010 වර්ෂයේ මැද භාගයේදී සුගත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ තම ස්‌කයිප් පෙම්වතිය මුණ ගැසීමේ බලාපොරොත්තු ඇතිවය. ඔවුන්ගේ මුල්ම හමුවීම කොල්ලුපිටිය සුපිරි හෝටලයක ආලින්දයේදී සිදුවන්නේ ඒ ආකාරයටය.

    මම ආසයි ටිකක්‌ විවේකීව ඔයා එක්‌ක කථා කරන්න. අපේ වෙඩින් එකත් ළඟදි කෙරෙන නිසා අපිට කථා කරන්න කොච්චර දේවල් තියනවාද? සුගත් කීවේය. ඔහු සුපිරි හෝටලයේ පස්‌වැනි මහලේ මුහුද පැත්තට වෙන්නට තිබූ සුඛෝපභෝගී කාමරයක්‌ වෙන්කර ගත්තේය.

    විවාහ පොරොන්දුවක්‌ දී තිබූ නිසා මේනකාද ඒ යෝජනාවට එකඟ වූවාය. සුඛෝපභෝගී හෝටල් කාමරයේ සුවපහසු යහනක වැතිරී පෙම්බස්‌ දොඩවමින් සිටි මේනකා මොහොතකට සියලු දේ අමතක කළාය.

    සුගත්ගෙන් වහනය වූ විලවුන් සුවඳ මේනකාගේ සිත තව තවත් වශී විය. ආදරය දොරේ ගලා යන්නට වැඩි වේලාවක්‌ ගත වුණේ නැත. අනේ සුගත් ඔයා මොනවද ඔය කරන්නේ මට ලැඡ්ජයි. ඇයි ඔයා ඔය විදිහට මේ හැම දෙයක්‌ම වීඩියෝ කරන්නේ. මේනකා සිය නග්න සිරුර ඇඳ ඇතිරිල්ලෙන් වසා ගන්නා ගමන් කීවාය.

    ඔයා නැති වෙලාවට මට මේවා බලලා සතුටු වෙන්න පුළුවන්. මම ඇත්තටම ඔයාට ආදරෙයි කොටින්ම මට ඔයා ගැන පිස්‌සු වැටිලා ඉන්නේ. සුගත් මේනකාගේ සුන්දර සිරුර තව තවත් වීඩියෝ ගත කරමින් කීවේය. තම අනාගත සැමියාගේ ආසාවන්ට ඉඩදුන් මේනකා නිසොල්මන් වූවාය.

    මේනකා සුගත් මුල්ම හමුවීම ගෙවී ගියේ ඒ ආකාරයටය. මම තව මාසයක්‌ විතර ලංකාවේ ඉන්නවා. හෙටත් අපි නොවරදාම හම්බ වෙමු. අපිට තව කතා කරන්න ගොඩක්‌ දේවල් තියෙනවානෙ.

    සුගත් මේනකාගෙන් සමුගත්තේ පසුදින නැවතත් හමුවෙන පොරොන්දුවෙන්ය. සුගත් අනේ අර ෆොටෝ වීඩියෝ ටික කාටවත් පෙන්වන්න එපා. ඔයාව මට විශ්වාසයි. මේනකා තම අනාගත සැමියා කෙරෙහි දැඩි විශ්වාසයෙන් කීවාය.

    කතිකා කරගත් පරිදි පසු දින ද සුගත් මේනකා හමුවීමට ආවේ කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි වෙනත් සුපිරි හෝටලයක්‌ වෙතය. එදින සුගත් ගෙන් දිස්‌වූයේ පෙරදින දුටු ප්‍රේමනීය හැඟීම් නොවන බව හඳුනාගන්නට මේනකාට එතරම් වේලාවක්‌ ගත වුණේ නැත.

    සුගත් ඇයි ඔයා අද වෙනස්‌ වෙලා ඔයාට මොකක්‌ හරි කරදරයක්‌ද නැත්නම් අසනීපයක්‌ද මේනකා විමසුවාය. මේනකා පොඩි ප්‍රශ්නයක්‌ තියෙනවා මේවා හංගන්න දේවල් නෙවෙයි. මගේ ඩ්‍රයිවර් රංජිත් හොඳ කොල්ලෙක්‌.

    සුගත් කීමට යන්නේ කුමක්‌දැයි සිතා ගැනීමට නොහැකිව මේනකා තුෂ්ණීම්භූතව සිටියාය. රංජිත් ඔයාට කැමතියිලු. එයත් කැමැත්තෙන් ඉන්නේ ඔයා එක්‌ක එකට ඉන්න. සුගත්ගේ මුවින් පිටවූ වදන් මේනකාගේ හිතේ දොන්කාර දෙන්නට විය. ඇගේ දෙකන් වලින් ගිනිපුළිගු පිටවෙන්නාක්‌ මෙන් දැනිණි.

    තමුසෙට පිස්‌සුද? එහෙමත් නැත්නම් මොළේ හොඳ නැද්ද. තමුසේ මහ වනචරයෙක්‌. මම ගණිකාවක්‌ කියලා හිතන්න එපා. තමුසෙ වැදගත් මිනිහෙක්‌ කියලා හිතලා මම ආශ්‍රය කළේ. මේනකා සුගත් දෙස බලමින් ඔහුට දෙස්‌දෙවොල් තියන්නට වූවාය.

    මේනකා නිකන් බොරුවට කෑගහන්න එපා. ඔයා මේ වැඩේට කැමැති වෙන්න ඕනෙ. අනික රංජිත් විතරක්‌ නොමෙයි මමත් ඔයා එක්‌ක ඉන්නවා. සුගත් කිසිදු බරපතළක්‌ නොමැතිව කීවේය. මේනකාගේ ගත වෙව්ලන්නට වූයේ කෝපය දරා ගැනීමට නොහැකිවූ නිසාය.

    මේනකා තමුසෙ වැඩිය දැඟලුවොත් මම තමුසෙගෙ ජීවිතේම විනාශ කරලා දානවා. පේනවා නේද මේ කැමරාවල තියෙන දේ. තමුසෙගෙ සෙක්‌ස්‌ පිංතූර වීඩියෝ ටික ඉන්ටර්නෙට්‌ එකට දාන්න වැඩිවේලාවක්‌ යන්නේ නැහැ.

    සුගත් කියූ දේවල් මේනකාට ඇසුනේ සිහිනයෙන් මෙන්ය. මුළු ලෝකයම තමා වටේ කැරකී විනාශවී යන බවක්‌ ඇයට දැනෙන්නට විය. ඒ වන විට ඇය පත්ව සිටියේ දැඩි ලෙස අසරණවූ තත්ත්වයකටය. 


    තමන් කරමුලින්ම සිරවී සිටින බව පමණක්‌ ඇය දැන සිටියාය. ගත වූයේ සුළු වේලාවකි. සුගත් ගේ රියෑදුරු රංජිත් හෝටලයේ කාමරය විවෘත කරගෙන එහි ඇතුළු වූවේය.

    ව්‍යාඝ්‍රයන් දෙදෙනකුට මැදිවූ මුවපොව්වෙකු මෙන් අසරණ වී සිටි මේනකා වැළපෙන්නට වූවාය. එහෙත් ඒ වනචර සල්ලාලයන් දෙදෙනාගෙන් ඇයට සහනයක්‌ ලැබුණේ නැත. ඔවුන් දෙදෙනා අතින්ම එකවර අතවරයට ලක්‌වූ මේනකා තව තවත් වැළපුනාය.

    ඒ සියලු දර්ශන සුගත්තේ වීඩියෝ කැමරාවේ සටහන් වුණේ මේනකාටද නොදැනෙන්නටය. මේ අශ්ලීල ක්‍රියාව දවසක්‌ දෙකක්‌ නොව දින ගණනාවක්‌ම මේ ආකාරයට සිදු විය. ඒවන විට මේනකා දැඩි ලෙස අසරණව සිටියාය.

    මම හෙට ආපසු ස්‌වීඩන් යනවා. මතක තියාගන්න ඔයාට බැහැ මාව අමතක කරන්න. එහෙම වුණොත් පහුවදාම ඔයාගෙ සුන්දරත්වය මුළු ලෝකෙම දකීවි. ඒ නිසා අපේ සම්බන්ධතාවට මොකුත් කරගන්න එපා.

    සුගත් මේනකාට කීවේ තර්ජනාත්මක ස්‌වරූපයෙන්ය. මේනකාගේ සුන්දර ජීවිතය අනාගතය මේ ආකාරයට විනාශ කර දැමූ ඒ මෘගයා කිසිවක්‌ නොවූ අයුරින් ස්‌වීඩනය බලා පිටත්ව ගියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පොරොන්දු ඇතිවය.

    තමන් පත්ව ඇති අසරණ තත්ත්වය මෙනෙහි කරමින් මේනකා මැරි මැරී උපදින්නට වූවාය. සුගත්ගේ නියෝගවලට කන්දෙනවා හැරෙන්නට වෙනත් කළයුතු යමක්‌ නොමැති බව ඇය සිතුවාය.

    කාලය කෙමින් ගෙවී ගියේය. මාස හත අටකට පසු සුගත් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ස්‌වීඩනයේ විශ්වවිද්‍යාලයෙන් මාසයක නිවාඩු ලබාගෙනය. ශ්‍රී ලංකාවට පැමිණි දිනට පසු දිනම සුගත් මේනකා හමුවීමට ගියේය. ඒ පාපතරයා දකින දකින වාරයක්‌ පාසා මේනකාගේ සිතේ ඇති වූයේ දරාගත නොහැකිවූ වෛරයකි.

    අපි හෙට පොඩි ට්‍රිප් එකක්‌ යමු. මං ආසයි මුහුදු වෙරළේ ලස්‌සන හෝටලේක ඔයත් එක්‌ක විනෝද වෙන්න. සුගත් කීවේය. යෝජනා කරගත් පරිදි පසුදින සුගත් මේනකා සොයා ආවේය. සුගත් පැමිණ සිටියේ සුඛෝපභෝගී වාහනයකින්ය. සුගත්තේ

    නියෝගවලට අවනතවූ මේනකා සුඛෝපභෝගී රථයට ගොඩවූයේ දෙගිඩියාවෙන්ය. මේනකාගේ සිරුර ගල්ගැසී ගියේ වාහනයේ සිටින තවත් ළාබාල රූමතියක දැකීමෙන්ය.

    මෙයා කව්ද කොහෙද මෙයා යන්නේ මේනකා එසේ විමසුවේ කෝපයෙන්ය. මෙයාගේ නව දිව්‍යා. එයා වත් දැන අඳුන ගත්තේ ඔයාව අඳුනා ගත්ත විදිහටමයි. අපි අද ටිකක්‌ අලුත් විදිහකට එන්ජෝයි කරමු. සුගත් ඇඟටපතට නොදැනෙන්නට කීවේය.

    තම ජීවිතය විනාශ කර දැමූ මේ පාපතරයා අලුතින් අඩව්වක්‌ ඇල්ලීමට උත්සාහ කරන බව මේනකාට තේරුම් ගොස්‌ තිබිණි. ඔවුන් රැගත් සුඛෝපභෝගී රථය මුහුදු බඩ ප්‍රදේශයේ එක්‌තරා හෝටලයක්‌ අසල නතර කෙරිණි.

    හෝටලයේ සුඛෝපභෝගී කාමරයක්‌ ඔවුන් වෙනුවෙන් වෙන්වී තිබිණි. එදින සිදුවූයේ මේනකා සිහිනයකින්වත් නොසිතූ දෙයකි. සුගත්ගේ ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය චිත්‍රපටයක්‌ දිගහැරී තිබිණි. සුරූපී තරුණියන් අසම්මත ආකාරයට අසභ්‍ය ක්‍රියාවල යෙදී සිටින චිත්‍රපටය දෙස මේනකා බලා සිටියේ දැඩි අකමැත්තෙන්ය.

    මේනකා ඔයා දිව්‍යාත් එක්‌ක මේ විදිහට ඉන්න ඕනේ. මම කැමතියි ඔය දෙන්නා එකට ඉන්නව බලන්න. තම සිතේ වූ පහත් අශ්ලීල හැඟීම් එකින් එක ඉවත දැමූ සුගත් අයිස්‌ දැමූ විස්‌කි වීදුරුවක්‌ තොල ගාන්නට වූවේය.

    තමුසෙට පිස්‌සුද මිනිහෝ අපි වැදගත් විදිහට හැදිච්ච කෙල්ලො ඇයි තමුසෙ අපට මෙහෙම කරන්නේ. මේනකා කෑ ගැසුවාය. එහෙත් සුගත් එය ගණනකට ගත්තේ නැත. ඔහු මේනකාගේ නිරුවත් ඡායාරූප එකින් එක නැවත බලන්නට වූයේ ඇයට තර්ජනයක්‌ද කරමින්ය.

    අවසානයේදී සුගත්තේ නියෝග වලට කන්දුන් මේනකා සහ දිව්‍යා අසම්මත ක්‍රියාවන්වල යෙදෙන්නට වූහ. ඒ සියල්ල සුගත් වීඩියෝ ගත කර ගත්තේ අනාගතයේදී එය ප්‍රයෝජනයට ගැනීමේ බලාපොරොත්තුවෙන්ය.

    දින කීපයක්‌ තිස්‌සේම මේනකාට මේ අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවිය. ඒ වන විට ඇය සිටියේ දැඩිලෙස සිත්තැවුලට පත්වය. තවත් මට නැතිවෙන්න දෙයක්‌ නැහැ. මේ කාලකණ්‌ණි දවසින් දවස මගේ ජීවිතේ විනාශ කරනවා මූට හොඳ පාඩමක්‌ උගන්වන්න ඕනේ.

    මේනකා දැඩි තීරණයක්‌ ගත්තාය. ඇය තමන්ට අත්විඳීමට සිදුවී ඇති භයානක සිදුවීම් පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළාය. ඒ ඉකුත් 2011 වර්ෂයේ මැයි මාසයේදීය.

    අහිංසක රූමතියන්ගේ ජීවිත විනාශ කළ මේ පාපතරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය. රහස්‌ පොලිසිය සුගත් පසුපස ලුහුබඳින්නට වූවේය. ඒ බව සැලවූ පසු සුගත් හොර රහසේම ස්‌වීඩනයට පලා ගියේය.

    සුගත් හැම විටම මේනකාට කතා කිරීමට ස්‌කයිප් තාක්‍ෂණය යොදා ගත්තේය. කිසිම අවස්‌ථාවකදී ජංගම දුරකථනයකින් කථා නොකිරීමට ඔහු වගබලා ගත්තේය. ජංගම දුරකථනයක්‌ පාවිච්චි නොකිරීම නිසා සුගත් පිළිබඳව තොරතුරු සොයා ගැනීම පහසු කටයුත්තක්‌ නොවීය. 


    පරීක්‍ෂණ පවත්වන පොලිස්‌ කණ්‌ඩායමට සුගත්ගේ රියෑදුරු වූ රංජිත්ගේ දුරකථන අංකය ලැබෙන්නේ මේනකාගේ මාර්ගයෙන්ය. සර් දවසක්‌ සුගත් මෙන්න මේ නම්බර් එකෙන් මට කතා කළා.

    මේනකා ලබාදුන් දුරකථන අංකය ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ රහස්‌ පොලිසිය දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි රංජිත් නමැත්තෙකු අත්අඩංගුවට ගත්තේය. ඔහු සුගත්තේ රියදුරු බව හෙළිවීම පරීක්‍ෂණ කටයුතුවලට විශාල පිටිවහලක්‌ විය.

    කෝ තමුසෙගෙ සුගත් මහත්තයා කොහෙද ඉන්නෙ මිනිහා. රහස්‌ පොලිසිය රංජිත්ගෙන් ප්‍රශ්න කරන්නට වූවේය. සර්.........එයා ස්‌වීඩන් වල ඉන්නේ. රංජිත්ගෙන් ලැබුණේ එවැනි පිළිතුරකි.

    සුගත් පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කිරීමට උත්සාහ කළද අවසානයේ සියල්ල වමාරන්නට රංජිත්ට සිදුවිය. සුගත් හොර රහසේම ස්‌වීඩනය බලා යැමට ගුවන් තොටුපළට ගොස්‌ සිටිය දී ඔහු අත්අඩංගුවට ගැනීමට රහස්‌ පොලිසියට හැකි විය.

    වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ සැකකරු සුගත් මල්ලවාරච්චි නමැති ව්‍යාජ නමකින් පෙනී සිටින අයකු බව පරීක්‍ෂණවලින් හෙළිකර ගත්තේය.

    ස්‌වීඩනයේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයකු ලෙස රැකියාව කරන සැකකරු වෛද්‍යවරියක හා විවාහව සිටින අයෙකි. දෙදරු පියකු වූ මොහු සිය බිරිඳ සමග ස්‌වීඩනයේ පදිංචිව සිටින බවද හෙළි වූවේය.

    ස්‌කයිප් තාක්‍ෂණය මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ඉහළ පැලැන්තියේ රූමතියන් හා ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගන්නා මොහු ඔවුන්ට විවාහ පොරොන්දු දී මේ ආකාරයේ අසම්මත අශ්ලීල ක්‍රියාවල යෙදීම පුරුද්දක්‌ කරගෙන සිටියේය. මේ පාපතරයාගේ ග්‍රහණයට හසුවූ ලාබාල තරුණියන් බොහොමයකි. ඔවුන් සියලු දෙනා සමඟ ලිංගික ක්‍රියාවල නිරතවූ සැකකරු ඒවා වීඩියේ ගත කරනු ලබයි. 


    පසුව ඒ වීඩියෝපට පෙන්වමින් තරුණියන් බිය පත්කර ඇති මේ අමනයා ඔවුන් විවිධ අශ්ලීල ක්‍රියාවන් සඳහා යොදවා ගත් බව අනාවරණය කර ගන්නට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමත් විය. මොහුගේ තර්ජනවලට බියවූ අසහනයට පත්ව සිටි කිසිවකු ඒ පිළිබඳ පොලිසිය වෙත පැමිණිලි කළේ නැත.

    තාක්‍ෂණයේ දියුණුවත් සමගම සිදුවන මෙවැනි අපරාධ දිනෙන් දිනම ඉහළ යමින් පවතී. එබැවින් මෙවැනි කපටි කයිරාටික පුද්ගලයන්ගේ උගුල් වලට හසු නොවන ලෙස පුවත් වෙබ් අඩවියක් වන හොට් ඇන්ඩ් ‍‍ෆාස්ට් නිවුස් අප සියලු ශ්‍රී ලංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

    Monday 9 December 2013

    නින්දෙන් ගෙරවිම හදවත් රෝගයේ පෙරනිමිත්තක්

    http://ratagiyaattho.blogspot.kr/නින්දේදි ශබ්දනගා ගොරවමින් නිදා ගන්නා පුද්ගලයන් ආඝාත තත්ත්වයට ගොදුරු වීමේ අවධානමක් පවතින බව පර්යේෂණකින් හෙළිවි ඇත. පුද්ගලයන් 25,000 ක් යොදා ගනිමින් කරන ලද මේ අධ්‍යයනයේ දී හෙළි වි ඇත‍්තේ එලෙස ගොරවන පුද්ලයන් වැඩි පිරිසකගේ ලේ කැටි ගැසීම් වලට ගොදුරු වන බවයි. එමෙන්ම ඔවුන්ගෙන් සියයට 80ක් හෘදයාබාධ වලට ලක්වන බව ද තහවුරු වී ඇත.
    නින්දේදී ගෙරවීම හඳුන්වන්නේ ඇප්නියාව යනුවෙනි. ලොව පුරා ලක්ෂ 30ක පමණ පරිසක් මේ රෝගයෙන් පීඩා විඳිති. පිරිමි හතර දෙනකුගෙන් එක් අයෙක් ද ගැහැනුන් දහයකගෙන් එක් අයකු ද අප්නිවායට ගොදුරු වී ඇත.
    තද නින්දට පත්විමේ දී මාංශ පේෂීන් ඉහල්වේ. මේ නිසා බොහෝ දෙනකුට ගැටළු ඇතිවන්නේ නැත. සාමාන්‍යයෙන් ඇනෝපියාව ඇති පුද්ගලයකු හුස්ම ගැනීම තත්ත්පර 10 ට පමණ සිදු නොකරන බව ද පර්යේෂකයන් පවසයි. එවිට සිදුවන්නේ වාතය මෘදු පටක තුළ කම්පනයක් ඇතිකිරීම හේතුවෙන් ගෙරවීමේ ශබ්දය නිකුත්වේ.
    මේ සම්බන්ධයෙන් වූ නවතම අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ හෘදය හා මොලයට වන අනතුර වෙද්‍යවරු සිතනවාට වඩා වැඩි බවයි. චීනයේ සැන්ඩොන් සරසවියේ විද්‍යාඥයන් ඔවුන් කලින් කරණ ලද අධ්‍යනය 12 ක ප්‍රතිපල වලින් පෙන්වා දෙනු ලබන්නේ නින්දේදී අධික ලෙස ගොරවන්නන් ආඝාත තත්වයන් ට ගොදුරැ විමේ අවදානම දෙගුණයක් වන අතර සාමාන්‍ය ලෙස ගොරවන්නන් මෙම අනතුරු දායක තත්වයෙන් මිදි සිටින බවයි.
    බ්‍රිතාන්‍යය හෘද පදනමේ ජ්‍යෙෂ්ඨ හෙදි තෙන්බි ඉන්කලා පවසන්නේ ඔබට මෙම තත්වය ගැන සැකයක් පවතීනම් ඒ බව වෙද්‍යවරයා සමග පැවසිම සුදුසු බවයි. තරබාරැ අය මෙම හෘදයාබාධ වැළදීම කෙරෙහි සම්බන්ධතාවයක් පවතින බවද ඇය පවසන්නිය. මෙම තත්වයෙන් මිදිමට නම් මොවුන්ගේ ජීවන රටාව ව්‍යායාම කිරිම වැනි ක්‍රියාකාරකමි මගින් වෙනස් කරගත යුතු බවයි.
           

    Thursday 28 November 2013

    ජපානයට ගිය ඉංග්‍රීසි ගුරුවරියගේ අවසානය

    http://ratagiyaattho.blogspot.kr/ජපානයේදී චීබා දිස්ත්‍රික් උසාවියේ හඬා වැටෙන පියෙක් හා සහෝදරියන් දෙදෙනකු මිනීමැරුමක තීන්දුව දෙනතුරු කඳුළු පිරි දෙනෙතින් යුතුව බලා සිටිති. ඒ තම දියණිය හා සහෝදරිය මරා දැමූ මිනීමරුවාට දඬුවම ලැබෙන තුරුය. මිනීමරුවා ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කර තිබූ නිසා ඔහුට දරුණුතම දඬුවමක් ලැබෙන බවට ඔවුන් තුළ දැඩි විශ්වාසයක් තිබිණ.ඒ අකාලයේ මරණයට පත්වූ ඉංගී‍්‍රසි ගුරුවරියක් වූ ලින්ඩ්සේ හෝකර්ගේ පියා වන බිල් හෝකර් හා ඇයගේ සොහොයුරියන් වන ලීසා (29) හා ලුයිස් (25) යන අයගෙන් සැදුම් ලද පිරිසයි.විසි දෙහැවිරිදි වියේ පසුවූ ලින්ඩ්සේ හෝකර් ඉතාම විනෝදයෙන් ජීවත්වීමට මහත්සේ පි‍්‍රය කළ එසේම මුළු ලෝකය පුරා සංචාරය කිරීමට ආශා කළ රූමත් තරුණියකි. එංගලන්තයේ කොවෙන්ට්‍රි ප්‍රදේශයේ බ්‍රැන්ඩන් නගරයේ තම පියා හා සොහොයුරියන් සමඟ දිවිගෙවූ ඇය ජපානයට තදින් ඇළුම් කළා ය.ජපානයට යාමට තිබූ දැඩි ආශාව නිසාම ලින්ඩ්සේ විශ්ව විද්‍යලයෙන් උපාධියක් ලබාගත් පසු වැඩිදුර ඉගෙනීම ගැන අමතක කොට ජපානයේ ඉංගී‍්‍රසි උගැන්වීම සඳහා ගියා ය.සිව් වසරක ප්‍රේම සම්බන්ධයක් පැවැති රයන් ගාර්සයිඩ් සමඟ ලෝක සංචාරයක් සඳහා මුදල් එකතු කරගැනීම ඇයගේ අනෙක් අරමුණ විය.තවත් බ්‍රිතාන්‍ය ජාතික තරුණියන් දෙදෙනකු සමඟ සුඛෝපභෝගී කුලී නිවෙසක පදිංචියට ගිය ඇය ටෝකියෝ නගරයේ පිහිටි ඉංගී‍්‍රසි කථාව පුහුණු කරනු ලබන නොවා සම්බු පාසලේ ඉංගී‍්‍රසි උගැන්වීම ඇරඹුවා ය.නොවා පාසැලේ සිට ඇය පදිංචි වී සිටි නිවසට යාමට සිදුවුණේ දුම්රියෙනි. දිනක් ඇය දුටු ජපන් තරුණයකු ඈ සමඟ කථා බහ ඇරඹීය. ඔහු ටට්සුයා ඉචිහාෂි නමැති 28 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ මව දන්තවෛද්‍යවරියක් වූ අතර පියා ද වෛද්‍යවරයෙකි. වැදගත් පවුලකින් පැවතෙන ඉචිහාෂි “චීබා” විශ්ව විද්‍යාලයේ වැවිලි කටයුතු පිළිබඳ උපාධිධරයකු විය.දුම්රියේදී ලින්ඩ්සේ සමඟ ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ දැනුමක් ලබා ගැනීමට තමා තුළ අදහසක් පවතින බවත් ඒ සඳහා ඇයගේ උදව් අපේක්ෂා කරන බවත් ඉචිහාෂි ප්‍රකාශ කර සිටියේ ය.ඇතැම් දිනවල පාසලේ සිට බයිසිකලයෙන් නිවෙසට යාමට ද ලින්ඩ්සේ පුරුදුව සිටියා ය. මේ අතර දිනක් ඇය පිටුපසින් පැමිණි ඉචිහාෂි ඇගේ නිවෙසට පැමිණ වතුර වීදුරවක් ඉල්ලා සිටියේ ය. ඔහු පිළිබඳ ඇතිවූ අනුකම්පාව නිසා ඔහු තම නිවෙසට ඇතුලු කරගත් අතර ආරක්ෂාව සඳහා ඇයගේ මිතුරියන් දෙදෙනාට ද ඔහු හඳුන්වා දුන්නා ය.නිවෙසට ඇතුළු වූ ඉචිහාෂි පැන්සලක් ගෙන ලින්ඩ්සේගේ රූපය ඇඳ ඔහුගේ අත්සන ද යොදා ඇයට පිරිනැමුවේ ය. ඉන් දින හතරකට පසු නොවා පාසැල අසල පිහිට කෝපි පානය කරන හෝටලයකදී ඉචිහාෂිට ඇය ඉංගී‍්‍රසි පාඩම් කියා දීමට ලින්ඩ්සේ ගියා ය.එම හෝටලයේ හමුවී පසුව ඉචිහාෂිගේ කුලී කාමරයට යාම සඳහා ලින්ඩ්සේ එකඟ වූවා ය. එය ලින්ඩ්සේ හෝකර් මෙලොව සිටි අවසන් දිනය ලෙස සැලකේ. ඉචිහාෂි සමඟ කුලී රථයකින් ගිය ලින්ඩ්සේ කුලී රථ රියැදුරාට තමා ඉක්මණින් එන බව කියා ඉචිහාෂි සමඟ ඔහුගේ කාමරයට ගියා ය. ඇයගේ නොපැමිණීම නිසා කුලී රථ රියැදුරා මද වේලාවක් බලා සිට ආපසු යන්නට ගියේ ය.ඉන්පසුව ලින්ඩ්සේ හෝකර්ගේ නිරුවත් සිරුර නාන තටාකයට දමා ඒ මත කොම්පෝස්ට් පොහොර හා වැලි පුරවා වසා දමා තිබියදී ඉචිහාෂි ජීවත් වූ කාමරය අසල බැල්කනියේ තිබී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. ඇගේ සිරුරේ අත්පා ප්ලාස්ටික් ලනු වලින් බැඳ දමා කටේ පාන්කඩ ඔබා තිබිණ.ඇයගේ සිරුරේ උඩ කොටස දැඩි පහරවලට ලක්වී තිබුණ අතර තැනින් තැන ගෙඩි ගැසී ඉදිමී තිබෙන ආකාරය පරීක්ෂණවලදී පොලිස් නිලධාරීන්ට දැකගත හැකිවිය. එය අතින් පයින් පහරදී තිබූ ආකාරයක් පෙන්නුම් කළේ ය. ලින්ඩ්සේ ගේ මරණය සිදුවී තිබුණේ ගෙල සිරකිරීමකින් බවත් මියගියාට පසු හිස බූ ගා තිබූ බවත් පරීක්ෂණවලදී හෙළිවිය. එසේම කිහිපවරක්ම ඇය දූෂණය කර තිබිණි. පරීක්ෂණ ඇරඹූ පොලිස් නිලධාරීන් විසින් ඉචිහාෂි අල්ලා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් දියත් කරන ලදී. ඉචිහාෂි සොයා මුලින්ම ඔහුගේ කාමරය පරීක්ෂා කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ගේ ඇස්වසා හිස වැසෙන සේ රෙද්දක් පොරවාගෙන එතැනින් පැන යාමට ඉචිහාෂිට හැකිවිය. පොලිසිය ඔහු පිටුපස එලවාගෙන ගිය නමුත් කෙසේ හෝ ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී පලා යාමට ඔහුට ඉඩකඩ ලැබිණි.ඉචිහාෂි සොයා මුළු මහත් ජපානය පුරාම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර ඔහු පිළිබඳ තොරතුරක් දෙන අයකුට ලැබෙන මුදල් ත්‍යාගය මිලියන එකේ සිට 10 දක්වා ද වැඩි කරන ලදී.ඉචිභාෂි තම රූපය වෙනස් කර ගැනීම සඳහා ප්ලාස්ටික් ශල්‍ය කර්මයකට මුහුණ දීමට නාගෝරියා හි එක්තරා ඖෂධාලයකට ගිය බව පොලිසියට වාර්තා විය. ඔහුගේ කම්මුල්වල තිබූ ඉන්නන් ඉවත් කිරීම, ඇස් බැමි වෙනස් කිරිම, දෙතොල්වල හැඩය වෙනස් කිරීම වැනි වෙනස්කම් රැසකට ශල්‍යකර්ම සිදු කරනු ලැබු බව ද දැනගන්නට ලැබිණි.මේ අතර පොලිසියට ලැබුණු තවත් ඔත්තුවකට අනුව ඔකිනාවා දූපතට යාම සඳහා පාරුවකට නැඟී සිටිය දි 2009 නොවැම්බර් 10 වැනි දින පොලිසිය ඉචිභාෂි අත්අඩංගුවට ගනු ලැබීය. ලින්ඩ්සේ හෝකර් ගේ මරණයත්, මිනි මරුවා අල්ලා ගැනීමත් මුළු ජපානය පුරාම මහත් සේ අවධානයට පත් වූ සිද්ධියක් වූ අතර නඩු විභාගය සඳහා උසාවි භූමිය ද ජනතාවගෙන් පිරී ගොස් තිබිණි. එසේම ජපන් මාධ්‍ය මෙම පුවත පිළිබඳ අති මහත් ප්‍රචාරයක් කරගෙන ගියේ ය.එංගලන්තයේ සිට ලින්ඩ්සේගේ පියාත් සොහොයුරියන් දෙදෙනාත් නඩු විභාගය සඳහා පැමිණ සිටියහ.මේ අතරතුර ඉචිහාෂි මිනි මැරුම පිළිබඳ පාපොච්චාරණයක් කරමින් තමා කාමරයට ලින්ඩ්සේ කැඳවා ගෙන ගොස් දූෂණය කළ ආකාරය පිළිබඳ විස්තර කළ අතර තමා ඇය මැරීමට තැත් නොකළ බව ද කීවේ ය. අසල්වාසීන්ට ඇගේ විලාපය ඇසේ යන බිය නිසා ගෙල හිර කරගෙන සිටි බවත් කීවේ ය. ඇය මරා දැමීමට කිසිදු අරමුණක් තමා තුළ නොතිබූ බවත් එම පාපොච්චාරණයේ දී ඔහු පැවැසී ය.කළු පැහැති කමිසයක් හා ජීන්ස් වර්ගයේ කලිසමක් ඇඳගෙන මාංචු සහිතව උසාවියට ඇතුළු වූ ඉචිහාෂි ලින්ඩ්සේගේ පියා අසල වැඳ වැටුණේය. එවිට පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණ ඔහු ඇදගෙන ගොස් විත්තිකූඩුව තුළට ඇතුළු කළේ ය.දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2011 ජූලි 21 වැනි දින චිබා දිස්ත්‍රික් උසාවිය මගින් ලින්ඩ්සේ හෝකර් මරණයට පත්කිරිම සම්බන්ධයෙන් ටට්සුයා ඉචිහාෂි ජීවිතාන්තය දක්වා සිරගෙට යැවීමට තීරණය කරන ලදී. හෝකර් පවුලේ උදවිය ඔහුට මරණ දඬුවම දෙන ලෙස ඉල්ලා සිටි නමුත් මීට පෙර අපරාධයකට සහභාගි නොවීමත් තරුණයකු නිසාත් පුනරුත්තාපනය කිරීමේ හැකියාවක් පවතින නිසාත් උසාවිය ඔහුව ජීවිතාන්තය දක්වා සිරගෙට යැවීමට තීරණය කළේ ය.මේ අතර දැනට දිවි ඇති තෙක් සිරබත් කන ඉචිහාෂි තමා අතින් සිදු වූ එම අපරාධයේ සියලු විස්තර සහිතව “අන්ටිල් අයි වෝස් එරස්ටඩ්” (උදබඪත ධ් ඹචඵ චපපඥඵබඥඤ) යනුවෙන් ග්‍රන්ථයක් ලියා ඇති අතර එම ග්‍රන්ථය විකිණීමෙන් ලැබෙන සියලුම මුදල් හෝකර් පවුලට දෙන බව ද ප්‍රකාශ කර ඇත.“ඒ මිනිහාගෙන් අපට කිසිම දෙයක් ඕනේ නෑ එයාට පොතක් ලියන්නත් මුදල් හම්බ කරන්නත් හැකි වුණේ මගේ දුව මරා දැමූ නිසා” යි ලින්ඩ් සේ ගේ පියා කෝපයෙන් පැවැසූවේය. කඳුළු පිරි දෙනෙතින් අපි අවුරුදු හතරහමාරක් බලා හිටියා. අද එය ඉටු වී තිබෙනවා. අපට ඒ ගැන සතුටුයි” ලින්ඩ්සේගේ පියා පවසා සිටියේ ය“ලින්ඩ්සේ ජපානයට ආදරය කළා. ඔබ තුමන්ලා ඇය ව අතරමං කළේ නැහැ” යි ද බිල් හෝකර් තවදුරටත් පැවැසීය.මේ අතර ලින්ඩ්සේ හෝකර්ගේ මිනී මැරුම සිදුකළ ටට්සුයා ඉචිහාසි ලියූ ග්‍රන්ථය චිත්‍රපටියකට නැගීමට යෑම මුළු ජපානය පුරා මහත් විරෝධයක් ඇති කරලීමට සමත් වි ඇත. එම චිත්‍රපටිය “අයි ඈම් ඉචිහාෂි ජර්නල් ඔෆ් අ මර්ඩරර්” (I am Icihashi Jourual of a Murdere) (මම ඉචිහාෂි මිනීමරුවෙකුගේ සටහන) යනුවෙන් නම් කර ඇති මෙම චිත්‍රපටිය තුළින් මිනීමරුවා වීරයකු බවට පත් කරමින් ඔහු පිළිබඳ අනුකම්පාව ඇතිවන අයුරින් පිළිබිඹු කිරීම නිසා එම චිත්‍රපටිය ජපන් රටේ බොහෝ දෙනාගේ දැඩි විරෝධයට ලක් වී ඇති බව වාර්තා වේ.එසේම බිල් හෝකර් ඇතුළු ලින්ඩ්සේ ගේ පවුලේ උදවිය ද මහත් සේ කෝපය ප්‍රකාශ කරමින් තමන්ට මෙම චිත්‍රපටිය ගැන කිසිදු දැන්වීමක් නොකළ බව ද ප්‍රකාශයට පත් කළහ.        රෝහණ ආර්යරත්න