sha fm

    Thursday 28 November 2013

    ජපානයට ගිය ඉංග්‍රීසි ගුරුවරියගේ අවසානය

    http://ratagiyaattho.blogspot.kr/ජපානයේදී චීබා දිස්ත්‍රික් උසාවියේ හඬා වැටෙන පියෙක් හා සහෝදරියන් දෙදෙනකු මිනීමැරුමක තීන්දුව දෙනතුරු කඳුළු පිරි දෙනෙතින් යුතුව බලා සිටිති. ඒ තම දියණිය හා සහෝදරිය මරා දැමූ මිනීමරුවාට දඬුවම ලැබෙන තුරුය. මිනීමරුවා ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කර තිබූ නිසා ඔහුට දරුණුතම දඬුවමක් ලැබෙන බවට ඔවුන් තුළ දැඩි විශ්වාසයක් තිබිණ.ඒ අකාලයේ මරණයට පත්වූ ඉංගී‍්‍රසි ගුරුවරියක් වූ ලින්ඩ්සේ හෝකර්ගේ පියා වන බිල් හෝකර් හා ඇයගේ සොහොයුරියන් වන ලීසා (29) හා ලුයිස් (25) යන අයගෙන් සැදුම් ලද පිරිසයි.විසි දෙහැවිරිදි වියේ පසුවූ ලින්ඩ්සේ හෝකර් ඉතාම විනෝදයෙන් ජීවත්වීමට මහත්සේ පි‍්‍රය කළ එසේම මුළු ලෝකය පුරා සංචාරය කිරීමට ආශා කළ රූමත් තරුණියකි. එංගලන්තයේ කොවෙන්ට්‍රි ප්‍රදේශයේ බ්‍රැන්ඩන් නගරයේ තම පියා හා සොහොයුරියන් සමඟ දිවිගෙවූ ඇය ජපානයට තදින් ඇළුම් කළා ය.ජපානයට යාමට තිබූ දැඩි ආශාව නිසාම ලින්ඩ්සේ විශ්ව විද්‍යලයෙන් උපාධියක් ලබාගත් පසු වැඩිදුර ඉගෙනීම ගැන අමතක කොට ජපානයේ ඉංගී‍්‍රසි උගැන්වීම සඳහා ගියා ය.සිව් වසරක ප්‍රේම සම්බන්ධයක් පැවැති රයන් ගාර්සයිඩ් සමඟ ලෝක සංචාරයක් සඳහා මුදල් එකතු කරගැනීම ඇයගේ අනෙක් අරමුණ විය.තවත් බ්‍රිතාන්‍ය ජාතික තරුණියන් දෙදෙනකු සමඟ සුඛෝපභෝගී කුලී නිවෙසක පදිංචියට ගිය ඇය ටෝකියෝ නගරයේ පිහිටි ඉංගී‍්‍රසි කථාව පුහුණු කරනු ලබන නොවා සම්බු පාසලේ ඉංගී‍්‍රසි උගැන්වීම ඇරඹුවා ය.නොවා පාසැලේ සිට ඇය පදිංචි වී සිටි නිවසට යාමට සිදුවුණේ දුම්රියෙනි. දිනක් ඇය දුටු ජපන් තරුණයකු ඈ සමඟ කථා බහ ඇරඹීය. ඔහු ටට්සුයා ඉචිහාෂි නමැති 28 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ මව දන්තවෛද්‍යවරියක් වූ අතර පියා ද වෛද්‍යවරයෙකි. වැදගත් පවුලකින් පැවතෙන ඉචිහාෂි “චීබා” විශ්ව විද්‍යාලයේ වැවිලි කටයුතු පිළිබඳ උපාධිධරයකු විය.දුම්රියේදී ලින්ඩ්සේ සමඟ ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ දැනුමක් ලබා ගැනීමට තමා තුළ අදහසක් පවතින බවත් ඒ සඳහා ඇයගේ උදව් අපේක්ෂා කරන බවත් ඉචිහාෂි ප්‍රකාශ කර සිටියේ ය.ඇතැම් දිනවල පාසලේ සිට බයිසිකලයෙන් නිවෙසට යාමට ද ලින්ඩ්සේ පුරුදුව සිටියා ය. මේ අතර දිනක් ඇය පිටුපසින් පැමිණි ඉචිහාෂි ඇගේ නිවෙසට පැමිණ වතුර වීදුරවක් ඉල්ලා සිටියේ ය. ඔහු පිළිබඳ ඇතිවූ අනුකම්පාව නිසා ඔහු තම නිවෙසට ඇතුලු කරගත් අතර ආරක්ෂාව සඳහා ඇයගේ මිතුරියන් දෙදෙනාට ද ඔහු හඳුන්වා දුන්නා ය.නිවෙසට ඇතුළු වූ ඉචිහාෂි පැන්සලක් ගෙන ලින්ඩ්සේගේ රූපය ඇඳ ඔහුගේ අත්සන ද යොදා ඇයට පිරිනැමුවේ ය. ඉන් දින හතරකට පසු නොවා පාසැල අසල පිහිට කෝපි පානය කරන හෝටලයකදී ඉචිහාෂිට ඇය ඉංගී‍්‍රසි පාඩම් කියා දීමට ලින්ඩ්සේ ගියා ය.එම හෝටලයේ හමුවී පසුව ඉචිහාෂිගේ කුලී කාමරයට යාම සඳහා ලින්ඩ්සේ එකඟ වූවා ය. එය ලින්ඩ්සේ හෝකර් මෙලොව සිටි අවසන් දිනය ලෙස සැලකේ. ඉචිහාෂි සමඟ කුලී රථයකින් ගිය ලින්ඩ්සේ කුලී රථ රියැදුරාට තමා ඉක්මණින් එන බව කියා ඉචිහාෂි සමඟ ඔහුගේ කාමරයට ගියා ය. ඇයගේ නොපැමිණීම නිසා කුලී රථ රියැදුරා මද වේලාවක් බලා සිට ආපසු යන්නට ගියේ ය.ඉන්පසුව ලින්ඩ්සේ හෝකර්ගේ නිරුවත් සිරුර නාන තටාකයට දමා ඒ මත කොම්පෝස්ට් පොහොර හා වැලි පුරවා වසා දමා තිබියදී ඉචිහාෂි ජීවත් වූ කාමරය අසල බැල්කනියේ තිබී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. ඇගේ සිරුරේ අත්පා ප්ලාස්ටික් ලනු වලින් බැඳ දමා කටේ පාන්කඩ ඔබා තිබිණ.ඇයගේ සිරුරේ උඩ කොටස දැඩි පහරවලට ලක්වී තිබුණ අතර තැනින් තැන ගෙඩි ගැසී ඉදිමී තිබෙන ආකාරය පරීක්ෂණවලදී පොලිස් නිලධාරීන්ට දැකගත හැකිවිය. එය අතින් පයින් පහරදී තිබූ ආකාරයක් පෙන්නුම් කළේ ය. ලින්ඩ්සේ ගේ මරණය සිදුවී තිබුණේ ගෙල සිරකිරීමකින් බවත් මියගියාට පසු හිස බූ ගා තිබූ බවත් පරීක්ෂණවලදී හෙළිවිය. එසේම කිහිපවරක්ම ඇය දූෂණය කර තිබිණි. පරීක්ෂණ ඇරඹූ පොලිස් නිලධාරීන් විසින් ඉචිහාෂි අල්ලා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් දියත් කරන ලදී. ඉචිහාෂි සොයා මුලින්ම ඔහුගේ කාමරය පරීක්ෂා කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ගේ ඇස්වසා හිස වැසෙන සේ රෙද්දක් පොරවාගෙන එතැනින් පැන යාමට ඉචිහාෂිට හැකිවිය. පොලිසිය ඔහු පිටුපස එලවාගෙන ගිය නමුත් කෙසේ හෝ ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී පලා යාමට ඔහුට ඉඩකඩ ලැබිණි.ඉචිහාෂි සොයා මුළු මහත් ජපානය පුරාම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර ඔහු පිළිබඳ තොරතුරක් දෙන අයකුට ලැබෙන මුදල් ත්‍යාගය මිලියන එකේ සිට 10 දක්වා ද වැඩි කරන ලදී.ඉචිභාෂි තම රූපය වෙනස් කර ගැනීම සඳහා ප්ලාස්ටික් ශල්‍ය කර්මයකට මුහුණ දීමට නාගෝරියා හි එක්තරා ඖෂධාලයකට ගිය බව පොලිසියට වාර්තා විය. ඔහුගේ කම්මුල්වල තිබූ ඉන්නන් ඉවත් කිරීම, ඇස් බැමි වෙනස් කිරිම, දෙතොල්වල හැඩය වෙනස් කිරීම වැනි වෙනස්කම් රැසකට ශල්‍යකර්ම සිදු කරනු ලැබු බව ද දැනගන්නට ලැබිණි.මේ අතර පොලිසියට ලැබුණු තවත් ඔත්තුවකට අනුව ඔකිනාවා දූපතට යාම සඳහා පාරුවකට නැඟී සිටිය දි 2009 නොවැම්බර් 10 වැනි දින පොලිසිය ඉචිභාෂි අත්අඩංගුවට ගනු ලැබීය. ලින්ඩ්සේ හෝකර් ගේ මරණයත්, මිනි මරුවා අල්ලා ගැනීමත් මුළු ජපානය පුරාම මහත් සේ අවධානයට පත් වූ සිද්ධියක් වූ අතර නඩු විභාගය සඳහා උසාවි භූමිය ද ජනතාවගෙන් පිරී ගොස් තිබිණි. එසේම ජපන් මාධ්‍ය මෙම පුවත පිළිබඳ අති මහත් ප්‍රචාරයක් කරගෙන ගියේ ය.එංගලන්තයේ සිට ලින්ඩ්සේගේ පියාත් සොහොයුරියන් දෙදෙනාත් නඩු විභාගය සඳහා පැමිණ සිටියහ.මේ අතරතුර ඉචිහාෂි මිනි මැරුම පිළිබඳ පාපොච්චාරණයක් කරමින් තමා කාමරයට ලින්ඩ්සේ කැඳවා ගෙන ගොස් දූෂණය කළ ආකාරය පිළිබඳ විස්තර කළ අතර තමා ඇය මැරීමට තැත් නොකළ බව ද කීවේ ය. අසල්වාසීන්ට ඇගේ විලාපය ඇසේ යන බිය නිසා ගෙල හිර කරගෙන සිටි බවත් කීවේ ය. ඇය මරා දැමීමට කිසිදු අරමුණක් තමා තුළ නොතිබූ බවත් එම පාපොච්චාරණයේ දී ඔහු පැවැසී ය.කළු පැහැති කමිසයක් හා ජීන්ස් වර්ගයේ කලිසමක් ඇඳගෙන මාංචු සහිතව උසාවියට ඇතුළු වූ ඉචිහාෂි ලින්ඩ්සේගේ පියා අසල වැඳ වැටුණේය. එවිට පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණ ඔහු ඇදගෙන ගොස් විත්තිකූඩුව තුළට ඇතුළු කළේ ය.දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2011 ජූලි 21 වැනි දින චිබා දිස්ත්‍රික් උසාවිය මගින් ලින්ඩ්සේ හෝකර් මරණයට පත්කිරිම සම්බන්ධයෙන් ටට්සුයා ඉචිහාෂි ජීවිතාන්තය දක්වා සිරගෙට යැවීමට තීරණය කරන ලදී. හෝකර් පවුලේ උදවිය ඔහුට මරණ දඬුවම දෙන ලෙස ඉල්ලා සිටි නමුත් මීට පෙර අපරාධයකට සහභාගි නොවීමත් තරුණයකු නිසාත් පුනරුත්තාපනය කිරීමේ හැකියාවක් පවතින නිසාත් උසාවිය ඔහුව ජීවිතාන්තය දක්වා සිරගෙට යැවීමට තීරණය කළේ ය.මේ අතර දැනට දිවි ඇති තෙක් සිරබත් කන ඉචිහාෂි තමා අතින් සිදු වූ එම අපරාධයේ සියලු විස්තර සහිතව “අන්ටිල් අයි වෝස් එරස්ටඩ්” (උදබඪත ධ් ඹචඵ චපපඥඵබඥඤ) යනුවෙන් ග්‍රන්ථයක් ලියා ඇති අතර එම ග්‍රන්ථය විකිණීමෙන් ලැබෙන සියලුම මුදල් හෝකර් පවුලට දෙන බව ද ප්‍රකාශ කර ඇත.“ඒ මිනිහාගෙන් අපට කිසිම දෙයක් ඕනේ නෑ එයාට පොතක් ලියන්නත් මුදල් හම්බ කරන්නත් හැකි වුණේ මගේ දුව මරා දැමූ නිසා” යි ලින්ඩ් සේ ගේ පියා කෝපයෙන් පැවැසූවේය. කඳුළු පිරි දෙනෙතින් අපි අවුරුදු හතරහමාරක් බලා හිටියා. අද එය ඉටු වී තිබෙනවා. අපට ඒ ගැන සතුටුයි” ලින්ඩ්සේගේ පියා පවසා සිටියේ ය“ලින්ඩ්සේ ජපානයට ආදරය කළා. ඔබ තුමන්ලා ඇය ව අතරමං කළේ නැහැ” යි ද බිල් හෝකර් තවදුරටත් පැවැසීය.මේ අතර ලින්ඩ්සේ හෝකර්ගේ මිනී මැරුම සිදුකළ ටට්සුයා ඉචිහාසි ලියූ ග්‍රන්ථය චිත්‍රපටියකට නැගීමට යෑම මුළු ජපානය පුරා මහත් විරෝධයක් ඇති කරලීමට සමත් වි ඇත. එම චිත්‍රපටිය “අයි ඈම් ඉචිහාෂි ජර්නල් ඔෆ් අ මර්ඩරර්” (I am Icihashi Jourual of a Murdere) (මම ඉචිහාෂි මිනීමරුවෙකුගේ සටහන) යනුවෙන් නම් කර ඇති මෙම චිත්‍රපටිය තුළින් මිනීමරුවා වීරයකු බවට පත් කරමින් ඔහු පිළිබඳ අනුකම්පාව ඇතිවන අයුරින් පිළිබිඹු කිරීම නිසා එම චිත්‍රපටිය ජපන් රටේ බොහෝ දෙනාගේ දැඩි විරෝධයට ලක් වී ඇති බව වාර්තා වේ.එසේම බිල් හෝකර් ඇතුළු ලින්ඩ්සේ ගේ පවුලේ උදවිය ද මහත් සේ කෝපය ප්‍රකාශ කරමින් තමන්ට මෙම චිත්‍රපටිය ගැන කිසිදු දැන්වීමක් නොකළ බව ද ප්‍රකාශයට පත් කළහ.        රෝහණ ආර්යරත්න

    No comments:

    Post a Comment