sha fm

    Tuesday, 24 September 2013

    නිරුවත් පින්තූරෙට ජීවිතයක් අහිමි වේ


    2013 සැප්තැම්බර් මස 24 11:17:17 | .
    , ප්‍රසන්න සේනානායක ඊශ්‍රායෙලයේ සිට

    ඊශ්‍රායලයේ හර්සිලියා හි සේවය කරන ශ්‍රීලාංකික සාත්තු සේවිකාවක පසුගිය සිකුරාදා තමා බලාගන්න රෝගියාට දෙන ඖෂධ අධිමාත්‍රාවක් ශරීර ගත වී මිය ගියාය. 

    ඇය දිවි නසා ගැනීමට ඇතැයි සැක කරේ. ඊට හේතුවක් වී ඇත්තේ අන්තර් ජාලයේදී ස්කයිප් ඔස්සේ ඇය විසින් කොරියාවේ ශ්‍රී ලාංකිකයකු දැන අඳුනා ගැනීමෙන් පසු කප්පම් ඉල්ලීමේ සිද්ධියකි.

    එම තරුණයා ඇගේ නිරුවත් පින්තූර අයිපෑඩයකින් හෝ ජංගම දුරකතනයකින් ලබා ගෙන ඇතැයි ද, ඒවා අන්තර්ජාලයේ මුදා නොහැරීමට නම් තමා ඉල්ලන කප්පම ගෙවිය යුතු යැයි කියා ඇතැයි පැවසේ.

    දකුණු කොරියාවට ලංකාවෙන් ගිය පිරිසක් ස්කයිප් හෝ ෆේස්බුක් ඔස්සේ ඇතැම් කාන්තාවන් සමග ඇති කරගන්නා හිතවත් කමකින් පසු, පරණ ජංගම දුරකතනයක් හෝ අයිපෑඩයක් එවීමෙන් යම් විශ්වාසයක් ඇතිකර ගෙන, ඉන් අනතුරුව එම කාන්තාවන්ගේ නිරුවත් දර්ශන ලබා ගනිතියි කියති.

    ඉන්පසුව මොවුන් විසින් එම දර්ශන අන්තර් ජාලයට මුදා නොහැරීමටනම් යම් කප්පම් මුදලක් ඉල්ලති. කප්පම් මුදල එකවර හෝ මාස්පතා ගෙවීමට මෙම අකරතැබ්බයට මුහුණ කාන්තාවන්ට සිදුවී ඇත.

    Monday, 23 September 2013

    අල්පෙච්චතාවය කියන්නේ කුමක්ද

    අල්පෙච්චතාවය කියන්නේ කුමක්
     යන්න විමසුවහොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක්ද? ඔබේ මනසට එවිට මැවෙන්නේ හරි හැටි ඇඳුමක් පැළඳුමක් නොමැතිව, අබලන් වූ භාණ්ඩ පරිහරණය කරමින් සිටින්නෙක් ය. එහෙත් තථාගත දහම තුල සඳහන් වන සැබෑම අල්පෙච්චතාවය යනු එයද? ඔය ආකාරයෙන් ඇති අල්පෙච්චතවයක සීමාව කුමක්ද? අල්ප වූ සීමාව කුමක්ද? මහෙච්ච වූ සීමාව කුමක්ද? මෙහෙ ගැටළු ගණනාවක් ඇති වන බව පෙනී යයි. ඔය ආකාරයේ වූ අල්පේච්ච තාවය සලකා බැලු කල ලෝකයේ හොඳම අල්පෙච්චතාවදියා ජෛන නිඝන්ටනාත පුත්‍රය. මන්ද එතුමාගේ සිරුරේ නූල් පොටක් නැති වෙන තරමටම අල්පෙච්චය. ජෛන නිඝන්ටයනට අනුව ගෞතම බුදුන් වහන්සේ මහෙච්ච ය. මහා මාලිගා ප්‍රසාද උන්වහන්සේ හට විවිධ දායකයෝ පූජා කළහ. ගෞතම බුදුන් වහන්සේ භාවිතා කලේ රන්වන් සිවුරකි. මේ නිසා එදා සමාජය ගෞතම බුදුන් වහන්සේව හංවඩු ගැසුවේ මහෙච්ච වූ ශ්‍රමණයෙක් ලෙසටය. එසේ නම් බුදුන්වහන්සේ දේශනා කල අල්පේච්ච ජීවිතය කුමක්ද? අවාසනාවට අද බෞද්ධයන් සැබෑම අල්පෙච්චතාවය යනු කුමක්ද යන්න නොදනියි. ඔවුන් දන්නේ ජෛන දහමේ සඳහන් වන අල්පෙච්චතාවයයි. බෞද්ධ භික්ෂුවක් උපසම්පදා වීමේදී නිස ගන්නවා යයි සිදු කරනා ක්‍රියාදාමයක් ඇත. එහෙදි සිදු කරන්නේ භික්ෂුවකගේ අවමය පිලිබඳ දේශනා කිරීමය. "භික්ෂුවකගේ අවමය, රුක්මුලයි...එහෙත් යම් භික්ෂුවකට ඔහුගේ පින් මහිමය නිසාවෙන් ආරාම,සේනාසන, මාලිගා ප්‍රාසාද හිමි වුවහොත් ඒ කිසි දෙයකට තණ්හාවෙන් නොබැඳි භාරගත යුතු ය." මේ ආදී වශයෙන් ලැබෙන ආහාර පාන, ගිලන්පස ගැනද එම දේශනාවේ සඳහන් කොට ඇත. අල්පේච්ච වීම යනු සියලු භෞතික දේ අත්හැර වනගත වීම යයි දෘෂ්ටි ගත්තෝද මේ සමාජයේ බහුල වෙති. එහෙත් බුදුවදන එය නොවේ. සංයුක්ත නිකායේ මිගජාල වග්ගයේ මිගජාල සුත්‍රයේ දි , මිගජාල නම් භික්ෂුව බුදුන්වහන්සේ හමුවට පිවිස මෙසේ විමසයි. "ස්වාමිනි, ඒකවිහාරි, ඒකවිහාරි (හුදෙකලා වීම) යයි කියයි, සැබෑවටම ඒකවිහාරි යනු කුමක්ද?" එවිට බුදුන් වහන්සේ මෙසේ වදාරයි. "මිගජාල, යම් භික්ෂුවකට හුදෙකලා වීමට අවශ්‍ය යයි පවසා, සියලු භෞතික දේ අත්හැර වන ගත වෙයි. එහෙත් ඒ මහණ තෙමේ තණ්හාවත් සමඟ ජිවත් වෙයි. මිගජාල ඔහු ඒකවිහාරි නොවේ. මිගජාල, යම් මහණෙකු හට ඒකවිහාරි වීමට යයි පවසා සියලු සම්පත් ඇති ප්‍රසාදයක. ඒ කිසිවකුට මනසින් නොඇලී වාසය කරයි. මිගජාල සැබෑවටම එම භික්ෂු තෙමේ හුදෙකලා වූ භික්ෂුවයි." මේ බුදුවදනට අනුව අල්පෙච්චතාවය යනු කුමක්ද යන්න පැහැදිලිය. තවත් උදාහරණයක් ගෙන බලමු. එක්පුද්ගලයකු හට මාසික වියදමට පන්දහසක් ලැබේ යයි සිතමු. තව අයෙකු හට වියදම සඳහා දසදහසක් ලැබේ යයි සිතමු. පන්දහසක් ලැබෙනා පුද්ගලයා 500ක ඇඳුමක් ගනියි. දසදහසක් ලැබෙන්නා 2000 සක ඇඳුමක් ගනියි. මේ දෙදෙනාගෙන් අල්පේච්ච කවුරුන්ද යන්න කිසිවකුට පිළිතුරු දිය නොහැක. මන්ද ඒ ඒ පුද්ගලයාගේ තරමට ඒ ඒ පුද්ගලයා අල්පෙච්චය. 5000සක් ලැබෙනා පුද්ගලයා 4000සක වස්ත්‍රයක් ගෙන ලක්ෂයක් ලැබෙනා පුද්ගලයෙක් 20000සක වස්ත්‍රයක් පැළඳ සිටිනා විට බැලු බැල්මට අල්පේච්ච ලෙස පෙනෙනුයේ 4000යක වස්ත්‍රය ය. එහෙත් එය එසේ නොවේ. ඔහුට සාපේක්ෂව ඔහු මහෙච්ච වේ. අල්පේච්ච - මහෙච්ච බව ගෝචර වන්නේ මනසට මිස භෞතිකයට නොවේ...

    -පූජනීය සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේගේ දේශනාවක් ඇසුරිනි-

    Sunday, 22 September 2013

    හයක්‌ දොස්‌තරවරු හතරක්‌ උපාධිධාරියෝ


    ජීවත් වන්නට බොහෝ දේ අවශ්‍ය නැත. ජීවිත දිනාගන්නටත් බොහෝ දේ අවශ්‍ය නැත. උත්සාහය අධිෂ්ඨානය හා ඉලක්‌ක ගත අරමුණු ස`දහා විනයක්‌ ගොඩනගාගත් මිනිස්‌සු ජීවිතය දිනා ගනිති. මේ එවැනි සිරිමත් මිනිසුන් ගැන කතාවකි. මෙතැන් සිට ලියෑවෙන්නේ මේ රටේ කුසීත මනුෂ්‍යයින්ට පාඩමක්‌ නොව පාඨමාලාවක්‌ විය හැකි ඒ කතාවය.

    කෝනකරහේන යනු හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයත් මාතර දිස්‌ත්‍රික්‌කයත් බෙදුම් ලක්‍ෂයේ පිහිටි සුන්දර ගම්මානයකි. වළස්‌මුල්ල කිරම මාර්ගයේ සැතපුම් කිහිපයක්‌ ගිය තැන කෝනකරහේන ගම්මානය හමු වේ. තේ, පොල් වැනි ආර්ථික බෝගවලින් මෙන්ම මඩ ගොවිතැනින් ද පෝෂිත කෝනකරහේන ගම්මානයේ වැසියන්ද සරල දිවි පෙවතක්‌ ගත කළ මිනිස්‌සු වූහ.



    වීරප්පුලිගේ පියසේන සහ විජයමුණි සන්දිනා යුවළ ජීවන නවාතැන්පළ කරගෙන තිබුණේ ද මේ කෝනකරහේන පිටිසර ගම්මානයයි. එනම් කටු මැට්‌ටෙන් තැනුණු පියසේනගේ පුංචි කැදැල්ලට සෙවණ දී තිබුණේ පොල්අතුය. ඒ පුංචි කැදැල්ලේ අඳුර මැකූ පහන් සිළුව වූයේ කුප්පි ලාම්පුවයි.

    පෙදරේරු කර්මාන්තය ජීවන වෘත්තිය කරගත් පියසේන දරුවන් දස දෙනකුගේ පියෙකි. සන්දිනා අම්මාට තම දරුවන් ගැන සොයා බලනවා හැරෙන්නට රැකියාවක්‌ කිරීමට අවස්‌ථාවක්‌ නොලැබිණි. ගමේ පෙදරේරුවකු යනු මහා විශාල ආදායමක්‌ ලබන පුද්ගලයකු නොවේ. කිසිවකුගේ හව්හරණක්‌ නැති පියසේන පවුලට කිසිම අමතර ආදායමක්‌ ද නොතිබිණි. එහෙයින් මොවුන්ගේ ජීවන මඟ මහා කටුකොහොළින් පිරුණු එකක්‌ විය. එහෙත් මේ දිරිය මව්පිය යුවළ තම දරුවන්ගේ නැණ පහන් ආලෝකවත් කිරීමට නොගත් උත්සාහයක්‌ නැත.

    පියසේන පවුලේ වැඩිහමල් දරුවා රංජිත් ධර්මකීර්තිය. පුංචි රංජිත් අකුරු කරන්නට පාසලට ගියේ කෝනකරහේන ගමේ පාසලටය. මහා විශාල පහසුකම් නොමැති වුවද කෝනකරහේන කනිෂ්ඨයේ දරු දැරියන්ගේ ජීවිත පුබුදුවාලීමට අදිටන් කරගත් ආදරණීය ගුරුභවතුන් පිරිසක්‌ සිටියහ.

    "ගමේ ඉස්‌කෝල මහත්තෙලා, නොනලා දරුවන්ට හොඳට ඉගැන්නුවා. මගේ ලොකු පුතා පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්න දක්‍ෂයා. ඒ නිසාම ඉස්‌කෝලේ නොනෙලා මහත්තෙලත් කොලුවට ආදරෙයි" සන්දිනා අම්මා සාඩම්බර අතීතය එසේ මතක්‌ කරන්නට විය.

    පුංචි රංජිත් ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් විය. ඉහළ පෙළේ ජනප්‍රිය පාසලකට යැමට රංජිත් සුදුසුකම් ලැබුවද පවුලේ ආර්ථිකය එයට හරස්‌ විය. ගමේ පාසලේම තවත් ළමයින් හත් දෙනකු සමග පන්තියෙන් පන්තියට උසස්‌ වුණු රංජිත් සාමාන්‍ය පෙළ කඩඉම අති විශිෂ්ට ලෙස ජය ගත්තේය. අනතුරුව ජීව විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ හැදෑරීමට තරමක්‌ පහසුකම්වලින් පොහොසත් වලස්‌මුල්ල මහා විද්‍යාලයට ඇතුළු විය.

    රංජිත් පැමිණි අඩි පාරේ ගමන් කළ සහෝදර සහෝදරියන් දස දෙනාගෙන් අට දෙනෙක්‌ම උපාධිධාරීන් බවට පත්ව සිටිති. එයින් තිදෙනෙක්‌ තම ක්‍ෂේත්‍රයන්හි ඉහළටම යමින් පශ්චාත් උපාධිය ද සම්පූර්ණ කර ඇත. පවුලේ බාල දරුවන් දෙදෙනා රුහුණු විශ්වද්‍යාලයේ උපාධියට ඉගෙන ගනිමින් සිටිති.

    හතළිස්‌ සය වැනි වියේ පසු වන රංජිත් ධර්මකීර්ති කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකි. එම රෝහලේම ඖෂධවේදිනියක වූ සහ පුංචි සන්දියේ සිට එකම පන්තියේ අකුරු කර මිතුරිය සමග අතිනත ගත් රංජිත් දැන් දරුවන් තිදෙනකුගේ පියෙකි. පියසේන පවුලේ දෙවැන්නා ද පිsරිමි දරුවෙකි. ඔහු නිමල් ධර්මකීර්තිය. ජීවිතයේ හතළිස්‌ හතරවැනි වියට පා තබා ඇති නිමල් ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන දන්ත වෛද්‍යවරයා වන්නේය. ඔහු ද විවාහ වී ඇත්තේ ෂෘධවේදිනියක්‌ සමගය. අනුපමා නිමල් යුවළ අතරට දැන් දරුවන් දෙදෙනෙක්‌ පැමිණ සිටිති. නිමල් ධර්මකීර්තිට බාල ආනන්ද ධර්මකීර්ති පශු වෛද්‍යවරයෙකි. ඔහු දැනට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙස ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සේවය කරමින් සිටියි. ඔහුගේ සහාකාරිය ගුරුවරියකි. ඇය ජී. ජී. චාන්දනීය. ආනන්ද සහ චාන්දනී දැන් දරුවන් තිදෙනකුගේ මව්පිය යුවළකි.

    පුංචි සන්දියේ සිට අලුත් විදිහට සිතන පතන පියසේන පවුලේ සිව්වැන්නා සරත් ධර්මකීර්තිය. හතළිස්‌ වැනි විය පසු කරමින් සිටින සරත් මහනුවර තාක්‍ෂණ විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි. රේණුකා නැමති ගුරුවරිය ජීවන සහාකාරිය කරගත් සරත් දැන් දරුවන් තිදෙනකුගේ පියෙකි.

    වැඩිමහල් දරුවන් සතරදෙනාගේම නම් අවසාන වූයේ ධර්මකීර්ති යන නමිනි. එහෙත් සන්දිනා අම්මාගේ ඉල්ලීම මත අනෙක්‌ දරුවන් සය දෙනාගේ නම් වෙනස්‌ ආරකින් තැබීමට පියසේන තාත්තා තීරණය කළේය. එනම් තම පවුලේ පස්‌වැනි දරුවාගේ උප්පැන්නේ නමේ ඉදිරියෙන් නිශාන්ත සිසිර කුමාර නාමය සටහන් විණි.

    ජීවිතයේ මැදිවිය පසුකරමින් සිටින නිශාන්ත වලස්‌මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය නිලධාරීවරයෙක්‌ ලෙස සේවය කරන්නේය. ඔහු ද තම ජීවන සහාකාරිය ලෙස තෝරාගෙන ඇත්තේ ගුරුවරියක්‌ය. එනම් රූපිකා බස්‌නායකය. නිශාන්ත රූපිකා කැදැල්ල ද දැන් දරුවන් දෙදෙනකුගෙන් හැඩ වී ඇත.

    පියසේන පවුලේ වැඩිමහල් දියණිය වන්නේ ඩබ්. පී. ඉන්ද්‍රdණිය. ඇය වාණිජ විද්‍යා උපාධිධාරිනියක්‌ ලෙස වලස්‌මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන්නීය. ඉන්ද්‍රdණි තම ආදරණීය සහකරුවා ලෙස තෝරාගෙන ඇත්තේ සනත් පීරිස්‌ය. දැන් තිස්‌ පස්‌වැනි වියේ පසු වන ඉන්ද්‍රdණි දරුවන් තිදෙනකුගේ මවකි. පියසේන පවුලේ හත් වැන්නා වූ පද්මා කුමාරිද වෛද්‍යවරියකි. තිස්‌ දෙවැනි වියට පා තබා ඇති පද්මා බුත්තල දිස්‌ත්‍රික්‌ රෝහලේ සේවය කරන්නීය.

    සන්දිනා අම්මාගේ අටවැනි දරුවාද පුත් කුමරෙකි. ඔහු ඉෂාන්ත සිසිර කුමාරය. ඔහුද උපාධිධාරියෙකි. කෘෂිකර්ම විශේෂවේදී උපාධියක්‌ හදාරා ඇති ඉෂාන්ත දැන් මැදමුලන කෘෂිකර්ම උපදේශකවරයා ලෙස සේවය කරමින් සිsටියි. තවමත් විසි නව වැනි වියේ සිටින ඉෂාන්ත අවිවාහකය. සන්දිනා අම්මාගේ බඩපිස්‌සා වන චාමර පුෂ්පකුමාර රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයෙන් උපාධිය හදාරමින් සිටියි. සන්දිනා පියසේන පවුලේ මිණි පහන වූ බඩපිස්‌සිය ලක්‌මිණි චින්තාය. විසි පස්‌වැනි වියේ පසු වන ඇය කරාපිටිය වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවකි.

    මහමෙරක්‌ වූ ජීවන දුක්‌කම්කටොලු මැදින් ජීවන ගඟ තරණය කළ මේ සොඳුරු කැදැල්ලේ දරුවන් සය දෙනෙක්‌ම වෛද්‍යවරු වෙති. එක්‌ අයෙක්‌ ඉංජිනේරුවෙක්‌ වන අතර දෙදෙනෙක්‌ උපාධිය සම්පූර්ණ කර තම ගම් ප්‍රදේශයේම සේවය කරමින් සිටිති. තව කෙනෙක්‌ උපාධිය සම්පූර්ණ කරමින් සිටියි.

    රටක්‌ වටිනා දරුවන් දස දෙනකු ජාතියට බිහි කළ ආඩම්බරකාර පෙදරේරුවා අපි අතරින් සමුගෙන ගිහින් දැන් බොහෝ කල්ය. එහෙත් සන්දිනා අම්මා නම් තවමත් දරු මුණුපුරන්ගේ සුරතල් බලන්නට වාසනාවන්තය.

    "මම ශිෂ්‍යත්වය පාස්‌ වෙනකොට මාව හොඳ පාසලකට යවන්න තාත්තා ළඟ සල්ලි තිබුණේ නැහැ. මගේ නංගිල මල්ලිලත් ශිෂ්‍යත්වය පාස්‌ වුණා. ඒ අයවත් හොඳ පාසලකට යවන්න බැරි වුණා. ඒ ගැන තාත්තා දුක්‌ වුණා. ඒත් අපි දුක්‌ වුණේ නැහැ. අපේ තාත්තා කොහොමහරි අපිට ඉගෙන ගන්න අවශ්‍ය පොත්පත් පුළුවන් විදිහට අරන් දුන්නා. ඒ සම්පත්වලින් අපි හොඳට ඉගෙන ගත්තා. ගමේ පාසල කියලා අපිට වෙනසක්‌ නැහැ. ඉගෙනගන්න ළමයාට කොයි පාසලත් එකයි.

    අපි සාමාන්‍ය පෙළ විභාග පාස්‌ වෙලා වළස්‌මුල්ල ඉස්‌කෝලෙට ඇතුළත් වුණා. ඒත් නිශාන්ත මල්ලිව සාමාන්‍ය පෙළ පාස්‌ වෙලා වළස්‌මුල්ලට දාන්න යනකොට මල්ලිව ඉස්‌කෝලෙට ගන්න තාත්තාගෙන් සල්ලි ඉල්ලා තිබුණා. එහෙම සල්ලි දෙන්න තාත්තා ගාව සල්ලි තිබුණේ නැහැ. අන්තිමේ නිශාන්ත මල්ලිව දැම්මේ කටුවන ඉස්‌කෝලේට. කටුවන ඉස්‌කෝලෙන් මුලින්ම වෛද්‍ය විද්‍යාලයට ගියේ අපේ මල්ලි.

    මම වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ගත්තට පස්‌සේ මගේ ප්‍රධාන ඉල්ලක්‌කය වුණේ මගේ මල්ලිලා නංගිලාට උගන්වන්න. ගේදොර පිළිවෙළකට හදාගන්න. තාත්තත් එක්‌ක එකතුවෙලා ඒක මම බොහෝම පහසුවෙන් කළා.

    ඒ කාලේ අපේ තාත්තයි අම්මයි හැම වෙලාවේම අපිට කිව්වේ කොහොමරි හොඳට ඉගෙනගන්න කියලයි. ඒ දේ අපි කළා. ළමයින්ට ඉගෙනගන්න විශාල පහසුකම් ඕනෑ නැහැ. උනන්දුව සහ ජීවිතයේ ඉලක්‌කයක්‌ තියෙනවා නම් ජීවිතය ජයගනවා කියන දේ බොහෝම සරල දෙයක්‌"



    මිනෙව් රන්චිත
    ඡායාරූප අන්තර්ජාලයෙනි

    Thursday, 19 September 2013

    දිව්‍ය ලෝකෙ සැපයි... ඒත්


    අවිද්‍යාව පැත්තට ලෝකය බර වෙන්නට බර වෙන්නට ලෝකයා බර වෙන්නේ තන්හාව දෙසටයි. අවිද්‍යාවේ දරුවා තමයි තන්හාව. අවිද්‍යාවේ බර නිසා තන්හාවේ ගොඩ සැප ලෙසයි සත්වයා දකින්නේ. ඒ නිසා සත්වයා නිරතුරුවම පිංකම් කරමින් ප්‍රාර්ථනා කරන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැපමයි. මොකද සැපයට ඇති තන්හාව නිසා අවිද්‍යාව විසින් ඔබව නිරතුරුවම දැනුවත් කරනවා, ලෝකය තුළ සැප තිබෙනවා කියලා. ඔබව ඉදිරියට පදවනවා සැප ස්‌පර්ශ කරන්න.


    මනුෂ්‍ය ලෝකයේ සැප ගැන ඔබට අත්දැකීම් තිබෙනවානේ. දුක්‌ කන්දක්‌ විසිතුරු දවටනයක ඔතා, විසිතුරු ඇඳුම් ආයිත්තම්, සුවඳ විලවුන්, යාන වාහන, ගෙවල් දොරවල්, පවා දරුවන් සමඟ සැපයෑයි සිනාසෙමින් කරගසාගෙන යන මනුෂ්‍ය ලෝකයේ සැප, ඔබ අත්දකිනවා බොහොම කැමැත්තෙන්.

    මේ කියන්න යන්නේ දිව්‍ය ලෝක සැප ගැනයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක දුප්පත් මනුෂ්‍යයෙක්‌ සිටිනවා, ඔහුට තිබෙන්නේ දිරාගිය පැල්පතක්‌. එහි වහළයෙන් අහස පෙනෙනවා. බිරිඳ හරියට දර ඉපලක්‌ වගේ. අහේනිය නිසාම විරූපි වෙලා. ධාන්‍ය මල්ලේ අඩියේ ධාන්‍ය ටිකක්‌ තිබෙනවා. මේ මනුෂ්‍යයාට තිබෙන්නේ ඔය ටික පමණයි. මේ මනුෂ්‍යයාට පැවිදිවෙන්න සිතක්‌ ආවත්, මේ දිරාගිය පැලත්, විරූපී බිරිඳත්, හිස්‌ ධාන්‍ය මල්ලත් අතහැරීමට ඔහුට නොහැකිය කියලා. බලන්නකෝ තන්හාවේ ස්‌වභාවය.

    අනවබෝධය නිසාම, කෑදර සිත් ඇතිව පිළුණු වී යන ආහාර බුදින, දෙතිස්‌ කුණපයකින් යුතු කයක්‌ දරන, දූවිලි අවු වැසි වලින් පීඩා විඳිමින් සැප සොයන අපි, ආහාර නිදි විවේකය නොලබා සැප සොයන අපි, සිතූ සිතූ සම්පත් පහළවන දිව්‍ය ලෝකයට ගියහොත් කුමකින් කුමක්‌ වෙයිද?

    දිව්‍ය ලෝකය කියන්නේ කාම පුරයක්‌. එහිදී සිතූ සිතූ සම්පත් ඔබට ලැබෙනවා. ඒ සියල්ල ඔබට ලැබෙන්නේ දිව්‍ය ඕජාව වශයෙන්. ඔබ කළ පිං වල ප්‍රමාණයට ඔබ ඉපදෙන දිව්‍ය තල වල පංති භේදයක්‌, පංති පරතරයක්‌ තිබෙනවා. මේ භේදය නිසා දෙවියනුත් ගැටෙමින් අකුසල් කරගන්නවා. අතීතයේ කළ කුසල් අනුව තමයි ඔබට සැප ලැබෙන්නේ. ඔබ මෙහෙම හිතන්න. මනුෂ්‍යයෙක්‌ ඉන්නවා... ඔහු දුප්පත්, උදේ සිට රාත්‍රිය වනතුරු ඔහු කුලී වැඩක්‌ කරලා කීයක්‌ හරි සොයාගෙන ගොස්‌ බතුයි පරිප්පුයි කාලා ජීවත්වෙනවා. තව මනුෂ්‍යයෙක්‌ ඉන්නවා, ඔහු හොඳ රජයේ රැකියාවක්‌ කරලා හොඳ වැටුපක්‌ අරගෙන අරකෙනාට වඩා හොඳ ජීවිතයක්‌ ගතකරනවා. තව මනුෂ්‍යයෙක්‌ ඉන්නවා ඔහු කෝටිපතියෙක්‌. ඔහු තරුපහේ හෝටලයකට ගොස්‌ අවන්හලේ වාඩිවී වේටර්වරයෙක්‌ පිළිගන්වන ආහාර වට්‌ටෝරුවට ඇඟිල්ල තබනවා. මොහොතකින් ලෝකයේ රසවත්ම ආහාර වේලක්‌ ඔහුගේ මේසයට එනවා. බලන්න මේ තුන්දෙනාම මනුෂ්‍ය ලෝකයේ ඉපැදුණ මනුෂ්‍යයෝ. නමුත් සංසාරයේ කළ කුසල් අකුසල් නිසා සැප ලැබීමේ පරතරයක්‌, සීමාවක්‌ තිබෙනවා. මිනිසුන් දස දෙනෙක්‌ ගතහොත් එම දසදෙනාට ලැබීමේ ස්‌වභාවයන් දස ආකාරයක්‌ වෙනවා. දිව්‍ය ලෝකයෙත් මේ වගේමයි. අර කෝටිපති ව්‍යාපාරිකයා ආහාර වට්‌ටෝරුවේ ඇති තමා කැමැති ආහාර වර්ගයට ඇඟිල්ල තැබූ සැනින් තමන් කැමතිම ආහාරය ලැබෙනවා වගේ දෙවියන්ට යම් සැපක්‌ අවශ්‍ය යෑයි සිතූ සැනින් එම සැපයෙන් දෙවියාව තෘප්තිමත් වෙනවා.

    සුපිරි වෙළඳසලකට ගොස්‌ කෙනෙක්‌ රුපියල් දෙසීයක්‌ ගෙවලා අයිස්‌ක්‍රීම් එකක්‌ කනවා. තව දුප්පත් අයෙක්‌ ගමේ කඩේට ගිහින් රුපියල් දහයේ අයිස්‌පලම් එකක්‌ කනවා. දෙදෙනාම මනුෂ්‍යයෝ. දෙදෙනාම කන්නෙත් අයිස්‌ ක්‍රීම්. නමුත් දෙදෙනා ලබනා රසයේ ස්‌වභාවයන් වෙනස්‌. ඒ දෙදෙනාගේ ලැබීමේ විවිධත්වයයි. පිංකර ඇති ස්‌වභාවයන්ට අනුව දෙවියන් දිව්‍ය ඕජාවෙන් තෘප්තිමත් වෙනවා. දෙවියන්ට තිබෙන්නේ ඕලාරික කයක්‌. එම ඕලාරික කය ඝන භාවයට පත්කරගැනීමට දිව්‍ය ලෝකවල දෙවියන්ට පුළුවන් වගේම, සමාධියෙන් පරිපූර්ණ, ප්‍රඥාව වඩන භික්‍ෂුවටද ඕලාරික භාවයෙන් මුදවා ඝන ස්‌වභාවයෙන් දෙවියන් දර්ශනය වෙයි. ඕලාරික කයක්‌ තිබුණද දෙවියන්ට ආයතන හයක්‌ (සලායතන) මනුෂ්‍යයාට සේම ඕලාරික කය ඇසුරුකොටගෙන පිහිටා ඇත. එහෙයින් මනුෂ්‍යයාට සේම නිරතුරුවම ඇතිවෙමින් නැතිවෙන සිත් දෙවියාටද හටගනී. කාම ලෝකයක සැප විහරණය කරන දෙවියාද සතර මහා ධාතූන්ගෙන් නිර්මානය වූ, අනිත්‍ය ඕලාරික කයක්‌ද, නිරතුරුවම ඇතිවෙමින් නැතිවී යන සිතක්‌ද ඇති සත්වයෙකි. දෙවියන් තුළද සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැත්තේය. දෙවියන් සැප විඳිනවා යනු, ක්‍රියාත්මක වෙනවා යනු ස්‌පර්ශය නිසා ඇතිවන වේදනාවක්‌ පමණක්‌මය. මනුෂ්‍යයින් වශයෙන් මහා පිංකම් කරමින් ඔබ යන්නට ප්‍රාර්ථනා කරනා සුරපුරය ඔතැනය. දිව්‍ය ලෝක වල දිව්‍ය සැපය ලැබෙන්නේ දිව්‍ය ඕජාව ලෙසින්ය. දිව්‍ය ඕජාව යනු සුන්දර අත්දැකීමකි. දෙවියන් මෙම දිව්‍ය ඕජාව අතහැරීම උපරිමයෙන් පූර්ණ කළ භික්‍ෂුවටද, නිවන් අවබෝධය ලබාගත් භික්‍ෂුවටද අත්‍යවශ්‍යම අවස්‌ථාවලදී ලබාදෙයි.

    ඔබ මෙහෙම සිතන්න. භික්‍ෂුවක්‌ හුදෙකලා වනයේ කුටියක වැඩ සිටින විට ආහාර මද බව නිසා ලේ වල සීනි අඩුවී අසනීප වෙනවා. මෙය සිදුවන්නේ රාත්‍රියේදී. භික්‍ෂුව දැඩි වේදනාවට පත්වෙනවා. කුටිය තුළ ගිලන්පසක්‌ සාදා ගැනීමට සීනි තේකොලවත් නැහැ. අත්හැරීමේ උපරිමය නිසා. භික්‍ෂුව මොකද කරන්නේ. රිදුම් දෙන, කලන්තයෙන් අප්‍රාණික වන කයත් සිතත් මගේ නොවෙයි. මට අයත් දෙයක්‌ නොවේ කියලා අතහරිනවා. ලෝකයේ ශ්‍රේෂ්ඨම අතහැරීම ප්‍රතිපදාවේ යෙදෙන භික්‍ෂුවක්‌ සිත කය අතහරින මොහොතේ ලෝකය කම්පා වෙනවා. ලෝකය නිරුද්ධ වෙනවා. එය දිව්‍ය ලෝක වලට දැනෙනවා. දෙවියන් සොයනවා මොකක්‌ද වුණේa කියලා. දෙවියන් දකිනවා අසවල් තැන වැඩසිටින භික්‍ෂුවගේ අතහැරීමයි මේ දැනුනේ කියලා. ඒ මොහොතේම දිව්‍ය ඕජාව දෙවියන් එම භික්‍ෂුවට සමාධිය තුළින් ලබාදෙනවා. දිව්‍ය ඕජාව භික්‍ෂුව විඳින්නේ මනසින්. සීනි අවශ්‍ය නම් භික්‍ෂුවගේ දෝතට රන්වන් පාට සීනි අහුරක්‌ ලැබෙනවා. අත රන් වගේ දිලිsසෙන භික්‍ෂුව මනසින් එය විඳිනවා. වළඳනවා. පියෙවි සිහියෙන් අවධියේදී නොවෙයි මෙය වෙන්නේ. සමාධිගත නින්දේදියි. භික්‍ෂුව පැය කිහිපයකින් අවධිවන්නේ ශරීරයේ තිබූ රෝගී බව දුරුවී පූර්ණ සුවය ලැබීමෙන්. මොකද ශරීරයට අවශ්‍යව තිබූ සීනි ප්‍රමාණය දිව්‍ය ඕජාව වශයෙන් භික්‍ෂුවගේ ශරීරයට ලැබුණු නිසා. හැබැයි දෙවියන් ඕජාව දෙන්නේ සිත කය අතහැරියොත් පමණයි කියලයි භික්‍ෂුව සිතන්නේ. ප්‍රඥාව හොඳින් වැඩීමෙන් පමණයි, අවංකවම කය, සිත අතහැරිය හැක්‌කේ. එහෙම වුණොත් තමයි එම කම්පනය දිව්‍ය ලෝකයට දැනෙන්නේ.

    දිව්‍ය ලෝකයේ නිරතුරුවම සඡ්ජායනා කරන හඬ, විටෙක පිරිත් හඬේ ස්‌වභාවයෙන්ද තවත් වේලාවන්ට කෝවිල් වල පූජාව තබනකොට ශබ්ද පූජාවේදී ලොකු නලාවකින් නැගෙන හඬේ ස්‌වභාවයෙන්ද ඇසෙනවා. වනයෙ හුදෙකලා කුටි වලදී මෙම හඬ රාත්‍රී යාමයේදී හොඳින් ඇසිය හැකිය. මුහුද ගංගා දිය ඇලි අසල අපි වාඩිවී සිටියදී මොනතරම් මිහිරි රිද්මයන් අපට ඇසෙනවාද. කැලයක රාත්‍රියට සුළඟ ඇති වෙලාවට අපූරු සංගීතයන් මැවෙනවා. මේවා කවුරුවත් කරන, වයන දේවල් නොවේ. පස්‌සය නිසා ඇතිවන වේදනාවන්. කාම ලෝකයක්‌ වුවද පිනැති දෙවියන් ජීවත්වන නිසා එම පිං මහිමය නිසාම මෙවැනි සඡ්ජායනා, සංගීත රිද්ම ස්‌වභාවයන් දිව්‍යතලවල රැව්දෙනවා. අර ගඟේa මුහුදේ දිය ඇල්ලේ රිද්aමය වගේ. පිනේ ආශ්චර්යය නිසාම දෙවියන් ආස කරන හඬ රිද්මය, ඒ මොහොතේම ඇතිවෙලා දෙවියන් තෘප්තිමත් වෙනවා. දැන් ඔබ සිතන්නකෝ මෙවැනි කාම ලෝකයක ඔබ උපත ලැබුවොත් මෙම කාමයෙන් ඔබට අත්මිදෙන්න පුළුවන් වෙයිද?

    ඔබ මනුෂ්‍ය ලෝකයේ පිංකම් කර ලැබූ දිව්‍ය කාම සම්පත නිසාම පිරිහීමට පත්වී නැවත සතර අපායට වැටීමේ ඉඩකඩ ඉතාමත් වැඩිය. දිව්‍ය ලෝකවල බුද්ධ රත්නයද, සංඝ රත්නයද වැඩ සිටින්නේ නැත. නමුත් ධර්මරත්නය වැඩ සිටියි. එහෙත් ධර්මය මතුකර පෙන්වීමට බුද්ධ රත්නයද, සංඝ රත්නයද වැඩ නොසිටින නිසා දෙවියෝ අනාථයෝය. එහෙත් දෙවියන් දක්‍ෂ නම් සංඝ රත්නය වැඩසිටින මනුෂ්‍ය ලෝකයට පැමිණ සද්ධර්මය ශ්‍රවණය කර අවබෝධය ලැබිය හැකිය.

    භික්‍ෂුවක්‌ කැලයේ හුදෙකලා කුටියක වැඩ සිටින විට රාත්‍රියේ පැමිණි දිව්‍යාංගනාවක්‌ ගැන ඔබට කියන්නම්. එක්‌ රාත්‍රියක භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන විට දිව්‍යාංගනාවක්‌ දර්ශනය විය. ඇය සිටියේ පාවෙමින්ය. වැඩි ඉහළක නොවේ. ඇයගේ ස්‌වභාවය අති සුන්දරය. ඇය සිහින්ය. දිගැටිය. දිග කේශ කලාපයකින් යුක්‌තය. එය පාදාන්තය දක්‌වා දිගය. ඇය ප්‍රභාශ්වර සුදු පැහැතිය. පැහැදිලි සුදු වලාකුළක පාටය. ඇයගේ සියුම් ඝන කය ප්‍රභාෂ්වර සුදු පැහැයෙන් යුක්‌ත විය. හරියට ශරීරයට හිරවෙන සුදු දිග ගවුමක්‌ ඇඳසිටියා සේය. ඇයගේ ශරීරයේ දෙපා ප්‍රදේශය සිහින් වී ගොස්‌ තිබිණි. ඇය භික්‍ෂුව ඉදිරියේ තරමක ඉහළින් සරුංගලයක්‌ පාවෙනවා සේ පාවෙමින් සිටියාය. මෙවැනි රූප දර්ශනය වීමේදී භික්‍ෂුවගේ ස්‌වභාවය මේ ආකාරයට පිං දීමය. "මෙම භික්‍ෂුවගෙන් ඔබට යම් කුසලයක්‌, පිනක්‌ ගතහැකි නම් එය භික්‍ෂුවගේ යෑයි නොසිතා ඔබේ යෑයි සිතා ඔබ අනුමෝදන් වී සුවපත් වෙන්න" භික්‍ෂුව මෙසේ සිතූවිට ඇය නැතිව ගියා.

    දෙවැනි දවසේ රාත්‍රියේත් ඇය පෙර දින සේම දර්ශනය වුණා පෙරදින සිටි ස්‌වරූපයෙන්ම. එදාද භික්‍ෂුව පෙරසේම පිං දුන්නා. ඇය නැවතත් නොපෙනී ගියා. මැය මෙසේ දර්ශනය වුවද භික්‍ෂුවට ඇය ගැන කුතුහලයක්‌, ඇය දැකීමේ කැමැත්තක්‌ නොතිබිණි. ඇය ගැන මතකයද, අවධානයක්‌ද නොතිබිණි. නොසිතූ මොහොතක ඇය දර්ශනය වනවා පමණි. මේ වන විට භික්‍ෂුව සිටියේ දිව්‍ය ලෝක සංඥාවලින් මිදීය. දිව්‍ය ලෝකයත්, එහි ජීවත්වන දෙවියනුත් අසූචිගොඩක්‌ මත ජීවත්වන පණුකැළක්‌ ලෙස භික්‍ෂුව අවබෝධයෙන් දැනසිටියේය. එනිසා දිව්‍යාංගනාව භික්‍ෂුවට තවත් අනිත්‍යභාවයට පත්වන රූපයක්‌ පමණක්‌ විය. මෙසේ පසුවෙද්දී තුන්වැනි දින රාත්‍රියේ ඇය පෙරසේම දර්ශනය විය. තුන්වැනි දිනයේදී භික්‍ෂුව ඇයට පෙරසේම පිං දුන්නේය. ඇය නොපෙනී ගියාය. ඇය පැමිණි විට විනාඩි දහයක පමණ කාලයක්‌ භික්‍ෂුව ඉදිරියේ පාවෙමින් සිටින්නීය. හතරවැනි දිනයේදී ඇය පෙර ස්‌වභාවයෙන්ම භික්‍ෂුවට දර්ශනය විය. භික්‍ෂුව දැන් ඇය ගැන අවබෝධය ලබා අවසන්ය. ඇයට දින තුනක්‌ පිං දුන්නද ඇයට පිං අනුමෝදන් වූයේ නැත. ඇයට භික්‍ෂුව දුන් පිං අනුමෝදන් වූවානම් පළවෙනි දිනයට වඩා දෙවැනි දිනයේදී ප්‍රභාශ්වර විය යුතුය. ඇයගේ දිව්‍යශ්‍රීය ධනාත්මක බවක්‌ විද්‍යාමාන විය යුතුය. එහෙත් එය එසේ නොවිණ. ඇය මුල් දිනයේ දර්ශනය වූ ස්‌වරූපයෙන්ම හතරවැනි දිනයේදීද දර්ශනය විය. මෙයින් පැහැදිලිවන්නේ ඇයට පිං අනුමෝදන් නොවූ බවයි. මෙම දිව්‍යාංගනාව අනුන්ගේ පිං අවශ්‍ය නැති, පිනෙන් පිරුණු සශ්‍රීක දිව්‍ය ලෝකයේ වැඩ වසන දිව්‍යාංගනාවක්‌ බවයි. ඇයට භික්‍ෂුව දුන් පිං අවශ්‍ය නැත. ඇයට අවශ්‍ය භික්‍ෂුව දකිමින් සතුටු වීමටය. නැතහොත් භික්‍ෂුවට ගරු කිරීමට, නමස්‌කාර කිරීමටද විය හැකිය. මේ දෙකින් කුමක්‌ සඳහාද යන්න භික්‍ෂුවට ඇයගේ ඉරියව් වලින් දැනගත නොහැකි විය. ඇය සතුටින් ප්‍රමෝදයෙන් සිටින බව පමණක්‌ භික්‍ෂුව හඳුනාගත්තේය. හතරවැනි දිනයේදී භික්‍ෂුව ඇයට මෙසේ අවවාද කළේය. "ඔබ මොකක්‌ද මේ කරන්නේ. ඔබ විහිළුවක්‌ කරනවාද? ඔබ කව්ද? සමහර විට ඔබ භික්‍ෂුවගේ මිය ගිය මවුද දන්නේ නැහැ. වෙන දිව්‍යාංගනාවක්‌ද දන්නෙත් නැහැ. මේ භික්‍ෂුව හෙට අපවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබට භික්‍ෂුව දැකලා සතුටුවෙන්න පුළුවන් කමක්‌ නැහැ. ඔබට පිං අවශ්‍ය වුවද දෙන්න කෙනෙකුත් නැහැ. ඔබ ඔය දිව්‍ය සැප අවසන් වුණාම අසරණ වේවි. නැවත සතර අපායට වැටේවි. එදාට ඔබව බේරාගන්න කවුරුවත් නැහැ. ඒ නිසා ඔබ මේ පිං අනුමෝදන් වෙලා සැපවත් වෙන්න. සතර අපායෙන් මිදෙන්න. මේ භික්‍ෂුව සේම අනිත්‍ය වඩන්න" කියලා භික්‍ෂුව අනුමෝදනාවක්‌ කළා. මෙසේ අවවාද කළ ද ඇය පස්‌වැනි දිනයේ රාත්‍රියේද පෙර ස්‌වභාවයෙන්ම භික්‍ෂුව ඉදිරියේ පාවෙමින් සිටියාය. ඇයට පිං අනවශ්‍ය බව දැන් ස්‌ථිරය. ඇයට දිය යුත්තේ පිං නොව, ප්‍රඥාව වැඩීමට සංඥාවක්‌ බව භික්‍ෂුවට අවබෝධ විය. මන්ද අනුන්ගේ පිං අනවශ්‍ය, මහා පිනැති දිව්‍යාංගනාවක්‌ නිසාය. ඇය සසර ප්‍රඥාව වඩා ඇත. එහෙත් දිව්‍ය ලෝකයේ කාම සම්පත් මැද කෙළිලොල් දිවියක්‌ ගතකරන නිසා ප්‍රඥාව යටපත්වී සැඟවී ගොස්‌ තිබේ. භික්‍ෂුව දිව්‍යාංගනාවගේ සැඟවී තිබූ ප්‍රඥාව මතුකර දීමට ඇයව මෙසේ දැනුවත් කළේය.

    "පුතේ ඔබට මේ භික්‍ෂුව කථාකරන අවසාන අවස්‌ථාව. ඔබට දෙන අවසාන අවවාදය. දින හතරක්‌ම භික්‍ෂුව ඔබට පිං දුන්නා. ඔබ ඒවා අනුමෝදන් වූයේ නැහැ. ඔබ භාග්‍යවන්තියක්‌. ඔබ මේ භික්‍ෂුව දෙස හොඳින් බලන්න. භික්‍ෂුව පරිහරණය කරන තුන් සිවුර දෙස හොඳින් බලන්න. එක වේලෙන් පමණක්‌ පිණ්‌ඩපාතයෙන් යෑපෙන මේ පාත්‍රය දෙස හොඳින් බලන්න. මේ සයනය, මේ කුටිය දෙස බලන්න. භික්‍ෂුවගේ ප්‍රතිපදාව දෙස බලන්න. භික්‍ෂුවගේ අතහැරීම දෙස බලන්න. මේ භික්‍ෂුව අනිත්‍ය වඩන්නේ යම් සේද ඔබද ඔය දිව්‍ය සැප, දිව්‍ය ඕජාව, දිව්‍ය ශරීරය, ඔය රූපය අනිත්‍ය බව දකින්න. ඔය ඇස, කන, නාසය, දිව, ඕලාරික ශරීරය, සිත අනිත්‍ය බව දකින්න. කවදාහරි දිනයක ඔය දිව්‍ය සැප අනිත්‍යභාවයට පත්වී ඔබ දිව්‍ය ලෝකයෙන් චුතවේවි. දිව්‍ය සැප අහිමි වන බව දැකලා ඔබ එදාට හඬාවැටේවී. ඔබ ඔය සැපෙන් මිදිලා සතර අපායට වැටේවී. පුතේ ඔබ ඔය විඳින සිත ඔබේ නොවෙයි කියලා අතහරින්න. ඔය ස්‌වර්¨ණහංසියක්‌ බඳු කය ඔබට අයිති නැති අනිත්‍යයට අයත් දෙයක්‌ යෑයි කියලා අතහරින්න. සියල්ල අනිත්‍ය බව දකින්න. මේ භික්‍ෂුව ඔබව දකින අනිත්‍ය සංඥාවෙන්ම ඔබ භික්‍ෂුව දෙස බලන්න. මේ භික්‍ෂුවද මැරෙන, ලෙඩ වෙන, වයසට යන ස්‌වභාවයෙන් යුක්‌ත බව දකින්න. මේ භික්‍ෂුව දෙස නැවැත නැවත බලන්න. ඔබ අවබෝධය ලබන්න. ධර්මය දැක්‌ක කෙනෙක්‌ වෙන්න. ඔබ සෝවාන් ඵලයට පත්වෙන්න. දිව්‍ය ලෝකයෙන්, සතර අපායෙන් මිදෙන්න. බ්‍රහ්ම ලෝකයට ගොස්‌ කල්ප ගණනක්‌ වුවද ගතකරන්න. ඒකට ප්‍රශ්නයක්‌ නැහැ. මොකද කවදාවත් ඔබ නැවත සතර අපායට වැටෙන්නේ නැහැ. භික්‍ෂුවට අවශ්‍ය ඔබව සතර අපායෙන් මුදවන්න පුතේ. මගෙ පුතේ භික්‍ෂුව කියන දෙය ඔබ අසන්න" භික්‍ෂුව රාත්‍රියේ පැය කාලක්‌ පමණ ඉහත බණ ශබ්ද නගලා දේශනා කළා. එදායින් පසු නැවත එම දිව්‍යාංගනාව නොපැමිණියාය. නොදුටුවේය. ඇයට කුමක්‌ වූයේ දැයි භික්‍ෂුව නොදනී. එහෙත් ඇය සසර ප්‍රඥාව වඩා පුරුෂ දිව්‍යාංගනාවක්‌ නිසා භික්‍ෂුව විසින් දේශනා කරන ලද අනිත්‍ය සංඥාව ඒ මොහොතේම අවබෝධ වීමෙන් ඇය දිව්‍ය ආත්මභාවයෙන් මිදී බ්‍රහ්ම ලෝකයේ උපතක්‌ ලබන්නට ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. එහෙත් එය නිවැරදිව නොදනිමි.

    භික්‍ෂුවට දිව්‍යාංගනාව දර්ශනය වන්නේ සමාධිය තුළ සිටියදීය. එහෙත් ඇයට බණ කියන විට ඇය සමඟ කථා කරන විට සමාධිය නැතිවන නිසා ඇයව දර්ශනය නොවේ. එහෙත් ඇය එහි සිටින බව භික්‍ෂුව දනී. එම දිව්‍යාංගනාවගේ සුකුමාල බව, සැහැල්ලුව, ලාලිත්‍යය, රිද්මය කොතෙක්‌ද කිවහොත් ඇය පෘතග්ජන ස්‌වභාවයේ කෙනෙකුට කාමයේ පාරාදීසයකි. දිව්‍ය ලෝකය යනු එවැනි කාම පාරාදීසයකි. මෙවැනි කාම ලෝකයක්‌ ඔබ නිරතුරුවම ප්‍රාර්ථනා කරන්නේ නම් එය මහා මුලාවකි. දිව්‍ය සැප නිරතුරුවම ඔබට අකුසල් රැස්‌කර දෙන්නකි. මන්ද ඔබ තුළ භවයට ඇති කැමැත්ත නිසා නිරතුරුවම තන්හාවෙන් සිත පිsරී පවතී. දිව්‍ය සැප විඳීම යනු මෙම කාම ලෝකය තන්හාවෙන් බදාගැනීමයි. රස විඳීමයි. ඒ තන්හාව නිසා ඇතිවන අකුසල් වලින් ඔබව නැවත සතර අපායට ගාල් කරයි. එහෙත් මෙම දිව්‍යාංගනාව මිනිස්‌ ආත්ම වල ඉපිද ප්‍රඥාව වඩා තිබුණු නිසා ලැබුණු අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට ඇයට සමහරවිට හැකිවිය. ඔබද කුමන පිංකම කළද එම පිංකම්වල අනිත්‍ය ස්‌වභාවය, අනිත්‍ය සංඥාව වැඩීමට සරළව හෝ පුරුදුවෙන්න. දිනකට ඔබ පැය කාලක්‌ අනිත්‍ය සංඥාව වැඩුවොත් එය ඔබේ ආධ්‍යාත්මය තුළ තැන්පත් වෙලා කවදාහරි දවසක ඔබට සසර දුකින් ගැලවෙන්න උපකාර වෙනවා.

    ඉහත දිව්‍යාංගනාවත් අතීත බව වල පිංකම් කරලා අනිත්‍ය සංඥාව සරළව හෝ වඩා තිබූ නිසයි පිංකම් නිසා දිව්‍ය සැපත්, අනිත්‍ය සංඥාව වැඩීම නිසා (ලැබුණා නම්) බ්‍රහ්ම සැපත් ලැබුණේ. දිව්‍ය ලෝකවල වැඩ සිටින දෙවිවරු තුළ මනුෂ්‍ය ලෝකයේදී වඩන ලද ප්‍රඥාව ඇත. එහෙත් දිව්‍ය ලෝකයේ කාම සම්පත් නිසා ප්‍රඥාව යටපත් වේ. මෙම දිව්‍යාංගනාවද භික්‍ෂුව ඉදිරියට පැමිණියේ සතුටුවීම සඳහාය. එහෙත් භික්‍ෂුව ඇයට සුදුසුම කමටහනින් යටපත්ව තිබූ ප්‍රඥාව මතුකර දුන්නායෑයි අනුමාන කරමි. මේ සෑම දෙයක්‌ම ධර්මයේ ආශ්චර්යයන්ය. භික්‍ෂුවගේ ආශ්චර්යයක්‌ නොවේ. ඔබත් සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ල ලැබේවී. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධකර ඇති නිසාය.

    ඔබ ලක්‍ෂ ගණන් ධනය කාලය වියදම් කර පිංකම් සිදුකරමින් ප්‍රාර්ථනා කරන ලෙස ස්‌ථිරවම ඔබ මහා සැප සහිත දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ වුනොත් මෙවැනි සුකුමාල දිව්‍ය කුමාරයන්, කුමරියන් ඔබව කුල්මත් කරාවී. ඔබව පිස්‌සු වට්‌ටාවී. අවසානයේ ඔබට හිමිවන්නේ භවයේ පිස්‌සන්කොටුව වන සතර අපායමය. වර්තමානයේද භවයේ පිස්‌සන් කොටුවේ දුක්‌විඳින්නේ අතීතයේ අනන්ත අප්‍රමාණ දිව්‍ය මනුෂ්‍ය සැප විඳි කෙළිලොල් දිව්‍ය දිව්‍යාංගනාවන්ය. එදා දිව්‍ය ඕජාව, රාජ භෝජන වැළ» ඔවුන් අද සතර අපායේ සෙම්, සොටු, මළමුත්‍රා, ගින්දර, පුන්නක්‌කු, තණකොල අනුබව කරයි. මෙය නිමා නොවන චක්‍රයකි. පටන් ගැන්මක්‌, අවසානයක්‌ නොමැත. ඔබට ඇත්තේ වටේ යැම පමණකි. ඔබට මින් ගැලවීමට නම් චක්‍රයම නිවා දැමිය යුතුය. ඔබම අවුලුවාගන්නා ගින්න කවදාහෝ දිනයක ඔබම නිවාගත යුතුය. එය වෙන අයකුට කළ නොහැක්‌කකි. මන්ද ගිණි අවුලුවන්නේ ඔබම නිසාය. ඔබම අවුලුවාගන්නා ගින්නකින් ඔබම දැවෙන අංක එකේ මෝහබරිත සත්වයා පෘතග්ජන සත්වයාය.

    ඔබට ඉහත කථාව කියවන විට හිතෙන්නට ඇති අනේ මටත් මේ අත්දැකීම ලබන්නට ඇත්නම් කියලා. ඔබ එහෙම සිතුවොත් ඔබට මෙම අත්දැකීම කවදාවත් ලබන්න බැහැ. ඔබට එම අත්දැකීම ලබන්න නම් ඇතිවූ එම කෙලෙස්‌ සිත අනිත්‍ය වශයෙන් දැකලා අතහරින්නට ඕනේ. එවිට ඔබට දිව්‍යාංගනාවක්‌ නොව දිව්‍යලෝකයම දැකිය හැකිය. එහෙත් ඔබ ජයග්‍රාහකයෙක්‌ වන්නේ දිව්‍යාංගනාවක්‌, දිව්‍ය ලෝකය දැකීමෙන් නොව දිව්‍ය ලෝකයම අතහැරීමෙන්ය. දිව්‍ය සැප දකින, පතන සිත තිබෙනතාක්‌ ඔබට දිව්‍ය ලෝකය අත්හල නොහැක. ඔබ එහි පදිංචිකරුවෙකි, සාමාජිකයෙකි. කුළිය, සාමාජිකත්වය ඉවරවුනු තැන, වෙන තැනක්‌ සොයා යා යුතුය. අලුත් තැන සොයාගන්නේද ඔබ විසින්මය. මේ මොහොතේ ඔබ ඉන්නා තැන තෝරාගන්නේද ඔබමය. ඔබම තෝරාගන්නා ජිවිතයට මොනතරම් ප්‍රශ්න තිබුණද ඔබ නොගැටෙන්න. ඔබ ගැටුණොත් ඔබේම තෝරාගැනීමට ඔබ කරන ද්‍රෝහිකමකි.

    මිනිසුන්ගෙන් සියයට සියයක්‌ම රෝගී වන්නේ ඉන්ද්‍රියන් හය පිනවීමට යැම නිසාය. දිවට, කයට රස පහස සොයන්නට යැම නිසාය. දියවැඩියාව, අංශභාගය, කොලෙස්‌ටරෝල්, ලිංගික රෝග, සමේ රෝග.....

    රිය අනතුරකින් අංගවිකල වන රෝගියාට එසේ වූයේ රියදුරා මත්වතුර බීම නිසාය, නැතිනම් අධික වේගය නිසාය. එසේත් නැතිනම් පදිකයාගේ නොසැලකිල්ල නිසාය. මේ සියල්ල තුළ තිබෙන්නේ තන්හාවය. අපි වේගයෙන් යන්නේ යමක්‌ ඉක්‌මනින් ස්‌පර්ශ කිරීමටය. වැඩිපුර අයිතිකර ගැනීමටය. පළවෙනියා වීමටය. සියල්ල තුළ තන්හාවයි තිබෙන්නේ. සැප සෙවීමේ මෙහෙයුම නිසා මිනිසා දුකට පත්වී රෝගීභාවයට පත්වී අසරණවනවා සේම, දිව්‍ය ලෝකයේ දෙවියන්ද දිව්‍යාංගනාවන්ද සැප පසුපස හඹා යැම නිසා මනුෂ්‍යයන් සේම පිරිහීමට පත්වී දුකට ඇද වැටේ. ඔබ පතන ආශ්චර්යමත් දිව්‍ය සැප ගැන ඔබ විවේකීව නැවත සිතාබලන්න. දිව්‍ය ලෝක යනු ගොම පිඩකි. දෙවියන් යනු එය අනුභව කරමින් පෘෂ්ටිමත් වන පණු කැළයි. ගොම කමින් සතුටුවෙමින් පනුවා හොඳින් වැඩුනු පසු ගොම තලිය ඉවරවේ. පනුවන්ට සිදුවන්නේ තවත් සතෙකුගේ ගොදුරක්‌ වීමට පමණි. දිව්‍ය සැපත ඉහත ස්‌වභාවයමය. එහෙත් දිව්‍ය ලෝකයේද ශීලයෙන් පරිපූර්ණ, මතු පාරමී ධර්මයන් වඩන මහේශාඛ්‍ය දෙවිවරු සිටිති. ඒ අය තමන් පුහුණු කරන ලද ශීලයේ ආනුභාවයෙන් සිත, කය, වචනය හික්‌මවාගෙන සුදුසු කාලය පැමිණෙන තුරු හික්‌මීමෙන් යුතුව දිව්‍ය ලෝකයේ දිව්‍ය සැප අනුභව කරති. මෙම දෙවිවරු තුළ තිබෙන හික්‌මීමද තන්හාවකි. එම තන්හාව නම් මතු සසර බලාපොරොත්තු වන ප්‍රාර්ථනාවයි. කැමැත්තයි. පාරමී අරමුණයි.


    උපුටා ගැනීම -(අතහැරීම 02) 18 වැනි කොටස.

    ***සිය පියා විශාඛාවට ලබා දුන් අවවාද***


    01 – අන්තෝ අග්ගි බහි න නීහරිතබ්බෝ - ඇතුළත ගිනි පිටතට ගෙන නො යන්න
    .
    තේරුම (- තමන් ගේ ස්වාමියා ගේ අගුණ සිය නිවසේ ගැටලූ ආදිය බාහිර නිවෙස් වල අයට පැවසීමෙන් වළකින්න.)
    02 – බාහිරතෝ අග්ගි න අන්තෝ පවේසේතබ්බෝ – පිටත ගිනි ඇතුළට නො ගෙනෙන්න.
    තේරුම (- තමන් ගේ ස්වාමියා ගැන හෝ පවුලේ අය ගැන හෝ බාහිර උදවිය කියන දේවල් අසාගෙන විත් නිවසේ නො කියන්න.)
    03 – යේ දදන්ති තේසං යේව දාතබ්බං – දෙන අයට ම දෙන්න.
    තේරුම (- නිවසේ ඇති උපකරණ ආදිය ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා දෙන තැනැත්තෙක් නම්, එවැනි අයට පමණක් එම උපකරණ ආදිය ලබා දෙන්න.)
    04 – යේ න දෙන්ති, තේසං න දාතබ්බං - නො දෙන අයට නො දෙන්න.
    තේරුම (- නිවසේ ඇති උපකරණ ආදිය ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා නො දෙන තැනැත්තෙක් නම්, එවැනි අයට ඒවා දීමෙන් වළකින්න.)
    05 – දදන්තස්සාපි අදදන්තස්සාපි දාතබ්බං – දෙන අයටත් නො දෙන අයටත් දෙන්න.
    තේරුම (- දිළිදු වූ යම් කිසිවෙක් කිසිවක් ඉල්ලාගෙන පැමිණි විට ඔහු ආපසු දුන්නා හෝ නො දුන්නා හෝ දන් දෙන්න.)
    06 – සුඛං නිසීදිතබ්බං – සුවසේ හිඳගන්න..
    තේරුම(- සිය ස්වාමියා මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අය දැක නැගිටිය යුතු තැන් වල හිඳගෙන සිටීමෙන් වළකින්න.)
    07 – සුඛං භුඤ්ජිතබ්බං – සුවසේ අනුභව කරන්න.
    තේරු ම(- සිය ස්වාමියා මාමණ්ඩිය ඇතුලූ වැඩිහිටි අයට ප්‍රථමයෙන් කෑම ගැනීමෙන් වළකින්න. ඒ අයට ආහාර පානාදිය සපයා ඒ කටයුතු සොයා බලා ඉන්පසු ව ආහාර ගන්න.)
    08 – සුඛං නිපජ්ජිතබ්බං – සුවසේ සැතපෙන්න.
    තේරුම (- සිය ස්වාමියා මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අයට ප‍ථමයෙන් නිදා ගැනීමෙන් වළකින්න. ඒ අයට කළ යුතු උපස්ථාන ආදිය සිදු කොට ඒ අය නිදාගත් පසු ව නිදා ගන්න.)
    09 – අග්ගි පරිචරිතබ්බෝ – ගිනි පුදන්න
    තේරුම (- සිය ස්වාමියාට ත් මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අයට ත් ගෞරව බුහුමන් දක්වන්න.)
    10 – අන්තෝ දේවතා නමස්සිතබ්බා – ඇතුළත දෙවිවරුන් හට පුද සත්කාර කරන්න.
    තේරුම (- සිය ස්වාමියාට ත් මාමණ්ඩිය ඇතුළු පවුලේ වැඩිහිටි අයට ත් දෙවියන් සේ සළකා පුද සත්කාර කරන්න.)

    (ධම්මපදට්ඨකථා)

    Wednesday, 18 September 2013

    අටමහා නරකයන්ගේ දුක.


    නරකය
    නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි.

    01)සඤ්ජිවය
    යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි.

    02)කාලසුත්‍රය
    උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි.
    මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි.

    03)සන්ඝාතය
    මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි
    එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා සතුන් මැරැ පුද්ගලයන්ද මෙම අපායේ උපදිති.

    04)රෞරවය
    මෙ නරකයේ සත්ත්වයින්ගේ ශරිරය තුලින් ගමන් ගෙන ඇතුලත හා පිටත දවන්නාවු භයානක දුමකින් යුක්තය.
    මෙලෙස මුලු සිරුරම දැවි යාම නිසා විලාප දෙමින් හඩන අපාගත සත්ත්වයින්ගේ හඩ නිරන්තරයෙන් ඇසෙන බැවින් මෙම නරකය, රෞරවය නම් වෙ.

    05)මහා රෞරවය
    අතිශය දරුණු හා භයංකාර වු ගින්නෙන් හා දුමෙන් නිරන්තරයෙන් මෙම නරකය පිරි ඇත. මෙම නරකයේ සත්ත්වයින් විදිනු ලබන ඉසිලිය නොහැකි දුක නිසා නිරන්තරයෙන් විලාප දෙමින් හඩන හඩ ඇසෙන බැවින්ද, නිරිසතුන්ගේ ශරිරයෙන් ගලායන ලෙයින් පිරි ඇති බැවින්ද, මෙය මහා රෞරවය නම් වෙ. තුරුණුවන්ට අයත්වුත් දෙමාපියන්ට අයත් වුත් වස්තුව පැහැර ගත් අයද විනාශ කල අයද, මෙම නරකයේ උපදියි.

    06)තාපනය
    මෙම නරකයේ ගිනියමි වු ලෝහමය පොළවේ, ගිනියම් වු ලෝහ උල් වලින් අමුනා තබන ලද සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් සිටිනු ලබයි. සතුන් පණපිටින් පුලුස්සා මැරැ පුද්ගලයොත් අනුන්ගේ නිවෙස් වලට ගිනි තැබු පුද්ගලයොත් මෙම නරකයේ උපත ලබයි.

    07)මහා තාපනය (ප්‍රතාප නරකය)
    තාපන නරකයේ මෙන්ම මෙහිද ගිනියම් වු ලොහ උල් වලින් අමුනා තබන ලද සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් සිටිනු ලබයි. මරනෙන් මතු ඉපදිමක් නැතැයි යන මිත්‍යා දෘශ්ඨිය ගෙන පව් කල පුද්ගලයෝ මෙම නරකයේ දැවෙයි.


    08)අවිචිය (අවිචි මහා නරකය යනු මෙයයි)
    මෙම නරකයේ එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරයි. පොලවින් නැගෙන ගින්න උඩ පියන්පත දක්වා නැගෙයි. උඩ පියනින් නික්මෙන ගිනි ජාලාව පොළව දක්වා ගමන් කරයි. දිශා 06න් නිරන්තරයෙන් නැගෙන ගින්නෙන් සත්ත්වයින් මෙම නරකයේ නිරන්තරයෙන් පිලිස්සෙන්නේය. මෙම නරකයේ අනන්ත වු සත්ත්ව සංඛයාවක්ද වෙසෙයි එබැවින් එය අවිචි මහ නරකය නමින් හැදින්වෙ. මේ ආකාරයට මහා නරකයන් 08 ක් ඇත. මෙ මහා නරක පොළොව ඇතුලෙහි එකිනෙකට යටින් පිහිටා ඇත. එවා හැඩයෙන් හතරැස් ‍ය. ඒවායේ බිම සහ බිත්ති සැදී ඇත්තේ ලොහයෙන්ය. උඩින්ද ලෝහයෙන්ම වැසි තිබෙ. එක් එක් නරකයක දිශා 04 හි දොරටු 04 බැගින් ඇත. මේ නරකයක ඇතුලත ප්‍රමාණය දක්වා ඇත්තේ එක් එක් දිශාවකට යොදුන් 100 බැගින් යනුවෙනි. මෙ නරකයන් ඇතුලත ගිනිදැල් වලින් පිරි ඇති බවත් දක්වා ඇත. මේ එක් මහා නරකයක පිටිපැත්තේ එක් එක් දිශාවට වන්නට කුඩා නරක 04 බැගින් පිහිටා ඇති බව දක්වා ඇත. මෙ කුඩා නරක හදුන්වනුයේ "ඔසුපත් නරක" යනුවෙනි. ඒ අනුව එක් මහා නරකයක් වටා "ඔසුපත් නරක" 16 ක් ඇත. ඒ අනුව මහා නරක අටෙහිම ඔසුපත් නරක 128 ක් ඇත.

    මෙම නරකයන්හි සත්ත්වයින්ගේ ශරිර ස්වභාවය කෙසේද?
    මොවුනට මනුශ්‍යයින්ට මෙන් දෙපා ඇත. ඔවුන්ගේ ශරිර ප්‍රමාණයෙන් ඉතාමත් විශාල බව දක්වා ඇත.
    ඒ අනුව ඇතැම් සත්ත්වයින්ගේ ශරිරගවිවික් පමණද, ඇතමෙක්ගේ ශරිර ගව් දෙකක් පමණද, ඇතමෙක්ගේ ගව් තුනක් පමණද, ඇතමෙක්ගේ යොදුනක් පමණද වන බවද දක්වා ඇත. අවිචි නරකයේ දුක් විදින්නාවු දේවදත්තගේ ශරිරය යොදුන් සියයක් විශාල ශරිරයක් බව දක්වා ඇත. මොවුන්ගේ ශරිර මනුශ්‍ය ශරිර මෙන් තද බවින් යුක්ත නැත. මහනෙල් මල් පෙත්තකින් ගැසුවද කැඩි යන තරමෙ පෙනපිඩු මෙන් දුර්වල බව දක්වා ඇත. මෙලෙස විශාල ශරිර ඇත්තේ ඔවුන් විදිය යුතු දුක වැඩි විය යුතු නිසා යැයි සිතිය හැක.

    නරකයන් ගේ දුක්ඛය ගැන බුදුරජානන්වහන්සේ වදාලේ මොනවාද?
    දුක් ඇති තැන් වලින් ඉතා දරැණුම දුක් ඇත්තේ නරකයේය. මෙ නරකයන් වල විවිධාකාර දුක්ඛයන් ඇත, ඉන් විශේෂිත නරක වල දෙනු ලබන දුක්ඛයන් ඉහතින් දක්වා ඇත, මිට අමතරව 128 ක් වු ඔසුපත් නරකයන්හි පහත දුක් ඇත.
    ගින්නෙන් දවනු ලැබිම, ගිනියමි වු ලෝහ පොලවෙ තබා උල් ගසනු ලැබිම, වැ පොරෝව ආදියෙන් ශරිරය කපනු ලැබිම,
    ලි කොටන් මෙන් දැලි නුල් දමා කියතින් කපනු ලැබිම, ලොදිය පෙවිම, ගිනියමි වු යකඩ ගුලිගිල්ලවිම, පෙරලන පර්වත වලට යටකර අඹරනු ලැබිම, ශරිරය තුලට ගමන් කරණු ලබන දුමි වලින් ශරිරය පිලිස්සනු ලැබිම, ලොහ තුඩු ඇති පක්ෂින් විසින් කොටා ශරිරයේ මස් කඩාගෙන කනු ලැබිම, ගවයින් මෙන් කරත්තවල බැද බර ඇද්දවිම, දැලිපිහි මෙන් කැපෙන තණකොල හා කඩු මෙන් කැපෙන කොළ ඇති ගස් ඇති ප්‍රදේශවල දිවවිම, මෙලෙස කැපි මස් කැබැල්ලක් මෙන් වු ශරිර ලුණු ගංගා වලට ඇද දැමිම ආදියයි. බුදු රජානන් වහන්සේ මෙසේ වු නරකයේ දුක්ඛය දැක්විමට උපමාවක්ද නොමැති බව දක්වා ඇත. එවිට භික්ෂුන්වහන්සේ නමක් නරකයේ දුක උපමාවකින් වදාලන මෙන් ඉල්ලාසිටි විට, තතථාගතයන් වහන්සේ පහත උපමා දක්වා ඇත.


    "මහණෙනි, රාජපුරැෂයෝ සොරෙකු අල්ලා රජු ඉදිරියට ගෙන ගොස් දෙවයන්වහන්ස!මොහු සොරෙකි මොහුට සුදුසු දඩුවමක් නියමකරණ මැනවයි කියයි. එවිට රජු මෙම සොරා ගෙනගොස් උදැසන මොහුගේ ශරිරය සිදුරැවන පරිදි යහුල් පහර 100 ක් අනින මෙන් නියම කරයි. ඉන්පසු දහවල් කාලයේ රජු සොරා පිළිබදව විමසා සොරා ජිවත්ව සිටින බව දැන දහවල් කාලයේත් යහුල් පහර 100 ක් ඇනිමට නියම කරයි. ඉන්පසුව නැවතත් සවස්කාලයේ සොරා පිළිබදව රජු නැවතත් විමසා ඔහු ජිවත්ව සිටින බව දැන නැවතත් සවස් කාලයේ යහුල් පහර 100 ක් අනින ලෙස රාජ පුරැෂයන්ට නියම කරයි.ඉන්පසු තථාගතයන්වහන්සේ, "මහණෙනි මෙලෙස ඒ පුරැෂයා යහුල් පහර 300 ක් කැමෙන් දුකට දොමිනසට පත්වුයේද යැයි අසන ලදි" ඒකල්හි භික්ෂුහු ස්වාමිනි! එක යහුල් පහරක්ම මහත් දුකක් දොමිනසක් වන විට යහුල් පහර 300 පිළිබදව කුමක් කියන්න දැයි අසන ලදි. ඉන්පසු තථාගතයන් වහන්සේ කුඩා ගල්කැටයක් අතට ගෙන, "මහණෙනි! මා විසින් මෙ අතට ගන්නා ලද ගල් කැටයෙන් හා හිමාල පර්වතය යන දෙකින් විශාල වන්නේ කුමක්දැයි අසන ලදි. එවිට භික්ෂුන් ස්වාමිණි! ඔබ වහන්සේ විසින් ශ්‍රි හස්තයට ගන්නා ලද ගල්කැටය හිමාලයෙන් 1000 සින් පංගුවකුත් නොවන්නේය, දසදහසින් පංගුවකුත් නොවන්නේය, ලක්ෂයකින් පංගුවකුත් නොවන්නේය. එයහිමාලය හා සංසන්දනය කල යුත්තක් නොවන බව සැල කර සිටින ලදි.

    එවිට තථාගතයානන් වහන්සේ මහණෙණි එසේම යහුල් පහර 300 ලද මිනිසා විදින ලද දුක නරකයේ දුකෙන් දහසින් පංගුවක් හෝ දසදහසින් පංගුවක්හෝ ලක්ෂයෙන් පංග්වක් හෝ නොවන බවත් අපායේ දුක්ඛය හා සමකල යුතු දෙයකුදු නොවන බවත් දක්වන ලදි.

    කුඩා නරක.

    01)ගුථ නරකය
    මෙම නරකය අසුචියෙන් පිරි ඇති අතර, එහි පතිතිවු සත්ත්වයිනගේ ශරිර ඇටමිදුළු දක්වා සිදුරැකර දමන පොල්ගස් තල්ගස් තරමි ප්‍රමාණයෙන් විශාල වු පනුවන් මෙහි පිරි ඇත.

    02)කුක්කුල නරකය
    මෙම නරකය යටින් ගිනි අගුරැ ඇති අතර, අළු වලින් පිරි ඇති නරකයකි.

    03)අසිපත්‍ර වන නරකය
    දැලිපිහියා මෙන් කැපෙන තණකොල හා කඩු මෙන් කැපෙන පත්‍රයන් සහිත ගස් ඇති නරකයකි.

    04)සිමිබලි වන නරකය
    අගල් 12 ක්පමණ විශාල කටු වලින් යුක්ත ඉඹුල් වනයක් ඇති නරකයක් බව දක්වා ඇත. මේ මුලික කුඩා නරක වර්ග 04 යි. මිට අමතරව ලෝකාන්තරික නරකය යැයි තවත් නරකයක් ඇත.

    ලොකාන්තරික නරකය.
    මෙය අධික ශිතලකින් යුක්ත වු නරකයකි. මෙම නරකය සැම කලකම ඝන අන්ධකාරයකින් වැසි තිබේ. මෙහි පතුලේ අතිශයෙන් සිසිල් වු ජලය ඇත. මෙහි උපන් සත්ත්වයින් පර්වත වල වවුලන් මෙන් එල්ලි ඒමෙ අත ගමන් ගනිති. ඔවුන් තවත් සත්ත්වයෙකු දුටු විට ආහාර යැයි සිතා අල්ලා ගැනිමට උත්සහ කිරිමෙදි දෙදෙනාම පර්වතයන්ගෙන් ගිලිහි සිතල වු දිය මත පතිති වෙයි. එවිට අධික ශිතල නිසා උණු වු තෙල් වලට දමන ලද පිටි බැදෙන්නාක් මෙන් මෙම සත්ත්වයින් අධික වු ශිතල ජලයේ බැදෙනා බව උපමාවක් වශයෙන් ගෙන දක්වා ඇත. මේ ඔසුපත්‍ර නරකයන් පිළිබදව හොදම විස්තරයක් ඇත්තේ නිමි ජාතකයේ දක්වා ඇති අපාය විස්තරයේය. එහි සත්ත්වයින් විසින් කරණ ලද කර්මයන් හා එවා නිසා
    ඔවුන් නරකයේ විදින දුක ඉතා පැහැදිලි ලෙස දක්වා ඇත. මෙතැන් සිට ඒ ජාතක කථාවේ අපායට අදාල කොටස ඉදිරිපත් කරනු ලැබේ.
    අපායන් පෙන්විම සදහා මාතලි නමි දිවපුත්‍රයා නිමි මහරජ තමාගේ රථයේ නංවාගෙන, වෙතරණි නමි ඔසුපත් නරකය වෙත රැගෙන යන ලදි. මෙම වේතරණිය නමි නරකය කරදිය ගංගාවකින් යුක්තය. එහි ඉවුරු දෙකෙහි පුවක් ගස්, පොල්ගස් පමණ විශාලත්වයෙන් යුතු තියුණු කටු ඇති වේවැල් පදුරු වැනි ශාක වලින් වැසි ඇත. එවා යට තල් කදන් පමණ විශාලත්වයෙන් යුතු ගිනියමි වු යකඩ උල් පිහිටා ඇත. ගගේ ජලයද දැලිපිහි මෙන් කැපි යන පත්‍ර වලින් යුතු නෙලුම් ගස් වලින් වැසි ඇත. ගගේ පතුලේ තියුණු මුවහත ඇති පිහිතලයන් උඩට මතුවන සේ පිහිටා ඇත. මෙම නරකයේ උපදින සත්ත්වයින් යමපල්ලන් විසින් දඩු පොලු ආදියෙන් තලා පෙලා උල් වලින් ඇන, වේවැල් පදුරැ මතට විසිකරණු ලබයි. මොවුන් වේවැල් කටුවල ඇමිනි විලාප තියමින් හඩ හඩා කලක් සිට, එයින් ගැලවි වැටි බිම ඇති ගිනියමි වු යකඩ උල් වල ඇනෙයි. යකඩ උල් මතත් එමස්ම දුක්විදිමින් කාලයක් සිට, එයින් ගැලවි ගගේ ජලයට උඩින් ඇති නෙලුමි පදුරැ මතත පතිති වෙයි. මෙහිද නෙලුමි පත්‍රවලට කැපි කැපි කාලයක් සිට, ගගේ ජලය මතට වැටෙයි. මෙම ජලයේ දුමි දම දමා පැසි පැසි ගගේපතුලට කිදා බසියි. මෙලෙස ගග පතුලෙන් කැපි නැවතත් කරදිය මත මොවුන් පාවෙන්නට ගනියි. මෙලෙස පාවෙන සත්ත්වයින්ට යමපල්ලන් මත්සයන්ට මෙන් උල්වලින් අනියි. බිලි කොකු දමා ඔවුන් අමුණා ගගින් ගොඩට ඇද, ගිනියමි වු ලොහ පොළව මත පෙරලා ගිනියමි වු ලෝහ ගුලි කවයි. මෙ ඒ නරකයේ ස්වභාවයයි. මෙය දැක බියපත් වු නිමි රජතුමා, "මොවුන් කුමන ආකාරයක පාපකර්ම කරණ ලද්දේද යන්න විමසන්නට විය" එවිට මාතලි දිව්‍යපුත්‍රයා ඔවුන්ගේ පව්කමි මෙසේ ප්‍රකාශ කර ඇත.

    "මනුශ්‍ය ලොකයේ බැණිමෙන් හා අත්පා වලින් පහර දිමෙන් දුබල පුද්ගලයන්ට හිංසා කරන්නාවු බලවතුන් ඒ පාපකර්ම නිසා මරණයෙන් පසු වේතරණිය නම් මෙම අපායට වැටෙයි"

    ඉන්පසු මාතලි දිව්‍ය පුත්‍රයා නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. ඒ නරකයේ දුක් මෙසේය,මෙහි ගවු 03 ක් පමණ විශාල ශරිර ඇති සත්ත්වයින් ඇතුන් පමණ විශාල මහා බල්ල්න් විසින් එලවාගෙන ගොස් බත්කෙන්ඩෙන් අල්ලා බිම පෙරලා මහ හඩින් බුරමින් පපුව පාගා මස් ගලවාගෙන කා ඇට කටු පමණක් ඉතිරි කරති. බරකරත්ත පමණ විශාල ශරිර ඇති ලෝහ තුඩවල්ඇති ගිජුලිහිණින් ඔවුන්ගේ තුඩින් මෙම සත්ත්වයින්ගේ ඇටකටු පොඩි කර ඇටමිදුළු කයි. තවද මෙම නිරිසතුන්දුටු සැටියේ මෙම ගිජුලිහිණින් ඔවුන්ගේ මස් කොටා කනු ලබයි. මෙම දුක් දැක බියවු රජතුමා මොවුන් කල පව්කම් මොනවාද යන්න දිව්‍යපුත්‍රයාගෙන් විමසා සිටින ලදි.

    "මිනිස් ලොව ඇතමෙක් ලොභකම නිසා ශ්‍රමණ භ්‍රාහ්මණයන්ට දොස් කියයි. ඇතැමෙක් හිංසා කරයි, බණියි එබන්දන් මරණින් පසු මෙම නරකයට වැටිමෙන් කපුටන් විසින් මොවුන්ගේ මස් කොටා කයි" ලෙස දෙවි පුත් පිළිතුරැ දෙන ලදි.

    ඉන්පසු මාතලි දිව්‍ය පුත්‍රයා නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. මෙහි බැලිමට තරමි නොහැකි වු භයානක මුහුනු ඇති යමපල්ලේ තල්කදන් පමණ ලෝහ පොලු ගෙන, ගිනියමි වු යකඩ පොලවෙ ඒ මේ අත දිව යමින් සිටින්නාවු
    සත්ත්වයින් ලුහුබැදගොස් පොල්ලෙන් ඔවුන්ගේ පාදයන්ට ගසා ඔවුන් බිම පතිත කරණු ලබයි. ඉන්පසු ඒ පොල්ලෙන්ම තලා ඔවුන් සුනු විසුනු කර දමනු ලබයි. මෙය දැක බියවු රජු ඔවුන් විසින් කරණ ලද පවිකමි දිව්‍යපුත්‍රයාගෙන් විමසා සිටින ලදි.

    "මිනිස් ලොව අන්අයට හිංසාවක් නැති ස්ත්‍රින්ට හා පුරැෂයන්ට හිංසා කරණ බනිණ පවිකාරයෝ මෙහි යකඩ පොලු වලින් තැලි යනු ලබයි" යනුවෙන් දෙවි පුත් පිළිතුරැ දෙන ලදි.

    ඉන්පසු මාතලි දිව්‍ය පුත්‍රයා නිමි රජු තවත් නරකයක් වෙත ගෙන යන ලදි. මෙම නරකයේ පෙදෙසක මහා ගිනි අගුරැවලක් ඇත. යමපල්ලන් එම නරකයේ උපත ලබන සත්ත්වයින් ගවයින් ගාල් කරන්නාක් මෙන් යකඩ පොලුවලින් හා
    ආයුධයන්ගෙන් පහරදෙමින් මෙම ගිනි අගුරැ වල වෙත පන්නනු ලබයි. මෙම ගිනි අගුරැ වලට වැටුන මෙම සත්ත්වයෝ ඉණ තෙක් මෙම අගුරැ වලේ එරෙයි. එවිට යමපල්ල්න් ගිනි අගුරැ ගෙන ඔවුන්ගේ හිස මත හලයි. මෙයින් ඇතිවන වේදනාව ඉවසිය නොහැකිව කැගසන සත්ත්වයින්ගෙන් සමහක් වෙදනාව ඉවසිය නොහැකිව වියරැ වැටි ඔවුන්ම ගිනි අගුරැ ගෙන ඔවුන්ගේ ම හිස් මත හලා ගනියි. මෙම වධය දැක බියට පත්වු රජතුමා මොවුන් කල පාපර්ම විමසා සිටින ලදි.

    "මිනිස් ලොව දන්දෙන්නට, සංඝාවාස කරවන්නටය, වෙහෙර විහාර කරවන්නටය, දන්සල් දෙන්නටය කියා මහජනයාගෙන් මුදල් සම්මාදම් කර, ඒවා නොකර එම මුදල් පරිභොජනය කර ජනයා රැවටු හොර සම්මාදංකාරයෝ මෙම නරකයේ ඉපිද මෙසේ දුක් විදියි" යනුවෙන් දෙවිපුත් පිලිතුරැ දෙන ලදි.

    ඉන්පසු නිමි රජු තවත් නරකයක් වෙත ගෙන යන ලදි.
    මෙම නරකයේ මහා ලෝදිය වලක් ඇත. එහි උපන් නිරිසතුන් යමපල්ලන් විසින් පයින් අල්ලා හිස යටට හැරි වැටෙන සේ විසිකරණු ලබයි. මෙම සත්ත්වයින් මෙම ලෝදියෙහි ගිලෙමින් මතුවෙමින් පුපුර පුපුරා පැසෙයි. නමුත් කර්ම බලය නිසා නොමැරෙයි. එය දැක බියපත් වු රජු ඔවුන් විසින් කල පවිකමි මොනවාද යන්න දේව පුත්‍රයාගෙන් විමසා සිටින ලදි.

    "සිල්වත් ගුණවත් පැවිද්දන්ට හා බමුණන්ට (අන්‍ය ආගමික පුජකයන්ට) හිංසා කල තර්ජනය කල පාපින් මෙම නරකයේ පැසෙයි" යනුවෙන් දෙවිපුත් පිළිතුරැ දෙන ලදි.

    ඉන්පසු මාතලි දිව්‍යපුත්‍රයා, නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. (ගවිවක් යනු සැතපුමි 16 කි.) මෙහි ගවි 03 ක් පමණ ශරිර ඇති සත්ත්වයින්ගේ ගෙලට ගිනියමි වු ලෝහ මදු යොදා පහලට ඇද තද කර ඔවුන්ගේ හිස් කපා, දණ්ඩක අමුණා ගෙන ගොස් ලෝදිය සැලියකට දමා එය බලමින් යමපල්ලෝ සන්තෝෂ වෙති. කර්ම බලය නිසා හිස කපන ලද ශරිර වල නැවතත් හිස් හට ගනියි. එවිට යමපල්පල්ලෝ නැවත නැවතත් ඔවුන්ගේ හිස් සිදිම සිදු කරණු ලබයි. එවා නැවත නැවතත් ලොහොදිය සැලියට දැමිමද සිදු කරයි. මෙය දැක බියට පත් නිමි රජු මොවුන් විසින් කරණ දල පාපි ක්‍රියාවන් පිළිබදව මාතලි දිව්‍යපුත්‍රයාගෙන් විමසා සිටින ලදි.

    "මිනිස් ලොව පක්ෂින් අල්ලා මරන්නෝ මෙ ලොව මෙ ආකාරයට හිස් කැපුමි ලබනා බව මෙහිදි දෙවිපුත් පවසා සිටින ලදි"

    ඉන් පසු නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යනු ලැබිය. එහි නොගැඹුරැ තොටක් ඇති දර්ශනිය ගංගාවක් ඇත. එම නරකයේ බලවත් වු ගිනි රස්නය නිසා හටගත් අධික වු පිපාසාව නිසා, එය ඉවසාගත නොහැකි වු සත්ත්වයින් ගිනියමි වි දැවෙන ලෝහමය පොලව පාගමින් විත් ජලය බිමෙ අදහසින් ඒ ගංගාවට බසිනු ලබයි. ඒ සැනින් ගංගාවෙ ඉවුර ගිනි ගන්නට පටන් ගනියි. ගංගාවෙ ජලය ගිනියමි වු බොල් වි බවට පත්වෙයි. ඉවසාගත නොහැකි වු පිපාසාව නිසා කන්නට අන් කිසිත් නොමැති වු මෙම සත්ත්වයෝ ඒ ගිනියමි වු බොල් වි දෝතින් ගෙනඅනුභව කරයි. ඒ බොල් වි ඔවුන්ගේ ශරිරයේ ඇතුළුපස දවාගෙන අධෝ මාර්ගයෙන් නික්මෙයි. නිමි රජු මෙය දැක ඔවුන් කල පාපකර්මයන්
    මාතලි දිව්‍ය පුත්‍රයාගෙන් විමසා සිටින ලදි.

    " මිනිස් ලොව බොල් මිශ්‍ර කර වි විකුණා ජනයා රැවටුවෝ, මෙම නරකයේ ඉපිද ගිනියමි වු බෝල් වි අනුභව කරති" යැයි දෙවිපුත් ඔවුන් කල අකුෂලකර්මයන් පවසා සිටින ලදි.

    ඉන්පසු රජතුමා වෙනත් නරකයක් වෙත පමුණුවනු ලැබිය. එහි යමපල්ලන් දුනු හි ආදිය ගෙන එම නිරයේ උපන් සත්ත්වයින් වටකොට, වනයේ වැද්දන් මුවන්ට විදින්නා වු ආකාරයෙන් ඔවුන්ට දුනු හිතල වලින් විද දමයි. මෙයින් ඔවුන්ගේ ශරිර
    සැම තැනම සිදුරැ වි තැන් තැන් වලින් පණුවන් කෑ කොල මෙන් වෙයි. සිදුරැ වි යයි. මෙය දුටු රජු ඔවුන් කල පාපකර්මයන් විමසා සිටින ලදි.

    "මිනිස් ලොව අන් පුද්ගලයන් සතු දෑ රන් රිදී ආදියත්, මුදල් ආදියත්, වි සහල් ආදි භෝගත්, ගවයන් ආදි සත්ත්වයින්ද සොරකමි කර ජිවත් වු පවිකාරයෝ මෙ නරකයේ යමපලුන් විස්න විදිනු ලබයි" යැයි ඔවුන් කල අකුෂලකර්මයන් ප්‍රකාශ කරණ ලදි.

    ඉන්පසු මාතලි දිව්‍යපුත්‍රයා රජුව වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. එහි යමපල්ලන් ගිනියමි වු යකඩ කඹ ගෙන, තුන් ගවි පමණ විශාලනිරිසත්ත්වයන්ගේ ගෙලට දමා, ඔවුන් ගිනියමි වු ලෝහ පොලවෙ පෙරලා ඔවුන්ගේ මස් කපති. මෙ කැපු මස් ගොඩ ගසති. මෙය දුටු නිමි රජු ඔවුන් කල පවිකමි විමස සිටින ලදි.

    "මිනිස් ලොව ඌරන්, එලුවන්, බැටලුවන්, ගවයන් හා වෙනත් සත්ත්වයින් මරා මස් විකුණා ජිවත් වු පුද්ගලයන්, මේ ලොව කැබලි කැබලි වලට කපා දැමිම සිදු කරණු ලබයි" යනුවේන් පිළිතුරැ දෙන ලදි.
    ඉන්පසු රජු සහිත දිව්‍ය රථය මාතලි දෙවිපුත් වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. එහි දුමි දමමින් පැසෙන මලමුත්‍රා පිරි ඇත.
    අතිශය වු දුර්ඝන්ධය නිසා යොදුන් ගණනකට වුවද ලංවිමට අපහසුය. මෙහි කුසගින්නේ සිටින සත්ත්වයින්ට වෙනත් කිසිදු ආහාරයක් නැත. අධික වු කුසගින්න ඉවසිමට අපහසු වු මෙම සත්ත්වයින් දුමි දමමින් පැසෙන මෙම අසුචි ගුලිකර ආහාරයට ගනියි. මෙය දුටු රජු ඔවුන් කල පාපකර්මයන් විමසා සිටින ලදි.

    "මිනිස් ලොව අනුන්ට වද දුන් තැනැත්තන්ද, මිත්‍රයන්ට හිංසා කල තැනැත්තන්ද, අනුන්ගෙන් කාබී, ඔවුන්ගෙන් උපකාර ලබා, ඔවුන්ගේ
    නිවෙස්වලම වාසය කර, ඔවුන්ගේ ධනය පැහැරගන්නා හා වංචා කරණා මිත්‍රද්‍රෝහින්ද, අල්ලස් ගන්නන්ද මෙ ලොව අසුචි අනභව කරයි"
    යනුවෙන් රජු ට ඔවුන් කල අකුෂල කර්මයන් පහදා දෙන ලදි.
    ඉන් පසු දෙදෙනා වෙනත් නරකයක් වෙත පැමිණෙන ලදි. මෙහි කුණුවු ලේ සැරව පිරි විලක් ඇත. එහි දුගද ඉවසිය නොහැකි තරමිය.
    මෙම නරකයේ ඇති තද උශ්ණය නිසා හටගත් අධික පිපාසාව නිසා පානය කිරිමට අන් දෙයක් නොමැති වු මෙම නරකයේ උපන් සත්ත්වයෝ එම විලේ ඇති කුණු ලේ සැරව පාණය කරයි. මෙය දුටු රජු ඔවුන් කල පවිකමි විමසා සිටින ලදි.

    "මිනිස් ලොව මව හෝ පියා මරා ගිහිපරාජිකාපත්තියට පත් පාපියෝද, පුජා සත්කාර කිරිමට සුදුසු ගුණවත් පුද්ගලයන් නැසු තැනැත්තෝද
    මෙම ‍නරකයේ ඉපිද කුණු ලේ සැරව පානය කරයි" යනුවෙන් ඔවුන්ගේ පවිකමි ප්‍රකාශ කරණ ලදි.ඉන්පසු ඔවුන් වෙනත් නරකයක් වෙත පැමිනෙනලදි. එහි යමපල්ලන් තල කොටන් පමණ විශාලත්වයෙන් යුතු ගිනියමි වු බිලි කොකු ගෙන ඒවා සත්ත්වයින්ගේ දිවෙ අමුණා ගිණියමි වු යපොලවෙහි පෙරලා උල් වලින් අනියි. මෙම නිරිසතුන් කෙල පෙරමින් දගලයි. මෙය දුටු රජු ඔවුන් කල පාපකර්මයන් විමසා සිටින ලදි.

    "මිනිස් ලොව බඩුමිල නියම කිරිමෙ තනතුර ලබා සිට අල්ලස්ගෙන වටිනා භාණ්ඩයන්ගේ මිල පහත හෙලන වංචාකාරයෝද,
    (හොර ටෙන්ඩර්කාරයෝ) අල්ලස් ගත්තෝද, කිරිමි මැනිමි වලදි අඩු වැඩි කොට හොරට කිරා, බොරැ චාටු වදන් වලින් ජනයා රවටා මුලා කොට මුදල් පැහැරගත් කපටි මුදලාලිලාත්,මෙම ගිනියමි වු කොකු දිවෙ අමුණන ලදුව දුක් විදියි" යැයි ඔවුන්ගේ පාපයන් ප්‍රකාශ කර සිටින ලදි.

    ඉන් පසු නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. මෙහි, ස්ත්‍රින් ශරිරයෙන් අඩක් ගිනියමි වු ලෝහ පොලවෙ ගිලී, සිටුවා ඇති කණු මෙන් නිසලව සිටි,එක් දිශාවකින් ඇඹරැමි ගලක් බදු විශාල පර්වතයක් නැගි මහා හඩක් නගමින් ගිනි දැල් විහිදුවමින් පැමිණ ඔවුන්ගේ ශරිර සුනුවිසුණු කර අඹරමින් පෙරළි යයි. ඒ වහාම කර්ම බලය නිසා ඔවුන් ගේ ශරිර නැවතත් ප්‍රකෘතිමත් වෙයි. ඒ සමගම වෙනත් දිශාවකින් නැවතත් එබදුම අඹරැමිගලක් නැගි ඔවුන්ගේ ශරිර අඹරා දමනු ලබයි. සමහර විට දෙදිශාවෙන්ම මෙම පර්වත නැගෙයි. තවත්විටක මෙ පර්වත සිවි දිශාවෙන්ම නැග එයි. නිමි රජු ඔවුන් විසින් කරණ ලද පවිකමි විමසා සිටි විට, දෙවිපුත් මෙසේ එය ප්‍රකාශ කරන ලදි.

    "ආහාරපාන වස්ත්‍රාභරණ සපයා දි තමන් පෝෂණය කරන්නාවු ස්වාමිපුරැශයන් හැර වෙනත් පුරැෂයන් සතුටුකරන්නාවු හා ඔවුන් හා කමිරතියේ යෙදෙන ස්ත්‍රින් මෙම නරකයේ ඉපිද මෙසේ ඇඹරෙයි"
    ඉන්පසු රජු හා දෙවිපුත් තවත් නරකයක් වෙත පැමිනෙන ලදි. මෙහි එක් පසක මහා ගිනි අගුරැ වලක් ඇත. යමපල්ලන් මෙහි උපන් සත්ත්වයින් විවිධ ආයුධ ගෙන අගුරැ වල තෙක් පන්නාගෙන ගොස් දෙපයින් අල්ලාමෙම අගරැ වලට දමනු ලබයි. මෙය දුටු රජු ඔවුන් විසින් කල කර්මයන් විමසා සිටින ලදි

    "මිනිසුන් තමන් ඉතා ඇලුමි කරන භාර්‍යාවන් සමග හොරින් කමිරතියේ යෙදුන පාපී පුරැෂයෝ මෙම නරකයේ පයින් අල්ලා හිස පහලට සිටින සේ ගිනි අගුරැ වලට හෙලනු ලබයි" යැයි ඔහු පිළිතුරැ දෙන ලදි.
    ඉන්පසු මාතලි දෙවි පුත් හා නිමි රජු තවත් නරකයක් වෙත පැමිනෙන ලදි.
    එහි යමපල්ලන් උල් ගැසිම, හරස් කියත් වලින් ශරිරය කැපිම, වැයෙන් සැම, ලෝදිය පෙවිම, ලෝගුලි කැවිම, ආදි නොයෙක් වධ
    බන්ධනයන් සත්ත්වයන්ට දෙනු ලබයි. මෙය දැක බියවු නිමි රජු ඔවුන් කල පාපකර්මයන් විමසා සිටින ලදි.

    "පරලොවක් නැත, පින්පවි වල විපාකයක් නැත, යනාදි වශයෙන් තමාද මිත්‍යාදෘශ්ඨිය ගෙන අනුන්වද එම දෘශ්ඨිගැන්වු පාපියෝ හා ආඥානයෝ මෙම නරකයේ දරැණු වු දුක් වෙදනා විදියි" යනුවෙන් මාතලි දිව්‍ය පුත්‍රයා ඔවුන් කල පවිකමි ප්‍රකාශ කරණ ලදි.
    සමාප්තයි...............
    තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා

    .

    මෙම ලිපිය සකස්කිරීමට කරුණු සැපයූ බුද්ධ රශ්මියට අපගේ පුණ්‍යානුමෝදනාව වේවා..සාධු....සාධු...සාධු...

    Tuesday, 17 September 2013

    තාරකා වල හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් කාලගුණ අනාවැකි

    තාරකා වල හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමයක් පාසැල් සිසුවෙකු විසින් සොයාගන තිබෙනවා.

    කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 11 වසරේ සිසුවෙකු වන ඔහු මාලින් ජයනාත් විජේරත්නයි.

    තාරකා වල පිහිටීම නිරීක්ෂණය කල ඔහු ඒ ඇසුරින් වර්ෂාපතනය හා කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමවේදයක් නිර්මාණය කල අතර ඒ සඳහා ජාතික විද්‍යා පදනම විසින් මෙම වසරේ පවත්වන ලද තරඟාවලියේදී ඔහු පලමු ස්ථානය දිනාගන තිබෙනවා.

    ඉන් පසුව ඇමරිකාවේ පීටර්ස්බර්ග් නගරයේ පැවති අන්තර්ජාතික ඉන්ජිනේරු හා විද්‍යා තරඟාවලියට සහභාගීවීමේ අවස්ථාව ඔහුට හිමිවූ අතර ඔහු විසින් ඉදිරිපත් කළ තාරකා හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් කාලගුන අනාවැකි කීමේ ක්‍රමවේදයට එම තරඟාවලියේ හොඳම නිර්මාණාත්මක හා විද්‍යාත්මක නිබන්ධනය සඳහා වන අංශයේ පදක්කම හිමිවුණ.

    ඒ නව නිර්මාණකරණය පිළිබඳව රටවල් 65ක සිසුන් 1,600ක් අතුරින්.

    එම තරඟය පැවැත්වුන දිනයේදී එම නගරයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් එම නගරයේ කාලගුණ අනාවැකිය අනුව ගිගුරුම් සහිත වැසි දිනයක් බවට ප්‍රකාශ කර තිබුණා.

    නමුත් මෙම සිසුවාගේ අනාවැකියට අනුව එය සුළු වර්ෂාපතනයක් ලැබෙන දිනයකි. සැබෑවටම එදින සුළු වර්ෂාපතනයක් පමණක් ලැබී තිබූ නිසා තරඟ සංවිධායකයින්ගේ පැසසුමට පවා එය ලක්වී තිබුණා.

    ඔහුගේ මෙම නව ක්‍රමවෙදය අනුව ඉදිරි වසර 9999 සඳහා ලෝකයේ ඕනෑම රටක ඕනෑම නගරයක කාලගුණය පිළිබඳව අනාවැකි කිව හැකිය.

    වයඹ පලාතේදී ඔහුගේ ක්‍රමවේදයේ නිරවද්‍යතාවය 90%කට ආසන්න වන අතර ඇමරිකාවේ පීටර්ස්බර්ග් හිදී එය 97%කටත් වඩා නිරවද්‍ය වී තිබෙනවා.

    මේ පිළිබඳව සිසුවා පවසන්නේ මෙවැන්නක්.

    මම මාගේ ව්‍යාපෘතියේදී යොදාගන්නවා කරුණු හතරක්. මේ කරුණු හතර තමයි
    1) පිහිටීම
    2) තරු වල පිහිටීම
    3) ඇසිමුත් රේඛා පද්ධතිය
    4) යොදා ගන්න කාලය

    ඇසිමුත් රේඛා පද්ධතිය කියන්නේ අක්ෂාංශ දේශාංශ වල රේඛා පද්ධතියක්. මේ තරුව වල පිහිටීමේ වෙනසක් ඇතිවෙනවානම් ඒ වෙනස සොයාගන්න පුළුවන් මෙම රේඛා පද්ධතිය මගින්.

    මව විවාහ කරගත් පුතා

    මේ ලෝකය පුදුම ලෝකයක්, මේ වගේ ලෝකයක ඉපදිච්ච කරුමයටම ජීවත් වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ. දැන් දැන් මේ ඇහෙන්න දකින්න ලැබෙන දේවල් වලට අන්ධයෙක් බිහිරෙක් වෙලා මේ ලෝකයට ඉපදුනා නම් හොඳයි කියලා හිතන වාර ගණන් ඔබටත් මටත් අපමණ ඇති.
    ඔබ බලනවා ඇති මන් මේ මොකක් කියන්නද මුලාරම්භය ගන්නේ කියලා.. සමහර විට ඔබට මෙය අලුත් දෙයක් නොවන්නත් පුළුවන් සමහර විට ඔබ මේ වගේ දේවල් අහන්න ලැබෙයි කියලා හීනෙකින් වත් හිතන්නේ නැතුව ඇති.
    මේ පුවත නම් වාර්තා වුනේ සිම්බාබ්වෙන්. ඒ තමයි අවුරුදු 40 ක්වන මවක් තම කුසින් බිහිවුන තමා ආදරයෙන් රැකබලා පෝෂණය කර හදා වඩා ගත් තම 23 හැවිරිදි පුතුණුවන් හා විවාහ වීමට සූදානම් වීමයි. ඔබට හිතෙනවා ඇති මේ මොන අහස පොළොව නුහුලන කතාවක්ද කියලා.
    මේ කතාවට පාදක වන අවුරුදු 23 පුතා, පුරා අවුරුදු 20 ක් තුලදී ලැබූ මව් සෙනෙහසට තිත තබා තම මව ප්‍රේම වන්තිය කරගෙන දැන්අවුරුදු 3ක කාළයක් වෙනවා. ඒ නිසා මේ අසම්මත ප්‍රේමයේ ඊළඟ පියවර සටහන් කරන්න මේ මව් ප්‍රේමවන්තිය හා පුත් ප්‍රේම වන්තයා මේ දවස් වල සූදානම් වෙනවා ඒ විවාහයයි. මේ වෙන කොට මේ අවුරුදු 40 ප්‍රේම වන්තිය මාස 6ක ගැබිණියක්. එක් පැත්තකින් මේ ප්‍රේමයෙන් ඉපදෙන දරුවා තම දරුවාගේ පුතුණුවන් වන නිසා මේ ඉපදෙන්නේ ඒ මිත්තණියගේ මුනුබුරයි.
    තමාව මේ ලෝකයට බිහිකරවන කාන්තාවට මව කියා ආමන්ත්‍රණය කරනවාද නැත්නම් මිත්තණිය කියා ආමන්ත්‍රණය කරනවාද යන්න ඒ දරුවට උත්පත්තියේදීම ඇතිවන ගැටළුවක්.
    අවුරුදු 12ක සිට වැන්දඹු කාන්තාවක් වන ඇය පවසා සිටින්නේ හැකි ඉක්මනින් තම පුතාත් සමඟ විවාහ වීමට අවශ්‍ය බවත් එසේ නොවුනොත් තම විවාහක සැමියාගේ සහෝදරයන් තමන් හා විවාහ වීමට ආශාවෙන් මඟ බලා සිටින නිසා තමාව ඔවුන් ඩැහැ ගැනීමට පෙර තම පුතාත් සමග විවාහ විය යුතු බවයි.
    ඒ මව කියන තව දෙයක් තමයි "මට ඉඩ දෙන්න සතුටු වෙන්න මගේ ආදරණීය නිපැයුමෙන්" ඇය නොකියා කියන්නේ මගේම නිෂ්පාදනයක් වන මේ පුතා මට අයිති නිසා ඕනම දෙයක් කිරීමට තමන්ට අයිතියක් තියෙනවා කියලයි. මවක් කියන්නේ දරුවන් වදන මැෂිමක් නොවන බව මෙහිදී මේ මවට අමතක වී ඇති තවත් කරුණක්.
    ඊටම දෙවැනි නොවූ කතාවක් තමයි ඒ මවගේම පුතා වෙච්ච වර්තමානයේ ඒ මවගේම පෙම්වතා වෙච්ච ඒ පෙම්වතා කිව්වේ, සිම්බාබ්වේ රටේ චාරිත්‍රයක් වන "ලොබෝලෝ(Lobolo) චාරිත්‍රය (ඒ කියන්නේ තමා විවාහ වන කාන්තාවගේ දෙමව්පියන්ට විවාහයේදී යම් මුදලක් දෑවැද්දක් වශයෙන් දිය යුතුයි) ඉටු කරන්නට තමාගේ පියාට හැකියාව නොතිබුන නිසා තමා එම මුදල් තමාගේ මිත්තණියට දීමට සූදානම්" බවයි. "අනිත් එක මිනිසුන් දැනගන්න ඕනා එකක් තමයි මන් තමයි මගේ මවව ගර්භනී බාවයට පත් කරේ කියන එක ඒ නිසා මම මගේ අම්මව විවාහ කර ගන්නවා"
    මේ හේතුවෙන් එක්කෝ ඔවුන් ජීවත් වන ප්‍රදේශයන් පිටුවහල් විය යුතු බව හෝ මේ විවාහය කටුගෑ යුතු බව ඒ ප්‍රදේශය භාර මුලාදෑනි වරයෙක් කියා සිටියේ මේ ප්‍රේමය අසම්මත තත්ත්වයෙනුත් එහා ගිය ප්‍රේමයක් නිසයි
    ඔබ මේ දේවල් තාම අපේ රටේ නෑනේ කියලා හිත සනසා ගන්නා හදනවානම් එය වැරදි බව මන් ඔබට මතක් කර දෙනවා. අපේ රටෙන් වාර්තා නොවුනාට මෙවන් සිදුවීම් හොර රහසේ තවමත් සිදු වෙනවා. මේ ආකාරයෙන් තමන් වැදූ මව සමඟ යහන් ගත වෙන පුත්තු අපේ රටෙත් ඇඟිලි ගණනට වඩා වැඩියෙන් ඉන්නවා එහෙත් ඒවා කෙරෙන්නේ හොර රහසේ. ඉහළ පැලැන්ති වල මෙන්ම පහළ පැලැන්ති වලද මේ ආකාරයේ සිදුවීම් සිදුවෙනවා. මෑතකදී අපට දිගින් දිගටම අසන්නට ලැබුනේ "පියා තම දැරිය දූෂණය කරයි", "පියා තම දැරිය අඹුවට ගනී" යන ආරංචීන්ය. මසක් වයසැති බිළිදුන්ව පවා දූෂණය කරන සමාජයක, සමාජයේ ඇති පිළිගත් බැඳීම් වලට එහා ගිය රාගය, කාමය මත පදනම් වෙච්ච තිරිසන් සමාජයක ජීවත් වෙද්දී සමාජය යන රැල්ලෙන් මිදී බුද්ධියෙන් විමසා කටයුතු කිරීමට උවමනා බව ඔබට යළිත් මතක් කරන්නේ හමුවන හමුවන සෑම කෙනෙක් සමඟ සංවාසයේ යෙදෙන ලක්ෂණය ඇත්තේ තිරිසනුන්ට පමණක්ම වන නිසා තිරිසනුන් හා මනුෂ්‍යයන් අතර වෙනසක් තිබිය යුතු බව පසක් කරවීමටයි.

    Friday, 13 September 2013

    අසීමිත විශ්වය සොයා ඇදෙන වොයේජර් - 1


    අසීමිත විශ්වය සොයා ඇදෙන වොයේජර් - 1 යානයේ Golden Records නම් තැටි කිහිපයක් ඇත... යම් දිනෙක අපරිමාණ විශ්වයෙහි වඩාත් බුද්ධිමත් ජීවයක් විසින් එම යානය ප්‍රතිග්‍රහණය කරගෙන මෙම තැටි තුළ අන්තර්ගතය පිරික්සුවහොත් අප සහ අපගේ ග්‍රහ ලෝකය ගැන කදිම අදහසක් ඔවුන්ට ලබා ගත හැකි වන ලෙස ඒවා සකස් කර ඇත... මේ Golden Records වල පහත දෑ තැන්පත්ය...

    පෘතුවිය සහ එහි මානව ශිෂ්ඨාචාරය නිරූපණය කෙරෙන ඡායාරූප 116 ක් ඇත... අපේ ලොව ජීවීන්, සුන්දර ස්ථාන, මිනිස් වර්ගයා, මිනිසාගේ නිර්මාණ ආදී දෑ එම ඡායාරූප වල අන්තර්ගතය...

    ලොව ස්වභාවික ප්‍රපංචයන්ගේ නාදය එහි අන්තර්ගතය - සතුන් කෑ ගසන හඬ, මුහුදේ නාදය, ගිරි ශිඛර වල සුළං හමන නාදය, වනයක ගස් වල කොළ සෙලවෙන නාදය, වැසි වැටෙන හඬ, අකුණු පුපුරන නාදය, ගිනි කඳු පුපුරන හඬ, භූමිකම්පාවක හඬ ආදිය.....

    1977 ජූනි 16 වන දින මෙම යානය අභ්‍යවකාශ ගත කරන විට ඇමරිකානු ජනාධිපතිවරයා වූ ජිමී කාටර් මහතා තැන්පත් කළ විශ්ව ජීවීන් ඇමතූ පණිවිඩය...

    මොසාර්ට්, බෙතෝවන්, රවි ශංඛර් ඇතුලු පෙර අපර දෙදිග ලෝ පූජිත සංගීත වේදීන්ගේ සංගීත තනු නිර්මාණ වල ඛණ්ඩයන්...

    මෙහි සුවිශේෂිතම කාරණය වන්නේ මෙයයි.. මෙම තැටි වල පෘතුවියෙහි ඉපැරණිතම භාෂා 55 කින් පටිගත කරන ලද සුබ පැතුම් 110 ක් තිබේ... මේ සඳහා පෘතුවියෙහි ඉපැරණිතම සහ සාහිත්‍යමය වශයෙන්ද, පාණ්ඩිත්‍යයෙන්ද පොහොසත්ම ව්‍යාකරණයක් ඇති භාෂා තෝරා ගෙන තිබේ... එසේ කර ඇත්තේ අතීතයේදී මේ ශිෂ්ඨාචාර පිටසක්වළ ජීවය හා සබඳතා පැවතූ බවට ඇති මති මතාන්තර ආදිය සැලකිල්ලට ගෙනය...

    විශ්වයට කථා කරන්නට යැවූ මේ භාෂා 55 අතුරින් 42 වැනි භාෂාව කුමක්දැයි ඔබ දන්නවාද....?

    ඒ සිංහල භාෂාවයි...

    "ආයුබෝවන්"....!!!!

    හොඳ දේවල් නැවත නැවත දකින්න 
    http://ratagiyaattho.blogspot.kr/

    පොළොන්නරුවෙන් කොලපාට නයෙක්

    පොළොන්නරුව නව නගරය අක්‌කර පන්සීය
    ප්‍රදේශයෙන් තද කොළ පැහැති සර්පයකු හමුවී ඇත. අඩියක්‌ පමණ දිග මෙම සර්පයා අංක 07, 3 පටුමග අක්‌කර පන්සීය ප්‍රදේශයේ පිහිටි ඩබ්ලිව්. ජී. නාමල් ප්‍රසන්න (30) මහතාගේ මිදුලේ සිටියදී සොයාගෙන තිබේ. 
    කිසි දිනක නොදුටු බව පවසන මෙම කොළ පැහැති සර්පයා කැමරාවට හසු කරගත් අයුරු මෙහි දැක්‌වේ.