ඇපල් ගෙඩියේ ආයු කාලය හොයලා බැලුවොත් ගහේ හැදිලා තිබුණා වගේ දෙගුණයක් කල් කඩේ තියෙනවා. එහෙම කඩේ තියාගන්න පුළුවන් වෙන්නේ මොනවා කරලද. මොනවා හරි දෙයක් කරලනේ.
ඒ කියන්නේ කල් තබා ගැනීමේ ක්‍රම...
ඇපල් ගෙඩිවල තියෙනවා පුංචි ස්ටිකරයක් අලවලා. මෙන්න මේ ස්ටිකර් එක ගලවලා බලන්න. එතැන තියෙනවා එන්නත් සලකුණ. මේ එන්නත් කිරීමෙන් වෙන්නේ සාමාන්‍ය පලතුරක්, එළවළුවක් ස්වාභාවිකව ඉදෙන ක්‍රමයක් තියෙනවානේ. මෙන්න මේ ක්‍රමේ ඒ කියන්නේ එතිලීන් නිෂ්පාදනය නවත්වනවා. එතකොට පලතුරු, එළවළු සජීවී විදියට කලක් පවතිනවා.
සාමාන්‍යයෙන් පිටරටදී තමයි සිල්වර් නයිට්ට්‍රේට් ගොඩාක් එන්නත් වෙන්නේ. ඒ වුණාට ලංකාවේ නම් ඒකට වැඩිපුර යොදා ගන්නේ මිනී කල්තියා ගන්න ෆෝමලීන්. එහෙම ෆෝමලීන් ඉස්සාමත් පලතුර කලක් තියා ගන්න පුළුවන්. හිතන්න ඇපල් ගෙඩියක් අවුරුදු ගාණක් හැදෙන්නේ නෑනේ. මාස තුනක් යයි මලේ ඉඳලා ගෙඩිය වෙන්න. හැබැයි ඇපල් ගෙඩිය අවුරුද්දක් විතර කඩේ තියෙන්නේ මේ ක්‍රම එක්ක.
මේ ගාන දේවල් අතරේ තියෙනවා ආසනික් අඩංගු දිලීර නාශක පළිබෝධත්. තව තියෙනවා නිරාම් කියලා තහනම් කළ පළිබෝධ නාශක වර්ගයකුත්. මේවා තියෙනවා කියලා පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. අපේ රටේ මේ ගැන හරි ක්‍රමවේදයක් නැති වුණාට ඇපල් ගෙන්වන අනික් හැම රටක්ම වගේ මේ ගැන සෙවිල්ලෙන් ඉන්නේ. ඇපල් කියන්නේ අපේ රටේ අවුරුද්දකට ගෙඩි කෝටි විස්සක් කන රටක්.
අපේ රටේ ජන ඝනත්වයෙන් බෙදුවාම ඇපල් ගෙඩි ගාණ, එක්කෙනෙක් අවුරුද්දකට ඇපල් ගෙඩි දහයක් කාලා නෑ. ඒ වුණාට මං හිතන්නේ පුංචි ඒ ඇපල් ගෙඩියටත් වඩා ලොකු පැපොල් ගෙඩි නම් කෝටි හතළිහක් විතර අපි අවුරුද්දකට අපතේ යවනවා. එතකොට තව පලතුරු ජාති. වැල, වරකා, අඹ, කෙසෙල්, පේර කොච්චර අපතේ යවනවා ඇතිද. ඒ වුණාට පැපොල් වගේද ඇපල්. ෆොරින් බඩුනේ, නේද?
No comments:
Post a Comment