sha fm

    Sunday 3 November 2013

    සිසුවාගේ එකම කලිසම කතුරකින් කපපු ගුරුවරියක්

    http://ratagiyaattho.blogspot.kr/


    school-boys11 වැනි වසරේ ඉගනුම ලබන සිසුවකුගේ තමාට ඇති එකම සුදු කලිසම හිරට ඇඳගෙන පාසලට පැමිණීම නිසා අනෙකුත් දරු දැරියන් ඉදිරියේ එය පහළ සිට ඉහළට කතුරකින් කපා දැමූ බව කියන වැලිගම දෙනිපිටිය මහා විද්‍යාලයේ ගුරුවරියකට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
    ශරීර සුවතා වැඩසටහන පැවැත්වීමට පෙර පසුගිය සිකුරාදා උදෑසන මෙම සිද්ධියට ලක් වූයේ දෙනිපිටිය, මුල්ලේ බොක්කේ පදිංචි එස්.එච්. ජනිත් ඉමල්ක සිසුවායි.
    සිය මවද නොමැති ඔහු පියා විසින් කුලී වැඩ කර උපයා ගන්නා මුදලින් ජීවත් වෙයි.
    ක‍්‍රීඩා භාර ගුරුවරිය විසින් සුදු කලිසම කපා දැමීමෙන් පසු එම සිසුවා යතුරු කටු ගසාගෙන කලිසම අතින් අල්ලාගෙන අඩමින් නිවෙසට පිටත්ව ගොස් සිය අක්කාට සිද්ධිය පවසා ඇත.
    පසුව අක්කා පාට කලිසමක් අන්දවාගෙන එම සිසුවා සමග පාසලට පැමිණ ගුරුවරිය විසින් කපන ලද කලිසම පෙන්වා විමසීමක් කර තිබෙන අතර එහිදී විදුහල්පතිවරයා විසින් කලිසම ඔහු භාරයට ගෙන කබඞ් එකක දමා තිබේ.
    ඉන් අනතුරුව ගම්වාසීන් පිරිසක් රැස්ව කතුරෙන් කපන ලද සුදු කලිසම ඉල්ලා කෑ ගසන්නට වූ අතර ඒ සමගම වැලිගම මූලස්ථාන පොලීසිය එතැනට පැමිණියේ ය.
    ඒ වන විට දෙනිපිටිය මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට උනුසුම් තත්වයක් පැවතිණි.පසුව සිද්ධිය සමථයකට පත් කිරීම සදහා වැලිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා ද පැමිණියේ ය.

    ලිංගික අතවරයකට ලක්වී ඒඩ්ස් හැදුනු කුසුම්

    කොළඹින් ඉතා දුර බැහැර දුෂ්කර පළාතක උපත ලද කුසුම්, මල්ලිලා දෙදෙනකු සිටින පවුලක අක්කා විය. ඔවුන් කොතරම්  දිළිඳුදැයිි කිවහොත් වාසය කළේ හේනක් මැද වූ කුඩා පැලකය. එම පැල කටු මැටියෙන් සාදන ලද්දකි. කුසුම්ට අධ්‍යාපනය ලැබිමේ වාසනාව  තිබුණේ දෙවන ශේ්‍රණියට පමණි. දොළොස් හැවිරිදි වියේ දී ඇය වැඩි වියට පත් වූ පසු එවැනි  පැලක වාසය කිරීම ඇගේ ආරක්ෂාවට ප්‍රමාණවත් නැති බව වටහා  ගත් කුසුම්ගේ පියා ඇය වෙනත් පළාතක ඔහු දන්නා හඳුනන නිවෙසක නතර කළේය.එම නිවස ප්‍රමාණයෙන් විශාල වූ අතර එකම පවු‍ලේ දූ දරුවෝ  විවාහ වී එහි පවුල් කිහිපයක්  ලෙස පදිංචිව සිටියහ. කුසුම් එම නිවසේ නතර වී ඔවුන්ගේ වැඩ පලට උදව් දුන්නාය.මේ නිවසේ අවුරුදු තිහක පමණ පුද්ගලයකු සිටියේය. නිවසේ කාන්තාව කීවේ ඔහු තමාගේ සහෝදරයෙකු බවය. දිනක් කුසුම්ගේ දෙමාපියන් කැඳවූ නිවසේ කාන්තාව ඔවුන් සමග රහස් සාකච්ඡාවක යෙදී සිටියාය. එම සාකච්ඡාව අවසානයේ කුසුම්ව කැඳ වූ ඇගේ දෙමාපියන් කීවේ කුසුම්ගේ යහපත තකා ඇය විවාහ කර දෙන්නට යන බවයි.වයස අවුරුදු දහතුනේ දී කුසුම් තිස් හැවිරිදි පුද්ගලයකු සමග යුග දිවියට ඇතුළත් වූයේ එලෙසිනි. ඇය එකල කොතරම් කුඩා යුවතියකද කිවහොත්  මංගල ඇඳුමේ හැට්ටයට සරිලන තරමට පපු ප්‍රදේශයවත්  වැඩී තිබුණේ  නැත. බ්‍රෙසියරය තුළට රෙදි කැබලි ඔබා ඒ අඩුව සම්පූර්ණ කෙරිනි.මේ විවාහය සිදුකර තිබුණේ  කුසුම්ගේ දෙමාපියන් නොමග යවාය. වයසින් වැඩි වුවත් ඔහුට ඉඩකඩම් ආදිය ඇති බව හුවා දක්වමින් කුසුම්ව විවාහ කර දී  තිබූ අතර ඔහු කිසිදු වත් ‍පොහොසත්කමක් නැති කුලීකාරයකු බව කුසුම් හරියටම දැනගන්නා විටත් ඇය ගැබිනියක වී හමාරය.

    මේ දීගය කුසුම්ගේ ජීවිතයට මොන අතකින් වත් සතුටක් සැනසුමක් හෝ යහපතක් ගෙනාවේ නැත. ඔහුගෙන් ඇය ලද ලොකුම සම්පත වූයේ අරක්කු ටිකක්  තොල ගෑ පසු ලබන ගුටි  සංග්‍රහයන්ය. අන්තිමේ  දරුවාගේ වයස මාස තුනේදී කුසුම් දරුවා ද රැගෙන සැමියා අතහැර මව්පියන්  වෙත ගොස් පදිංචි වූවාය.
    නමුත් කුසුම්ගේ මව්පියන් ජීවත්  වූයේද  ඉතාමත් අසීරුවෙනි. දරුවා  කුඩා වැඩි නිසා කුසුම්ටද කුලී වැඩකටවත් යාමට හැකියාවක්  තිබුණේ නැත. මේ අතර ඒ ප්‍රදේශයේ  සුළු වෙළදාමකින්  ජීවත්වන තැනැත්තෙකු කුසුම්ව දැක ඇය විවාහ කර ගන්නට කැමැත්ත  පළ කළේය. දරුවා හදා වඩා ගන්නට මගක් නොමැතිකම නිසාම කුසුම් ඔහු හා යාමට එකඟ වූවාය.
    ඒ වන විට දරුවාගේ වයස අවුරුද්දකට වැඩිය. කෙසේ වුවද දෙවන සැමියාගේ දෙමාපියන් තම පුතු දරුවෙකුත් සමග බිරිඳක් නිවසට එක්කර ගෙන ඒම ගැන බලවත් සේ විරුද්ධ වූයෙන් කුසුම්ට සිදු වූයේ අකමැත්තෙන් වුවත්  දරුවා පළමු සැමියාටම භාර කරන්නටය.

    මේ විවාහයෙන් කුසුම්ට තවත් දරුවන් තිදෙනකු ලැබිණි. ඒ දියණියන් දෙදෙනකු හා පුතකු වශයෙනි. කුඩා දරුවන්  තිදෙනකු ජීවත් කරගනිමින් තම පවු‍ලේ පැවැත්ම සපුරා ගැනීමට සැමියාගේ වෙළෙඳාමෙන් හැකියාවක් නොවීය. අනෙක් අතට ඔහු උපයන මුදලින් වැඩි කොටසක් වැය කළේ මත්පැන්වලටය. මේ අනුව ඉහටත් උඩින් පිරී ඉතිරී ගිය අගහිඟකම්වලින් ඔවුනට අඩුවක් නොවිණි. නිවසේ ගැටලු වැඩි වන විට සැමියාගේ මත්පැන් බිමද වැඩිවෙයි. මත්පැන් පානය වැඩි වන විට කුසුම්ට ඔහුගෙන් සිදුවන අඩන්තේට්ටම් ද වැඩි වෙයි. ඇගේ ශරීරයේ ස්ථාන ගණනාවකම ඔහු විසින් විවිධ දේවල් වලින් දුන් පහරවල් නිසා ලත් තුවාල වලින් ඉතිරි වූ කැළැල් අදටත් පවතියි.
    මේ වන විට කුසුම්ගේ වයස අවුරුදු විසි එකකි. ඇගේ බාල දරුවාගේ වයස මාස නවයක් විය. මේ කාලයේ ඇගේ ගමට විදේශ රැකියා නියෝජිත ආයතනයක උප නියෝජිතයකු පැමිණියේ ඒ ප්‍රදේශයේ වෙසෙන මැදපෙරදිග යාමට කැමති කාන්තාවන් එසේ යැවීම සඳහා තෝරා ගැනීම පිණිසය. 
    කුසුම්ගේ සැමියාට දැනුණේ ඉල්ලමක් පෑදුණාක් වැනි සතුටකි. දරුවන් බලා කියා ගන්නට කුසුම්ගේ  මව්පියන් ද කැමැත්ත පළ කළ නිසා කුසුම් රට යාමට තීරණය කළාය. ඇයට තිබූ ලොකුම වුවමනාව වූයේ එලෙසින් හෝ මුදල් සොයා දරුවන් සතර දෙනා දුකක් නැතිව ජීවත් කර ගන්නටය.
    වැඩි කල් නොයවාම කුසුම්ට කුවේට් රටට යාමට අවස්ථාව ලැබිණි.
    ඇයට සේවය කිරීමට ලැබුණු නිවසේ සිටියේ මැදිවියේ යුවළක් හා ඔවුන්ගේ දරුවන් දෙදෙනාය. මසකට වතාවක් එම කාන්තාවගේ සොයුරා පැමිණ දින කිහිපයක් එහි නතර වී හිඳ යයි.
    කුසුම් ලිපි ලියා තම පවු‍ලේ අයට යවන ලෙස කියමින්  තැපැල් කරන්නට දුන්නේ එම නිවසේ කාන්තාවටය. නමුත් කුසුම් යැවූ ඒ කිසිදු ලිපියකට පිළිතුරු ලැබුණේ නැත. මේ ගැන සිතමින් කල්පනා කරමින් හිඳින අතරේ දිනක් එම නිවසේ පිරිමියා බලහත්කාරයෙන් ඇගේ කාමරයට රිංගුවේය. කොතෙක් උත්සාහ කළත් ඔහුගෙන් ඇයට ගැලවීමක් ලැබුණේ නැත. පසුව ඇය මේ පිළිබඳව ස්වාමි දුවට පැමිණිලි කළේ විසඳුමක් අපේක්ෂාවෙනි. ඇය ඇගේ භාෂාවෙන් උඹට අපි සල්ලි දීලා ගත්තේ ඒකටත් එක්ක තමයි කී කල කුසුම් ගල් ගැසී බලා සිටියාය. ඉන් එහාට කළ හැකි කිසිවක් ඇය සතු වූයේ නැත.
    කුසුම් ලිංගික ගොදුරක් බවට පත්වූයේ එම හාම්පුතාගේ පමණක් නොවේ. මසකට වතාවක් එහි පැමිණ යන ස්වාමිදුවගේ සහෝදරයා ද තම ලිංගික ආශාවන් සපුරා ගැනීම පිණිස කුසුම්ව පාවිච්චි කළේය.
    මේ සියලු දේ මෙසේ සිදු වුවත් ඔවුන් කුසුම්ට තඹ දොයිතුවක වැටුපක් දුන්නේ නැත. ඇය විසින් සැමියාට සහ දෙමාපියන්ට යවන ලද ලිපි කිසිවක් ඔවුන් තැපෑලට දමා තිබුණේද නැත. වැටුප් ගැන මතක් කරන විට ඔවුන් නිර්ලෝභීව ප්‍රදානය කළ දෙයක් තිබිණි. ඒ කුසුම්ව ඇගේ කාමරයට දමා ඇති තරම්  පහර දීමය.
    දැන් කුසුම් කුවේට් පැමින මාස හයක්ද ගත වී තිබේ. දරුවන් ගැන සැමියා ගැන මව්පියන් ගැන කිසිදු තොරතුරක් නොමැත. දරුවන් කෙසේ කනවා බොනවා ඇතිද? බාල පුතුට කිරිපිටි මිලදී ගන්නේ කොහොමද? වැනි ගැටලු සිහිපත් වන විට කුසුම්ගේ හිස ගිනි ගනී. අන්තිමේ  ඇයට කළ හැකිව තිබුණේ එකම දෙයක් පමණි. ඒ මෙම නිවසින් පැනයාමය. 
    නමුත් සිව් මහල් නිවසකින් පැන යාම පහසු නොවේ. කෙසේ හෝ අවස්ථාවක් ලැබුණු සැනින් පැන යන අදහස සිත  ඇතිව කුසුම්  බෝල්‍පොයින්ට් පෑනකින් සිය සුදු පැහැති යට සායේ තමන් වාසය කරන නිවසේ දුරකථන අංකය, තමාව එවන ලද රැකියා නියෝජිත ආයතනයේ එරට කාර්යාලයේ දුරකථන අංකය ලංකාවේ තමන්ගේ  අසල්වැසි නිවසක දුරකථන අංකය තම ජාතික හැඳුනුම්පත් අංකය යන මේවා ලියා ගත්තාය. ඇය එසේ කළේ මේවා සටහන් කළ කඩදාසි කැබැල්ලක් වත් අත තබා ගන්නට හැකියාවක් නොමැති වීම නිසාය.
    එක්තරා දිනයක ඇයට උඩුමහ‍ලේ එක දිගට සාරි වනා ඇති අයුරු දක්නට ලැබිණි. එය අඳුර පැතිර තිබූ යාමයයි. සාරි එකින් එක ගෙන ඒවා ලණුවක් මෙන් රෝල් කර දිග වැලක්  ආකාරයට සවිමත්ව ගැට ගැසූ කුසුම් එහි එක් කොනක්  ජනේලයක ගැට ගසා අනෙක් කොන පහලට දැමුවාය. එය  ‍පොළවට  ආසන්න දිගකින්  තිබිණි. අසීරුවෙන් එහි එල්ලුනු කුසුම්  සිතට දිරිගෙන ජනෙල් පඩි වලට දෙපා තබමින්  ක්‍රමයෙන් පහලට බසින්නට වූවාය. ඇය මේ ක්‍රියාව කළේ ජීවිත ආශාව අතහැර දමාය. කෙසේ හෝ පහල ටැක්සියක් නතර කර තිබිණි. එහි රියැදුරා රෙදි ‍පොටක් දිගේ පහලට එල්ලෙමින් බසින මේ තරුණ කාන්තාව දුටුවේය.
    ''මැරෙන්නද හදන්නේ ? මේ වාහනේට අඩිය තියන්න  ඔහු උඩ බලාගෙන කෑ ගැසීය.
    කුසුම් මෝටර් රථයට දෙපා තබා හති අරින්නට වූවාය. රැකෙම්වා හෝ මියෙම්වායි සිත දැඩි කරගෙන තමා ඉදිරියට තැබූ පියවර සාර්ථක වීම ගැන කුසුම්ට දැනුණේ මහත් සැනසිල්ලකි. ඇය එම ටැක්සි  රියැදුරාට කතා කර තමා රැකියා ඒජන්සියට ඇරලවන ලෙස ඉල්ලා සිටියාය.
    ඔහු ඇය මෝටර් රථයේ නංවාගෙන පාරවල් ගණනාවකින් ගොස් මුහුද අයිනේ රථය නතර කළේය.
    මං ඒජන්සියට ඇරලන්නම්. හැබැයි ඊට කලින් මාත් එක්ක උඹ ඉන්න ඕන.
    ඔහු කියද්දී කුසුම්ට දැනුණු අසරණකම නිමක් නැති තරම් විය.
    එම රාත්‍රියේ කිසිදු හව් හරණක් නැතිව කායිකවත් මානසිකවත් අන්ත අසරණ තත්ත්වයට පත් වූ කුසුම් එම ටැක්සි රියදුරාට  අවනත වූයේ ජීවිතාශාව නිසා මිස කිසිදු ලිංගික හැඟීමකින් නොවේ.
    ඉන්පසු ඔහු ඇය රැගෙන රැකියා ඒජන්සියට යන බව පවසා ගියේ වෙනත් නිවසකටය. එහි සිටියේ බංග්ලාදේශ ජාතිකයෙකි. ටැක්සි රියැදුරා ඒ තැනැත්තාට කුසුම්ව භාර දී  ඩිනාර් පන්සීයක් ලබා ගත්තේය. කුසුම් හඬා වැටුණාය. නමුත් බංග්ලාදේශ ජාතිකයාට කළ හැකිව තිබුණේ කෑම බිම දී ඇය තම කාමරයේ රඳවාගෙන  ලිංගික ප්‍රයෝජන ගැනීම පමණි. මෙසේ සතියක් ගතවිය.
    මාව සී.අයි.ඩී. එකෙන් චෙක් කළොත් අහුවෙන්න පුළුවන්. ඒ හින්දා මං ඔයාව වෙන තැනකට යවන්නම්. කියූ බංග්ලාදේශ ජාතිකයා ඇය එක්කරගෙන ගියේ තවත් නිවසකටය.  එහි සිටියේ ඉන්දියන්  ජාතිකයෙකි. ඔහුට කුසුම්ව දී හෙතෙම ඩිනාර් දහසක් ලබාගත්තේය. දැන් කුසුම් ඉන්දියන් ජාතිකයාගේ  ලිංගික ගොදුර වී සිටියි. 
    දරුවන් ගැන කිසිම තොරතුරක් නැත. ඔවුන්ට කුමක් වී ඇත්දැයි ඇය නොදනී. සත පහක ආදායමක් මේ වන තුරුත් ඇයට හිමි වී ද නැත. කුසුම්ට සිය දිවි නසා ගන්නට  සිතුණේ වරක් දෙවරක් නොවේ. නමුත් දරුවන්  ගැන සිතා නැවතත් ඇය සිත ශක්තිමත් කර ගත්තාය.
    සී.අයි.ඩී. එකෙන් ප්‍රශ්න  එයි අපිව අහු වුණොත්. මං ඔයාව ලංකාවේ අක්කා කෙනෙක් ළඟට ඇරලන්නම්.
    සති දෙකකට පමණ පසු ඉන්දියන් ජාතිකයා කීය. කුසුම්ට දැනුණේ මහත් වූ සතුටකි.
    එක්තරා දිනයක ඔහු ඇයව තට්ටු නිවසකට ගොස් ඇරලවීය. එහෙත් ඔහු කුසුම්ව එම ශ්‍රී ලාංකික කාන්තාවට භාර දුන්නේ  නිකම්ම නොවේ. ඔහු විසින් ඒ අවස්ථාවේ ඩිනාර් තුන් දහසකට කුසුම්ව අලෙවි කර තිබිණි.
    එම කාන්තාව කුසුම්ට හොඳින්  සැලකුවාය. විසිතුරු ඇඳුම් ගෙනත්  දුන් අතර මුහුණේ  මේක් අප් ආදිය දමා ප්‍රසන්න ලෙස සිටින අන්දම පුහුණු කළාය. දැන් සති දෙකක් පමණ ගතව ඇත. 
    අනේ අක්කෙ මට මොකක් හරි රස්සාවක් හොයල දෙන්න. මගෙ දරුවො බඩගින්නෙ ඇති කුසුම් පින්සෙන්ඩු වූවාය.
    ඔයා වෙන කොහේ හරි රස්සාවල් වලට යන්න ගියොත්  අහුවෙනවා. අහුවෙලා ජේල් එකට දැම්මොත්  ආයෙ එළියට ඒමක් නෑ. ඔයාට ගෙදරට යවන්න සල්ලිනේ ඕනේ. ඒ හින්දා මං කියන විදිහට වැඩ කරන්න.
    ඒ කාන්තාව උපදෙස් දුන්නාය. ඇය පවසා සිටියේ  කුසුම්ට එහි පැමිණෙන පිරිමින් ලිංගිකව සතුටු කරන ලෙසයි. ඒ සඳහා පිරිමින්  විසින්  ගෙවනු ලබන මුදලින් හරි අඩක්ම ඇයට දෙන බවටද එම කාන්තාව ‍පොරොන්දු වූවාය. නමුත්  කුසුම්ට ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් තිබුණේ නැත. ඇය එම කාන්තාවගෙන් ඉල්ලා සිටියේ  තමාට සැමියාට සහ දරුවන්ට කතා කරන්නට දුරකථන ඇමතුමක් රැගෙන දෙන ලෙසයි. එම කාන්තාව ඊට ඉඩ  දුන්නාය. අසල්වැසි  නිවසක අංකයට කතා කළ පසු සැමියා වහා ඒ නිවසට පැමිණ ඇමතුමට පිළිතුරු දුන්නේය.
    කොහෙද පට්ට ......... යනුවෙන් අමුතිත්ත කුණුහරුපයකින් කතාව ආරම්භ කළ ඔහු මාස නවයක කාලයක් මුදල් හෝ කිසිදු තොරතුරක් නොමැති වීම ගැන කුසුම්ට බොහෝ  සෙයින් දොස් පැවරුවේය. ඇයට දැනුනේ මුළු ලෝකයම තම දෙපා මුල කඩා වැටුණාක් බඳු කලකිරීමකි.
    ඔහාට ආව නම් වල්කමේ ගිහින්  හරි කමක් නෑ. මට සල්ලි එවාපිය. තොගෙ දරුවන්ට කන්න දෙන්න ඕන නම් ඔහු ඇමතුම විසන්ධි කළේ එවැනි  නරුම වදන් පෙළකින් ඇයට සංග්‍රහ කරමිනි.
    මැදපෙරදිග පැමිණි දා සිටම කුසුම්ට සිදුවූයේ පිරිමින්ගේ අතින් අතට මාරු වන්නටය. තෙමිච්ච කුකුළාට සීතල නෑ යි සිතූ කුසුම් අන්ත කලකිරීම් හමුවේ සිත හදා ගත්තාය.
    වසර හතරක් තිස්සේ එම ගණිකා නිවාසයේ රැඳි හිඳිමින්  විවිධාකාර  පිරිමින්ව සතුටු කළ ඇය මාස් පතා රුපියල්       ලක්ෂයකට ආසන්න මුදලක්  සැමියා හට එව්වේ දරුවන් ගැන සිතාය. ඒ අතර ලක්ෂ පහලොවක පමණ රන් ආභරණ මිලදී ගන්නටත් තවත්් ලක්ෂ විස්සක පමණ මුදලක් අතේ ඉතිරි කර ගන්නටත් ඇයට හැකිවිණි. ඉන්පසු කුසුම් මව්බිමට පැමිණියේ  සිය දරුවන් සහ සැමියා  සමග යහපත් ජීවිතයක්  ආරම්භ කිරීමේ බලා‍පොරොත්තුව ඇතිවය.
    නමුත් ඇගේ සැමියාට ඇයගේ පැමිණීම කිසිදු සතුටක් ඉපදවූයේ නැත. ඔහු ඇයට කරදර කරමින්  ඇගේ බැංකු ‍පොතේ තිබූ මුදල්වලින් සුළු කොටසක්  ඉතිරි වෙද්දී අනෙක් සියල්ලම බලහත්කාරයෙන්ම ලබා ගත්තේය. එපමණක් නොව ඇයට පෙර පරිද්දෙන්ම තලා පෙලා  හිරිහැරද කළේය. ඔහුට වෙනත්  බිරිඳක් සිටින බව කුසුම් දැන ගත්තේ තම බැංකු ‍පොතේ තිබූ මුදලින් සෑහෙන කොටසක් ඔහු  විසින් ඩැහැ ගත්තාටත් පසුවය.  අන්තිමේ දරුවන් තුන් දෙනාවද රැගෙන ඇය මව්පියන් වෙත ගියාය.
    ඉන්පසු ඇය දරුවන් ජීවත්  කරවීම සඳහා නොකළ කුලී වැඩක් නැත. බැරිම තැන කුසුම් යළිත්  මැදපෙරදිග යාමට තීරණය  කළේ වෙන කරන්නට දෙයක් නැතිකමටය. එවර ඇයට යාමට ලැබුණේ ඩුබායි රටටයි.
    ඒ රටට ගිය පසු මුලින්ම කරනු ලබන වෛද්‍ය         පරීක්ෂණයෙන් පසු ඇය එක්තරා ස්ථානයකට යවනු ලැබිණි. එය කාමරයක් විය. එහි ඇය වැනි කාන්තාවෝ තව දහ පහළොස් දෙනෙක් සිටියහ. ඔවුන් කිසි හාවක් හූවක් නැත. වෛද්‍ය පරීක්ෂණයෙන් පසු තමාව රැකියාව කිරීම පිණිස අදාළ  නිවසට භාර  නොදෙන්නේ මන්දැයි කුසුම් තුළ ඇති වූයේ විමතියකි. ඒ ගැන දැන ගන්නට කෙනකු  සිටියේ ද නැත.
    මේ අතර ඇය ගැන කිසිදු  තොරතුරක් නැති නිසා ඇගේ සොයුරා මෙරට රැකියා නියෝජිත ආයතනයට කතා කර ඇය පිළිබඳව විමසා ඇත. එහිදී ඔවුන් පවසා ඇත්තේ අමුතුම කතාවකි.
    එයාට භයානක බෝ වෙන ලෙඩක්. තව සතියකින්  ඉන්ජෙක්ෂන් එකක් දීලා  එයාව මරල දායි...
     මේ කතාව ඇසූ කුසුම්ගේ සොයුරා තැති ගත්තේය. ඔහු තැති ගත්තේ තම සොයුරිය මරා දමාවි  යන බියෙන් නොවේ. ඇගේ දරුවන්ටත් එම රෝගය බෝවී ඇතැයි යනුවෙනි. ගෙදර පැමිණි ඔහු ඒ  මොහොතේම කුසුම්ගේ දරුවන් තිදෙනා නිවසින් එලවා දැමීය. ඉන්පසු ඒ  අසරණ දරුවන්ට රැකවරණය දුන්නේ අසල්වැසි  පවුලකි.
    රැකියා ඒජන්සියෙන් පැවසූ අන්දමට  කුසුම්ව මරා දැමුවේ නැත. ඒ වෙනුවට ඇය ටික දිනකින් ආපසු ලංකාවට එවා තිබිණි. එයට හේතුවක් ඇය දැන සිටියේ නැත. ලංකාවට එන විට ඇගේ දරුවෝ අන්ත අසරණ වී සිටියහ. ගමේ තිබූ රජයේ ඉඩමක අසල්වැසි කිහිප දෙනකුගේ උදව්වෙන් ඇය ඉටිරෙදි ගසා පැලක් තනවා ගත්තේ දරුවන් සමග ජීවත් වන්නටය. ඇය ඔවුන් රැක ගැනීමට අතට හසුවන හැම කුලී වැඩක්ම කළාය.
    මෙසේ මාස හතරක් පහක් ගත විය.  කුසුම්ගේ  දිවේ උල්ලෝගම් වැනි කිරි මැලියම්  බැඳෙන්නට වූ අතර ඇගේ කොණ්ඩය අතින් ඇල්ලූ විටත් ගැලවී වැටිණි. සිරුර බලා සිටියදී කෘශ විය. ඇවිදින විට තමා සුළඟටත්  වීසි වනු ඇයට දැනිණි. අව්වේ සිටින විට සිරුර කහ පැහැවිය. ඇය ක්ලාන්ත වී ඇද වැටෙන තත්ත්වයටම පත්විය. බලා ඉන්නට බැරිකමට කුසුම්ගේ පියා ඇය ළගම තිබූ රජයේ රෝහලක නතර කළේය. නමුත් කුසුම්ගේ රෝගයක් සොයා ගත නොහැකි වූ නිසා ඇය වෙනත් ප්‍රධාන රෝහලක්  වෙත මාරු කරනු ලැබිය.
    කුසුම්ට එච්.අයි. වී. ශරීරගත වී ඒ වන විට ඒඩ්ස් තත්ත්වයටම පැමිණ ඇති බව එහිදී  අනාවරණය කර ගනු ලැබිණි. ඇය වහාම කොළඹට නුදුරු අයි.ඩී.එච්. රෝහලට මාරු කරනු ලැබිය. 
    කුසුම් මාස හයක් එම රෝහ‍ලේ ඇඳ මත වැටී සිටියාය. නැගිට ගන්නට ඇයට වාරු නැත. හිසේ එක කෙස් ගහක් වත් නොමැත. ශරීරය අඟුරු  මෙන් කළු පැහැවී තිබේ. සිරුර පුරා ඉබේම තුවාලද මතු වී ඇත.
     කුසුම් මරණය ළං වෙන තුරු ඔහේ  බලා සිටියාය. ඇගේ දරුවෝද ඉඳ හිට ඇය බලන්නට පැමිණියහ. කුසුම්ගේ  දහසය හැවිරිදි වැඩිමහල් දියණිය තරුණයකු සමග පලාගොස් විවාහ වී තිබුණේද මේ කාලයේ දීමය.
    එච්.අයි.වී. වෛරසය වැඩෙන්නේ රුධිරයේ සුදු රුධිරාණු ෙසෙලවල ඇති වසා ෙසෙලවලය. එම වසා ෙසෙල වලද CD 4 නමින් ෙසෙල කොටසක් තිබේ. වෛරසය වසා ෙසෙල වල වර්ධනය වන විට වසා ෙසෙල විනාශ වන අතර CD 4 ෙසෙලද අඩුවේ. CD 4 ෙසෙල සාමාන්‍යයෙන් අපේ ශරීරයේ තිබිය යුතු ප්‍රමාණය දළ වශයෙන්  දහසකට ඉහළ වේ. එච්. අයි. වී. ආසාදිතයකුගේ එය තුන්සියය දක්වා අඩු වීම යනු රෝගියා ඒඩ්ස් තත්ත්වයට පත්වීමය. කුසුම්ගේ CD 4 ෙසෙල හතලිහ දක්වාම අඩු වී තිබිණි.
    කෙසේ හෝ කුසුම්ට ජීවත් වීමට වාසනාව තිබිණි. ඇයට කරන ලද ප්‍රතිකාරවලින් ඇගේ CD 4 ෙසෙල ප්‍රමාණය ඉහළ නැංගේය. මාස හයකට පසු ඇයට ආපසු ගෙදර ඒමට ලැබිණි.
    දැන් ඇයට එච්.අයි.වී. ආසාදනය වී වසර දහයකි. එය දැන ගත්දා සිට ඇය කිසිදු පිරිමියකු සමග කායික ඇසුරක් පැවැත්වූයේ නැත. ඇගේ දරුවන් ද ඔවුන්ගේ කැමැත්තට අනුව අඩු වයස් වලින්ම විවාහ දිවියට ඇතුලත්ව තිබිණ. දැන් අගනුවර නතර වී කුසුම් කුඩා රැකියාවක් කරමින් ජීවත් වන්නීය. උපන්දා සිටම දුකම අනුභව කළ ඇය තමා අද මේ තත්ත්වයට පත්ව හිඳීම ගැන උපේක්ෂාවෙන් බැලීමට තරම් මනසින්  ‍පොහොසත්ය. දිනපතා ඒඩ්ස් ප්‍රතිවිරෝධී ඖෂධ(Antiretro viral drugs) ගන්නා ඇයට දැන් බරපතල රෝගාබාධ කිසිවක් නැත. ඇගේ CD 4 ෙසෙල සංඛ්‍යාවද දැන් 1340 දක්වා ඉහළ නැග තිබේ.
    ඉන්දු පෙරේරා 

    Thursday 31 October 2013

    කොරියානු විභාග ප්‍රතිපල හෙට

    කොරියානු විභාග ප්‍රතිපල හෙට

    koreaපසුගිය ඔක්තෝබර්මස19 සහ 20 යන දිනවල පැවති කොරියානු භාෂා ප්‍රවීණතාවිභාගයේ ප්‍රතිඵල හෙට(01) දිනයේ නිකුත් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.ඒ සඳහා අපේක්ෂකයෝ විසිදහස් හාරසිය අනු දෙදෙනෙකු (20,492) පෙනී සිටියහ.විභාගයේදි ලකුණු 200න් ලකුණු 80ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය. කෙසේවෙතත්,කඩඉම් ලකුණු ප්‍රමාණය කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මගින් පසුවප්‍රකාශයට පත් කිරිමට නියමිතය.
    විභාග ප්‍රතිඵල www.slbfe.lk , www.eps.go.kr සහ www.hrdkorea.or.kr යන වෙබ් අඩවි මගින් ලබා ගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.තම විභාග අංකය සහ ගමන් බලපත්‍ර අංකය බාහිරපුද්ගලයින්ට ලබා දීමෙන් වළකින ලෙසද එම කාර්යංශය ඉල්ලා සිටී.

    Wednesday 30 October 2013

    අනුන්ගේ Calls වලට ඇහුන්කන් දෙමු. ( Hack Tricks )


    අනුන්ගේ Calls වලට ඇහුන්කන් දෙමු. ( Hack Tricks )

    ඇත්තෙන්ම මේකෙන් කරන්න පුලුවන් ලොකුම දේ තමයි අනුන්ගේ  calls වලට ඇහුම්කන් දෙන එක.මේක  අධ්‍යාපනික  දැන ගැනීම සදහා පමණයි මොකද මේ වගේ ඒව තියෙනවා කියලා දැන ගත්තම මේවායින් ගැල වෙන්නත් පුලුවන්.වැරදි වැඩ සදහා බාවිතා නොකරන ලෙසත් ඉල්ලා සිටින්නෙමු.
    මෙය අකටයුතු සදහා බාවිතා කිරීම පිලිබදව අප කිසිදු වගකීමක් බාරගනු නොලැබේ !
    මේක පරණ ක්‍රමයක් ,ගොඩක් අය තවම දන්නේ නෑ මේක.ඒ නිසා මේ වගේ දේවල් දැන සිටීම ඔබට වැදගත්.

    මේකට මුලින්නම් ඔයාලා Gmail account එකක ඕනා..හැබැයි එකේ හදන විදියක තියනවා.ඔයාලා account එකක් හදන්න ඕනා පහත උදාහරණ විදියට,


    උදාහරණ : Dialognoreply@gmail.com  , Dialogsrilanka@gmail.com  , Sridialog@gmail.com  , Mobiteltelicom@gmail.com , Hutchme2you@gmail.com  
    ඔන්න ඔය වගේ තාම හදන්න ඕනා .මේක ඔයාල hack කරන්න යන කෙනාගේ connetion එක අනුව ගැලපෙන එක්කක් හද ගැන ඕන .මෙහෙම හදන්නේ victims ව රවට්ටන්න.
    එහෙනම් දැන් ඊලග පියවරට යමු .


    01.ඔයාලා අලුත් sim එකක ගන්න ඕනා .ඔයාලා sim එක ගැන ඔන්න ඔයාලා hack කරන්න යන sim එකේ ජාතියම වෙන්න ඕනා .

    02.ඊට පස්සේ ඔයාලා Gmail account එකට log වෙන්න ඕනා.

    03.දැන් ඔයාලා hack කරන්න යන කෙනාගේ 4n Number එක contact list එකට addකරන්න Gmail එකේ  හොදේ.

    04.ඊට පස්සේ ඔයාලා Gmail sms යවන window එක open කරගෙන මේ විදියට msg එකක් යවන්න.මේක ඔයාලට කැමති විදියට වෙනස් කරගන්න.හැබැයි ඔයාල hack කරන්න යන කෙනාට නොතේරෙන විදියට .මේ ගැන සැක නොහිතෙන විදියට .

    Dialog wethin obta vishesha wasiyak
    Obata onama ratakata  30 min kalayak
    Nomle.meya sakkriya kara ganima sadaha
    Pahatha ankaya amatha liya padinchi wenna.
    $$$$$$$$$$$$$$$$
    ඔන්න ඔය විදියට ඔයාල මේක තව ඕන විදියට රැවටෙන විදියට හොදට හද ගන්න ;)

    05.දැන් ඔන්න වැඩේ ගොඩක් දුර ඉවරයි .දැන් තියෙන්නේ මම පහලින් දෙනවා codeවගයක්.ඔයාල තියෙන්නේ ඒ code එක ඔයාල යවන sms එකට දාන්න,මම $ mark එක  දාලා තියන තැනට මම දෙන codeඑක දාන්න ඕනා.

    ඔන්න පලවෙනි එක.

    **67*$$$$$$$$$$ #
    මේ code එකදාපුවහම  වෙන්නේ ඒ කෙනා call එකක ඉන්නකොට ඒ call ටික ඔයාගේnumber එකට එන එක ,
    මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
    #67#$$$$$$$$$$ #

    මෙන්න දෙවෙනි එක.

    **62*$$$$$$$$$$ #
    මේ code එකදාපුවහම  වෙන්නේ ඒ කෙනා 4n එක off  වෙලා තියනකොට Signal නැති වෙලාවට  ඒ call ටික ඔයාගේ number එකට එන එක ,
    මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
    #62#$$$$$$$$$$ #

    මෙන්න තුන්වන එක.

    **61*$$$$$$$$$$
     #
    මේ code එකදාපුවහම  වෙන්නේ ඒ කෙනා call එක answer කරන්නැති වෙලාවට  ඒ call ටික ඔයාගේ number එකට එන්නේ
    මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
    #61#$$$$$$$$$$ #

    මෙන්න හතර වෙනි එක.

    **21*$$$$$$$$$$ #
    මේ code එකදාපුවහම  වෙන්නේ ඒ කෙනාට එන සේරම call ටික ඔයාගේ number එකට එන්නේ .
    මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
    #21#$$$$$$$$$$ #
    මම $ mark එක දාලා තියන තැන වලට ඔයාලා hack කරන්න යන කෙනාගේ Number එක දාන්න ඕනා.එක දන්නේ මේ විදියට .
    උදාහරණයක් :  “077$$$$$$$”
    හරි එහෙනම් වැඩේ හරි .අපි මේකේ Gmail එකකින් sms එක යවන්නේ එතකොට එයට පෙන්නනේ වෙන number  එකකින් නිසා.

    අපි දැන් sms එක යවන්න ඕනා.ඊට පස්සේ එය එක කියවලා අර number එක Dial කරපුවහම සේරම call ඔයාගේ එකට එනවා.

    මෙය elitehacz බ්ලොග් අඩවියෙන් උපුටාගත් ලිපියකි.

    තව දෙයක් : ඔය වැඩේට ඔයාලත් අසු වෙලා නම් ##002 # ගැහුවම ඔය ඔක්කොම කැන්සල් කරන්න පුළුවන්

    Saturday 26 October 2013

    වසර දෙකක්‌ තිස්‌සේ අතපය පුච්චලා මට දස වද දුන්නා

    ********- ඩුබායි ගිහින් හිස්‌ අතින් ගෙදර ආ මනෝහාරි 'දිවයින'ට කියයි

    රඹුක්‌කන - නිහාල් පුෂ්පකුමාර
    අතරමඟ නතර වූ නිවස අසල මනෝහාරි හා දරුවා සහ මනෝහාරිගේ කකුල් දෙක පිළිස්‌සී තිබූ අයුරු.
    ගේ හදාගන්න කියලයි රට ගියේ. නමුත් අවුරුදු දෙකකටත් වැඩි කාලයක්‌ දස වද විඳින්න වුණා. අතපය පිච්චුවා. වේවැල් පහර කොච්චර නම් කෑවාද කියලා මතක නෑ. මේ ඔක්‌කොම දුක්‌ විඳගෙන අවුරුදු දෙක ඉවර වෙනකල් ඉඳලා යන්න ඕනෑ කීවාම කාමරයකට දාලා දොර වහලා වේවැලෙන් ගැහුවා. කොහොම හරි අන්තිමට එන්න ටිකට්‌ එක දුන්නා. ඒත් මාස 7 ක පඩි දුන්නේ නෑ, 
    අන්තිමට මට එන්න වුණේ එදා යනකොට ගෙදරින් ඇඳගෙන ගිය ඇඳිවත පමණක්‌ උරුම කරගෙනයි. අඩු තරමින් සෙරෙප්පු දෙකක්‌වත් නැතිවයි, මම ගෙදර ආවේ. සමහරු එනකොට අතින් කටින් එල්ලගෙන විතරක්‌ නෙමෙයි නැවෙත් බඩු පෙට්‌ටි එවනවා. ඒත් මම ''සිලි සිලි'' බෑග් එකක්‌වත් නැතිව අත් දෙක වන වනා ගෙදර ආවා යෑයි ඩුබායි රටේ වසර 2 කට අධික කාලයක්‌ ගෘහ සේවිකාවක ලෙස සේවය කර හිස්‌ අතින් නිවසට පැමිණි රඹුක්‌කන, මුවපිටියේ කපුරුකඩේ හන්දියේ පදිංචි එම්. ජී. සුභාෂිණී මනෝහාරි ජයතිලක (අවු. 23) මහත්මිය "දිවයින" හමුවේ පැවසුවාය.
    මෙහිදී අදහස්‌ දැක්‌වූ ඇයගේ ස්‌වාමි පුරුෂයා වන එස්‌. සී. සංජීව උපුල් කුමාර මහතා 
    බිරිඳ රට ගියේ අපිට ගෙයක්‌ හදාගන්න ඕනෑ කියලයි. ඇය රට යන විට දුවට අවුරුදු එකහමාරයි. එදා ඉඳලා මම දරුවා බලාගෙන ගෙදර හිටියා. මට කීයක්‌ හරි හොයා ගන්න විදිහකුත් නෑ, බිරිඳ ඒ රටේ දුක්‌ විඳිනවා කියලා මම කුරුණෑගල ඇය රට යෑවූ ඒජන්සියට කීවා. නමුත් ඔවුන් ගණන් ගත්තේ නෑ, විදේශ රැකියා නියුක්‌ති කාර්යංශයට කීවා. ඒත් කිසි වැඩක්‌ වුණේ නෑ, අන්තිමට මාස 7 ක පඩියකුත් දීලා නෑ. ඒ මදිවාට බිරිඳගේ අතපය පුච්චලා වේවැල් පහර දීලා දුප්පත් අපි මේවා කාට කියන්නද? එක අතකට හිතෙනවා, පණ බේරගෙන එන්ඩ ලැබීමත් ඇති කියලා. මම බලධාරීන්ගෙන් ඉල්ලනවා අපිට වෙච්ච මේ අසාධාරණයට පිහිට වෙන්න කියලා.

    සනත් ජයසූරියගෙන් මිලියන 800ක වන්දියක් ඉල්ලයි.

    http://ratagiyaattho.blogspot.kr/


     ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතාගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව පවසමින් ඔහුගේ තිදරු බිරිය සැන්ඩ්‍රා ටානියා රෝස්මරී ද සිල්වා මහත්මිය ඊයේ (25) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළා. බිලියනයකට අධික ඩේපළවලට හිමිකම් දරන සනත් ජයසූරියගෙන් වෙන් වීමට අවශ්‍ය බවත් මේ නිසා තමන් සහ දරු තිදෙනාට රුපියල් මිලියන 800ක නඩත්තු වන්දියක් අවශ්‍ය බවත් ඇය පෙත්සම මගින් ඉල්ලා සිටියා.

    දරුවන්ගේ ප්‍රයෝජනය සදහා මෝටර් රථ දෙකක් අවශ්‍ය බවත් තමන් පදිංචිව සිටින නිවස ඔහුගේ වියදමින් අලුත්වැඩියා කර දෙන ලෙස ද ඇය ඉල්ල තිබෙනවා



    සනත් සහ සැන්ඩ්‍රා අතර මින් ඉහත අධිකරණයේ නඩුවක් විභාග වුවත් දෙපාර්ශවයේ එකගතාව මත එය සමථයට පත්ව තිබුණ අතර ඇය මෙම නඩුව පනවා ඇත්තේ අලුතිනි.

    සනත් සැන්ඩ්‍රා විවාහයෙන් දරුවන් තිදෙනෙකු සිටී. මෙම නඩුවේදී සැන්ඩ්‍රා විසින් රුපියල් මිලියන 800ක වන්දියක් ඉල්ලා සිටින අතර එය ලැබුනහොත් ලංකාවේ දික්කසාද නඩු ඉතිහාසයේ විශාලතම වන්දි මුදල වනු ඇති බව අධිකරණයෙන් වාර්තා වේ. තවම නඩු විභාගය සදහා දිනයක් ප්‍රකාශ කර නැත.

    මිතුරන්ට විකුණු පෙම්වතිය ඊට‍ කලින් තාත්තා දූෂණය කරලා...



    මොරටුව ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවිකාවක වූ ඇයට අපි නිර්මලී යැයි කියමු. නිර්මලී කළුතර වස්කඩුවේ පදිංචිකාරියකි. 

    මවත්, පියාත් ජීවත්වන්නේ වෙන්වය. පියාගේ බේබදුකම හේතුවෙන් පවුල මෙසේ කැඩී ඉහිරී ගොස් ඇත. කාලයක් පියාගේ රැකවරණ මත ජීවත් වූ ඇය මොරටුවේ ඇඟලුම් කම්හ‍ලේ රැකියාවට එන්නේ තවදුරටත් පියාගේ රැකවරණය මත ජීවත්වීම ඵලක් නොවන බව වටහාගත් බැවිණි.

    විසි දෙහැවිරිදි ඇය මෙයට වසරකට එකහමාරකට පමණ පෙර මොරටුවේ නවාතැන් ගත්තේ මෙකී ඇඟලුම් කම්හ‍ලේම සේවයේ නිරත තරුණියන් සිටි බෝඩිමකය. එම බෝඩිමද පිහිටියේ ඇඟලුම් කම්හල පිහිටි මොරටුවේ මුරවත්ත ප්‍රදේශයේමය.


    ඇය ඇඟලුම් කම්හ‍ලේ සේවයට ගොස් වැඩිකල් යන්නට මත්තෙන් එම කම්හලෙන්ම පෙම්වතෙකුද සොයා ගත්තාය. ඔහුගේ නම කැළුම්ය. විසිහත් හැවිරිදි කැළුම් කහවත්තේ පදිංචිකරුවෙකි. ඔහුද ඇඟලුම් කම්හ‍ලේ සේවයට ආවේ ගියේ බෝඩිමක සිටය.


    පෙමින් බැඳුණු මුල් කාලයේ, නිවාඩු දිනවල ඒ දෙදෙනා අත්වැල් අල්ලාගෙන පෙම් උයන් සහ මුහුදු වෙරළේ සැරිසැරුවත් වැඩි කල් නොගොස් ඔවුන් දෙදෙනා තනිවූයේ හොටල් කාමරවලය. එහිදී දෙදෙනා අඹු සැමියන් ලෙසද එක්වන්නේ තනිවුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමිනි.


    ඒ ඇතැම් අවස්ථාවල ඔහු තම ජංගම දුරකථනයේ ඇති කැමරාවෙන් ඇගේ නිරුවත් දර්ශන මෙන්ම ඇය සමග එකට සිටිනා ආකාරයද වීඩියෝ ගතකරනු ලැබිය. ඊට ඇගේ අකමැත්තක්ද නොවූයේ ඒ ගැන බරක් පතළක් ඇයට නොදැනුණු බැවින් විය යුතුය. එසේම ඇය විශ්වාස කළේ ඔහු යම් දිනක නිසැකවම තමාව  විවාහකර ගනු ඇතැයි කියාය.


    පෙම්වතාට ඕනෑ හැටියට ඇය සිටියත් එහි බරපතළකම ඇයට වැටහෙන්නේ දිනක් ඔහු ඇයව තමාගේ බෝඩිමට රැගෙන යාමත් සමගිනි. ඒ වන විට බෝඩිමේ තවත් තරුණයන් කිහිප දෙනෙක්ද සිටියෝය. මෙම තරුණයන් සිටියේ ඇගේ පැමිණීම සැමරීමට සාදයක්ද සූදානම් කරය. 


    සැර බිම වර්ගවලින්ද, සැර මද බිම වර්ගවලින්ද අඩුවක් නොමැති ඒ සාදයට ගිය ඇයටද සැර අඩු බිම වීදුරුවක් දෙකක් තොල ගාන්නට සිදුවන්නේ පෙම්වතාගේ සහ ඔහුගේ මිතුරන්ගේ බලවත් ඉල්ලීම මතය. ඒ අතර ඔහු ඇයව සිය බෝඩිම් කාමරයටද ගෙන ගොස්  අඹු සැමියන් ලෙස හැසිරුනෝය. 

    එය එතැනින් හමාර වන්නේ නැත. ඔහු තමාගේ කටයුත්ත අවසන් කර, ඇයව කාමරයේ තනිකර පිටතට යනවාත් සමගම කාමරයට ඇතුළු වන්නේ ඔහුගේ මිතුරෙකි. ඒ ද අන් කිසිවක් සඳහා නොව ඇය සමග අඹුසැමි ඇසුර සඳහාය.

    පෙම්වතා සමග එකට සිටියත් ඔහුගේ මිතුරෙකු සමග සිටින්නට කිසිදු උවමනාවක්, අවශ්‍යතාවක් හෝ කැමැත්තක් ඇයට තිබුණේ නැත. ඒ නිසාම ඇය ඊට එරෙහිව නැගී සිටියේ කරදර කරන්නට ආවොත් ‍පොලීසි යන බව පවසමිනි.


    එහිදී ඇයව මේච්චල් කරන්නට ඉදිරිපත් වූයෙ අන් කිසිවකු නොව මතෛක් කලක් ඇය පණ මෙන් ආදරය කළ  පෙම්වතාය. ඔහු ඉදිරිපත් වන්නේ නිකම්ම නොව ඔහුගේ ජංගම දුරකතනයේ ඇති ඇගේ නිරුවත් ඡායාරූප පෙන්වමින් ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් ඇයව බිය වද්දමිනි.


    ඒ අනුව ඇයට එදා පෙම්වතාගේ මිතුරන් හතර පස් දෙනකු සමග එකට සිටීමට සිදුවන්නේ දැඩි වේදනාවකින් සහ පිළිකුලකිනි. බිමත්ව සිටි පෙම්වතාට ඒ ගැන  ගාණක් නැති තරම්ය. සිය පෙම්වතිය ඔහු මිතුරන් අතින් අත යවනු ලැබුවේද නිකම්ම නොව මිතුරන්ගෙන් යම් යම් වාසි ලබාගෙනය.


    මේ තිරිසන් පෙම්වතා එතැනින් ඒ අමානුෂික කටයුත්ත හමාර කළේ නැත. ඇයව බිය ගන්වමින් දිගින් දිගටම ඇය බෝඩිමට ගෙන්වා ගත්තේය. මිතුරන්ට ඇයව විකුණුවේය. ඒ ඔහුද ඇය සමග එකට සිටිමිනි.


    ඇය සිටි බෝඩිමේම කොටසකට, ආබාධිත විශ්‍රාමික හමුදා සෙබළෙකු බෝඩිම්කරුවෙකු ලෙස පැමිණෙනුයේ මේ කාලය තුළදීය. ඇයත්, එම හමුදා සෙබළාත් ඉක්මනින්ම හිතවතුන් බවට පත්වූහ. ඒ හිතවත්කම නිසාම ඇය ඔහුට නොසඟවා සියල්ල කීවාය. ඒ තමාව අර අධම පෙම්වතාගෙන් ගලවා ගන්නා ලෙසට බැගෑපත් ආයාචනයක්ද කරමිනි.


    විශ්‍රාමික හමුදා සෙබළාගෙන් එහිදී ඇයට ලැබෙන උපදෙස වන්නේ පෙම්වතා අඬගහන පලියට ඔහු සමග නොයන ලෙසය. ඔහුව මගහරින ලෙසටද ඔහු උපදෙස් දෙන්නේ එය කළ යුතු ආකාරය ගැන ඇයට අවබෝධයක්ද දෙමිනි. 


    ඒ අනුව යමින් ඇය සිය පෙම්වතාව මගහරින්නට උත්සාහ ගන්නා විට ඔහු ඇයට නැවත තර්ජනය කරන්නට වූයේ ඇය සමග එකට කාමරයේ සිටින විට ගත් වීඩියෝ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමිනි.

    ඒ බව ඇය විශ්‍රාමික හමුදා සෙබළාට පවසා ඉන් ගැලවෙන්නට මගක් සොයාදෙන ලෙස ආයාචනය කරන්නට වූයේ තවදුරටත් පෙම්වතාගේ උවමනා එපාකම් වෙනුවෙන් ඔහුගේ මිතුරන්ට සිරුර දන් දීමට තිබූ බලවත් පිලිකුල නිසාය. මෙහිදී විශ්‍රාමික හමුදා සෙබළා උපක්‍රමශීලී විය. ඔහු මේ ගැන තමා දන්නා හඳුනන හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකුට කීවේය. 


    එම බුද්ධි අංශ සෙබළා මොරටුව ‍පොලීසියේ නිලධාරීන් සමග සම්බන්ධකම් පැවැත්වූවෙකු බැවින් ඇයව  මොරටුව මූලස්ථාන පොලීසියට යොමුකරනු ලැබිය. ඒ ඇයට ‍පොලීසිය හරහා, බියෙන් සැකෙන් තොරව ජීවත්  වීමට හැකි වාතාවරණයක් උදාකර දීමටය.

    ඇගේ පැමිණිල්ල මොරටුව මූලස්ථාන ‍පොලීසියේ ලියැවීමත් සමග උපක්‍රමශීලීව ඇය මගින් පෙම්වතාද, ඔහුගේ මිතුරෙකුද කොටුකරගත් මොරටුව ‍පොලීසියේ නිලධාරීන් ඇයට නිදහස උදාකර දෙන්නේ අන්තර් ජාලයට මුදාහැරීමට කිසිදු ඉඩක් නොතබා පෙම්වතාගේ ජංගම දුරකථන යේ සටහන්ව තිබුණු ඇගේ දර්ශන සහිත චිපයද ‍පොලිස් භාරයට ගනිමිනි.


    එය එතැනින් හමාර වූයේ නැත. ඇය මිතුරන් අතින් සමූහ දූෂණයට ලක්වන්නේ පානදුර කෙසෙල්වත්ත ‍පොලිස් බල ප්‍රදේශයේ දී බැවින් මොරටුව ‍පොලීසියේ නිලධාරීන් ඇයත් සමගම පෙම්වතාත් මිතුරාත් ජංගම දුරකථනයද සමග කෙසෙල්වත්ත ‍පොලීසියට භාර කරනු ලැබිය. 


    ඒ අනුව කෙසෙල්වත්ත ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක තිස්ස කුමාර මහතා පුළුල් විමර්ශනයක් ඒ ගැන ආරම්භ කරනුයේ ඇයව දූෂණය කළ පෙම්වතාගේ මිතුරන් ද අත් අඩංගුවට ගැනීමට දැලක් එළමිනි.

    මෙම තරුණිය කළුතර උතුර ‍පොලීසියට අවශ්‍යව සිටින වරෙන්තු කාරියක බව තිස්ස කුමාර මහතාට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබෙන්නේ ද ඒ අතරතුරදීය. 


    එම දුරකථන ඇමතුමේ ඇත්ත නැත්ත සොයා බලන්නට තිස්ස කුමාර මහතා අමතන්නේ කළුතර උතුර ‍පොලිස් ස්ථානයටය. ඒ නිර්නාමික දුරකථන ඇමතුම සාවද්‍ය එකක් නොවන බව හෙළිවන්නේ එහිදීය. ඇයට වරෙන්තු නිකුත් කර ඇත්තේ කළුතර අධිකරණයෙනි. 

    ඒ ස්ත්‍රී දූෂණ නඩුවක පැමිණිලි කාරියක් වූ ඇය අධිකරණය මගහැර සිටීමේ වරදටය. ඇය විසින් ඒ නඩුව පවරා තිබුණේ  ඇයව දූෂණය කිරීමක් ගැනය. ඊට අනුව ඇයව දූෂණය කර ඇත්තේ වෙන කිසිවෙකු විසින් නොව ඇගේම පියා විසින්ය.

    Friday 25 October 2013

    අධික බද්ධක් ගෙවනවා නම් කැසිනෝ වලට අවසර



    casinoපාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කරන ලද ක‍්‍රමෝපාය සංවර්ධන පනත යටතේ කැසිනෝ සහිත හෝටල් ඉදිකිරීමේ ගැසට් නිවේදනය නව සංශෝධන ඇතුළත් කොට නැවත මුද්‍රණය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.
    නව පනත අනුව යටතේ හෝටල් ව්‍යාපෘති ඉදි කිරීමේදී කැසිනෝ බලපත‍්‍ර නිකුත් කිරීමට රුපියල් මිලියන සියයක් සහ මුළු ආදායමෙන් සියයට 5ක් බදු ලෙස අය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
    අරලියගහ මන්දිරයේදී ඊයේ (24) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලයට මෙම ගැසට් නිවේදනය ඉදිරිපත් කර ඇති අතර සංශෝධන ඇතුළත් කර නැවත ගැසට් නිවේදනය මුද්‍රණය කර ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි එහිදී උපදෙස් දී තිබේ.
    මෙම ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අමාත්‍යවරු විවිධ අදහස් පළ කර ඇති අතර ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ජාතික හෙළ උරුමයේ ලේකම් ඇමති පාඨලී චම්පික රණවක යන මහත්වරුන් මෙයට විරෝධය පළ කර ඇත.
    කෙසේ වෙතත්  එහිදී ඉදිරිපත් වූ අදහස් සැලකිල්ලට ගනිමින් මෙම හෝටල් වලට කැසිනෝ බලපත‍්‍ර ලබා දීමේදී මිලියන 100ක් අය කිරීමටත් ලබන මුළු ආදායමෙන් සියයට 5ක් බදු වශයෙන් අය කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
    මෙම හෝටල් ඉදි කිරීමේදී බදු වලින් නිදහස් කිරීමටද කැබිනට් මණ්ඩලය එකග

    රූපලාවන්‍ය ශිල්පිනිය තරුණයකුට ස්‌කයිප් මගින් නිරුවත පෙන්වලා.

    http://ratagiyaattho.blogspot.kr/

    "ෆේස්‌බුක්‌" මගින් හඳුනාගත් රූපලාවන්‍ය ශිල්පිනිය තරුණයකුට ස්‌කයිප් මගින් නිරුවත පෙන්වලා.

    අන්තර් ජාලයේ "ෆේස්‌බුක්‌" මගින් විවාහක සුරූපී රූප ලාවන්‍ය ශිල්පිනියක්‌ විසින් හඳුනාගත් හදිසි පෙම්වතකු විසින් ඇගේ නිරුවත දැකීමට ආශා කරන බවට ඇයට දන්වා ඇගේ නිරුවත් දර්ශන ඇගේ කැමැත්ත මත වීඩියෝ ගත කල පුවතක් වාර්තාවන්නේ මීගමුවෙනි.

    මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම තරුණයා අන්තර්ජාලයේ "ස්‌කයිප්" මගින් ලබාගත් එම වීඩියෝ දර්ශන අන්තර් ජාලයට මුදා නොහැරීමට නම් රූපලාවන්‍ය ශිල්පිනියගෙන් රුපියල් ලක්‍ෂ 2 1/2 ක කප්පමක්‌ ඉල්ලූ ඉල්ලා තිබෙන බවයි.

    වාර්තා වන පරිදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිට ඇප නියම වූ එම
    තරුණයා වූයේ රාගම මත්තුමගල මීගමුව පාරේ පදිංචි දැඩිගම ආරච්චිගේ චතුරංග ප්‍රභාත් නමැති තරුණයායි. 

    මෙහි රූපලාවන්‍ය ශිල්පිනිය වූයේ කඳාන පල්ලිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය රූපලාවන්‍ය ශිල්පයට අමතරව මනාලියන් හැඩගැන්වීම සහ කොණ්‌ඩා මෝස්‌තර සැකසීමද සිදුකරයි.

    ඇයට ඒ සඳහා ආයතනයක්‌ ඇත. මෙහි 
    රූපලාවන්‍ය ශිල්පිනියටතරුණයා හමුවී ඇත්තේ "ෆේස්‌බුක්‌" මගිනි. ඔවුන්ගේ ආදරය සහ මිතුදම ලියලද්දී තරුණයා ඇගේ නිරුවත දැකීමට ආශා බවත් එම දර්ශන අන්තර්ජාලයේ "ස්‌කයිප්" මගින් ඔහුට දැකගත හැකි බවත් පවසා තිබෙනවා. 

    පසුව ඇයට ඇගේ පරිගණකය හමුවේ නිරුවත්ව සිටීමට සැකකරු ආයාචනා කර ඇත. ඇය ඒ අනුව ඔහුගේ ඉල්ලීම ඉටුකළ අවස්‌ථාවේ "ස්‌කයිප්" මගින් යොමුවූ නිරුවත් දර්ශන සැකකරු වීඩියෝ ගත කරතිබෙනවා. 

    පසුව තරුණයා එම නිරුවත් දර්ශන අඩංගු සංයුක්‌ත තැටියක්‌ රූපලාවන්‍ය ශිල්පිනියට එවා ඇති අතර එම දර්ශන අන්තර් ජාලයට මුදානොහැරීමට නම් සැකකරු රුපියල් ලක්‍ෂ 2 1/2 ක කප්පමක්‌ ඉල්ලූ බව පැමිණිල්ලේ සඳහන් වනවා.

    පසුව රූපලාවන්‍ය ශිල්පිනිය තරුණයාට කප්පම් ලබාගැනීමට පැමිණෙන ලෙස දන්වා ඇගේ සැමියාගේ සහ ප්‍රදේශවාසීන්ගේ ආධාරයෙන් සැකකරු අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.

    --- ධර්මයෙන් සැබෑ පිළිසරණ ලබමු ---

    http://ratagiyaattho.blogspot.kr
    භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන විදිහට ආර්ය සත්‍යය අවබෝධ කරගැනීම අතිශය දුෂ්කර දෙයක්. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේව මුණගැහුන වෙලාවකදී ප්‍රකාශකර සිටියා, "ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස, මේ ලිච්ඡවී රාජ කුමාරවරුන් ඊතලෙන් ඉලක්කයට විදින්ට ඉතාම දක්ෂයි, හරිම පුදුමයි, විස්මිතයි. එතරම්ම දක්ෂ කමක් ඒ කුමාරවරුන් තුල තිබෙනවා" කියල.

    ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනව, "පින්වත් ආනන්ද, ඔබ කියන්න ඊතලයෙන් ඉලක්කයට විදින එකද දුෂ්කර දේ එහෙම නැත්නම් අශ්වයෙකුගේ ලොම් ගහක් හතකට පළල ඒවගේම හතකට පළපු අශ්ව ලෝමයකින් හතට පළපු අශ්ව ලෝමයට විදිනව ඒකද අමාරු දේ" කියල. එතකොට භාග්‍යවතුන් වහන්සේ අසා සිටිනව, "අර ලිච්ඡවී කුමාරවරුන් විදින ඒ දුන්නෙන් විදීමද අමාරු, එහෙම නැත්නම් මේ හතක පළපු අශ්ව ලෝමයෙන් තවත් ඒ වගේ හතකට පළපු අශ්ව ලෝමයකට විදින එකද අමාරු.

    එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනව, "ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස, මේ දුන්නෙන් ඊතලයකින් ඉලක්කයට විදින එක එච්චර අමාරු නෑ. නමුත් අශ්ව ලෝමයක් හතකට පළල ඒ වගේම හතට පළපු අශ්ව ලෝමකයකින් අශ්ව ලෝමයකට විදින එක තමයි අමාරු දේ කියල.

    එතකොට භාග්‍යවතුන් වහන්සේ කියා දෙනව, "පින්වත් ආනන්ද ඒකට වඩා අමාරුයි සක්ඛාය දිට්ඨිය බිඳගන්න එක කියල". එතකොට බලන්න මේ සක්ඛාය දිට්ඨිය දුරු කිරීම කියල කියන්නේ ආර්ය සත්‍යය පිළිබද අවබෝධ ඥාණය ඇතිකර ගැනීම. යමෙක් ආර්ය සත්‍යය පිළිබද අවබෝධ ඥාණය ඇතිකර ගත්තොත් අන්න එයා තුළ තමයි සක්ඛාය දිට්ඨිය නිරුද්ධ වෙන්නෙ.

    ආර්ය සත්‍යය පිළිබද අවබෝධ ඥාණයක් ඇතිකර ගන්නෙ නැතුව ආර්ය සත්‍යය පිළිබද අවබෝධ ඥාණය උපදව ගන්නෙ නැතුව සක්ඛාය දිට්ඨිය නිරුද්ධ වෙන්නෙ නෑ. එතකොට සක්ඛාය දිට්ඨිය නිරුද්ධ කිරීම කියන දුෂ්කර කටයුත්ත කරගන්ට නම්, ඒ අතිශය දුෂ්කර කටයුත්ත ඒ සියුම් කටයුත්ත කරගන්ට නම් ඒ කෙනා මොකක්ද කළ යුත්තේ? චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥාණය උපදව ගත යුතුයි.

    එතකොට අපි කවුරුත් තේරුම් ගතයුතු දෙයක් තමයි චතුරාර්ය සත්‍යය පිළිබද අවබෝධ ඥානයක් උපදව ගැනීම ඉතාම සියුම් ඉතාම දුෂ්කර වූ දෙයක් බව. නමුත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාල මේ පිරිසිදු පරිපූර්ණ වූ ධර්මය අපි හොදින් ඉගෙන ගත්තොත් මේ දුෂ්කර කටයුත්ත අපි කාටත් කරන්ට පුලුවන්.

    අපි තුළ තිබිය යුතු ගුණධර්මය තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උපදවගත්ත, ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධ කෙරෙහි අප තුළ උපදවගත්ත විශ්වාසය. ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය කෙරෙහි අප තුළ උපදවගත් විශ්වාසය. අන්න ඒ විශ්වාසය අපි තුළ තිබෙනවා නම් ඒ ධර්මයට අනුව කටයුතු කරමින් මේ පරම ගම්භීර වූ අතිශය සියුම් වූ ඒ දුෂ්කර වූ කටයුත්ත කාටත් කරන්ට පුළුවන්.

    අපි ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයට අනුව කටයුතු නොකට මේක අමාරුයි මේක බෑ කියල අපි අතහැර ගත්තොත් නොකර හිටියොත් අපි විසින් අපේ ආරක්ෂාවයි අතහැර ගන්නෙ.

    නමුත් භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයට අනුව කටයුතු කළොත් අපිට මේ ධර්මය අවබෝධ කරගන්ට පුළුවන් කම තිබෙනවා. අන්න ඒ විශ්වාසය උපදවගැනීම පිණිස මේ ධර්මය අපි හොදින් ඉගෙන ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් විදිහට ධර්මය අපි ඉගෙන ගත්තොත් පුරුදු කළොත් මේ ජීවිතය ගෙවෙන්ට මත්තෙන් මේ ධර්මයෙන් සැබෑ පිළිසරණ ලබන්ට අපිට පුලුවන්කම තිබෙනවා.

    සියලු දෙනාටම තෙරුවන් සරණයි!

    නාවලපිටියේ අරියවංශ හිමි.
    දිනමිණ ඇසුරිනි