sha fm

    Tuesday 22 October 2013

    "හලාල් ලිංගික කඩයක්" තුර්කියෙන් අරඹයි

    http://ratagiyaattho.blogs


    Muslims-religionඅන්තර්ජාලයේ ක‍්‍රියාත්මක ඉස්ලාමික ලිංගික අලෙවිසැලක් තුර්කිය විසින් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
    කොන්ඩම්, සම්බාහන තෙල් වර්ග සහ සුවඳ ආලේපන ආදිය මෙහි අලෙවි කෙරෙන අතර ඒ සෑම නිපැයුමක්ම ආරක්ෂිත සහ ඉස්ලාම් දහමට අනුකූලව සකසා ඇති බව මෙම වෙබ් අඩවියේ නිර්මාණකරුවන් සහතික කර තිබේ.
    හලාල් ලිංගික වෙළඳසැල ලෙස නම් කර ඇති මෙම වෙබ් අඩවිය මුස්ලිම් රාජ්‍යයක් වූ තුර්කියේ ආරම්භ වූ පළමු ඉස්ලාමික ලිංගික උපකරණ වෙළඳසැල ලෙස වාර්තා අතරට එක් වේ.
    පිරිමි සහ කාන්තාවන් සඳහා වන උපකරණ වෙත ප‍්‍රවේශ වීම සඳහා වෙනම මාර්ග 2ක් අඩවිය තුළ ඇති අතර ඉස්ලාම් දහමට අනකූල ලිංගික හැසිරීම් පිළිබඳ සාකච්ඡුා කිරීම සඳහාද වෙබ් අඩවිය තුළ ඉඩකඩ විවර කර තිබේ.
    නම් හෙළි නොකළ වෙළඳසැල නිර්මාණකරුවන් පවසා ඇත්තේ ලිංගික හැසිරීම් වලට ඉස්ලාම් දහම එරෙහි බවට පැතිරී යන මිත්‍යා මතයන් නිවැරදි කිරීම තමන්ගේ අරමුණ වූ බවයි.
    කාමුක වෙළඳසැල් තුර්කිය තුළ මින් පෙර පැවතුණද කන්සර්වේටිව් මතධාරී රෙසෙප් ටායිප් එර්ඩෝගන් අගමැතිවරයා පසුගිය වසරේදී පවසන ලද්දේ ඒවා ආදර වෙළඳසැල් ලෙස යළ නම් කරන ලෙසයි.

    Monday 21 October 2013

    කොළඹ කටුනායක අධිවේගයේ යන්න රුපියල් 300යි

    http://ratagiyaattho.blogspot.kr/ලබන 27 වන දින විවෘත කිරීමට නියමිත කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ වාහනවලින් අයකරන ගාස්තු නියම කර තිබේ.
    ඒ අනුව කාර් වෑන් ඇතුළු සැහැල්ලූ වාහන සඳහා පෑලියගොඩ සිට කටුනායකට රුපියල් 300ක් සහ බස්, ලොරි ඇතුළ බර වාහන සඳහා රුපියල් 600ක්ද අය කෙරේ.

    Sunday 20 October 2013

    හොදි රසය නොදන්නා හැන්ද වැනි මිනිස්සු

    http://ratagiyaattho.blogspot.kr/මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
    හොදි හැඳීගාන හැන්ද හොද්ද ඉදෙන තෙක් හැන්ද හොද්දේ බැහැලා හිටියත්, එහි ලුණු ඇඹුල් රසය හරිය හැටි දැනගන්න හැන්දට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි කොච්චර දැන, උගත් මනුෂ්‍යයන් ඇසුරු කළත් කොතරම් දැන උගත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තත් මෝඩ මිනිහා කියන තැනැත්තා හරියට හොදි රසය දන්නෙ නැති හැන්ද වගේ. කෙතරම් පණ්ඩිතයෝ ඇසුරු කළත් ඇසුරු නිසරු කළත් හොද දේ නම් ඉගෙන ගන්නේ නැහැ. උදායි හාමුදුරුවොත් අන්න ඒවගේයි. අපේ සමාජයේ ජීවත් වන අය ගැන හිතල බැලුවත් මේ බණ පදයේ පල ප්‍රයෝජන තියෙනව කියලා හිතෙනවා.
    සැවැත්නුවර ජේතවනාරාමයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී සිව්වනක් පිරිස බුදුරජාණන් වහන්සේගෙන් බණදහම් අසා පැහැදී ආර්ය මාර්ගයට පිවිසුණා. සිව්වනක් පිරිස යනු භික්‍ෂු,භීක්‍ෂුණී, උපාසක, උපාසිකා කියන පිරිස වේ.මෙම කතාවේ මූලිකත්වය දරන්නේ බුද්ධ ශාසනයේ භික්‍ෂූ සමාජය තුළ භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස වැඩ වාසය කළ උදායි හාමුදුරුවන් පිළිබඳවයි.උදායි හාමුදුරුවෝ යහපත් මනා පෙනුමක් ඇති ශරීරය අඟ පසඟ මැනවින් පිහිටි දුටුවන්ගේ සිත් එකවර ඇදී යන මනා ශරීර ස්වභාවයක් තිබූ ස්වාමීන් වහන්සේ නමකි. උන්වහන්සේගේ ශරීරය තුළ තිබුණ මෙම පෙනුම නිසාම උදායි හාමුදුරුවන්ට පැහැදුණු පිරිස විශාලයි.
    උන්වහන්සේ කෙරෙහි ප්‍රසාදයට පත්ව භික්‍ෂූත්වයට නැඹුරුවූ තරුණ තරුණියන් ප්‍රමාණයත් විශාලයි.එසේ වීමට හේතුව වූයේ උදායි හාමුදුරුවෝ මනා පෙනුමකින් යුතු ශරීරය ස්වභාවයිත් යුත් තත්වයක් තිබූ නිසා. උන්වහන්සේ ලස්සන ශරීර ස්වභාවයෙන් තිබූ කෙනෙක් වුණත් උදායි හාමුදුරුවෝ දැනුම ඇති ප්‍රඥා සම්පන්න කෙනෙකුවීමට අපොහොසත් වුණා. බණ දහම් වුණත් නිසි අයුරින් පැහැදිලි කර දීමේ ව්‍යක්ත බවක් උන්වහන්සේ සතුවූයේ නැහැ. ප්‍රඥාව නැති නිසා ධර්මය පිළිබඳ වැටහීමද බොහොම අඩුයි. උදායි හාමුදුරුවන් ගේ ශරීරය ස්වභාවය දියුණුවෙන කොට මානසික ප්‍රඥාව තිබුණෙ අඩුවෙන්. කෙනෙක් එකවර දකින කොට ඒ දකින දැක්මෙන් කෙනෙකුගෙ ප්‍රඥාව , දැනුම,අවබෝධය,තෝරාබේරා ගන්න අමාරුයි. නමුත් ශරීර ස්වභාවයේ හැඩරුව දැන හඳුනගන්න එතරම් අමාරු නැහැ. උදායි හාමුදුරුවෝ තුළ මෙම පිහිටීම් ස්වභාවයන් නිසාම උන්වහන්සේ සමාජය තුළ ලැබූ ජනපි‍්‍රයත්වය ද වැඩියි. පන්සලට එන කෙනෙක් උදායි හාමුදුරුවන් දකින කොට එකවර උන්වහන්සේ කෙරෙහි හිත ඇදී යනවා.
    උන්වහන්සේගෙන් බණ දහම් අහන්නත් හිතෙනවා. පිරිස මේ වගේ වැඩිවෙන කොට, ශ්‍රාවක, ශ්‍රාවිකාවන් වැඩි වෙනකොට, තමන්ගේ දැනුමේ අඩුපාඩු උදායි හාමුදුරුවන්ට දැනෙන්න පටන් ගත්තා. උන්වහන්සේගේ ප්‍රඥාවේ අඩුපාඩු කම උන්වන්සේට දැනෙන්න වුණා. තමන්ට ධර්ම දැනුම අඩුයිනේ කියන හැඟීම උන්වහන්සේට ආවා. එහෙම වුණත් දැන් බණදහම් ඉගෙනගන්න තරම් කාලයක් නැහැ. ඒ කාර්යය බහුල නිසා. සමාජයට තමනුත් දන්න කෙනෙක්ය කියක කරුණ පෙන්වීමට ඕනෑ යැයි සිතිවිල්ලක් උදායි හාමුදුරුවන්ට ඇතිවුනා.උන්වහන්සේ, මමත් බණදන්න කෙනෙක්. මටත් බණ හොඳීන් කියන්න පුළුවන් කෙනෙක්ය කියලා හිතන්න පටන් ගත්තා. එහෙම හිතාගෙන යනකොට උන්වහන්සේ වටහා ගත්තා මටත් බණ දහම් කියන්න පුළුවන් කෙනෙක්ය කියලා. එක දවසක් උදායි හාමුදුරුවො බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන දහම් සභාවේ මූලිකත්වය දරන ආසනයක වාඩිවෙලා උජාරු ලීලාවෙන් තමනුත් බණ දහම් දන්න කෙනෙක්ය කියා අනෙක් අයට පෙන්වීම සඳහා වාඩිවෙලා හිටියා. ඈත දුර බැහැර ඉඳල බුදුහාමුදුරුවෝ දකින්න පන්සලට ආවා. ධර්මය දන්න ධර්මධර භික්‍ෂූන් වහන්සේලා උදායි හාමුදුරුවො ළඟට ගිහිල්ල ධර්මය ගැන කතා කළා. බුදුහාමුදුරුවී දේශනා කළ විනය හොඳීන් දන්න හාමුදුරුවන් වහන්සේලාට කියන්නේ විනයධර භික්‍ෂූන්වහන්සේ කියලා. දුරබැහැර ප්‍රදේශවලින් වැඩම කළ විනයධර භික්‍ෂූන්වහන්සේලා උදායි හාමුදුරුවන්ගෙන් විනය පිළිබඳ කරුණු විමසුවා. උන්වහන්සේගේ දැනුම පරීක්‍ෂා කිරීමේ අදහසින් එහෙම කළා නොවෙයි. උදායි හාමුදුරුවන් හිටිය ලීලාවෙන් උන්වහන්සේ හිතුවා උදායි හාමුදුරුවන් ධර්මධර භික්‍ෂූන්වහන්සේ නමක්ය කියලා. විනයධර,භික්‍ෂූන් වහන්සේ නමක්ය කියලා. එසේ හිතලයි උන්වහන්සේගෙන් මේවගේ ප්‍රශ්න ඇසුවේ.
    කිසි විටකත් උන්වහන්සේ හෑල්ලුවට ලක්කිරීමේ අදහසින් නොවෙයි. එහෙම වුණත් උත්තර දීගන්න බැරිවුනහම දැනුම අඩු බව වැටුහුණු විට උදායි හාමුදුරුවන් ගැන අනෙක් හාමුදුරුවරු හරියට දුක්වුණා. කළකිරුණා. කම්පාවට පත්වුණා. ඒකට හේතුව තමයි, බුදුරජාණන්වහන්සේ ළඟ වැඩ හිඳගෙන ජේතවනාරාමය ඇසුරු නිසරු කරමින් මහා දැන උගත් පඬිවරුන්ගේ සෙවණේ ඉඳගෙන මේ හාමුදුරුවො මේ තරම් මෝඩ කෙනෙක් බවට පත්වුණේ ඇයි? කියලා. ශරීර ස්වභාවය මනාව තිබුණත්, ප්‍රඥාවෙන් හිස්, ප්‍රඥාවෙන් හීන මේ වගේ කෙනෙක් මෙහෙම වුණේ කොහාමද? කියලා ඈත දුර බැහැර සිට පන්සලට වැඩම කළ හාමුදුරුවරු උදායි හාමුදුරුවො ගැන දුක් වුණා.
    උන්වහන්සේලා උදායි හාමුදුරුවෝ ගැන දුක්වුණා විතරක් නොවෙයි, උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙනුත් විමසුවා. බුදුහාමුදුරුවනේ,ඔබ වහන්සේ නිතර නිතර දැක දැක ඔබ වහන්සේගේ උතුම් බණ නිතර නිතර අසා ඔබ වහන්සේගේ සෙවණෙහිමත් වැඩෙන,මෙම උදායි හාමුදුරුවෝ මොනවත් ඉගෙන නොගන්නේ ඇයි? ස්වාමීනි! බුදුපියාණන් වහන්ස, ඒ පිළිබඳ කියලා දෙන්න.උනන්දුවක් නැද්ද කියලා. “ ඒ වෙලාවේ බුදුහාමුදුරුවො එම භික්‍ෂූන් වහන්සේ අරභයා පෙර ඇසූ ප්‍රශ්නය මාතෘකා කරගෙන කරුණු කාරණා කිහිපයක් දේශනා කළා.
    යාව ජීවන්ති චෙ බාලෝ
    පණ්ඩිතං පයිරු පාසතී
    න සෝ ධම්මං විජානාති
    ධම්හිී සූපරසං යථා
    මෙම බණ පදය තුළ ආදර්ශවත් උපමාවක් දක්වල තියෙනවා. හොදි හැඳීගාන හැන්ද හොද්ද ඉදෙන තෙක් හැන්ද හොද්දේ බැහැලා හිටියත්, එහි ලුණු ඇඹුල් රසය හරිය හැටි දැනගන්න හැන්දට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි කොච්චර දැන, උගත් මනුෂ්‍යයන් ඇසුරු කළත් කොතරම් දැන උගත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තත් මෝඩ මිනිහා කියන තැනැත්තා හරියට හොදි රසය දන්නෙ නැති හැන්ද වගේ. කෙතරම් පණ්ඩිතයෝ ඇසුරු කළත් ඇසුරු නිසරු කළත් හොද දේ නම් ඉගෙන ගන්නේ නැහැ. උදායි හාමුදුරුවොත් අන්න ඒවගේයි.අපේ සමාජයේ ජීවත් වන අය ගැන හිතල බැලුවත් මේ බණ පදයේ පල ප්‍රයෝජන තියෙනව කියලා හිතෙනවා. උදායි හාමුදුරුවෝ පැවිදි වෙලා හිටියේ බුද්ධ කාලයේ උදායි හාමුදුරුවො වගේ අය අද කාලේ වුවත්, පැවිදි දම් පුරන අය අතර ඉන්න පුළුවන්. ඒ වගේ උදායි හාමුදුරුවන්ගේ හැඩරුව ගත් ගිහි අය වුවත් අපේ සමාජයේ ඕනතරම් ඉන්න පුළුවන්. පන්සලට යනවා.පන්සලට ගිහින් පින් දහම් කරන්නේ නැතිව වෙන වෙන වැඩ කරනවා. හාමුදුරුවන් සමඟ සාකච්ඡා කරනවා. හාමුදුරු කෙනෙක් සමග කතා කිරීමට අවශ්‍ය බණ දහම් ගැන සහ තමන්ගේ ජීවිතයේ අවුල් වියවුල් නිරාකරණය කරගන්න ආකාරය පිළිබඳවයි. නමුත් ඒවා කතාකරන්නේ නැතිව අනවශ්‍ය දේවල් කතා කරනවා. ඒවගේම පන්සිල් රකිනවාය කියලා පෙන්වමින් හොර රහසේම පන්සිල් කඩනවා. මෙන්න මේ වගේ ගිහි අය අපේ සමාජයේ ජීවත්වෙනවා. ඒ ගිහි අය මොන වගේද කියලා ඇහුවොත් බුදු බණට අනුව අපිට කියන්න වෙන්නේ හොද්දෙම බැහැල ඉන්න හොදි රසය දන්නේ නැති හැන්ද වගේය කියලා.
    සටහන: හේමමාලා රන්දුනු

    Saturday 19 October 2013

    ඔබ ක්‍රිස්තියානි ආගම අත්හැරියේ ඇයි?

    ඔබ ක්‍රිස්තියානි ආගම අත්හැරියේ ඇයි? යන්න බොහෝ දෙනා මගෙන් අසන ප්‍රශ්නයකි. මම කුඩා කාලයේ පල්ලියට යාමට කැමැත්තක් නොදැක්වූවෙමි. නමුත් මට එහි යන්නට සිදුවුණි. මා ක්‍රමයෙන් වැඩන විට, මගේ දැනුම පුළුල් වනවිට දෙවියන් වහන්සේ පිළිබඳ මගේ හැඟීම් වෙනස් විය. මම අනෙකුත් ආගම් හදාරන්නට පටන් ගතිමි. බුදුදහම ගැන මට උසස් දැනුමක් ලැබුණි. එය විෂය දැනුමෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික පුහුණුවෙන් ලද අවබෝධයකි. ඉස්ලාම් හා ක්‍රිස්ත්‍රියානි ආගමිකයන්ට කුරානය හා බයිබලය නමින් ශුද්ධ ග්‍රන්ථ තිබේ. බෞද්ධයන්ට එක පොතක් නොවෙයි පුස්තකාලයක් ම ඇත. පාලි, සංස්කෘත හා චීන භාෂාවලින් ලියැවුණු ධර්ම ග්‍රන්ථ තිබේ. මහායාන, ථේරවාද හා තිබ්බත වශයෙන් ඒවා විවිධයි. ඒ සියල්ලම හැදෑරීම අනවශ්‍යයි. ඔබට කැමැති දෙයක් තෝරාගත හැකිය. ත්‍රිපිටකයේ එන සුත්ත නිපාතය හා ධම්මපදය අනුව කටයුතු කිරීම වුවත් බෞද්ධයකු වන්නට ප්‍රමාණවත් වෙයි. විශ්වාසය (Belief - බිලීෆ් ) සහ ශ්‍රද්ධාව ( Faith - ෆේත් ) යනුවෙන් ඉංගී‍්‍රසි වචන දෙකක් ඇත. විශ්වාසය අනුව හේතු සෙවීමක්, තර්ක කිරීමක් නොකොට සත්‍යය පිළිගැනීමයි. ඒ ගැන විමසිය නොහැක. දෙවියන් වහන්සේ ගැන ප්‍රශ්න කළ නොහැකිය. දේවවාක්‍ය ප්‍රශ්න කිරීමකින් තොරව ඇදහීම විශ්වාසය (Belief - බිලීෆ් ) යි. පොතපත කියවීමෙන්, හේතු සාධක සොයාගැනීමෙන් හා ප්‍රායෝගික පුහුණූවීමෙන් ලැබෙන අත්දැකීම් මත සිතෙහි ඇතිවන පැහැදීම ශ්‍රද්ධාව ( Faith - ෆේත් )යි. එය බුද්ධිමය පිළිගැනීමකි. බුදුරදුන් සැබැවින්ම බුද්ධත්වයට පත්වෙලාද? යන්න වුවත්, විමසා බලන්නට බුදුදහමෙහි අවසර ඇත. යම් කෙනෙකු බුදුදහම පිළිගන්නේ තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නා දැනුම පදනම් කරගත් ශ්‍රද්ධාවෙනි. ඒ අනුව විශ්වාසය හා ශ්‍රද්ධාව යන වචන දෙකෙහි තේරුම වෙනස්ය.විශ්වාසය මඟින් සිදුවන්නේ අපේ බුද්ධිය පටු සීමාවක් තුළ කොටුවීමකි. එය මනුෂ්‍යත්වයේ වර්ධනයට බාධාවකි. ශ්‍රද්ධාව මත පිහිටා තිබෙන බුදුදහම විවෘත යි. නිදහස් දෙයකි. මම දෙවියන් වහන්සේ විශ්වාස නොකරනවා නම්, මම තවදුරටත් කිතුනුවකු නොවෙයි. බෞද්ධයන් යාච්ඥා කරන්නේ නැත. බුදුරදුන්ගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඔවුන් සිදුකරන්නේ වන්දනාවයි. එය බුදුරදුන් කෙරෙහි පැහැදීම නැතිනම් පැහැදිලිවීම නිසා ඇතිවන ශ්‍රද්ධාවෙන් සිදුකරන ;ගෟරවයකි. බුදුරදුන්ගේ ප්‍රඥාා ශක්තියට ප්‍රශංසාවකි. බටහිර ජනයා අලුත් ආගම් සොයා එන්නේ පැරණි ආගම ගැන අමනාපයෙන් ද? යන්න මගෙන් අසන ප්‍රශ්නයකි. එහෙම පිරිසක් සිටින්නට පුළුවනි. මැවුම්කාර දෙවියන් පිළිබඳ විශ්වාසය බිඳ වැටීම නිසාත්, එවැනි වෙනස් වීමක් සිදුවෙයි. ඇතැමුන් අදේවවාදි පැත්තට නැඹූරු යි. ඒ අය යොමුවන්නේ බුදුදහම දෙසටය. අනෙක් කරුණ තමයි ක්‍රිස්තියානි ආගමේ පිළිපදින්නට තිබෙන දේවල් අඩුයි. බුදුදහමේ පිළිපැදීමට තිබෙන කාරණා බහුල යි. ඒ පිළිපැදීම් මඟින් ජීවිතයේ හා මනසේ වෙනසක් සිදුවෙයි. එවැනි අලුත් අත්දැකීම් ලබාගැනීමට කැමැති පිරිසක් බටහිර රටවල සිටිති. ජේසුතුමා බඩුමුට්ටු පටවාගෙන රටින් පිටවන අකාරයේ කාටුන් චිත්‍රයක් මම ජර්මනියේ සඟරාවක දුටුවෙමි. එහි මාතෘකාව වුණේ ක්‍රීඩාවෙන් පැරදීම යන්නයි. අතීතයේ ක්‍රිස්තියානි ආගමට විශාල ශක්තියක් තිබුණි. අනෙකුත් ආගම් ඇදහීම එයින් පාලනය කෙරුණි. දඬුවම් පැනවුණි. දැන් ඒ තත්ත්ව වෙනස් වී ඇත. අනිකුත් ආගම් ගැන දැන ගැනීමට විවිධ මාධ්‍යයන් පවතියි. බෞද්ධ හා හින්දු ආගම් අදහන අය බටහිර රටවල පදිංචිව සිටිති. බුදුුදහම බටහිර ලෝකයේ ප්‍රචලිත වන්නේ ඒ හේතුවෙනි. මගේ මිතුරකු ඔහු ගැන මට හඳුන්වා දුන්නේ ඔහු උපතින්ම බෞද්ධයෙක් යනුවෙනි. ධර්මය ගැන තේරුමක් අවබෝධයක් නොමැතිව කුඩා දරුවකු බෞද්ධයකු වන්නේ කොහොමද? බෞද්ධයකු වීම ආධ්‍යාත්මික වර්ධනයක් තුළින් සිදුවිය යුත්තකි. ආගම මව්පියන්ගෙන් ලැබුණු දෙයක් වුවත්, කෙනෙකුට වෙනත් ආගමක් පිළිපැදීමට අයිතියක් තිබේ. බෞද්ධයකු වන්නේ කෙසේද? එය සරලව මෙන්ම සවිස්තරවපිළිතුරු දියහැකි ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන් බුද්ධ, ධම්ම හා සංඝ යන තෙරුවන් සරණ යාමෙන් බෞද්ධයකු බවට පත්වෙයි. නමුත් එය තහවුරු වන්නේ තෙරුවන් අනුගමනය කිරීමෙනි. බුදුදහමෙන් ප්‍රතිඵල ලැබෙන්නේ ධර්මය පිළිපැදීමෙන් පමණයි. පැවිදි බව කියන්නේ ජීවිතය මුළුමනින්ම ධර්මය කෙරෙහි යොමුකිරීමකි. එය ප්‍රසිද්ධියේ පොරොන්දු වීමකි. පැවැදි නොවී ගිහි බෞද්ධයකු ලෙස ද ජීවත් විය හැක. භාවනාව, පිරිසුදු ජීවිතය හා පන්සිල් රැකීම ගිහි බෞද්ධයකුගේ පිළිවෙතයි. ලංකාව, තායිලන්තය, චීනය ආදි රටවල බුදුදහම තිබේ. ඒ ඒ රටවල අනුගමනය කරන බෞද්ධ සිරිත්, විරිත් සම්ප්‍රදායන්හි වෙනස්කම් පවතියි. ඒ රටවල් භූගෝලීය වශයෙන් වෙන්ව පැවතීම එයට එක් හේතුවකි. කාතෝලික ආගම පාලනය කරන වතිකානුව මෙන් බුද්ධාගම පාලනය කරන මාධ්‍ය ඒකකයක්, මූලස්ථානයක් නොමැතිකම බුදුදහම මුල්කරගත් සංස්කෘතිය හා සම්ප්‍රදාය නිදහසේ සංවර්ධනය වීමට තවත් හේතුවකි. එවැනි වෙනස්කම් තිබුණත්, කර්මය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය වැනි මූලික බෞද්ධ ඉගැන්වීම් සෑම රටකම නොවෙනස්ව පවතියි. බුදුදහම ජීවන මාර්ගයක් යැයි හඳුන්වන්නට මම ඉක්මන් නොවෙමි. එය ආධ්‍යාත්මය තේරුම් ගැනීමට මඟ පෙන්වන ප්‍රායෝගික ක්‍රියා පිළිවෙතකි. බුදුදහමෙහි සඳහන් භාවනාව කෙරෙහි දිනපතා යොමුවන්නේ නැතිනම් , එයින් ප්‍රතිඵල ලබාගත නොහැක. තමන්ගේ ජීවන රටාව අනුව භාවනාවේ යෙදීම අමාරු බව සමහරු කියති. දිනකට විනාඩි විස්සක් භාවනාවේ යෙදෙන්න. එම කාලය ක්‍රමයෙන් වැඩි කරගන්න. මිනිස්සු විවිධයි. භාවනාවෙන් මනස වෙනස් කෙරෙන නිසා සමහරු භාවනාවට භයයි. ඇතැමුන්ට භාවනාව ගැන වැරැදි වැටහීමක් ඇත. ඔවුන් සිතන අන්දමට භාවනාව යනු ජීවිතයෙන් පලායාමකි. ඒ විවේචන කරන අයගේ කටයුතු දිහා බැලුවත්, ජීවිතයෙන් පලායාමක් දකින්නට පුළුවන. පැය දෙක තුනක් රූපවාහිනිය දෙස බලා සිටීම සැබෑ ජීවිතයෙන් පලායාමක් නොව්ද? එසේම මත්ද්‍රව්‍ය ගැනීමෙන් සිදුවන්නේ සාමාන්‍ය ලෝකයෙන් වෙන්වීමක් නොවේද? ඔබ එවිට ජීවත්වන්නේ සැබෑ ලෝකයේ නොවේ. එහෙත් භාවනාව එවැනි දෙයක් නොවේ. භාවනාවෙන් සිදුකරන්නේ අපේ ජීවිතයට සමීපව එබී බැලීමකි. වයස්ගත, අසනීපයෙන් පසුවන අපට ජීවත්වන්නට සිදුවන්නේ අනුන්ගේ උපකාරයෙනි. අසනීපයෙන් නැතිනම් වයස්ගතව සිටින කෙනකුට වුවමනා දෙය වෙලාවට නොලැබුණොත්, නොසන්සුන් බවක්, තරහක් සිතේ ඇතිවෙයි. ඔහුට නිතරම පෙනෙන්නේ සාත්තු සේවකයන්, පවුලේ පිරිස, දරවන් කරන හැමදේම වැරැදි විදියට යි. ඔවුන්ට විරුද්ධව මැසිවිලි නැඟීම, දොස් කීම, පැමිණිලි ඉදිරිපත් කිරීම එවැනි අයගේ පුරුද්දකි. හිතුවක්කාර මුරණ්ඩු ගති මතුවෙයි. මා සිතන පරිදි, කෙනකු කයික වශයෙන් පිරිහෙන්නට පෙර භාවනාව මඟින් මානසික ශක්තිය ගොඩනගා ගෙන තිබුණා නම්, රෝගී වනවිට, වයස්ගත වනවිට ඇතිවන නොසන්සුන් බව, කෝපය, ගැටුම්කාරී ස්වභාවයන් පාලනය කරගන්නටත්, මානසික ශක්තියක් ගොඩනඟා ගන්නටත් ඔහුට හැකියාවක් ලැබෙයි. මොකද? මේ ජීවිතයේ ඉදිරියට මුහුණ දෙන්නට සිදුවන දේවල් හා ජීවිතයේ අනිත්‍යතාවය ගැන අවබෝධයක් භාවනාවෙන් පුද්ගලයකුට ලැබෙන බැවිනි. බුදුදහම අනුගමනය කිරීමේ දී පෞද්ගලික උපදේශකයකු ද සිටිය යුතුදැයි? යි සමහරු අසති. අතීතයේ දී වර්තමානයේ තරම් ධර්මය දැනගන්නට පහසුකම් තිබුණෙත් නැත. ඒ නිසා කිසියම් ධර්මෝපදේශකයකු සොයා යාමට සිදුවුණි. දැන් පුද්ගල සම්බන්ධතා, පොත්පත් හා ධර්මය උගන්වන මධ්‍යස්ථාන බහුලව ඇත. එමඟින් ධර්මය දැනගන්ට පහසුයි. හැම දෙයක්ම පියවරෙන් පියවර පෙන්වා දීම සමහරුන්ට උවමනා කරයි. එහෙත් බුදු දහමේ හැම දෙයක් ම එසේ කළ නොහැකියි. මොකද? ආධ්‍යාත්මික වර්ධනය යනු මනස දියුණුු කරගැනීමේ දී තමන්ගේ ම අත්දැකීම් මත ප්‍රායෝගිකව ගොඩනගා ගත යුත්තක් නිසයි. ඔබ කලක් ධර්මය අනුව පුහුණු වනවිට ඔබම ඔබගේ ගුරුවරයා බවට පත්වෙයි. ඊළගට ගතයුතු පියවර ඔබට ම වැටහෙයි. සද්ධිවිහාරිකයන් සමග ඔබේ අත්දැකීම් හා ගැටලු සාකච්ඡා කළහැක. එවිට ඒ අය ඔබට මඟ පෙන්වනු ඇත. (භන්තේ සංඝරක්ඛිත හෙවත් ඩෙනිස් පිලිප් මහතාගේ දේශන ඇසුරෙනි.) මැදගම ධම්මානන්ද හිමි මහනුවර අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික 

    වස එන්නතක් ගසා අනියම් පෙමට සමු දෙයි

    ඇල්ල වැල්ලවාය මාර්ගයේ උමාඔය ආසන්නයේදී විෂ ශරීරගත කරගෙන සියදිවි හානි කරගත් බවට සැක කරන හෙද නිලධාරියකුගේ සහ හෙදියකගේ දින කිහිපයක් නරක් වූ මළ සිරුරු දෙකක් ඊයේ (18) වැල්ලවාය ‍පොලීසියට හමුවී ඇත. මේ දෙදෙනාම විවාහකයන් වන අතර අනියම් පෙමක් මෙම සියදිවි හානිකර ගැනීමට මුල් වී ඇතැයි ‍පොලීසිය සඳහන් කරයි. හෙද නිලධාරියා වැලිසර නාවික හමුදා රෝහ‍ලේ සේවයේ නිරතව සිටියෙකි. ඔහු හාලි ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ‍පොලීසිය සඳහන් කරයි. ඔහු හතළිස් හැවිරිදි දෙදරු පියෙකි.
    හෙද නිලධාරිනිය කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයටත් දරුවන් දෙදෙනකු සිටින බව ‍පොලීසිය සඳහන් කරයි.
    තම බිරිඳ අතුරුදන් බවට ඉකුත් 07 වෙනිදා හෙද නිලධාරිනියගේ සැමියා කඩවත ‍පොලීසියට පැමිණිලි කර තිබිණි. ඒ අතර ඉකුත් 16 වෙනිදා ඔහු වැල්ලවාය ‍පොලීසියට පැමිණි බිරිඳ උමාඔය ව්‍යාපෘතිය ආසන්නයේ සියදිවි හානිකර ගන්නා බවට සඳහන් ලිපියක් තැපෑලෙන් තමාට එවා ඇති බව සඳහන් කර ඇයව සොයා ගන්නට උදව් ඉල්ලා තිබේ. ඒ අනුව ‍පොලීසිය උමාඔය ව්‍යාපෘතිය සහ ඒ අවට ප්‍රදේශයේ සෝදිසියක් කළද මළ සිරුරක් හමුවී නැත.
    දින කිහිපයකට පෙර මියගියේ යැයි සැලකෙන ඇගේත් අනියම් පෙම්වතාගේත් මළසිරුරු දෙක ‍පොලීසියට හමුවන්නේ ඊයේය. උමාඔය ව්‍යාපෘතියට මඳක් ඈතින් එම මළ සිරුරු හමුවූ බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
    මළසිරුරු අසල සිලින්ජර තිබෙන බවත් දෙදෙනාගේ අත්වල කැනියුලාද දක්නට ඇති බවත් වැල්ලවාය ‍පොලීසිය සඳහන් කරයි. පෙනෙන්නට ඇති ආකාරයට අනුව විෂ ද්‍රව්‍යයක් ශරීරගත කරගෙන මේ දෙදෙනා සියදිවි හානි කරගෙන ඇති බව වැල්ලවාය ‍පොලීසිය සඳහන් කරයි.

    මොණරාගල කොට්ඨාසය භාර ‍පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ උපදෙසින් වැල්ලවාය ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක විජිත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ක්‍රියාත්මකය.

    කොන්ඩමයක් ගන්න ගිහින් වෙච්ච වැඩක්

    ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් එළියට ආපු එළ කොල්ලෙක් තමයි ශෝන්...දවසක් ශෝන් ෆාමසියකට ගිහින් ෆාමසි අයිතිකාරයගෙන් ඉල්ලුවා කොන්ඩම් එකක්. ඉතින් ෆාමසි අයිතිකාරයා කිව්වා.,"කොන්ඩම් එන්නේ පැකට් එකක කොන්ඩම් කිහිපයක් වශයෙන්. ඒ කිව්වේ කොන්ඩම් පැකට් තියෙනවා 3ක් තියෙන ඒවා, 6ක් තියෙන ඒවා, 12ක් තියෙන ඒවා. ඉතින් කියේ එකද්ද ඕනේ..?""මේකයි සීන් එක අන්කල්.. මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා දැන් ගොඩක් කල් වෙනවා.අන්කල්ට කියන්න අන්කල් එයානම් මාර හොට් කෙල්ලෙක්..සුපිරි කියන්නේ ආය සුපිරිම තමා.. ඉතින් අද මට එයාලගේ ගෙදරින් රෑ කෑමකට එන්න කිව්වා.මං හිතන්නේ එයාගේ අම්මලා මට කැමැත්ත දේවි. ඉතින් ඊට පස්සේ මං හිතන් ඉන්නේ එයත් එක්ක රෑ එළියට යන්න. මට දැනෙනවා අද තමා මගේ ජිවිතේ මෙච්චර කාලයක් බලන් හිටිය රෑ උදා වෙන්නේ කියලා..එයා මාත් එක්ක එක වතාවක් එකට හිටියොත් අනිවා එයාට ආයෙත් ඕන වේවි තවත් කිහිප වතාවක් මාත් එක්ක ඉන්න.ඒ හින්දා මට 12 පැකට් එකක්ම දෙන්න.."ඉතින් ඊට පස්සේ ෆාමසි අයිතිකාරයා මැතිව්ට 12 පැකට් එකක් දුන්නා. ඉතින් ශෝන් ඒකත් අරන් ගෙදර ගිහින් ලැස්ති වෙලා යාලු වෙලා ඉන්න ගෑනු ළමයාගේ ගෙදරට ගියා හවස. ඉතින් ගෙදර යද්දී ඉන්නේ ගෑනු ළමයයි, එයාගේ අම්මා විතරයි. තාත්තා තමා ඇවිත් නෑ. දැන් 3 දෙනා සතුටු සාමිච්ච්යේ යෙදිලා ඉද්දි ඇහුනා තාත්තා ඇවිත් දොරට තට්ටු කරන සද්දේ. අම්ම ගිහින් දොර ඇරියා.."ස්ටැන්ලි.. ඇයි පරක්කු උනේ ඔයා..? ඔයාට අමතක උනාද අද අර දරුවා අද එන විත්තිය..?""නෑ ජෙනී.. පොඩි වැඩ ටිකක් තිබුණා. එක ඉවර කරලම ආවා. ඔයා ඒ ළමයාව කෑම මේසෙට එක්කන් යන්න.මං වොෂ් එකක් දාන් කෙලින්ම එතනට එන්නම්.."ඉතින් දැන් ශෝන්, ශෝන් ේ ගෑනු ළමයා, අම්මා කෑම මේසේ වාඩි වෙලා බලන් හිටියා ගෑනු ළමයගේ තාත්තාත් කෑම මේසෙට එනකම්. තාත්තා ආවට පස්සේ ශෝන්.,"මං කැමතියි කෑමට කලින් දෙවියන් සිහි කරලා ඉන්න. ඔයාලා මොකද කියන්නේ..?"අනිත් අයත් ඉතින් ඒකට කැමති වෙලා ඇස් වහගෙන යාච්ඤා කරලා ඉවර වෙලා බලද්දී ශෝන් තාමත් ඇස් වහගෙන යාච්ඤා කරනවා. කට්ටිය බලන් ඉන්නවා ඉන්නවා ශෝන් ඉවර නෑ.ටික වෙලාවකට පස්සේ ශෝන් ඇස් ඇරියා යාච්ඤාව ඉවර කරලා. ශෝන්ගේ ගෑනු ළමයා ශෝන්ට කිට්ටු වෙලා හිමින් කිව්වා.."ඔයා මට කවදාවත් කියලා නෑනේ ඔයා ඔච්චර ආගමට ලැදි කෙනෙක් කියලා.."ඒක අහලා ශෝනුත් සෑහෙන අවුල් මූණෙන් හිමිට ගෑනු ළමයට ලං වෙලා කිව්වා..,"ඔයත් මට කවදාවත් කියලා නෑ ඔයාගේ තාත්තා ෆාමසියක අයිතිකාරයෙක් කියලා.."ඒක නෙවෙයි කතාව.. කොන්ඩම් පාවිච්චිය සමහර රටවල සාමාන්‍ය දෙයක් උනාට අපේ වගේ රටවලට තාමත් අශිලාචාර දෙයක් වගේ..කඩේකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්නත් ලැජ්ජයි බයයි..

    Friday 18 October 2013

    උතුම් සිදුවීම් රැසක් සිදු වූ වප් පුර පසළොස්වක පොහෝ දිනය



    සුපුරුදු ලෙස ශීලාංගයන්හි පිහිටීමෙන් යුතුව කිසියම් විවේකයක් ලබමින් ආගමික කටයුතුවල යෙදෙන අද දිනය වප් පුර පසළොස්වක පොහෝ දිනය වශයෙන් අපි හඳුනාගෙන සිටිමු. අද දිනයෙහි ශාසනික වශයෙන් මෙන්ම ශාසන ඉතිහාසය සම්බන්ධයෙන්ද බොහෝ වැදගත් සිදුවීම් සිදුවී තිබේ. ඔබේ අවධානය සඳහා බුද්ධචරිතය ඇසුරින් හා ශාසන ඉතිහාසය ඇසුරින් එම සුවිශේෂීතාවන් සිහිපත් කිරීමට බලාපොරෙත්තු වන අතර එය ඔබේ ශ්‍රද්ධාව වඩා වර්ධනය සඳහා හේතු වනු ඇත.
    කළගුණ සැලකීමේ උසස් බව ප්‍රායෝගිකවම බුදුරජාණන් වහන්සේ විසින් අපට නොයෙක් වර පෙන්නුම් කොට වදාරණ ලදී. ඒ අනුව බුද්ධත්වයෙන් සත්වෙනි වර්ෂයෙහි තම සිද්ධාර්ථ ජීවිතයෙහි මෑණියන් වූ මාතෘ දිව්‍යරාජයාණන්ට අනුග්‍රහ පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක්දෙවිඳුගේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස් විසූ බව අපේ ශාසනික ඉතිහාසයෙහි සඳහන් වෙයි. තෙමසක් මුළුල්ලෙහි මාතෘ දිව්‍යරාජයාණන් ප්‍රධාන දෙවියන්ට අභිධර්මය දේශනා කිරීමත් අවසන අසූකෝටියක් දෙවියන් නිවන් දුටු ආකාරයත් මාතෘ දිව්‍යරාජයාණන් සෝවාන් වූ බවත් එහි සඳහන්ව ඇත.
    මෙසේ පුරා තෙමසක් තව්තිසාවෙහි වස් වසා වැඩ සිටි බුදුරජාණන් වහන්සේ වස්පවාරණය කොට දඹදිව සංකස්ස පුරයට දෙව් මිනිසුන්ගේ පෙරහර මධ්‍යයෙහි අසිරිමත් පෙළහරින් යුතුව වැඩම කළේද අද වැනි වප් පොහෝ දිනයකය. මෙහිදී සැරියුත් මහරහතන් වහන්සේ වෙත බුදුරජාණන් වහන්සේ විසින් යොමු කරන ලද න්‍යායාත්මක ප්‍රශ්න මාලාවකට දම් සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ විසැඳුම් දේශනාවක් පැවැත්වීමද අසිරිමත් සිදුවීමකි. මේ සමඟම මෙහි රැස් වූ මහජන සමූහයා ඉදිරියෙහි, තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවක මහා සංඝරත්නය අතරින් ප්‍රඥාවෙන් අගතැන්පත් මහා ශ්‍රාවකයාණන් වහන්සේ ලෙස සැරියුත් මහරහතන් වහන්සේ පිළිබඳ ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, ධර්මසේනාධිපති අග්‍ර ශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර මහරහතන් වහන්සේ ලෙස අග තනතුරු ලැබුවේද අද වැනි වප් පුර පොහෝ දිනයකදීය.
    එසේම මෙම අසිරිමත් වූ දේවාවරෝහණ මහා උත්සවය දැකීමෙන් බොහෝ ජනතාව බුදුබව ප්‍රාර්ථනා කළ ආකාරය පිළිබඳද අපේ ධර්ම සාහිත්‍ය මැනැවින් තොරතුරු වාර්තා කොට ඇත. මෙහිදී බුදුරජාණන් වහන්සේ සහ සැරියුත් මහතෙරුන් අතර පැවැති ප්‍රශ්න විසර්ජන සාකච්ඡාවට සවන් දී සිටි මෛත්‍රි බෝසතාණන් වහන්සේ මහත් ප්‍රසාදයට පත්ව පැවිදි ජීවිතයට එළැඹ ඇත. මතු ලොව්තුරා බුද්ධත්වයට පත්වන මෛත්‍රි බෝසතාණන් වහන්සේ අප ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි බවට පත් වූ දිනය වන්නේ ද අද වන් වප් පුර පොහෝ දිනයකි.
    ශාසනයෙහි ප්‍රධාන පින්කම් අටක් පිළිබඳ සඳහන් වේ. එම පුණ්‍ය ක්‍රියා අතර ප්‍රථම පින්කම වන්නේ කඨින පූජා පින්කමයි. කඨින පූජා පින්කම හැම දිනකම හැම කාලයකම සිතූ පමණින් සිදුකළ හැකි පින්කමක් නොවේ. ඇසළ පුර පොහෝ දිනයෙන් ආරම්භ වන වස් කාල සීමාව තුළ වස් ශික්‍ෂා පදය ආරක්‍ෂා කරමින් කටයුතු කළ භික්ෂූන් වහන්සේ මහා පවාරණයෙන් පවාරණය විය යුතු වෙයි. වස් පවාරණය සිදු කරනු ලබන්නේද වප් පුර පොහෝ දිනයේය. අද දිනයෙන් ආරම්භ වන කාල සීමාව ඉල් පුර පොහෝ දිනය තෙක් සීමාවන දින 29 තුළදි පමණක් වස් විසූ භික්ෂූන් සඳහා කඨින චීවර පූජාවන් සිදු කළ හැකි වේ. මෙම කාල සීමාවෙන් පෙර හෝ පසුව මෙම විශේෂ පින්කම සිදු කළ නොහැකිය. ඒ අනුව මෙම කාල සීමාව චීවර මාසය නමින් හඳුන්වනු ලැබේ. එසේ නම් ලොව පුරා මහා කඨින පූජා පින්කම් පවත්වමින් මහා ආනිශංස ලබා ගන්නා උතුම් පින්බර මාසයක ආරම්භක දිනය වන්නේද වප් පුණු පොහෝ දිනයයි.
    මහින්දාගමනයෙන් පසු උන්වහන්සේගෙන් බණ අසා පළමුවෙන්ම මාර්ගඵල ලාභීන් බවට පත් වූයේ අනුලා දේවිය ප්‍රධාන ලාංකේය කාන්තා පක්‍ෂයයි. ඇතැම් අවස්ථාවල පිරිමි පක්ෂය අභිභවා ආගමික කටයුතුවල වැඩි උනන්දුවකින් ද යුතුව ක්‍රියා කරන කාන්තාවන් ප්‍රථමයෙන් ම මඟ ඵල ලැබීම සුවිශේෂි සිද්ධියකි. මාර්ගඵල ලාභී මෙම කාන්තාවන්ට සසුනෙහි පැවිදි බව ලබා ගැනීමට අවශ්‍ය වූ අතර ඒ සඳහා භික්‍ෂුණි සංඝයා ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව ද ඇති විය.
    ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ නියමයෙන් දෙවැනි පෑතිස් රජතුමා විසින් අශෝක රජතුමා වෙත සංදේශයක් යවන ලදී. එයින් ප්‍රකාශ වූයේ අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීම සඳහා සංඝමිත්තා මහරහත් තෙරණිය වැඩමවා ගැනීමේ අවශ්‍යතාව යි. ඒ සමඟ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් වැඩමවා ගැනීම පිළිබඳ ද සඳහන් කෙරිණි. මෙම ඉල්ලීම ඇතුළත් සංදේශය සහිත ව තුටු පඬුරු රැගත් අරිට්ඨ කුමරු ඇතුළු රාජකීය දුත පිරිස අශෝක අධිරාජයා මුණ ගැසීම සඳහා පිටත්ව ගොස් ඇත්තේද අද වැනි වප් පුන් පොහෝ දිනයකය. අපේ කාන්තා පක්ෂයට ආශිර්වාදයක් වූ භික්‍ෂූණී ශාසනය මෙන්ම ලංකාවාසි බෞද්ධ ජනතාවගේ ශ්‍රේෂ්ඨතම පූජනීය වස්තුවක් වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ වැඩමවීමෙහි කාර්යාවලියේ ආරම්භක දිනය වූ අද දවසෙහි වැදගත්කම අපේ වංශකතා මගින් මහත් අසිරිමත් ආකාරයෙන් යුතුව අනාවරණය කොට ඇත.
    ලක්දිව සම්බුදු සසුන පිහිටියේදැයි දේවානම්පියතිස්ස රජු අසා ඇති ප්‍රශ්නයකට පිළිතුරු දුන් මිහිඳු හිමියන් පවසා ඇත්තේ මෙරට සිංහල මව්පියන් ඇතිව උපන් දරුවකු මෙහි පැවිදිව විනය ධාරිව මෙරටදී විනය උගන්වයිද එවිට ශාසනය මුල්බැස ගත්තා වන්නේ යැයි යනුවෙනි. ඒ අනුව, ප්‍රථම සිංහල මහරහතන් වහන්සේ වූ මහඅරිට්ඨ තෙරණුවන් ඒ සඳහා සුදුසුකම් ලබා තිබුණි. අනුබුදු මිහිඳු මහ හිමියන් ප්‍රමුඛ මහා අරිට්ඨ තෙරුන් ඇතුළු මහරහතන් වහන්සේ අටසැට නමක්, දහසක් බැගින් භික්‍ෂූන් සමග අනුරාධපුර ථූපාරාම විහාරයේදි විනය පිටකය සංගායනා කළේද අද වැනි වප් පුර පොහෝ දිනකය. මහා අරිට්ඨ මහරහතන් වහන්සේ විසින් සිදු කරන ලද මෙම විනය සංගායනාව ලක්බුදු සසුනෙහි විශේෂි අවස්ථාවක් ලෙස ශාසන ඉතිහාසය මගින් වාර්තා කොට තිබේ.
    මහාපවාරණය, දේවාවරෝහණය, සැරියුත් තෙරුන් නුවණින් අගතනතුර ලැබීම, මෛත්‍රි බෝසතුන් පැවිදිවීම, අරිට්ඨ කුමරු ප්‍රධාන රාජකීය දූත පිරිස දඹදිව කරා ගමන් ආරම්භය, ලක්දිව ප්‍රථම විනය සංගායනාව ආදි අසිරිමත් ආගමික කටයුතු රැසක් සිදුවූ අද දිනය පිළිබඳ කරුණු දැන ගැනීම ඔබ හැමගේ ශ්‍රද්ධාව වැඩිදියුණු වීම සඳහා මහත් රුකුලක් වනු ඇත. වැඩිදුරටත් සැදැහැ ගුණ දියුණුවනු වස් දහම් ගුණ පිළිබඳ ද කරුණු විමසා බලමු.
    ‘ධර්ම’ යන වචනයට විවිධ අර්ථ ඇති අතර අප මෙහිදී කෙටි විමසීමකට ලක් කරනුයේ තථාගත ධර්මය පිළිබඳවයි. පර්යාප්ති ධර්ම සංඛ්‍යාත බුද්ධ වචන සමූහය ධර්මස්ඛන්ධ වශයෙන් සුවාසු දහසක් වන බව ගණනය කොට ඇති අතර මුළු මහත් බුද්ධවචනය සූත්‍රපිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය, වශයෙන් ත්‍රිපිටකය යන නමින් බෙදා දක්වා තිබේ. මෙයට අතුළත්ව සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමී මාර්ගය, අරහත් මාර්ගය යන සිව් ආර්ය මාර්ගයනුත් සිව් ආර්ය ඵලයනුත් නිර්වාණ ධර්මයත් යන ධර්ම නවය නව ලෝකෝත්තර ධර්මය යනුවෙන් හැඳින්වේ. මෙහි තේරුම වන්නේ සත්වයන් සංසාර ලෝකයෙන් එතෙර කරවන්නේය යන්නය.
    මේ හැරෙන්නට පරියප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද වශයෙන්ද ධර්මයෙහි ආකාර තුනක් පිළිබඳ සඳහන් වේ. සූත්‍ර, විනය, අභිධර්මය යන පිටකත්‍රය පරියාප්ති නම්වේ. සිව් අපායෙන් මිදීම සඳහාත් දෙව්, මිනිස්, නිවන් යන ත්‍රිවර්ග සම්පත් ලැබීම සඳහාත් පිරිය යුතු ශාසනික ප්‍රතිපත්තිය, ප්‍රතිපත්ති ධර්මය ලෙස හඳුන්වනු ලැබේ. ආර්ය මාර්ග සතරත් , ආර්යඵල සතරත් නිර්වාණයත් යන නව ලොව්තුරු දහම් ප්‍රතිවේද ධර්මය ලෙසත් සඳහන්ව ඇත.
    ‘දරන්නා වූ’ යන අදහසින් ධර්මය නම්වේ. දැරීම නම් සතර අපායට සහ සසර දුකට වැටෙන්නට නොදී ආරක්‍ෂාව සැලසීමයි. ධර්මය අසමින් සිත්හි ධාරණය කර ගනිමින් ඊට අදාළ පිළිවෙත් පූරණය කරමින් ධර්මාවබෝධය ලබන්නන් ධර්මය දරන්නන් ලෙස දක්වා ඇත. මෙසේ ධර්මය දරන්නා වූ අය සතර අපායටත් සසර දුකටත් යා නොදී ආරක්‍ෂා කිරීම ධර්මයෙන් සිදුවන සුවිශේෂී කාර්යයක් ලෙස ධර්මයෙහි ඉතා මැනැවින් දක්වා ඇත. මෙවන් වු තථාගත ධර්මය ගුණ වශයෙන් ගත් කළ මූලික ගුණ හයක් වශයෙන් බොහෝ සූත්‍රවල දක්නට ලැබෙන අතර අපේ දහම් ගුණ පාඨයෙන් එය මනාව විවරණය කොට තිබේ. මේ අනුව අද දිනයෙහි වැදගත් කමද සිහිපත් කරමින් උතුම් ධර්මයෙහි හැසිරෙමින් නිර්වාණාවබෝධය සඳහා උත්සාහවත් වනු මැනැවි.



    ඔබේ පෙම්වතිය වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්.

    මම අද ඔයාලට දෙන්න යන්නේ 
    ඕනෑම ගැහැණියෙක් සතුටු කරන්න පුළුවන් ක්‍රම 45 ක් 
    මේ ටික හරියට කරොත් ඔයාගේ ගෑණු ළමයා එයාගේ ජීවිතය පුරාවටම ඔයත් එක්ක ඉදිවී .. 

    ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, 
    ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්. 
    1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.

    2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.

    3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.

    4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.

    5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න මේ දේවල් අමතක කරන්නත් එපා . . .

    6. ඇයව වැළඳගන්න.

    7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.

    8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.

    9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.

    10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න. නිදහස් තැන්වලදී . . .

    11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.

    12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.



    13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.

    14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.

    15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා. ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?

    16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.

    17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.

    18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.

    19. ඇය ලස්සන බව ඇයට පවසන්න.

    20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න. ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න

    21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.

    22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.

    23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.

    24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න

    25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි. ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා

    26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.

    27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.

    28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.

    29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.

    30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.

    31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.

    32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.

    33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.

    34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.

    35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න

    36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.

    37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.

    38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.

    39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.

    40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න. ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.

    41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.

    42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.

    43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.

    44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.

    45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න……………………


    උපුටා ගැනීම – අන්තර්ජාලයෙනි…




    Thursday 17 October 2013

    Inside AdSense: Redesigned Text Ads on the Google Display Network

    Inside AdSense: Redesigned Text Ads on the Google Display Network

    විද්‍යා පීඨයේදී අතුරුදහන් වූ මයෝමිගේ අම්මා සහ "බෝයිෆ්‍රෙන්ඩ්" අත්අඩංගුවට

    අකුරැස්‌ස විල්පිට නිල්වලා ගුරු අභ්‍යාස විද්‍යා පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියදී අතුරුදන් වූ හක්‌මන දෙනගම පදිංචි හේවාමුලිගේ මයෝමි සංජීවනී තරුණිය සම්බන්ධයෙන් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ මත මාතර ළමා හා කාන්තා කාර්යාංශය මගින් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
    අකුරැස්‌ස විල්පිට නිල්වලා විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ මේ තරුණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට ගාල්ල ලබුදූව ඉංජිනේරු පීඨයේ තරුණයකු මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මාතර පොලිසියේ සිරමැදිරියේ රඳවා සිටියදී වැසිකිළි යැමට අවශ්‍ය බව පවසා එහි ගොස්‌ හැඳ සිටි කමිසය ගලවා එය ආධාරයෙන් ගෙල වැලලා ගැනීමට තැත් කර ඇත. සිද්ධිය දුටු පොලිස්‌ නිලධාරීන් වහා ඔහු එයින් මුදවාගෙන ප්‍රතිකාර සඳහා මාතර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
    මෙම තරුණිය නිල්වලා විද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් සිටියදී කිරින්ද ප්‍රදේශයේ තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර එයට තරුණියගේ පාර්ශ්වයෙන් විරෝධය පළ වී ඇත.
    ඒ අතර තවත් තරුණයකුගෙන් ඇයට මංගල යෝජනාවක්‌ ද ඉදිරිපත් වී තිබේ. 
    සැකපිට අත්අඩංගුවට ගත් එක්‌ තරුණයකුගෙන් ප්‍රශ්න කිරීමේදී තරුණිය ගැන තොරතුරු තරුණියගේ මව හොඳින්ම දන්නා බව ප්‍රකාශ කිරීම නිසා තරුණියගේ මව ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරේ.
    අතුරුදන් වී ඇති හක්‌මන ප්‍රදේශයේ තරුණියගේ මව විසින් තරුණියගේ මළසිරුර කුඹල්ගම ප්‍රදේශයේ පිහිටි පාළු ළිඳක දමා ඇති බවට කළ ප්‍රකාශයක්‌ අනුව මාතර පොලිසිය විසින් පෙරේදා (16 දා) කුඹල්ගම ප්‍රදේශයේ පාළු ළිඳක්‌ ආශ්‍රිතව සොයා බැලීම් කරන ලදී. එහෙත් ඊයේ හවස්‌ වන විටත් කිසිදු හෝඩුවාවක්‌ නොලැබුණු බව පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.
    මෙම තරුණිය කිසියම් ස්‌ථානයක රඳවා තබාගෙන සිටීද නැතිනම් ඝාතනය කර සිරුරු කොටස්‌ සඟවා ඇත්ද යන්න පිළිබඳව මාතර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
    ඉකුත් සැප්තැම්බර් 20 වැනිදා සිට මේ වන තෙක්‌ තරුණිය සම්බන්ධව කිසිම තොරතුරක්‌ ලැබී නැත. තරුණියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකපිට පොලිස්‌ අත්අඩංගුවට පත් තරුණයා සහ ඇයගේ මව මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුවන් සිsසිර කුමාර මහතා නියෝග කොට ඇත.
    මෙසේ රිමාන්ඩ් භාරයට පත් වූයේ ඩබ්ලිව්. පී. ඉන්ද්‍රdනි (46) සහ ඒ. පී. කුලතුංග (25) නමැති දෙදෙනායි.
    මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ පරිදි මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනිය ඇතුළු කණ්‌ඩායම වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
    අතුරුදන් වී ඇති බවට සැකකරන අකුරැස්‌ස විල්පිට නිල්වලා විද්‍යා පීඨයේ මයෝමි රණසිංහ මෙනෙවිය පිළිබඳ තොරතුරක්‌ දන්නා කිසිවකු වේ නම් මාතර පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කෙරේ.