sha fm

    Saturday 12 October 2013

    අකුරැස්සේ ප්‍රාදේශීය සභාපතියාගෙන් දුෂණය වූ දැරිය පාසලෙනුත් දොට්ට

    පසුගිය කාලයේ කුප්‍රසිද්ධවූ
    මුලින්ම තරුණයන් දෙදෙනකුගෙන් හා ඊට පසුව ප්‍රාදේශීය සභා සභාපතිවරයාගෙනුත් අතවරයකට ලක්වූ බව කියන මේ බාලවයස්කාර දැරිය ඒ කාලේ ඉගෙන ගත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පාසලකය. නමුත් 14 හැවිරිදි වියේ පාසල් යද්දී සිදුවූ ඇයගේ අතවර සිද්ධිය 2012 මැයි මස මාධ්‍ය ඔස්සේ ආන්දෝලනය වෙමින් ප්‍රචාරයවීමෙන් අතවරකරු නීතියට කොටු කරන්නට සමත් වුවත් ඇයගේ දෛවයට අත්කළේ අවාසනාවකි.
    ඇයට එම පාසලේ තවදුරටත් සිටිය නොහැකි විය. ඇයට එම පළාතේද වාසය කළ නොහැකි විය. සමහරු සිතුවේ ඇය දිවි නසාගත් බවය. ඇයට අතවර සිද්ධියෙන් පසු කුමක් වූවාද යන්න වැඩි දෙනෙකු ඇත්තටම දැන සිටියේ නැත.
    නමුත් ඇය දෙමාපියන් සමග පවුල් පිටින් ඈත පළාතකට සංක්‍රමණය වන්නට තීරණය කර තිබුණා. මේ වනවිට 15 හැවිරිදි වියේ සිටින 9 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටින ඇය ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගය ලියා ඉදිරියට යාමේ අදිටනින් සිටින්නියකි. ඇය සිදුවූ දේ අමතක කර අධ්‍යාපනයෙන් දස්කම් පෙන්වා ඉදිරියට යන්නට තීරණය කර තිබුණා. නමුත් එයටද දැන් දුර්භාග්‍ය සම්පන්න ඉරණමක් අත්ව ඇත.
    අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපතිගෙන් අතවරයට පත්වු ආන්දෝලනයට තුඩුදුන් සිද්ධියේ දැරියට දැන් අත්ව ඇති අවාසනවන්ත ඉරණම ඛේදජනකය.
    ඇය අකුරැස්සෙන් සංක්‍රමණය වුයේ බණ්ඩාරවෙලටය. බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයට ඇයට ඇතුළුවන්නට හැකියාව ලැබුණ අතර නැවතත් පාඩම් වැඩ වලට ඇය අත ගැසුවා පමණි.
    දැරිය එම විදුහලේ ඉගෙනීම ලබමින් සිටින අතර ඉකුත් සැප්තැම්බර් 07 දා ඇගේ මව විදුහලට කැඳවූ විදුහල්පති වැදගත් කාරණාවක් ගැන සාකච්ඡා කිරීමට ඇති බව පවසා තිඛෙනවා. විදුහල්පතිවරයාට  දියණිය පාසලේ තබා නොගන්නා මෙන් තර්ජනය කරමින් මාතරින් දුරකථන ඇමතුම් කීපයක් ලැබුණු බවත් ඒ නිසා තීරණයක් ගතයුතු බවත් විදුහල්පති දැරියගේ මවට දන්වා ඇත.
    විදුහලේ ඉගෙනුම ලබන සෙසු සිසුවියන්ගේත් ආරක්ෂාව පිණිස දියණිය විදුහලෙන් අස්කර ගත්තොත් හොඳයි නේද යනුවෙන් ඔහු යෝජනාවක්ද කර ඇත.තමා අමාරුවෙන් දියණියට වැනසීයන හෙට සකස් කරගන්නට උත්සාහ දරන මේ අවස්ථාවේ විදුහල්පතිවරයාගේ හැසිරීම මවට ප්‍රහේළිකාවක්වී ඇති අතර ඔහු යෝජනා කර ඇත්තේ කැමැත්තෙන් අස්වෙන බවට තමා ලියවිල්ලක් සකස් කර දෙන බවකි.විදුහල්පතිවරයට තිබුණ ගෞරවය හා එම අවස්ථාවේ උපදෙස් සැපයූ ආකාරය අනුව මවට මෙම බලපෑම්කාරී තීරණයට නතුවන්නට සිදුව ඇත.
    දැරියගේ මව දැරියද කැටුව නැවත නිවසට ආවේ කබලෙන් ලිපට වැටීය.
    මෙම ගැටලූව ගැන ඇය නැවත නිවැරදිව සිතා ඇත්තේ නිවසට ගිය විටය.

    කැමැත්තෙන් අස්වී යන බව විදුහල්පති නිකුත් කළ අස්වීමේ සහතිකයේ සඳහන් වුවත් එය සම්පූර්ණයෙන් අසත්‍යක් බවත් අස්වීමට සිදුවූයේ විදුහල්පති ගත් අත්තනෝමතික හිතුවක්කාර අසාධාරණ තීරණය උඩ කළ දැඩි බලපෑම් නිසා බවත් ඇය තේරුම් ගත් අතර නීතියේ පිහිට සොයා යන්නටද ඇයට සිදු වුණා. ඒ අනුව මෙම සිද්ධිදාමය
    පෙත්සමක සඳහන් කර බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා විදුහල්පති, බත්තරමුල්ල ඉසුරුපාය ජාතික පාසල් අධ්‍යක්ෂ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ අධ්‍යාපන ඇමැති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇය නීති මාර්ගයට දැන් එළැඹ සිටිනවා.
    ඉගෙනීම ලබමින් සිටි විදුහලෙන් අස්කර ගැනීමට බලපෑම් කළ බව කියන විදුහල්පතිගෙන් රුපියල් ලක්ෂ 20 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා එම දැරිය හා ඇගේ මව නීතිඥයකු මාර්ගයෙන් ඊයේ (10 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.
    2014 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත් විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටින දැරියට තවදුරටත් අධ්‍යාපන කටයුතුවල යෙදීමට ඇති අයිතිය සුරක්ෂිත වන ආකාරයට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
    මෙම පෙත්සම පිළිබඳව සම්පූර්ණ විභාගයක් පවත්වා අවසන් වන තුරු එම විදුහලට යළි ඇතුල් කරගත යුතු බවට නියෝගයක් විදුහල්පතිට ද එසේ නැත්නම් හැකි ඉක්මණින් දැරියට වෙනත් සුදුසු පාසලක් සොයාදෙන ලෙසට අධ්‍යාපන බලධාරීන්ට ද නියෝග කරන්නැයි ද පෙත්සමෙන් ඉල්ලා තිඛෙනවා. මේ පිළිබඳ විභාගය ඉදිරියට පැවැත්වෙනු ඇත.
    අතවර කළ සභාපති නිදහස්වී දැන් පුරුදු වැඩ කරමින් ගෙදරය.
    අනපේක්ෂිත අතවර සිද්ධිය නිසා සමාජයෙන් ඇත්වන්නට සිදුවූ අහිංසක ඇයට ජීවිතයේ සාමාන්‍ය අයිතීන් වෙනුවෙන් පවා දැන් සටන් වදින්නට සිදුව ඇත.

    රට යන අයගෙන් 30,000 ලෙඩ නිසා ආපහු එනවා

    විදෙස් රැකියා සඳහා විදේශගත වන තුන් ලක්ෂයක් පමණ වන ශ්‍රමිකයන්ගෙන් 30,000 කට පමණ විවිධ රෝගාබාධ වැලඳී තිබීම නිසා යළි මෙරටට පැමිණීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ සභාපති සේනක අබේගුණසේකර මහතා කී ය.
    මීට ප්‍රධාන හේතුව විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන්ට ව්‍යාජ වෛද්‍ය සහතික ලබාදීම බවත් මේ නිසා විගමනික ශ්‍රමිකයන් මෙන් ම එතෙර හාම්පුතුන් ද දැඩි අපහසු‍තාවන්ට පත්වන බව පවසයි.
    ඇතැම් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල දී රෝගාබාධයන්ගෙන් පෙළෙන විගමනික ශ්‍රමිකයන්ට ව්‍යාජ වෛද්‍ය සහතික ලබා දී ඇති අවස්ථා ඇති අතර එතෙර දී කරන වෛද්‍ය පරීක්ෂණවලදී ‍රෝගාබාධවලින් පෙළෙන බව සනාථ වූ වහාම ඔවුන් ආපසු මෙරටට එවනු ලබන බවත්, මේ තත්ත්වය මැඬපැවැත්වීම පිණිස විදේශ රැකියා ඒජන්සි සමාගම මඟින් සහන ගාස්තු මත විශේෂිත වෛද්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවනු ලබන බවත් කීය.

    Friday 11 October 2013

    ෆේස්බුක් හඳුනාගෙන ස්කයිප් "හනිමුන්" ගොස් මීගමුව බන්ධනාගාරයට ගිය චතුරංග

    අන්තර් ජාලයේ
    "ෆේස්‌බුක්‌" මගින් විවාහක සුරූපී රූපලාවන්‍ය ශිල්පිනියක්‌ විසින් හඳුනාගත් හදිසි පෙම්වතකු විසින් ඇගේ නිරුවත දැකීමට ආශා කරන බවට ඇයට දන්වා ඇගේ නිරුවත් දර්ශන ඇගේ කැමැත්ත මත අන්තර්ජාලයේ "ස්‌කයිප්" මගින් ලබාගෙන එය වීඩියෝ ගත කොට එම දර්ශන අන්තර්ජාලයට මුදානොහැරීමට නම් රූපලාවන්‍ය ශිල්පිනියගෙන් රුපියල් ලක්‍ෂ 2 1/2 ක කප්පමක්‌ ඉල්ලූ සැකකරුවකු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් දස ලක්‍ෂයක ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.
    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිට ඇප නියම වූ සැකකරු වූයේ රාගම මත්තුමගල මීගමුව පාරේ පදිංචි දැඩිගම ආරච්චිගේ චතුරංග ප්‍රභාත් නමැත්තෙකි. එම සැකකරුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ගොනු කළ පැමිණිල්ල අනුව මෙහි පැමිණිලිකාරිය වූ රූපලාවන්‍ය ශිල්පිනිය ක¹න පල්ලිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය රූපලාවන්‍ය ශිල්පයට අමතරව මනාලියන් හැඩගැන්වීම සහ කොණ්‌ඩා මෝස්‌තර සැකසීමද සිදුකරයි.
    ඇයට ඒ සඳහා ආයතනයක්‌ ඇත. මෙහි පැමිණිලිකාරියට සැකකරු හමුවී ඇත්තේ "ෆේස්‌බුක්‌" මගිනි. ඔවුන්ගේ ආදරය සහ මිතුදම ලියලද්දී සැකකරු ඇගේ නිරුවත දැකීමට ආශා බවත් එම දර්ශන අන්තර්ජාලයේ "ස්‌කයිප්" මගින් ඔහුට දැකගත හැකි බවත් පවසා ඇත. පසුව ඇයට ඇගේ පරිගණකය හමුවේ නිරුවත්ව සිටීමට සැකකරු ආයාචනා කර ඇත. ඇය ඒ අනුව ඔහුගේ ඉල්ලීම ඉටුකළ අවස්‌ථාවේ "ස්‌කයිප්" මගින් යොමුවූ නිරුවත් දර්ශන සැකකරු වීඩියෝ ගත කර ඇත. පසුව සැකකරු එම නිරුවත් දර්ශන අඩංගු සංයුක්‌ත තැටියක්‌ රූපලාවන්‍ය ශිල්පිනියට එවා ඇති අතර එම දර්ශන අන්තර් ජාලයට මුදානොහැරීමට නම් සැකකරු රුපියල් ලක්‍ෂ 2 1/2 ක කප්පමක්‌ ඉල්ලූ බව පැමිණිල්ලේ සඳහන් වේ. පසුව පැමිණිලිකාරිය සැකකරුට කප්පම් ලබාගැනීමට පැමිණෙන ලෙස දන්වා ඇගේ සැමියාගේ සහ ප්‍රදේශවාසීන්ගේ ආධාරයෙන් සැකකරු අල්ලා පොලිසියට භාරදී ඇත. විත්තිය වෙනුවෙන් නීතිඥ ප්‍රියන්ත රාජපක්‍ෂ සහ දිනේෂ් ඉන්දික යන මහත්වරුන් පෙනී සිටියහ. වැඩිදුර විභාගය නොවැම්බර් මස 2 දින පැවැත්වේ.

    මුහුණු දෙකේ ගැහැණියක්

    සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ සහ රියැදුරන්ගේ සංගමයේ, බස්නාහිර පළාත් සංවිධායක පිටකොටුව බෝධිරාජ මාවත රථ ගා‍ලේ කේ.ඩී. සරත් කුමාරගේ අත්දැකීමක්
    muhu1එදා මහ වැස්ස දවසෙ පිටකොටුවෙ බෝධිය කිට්ටුව පාක් එකේ අපි හැමෝටම ගජරාමෙට හයර් වදිමින් තිබුණ වෙලාවක්. මහ වැස්සෙ තෙමි තෙමීම මගෙ ත්‍රීවීල් එක ළඟට ආව මැදි වයසෙ වගේ හිටපු ගෑනු කෙනා මොකක් හරි ලොකු කරදරේක වැටිලා වග මට බැලූ බැල්මටම තේරුණා. ඒ මූණෙ කියාගන්න බැරි තරම් දුකකින් පිරිලයි තිබුණෙ. ඒ ගලන්නෙ කඳුළුද වැහි වතුරද කියලවත් මට එකපාරටම හිතා ගන්න බැරි වුණා. “ඇයි නෝනාට මොකක් හරි කරදරයක් වුණාද” කියලා මං අහපු වෙලාවෙ ඒ ගෑනු කෙනාගෙ ඉකිබිඳුම තවත් වැඩි වුණා. 
    “අනේ  දෙවියනේ; මං මාසයක් කඹුරල කඹුරලා ගත්ත පඩි සල්ලි ...” එහෙම කියලා ආපහු අඬන්න පටන් ගත්තා. ඒ ගැනු කෙනාගෙ පර්ස් එක කවුදෝ ‍පොකැට් ගහලා. බස් එකටවත් දෙන්න සල්ලි නෑ කිය කියා ඇඬුවා. ඒ වෙද්දී පාක් එකේ කිහිප දෙනෙක්ම මගේ ත්‍රීවීල් එක වටේ රොක් වෙලා හිටියේ. ඒ ගෑනු කෙනා ඊට පස්සෙ කියපු දේ අහල අපි හැමෝගෙම පපුව පත්තු වුණා. ඒ ගෑනු කෙනා කොළඹ රස්සා කරලා සල්ලි හොයන්නේ හොඳටම අසනීප දරුවෙකුට වෙදකම් කරන්නලු. ඊළඟ දවසෙ දරුවව දොස්තරට පෙන්නන්න ඕන නිසා පඩි සල්ලිත් අරන් ගමේ යන අතර තමයි ඔය සිද්ධිය වෙලා තිබුණෙ. 
    ටයි පටි දාගෙන ඒසී කාමරවල ඉන්න මහත්තුරුන්ට වඩා මහ පාරේ දුප්පත් මිනිස්සු එක්කම ගැවසෙන අපේ හිත්වලට ඒ දුප්පතුන්ගෙ දුක කාටත් වැඩියෙන් දැනෙනවා. 
    හොඳට හයර් වැදිලා දවස සරු වෙලා තිබුණ වෙලාවෙ අපි හැමෝම කතාවෙලා එක තීරණෙකට ආවා. මමමයි යෝජනා කළේ අපි රුපියල් හත්සීය පන්සීය එකතු කරලා අපිට පුළුවන් විදිහකට ඒ ගෑනු කෙනාට උදව්වක් කරන්න. කොහොම හරි ළඟ අහල පහල අයත් සම්මාදම් වෙලා රුපියල් පන්දාහකට කිට්ටු ගාණක් එකතු වුණා. ගැනු කෙනා නොසෑහෙන්න පින්දිදී ගියාට පස්සෙත් මං සෑහෙන වෙලාවක් ඒ ගැන හිතල; සතුටු වුණා අපි හැමෝම කරගත්තු පුණ්‍යකර්මෙ ගැන. 
    ඊට පැය බාගෙකට විතර පස්සෙ කොටුවෙ ස්ටේෂන් එක ළඟට මට හයර් එකක් වැදුණා. මම ඒ මහත්තයව එතනින් බස්සවලා ඒ හැටි දුරක් ගියේ නෑ. අර ගෑනු කෙනා තවත් කවුදෝ පිරිමි කෙනෙක් එක්ක ලොකු කතාවකුත් දාගෙන සෙනඟ අතරෙ ඉන්නවා මගෙ ඇහැ ගැහුණා. හැබැයි අර දුක්බර මුහුණේ සේයාවක්වත් එයාගේ මුහුණේ නැහැ. මම වීල් එක නතර කරලා අඩියට දෙකට එතනට ගියා. “ඇයි මේ මොකද මෙතන කරන්නේ කවුද එතකොට මේ” මගෙ කටින් ප්‍රශ්න වැලක්ම එළියට පැන්නේ අපි අතරෙ ඒ වෙද්දී ගොඩනැගිල තිබුණ හිතවත්කම ඉස්සරහට දාලා. ඒත් ඒ ගැනු කෙනා මාව ජීවිතේට දැකලා නෑ වගේ බැල්මක් හෙලද්දී මට පුදුම හිතුණා. “ඇයි මතක නැද්ද ? බෝධිය ළඟ පාක් එකේ අපි කට්ටියනේ ඔයාට දැන් ටිකකට කලින් උදව් කළේ” මං එහෙම කියද්දිත් අර නාඳුනන බැල්ම දාපු ගෑනි “මේ බලන්නකො ඒයි මේ මං මෙයාව දැක්කෙත් දැනුයි” කියලා තොදොල් වෙවී එයත් එක්ක හිටපු මිනිහට කියද්දීම ඒ මිනිහා පැනපු ගමන් මගේ කමිසෙ කොලර් එකෙන් අල්ල ගත්තා. “උඹ දන්නවද මිනිහො මං කවුද කියලා. එන්න එපා සෙල්ලම් පෙන්නන්න අල්ලල දෙනවා ‍පොලීසියට” කියලා කියද්දී මං කාට මගෙ අවනඩුව 
    කියන්නද? ඒත් ඒ වෙලාවෙ මාත් මගෙ ගැලවුමට “අනේ සමාවෙන්න ඕන මට ‍පොඩි වැරදීමක් වුණේ” කියලා එතනින් අමාරුවෙන් බේරිලා ආවට ඒ ගෑනු කෙනා අපි උදව්කරපු කෙනාමයි කියලා මට සීයයට ලක්ෂ වාරයක් ෂුවර්.
    උත්පලා සුභාෂිණී ජයසේකර 

    Thursday 10 October 2013

    "ෆේස්බුක් ෂුවර් නෑ'' - තහනම් කරන්න පුළුවන් ජනපති පාණදුරේදී කියයි

    '
    ෆේස්බුක් එක අපිට වසංගතයක්. දරුවන්ගේ වසංගතයක්. අපිට මේක තහනම් කරන්න පුළුවන්. ඒකට ක‍්‍රම තිබෙනවා. ෆේස්බුක් විශ්වාස කරන්න එපා'' යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

    ජනාධිපති මහින්ද රාජාපක්ෂ මහතා මේ අදහස ප්‍රකාශ කළේ පාණදුර, ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (9) සවස එක්වෙමිනි.

    රාජිතයන් ලෙස වසර තිහක්ම ජීවත් වූ යුගය නිමා කර ඇති අවස්ථාවේ මේ රටේ සෑම දරුවකුම සමත් දරුවකු ලෙස තමා ඉහළින්ම සළකන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළේය.

    විභාග සමත් වුවත් නැතත් තමන්ගේ දරුවන් පරාජිතයන් සේ නොසළකා සමතුන් සේ සැළකීමට සෑම මවක්ම පියකුම පුරුදු විය යුතු බව පැවසූ ජනාධිපතිවරයා, අසමත් කියමින් තමන්ගේ දරුවන්ට වධ හිංසා කිරීම වහා නතර කළ යුතු බව ප්‍රකාශ කළේය.

     පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් අසමත් යන්න හඳුන්වන ආකාරය වෙනස් විය යුතු බවත් මේ අපරාධයෙන් දරුවන් බේරා ගැනීමට නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

     අධ්‍යාපනයෙන් විශිෂ්ට දක්ෂතා දැක් වූ සිසුවියන්ට ජනාධිපතිවරයාගේ අතින් තිළිණ සහ සහතික පත් පිරිනැමුණු අතර සුමංගලාවියන්ගේ උපහාර තිළිණයක් ජනාධිපතිවරයා  වෙත පිරිනැමිණ.

    පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මත පදනම්ව විභාගය සමත් අසමත් යන්න තීරණය කර ගැනීම නිසා දරුවන් විවිධ ගැටලුවලට මුහුණ දෙන බව පැවසූ ජනාධිපතිවරයා එම ක්‍රමය වෙනස් කිරීමට අධ්‍යාපන ඇමැතිවරයා  අවධානය යොමු කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.

    විභාගයෙන් ලකුණු 70ට වඩා ගන්නා සෑම දරුවකුටම විභාගය සමත් බවට සහතිකයක් දෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විභාගය සමත් වන මට්ටම සියයට 39 සිට 70 දක්වා වර්ධනය කිරීමට විදුහල්පති, ගුරු සහ දෙගුරුන් මෙන්ම දරුවන් ද දක්වා ඇති උත්සාහය අගය කළේය.

    වසර තිහක් තිබූ යුද්ධය වසර තුනකින් අවසන් කළේ පිටරට අය නොව අපේ රටේම තරුණ තරුණියන් එකමුතුව බව පෙන්වා දුන් ජනාධිපති වරයා, සෑමදෙයකටම බැහැ යැයි කී පරාජිත යුගය දැන් අවසන් බවත් පැවැසීය.

    අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සහ සුමංගල විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලිව්. ඒ. ඩී. ඩී. එස්. නේපාල මහත්මිය ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Wednesday 9 October 2013

    පාසල් සිසුවෙකුගෙන් 22 හැවිරිදි විවාහක තරුණිය කාමාශාවන් සංසිඳුවා ගත් හේතුව

    සැමියා හමුදා සේවයේ...


    තනියට රාත්‍රීයේ සිසුවා නිවසේ නතර කරගෙන...

    වයස අවුරුදු දහහතරක පාසල් සිසුවෙකු  විසිදෙහැවිරිදි විවාහක තරුණියකගෙන් දීර්ඝ කාලයක් පුරා බරපතළ ලිංගික අපයෝජ නයකට ලක්වීමක් සම්බන්ධ යෙන් එම කාන්තාවට නඩු පවරමින් උතුරු මැද පළාත් බද මහාධිකරණ යට අධිචෝදනා පත්‍රයක් ඉකුත් සතියේ  දිනක නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූවා.

    අධිකරණයට වාර්තා වී ඇති කරුණුවලට අනුව එකී බාල වයස්කාර සිසුවා විසි දෙහැවිරිදි විවාහක තරුණියගෙන් අපයෝජනයට ලක්ව ඇතැයි චෝදනා එල්ලවන්නේ 2011 වසරේ මැයි 20 වෙනිදා සිට 2012 ජුනි 18 වෙනිදා දක්වා වූ වසරකට වැඩි කාලයක් තුළදීය.

    මේ ළමා අපචාරය අධිකරණයට වාර්තා වන්නේ මහවිලච්චිය පොලීසියෙනි. පොලිස් වාර්තා වලට අනුව එකී අපචාරය සිදුවී ඇතැයි පැවැසෙන්නේ මහවිලච්චිය 16 කණුවේ අලිවංගුව නම් ගම්මානයේය. 

    දහහතර හැවිරිදි පාසල් සිසුවා විසි දෙහැවිරිදි විවාහක කාන්තාවකගේ ගොදුර බවට පත්වන්නේද එම කාන්තාවගේ තනියට රාත්‍රී කාලයේ එම සිසුවා ඇගේ නිවසේ නතර කර තබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව වාර්තා වී ඇත.

    ‍පොලීසිය සඳහන් කරන ආකාරයට අනුව ඇගේ සැමියා හමුදා සේවයේ නිරත අයෙකි. එබැවින් ඇය බොහෝ දිනවල නිවසේ සිටියේ තනිවමය. අසල්වැසි නිවැසියන් සමග හිතවත්ව සිටි ඇය රාත්‍රියට ඇගේ තනියට නිවසට ගෙන්වා ගත්තේ ඒ අසල්වැසි නිවසක සිටි පාසල් සිසුවෙකි. 

    එහිදී ඇගේ කාමාශාවන් සංසිඳුවා ගන්නට ඇය එම සිසුවාව දීර්ඝ කාලයක් යොදා ගත්තද එය වසරක් වැනි කාලයක් පුරා රහසක්ව පවතිනුයේ සිසුවාද එකී පහසට කල්යත්ම ඇබ්බැහි වී සිටි නිසාවිය යුතුය.

    දීර්ඝ කාලයක් පුරා රහසක්ව පැවති ඒ අසම්මත කටයුත්ත ගැන හෙළිවන්නේ එම සිසුවා ඔහුට වඩා බාල සිසුවෙකුට දිනක් දහවල් කාලයේ දී යම් ලිංගික ක්‍රියාවක් කරන්නට ගොස් එය එම සිසුවාගේ මව දැකීම හේතුවෙනි. 

    මේ සිසුවා එම බාල සිසුවාට කරන්නට ගොස් ඇත්තේ ඉහත කී තරුණ කාන්තාව ඔහුට පුරුදු කර තිබූ යම් ක්‍රියාවකි. ‍පොලීසිය පවසන්නේ එහිදී එය දුටු මව එතරම් කලබල වී නැති බවය. ඇය කල්පනාකාරීව එම ක්‍රියාවට අර පාසල් සිසුවා පුරුදු වූ ආකාරය ආදරයෙන් විමසා ඇති බව සඳහන්ය. 

    විසි දෙහැවිරිදි කාන්තාව සහ සිසුවා අතර ඇති අසම්මත සම්බන්ධය ඒ ආකාරයෙන් හෙළිකරගත් එම මව ඒ බව පසුව අදාළ සිසුවාගේ මවට වසා අනතුරුව ‍පොලීසියට දැනුම් දෙන්නේ ළමුන්ගේ අනාගතය අඳුරු වන්නට ඉඩ නොදී ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගෙන විය හැකිය.

    මෙය වැඩිහිටි කාන්තාවක අතින් බාල වයස්කාර පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්වුණූ එක් සිදුවීමක් පමණි. මෙයට වසර කිහිපයකට පෙර මහත් ආන්දෝලනයට තුඩුදුන් එසේම සිත් කම්පාවට පත්වන තවත් කෲර ලිංගික අපයෝජනයක් ගැන වාර්තා වූයේ කැලණියෙනි. 

    ඒ මාස අටක සිඟිති දරුවෙකු නිවසේ මෙහෙකාරිය විසින් යම් ලිංගික කටයුත්තකට යොදාගෙන තිබිමක් සම්බන්ධයෙනි. මෙහෙකාරිය විසින් කරන ලද්දාවූ එම ලිංගික කටයුත්ත ගැන හෙළිවන්නේ සිඟිත්තාගේ අවයවවලට සිදුවූ බරපතළ තුවාල හේතුවෙනි. 

    ඇය එය වසන් කරන්නට නිවසට හොරු පැන්නේ යැයි ව්‍යාජ රංගනයක නිරතවූවත් පැය කිහිපයක් ඇතුළත එය බොරුවක් බව අනාවරණය කර ගෙන ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය. ‍

    පොලීසිය සඳහන් කරන ආකාරයට අනුව මතෛක් ඉතිහාසයේ අනාවරණය වුණු, කාන්තාවකගෙන් දරුවෙකුට වුණු ම්‍ලේච්ඡතම ලිංගික අපයෝජනය වන්නේ මෙයය.

    ගුරුවරියක් ඇගෙන් අධ්‍යාපනය ලැබූ දහතුන් හැවිරිදි සිසුවෙකුට බරපතළ ලිංගික  අපයෝජනයක් කිරීමක් පිළිබඳ චෝදනාවක්ද මෑතකදී පොලීසියට වාර්තා වුණු එවන් අපරාධ අතර ඉහළින්ම සටහන් වී ඇත. කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියක වන සැකකාරිය එම දහතුන්  හැවිරිදි සිසුවා රැගෙන රට වටේද ගොස් තිබුණි.  

    සිසුවාගේ මව ඒ ගැන ‍පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ගුරුවරිය අත්අඩංගුවට ගෙන සිසුවාව මුදාගන්නේ නුවරඑළියේ සිට ඔවුන් දෙදෙනා  බදුල්ල බලා යමින් සිටියදීය. 

    එකී ගුරුවරියට එරෙහිවද මේ වන විට බදුල්ල මහාධිකරණයේ නඩු පවරා ඇත්තේ බාල වයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවකටය.

    බියගම නිදහස් වෙළඳ කලාපයේ තරුණියන් පිරිසක් සිය බෝඩිම් කාමරයට අසල්වැසි නිවසක සිටි අවුරදු දහයක දොළහක දරුවකු කැඳවා සාමූහික ලිංගික අපයෝජනයකට ලක්කිරීමක් ද ‍පොලීසියට වාර්තා වී ඇති එවන් අපරාධ ගොන්න අතර තිබෙන බව සඳහන්ය.

    ‍පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ මහජන සම්බන්ධතා  සහ පුහුණු අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක මනෝජ් කුමාර මහතා සඳහන් කරනුයේ කාන්තාවන්ගෙන් බාල වයස්කාර පිරිමි දරුවන් අපයෝජනයට ලක්වීම් වාර්තා වීම් සහ හෙළිදරව් වීම් ඉතා අඩු මට්ටමක පවතින බවය. 

    නමුත් එහෙම කියල මෙවැනි අපයෝජන රටේ අඩුවෙන් සිදුවෙනව කියල මම කියන්නේ නැහැ. සැලකිය යුතු ප්‍රමාණයකින් එවන් දේවල්ද වෙනවා. නමුත්  වැඩි අවධානයට ලක්වන්නේ ගැහැනු දරුවෙකු පිරිමියෙකුගෙන් අපයෝජනයට ලක්වීම් ගැන පමණයි. 

    ඒ වුණාට ගැහැනු ළමුන් වැඩිහිටි කාන්තාවන්ගෙන් අපයෝජනයට ලක්වීම්ද සිදුවෙනවා. නමුත් කතාබහට ලක්වන්නේ පිරිමි ළමුන් වැඩිහිටි පිරිමින්ගෙන්  අපයෝජනයට ලක්වීම් ගැනයි. මනෝජ් කුමාර මහතා පෙන්වා දෙයි.

    අපේ රටේ ජනතාව හිතන්නේ වැඩිහිටියන්ගෙන් ලිංගික අපයෝජනයට ලක්වන්නේ ගැහැනු
    ළමුන් පමණයි කියලයි. ඒ නිසා ගැහැනු ළමුන් ගැන වැඩි අවධානයක් යොමු කරනවා. නමුත් වාර්තාවන බරපතළ ලිංගික අපයෝජනවලින් සියයට හැත්තෑ පහකම වින්දිතයන් පිරිමි ළමුන්.

    පිරිමි ළමුන් සම්බන්ධයෙන් මතෛක් හෙළිනොවූ අලුත්ම පැතිකඩක් මනෝජ් කුමාර මහතා හෙළිකරනු ලැබුවේ එසේය. කාන්තාව න්ගෙන් බාල වයස්කාර දරුවන් සුලභව ලිංගික අපයෝජනයනට ලක්වෙනවා. විශේෂයෙන් වැන්දඹු කාන්තාවන් මගින්. 

    ඒ වගේම ඇතැම් වයසක කාන්තාවන් තමන්ගේ ඥාති දරුවන්ව පවා ලිංගික අපයෝජනයට ලක්කර තිබෙනවා. ඒවා එළියට නොඑන්නේ දරුවන් ඒ කටයුත්තට ඇබ්බැහි වීම නිසා ඉන් ගැලවෙන්නට වුවමනාවක් නොදක්වන නිසයි. 

    ඒ නිසා දෙමව්පියන්ට යම් වගකීමක් පැවැරිලා තිබෙනවා, ගැහැනු දරුවන් ගැන පමණක් නොව පිරිමි දරුවන් ගැනත් අවධානයෙන් සිටින්න. යැයිද මනෝජ් කුමාර  මහතා සඳහන් කරනු ලබන්නේ පිරිමි දරුවන් වැඩිහිටියන් වන විට ඔවුන් අයා‍ලේ යන්නට පවා කුඩා කල ඔවුන්ට සිදුවන එකී හිරිහැර බලපාන බව සඳහන් කරමිනි.

    නිරෝෂා විරාජිනී එක්ක ප්‍රින්ස්ගේ සම්බන්ධයක් තිබුණා කියන්නේ ඇත්තක්ද..?


    'සඳ කුමාරියක්' ගීත එකතුව තුළින් ගී ලොවට ආ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ජනප්‍රිය ගායකයෙක්
    හැටියට දිගු කාලයක් රසික හදවත් දිනා සිටියා.

    ප්‍රින්ස් තවමත් තනි කඩයෙක්. ඒත් කාලයක් ඔහුත් ජනප්‍රිය ගායිකා නිරෝෂාත් පෙම්වතුන්. ඒත් දෙන්න බඳින්නත් ගිහිල්ල නැවතුනා. පස්සේප්‍රින්ස්ට බූට් එක තියලා නිරෝෂා බැන්දා වෙන කෙනෙක්ව. 

    ඊට පස්සේ ප්‍රින්ස්ට මොකද වුනේ, දැන් නිරෝෂාට මොකද වෙලා තියෙන්නේ ඒ පිළිබඳ මව්බිම පුවත් පත ප්‍රින්ස් සමඟ කල කතා බහක් පහතින්. 

    ප්‍රින්ස්ගේ මුල්ම ආදරය සිහිපත් කළොත්?


    ඇල්පිටියේ නවදගල මගේ ගම. ගමේ කනිෂ්ඨ පාසල් දෙකකට පස්සේ මම ගියේ ඇලිපිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයට. එහේදි දහයේ පන්තියේදී විතර ගෑනු ළමයෙක් එක්ක යාළු වුණා. 


    අවුරුදු දෙකක් වගේ අපි අතරේ ඒ සම්බන්ධය තිබුණා. උසස් පෙළ කරලා තරුණ සේවා සභාවට ඇවිත් අවුරුදු තුනහමාරක් මම එහේ හිටියානේ. එයත් කැම්පස් ගියා. එහෙමම ඉතින් අපේ සම්බන්දේ නැති වුණා. කොහොම වුණාද මන්දා....
     

    ඇය ඉන් පස්සේ හමුවෙලා නැද්ද?

    ඕනෑ තරම් හමුවෙලා තියෙනවා. අපේ ගෙදරත් ඇවිත් ගියා. දැන් එයා සංගීත ගුරුවරියක්. එයාත් තාම බැඳලා නෑ. තාමත් කියන්නේ අපි බඳිමු කියලයි. (සිනාසෙමින්) ඒත් මම කිසිම තීරණයක් අරගෙන නෑ.

    තරුණ සේවා සභාවෙදි?

    එහේ නීති තදයි. කා එක්කවත් සම්බන්ධකම් ඇති කරගෙන නෑ.

    ගායකයෙක් වුණාම රසිකාවියෝ ළංවෙන්න ඇති?

    මුලින් මම අනුන්ගේ සින්දු කිව්වේ. නිහාල් ගම්හේවා සර් සඳ කුමාරියක්, පෙම්වතුන් සිනාසේ ඇතුළුව සින්දු හතරක් හදලා දුන්නා. තව සින්දු අටක් කරලා සම්පත් ශ්‍රී ජයවික්‍රම (සෙත්සිරි) 1992 දී සඳ කුමාරියක් කැසට්පටය නිකුත් කළාම මම ගායකයෙක් හැටියට ප්‍රසිද්ධ වුණා. 


    දිනපතා ප්‍රසංග ලැබුණා. ඒවායේදි රසිකාවියො මං වටේ පිරුණා. ලියුම් සිය දහස් ගණන් ආවා. ඒත් කාර්යබහුල ජීවිතේ දිගටම ගත කළා මිසක් විශේෂ ආදරයක් ගැන හිතන්න වෙලාවක් තිබුණෙ නෑ.

    පවුලේ අය විවාහයක් ගැන බලපෑම් කළේ නැද්ද?

    තාත්තා නැති වුණේ මට අවුරුදු 16දී. එයා සංගීත ගුරුවරයෙක්. අම්මත් (ආර්.පී. ගුරුගේ) ගුරුවරියක්. නංගියි මායි පවුලේ හිටියේ. අම්මා නිතර මට බලපෑම් කළත් මම විවාහය ගැන හිතුවේ නෑ. නංගිත් කියලා තියෙනවා විවාහ වෙන්න කියලා. නංගි බැඳලා දැන් පුතෙකුත් ඉන්නවා.

    හඳහනේ විවාහය ගැන මොනවාද කියලා තියෙන්නේ?

    මගේ කේන්දරේට ගැළපෙන ගෑනු ළමයි හොයන්න අමාරුලු. පමා වෙලා විවාහය කෙරේවි කියලත් කිව්වා. ගුරුවරියක් - වෛද්‍යවරියක් එක්ක විවාහ වෙයි කියලත් හඳහන් බලපු අය කිව්වා.

    විදේශ සංචාර රාශියකට සහභාගි වුණ ප්‍රින්ස්ට ඒ රටකදීවත් හිතට හරියන කෙනෙක් හමුවුණේ නැද්ද?

    නෑනේ... කොච්චරවත් ගෑනු ළමයි හමුවුණත් යාළුවෝ වගේ ආශ්‍රය කළා විතරයි.

    යුග ගීත ගායනා කරපු අය එක්ක සම්බන්ධකම් ඇති වුණේ නැද්ද?

    චන්ද්‍රලේඛා, නිරෝෂා, ශෂිකා, සුභානි, දමිතා අබේරත්න එක්ක තමයි යුග ගීත ගායනා කරලා තියෙන්නේ. දමිතා එක්ක සම්බන්ධයි කියලා රාවයක් ගියා. ඒත් ඒක රාවයක් විතරයි.

    නිරෝෂා විරාජිනී එක්ක ප්‍රින්ස්ගේ සම්බන්ධයක් තිබුණා නේද?

    ඇත්තටම නිරෝෂා එක්ක සම්බන්ධයක් තිබුණා. ගෙවල් දෙකම කැමැත්තෙන් හිටියේ. ඒ නිරෝෂාගේ මුල් කාලේ. ඒ විවාහය කෙරෙයි කියලා හිතුවත් කෙරුණේ නෑ.

    නිරෝෂාට ප්‍රින්ස් ආදරය කළා?

    ඔව්.... ඒත් ඒ ආදරය විවාහයකින් කෙළවර වුණේ නෑනේ.

    ඔබට සමකාලීනවම ක්‍ෂේත්‍රයට ආ නාමල් උඩුගම නිළියක් විවාහ කරගත්තා. අද නාමල් දරු පවුලක් එක්ක සතුටින් ඉන්නවා. හිතෙන්නේ නැද්ද නාමල් වගේ විවාහ වුණා නම් හොඳ බව?

    එහෙම හිතිලා තියෙනවා. නාමල් මට වඩා අවුරුද්දක් විතර ප්‍රවීණයි. එයා විවාහ වෙලා හොඳින් ඉන්න එක ගැන මම සතුටු වෙනවා.

    තනියම ඉන්න වෙලාවට මොකද කරන්නේ?

    සින්දු හදනවා, වාදනය කරනවා, වෙනත් අයගේ ලස්සන ගීත අහනවා. ඕව තමයි කරන්නේ.

    ලෙඩක් දුකක් වුණාම?

    අම්මයි, නංගියි ඉන්නවා. නංගි විවාහ වුණත් පදිංචිය අපේ ගෙවල් ළඟමයි.

    ප්‍රින්ස් මිතුරු ඇසුරට වඩාත් යොමු වුණේ විවාහ නොවීම නිසා පාළුව මකා ගන්නද?

    ඒක ඉතින් තනියම ඉන්න කාටත් ස්වාභාවිකවම වෙන දෙයක්නේ. ෂෝස්වලට එහෙම යද්දි යාළුවෝ එකතු වෙනවානේ. යාළු මිත්‍රයො ආශ්‍රය කරන්න කවදත් මම කැමැතියි.

    බිරියක් හිටියා නම් මත්පැන්වලින් එහෙම අෑත් වෙන්න තිබුණා නේද?

    (සිනාසෙමින්) ඒකත් ඇත්ත තමයි. ඒ වුණත් මම දැන් මත්පැන් නතර කරලා තියෙන්නේ. දැන් නොබී අවුරුදු දෙකක් ඉඳලා තියෙනවා.

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත දිගටම තනිකඩව ඉඳීවිද?

    දෛවය මොන විදියට ඒක තීරණය කරයිද මම දන්නේ නෑ. විවාහ වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

    Friday 4 October 2013

    සිසුවිය මත්' කර ලබාගත් නිරුවත් ඡායා ගෙන


    මාලබේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාල හම්බයා සිංහල සිසුවිය මත්' කර ලබාගත් නිරුවත් ඡායා ගෙන අනතුරුව එම නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට බියගන්වමින්, ඇයව වරින් වර හෝටල්වලට රැගෙන ගොස් අමානුෂික අතවරකර ඇත.
    අපරාදකරු ශිරාන් මලික් සාලි නමැති රත්මලානේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකි.
    මාලබේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ශිෂ්‍යාවකගේ නිරුවත් ජායාරූප 25ක් අන්තර්ජාලයට මුදා හළ එම විශ්වවිද්‍යාලයේ ඉහළ වසරක අධ්‍යාපනය ලබන මුස්ලිම් සිසුවකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (02) නියම කළේය.

    රහස් පොලිසිය වෙත ලද ලිඛිත පැමිණිල්ලකට අනුව උපාය දුතයකු යොදා ගනිමින් සිදු කරන ලද විමර්ශනයක දී ඇයගේ නිරුවත් ජායාරූප පෙන්වා ඇයට තර්ජනය කළ අවස්ථාවේ දී පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ශිරාන් මලික් සාලි නමැති රත්මලානේ පදිංචිකරුවෙකි.

    තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉංජිනේරුවරියක ලෙස අධ්‍යාපනය ලබන පැමිණිලිකාරියට මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වු දින ජ්‍යෙෂ්ඨ සිසුන් ලබා දුන් නවක වදයේ දී සැකකාර සිසුවා හමු වු බවත් එම අවස්ථා‍වේ දී ඔහු තමාගේ දුරකථන අංකය ලබා ගෙන තමාට නිතර කථා කොට තමා හා ප්‍රේම සබඳතාවයක් පැවැත්වු බවට ඇය පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.

    විශ්වවිද්‍යාලය අසල තිබෙන තනායමකට තමා ගෙන ගිය බව පවසන ඇය එහිදී කෝකා කෝලා බෝතලයක් පානය කිරිමට දුන් බවත් ශරිරයට අධික වෙහෙසක් දැනෙන බැවින් තමා තද නින්දක වැටුණු බවට ඇය වැඩිදුරටත් පවසා තිබේ. වසර දෙකහමාරක කාලයක් මෙසේ ඇසුරු කළ තමා ඔහු මුස්ලිම් ජාතිකයකු බවට දැනගත් අවස්ථාවේදී හා මවුපිය විරෝධය පල වු බැවින් එම ඇසුර නැවැත්වු පසුව සැකකරු තමාට දුරකථනයෙන් තර්ජනය කොට තමා සතු නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට ප්‍රකාශ කළ බවට පැමිණිල්ලේ සඳහන්ය.

    මෙසේ තර්ජනය කළ සැකකරු ඇගේ නිරුවත් ජායාරුප 25ක් යූ ටියුබ් වෙබ් අඩවිය වෙත හා සහෝදරියකගේ අන්තර්ජාල ගිණුමකට ද මුදා හැර ඇත. ඉකුත් මස 28 වන දින විශ්වවිද්‍යාල භුමියේ දී හමු වු සැකකරු තමා සතුව තිබෙන ඉතුරු නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට බියගන්වමින්, ඇයව වරින් වර හෝටල්වලට රැගෙන ගොස් අමානුෂිකව අතවරකර ඇතැයි පොලිස් පරීක්ෂණවල දී හෙළිදරවු වී ඇත.

    ඔහු සතුව තිබි අත්අඩංගුවට ගනු ලැබු ලැප්ටොප් පරිගණකය හා දුරකථනය විශ්ලේෂණ වාර්තා සඳහා විශ්වවිද්‍යාලය වෙත යොමු කළ බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

    සැකකරු විශ්වවිද්‍යාල සිසුවකු යි ප්‍රකාශකර මහේස්ත්‍රාත්වරයා ඔහු මුදා හැරීමට නියම කළේය.

    Tuesday 1 October 2013

    රශ්මි දියසානායක අවසන් හුස්ම හෙළිවේ මොහුනිසයි

    ඇය නමින් රශ්මි දිසානායක. ඇය ලංකාවේ සිට ඊශ්‍රාලයට යන්නේ සාත්තු සේවිකාවක් ලෙසය. බලාපොරොත්තු දහසක් පොදි බැඳගෙන ලංකාවෙන් ඊශාලයට පිටත්ව ගියත් ඇය නැවත ලංකාවේ මීගමුවේ
    නිවස වෙතට පැමිණියේ මිනී පෙට්ටිය මතිනි.

    එයට හේතුවුයේ ලංකාවේ කාම අසහනයෙන් පෙළුණු පුද්ගලයෙකුගේ ක්‍රියාකලාපය වේ. එම පුද්ගලයා විසින් රශ්මි සමග හිතවත්කමක් ඇතිකරගෙන තිබු අතර එම පුද්ගලයා කෙරෙහි තැබූ විශ්වාසය මත රශ්මි ස්කයිප් ඔස්සේ ඔහු ඉදිරියේ නිරුවත් වී තිබුණි. 

    රශ්මිගේ නිරුවත් වීමත් සමග එම පුද්ගලයා වෙනස් වී ඇත. එතෙක් කල් ආදරයෙන් රශ්මිට සැලකු ඔහු ඉන්පසුව තිරිසනෙකු බවට පත්වන්නේ රශ්මිගේ නිරුවත් ජයාරූප සිය ආයුධය කරගනිමිනි. ඒ අනුව ඔහුගේ නියෝග මත තව දුරටත් ස්කයිප් ඉදිරියේ නිරුවත් වීමට සිදුවූ රශ්මි ඒ වනවිටත් ජීවතය පිලිබඳ කලකිරී තිබුණි. 

    කාම ආශාව සංසිදුවා ගැනීමෙන් පසුව එම පුද්ගලයා රශ්මිගෙන් ලක්ෂ ගණනක් මුදල් කප්පමක් ඉල්ලා ඇත්තේ එසේ නොදුන්නොත් තමා ඒවා අන්තර්ජාලයට මුදාහරින බව පවසමිනි. 

    ඊශ්‍රාලයේ රෝගියෙකු බලාකියාගත් රශ්මි හට ඔහු ඉල්ලු මුදල් ලබාදීමට වත්කමක් තිබී නැත. රශ්මිගෙන් මුදල් ලබාගත නොහැකි බව වටහා ගත එම සිත්පිත් නැති නරුමයා විසින් රශ්මිගේ නිරුවත් ජයාරූප ෆේස්බුක් එකවුන්ට් දහයක් පමණ සාදා රශ්මිගේ ජයාරූප එවායිහි පලකොට ඇත. 

    තමාගේ නිරුවත් ජයාරූප අන්තර්ජාලයේ පලවීමත් සමග බලවත් සිත්තැවුලට පත් රශ්මි විසින් ඇය විසින් බලාකියාගත් රෝගියාට ලබාදෙන බෙහෙත් පෙති අධික මාත්‍රාවකින් ගෙන සියදිවි නසා ගෙන තිබුණි. 

    රශ්මිගේ මරණයට වග කිවයුතු මෙම පුද්ගලයා කව්ද ? විවිධ වෙබ් අඩවි මගින් නොයෙකුත් මෙම සිදුවීම නොයෙකුත් වස්තු බීජයන් පළකර සිටියත් තිස්තුන්දාහේ අප විසින් අද දිනයේ අනාවරණය කරනු ලබන්නේ සෘජුවම රශ්මිගේ මරණයට වගකිවයුතු පුද්ගලයා සම්බන්ධවය. 

    ඔහු නමින් මිල්රෝයි සංජය වේ. මිල්රෝය් සංජය කොරියාවේ හා ඉතාලියේ සිටින බව පවසමින් කාන්තාවන් නොමග යැවුවද මේවනවිට ඔහු සිටින්නේ රියාද් නගරයේ,නසිරියා ,තකොසිසි ප්‍රදේශයේය. 

    ඔහුගේ ලංකාවේ පදිංචිය කදානේ වන අතර ඔහු එක්දරු පියෙකි. විකෘති කාමාශාවන්ට අමතරව මොහු ගංජා වලටද ඇබ්බැහි වූ පුද්ගලයකි. සියලු දෙනාටම විවිධ ආශාවන් තිබිය හැක. නමුත් ඒවා සදාචාරාත්මක සීමාවන් ඔස්සේ ඉටුකරගත හැකි ආකාර තිබේ. 

    මෙහි ගැටලුව වන්නේ මිල්රෝයි සංජය විසින් එම ආශාවන් ඉටුකරගන්නා ආකාරය වේ. කාන්තාවන් සමග හිතවත්වෙන ඔහු අතිශය පෞද්ගලික ජායාරූප ගෙන ඒවා අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කරනු ලබයි. ඉන් නොනැවතී එම කාන්තාවගෙන් කප්පම් ඉල්ලීමද තවත් ලිංගික ආශා සපුරාගනිමද ඔහු විසින් කරනු ලබයි. 

    තවද එම කාන්තාවගේ දුරකථන අංක තම හිතවතුන් සමග හුවමාරු කරගැනීමත් එම කාන්තාවගේ ඥාති සොහොයුරින් සමග එම කාන්තාව හරහාම සම්බන්ධතා ගොඩනගා ගැනීමත් මොහු විසින් සිදුකරනු ලබයි. තවද අන්තර්ජාලයේ වෙසෙන තවත් ඔහු වැනි කාමාතුරයන්ට ඔහුගේ ගොදුරු වූ කාන්තාවගේ ෆේස්බුක් ලිපිනය , ස්කයිප් ලිපිනය ලබාදී ඇය "නියම බඩුවක්" ලෙසද මාකට් කරනු ලබයි. 

    මොහු සිදුකල බලපෑම් හමුවේ බොහෝ කාන්තාවන් දැනටමත් සියදිවි නසාගැනීමට උත්සාහ කොට තිබේ. මොහු පිලිබඳ තොරතුරු විමසා බැලු අපට ඔහු දැනට වාසය කරන රටෙහි සිටින පුද්ගලයෙකු විසින් අප වෙත ලබා දුන් තොරතුරක් පහත සඳහන් කරන්නේ ඔහුගේ ක්‍රියාකලාපයන් පිලිබඳ තවදුරටත් ඔබව දැනුවත් කිරීමට සිතු නිසාවෙනි. 

    එවර ඔහුගේ ගොදුර වී ඇත්තේ නිකොසියා නගරයේ තරුණියකි. අවසන් ලිපි ලියා තබා ඇගේ ඇඳ යට නිදි බෙහෙත් පෙති තොගයක් තබාගෙන සිටින මොහොතේ අප වෙත තොරතුරු ලබා දුන් පුද්ගලයාට එම තරුණිය සමග කතාබහ කිරීමට අවස්ථාව ලැබී ඇත. 

    එහිදී දැනගන්නට ලැබුණු කතාව මෙසේය. ඇගේ පරිගණකයේ දෝෂයක් නිසා මිතුරියක් යෝජනා කර ඇත්තේ පරිගණක ගැන දන්නා මිල්රෝයි නම් රියාද් හි තරුණයෙකුගෙන් උපකාර ලබාගත හැකි බවයි. අනතුරුව ඔහු විසින් ලබාදුන් යොමුව අනුමත කිරීමෙන් පසු මිල්රෝය් සංජය ඇගේ පරිගණකයට රිංගා එහි තිබු පෞද්ගලික ජයාරූප කිහිපයක් ලබාගෙන ඇත. මෙතෙක් වේලා නංගි යනුවෙන් සුහදව ඇමතු ඔහු එක වරම තිරිසනෙකු බවට පත් වී ඇත. 

    එම ජයාරූප ප්‍රසිද්ධ නොකරන්නට නම් රාත්‍රිය පුරා තමන්ට "සතුට "ලබා දිය යුතු බවට තර්ජනය කර ඇත. එතැන් සිට රාත්‍රී 12 සිට පාන්දර 5 වෙනතුරු විවිධ ඉරියව් වලින් කැමරාව ඉදිරියේ නිරුවත් රංගනයක යෙදෙන්නට ඇයට සිදුවී ඇත. හඬමින් දෑත් බැඳ , වැඳ වැටී ,ඈ කල ආයාචනය ඔහු ඉවත දමා ඇත. ඇයට සුළු විවේකයක් ලැබුනේ වෙනත් පරිගණක දෙකක් මගින් ඔහු වරින් වර ඊශ්‍රායලයේ , සහ ඉතාලියේ තරුණියන් දෙදෙනෙකුගේ නිරුවත නැරඹීමට යොමු වූ මොහොතේ පමණි. 

    එහිදී කැමරාව ඉදිරියේ ඇයට සිදුකිරීමට සියලු දේ මෙහි සඳහන් කල නොහැක. එම රංගනයන් අතරතුරේදී එම මිල්රෝයි සංජය විසින් ඒවා නරඹන අතරතුරදී කැමරාව ඉදිරියේ ස්වයන් වින්දනයේ යෙදී ඇත. මිල්රෝයිගේ ක්‍රියාකලාපය හේතුවෙන් දැනටමත් ජීවිතයක් අහිමිවී ඇත.

    තවත් කරුණක් පැවසීමට ඇත. මියගිය රශ්මි දිසානායක නමින් ෆේස්බුක් වල පලවන ජායාරූපය සත්‍ය ලෙසම රශ්මිගේ නොව මිල්රෝයි අතින් අතවරයට පත්ව දැනටමත් ජීවත් වන තරුණියකගේය. ෆේස්බුක් ඔස්සේ රශ්මි පිළිබඳව කිඹුල් කඳුළු හැලූ ෆේස්බුක් පිටු, වෙබ් අඩවි තවත් කාන්තාවක් සමාජයට නිරුවත්කොට අපහසුතාවයට පත්කොට ඇත. 

    අවසන්වරට මිල්රෝයි සම්බන්ධව අපට පැවසීමට ඇත්තේ ඔහුගේ ක්‍රියාකලාපය තවමත් බිඳකින් හෝ වෙනස් වී නොමැති බවය. රශ්මිගේ මරණයෙන් පසුවද ඔහු විසින් ස්කයිප් ඔස්සේ තරුණියන් නිරුවත්කොට විනෝද වූ බවට අපට විශ්වාසදායි ආරංචිමාර්ග වලින් හෙලිවුනි. 

    මිල්රෝයි සතුව ෆේස්බුක් හි කාන්තා නම් වලින් සෑදු ෆේස්බුක් ගිණුම් එකොළහක් පවතින අතර ඒවායින් ඔහු ලබාගන්න නිරුවත් ජයාරූප ප්‍රසිද්ධියට පත්කරනු ලැබේ. තමාට විරුද්ධව එන ඕනෑම පුද්ගලයෙකුට මඩ ප්‍රචාර දියත්කිරීමට මොහු දක්ෂය. 

    කොටින්ම ඔහුගේ නිරුවත මේවන විට එලිවී ඇති නිසා "මිල්රෝයි සංජය" නමින් ඔහුගේ යහළුවෙකුගේ ජායාරූපයක් ප්‍රසිද්ධ කිරීමට පවා මිල්රෝයි සුදානමින් සිටී. රශ්මිගේ අවාසනාවන්ත සිදුවීමත් මිල්රෝයි සංජයගේ නරුම හැසිරීමත් අප ඔබට හෙලිකලෙමු. 

    අන්තර්ජාලයේ පෙම්වතුන් ඉදිරියේ නිරුවත් වන කාන්තාවන්ට අප මතක් කල දියයුත්තේ එය කවදා හෝ ඔබගේ ඉරණම වෙනස් කිරීමට හේතු විය හැකි බවයි. ඉහත අප හෙළි කල කතාව එයට නිදසුනකි. 

    රශ්මිට වූ විපත හෙට දිනයේ ඔබගේ සොහොයුරියකට හිතවතියකට විය හැක. එහෙයින් මෙවන් නරුමයන් පිලිබඳ ඔවුන් දැනුවත් කිරීම ඔබ සතු වගකීමකි. 

    තොරතුරු අනුග්‍රහය : සිත් ටී:වී