http://ratagiyaattho.blogspot.kr/
බුදු පිළිමයේ ඇඟිල්ල කපා ඉවත් කරත්ම නොකඩවා රුධිරය
ගලන්නට වුණා......
හාස්කම් ප්‍රතිමා පිළිබඳව ලොව නන් දෙසින් අසන්නට ලැබේ. එහෙත් මිනිස් සිරුරකින් මෙන් රුධිරය ගලන බුද්ධ ප්‍රතිමාවක් පිළිබඳ මෙම අපූරු වෘත්තාන්තය මට දැන ගන්නට ලැබි දැනට සෑහෙන කලකි. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා ගවේෂණ වාර්තාව වශයෙන් සැලකෙන 'සබරගමු පළාතේ කෑගලු දිස්ත්‍රික් වාර්තාව' (Report on The Kegalla district of the province of Sabaragamuwa) නම් කෘතියෙනි.
එය ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යාඥයා වීමේ ගෞරවය හිමිකරගත් ඉංග්‍රීසි ජාතික එච්. සී.පී. බෙල් සූරීන් විසින් එක් දහස් අටසිය අනූ දෙක වසරේ සම්පාදනය කරන ලද්දකි. එම කෘතිය මගින් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ඇති පුරාවිද්‍යාත්මක අගයකින් යුතු ස්ථාන රාශියක් පිළිබඳ ඉතා වැදගත් ගවේෂණාත්මක තොරතුරු රැසක් අනාවරණය කෙරෙයි. එහි සඳහන් අන්දමට මෙම විස්මිත බුද්ධ ප්‍රතිමාව තිබි ඇත්තේ කෑගල්ල, බුලත් කොහුපිටිය ප්‍රධාන මාර්ගයේ දහවන සැතපුම් කණුව අද්දර සිට තවත් සැතපුම් හතරක දුරින් පිහිටි උඩුව විහාරයේ ය.
එවකට පැවැති ජනප්‍රවාදය ඇසුරින් එච්.සී.පී. බෙල් සූරීන් තම සුප්‍රකට 'කෑගලු වාර්තාව' කෘතියෙන් එම බුදු පිළිමය සම්බන්ධයෙන් තබන සටහන මෙලෙසිනි.
ගැවිලිපිටියේ ගමගේ පරම්පරාවට අයත් කලිඟුවා නම් මිනිසෙක් සිටියේ ය. ඔහු රක්ඛන්ඩු දේශයේ සිට පාතබුලත්ගම උඩුව විහාරයට සෘද්ධි බලයෙන් වැඩම කොට සිටි දඹරන් බුදු පිළිම වහන්සේ සොරකම් කළේය.
පසුව හෙතෙම එම පිළිමයේ කුඩා ඇඟිල්ලක් කපා වෙන් කරගත්තේ කිසියම් ආභරණයක් සාදා ගනු පිණිස ය. එහෙත් එම ඇඟිල්ල කපා ඉවත් කරත්ම එම ස්ථානයෙන් (මිනිස් සිරුරකින් මෙන්) නොකඩවා රුධිරය ගලන්නට පටන් ගත්තේය.කලිඟුවාට මෙම රුධිරය ගැලීම කිසිදු ලෙසකින් නතර කර ගත නොහැකි විය. ඉන් මහත් බියට පත් හෙතෙම රුධිරය වැස්සෙන බුද්ධ ප්‍රතිමාව ගෙන ගොස් නිවසේ ළිඳට දැම්මේ ය. මේ අතර විහාරයේ තිබූ දඹරන් පිළිමය අතුරුදන්ව ඇති බව විහාරාධිපති හිමියන්ට දැන ගන්නට ලැබිණ. උන්වහන්සේ හනික ඒ පුවත ගම්වැසියන්ට දැනුම් දුන්හ.
ගම්වැසියන් මගින් එම පුවත නොපමාවම රජවාසලට ද යැවිණි. මෙම පිළිමය කෙතරම් අනගි සහ පූජනීය එකක් ද යත් රජතුමා පවා මින් මහත් කලබලයට පත්විය. ඒ අනුව රජු හැකිතාක් ඉක්මනින් පිළිමය සොයා ගත යුතු බවට රාජ ආඥාවක් ද නිකුත් කළේය. කෙසේ හෝ මෙම පිළිමය පිළිබඳව විපරම් කරමින් කලිඟුවාගේ නිවස ඉදිරිපිටින් යමින් සිටි රාජ පුරුෂයන්ට ඔහුගේ පුතු වෙතින් යම් තොරතුරක් දැනගන්නට ලැබිණ.
ඒ තම පියා විසින් එම පිළිමය ළිඳට ගෙන ගොස් දැමූ බව ය. එම දරුවාගේ කීම අනුව හනික ළිඳ පිරික්සූ පිරිස සන්ත්‍රාසයෙන් විස්මයට පත්වූහ. ඊට හේතුව ඒ වන විට මුළු ළිඳම රුධිරයෙන් පිරී තිබෙනු දැකීමෙනි. ළිඳේ තිබූ එම පිළිමය වහාම ගොඩට ගැනිණ.ඒ සමගම රාජ පුරුෂයෝ ඒ වන විට නිවසේ අටුවේ සැඟව සිටි "කළිඟුවා" අල්ලා රජු හමුවට ඉදිරිපත් කළහ. එහි දී බුදුන්ට අනදර කිරීමේ චෝදනාවට කලිඟුවා වරදකරු ලෙස ප්‍රකාශ කෙරිණ. රාජාධිකරණය ඔහු මරණ දඬුවමට යටත් කොට දේපළ ද රාජ සන්තක කරවීය.ඉන්පසුව කලිඟුවාගේ පරපුරට කළ හැකි පරම නිග්‍රහය වශයෙන් ඔහුගේ බිරිඳ රොඩී රැහැට පාවාදුන් බවද එච්.සී.පී. බෙල් සූරීන් සිය කෘතියේ සඳහන් කළ එම ජනප්‍රවාදයේ සඳහන් වේ.ඔහු ඒ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරමින් පවසනුයේ එය නාඟල්‍ලේ රොඩීන් අතර තම පරපුර සම්බන්ධයෙන් පවත්නා ප්‍රවාදයක් බවය.

මිල කළ නොහැකි දඹරන් පිළිමය අතුරුදන්.
මෙම ආකෘතියෙන් යුතු සිරස්තල සහිත පුවත් අප රටේ ප්‍රවෘත්ති පත්‍ර ඉතිහාසය ඇරඹුමේ සිට පුවත්පත් මගින් දැකගත හැකි විය. එමෙන්ම ගත වූ කෙටි කාලය තුළ අප රට පුරා වසංගතයක් මෙන් පැතිර යන්නට පටන් ගත් නිදන් උන්මාදය නිසා එබඳු පුවත් පත් වාර්තාවල සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ නැංවිණි.
මෙම දඹරන් පිළිම පිළිබඳ මිථ්‍යාව සහ යථාර්ථය විමසුම පිණිස ගවේෂණයක් සිදුකළ යුතු යැයි මට සිතුණේ මෙම 'මිල කළ නොහැකි' යන ආකර්ෂණීය සිරස්තලය නිසා පුද්ගල මානසිකත්වයන් තුළ ඉහළ නැංවෙන අසීමාන්තික තෘෂ්ණාව මත සිදුවන පුරාවස්තු සංහාරය දිනෙන් දින උග්‍රවන පසුබිමකය. 'දඹරන් පිළිම සහ නිදන් කොල්ලය' පිළිබඳ එම ගවේෂණ වාර්තාව මා විසින් පසුගිය කාලයේ ලියන ලද 'අවතාර ලුහුබැඳ' නම් ගුප්ත විශ්වාස ගවේෂණ කෘතියට ඇතුළු කොට තිබේ.ඉහත සඳහන් උඩුවේ විහාරයේ තිබූ දඹරන් පිළිමය ඇතුළු හාස්කම් පිළිම හා සබැඳුණු රසවත් ජනප්‍රවාද රාශියක් ඒකරාශී කර ගැනීමට මට හැකිවූයේ එම ගවේෂණයේ දීය. එහෙත් ඒ සියලු ජනප්‍රවාද අතුරින් උඩුව විහාරයේ ඇති හාස්කම් පිළිමය සම්බන්ධ පුරාවෘත්තය අතිශයින් රසවත්ය. සජීවීමත්ය.
ඊට හේතුව යම් යම් වෙනස්කම් සහිතව මෙම රුධිරය ගලන බුද්ධ ප්‍රතිමාව සම්බන්ධ සිදුවීම තවත් මූලාශ්‍ර කිහිපයකින්ම හමුවීම ය. මෙම පිළිමය සම්බන්ධ වැඩිදුර තොරතුරු සොයා බැලීමට මට සිත් වූයේ එම සුවිශේෂතාව මුල් කරගනිමිනි.
සාමාන්‍යයෙන් සාහිත්‍යමය මූලාශ්‍ර මගින් උකහා ගත හැකි මෙබඳු රසවත් තොරතුරු සම්බන්ධයෙන් ඒවාට කේන්ද්‍රීය වූ ස්ථානවලින් කිසිදු තොරතුරක් එක්කර ගැනීමට ඉඩක් නොලැබේ. ඇත්තටම මෙහේ එහෙම දෙයක් වෙලා තියනවද? යනුවෙන් බොහෝ විට එම ස්ථාන භාරකරුවන් පවා විස්මයට පත්ව අසා සිටිනුයේ එහි යන ආගන්තුකයන් වන අපෙන්ම ය.එහෙත් සාහිත්‍ය මූලාශ්‍රයන් කිහිපයකම එකිනෙකට තරමක් වෙනස් ආකාරවලින් විස්තර කෙරෙන උඩුව පන්සලේ තිබූ මෙම රුධිරය ගලන බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් එම මූලාශ්‍රයන්ට ගොනු නොවූ තවත් වැදගත් ජනප්‍රවාදගත කරුණු ස්වල්පයක් හෝ සපයා ගත හැකිද? යන්න විමසා බැලීමට මට සිත්විය. එමෙන්ම එම හාස්කම පිළිමය පිළිබඳ වර්තමාන තත්ත්වය එම ස්ථාන භාරකාරත්වයෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් විමසා දැනගැනීමට ද මට අවශ්‍ය විය.
1892 වසරේ බෙල් මහතා විසින් සිය ඓතිහාසික 'කෑගලු වාර්තාවේ' සඳහන් කොට තිබූ මං සලකුණු ඔස්සේම ඊට වසර එකසිය විසි එකකට පසුව එළැඹුණු ඉකුත් දෙසැම්බරයේ දිනයක එම හාස්කම් බලැති බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටි බව පැවැසෙන උඩුව විහාරය සොයා යාමට මා තීරණය කළේ ඉහත පසුබිම යටතේ ය. ඒ පිළිබදව තවත් තොරතුරු ඔබ හමුවේ තබන තෙක් අදට සමු ගනිමි.