sha fm

    Sunday, 10 November 2013

    පාසලේදී බඩ රිදුනු දැරියකට රෝහලේදී දරු ප්‍රසුතියක්

    http://ratagiyaattho.blogspot.kr/

    • ගාල්ල, පනාගමුව, වංචාවල ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියකට පසුගිය 05වනදා පාසලේදී ඇතිවූ බඩේ අමාරුවක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා වෛද්‍යවරයකුට යොමු කළ අවස්ථාවේ ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇය දරු ප්‍රසූතියකට සූදානමින් සිටින බව ප්‍රකාශ කිරීම නිසා පසුදාම මහමෝදර රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඇය දරුවකු ප්‍රසූත කර තිබේ.
    • මේ පිළිබඳව දැරියගේ මව ඇයගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී සිය පෙම්වතා සමග ඉකුත් මාර්තු මාසයේ දිනකදී තමන් කායක සම්බන්ධයක් පැවැත්වූ බව පවසා ඇත.
    • මේ පිළිබඳව දැරියගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම 19 හැවිරිදි පෙම්වතා හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    • කෙසේ වෙතත් මෙම දැරියට දරුවකු ලැබීමට ආසන්න බවට කිසිදු බාහිර පෙනුමක් පෙනෙන්නට නොතිබුණු බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වත් හබරාදුව පොලිසිය පවසයි.

    Friday, 8 November 2013

    මාව ආයතනය ඇතුළෙ සෙල්ලම් බඩුවක් වුණා...

    http://ratagiyaattho.blogspot.kr/මං දිනක් මගේ මිතුරකුත් සමග කිරිබත්ගොඩ ෆුඩ් සිටියට ගොඩ වැදුණේ නිවෙසට අත්‍යවශ්‍ය කළමනා ටිකක් මිලට ගැනීමටයි. ඩෙනිමක් සහ ටී ෂර්ටයකින් සැරසුණ කුඩයක් අතින් ගත් රූමත් තරුණියක් මා ඉදිරිපස තිබු රක්කයෙන් ආහාර ද්‍රව්‍ය තෝරමින් සිටියා. ඇය දෙස මම වුවමනාවෙන් බැලුවා.කොහෙද උඹ බලන්නේ ? මීට කලින් දැකලා තියෙනවද එයාව. නෑ බං මම නිකන් බැලුවේ.හොඳට මූණ බලපන්. න්තූරෙකින්වත් කොහෙදි හරි දැකලා තියෙනවද කියලා.නෑ බං... නෑ... මම නිකන් බැලුවේ...ඒකිගේ නේකඩ් පික්චර් මගේ ගාව තියෙනවා ..මිතුරා පැවසූ දෙයින් මම වික්ෂිප්ත වූයේ ඔහු සාමන්‍යෙයන් බොරු කියන චරිතයක් නොවූ නිසයි.මොකද උඹ මගේ මූණ දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නේ. මම කියන්නේ බොරු නෙමේ. එයාගේ නම දූලීෂා. එයා වැඩ කලේ .. ඔෆිස් එකේ. ඒකේ කම්පියුටර් ඉන්ජිනියර් මගේ හොඳම යාළුවෙක්. ඌ තමා මට ඔය පික්චර්ස් ටික දුන්නේ. උන් එයාව බැලැක් මේල් කළා. මම හිතන්නේ එයාට කීප දෙනෙක් එක්ක යන්න සිද්ධ වුණා. අන්තිමට පවුල් ජීවිතෙත් නැති වුණා. ජොබ් එකත් නැති වුණා. දැන් පොඩි බබත් එක්ක අම්මලගේ ගෙදර ඇවිත් ඉන්නේ.එයා මාව හොඳට අඳුරනවා. පොඩ්ඩක් හිටපන් මම කතා කරල පෙන්නන්න. එසේ කියු මිතුරා සැණෙකින් ඇයට කතා කළා පමණක් නොව ඇයට මාව අඳුන්වා දුන්නා. මා සමඟත් වචනයක් දෙකක කතා කළ ඇය ඉක්මනින් එතනින් ඉවත් වී ගියා. අත්තටම මෙය දැන් මට දැඩි කුතුහලයක් වුණා. 
    මේකෙ ඇත්ත නැත්ත හොයන්න ඕනෙ. මිතුරා සමඟ ඔහුගේ නිවසට ගිය මට ඔහු පරිගණකයේ තියෙන ඇගේ නිරුවත් පින්තූර පෙන්නුවා. සැබැවින්ම මේ ඇයම තමා. ෆෝටෝෂොප් ජිල්මාට් එකක්ද? මම මා සතු පරිගණක දැනුමින් පරීක්ෂා කර බැලුවා. 
    කිසිම අයුරකින් සෑදූ පින්තූර නොවන බව මොනවට පැහැදිලි වුණා.ඇත්තටම කොහොමද බං මෙහෙම වුණේ?එයාගෙ ලැප් එකට වින්ඩෝස දාන්න මගෙ යාළුවට දීලා තියෙනවා. ඌට එයාගේ කොම් එකේ හඩ් එක රිකවරි කරලා තමයි ඔය ෆොටෝ ටික අරගෙන තියෙන්නේ. මාත් එක්ක තියෙන ෆිට් එකට තමයි ඌ මට ඔය ෆොටෝස් ටික දුන්නේ.
    ඇත්තටම මෙය කනගාටුදායක කරුණක් නොවේද? තමන්ගේ පරිගණකය සදාගැනීමට ගොස් මෙවන් අකරතැබ්බයන්ට මුහුණ දුන් අය තවත් ඕනෑ තරම් ඇති. මේ පිළිබඳ තවදුරටත් සොයා බලන්න මම තීරණය කලේ නොදන්නාකමින් තමන්ටම කරගන්නා 
    මේ අපරාධය සමාජයට හෙළිකරගත යුතු නිසාමයි.මට අවශ්‍ය වුණේ ඇයගේ කටින්ම මේ ගැන දැන ගැනීමටයි. මිතුරාගේ මාර්ගයෙන් ඇය දැන් පදිංචි වී සිටින අගේ මවුපියන්ගේ නිවස සොයාකත් මම ඇයත් සමඟ කතා බහ කිරීමට මාර්ගයක් සෙව්වා.එහිදී මට දැනගැනීමට ලැබුණා ඇය සතියේ සෑම දිනකම උදේ වරුවේ ඇයගේ කුඩා දරුවා පෙර පාසලට කැන්දගෙන යන බව.මෙය මට හොඳ අවස්ථාවක් වුණා. මම ඇය සමඟ කතා කිරීමට උත්සාහයක් ගත්තා. නමුත් එය උත්සාහය ව්‍යර්ථ වුණා.නමුත් මම උත්සාහය අත්හැරියේ නැහැ. ඇය වැඩ කළාය කියපු කාර්යාලයෙන් තොරතුරක් ලබා ගැනීමට පුළුවන්ද?මම මගේ අවධානය ඒ දෙසට යොමු කළා...ඇත්තටම එහිදී මගේ වාසනාව පෑදුණා... මම දන්නා කියන කෙනෙක් එහිදී මට මුණගැසුණා .. ඇගේ නම අනොමා ...අනෝමා මට මෙහෙම ආරංචියක් ලැබුණා ඇත්තද?මෙහිදී ඇය විමතියට පත් වුණා.... මට මේ ආරංචිය ලැබුණේ කෙසේද කියා. කෙසේ වුවත් ඇය මට මෙහෙම කිව්වා.
    ඒ කතාව ඇත්ත. දුලීෂා මගේ හොඳම යාළුවා. හරිම හොඳ කෙනෙක්. තවමත් මාත් එක්ක විතරයි මේ ඔෆිස් එකෙන් කතා කරන්නේ.එයාට මෙහෙම දෙයක් වුණ එක නම් හරිම අපරාධයක්. එයා මිනිසුන්ව ඕනෑවට වැඩිය විශ්වාස කළා. ඒකයි වුණේ .. හැබැයි එයාට කරදර කරපු එකෙකුටවත් හොඳින් ඉන්න හම්බ වුණේ නැහැ. උන් ඔක්කොටම යන්න වුණා.මම මගේ අදහස ඇයට පැවසුවා. මට ඕනෙ එයාගෙන්ම විස්තර ටිකක් දැන ගන්න මෙහෙම දේවල් තවත් නොවෙන්න සමාජය දැනුවත් කරන්න ..හොඳයි මම උත්සාය කරන්නම්... මට කාලයක් දෙන්න... ඇගේ වදන් මට සතුට අත් කරන්නක් වුණා ..සතියක් ගත වුණා ..අනෝමගෙන් මට දුරකතන ඇමතුමක් ලැබුණා ...දුලීෂා අද අපේ ගෙදර එනවා කිව්වා. ඔයත් එන්න...අනෝමාගේ නිවසේදී මට දුලීෂාව මුණගැසුණා. ඇයගෙන් ලබාගන්නා තොරතුරු කිසිසේතම ඇයට හානියක් වන අයුරින් පාවිච්චි නොකරන බවත්,ඒවා පොදු සමාජ යහපත උදෙසා පාවිච්චි කරන බවටත් ඇයට ඒත්තු ගැන්වීම වෙහෙසකර කටයුත්තක් වුණා.වර්තමානයේ ඇය සමාජය කෙරේ බොහෝසේ කලකිරී සිටීම මගේ වෙහෙස තවත් වැඩි කරන්නක් වුණා.කෙසේ වුවත් අවසානයේ ඇගේ කටහඬ අවදි කිරීමට හැකියාවක් ලැබුණා...කොළඹ ජාත්‍යන්තර පාසලක උගත් ඇය.... ආයතනයේ කලක් විධායක ශ්‍රේණියේ රැකියාවක් කර තිබෙනවා. සුරූපී ඇගේ වයස අවුරුදු 26ක්.අවුරුදු 20දී විවාහ වූ ඇය පෙර පාසල් යන වයසේ දරුවකුගේ මවක්.ඔබට කොහොමද මෙහෙම ප්‍රශ්නයක් වුණේ?මගේ කලින් ඔෆිස් එකේ අයි ටී ඉංජිනියර් මධුර (මනකල්පිත නමකි) කලින් මගෙ හොඳ යාළුවෙක්.මගේ ඔෆිස් කම්පියුටර් කැඩුණාම හදලා දෙන්නේ එයා. මගෙ විතරක් නෙමේ මුළු ඔෆිස් එකේම කම්පියුටර්වලට මොනවා හරි ප්‍රශ්නයක් වුණාම මධුරට තමයි කෝල් කරන්නේ.මේ අතරේ මට වුවමනා වුණා ලැප්ටොප් එකක් ගන්න. මධුර කම්පියුටර් ගැන හොඳට දන්න නිසාමම මධුරට තමයි කිව්වේ කම්පියුටර් එකක් තෝරල දෙන්න කියලා. එයා මට හොඳ බ්‍රෑන්ඩ් එකකින් කම්පියුටර් එකක් තෝරලා දුන්න විතරක් නෙමෙයි එකට සොෆ්ට්වෙයාර්ත් දාලා දුන්නා.එතකොට කොහොමද ඔබගේ නිරුවත් ඡායාරූප ලැප්ටොප් එකට ගියේ.මට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්. (මෙහිදී ඇය විසින් අඳින ලද චිත්‍ර කිහිපයක් දැක ගැනීමේ අවස්ථාව මට ලැබුණඅතර ඒ දුටු මට සිතුණේ ඇත්තෙන්ම ඇය ඉතා දක්ෂ චිත්‍ර ශිල්පිනියක් බවයි)මට හිතුණා මගෙ නිරුවත් ඡායාරූප
    එකක් අඳින්න. ඒ නිසා මගෙ කාමරේ ඉඳගෙන මගෙ කැමරාවෙන් මමම තමයි මගෙ පින්තූර ගත්තේ.(ඇත්තෙන්ම එම ඡායාරූප මම දුටු නිසා එය සත්‍යයක් බව විශ්වාස කළ හැකියි.) ඒ පින්තූර බලාගෙන මාව අඳින්න.මේ මොහොතේ ඇයට ඇඬුම් ආ අයුරු මම දුටුවා. කෙසේ වුවත් ඇය එම සියල්ල යටපත් කරගෙන මා සමඟ කතා කළා....මම ඩෙටා කේබල් එක හරහා ඡායරූප ටික මගෙ ලැප්ටොප් එකට දැම්ම. ටික දවසකින් මගෙ චිත්‍රය ඇඳලා ඉවර කළා... (මම ඒ චිත්‍රය ඇගෙන් ඉල්ලා සිටියත් ඒ මොහොතේ ඇය මට කිව්වේ දැන් ඒක මගෙ ළඟ නැහැ කියලයි.)ඊට පස්සේ මම ඡායාරූප ටික මකලා දැම්ම.. ෂිෆ්ට් ඩිලිට් ගැහුවෙ. මොකද ඒ ඡායාරූප කම්පියුටර් එකේ තියා ගන්න වුවමනාවක් මට කොහොත්ම තිබුණෙ නැති නිසා.ඊට ටික දවසකට පස්සේ මගෙ ලැප්ටොප් එකේ ලෙඩක් ආවා... නිතරම රිස්ටාට් වෙන එක.ඒක හදාගන්න තමයි මම ලැප්ටොප් එක ඔෆිස් එකට අරගෙන ගිහින් මධුරට දුන්නේ.එදා මධුර ඒක ගෙදර අරගෙන ගියා හදලා ගෙනත් දෙන්න.මට කිසිම සැකයක් තිබුණෙත් නැහැ. මොකද මගෙ ලැප්ටොප් එකේ ඒ වෙනකොට කිසිම අනවශ්‍ය දෙයක් තිබුණෙත් නැති නිසා.පසුවදා මධුර ලැප්ටොප් එක හදලා ගෙනත් දුන්නා.
    ඊට ටික දවසකට පස්සේ තමයි මේ සේරම කරදර වෙන්න පටන් ගත්තෙ.මධුර කෝල් කරලා කිව්වා මෙහෙම පින්තූර වගයක් තියෙනවා කියලා. මට හිතා ගන්න බැරිවුණා... ඒ වෙනකොට මම රිකවරි සොෆ්ට්වෙයාර් ගැන මුකුත් දැනගෙන හිටියෙ නෑ.(කම්පියුටරේ වැඩ කරන කොට අපි අතින් වැරදිලා ෆයිල්ස් ඩිලිට් වෙන්න පුළුවන්.රීසයිකල් බින එකට ගියොත් ඒවා අපිට නැවත ගන්න පුළුවන්. නමුත් ෂිෆ්ට් ඩිලිට් කළොත් ෆයිල්ස් ආපසු ගන්න බැහැ. 
    එතකොට අපිට ඒවා නැවත ගන්න ඕනෙ නම් ඩෙටා රිකවරි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්නම වෙනවා.)ඌ මට බලපෑම් කළා ඌත් එක්ක එන්න කියලා... නැත්නම් ඡායාරූප අන්තර්ජාලයට දානවා කිව්වාඅවසානයෙ මට ඒක නොකර බැරිවුණා... ටික දවසක් යනකොට ආයතන ප්‍රධානියටත් මේක ආරංචි වෙලා තිබුණා... මට එයාගෙ ආශාවන් සංසිඳවන්නත් වුණා.... මම හැමදේම කළේ මගෙ පිනතූර ටික ප්‍රසිද්ධ කරයි කියල බයට. මගේ පවුල රැක ගන්න.මම හිතුවා මෙතනින්වත් මේ කරදරේ ඉවර වෙයි කියලා... ටික දවසක් යනකොට ආයතනයේ වෙනත් අයත් මට කතා කරන්න ගත්තා. මධුර මට කිව්වේ එයාගෙ පෙන් ඩ්‍රයිව් එකේ තිබිලා තව කෙනෙක් මේ පින්තූර ටික හොරකම් කරලා කියලා...මට හිතුණා කෝච්චියට බෙල්ල තියන්න. වහ බොන්න... ඒත මගෙ දරු පැටියව දාලා මම කොහොමද එහෙම කරන්නේ?මාව ආයතනය ඇතුළෙ සෙල්ලම් බඩුවක් වුණා... අවසානයෙ මම හිතුවා එතනින් අයින් වෙන්න.එතකොට ඔයාගෙ විවාහය දෙදරල ගියේ මේ බව සැමියට ආරංචි වීම නිසාද?මම විවාහ වුණේ අවුරුදු 20න්. එයා මට වැඩිය ගොඩක් වැඩිමල්. මුල ඉඳලම අපි අතරේ ප්‍රශ්ණ තිබුණා.ගෙදර අකමැත්ත පිටයි මම විවාහ වුණේ. එක ගෙදර හිටයත් අපි දෙන්න දෙපැත්තෙ තමයි හිටියෙ.මේ ප්‍රශ්න ටික ටික එයාටත් ආරංචි වෙලා තිබුණා. එක දවසක් එයා මට හොඳටම ගැහුවා.ඊට පස්සෙ තමයි මම දරුවත් අරගෙන මහ ගෙදර ආවේ...ඔයාට තිබුණනේ නීතියේ පිහිට පතන්න.මම ලැජ්ඡාවට තමයි ඒක නොකළෙ. මගෙ පවුල් ජීවිතේ රැකගන්න ජීවත් වෙන්න ඕන නිසා.නීතිය ඉදිරියට ගිහිල්ලා මුළු සමාජයටම ප්‍රසිද්ධ වෙන්න මට වුවමනාවක් තිබුණෙ නැහැ.ඉතින් ඔයාට හැමදාම මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද?නැහැ. දැන් මම වෙන තැනක ජොබ් එකක් කරනවා. මට ඕනෙ මගෙ දරුව හදාගන්න. මීට වැඩිය මට වෙන්න දෙයක් නැහැ. ආයෙත් මට බලපෑමක් ආවොත් මම දෙපාරක් හිතන්නේ නැහැ පොලිසියට යනවා.ඇත්තෙන්ම ඇගේ ආත්ම ශක්තිය ගැන මට සතුටක් දැනුනත් නොදැනුවත්භාවය නිසා ඇය සිදුකරගත් විනාශය ගැන ඇති වුණෙ කිව නොහැකි තරම් කණගාටුවක්.
    පරිගණක හාඩ්වෙයාර් ආශ්‍රිතව කටයුතු කරන මගේ මිතුරන් සහ ඔවුන් මාර්ගයෙන් හඳුනාගත් පරිගණකහාඩ්වෙයාර් සාප්පු හිමියන් කිහිප දෙනකුගෙනුත් මම කරුණු විමසා සිටියේ මෙවන් අවනඩු තවත් තිබේද යන්න සොයා බැලීම සඳහායි.මේ යක්කල පරිගණක හාඩ්වෙයාර් සාප්පුවක් හිමි ඉඳුනිල් කී කතාවයි.සමාජයේ නොයෙක් තරාතිරම්වල අය අපි ළඟට කම්පියුටර් අරගෙන එනව හදන්න. මේ අතර ලස්සන ගෑනු ළමයිත් ඉන්නවා. ඔෆිස්වල වැඩ කරන ලස්සන නෝනලත් ඉන්නවා.ඇත්තම කියනව නම් ඒ ගොල්ලන්ගෙ පර්සනල් ෆයිල්ස් බලන්න හිතෙන්නේ ඉබේමයි. සමහර වෙලාවට ඒගොල්ලන්ගෙ ලස්සන පින්තූර තිබුණොත් අපි කොපියක් දාගන්නවා.සමහර අයගෙ අඩ නිරුවත් පින්තූර එහෙම තියෙනවා. අපිට මොනව හරි ඇති කියලා සැක හිතෙන කම්පියුටර්වලටඅපි ඩෙටා රිකවරි සොෆ්ට්වෙයාර් එකක් දාලා බලනවා.සමහර වෙලාවට සාර්ථක ප්‍රථිඵල ලැබෙනවා. ඒ සමහර අයගෙ හාඩ් ඩිස්ක් වල නිල් චිත්‍රපට පිරිල තියෙනවා. 
    පිරිමි ළමයින් හැමෝගෙම වගේ හාඩ් ඩිස්ක් වල නිල් චිත්‍රපට තියෙනවා. මේ ළඟදි නෝනා කෙනෙක් එයාගේපර්සනල් කොම් එක මගෙ ළඟට අරගෙන ආව හදන්න.එයාගෙ කම්පියුටරේ ගැහැණු ගැහැණු සමලිංගික සේවනයේ යෙදෙන නිල් චිත්‍රපට පිරිලා තිබුනා. 
    පස්සේ මම එයාගැන හොයලා බලපුවාම දැනගන්ත එයා සමලිංගික සේවනයට දැඩි ලෙස ඇබ්බැහි වෙච්ච කෙනෙක් කියලා.අපි ළඟට එන සමහර අය කම්පියුටර් හාඩ්වෙයාර් ගැන කිසිම අවබෝධයක් නැහැ.එහෙම දැනගත්තාම අපි කරන්නේ ඉතින් දත ගලවන එක තමයි. වීජීඒ කාඩ් එක පිච්චිලා,හාඩ් ඩිස්ක් එක පිච්චිලා මදර් බෝඩ් එක පිච්චිලා .. මේ මොනව හරි බයිලයක් කියලා ගාණ කපා ගන්නවා...ඇත්තටම ඔබට දැන් යන්තම් හෝ වැටහීමක් ඇති තත්වය මොනතරම් භයානකද කියලා.නමුත් ඇත්තම තත්වය මෙයටත් වඩා භයානක බව නම් ඉඳුරා පැවසිය හැකියි.යක්කල ඉඳුනිල් කම්පියුටර් ෂොප් එකෙන් මා සමුගනිද්දී ඔහු අවසානයට පැවසූ වදන් මාවබොහෝ සේ කම්පාවට පත් කළ බව නම් කිය යුතුමයි.අයිය දන්නවද අයියේ... දැන් පන්සල්වල ඉන්න සමහර තරුණ හාමුදුරුවරු ළඟ කම්පියුටර් තියෙනවා.මේ ඔක්කොටම වැඩිය හොඳ දේවල් ඒවයේ තියෙනවා.ඒවා කියනව නම් දවසකුත් මදි.නිවාඩු දවසක් තිබු‍ණොත් ආයේ මේ පැත්තේ එන්න මම අයියට විස්තර දෙන්නම්.ඔහු එසේ පවසද්දී මට මතක් වුයේ එක්තරා තරුණ භික්ෂුන් වහන්සේ නමකගේ මෙවැනිඅශෝභන ක්‍රියාරැසක් මේ මැතකදී අන්තර්ජාලයට මුදා හැර තිබු බවයි.මීලඟට මම හමුවීමට තීරණය කලේ මිතුරකුගේ මාර්ගයෙන් දැන හඳුනාගත් ඩිජිටත්කැමරාවක් නිසා දුලීෂා මෙන් අපහසුතාවයට පත් වූ තරුණයෙක්.විනෝදකාමී තරුණයෙක් වූ ඔහුගේ නම රසික. ඔහු විවාහකයෙක්. ඒ වගේම කුඩා දරු දෙදෙනකුගේ පියෙක්. රසික මට එන්න තැනක්, දිනයක් සහ වෙලාවක් දුන්නා. ගම්පහ - ජාඇල පාරේ පිහිටි අවන්හලකට මා පිය නැඟුවේ ඒ අනුවයි. බීර වීදුරු එක දෙක හිස් වෙන්න වුණා.මොකක්ද මචං වුණ කරදරය මම රසිකගෙන් විමසුවා.මචං මම ගත්ත ඩිජිටල් කැමරාවක්. අපි ෆැමිලි එක ට්‍රිප් එහෙම යනකොට ෆොටෝස් ගන්න කියලා හිතාගෙන.කැමරාව ගත්ත දවස්වල ආසාවටත් එක්ක නිතරම ෆොටෝස් ගත්ත. එක දවසක් බබාල එහෙම නිදාගත්තට පස්සේ වයිෆ් කිව්වා එයාගේ නියුඩ් ෆොටෝ එකක් ගන්න කියලා ආසාවට බලන්න. හැබැයි බලපු ගමන්ම මකල දන්න කිව්වා. මම එයාගෙ ෆොටෝ එකක් ගත්ත. ඊට පස්සේ අපි දෙන්නම එකට ඉඳලා ෆොටෝ එකක් ගත්ත.අපි ඒවා බලල එවෙලෙම මකල දම්මා. ඒ සිද්ධිය එතනින් ඉවර වුණා. ටික දවසකට පස්සේ මගෙ යාළුවෙක් මගෙන් ඩිජිටල් කැමරාව ඉල්ලුවා... ට්‍රිප් එකක් යනවා ෆොටෝස් ටිකක් ගන්න කියලා. මම කැමරාව ඔහුට දුන්නා. ටික දවසකට පස්සේ ඌ මට උගෙ ගෙදරට එන්න කියලා පෙන්නපු දෙය මට විශ්වාස කරන්නත් බැරි වුණා. බිරියත් මමත් එදා ගත්ත පින්තූර උගෙ කම්පියුටරේ තිබුණා.උඹට මම හින්ද හොඳයි. මම කාටවත් මේව පෙන්නුවේ නෑ. වෙන එකෙකුට හම්බ වුණානං ඉවරයි. ඌ මට කිව්වා.ඇත්තටම ඌ මගෙ හොඳ යාළුවෙක්. ඒ හින්දා මට ඌව විශ්වාසයි රසික කියාගෙන ගියා.ඒත් මචං ලැජ්ජාව... ඒ ගැන කියලා වැඩක් නෑ... බීර බෝතලයට මේ කතා කරන්නේ මට හිතුණා.උඹටකොහොමද මේවා හම්බ වුණේ.... මම මේවා මකලා දාලානෙ තිබුණේ. මම උගෙන් ඇහුවා. රසික කිව්වා ... එතකොට ඌ කිව්ව දේවල්වලින් තමයි මෙහෙම දේවලුත් තියෙනවා කියල මම දැනගත්තේ.මම උඹෙන් කැමරාව ඉල්ලගෙන ආපු දවසෙ මම ගෙදරදී අපේ බබාගෙ ෆොටෝ වගයක් ගත්තා. ඒ ටික මගෙ අතින් මැකුණෘ. මට ඒ ටික අපසු ගන්න ඕන වුණ නිසා කැමරාවේ මෙමරි චිප් එක රිකවරි කළා. එතකොට ඒ ෆොටෝස් එක්කම තමයි උඹලගෙ ෆොටෝ 2ත් මට හම්බ වුණේ. රසිකගේ කතාව... රසිකගෙ හොඳම යාළුවෙකුට ඒ ෆොටෝස් ලැබීම නිසා ප්‍රසිද්ධ නොකර බේරගන්න පුළුවන් වුණාට හැමෝටම ඒ චාන්ස් එක ලැබෙන්නෙ නැති බව නම් මේක කියවන කට්ටිය හොඳට මතක තියාගත්තොත් හොඳයි.ඒ වගේම තමා පෙන් ඩ්‍රයිව් පාවිච්චිය. තමාගේ අත්‍යාවශ්‍ය දත්තයන්එකක් ගොඩක් දෙනා පෙන් ඩ්‍රයිව් තැන තැන දාලා යන ප්‍රවණතාව වැඩියි. ඒ වගේම පෙන් ඩ්‍රයිව් රිකවරි කරලා ඒවාගේ මැකී ගිය දත්ත නැවත ලබාගන්න පුළුවන්. මේ නිසා අමාරුවේ වැටිච්ච ගොඩක් දෙනෙක් සමාජයේ ඉන්නවා. මේ නිසා අමාරුවේ වැටිච්ච දැනට වෙස් මාරු කරගෙන ජීවත් වෙන තරුණයෙක් ගම්පහ ඉන්නවා. සංගීත කණ්ඩායමක සමාජිකයෙක්. ඔහු තමාගේ පෙම්වතිය සමඟ ලිංගිකව හැසිරෙන දර්ශනයක් වීඩියෝ ගත කරලා ඒක පෙන් ඩ්‍රයිව් එකක ගබඩා කරලා තිබිලා තියෙනවා.කොහොම හරි මේ පෙන් ඩ්‍රයිව් එක නැතිවෙලා තියෙනවා. දැන් ඒ විඩියෝ ක්ලිප් එක අන්තර්ජාලයේ තියෙනවා.කොහොම අන්තර්ජාලයට ගියාද කියන්න ඔහුවත් දන්නේ නැහැ.ඒක දැන් ලංකාවේ අන්තර්ජාලයෙන් මේව බලන අය අතරේ ගොඩක් ජනප්‍රියයි. මේ හේතුව නිසා තරුණියට වුණේ රට හැර යන්න. මේ යාළුවට වුණේ වෙස් මාරකරගෙන ජීවත් වෙන්න.තමන්ගේ වැරදි හෝ නොදැනුවත්කම නිසා එසේත් නැතිනම් 
    සමාජයේ කොතැනක හෝ තියෙන වරදකින් මෙවැනි දේවල් සිදුවෙන ප්‍රමාණය දිනෙන් දින ඉහළ ගොස් තිබෙනවා. මෙයටත් වඩා බොහොම භයානක ලෙසට ෆේස්බුක් වලින් අපරාධ ඉහළ ගොස් තිබෙනවා. ඇත්තටම මෙය තාක්ෂණයේ වරදද? අපේ වරදද ? නැවත නැවත හිතන්නට කාලය ඇවිල්ලා තියෙනවා

                  
                                                                                       සුගත් පෙරේරා

    Thursday, 7 November 2013

    සම්පුර්ණ මුහුණම වසෙන්න හෙල්මට් දැමීම අද සිට තහනම්

    http://ratagiyaattho.blogspot.kr/
    • helmatයතුරු පැදිකරුවන් භාවිතා කරන සම්පූර්ණ මුහුණ ආවරණය වන සහ කළු ආවරණ සහත හිස් වැසුම් නීතිය අද දිනයේ සිට දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.මේ සම්බන්ධයෙන් වන විශේෂ නියෝගය සියළු පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.මෙම නීතිය කලින්ද ස්ථාපිතව තිබුණද එය ක‍්‍රියාත්මක නොවීය.පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.ආරක්‍ෂිත හිස් වැසුමි සමිබන්ධ නිතිය 1991 ජනවාරි 11 වන දින අංක 644 / 26 දරණ අති විශේෂ ගැසටි පත‍්‍රයේ රෙගූලාසි වල සදහන්ව ඇති අතර එම රෙගූලාසි 1981 අංක 21 දරණ මෝටර් වාහන පනතේ 158 (2) හා 237 වගන්තිය යටතේ ප‍්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා විසින් සාදා ඇත.එම නියෝග මෙසේය.
    • 01. අනුමත කරන ලද ආරක්‍ෂිත හිස් වැස්මක් නිකට වටා සුරක්‍ෂිත පරිදි නිකට පටියකින් සවි කිරිම මගින් පදවන්නාට සහ පසුපස ආසනයේ යන්නාට හිසට වැදෙන පහරකින් ප‍්‍රධාන වශයෙන්ම ආරක්‍ෂාව සලසන්නාවුද පැළද සිටින තැනැත්තාව පහසුවෙන් හඳුනා ගත හැකි වන සේ මුහුණ ප‍්‍රදේශයේ විවෘතව පවත්නාවුද හිසෙහි පළදින උපකරණ විශේෂයක් විය යුතූය.
    • 02. ආරක්‍ෂිත හිස්වැස්ම පැළදි විට එහි කිසිම කොටසක් දිගූවක් හෝ සමිබන්ධිතයක් මගින් ඇහිබැම සහ නිකට අතර මුහුණෙහි කිසිදු කොටසක් අපහැදිලි වන “සැඟවෙන හෝ විකෘති වන ආකාරයේ වර්ගයක ආරක්‍ෂිත හිස් වැසුමි නොවිය යුතූය.
    • 03.ආරක්‍ෂිත හිස්වැස්ම යන්නෙන් ප‍්‍රමාණවත් අවට පෙනිම වැළැක්විමක් නොමැතිව හිස් වැස්ම පැළඳ සිටින්නාගේ හිසෙහි මුලික තලය ඉහළින් පිහිටි කොටසට වැදෙන පහරකින් ආරක්‍ෂා කිරිම. මුලික වශයෙන් අරමුණු කරගත් ශිර්ෂ පළඳනාවක් අදහස් වේ.
    • 04. ආරක්‍ෂක මුවාව (වයිසරය) මද පැහයෙන් වර්ණවත් කර හෝ කිසියමි වර්ණවත් ද්‍රව්‍යකින් තනා හෝ නොතිබිය යුතූය.
    • ඉහත සදහන් රෙගූලාසි වලට පටහැනිව පාවිච්චි කරනු ලබන හිස්වැසුමි නිසා අනතූරු වලින් මිය යන හා තුවාල ලබන පිරිස වැඩි වි ඇති අතරම අඳුරු වයිසරය සහිත හිස්වැසුමි භාවිතා කිරිමෙන් අනන්‍යතාවය තහවුරු නොවන පරිදි අපරාධකරුවන් පළාගිය අවස්ථාද වාර්තා වි ඇත.
    • එම හේතූ නිසා ඉහත රෙගූලාසි වලට පටහැනි ආකාරයෙන් හිස්වැසුමි පළදින පැදිකරුවන් හා පසුපැදිකරුවන්ට රථවාහන නීතිය කි‍්‍රයාත්මක කිරිමට බලාපොරොත්තූ වේ.

    Wednesday, 6 November 2013

    කාන්තාවකට "කිස්" එකක් දුන්නු රේවත හිමිට අධිකරණයෙන් තහනමක්

    http://ratagiyaattho.blogspot.kr/
    lawඉන්දීය මහාබෝධි සංගමයේ ප්‍රධාන ‍ලේකම් ධුරය දැරීම වළක්වාලමින් ඉන්දියාවේ කල්කටා නුවර මහාධිකරණය විසින් ආචාර්ය දොඩම්ගොඩ රේවත හිමියන් වෙත තහනම් නියෝගයක් පනවා ඇත. කල්කටා මහාධිකරණය මේ අතුරු තහනම් නියෝගය නිකුත් කළේ රේවත හිමියන් බෞද්ධ භික්ෂූන් උදෙසා විනය පිටකය මගින් පනවා ඇති නීති හා රෙගුලාසි උල්ලංඝනය කරමින් බෞද්ධ භික්ෂුවකට නුසුදුසු ලෙස ක්‍රියා කරන බව සඳහන් පෙත්සමක් සැලකිල්ලට ගනිමිනි.
    ඉන්දීය නීතිවේදීහු අවධාරණය කරන්නේ බෞද්ධ පිටකයක් පදනම් කර ගනිමින් පෙත්සමක් පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට කල්කටා මහාධිකරණය අවසර ලබාදීම ඉන්දීය අධිකරණ ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් බවය.
    මේ අතුරු තහනම් නියෝගය නිසාත්, කාන්තාවක් සිප වැළඳ ගන්නා වීඩියෝ දර්ශන සහ ඡායාරූප ගණනාවක් ජනමාධ්‍ය ඔස්සේ හෙළිදරව් වූ නිසාත් මේ දිනවල රේවත හිමියෝ ඉන්දියාවේ බෞද්ධ ජනතාව අතර මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වී සිටිති. උන්වහන්සේට විරෝධය පාමින් ඉන්දීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සංවිධාන ගණනාවක් පසුගියදා උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කළහ.
    මේ සමගම පසුගිය කාලය පුරා ඉන්දීය මහාබෝධි සංගමය හරහා සිදුවිණැයි පැවසෙන අයථා ක්‍රියාවන් ගණනාවක්
    පිළිබඳව තොරතුරුද ඉන්දීය ජන මාධ්‍යයන් ඔස්සේ හෙළිදරව් වෙමින් පවතී.
    විදේශීය මුදල් අයුතු ලෙස පරිහරණය සම්බන්ධයෙන් වැරදිකරු වීම හේතුවෙන් සංගමයේ කිසිදු මූල්‍යමය කටයුත්තකට රේවත හිමියන්ට සම්බන්ධ වීම තහනම් කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නියෝගයක්ද පනවා තිබේ.
    2001 වසරේ සිට ඉන්දීය මහාබෝධි සංගමයේ ප්‍රධාන ‍ලේකම් ධුරය හොබවනුයේ රේවත හිමියන් විසිනි. අසීමිත කාලයකට එම ධුරය දැරීමට හැකි වන ලෙස පසුගියදා ව්‍යවස්ථා සංශෝධනයක්ද සිදුකෙරිණි.
    මෙම ව්‍යවස්ථා සංශෝධනයන්ට විරෝධය පළ කරමින් සංගමය හා දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කටයුතු කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු භගබතී ප්‍රසාද් බැනර්ජි, බෙංගාලයේ හිටපු නියෝජ්‍ය ‍පොලිස්පති අමියෝ කුමාර් සමන්තා සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු චිත්තතෝශ් මුකර්ජි මහතාද සංගමයේ මතෛක් දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත. මුකර්ජි මහතා අනගාරික ධර්මපාලතුමන් මුලින්ම ඉන්දීය මහාබෝධි සංගමය පිහිටවූ අවස්ථාවේ එහි සභාපතිත්වයට පත් කරගත් ආශුතෝශ් මුකර්ජි මහතාගේ මුණුපුරෙකි.

    Tuesday, 5 November 2013

    “රට ගියා ම හැම දාම රෑට මුන් දෙන්නා ටෙලිපෝන් එකෙන් මට කලකොලොප්පම් කරන්න හිටියා"

    http://ratagiyaattho.blogspot.kr/
    butha17-08“අනේ! බුදු මහත්තයෝ මට වෙච්ච විපත මට දරාගෙන ඉන්න බෑ. අනේ....” යි නාලිනීට ආවිශ්ට වූ භූතාත්මය බිම පෙරැළී අඬන්නට වූයේය.
    මොකක්ද වෙච්ච විපත. කරදරය. ඔය ඇඬිල්ල නතර කරලා කියන්න, අපට පුළුවන් උදව්වක් කරන්නම්” යැයි ආධ්‍යාත්මික ගවේෂකවරයා කීවේය.
    මහත්තයා මම අවුරුදු හතක් අරාබියේ රස්සාව කළා. ගෙවල් දොරවල් හැදුවා. ගෑනිට රත්තරන් බඩු අරන් දුන්නා. ගෙදරට අවශ්‍ය, ටී. වී. - ෆ්‍රිජ්, ඇඳ පුටු මේස අලුතෙන්ම ගත්තා. මහත්තයා මම බස් එකකුත් ගත්තා. ඒක ගත්තෙත් ගෑනිගෙ නමට. මම රට ඉන්දැද්දි ගෑනි හොර මිනිහෙක් යාළු කැර ගෙන. ඌව ගෙදරට ම ගෙන්නගෙන මට තර්ජනය කළා” යි නැවතත් හඬන්නට විය.
    නාලිනී පෙරේරා තිස් පස් හැවිරිදි විවාහක කාන්තාවකි. මාවතගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. අරාබියේ දී සිය දිවි හානි කැර ගත් සහෝදරයාගේ භූතාත්මය ඇයට ආවිෂ්ට වීම නිසා දුකට පත්ව, ශාරීරිකව ද මානසිකව ද පීඩා වින්දාය. තොවිල් පවිල් ශාන්ති කර්ම සිදු කළත් නිත්‍ය සුවයක් නොලදින් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ස්වාමි පුරුෂයා සමඟ පැමිණියාය.
    එහිදී ආධ්‍යාත්මික ගවේෂකවරයා මුණ ගැසී තමන්ගේ දුක් විපත් කතාව කියන්නට සැරසෙද්දී ම භූතාත්මය ආවිෂ්ටව විස්තර කියන්නට වූයේය.
    “මහත්තයා, අපේ අම්මා රට රස්සාවකට ගියා. තාත්තා බීමට ඇබ්බැහි වෙලා මාවයි අක්කවයි දාලා යන්නට ගියා. අක්කා තමයි දුක් විඳගෙන මාව හැදුවේ. මගේ මේ බුදු අක්කට පින් අයිති වෙන්න ඕනෑ” යි අඬන්නට විය.
    “හරි හරි ඔය හිතේ තියෙන දුක නිවෙන්නත් එක්ක ඔයාගෙ ප්‍රශ්නය කියන්න.”
    “ඔව් මහත්තයා මගේ දුක කියන්න වෙන කෙනෙක් නෑ. මම ඔක්කොම කියනවා.”
    “මොකක්ද ඔබේ නම?”
    “සිරිල්”
    “සිරිල්ට මොකද වුණේ?”
    “මම හැදුණෙ වැඩුණෙ අක්කගෙ ළඟ. මම වඩු වැඩ කරන්න ඉගෙන ගන්නා වයස අවුරුදු දහ අටේ දි ගෑනු ළමයෙක් එක්ක යාළු වුණා. එයාගෙ නම රීටා. රීටාට වයස අවුරුදු දහසයේදී මම එයාව කසාද බැඳල ගෙදරට එක්ක ගෙන ආවා. අපට ය කියලා ගෙයක් ඕනැයි කියල කංකෙඳිරි ගාන කොට මම රට රස්සාවකට ගියා. එතකොට අපට දරුවෙකුත් ඉන්නවා. මම ගියේ අරාබි රටකට. සල්ලි ටිකක් හම්බ කැර ගෙන ඇවිත් ගෙයක් හදන්න කටයුතු කළා. දේව පූජා තියන්න කියලා දේවාලයකට ගියා. ඒ දේවාලේ කපුවා අප එක්ක හිතවත් වුණා. මම ආපහු නැවතත් රට ගියා. මේ අතරේ රීටා කපුවා එක්ක යාළු වෙලා. මම දන්නෙ නෑ මම අවුරුදු හතක් දුක් විඳලා හම්බ කරපු දෙයින් ලස්සන ගෙයක් හැදුවා. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ගත්තා. රීටාට රත්තරන් බඩු අරන් දුන්නා. මම අලුතෙන් බස් එකකුත් අර ගත්තා. ඒක ගත්තෙත් රීටගෙ නමට.
    “ඔය අතරෙ රීටා අර කපුවත් එක්ක යාළුයි කියලා ආරංචි වුණා. ඌ අපේ ගෙදර ඇවිත් නතර වෙනවයි කියලත් ආරංචි වුණා. ඒවත් කපුවගෙම වැඩ. මම ආපහු ලංකාවට ආවා. මම මේවා ගැන ඇහුවාම රීටා ඒවා ඇත්ත බව පිළිගත්තා. මම ගෙදර ඉන්න කොටත් අරූ - කපුවා මගේ ගෙදරට ආවා. රීටා මටත් වඩා හොඳට ඌට සැලකුවා. ඌ මට තර්ජනය කළා. උඹ බලා ගනින්, මම දෙවියන්ගෙ මිනිහෙක්. මට උඹ හිටියත් එකයි, මළත් එකයි. මගෙයි රීටගෙයි සම්බන්ධය මම නතර කරන්නේ නෑ කියලා මට තර්ජනය කළා. දවසක් උදේ පාන්දර අවදි වෙලා බලන කොට මම නිදාගන්න ඇ‍ඳේ ඔළුව තියපු කොට්ටය යට මිරිස් කරලක් ගහපු දෙහි ගෙඩියක් තිබුණා. මේක අරූගෙ වැඩක් බවත් රීටගෙ සහයෝගය ලැබිලා මෙහෙම ගුරුකමක් කැර තියෙන බවත් මට වැටහුණා. මේ සිද්ධියෙන් මම මානසිකව වැටුණා. කරන්න දෙයක් නැති තැන මම නැවතත් රට ගියා.
    “රට ගියා ම හැම දාම රෑට මුන් දෙන්නා ටෙලිපෝන් එකෙන් මට කලකොලොප්පම් කරන්න හිටියා. දවසක් මුන් දෙන්නා මට තර්ජනය කළා. උඹ දික්කසාද වෙයන්. හැබැයි ගේත් අපට ඕනෑ. බස් එකත් උඹට දෙන්නෙ නෑ. ඒක රීටගෙ නමටයි තියෙන්නේ කියලා තර්ජනය කළා. එදා මම හොඳට ම කළකිරුණා. එදා අරාබියේ මම හිටපු කාමරයේදී ගෙල වැළලාගෙන මැරුණා” යි සිරිල්ගේ ප්‍රාණකාරයා සිය කතාව කීවේය. ඉන් පසුව දිගින් දිගට අඬන්නට වූයේය.
    දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙසට ගවේෂකවරයා නාලිනීට උපදෙස් දුන්නේය.
    සති තුනකට පසු නැවත පැමිණි විට ද නාලිනී ප්‍රලය වූවාය.
    ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
    “තමුන්ගෙම බිරියයි කපුවයි වරද කරලා තියෙන්නේ, ඉතින් ඇයි මේ අක්කගෙ ඇඟට රිංගලා එයාට කරදර කරන්නෙ?”
    “උන් දෙන්නා ආරක්ෂා වෙලා ඉන්නෙ. මට කිට්ටු කරන්න බැහැ. මගේ දුක කියා ගන්න වුවමනා නිසා අක්කගෙ ඇඟට රිංගුවා.”
    “මොකක්ද තමුන්ට තියෙන දුක?”
    “මගේ ගෑනිත් දේපළත් අහිමිවීම දුකක් නෙවෙයි ද?”
    “දුකක් නම් තමයි. ඒත් මෙන්න මේ ටිකත් අහන්න. යන්තම් වයස අවුරුදු දහඅට වෙනකොට ගෑනියෙක් ඕනැ වුණා. හරියට රස්සාවක් ආදායමක් නෑ. ඉන්න හිටින්න ගෙයක් දොරක් නෑ. ඉතින් රට රස්සාවලට යනවා. ළාබාල කෙල්ලක් විවාහ කරගෙන ඒකිව ගෙදර දාලා රට යනවා. ඇත්තටම මේ වගේ කෙල්ලො හරියට තරුණ වයසට ඇවිත් නැහැ. ජීවිතය ගැන අවබෝධයක් නැහැ. කසාද බැන්දට පස්සෙයි නියම තරුණ වයසට එන්නෙ. මිනිහා අවුරුදු හත අට රට ගිහින් එනකම් තනිකඩේ ඉන්න කොට මොකෙක් එක්ක හරි යාළු වෙනවා. පාන් කාරයා වුණත් කමක් නෑ. ත්‍රීවිල් කාරයා වුණත් කමක් නෑ. මොකා එක්ක හරි පැටළෙනවා. ඔයිනුත් භයානකම දේ තමයි දේවාල ගාණෙ යන එක. ළපටි තරුණ ගෑනු ගියාම යකා නොවෙයි දිෂ්ටි හෙළන්නෙ කපුවා.”
    “සිරිලුත් ජීවිතේ බාරදූරකම දන්නෙ නෑ. අත්දැකීම් දන්නෙ නෑ. ගෑනිට වහවැටිලා ර‍ටේ ලෝකෙ වෙන දේවල් දන්නෙ නෑ. ගෑනිව විශ්වාස කරලා දේපළ ගෑනිගෙ නමට ගත්තා. ඉතින් කල්පනා කරලා කියන්න මෙතන කවුද වරද කරලා තියෙන්නෙ?” ගවේෂකවරයා ඇසීය.
    “ඔව් මහත්තයා, මම ම තමයි වරද කරලා තියෙන්නෙ.” යි භූතාත්මය අඬන්නට වූයේය.
    “ඒ විතරක් ද නොවෙයි. සිරිල්ගෙ අම්මත් රට ගියා. රට ගියා ම බොහොමයක් ගෑනුන්ට මිනිහව මදිපුංචි වෙනවා. ගෙවල් දොරවල් හදන්න සල්ලි හම්බ කරන්න කියලා තමයි යන්නෙ. ටික දවසක් ඉන්න කොට මස් මාළු කාලා තෙල වැටෙන කොට ආපු කාරණේ මතක නැති වෙනවා. ගෙවල් දොරවල් අමතක වෙනවා. ඔහොම වෙන කොට ගෙදර ඉන්න මිනිහා බීමට ඇබ්බැහි වෙනවා. අයාලේ යනවා. අන්තිමට බලන කොට පවුල් ජීවිතේ අවුල්, ජීවිතේ හොඳම කාලෙ ගෑනියි මිනිහයි එක වහළ යට නෑ. දරුවන්ට අම්මගෙ තාත්තගෙ ආදරේ කරුණාව නෑ. රට යන්නන් වාලෙ රට ගියාට වැඩක් නෑ. පවුලේ ජීවිත සැලසුම් කරන්න, මෙහෙයවන්න දැනුම තේරුම ඕනෑ. සල්ලි තිබුණටම මදි. ඒ මුදල් කළමනාකරණය කරගත්තත් දැනුම අවබෝධය තියෙන්න ඕනෑ. අඩිපුඩි ගහලා පාටි දැම්මාට වැඩක් නෑ. රට රස්සාවලට ගිය අයගෙන් කීයෙන් කී දෙනා ද සන්තෝසෙන් පවුල් කන්නෙ. සිරිල්ටත් වුණේ ඒ ටික ම නේද?” අන්තිමට ජීවිතෙත් නෑ. මෙලොවත් පරලොවත් දෙක ම නෑ.”
    “ඇයි මහත්තයා පරලොවත් නෑ කිව්වෙ?”
    “දුකෙන් වේදනාවෙන් තරහෙන් සියදිවි හානි කැර ගෙන දුගතිගාමී උපතක් ලබලා දැන්.”
    “මට කපුවගෙන් පළිගන්න ක්‍රමයක් නැද්ද මහත්තයා?”
    “අනුන්ට වෛර කරන්න හිතන්න එපා. දෙවියන්ගේ නාමයෙන් වැරදි වැඩ කරන අයට විශ්වය දඬුවම් කරනවා. දැන් ඔය කපුවා වුණත් තමන්ගෙ අඹු දරුවන් අතහැරලා රීටා ළඟට ඇවිත් ඉන්නේ. එහෙම වුණත් කපුවගෙ යටිහිත දන්නවා තමන්ගෙ කසාද බිරියයි දරුවොයි දුක් විඳින බව, සාප කරන බව. ඔය වගේ ඇදුරොත් කපුවොත් අන්තිමට අනන්ත දුක් විඳිනවා. මෙලොවත් දුක් විඳිනවා. පරලොවත් දුක් විඳිනවා. තමුන් පළිගන්න වුවමනා නෑ. විශ්වය නියමය ඉටුකරාවි” යි ගවේෂකවරයා කරුණු පැහැදිලි කළේය.
    “ඉතින් මහත්තයා මම දැන් මොනව ද කරන්න ඕනෑ.”
    “ඔබ කිසි දෙයක් කරන්න අවශ්‍ය නෑ. රීටාත් කපුවාත් දෙන්නා බරපතළ පාපයක් කරන්නෙ. ඒ දෙන්නා නිසා ඔබේ ජීවිතය නැති වුණා. සිරිල්ගේ ජීවිතය විනාශ වන තැනට ඒ දෙන්නා කටයුතු කළා. ඒක ප්‍රාණඝාතයක්. ඒ වගේ ම අනුන් සතු දේපළ වැරදි ආකාරයෙන් ලබා ගැනීම, බුක්ති විඳීම, අදන්නාදානය. ඊළඟට වැරදි කාමසේවනය. වැරදි ලෙස පංචේන්ද්‍රියයන් පිනවීම, කාමය වරදවා හැසිරීම, මේ වගේ අපරාධ කළ අයගේ යටි හිත දන්නවා තම තමන් කළ වරද. මෝහයෙන් අන්ධ වී ලෝභයෙන් රාගයෙන් ද්වේෂයෙන් සිදුකළ අහේතුක අකුසල කර්ම. විපාක බරපතළයි, ඒ අය මෙලොවත් පරලොවත් විඳවාවි, ඔබ ඔබේ හිත හදාගන්න.”
    “කොහොම ද මහත්තයා හිත හදාගන්නෙ?”
    “මේක ලෝකයේ හැටි. මේ වගේ දේවල් ලෝකයේ තවත් අයට සිද්ධ වෙලා තියෙනවා. දැනුත් සිද්ධ වෙනවා. ඉදිරියටත් සිද්ධ වෙනවා. ඔය දේපළ ගැන හිතන්න එපා. අපේ ශරීර වගේ ම ඒවත් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. දිරාපත් වෙනවා. විනාශ වෙනවා. ඔය දේපළ ගැන හිතලා වැඩක් නෑ. ඒකෙන් වේදනාව පීඩාව විතරයි ඔබට ලැබෙන්නේ. ඔය දේපළ නීතියෙන් ලබාගන්නත් බෑ. එසේ ලබාගන්නත් ඔබට භුක්ති විඳින්නත් බැහැ. ඔබ දැන් එදා හිටපු සිරිල් නොවෙයි, දැන් ප්‍රේතයෙක්. ඔබ දැන් ඔය ප්‍රේත භවයෙන් මිදී ඉහළ තලයකට යන්න අධිෂ්ඨාන කරන්න. අක්කා ලවා සාංඝික දානයක් මහා සංඝ රත්නයට පූජා කොට ඔබේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කරවන්නම්, එතකොට ඔබට ඉහළ තලයකට යන්න පුළුවන්” යැයි කරුණු පැහැදිලි කළේය.
    නාලිනී සාංඝික දානය පිරිනමා නැවත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ආවාය. එදින ද ප්‍රලය වූවාය.
    “කවුද මේ?” ගවේෂකවරයා ඇසීය.
    “මම සිරිල්. මම පින් අනුමෝදන් වුණා. මට ඒ සතුටත් සමඟ සැහැල්ලුවක් දැනුණා. මට දැන් කතරගම දේවාලයට යන්න ඕනෑ.”
    “බැහැ. බැහැ. දේවාලයට බැහැ. ඔබට කිරිවෙහෙර වහන්සේ අසලට යන්න පුළුවන්. එතැනට ගොස් පිනට දහමට සම්බන්ධ වෙන්නැÓයි උපදෙස් දුන්නේය.
    මෙය සීමාව ඉක්මවා දේවාල පස්සේ යන උදවියට පාඩමකි. එසේම ළමාවිය, ලෝකය පිළිබඳ ඉගෙන ගන්නා වයස තරුණ විය යැයි සිතා සිටින නොමේරූ වයසේදී මනමාල මඟුල් සිතුවිලි ගොඩ නඟන ගැහැනු පිරිමි දෙපාර්ශ්වයට ම ආදර්ශයකි. එවැනි අයට ප්‍රතිඵලය ඉගෙනුම කඩා කප්පල් වේ. ජීවිතය අවුල් වේ. අසාර්ථකයි. මෙලොවත් පරලොවත් සැනසුමක් සතුටක් නැත, මවුපියනට ද පාඩමකි.

    Monday, 4 November 2013

    සමාධිය ඇතිවීමට නම්

    http://ratagiyaattho.blogspot.kr/ 
    සමාධිය ඇතිවීමට නම් -- දැන් අපි අහල තියෙනවා නේද, මලක සුවඳ සිඹින වෙලාවක් මෙත් සිත වැඩුවොත්, ඒක මහත් ඵලයි කියල. ඇස්පිය ගහන වෙලාවක්, අනිත්‍ය වැඩුවොත් ඒක මහත් ඵලයි කියල අහල තියෙනව නේද? මේ අසා තිබෙන දේ අපි පුරුදු කරනවද කියල බලන්න¡ එහෙනම් ඒ අසා තිබෙන දේ, අපි දරාගෙන තිබෙනවද කියල කලපනා කරන්න¡ අපි දරාගෙන තිබෙනව නම්, "අනේ මට මේක අමාරුයි" කියල කෙනෙක්ට හිතන්නෙ නෑ. ඇසිල්ලක් ගහන වෙලාවක් අනිත්‍ය වඩනවා නම්, ඒක මහත් ඵලයි කියල දේශනාවෙ තියෙනවා නේද? ඉතින් ඒ දේශනා අපි කියවල ඒව කෙරෙහි අපි පහදිනව නම් අපිට කොයි තරම් අනිත්‍යය වඩන්ට පුළුවන්ද? ඇයි අපි නොකරන්නෙ? අපි ඒ දේශනාව තියෙන කාරණයට අමතර දෙයක් හොයනව. ඒ දේශනාවෙ තියෙන කාරණා දරාගෙන ඒ මත නෙවෙයි අපි කටයුතු කරන්නෙ වෙන දෙයක් හොයනව. අපි හොයනව කෝ සමාධිය කියල. කෝ මට වැඩෙන්නෙ නෑ කියල හොයනව නේද? අන්න එතන තමයි රහස. මට සමාධිය වැඩෙනවද? එහෙම නැත්නම් මට සමාධිය එනවද? ඒක හොය හොයා ඉන්න කොට අපිට අනිත්‍යය වඩන්ට හිතෙන්නෙ නෑ. එයා බලන්නෙ කෝ මට හරියන්නෙ නෑනෙ කියල. භාවනාව වැඩෙනවද කියල සොයා බලන්න කලක් එනව. හැබැයි අපි ආරම්භයේදී කරන්නෙ ඒක නෙවෙයි. එහෙනම් අපිට ඒ ධර්මය පුරුදු කරගන්ට නම් අප තුල තිබිය යුත්තේ ඒ දේශනාවෙ තියෙන කාරණා කෙරෙහි බලවත් පැහැදීම ඇතිකරගන්ට. බලවත් පැහැදීම ඇතිකර ගත්තොත් මෛත්‍රී භාවනාව අනිත්‍යය භාවනාව වගේ දේවල් අපේ ජීවිතයට බද්ධ කරගනීවි. අන්න එයාට යම් කලකදී සමාධිය ඇතිවෙයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි! නාවලපිටියේ අරියවංශ හිමි. දිනමිණ ඇසුරිනි ....ධර්ම දානය පිණිසයි..


    --

    Sunday, 3 November 2013

    http://ratagiyaattho.blogspot.kr/f,dalfha fjkiaùïj,g wod,j Y‍%S ,dxlslhkao fjkia úh hq;= neúka furg ;=< leisfkda wdrïN lsÍu iïnkaOfhka lsisÿ úreoaO;ajhla ke;ehs cd;sl fy< Wreufha ysgmq md¾,sfïka;= uka;‍%S m‍%isoaO O¾u foaYl Wvqfõ Oïñf,dal ysñfhda mji;s'


    ~rkaÈj~ mqj;am; yd woyia olajñka Wkajykafia tnj i|yka lr we;'


    f,dalh  yd tlaj .uka lsÍfï§ Y‍%S ,dxlslhkag yqfol,d .ukl ksr; úh fkdyels nj Wka jykafia fmkajd fo;s'


    tneúka Y‍%S ,dxlslhkag iyNd.S ùfï wjia:dj iïmQ¾Kfhka wyqrd leisfkda rg ;=< wdrïN lsÍu iïnkaOfhka ;uka jykafiaf.a lsisÿ úreoaO;ajhla ke;ehso Wka jykafia mji;s'


    ixpdrlhkaf.a wNsu;d¾: bgqlsÍu ;=,ska rfÜ ixj¾Okhla wfmala‍Id lrkafka kï leisfkda jeks ixpdrl jHdmD;s rgg wjYH njo Wka jykafia fmkajd fo;s'


    ~~we;a;gu Th leisfkda iïnkaO mk;j;a Bg wod, lreKq ldrKd ms


    kuq;a lsj hq;= ldrKd lsysmhla ms

    oeka n,kak isx.mamQrej jf.a rgj, leisfkda jHdma; jQ wdldrh' wkak ta ksid fuu leisfkda iïnkaO lreKq C%shd;aul úh hq;af;a Y‍%S ,dxlslhkag hdug wmyiq jk mßÈ kS;s ilia lr,hs' wfma rfÜ ñksiaiqkag hkak neßfjkak hï m‍%ñ;slrKhlg leisfkda tkjd kï tys jrola kE' fudlo wmg úfoaYslhkag ta foaj,a ;ykï lrkak nE' wksl ixpdrlhkaf.a wNsu:d¾; bgqlsÍu ;=,ska fï rfÜ ixj¾Okhla wfmala‍Id lrkafka kï tjeks foa rgg wjYHhs' fudlo f,dafl fjkia jk úg wmsg tl ;ek bkak nE' ta ksid wms ta wjYH wdldrhg yev .eish hq;=hs'


    uf.a úreoaO;ajh ;sfhkafk fï leisfkda i|yd Y‍%S ,dxlslhka hdu u;hs' nqÿ oyug wkqj th wmg wkqu; lrkak nE'


    tksid meyeÈ,sj lsj hq;=hs leisfkdaj,g uf.a úreoaO;ajhla kE lshk ldrKh' yenehs tajd ksh; jYfhkau Y‍%S ,dxlslhkag ;ykï úh hq;=hs~~ hhso Wka jykafia lshd isá;s'

    ස්ත්‍රී නිමිත්ත තිබුණට ඒකෙන් මතු වුණේ පුංචි පුරුෂ ලිංගයක්..

    http://ratagiyaattho.blogspot.kr/


    ස්ත්‍රී නිමිත්ත තිබුණට ඒකෙන් මතු වුණේ පුංචි පුරුෂ ලිංගයක්, මුත්‍රා බර එන විට එය ප්‍රාණවත් වෙනවා.

    රෑ යහන් ගත වෙන්න
    ගිය වෙලේ ඔහු
    මර ලතෝනි දීගෙන
    එලියට පැන්නා
    ඇයට පුරුෂ නිමිත්ත මෙන්ම ස්ත්‍රී නිමිත්ත යන දෙකම පිහිටා තිබෙනවා. රාගම රෝහලේ වෛද්‍යවරු රහසේ අවුරුදු ගණනාවක් තිස්සේ ඇය ගැන පරීක්ෂණ පවත්වනවා. ඇය ගැන වාර්තා දැන් ලෝකය පුරා වෛද්‍ය කණ්ඩායම් අතට පත්වී තිබෙනවා.

    එහෙත් තවම ඒ පරීක්ෂණ හමාර නැත. උපතින් අපහට උරුම වන යමක් කිසිවකුට වෙනස් කර ගන්නට බැරිය. ඉපදුණාට පසු කෙනෙකු තම ජීවිතයට එකතු කරගන්නා වැරැදි පුරුද්දකට සාවඥ සිනාවක් පෑම වරදක් නැත.


    එහෙත් අඳ, ගොළු, බිහිරි, ආබාධිත, නපුංසක, ද්විලිංගික මෙවන් කෙනෙකුට ජීවිතය ගොඩනඟා ගැනීමට සවිමත් අත්වැලක් වනු වෙනුවට උපතින් ලැබුණු දෙයට සිනාවීම, සමච්චල් කිරීම, සමාජයෙන් කොන් කිරීම සිදුවන්නේ නම් ඒ සමාජය ඒ පුද්ගලයාටත් වඩා ගඳ ගහන පාපකාරී එකකි.

    මෙයා කොණ්ඩය හුඟාක් දිගට තිබුණු ලස්සන කෙල්ලක්. ටිකින් ටික කොණ්ඩය කපලා ටී ෂර්ට් සරම් කමිස අඳින්ඩ පටන් ගත්තා. කිලෝ 42 ක බරක් අදත් එයාට උස්සන්ඩ පුළුවන්. බර වැඩ කරන්ඩ ආසයි. එහෙත් මෙයාට ස්ත්‍රී පුරුෂ ලක්ෂණ දෙකම තිබෙන නිසා.

    රාගම උල්පතකුඹුර මගෙ ගම. අක්කලා තුන්දෙනෙකුයි අයියලා දෙන්නෙකුයි ඉන්න පවුලක මං බඩපිස්සිය හැටියට ඉපදුණා. අපේ පවුලට ගමේ යමක් කමක් තිබුණා. මගෙ උප්පැන්නෙ නම ලලිතා මාලනි ඩයස්. නියමිත වයසෙදි අම්මලා තාත්තලා මාවත් රාගම කනිටු විදුහලට දැම්මා.

    8 වසර දක්වා මං ආසාවෙන් ඉස්කෝලෙ ගියා. මට මුලින් ම තිබුණේ ස්ත්‍රී ලක්ෂණ විතරයි. වෙන ගැහැණුන්ට වගෙ මගෙ පපුවත් නෙරලා ඉස්සරහට ආවත් වයස 13 - 14 වෙන කොටත් මං සාමාන්‍ය කෙල්ලෙක් ලෙස වැඩි වියට පත් වුණේ නෑ.

    ස්ත්‍රී නිමිත්ත තිබුණට මගෙ මුත්‍රා මාර්ගය වැහිලා ගිහින් ඒකෙන් මතු වුණේ පුංචි පුරුෂ ලිංගයක්. මුත්‍රා බර එන විට එය ප්‍රාණවත් වෙනවා. ඒ කටයුතු අහවර වුණාම ආයිත් ඒක ස්ත්‍රී නිමිත්ත ඇතුලට යනවා.

    මේ ගැන බැරිම තැන ලොකු සහෝදරියන්ට විතරක් නොවේ සහෝදරයන්ටත් කිව්වා. ඒ අය ඒක ගණන් ගත්තෙ නෑ, මෙහෙම දෙයක් කවුරුවත් හිතන්නෙ නෑනේ. ඒ අය කීවේ නහරයක් එලියට එනවා ඇති කියලයි.

    කොල්ලො කරන හැම වැඩක්ම කරන්න මට පුළුවන්. ඕනෑම බර වැඩක් කරන්ඩ, ගස් නගින්ඩ, උස තාප්පවලින් පනින්ඩ මාත් ආසයි. මං සරමක් ඇඳගෙන මගෙ දිග කොණ්ඩය කපලා දැම්මා. දුවගෙන ඇවිත් ජේසු සමිඳාණන්ට මගෙ දුක කිව්වා. අනේ මං වගෙ අය තවත් ලෝකෙට උපද්දන්ඩ එපා කියලා දෙවියන් වහන්සේට යාඥා කලා.

    අවුරුදු 22 දී ලස්සන දිග කොණ්ඩයක් තියෙන තරුණියක්, මගේ සහෝදර සහෝදරියන් එකතු වෙලා මව විවාහ කරලා දුන්නා. මම සැමියත් සමග එදා රෑ යහන් ගත වෙන්න ගිය වෙලේ ඔහු මර ලතෝනි දෙමින් කෑ ගහගෙන එලියට පැන්නේ ඔහුව රවටලා නපුංශකයෙක් විවාහ කර දුන් බවට බැණ වදිමින්.

    මම කවදාවත් හිතුවේ නෑ මට එවන් ඉරණමකට මුහුණ පාන්න සිද්ධ වේවි කියලා. ඔහු එදා රාත්‍රියේ දීම පොලිසියට ගිහින් පැමිණිල්ලක් කරා. පහු වෙනි දවසේ උසාවි ගියා. විනිසුරුතුමා කතාව අහල ඔලූ‍වේ අත්දෙක ගහ ගත්ත. නඩුව දුර දිග ගියේ නෑ මට එදා ම දික්කසාදය ලැබුණ.

    දිගට තිබුණු කොන්දේ මම කපල දැම්ම. පස්සේ පිරිමියෙක් විදිහට අදින්න පටන් ගත්ත. ගමේ මිනිස්සු මගේ දිහා වපරැහින් බලන්න පටන් ගත්ත. මට හිනා වුණා. ඇනුම් පද කියන අතරේ නපුංසක, ද්විලිංගික, සමලිංගික නාමයන් මට පට බැදුණා.

    පල්ලියේ පුජක තුමා ඇතුළු පාලිකාවන් අසරණ මට පිහිට වුණා. කතෝලික අගමිකයෙකු වන මම ඉපදුනේ දෙවියන් වහන්සේට සේවය කරන්න. එය අහවර වුණා ම මම මේ ලෝකෙන් සමු ගනීවි. වෛද්‍ය වරුන් මගේ පිහිටට හිටියත්. ස්ත්‍රී, පුරුෂ ලක්ෂණ දෙකට මැදි වූ මම මගේ පවුලේ ඇයට වදයක් වෙලා.

    එහෙත් මෙය මට දැන් හුරුයි නමුත් මෙවන් දෙයක් උපදින කිසිම කෙනෙකුට උරුම කර නොදෙන ලෙසට මම දෙවියන් යදිනවා. එන ආත්මයක දී වත් මට ඔය හැමෝම වගේම පුරුෂයෙක් වෙලා ඉපදෙන්න හැකි වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

    ලක්ෂ ගණනින් මුදල් වැයකොට ගැහැණු පිරිමින් බවටත්, පිරිමින් ගැහැණුන් බවටත් පත් වීමට වෙහෙසෙන පුවත් ගැන අප මිට පෙර සටහන් තැබුවා.

    එහෙත් මොහු එවැන්නෙක් නොවෙයි පෙර අකුසලයක් විපාක දීමෙන් මෙවන් තත්ත්වයකට පත්වන්නට ඇතැයි අප සිතන්නෙමු. උපතින් සිදු වූ ලිංගික විපර්යාශයට ඔහු විදවිය යුතු නැත. එනිසා ම ඔහුව සමච්චලයට ලක් කිරීම නොවටී.

    ඔබ මනුෂ්‍යයන් ගැන හොඳින් දනී. එක්කෝ ඔව්හු පිරිමි වෙති. නැත්නම් ගැහැනු වෙති. එසේත් නැත්නම් මේ දෙකට ම නැති නපුංසකයෝ වෙති.
    ඒ අතර අන් කවරකු හෝ සිටිය හැකිද? උත්තරය ‘සිටී’ යන්නය. ඔව්හු නම් ද්විලිංගිකයෝය. තථාගතයන් වහන්සේ වදාළ උභතොදණ්ඩක නම් පිරිස මේ අයද?
    මෙම ලිපිය අප විසින් මීට පෙරද පල කර තිබේ


    සිසුවාගේ එකම කලිසම කතුරකින් කපපු ගුරුවරියක්

    http://ratagiyaattho.blogspot.kr/


    school-boys11 වැනි වසරේ ඉගනුම ලබන සිසුවකුගේ තමාට ඇති එකම සුදු කලිසම හිරට ඇඳගෙන පාසලට පැමිණීම නිසා අනෙකුත් දරු දැරියන් ඉදිරියේ එය පහළ සිට ඉහළට කතුරකින් කපා දැමූ බව කියන වැලිගම දෙනිපිටිය මහා විද්‍යාලයේ ගුරුවරියකට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
    ශරීර සුවතා වැඩසටහන පැවැත්වීමට පෙර පසුගිය සිකුරාදා උදෑසන මෙම සිද්ධියට ලක් වූයේ දෙනිපිටිය, මුල්ලේ බොක්කේ පදිංචි එස්.එච්. ජනිත් ඉමල්ක සිසුවායි.
    සිය මවද නොමැති ඔහු පියා විසින් කුලී වැඩ කර උපයා ගන්නා මුදලින් ජීවත් වෙයි.
    ක‍්‍රීඩා භාර ගුරුවරිය විසින් සුදු කලිසම කපා දැමීමෙන් පසු එම සිසුවා යතුරු කටු ගසාගෙන කලිසම අතින් අල්ලාගෙන අඩමින් නිවෙසට පිටත්ව ගොස් සිය අක්කාට සිද්ධිය පවසා ඇත.
    පසුව අක්කා පාට කලිසමක් අන්දවාගෙන එම සිසුවා සමග පාසලට පැමිණ ගුරුවරිය විසින් කපන ලද කලිසම පෙන්වා විමසීමක් කර තිබෙන අතර එහිදී විදුහල්පතිවරයා විසින් කලිසම ඔහු භාරයට ගෙන කබඞ් එකක දමා තිබේ.
    ඉන් අනතුරුව ගම්වාසීන් පිරිසක් රැස්ව කතුරෙන් කපන ලද සුදු කලිසම ඉල්ලා කෑ ගසන්නට වූ අතර ඒ සමගම වැලිගම මූලස්ථාන පොලීසිය එතැනට පැමිණියේ ය.
    ඒ වන විට දෙනිපිටිය මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට උනුසුම් තත්වයක් පැවතිණි.පසුව සිද්ධිය සමථයකට පත් කිරීම සදහා වැලිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා ද පැමිණියේ ය.

    ලිංගික අතවරයකට ලක්වී ඒඩ්ස් හැදුනු කුසුම්

    කොළඹින් ඉතා දුර බැහැර දුෂ්කර පළාතක උපත ලද කුසුම්, මල්ලිලා දෙදෙනකු සිටින පවුලක අක්කා විය. ඔවුන් කොතරම්  දිළිඳුදැයිි කිවහොත් වාසය කළේ හේනක් මැද වූ කුඩා පැලකය. එම පැල කටු මැටියෙන් සාදන ලද්දකි. කුසුම්ට අධ්‍යාපනය ලැබිමේ වාසනාව  තිබුණේ දෙවන ශේ්‍රණියට පමණි. දොළොස් හැවිරිදි වියේ දී ඇය වැඩි වියට පත් වූ පසු එවැනි  පැලක වාසය කිරීම ඇගේ ආරක්ෂාවට ප්‍රමාණවත් නැති බව වටහා  ගත් කුසුම්ගේ පියා ඇය වෙනත් පළාතක ඔහු දන්නා හඳුනන නිවෙසක නතර කළේය.එම නිවස ප්‍රමාණයෙන් විශාල වූ අතර එකම පවු‍ලේ දූ දරුවෝ  විවාහ වී එහි පවුල් කිහිපයක්  ලෙස පදිංචිව සිටියහ. කුසුම් එම නිවසේ නතර වී ඔවුන්ගේ වැඩ පලට උදව් දුන්නාය.මේ නිවසේ අවුරුදු තිහක පමණ පුද්ගලයකු සිටියේය. නිවසේ කාන්තාව කීවේ ඔහු තමාගේ සහෝදරයෙකු බවය. දිනක් කුසුම්ගේ දෙමාපියන් කැඳවූ නිවසේ කාන්තාව ඔවුන් සමග රහස් සාකච්ඡාවක යෙදී සිටියාය. එම සාකච්ඡාව අවසානයේ කුසුම්ව කැඳ වූ ඇගේ දෙමාපියන් කීවේ කුසුම්ගේ යහපත තකා ඇය විවාහ කර දෙන්නට යන බවයි.වයස අවුරුදු දහතුනේ දී කුසුම් තිස් හැවිරිදි පුද්ගලයකු සමග යුග දිවියට ඇතුළත් වූයේ එලෙසිනි. ඇය එකල කොතරම් කුඩා යුවතියකද කිවහොත්  මංගල ඇඳුමේ හැට්ටයට සරිලන තරමට පපු ප්‍රදේශයවත්  වැඩී තිබුණේ  නැත. බ්‍රෙසියරය තුළට රෙදි කැබලි ඔබා ඒ අඩුව සම්පූර්ණ කෙරිනි.මේ විවාහය සිදුකර තිබුණේ  කුසුම්ගේ දෙමාපියන් නොමග යවාය. වයසින් වැඩි වුවත් ඔහුට ඉඩකඩම් ආදිය ඇති බව හුවා දක්වමින් කුසුම්ව විවාහ කර දී  තිබූ අතර ඔහු කිසිදු වත් ‍පොහොසත්කමක් නැති කුලීකාරයකු බව කුසුම් හරියටම දැනගන්නා විටත් ඇය ගැබිනියක වී හමාරය.

    මේ දීගය කුසුම්ගේ ජීවිතයට මොන අතකින් වත් සතුටක් සැනසුමක් හෝ යහපතක් ගෙනාවේ නැත. ඔහුගෙන් ඇය ලද ලොකුම සම්පත වූයේ අරක්කු ටිකක්  තොල ගෑ පසු ලබන ගුටි  සංග්‍රහයන්ය. අන්තිමේ  දරුවාගේ වයස මාස තුනේදී කුසුම් දරුවා ද රැගෙන සැමියා අතහැර මව්පියන්  වෙත ගොස් පදිංචි වූවාය.
    නමුත් කුසුම්ගේ මව්පියන් ජීවත්  වූයේද  ඉතාමත් අසීරුවෙනි. දරුවා  කුඩා වැඩි නිසා කුසුම්ටද කුලී වැඩකටවත් යාමට හැකියාවක්  තිබුණේ නැත. මේ අතර ඒ ප්‍රදේශයේ  සුළු වෙළදාමකින්  ජීවත්වන තැනැත්තෙකු කුසුම්ව දැක ඇය විවාහ කර ගන්නට කැමැත්ත  පළ කළේය. දරුවා හදා වඩා ගන්නට මගක් නොමැතිකම නිසාම කුසුම් ඔහු හා යාමට එකඟ වූවාය.
    ඒ වන විට දරුවාගේ වයස අවුරුද්දකට වැඩිය. කෙසේ වුවද දෙවන සැමියාගේ දෙමාපියන් තම පුතු දරුවෙකුත් සමග බිරිඳක් නිවසට එක්කර ගෙන ඒම ගැන බලවත් සේ විරුද්ධ වූයෙන් කුසුම්ට සිදු වූයේ අකමැත්තෙන් වුවත්  දරුවා පළමු සැමියාටම භාර කරන්නටය.

    මේ විවාහයෙන් කුසුම්ට තවත් දරුවන් තිදෙනකු ලැබිණි. ඒ දියණියන් දෙදෙනකු හා පුතකු වශයෙනි. කුඩා දරුවන්  තිදෙනකු ජීවත් කරගනිමින් තම පවු‍ලේ පැවැත්ම සපුරා ගැනීමට සැමියාගේ වෙළෙඳාමෙන් හැකියාවක් නොවීය. අනෙක් අතට ඔහු උපයන මුදලින් වැඩි කොටසක් වැය කළේ මත්පැන්වලටය. මේ අනුව ඉහටත් උඩින් පිරී ඉතිරී ගිය අගහිඟකම්වලින් ඔවුනට අඩුවක් නොවිණි. නිවසේ ගැටලු වැඩි වන විට සැමියාගේ මත්පැන් බිමද වැඩිවෙයි. මත්පැන් පානය වැඩි වන විට කුසුම්ට ඔහුගෙන් සිදුවන අඩන්තේට්ටම් ද වැඩි වෙයි. ඇගේ ශරීරයේ ස්ථාන ගණනාවකම ඔහු විසින් විවිධ දේවල් වලින් දුන් පහරවල් නිසා ලත් තුවාල වලින් ඉතිරි වූ කැළැල් අදටත් පවතියි.
    මේ වන විට කුසුම්ගේ වයස අවුරුදු විසි එකකි. ඇගේ බාල දරුවාගේ වයස මාස නවයක් විය. මේ කාලයේ ඇගේ ගමට විදේශ රැකියා නියෝජිත ආයතනයක උප නියෝජිතයකු පැමිණියේ ඒ ප්‍රදේශයේ වෙසෙන මැදපෙරදිග යාමට කැමති කාන්තාවන් එසේ යැවීම සඳහා තෝරා ගැනීම පිණිසය. 
    කුසුම්ගේ සැමියාට දැනුණේ ඉල්ලමක් පෑදුණාක් වැනි සතුටකි. දරුවන් බලා කියා ගන්නට කුසුම්ගේ  මව්පියන් ද කැමැත්ත පළ කළ නිසා කුසුම් රට යාමට තීරණය කළාය. ඇයට තිබූ ලොකුම වුවමනාව වූයේ එලෙසින් හෝ මුදල් සොයා දරුවන් සතර දෙනා දුකක් නැතිව ජීවත් කර ගන්නටය.
    වැඩි කල් නොයවාම කුසුම්ට කුවේට් රටට යාමට අවස්ථාව ලැබිණි.
    ඇයට සේවය කිරීමට ලැබුණු නිවසේ සිටියේ මැදිවියේ යුවළක් හා ඔවුන්ගේ දරුවන් දෙදෙනාය. මසකට වතාවක් එම කාන්තාවගේ සොයුරා පැමිණ දින කිහිපයක් එහි නතර වී හිඳ යයි.
    කුසුම් ලිපි ලියා තම පවු‍ලේ අයට යවන ලෙස කියමින්  තැපැල් කරන්නට දුන්නේ එම නිවසේ කාන්තාවටය. නමුත් කුසුම් යැවූ ඒ කිසිදු ලිපියකට පිළිතුරු ලැබුණේ නැත. මේ ගැන සිතමින් කල්පනා කරමින් හිඳින අතරේ දිනක් එම නිවසේ පිරිමියා බලහත්කාරයෙන් ඇගේ කාමරයට රිංගුවේය. කොතෙක් උත්සාහ කළත් ඔහුගෙන් ඇයට ගැලවීමක් ලැබුණේ නැත. පසුව ඇය මේ පිළිබඳව ස්වාමි දුවට පැමිණිලි කළේ විසඳුමක් අපේක්ෂාවෙනි. ඇය ඇගේ භාෂාවෙන් උඹට අපි සල්ලි දීලා ගත්තේ ඒකටත් එක්ක තමයි කී කල කුසුම් ගල් ගැසී බලා සිටියාය. ඉන් එහාට කළ හැකි කිසිවක් ඇය සතු වූයේ නැත.
    කුසුම් ලිංගික ගොදුරක් බවට පත්වූයේ එම හාම්පුතාගේ පමණක් නොවේ. මසකට වතාවක් එහි පැමිණ යන ස්වාමිදුවගේ සහෝදරයා ද තම ලිංගික ආශාවන් සපුරා ගැනීම පිණිස කුසුම්ව පාවිච්චි කළේය.
    මේ සියලු දේ මෙසේ සිදු වුවත් ඔවුන් කුසුම්ට තඹ දොයිතුවක වැටුපක් දුන්නේ නැත. ඇය විසින් සැමියාට සහ දෙමාපියන්ට යවන ලද ලිපි කිසිවක් ඔවුන් තැපෑලට දමා තිබුණේද නැත. වැටුප් ගැන මතක් කරන විට ඔවුන් නිර්ලෝභීව ප්‍රදානය කළ දෙයක් තිබිණි. ඒ කුසුම්ව ඇගේ කාමරයට දමා ඇති තරම්  පහර දීමය.
    දැන් කුසුම් කුවේට් පැමින මාස හයක්ද ගත වී තිබේ. දරුවන් ගැන සැමියා ගැන මව්පියන් ගැන කිසිදු තොරතුරක් නොමැත. දරුවන් කෙසේ කනවා බොනවා ඇතිද? බාල පුතුට කිරිපිටි මිලදී ගන්නේ කොහොමද? වැනි ගැටලු සිහිපත් වන විට කුසුම්ගේ හිස ගිනි ගනී. අන්තිමේ  ඇයට කළ හැකිව තිබුණේ එකම දෙයක් පමණි. ඒ මෙම නිවසින් පැනයාමය. 
    නමුත් සිව් මහල් නිවසකින් පැන යාම පහසු නොවේ. කෙසේ හෝ අවස්ථාවක් ලැබුණු සැනින් පැන යන අදහස සිත  ඇතිව කුසුම්  බෝල්‍පොයින්ට් පෑනකින් සිය සුදු පැහැති යට සායේ තමන් වාසය කරන නිවසේ දුරකථන අංකය, තමාව එවන ලද රැකියා නියෝජිත ආයතනයේ එරට කාර්යාලයේ දුරකථන අංකය ලංකාවේ තමන්ගේ  අසල්වැසි නිවසක දුරකථන අංකය තම ජාතික හැඳුනුම්පත් අංකය යන මේවා ලියා ගත්තාය. ඇය එසේ කළේ මේවා සටහන් කළ කඩදාසි කැබැල්ලක් වත් අත තබා ගන්නට හැකියාවක් නොමැති වීම නිසාය.
    එක්තරා දිනයක ඇයට උඩුමහ‍ලේ එක දිගට සාරි වනා ඇති අයුරු දක්නට ලැබිණි. එය අඳුර පැතිර තිබූ යාමයයි. සාරි එකින් එක ගෙන ඒවා ලණුවක් මෙන් රෝල් කර දිග වැලක්  ආකාරයට සවිමත්ව ගැට ගැසූ කුසුම් එහි එක් කොනක්  ජනේලයක ගැට ගසා අනෙක් කොන පහලට දැමුවාය. එය  ‍පොළවට  ආසන්න දිගකින්  තිබිණි. අසීරුවෙන් එහි එල්ලුනු කුසුම්  සිතට දිරිගෙන ජනෙල් පඩි වලට දෙපා තබමින්  ක්‍රමයෙන් පහලට බසින්නට වූවාය. ඇය මේ ක්‍රියාව කළේ ජීවිත ආශාව අතහැර දමාය. කෙසේ හෝ පහල ටැක්සියක් නතර කර තිබිණි. එහි රියැදුරා රෙදි ‍පොටක් දිගේ පහලට එල්ලෙමින් බසින මේ තරුණ කාන්තාව දුටුවේය.
    ''මැරෙන්නද හදන්නේ ? මේ වාහනේට අඩිය තියන්න  ඔහු උඩ බලාගෙන කෑ ගැසීය.
    කුසුම් මෝටර් රථයට දෙපා තබා හති අරින්නට වූවාය. රැකෙම්වා හෝ මියෙම්වායි සිත දැඩි කරගෙන තමා ඉදිරියට තැබූ පියවර සාර්ථක වීම ගැන කුසුම්ට දැනුණේ මහත් සැනසිල්ලකි. ඇය එම ටැක්සි  රියැදුරාට කතා කර තමා රැකියා ඒජන්සියට ඇරලවන ලෙස ඉල්ලා සිටියාය.
    ඔහු ඇය මෝටර් රථයේ නංවාගෙන පාරවල් ගණනාවකින් ගොස් මුහුද අයිනේ රථය නතර කළේය.
    මං ඒජන්සියට ඇරලන්නම්. හැබැයි ඊට කලින් මාත් එක්ක උඹ ඉන්න ඕන.
    ඔහු කියද්දී කුසුම්ට දැනුණු අසරණකම නිමක් නැති තරම් විය.
    එම රාත්‍රියේ කිසිදු හව් හරණක් නැතිව කායිකවත් මානසිකවත් අන්ත අසරණ තත්ත්වයට පත් වූ කුසුම් එම ටැක්සි රියදුරාට  අවනත වූයේ ජීවිතාශාව නිසා මිස කිසිදු ලිංගික හැඟීමකින් නොවේ.
    ඉන්පසු ඔහු ඇය රැගෙන රැකියා ඒජන්සියට යන බව පවසා ගියේ වෙනත් නිවසකටය. එහි සිටියේ බංග්ලාදේශ ජාතිකයෙකි. ටැක්සි රියැදුරා ඒ තැනැත්තාට කුසුම්ව භාර දී  ඩිනාර් පන්සීයක් ලබා ගත්තේය. කුසුම් හඬා වැටුණාය. නමුත් බංග්ලාදේශ ජාතිකයාට කළ හැකිව තිබුණේ කෑම බිම දී ඇය තම කාමරයේ රඳවාගෙන  ලිංගික ප්‍රයෝජන ගැනීම පමණි. මෙසේ සතියක් ගතවිය.
    මාව සී.අයි.ඩී. එකෙන් චෙක් කළොත් අහුවෙන්න පුළුවන්. ඒ හින්දා මං ඔයාව වෙන තැනකට යවන්නම්. කියූ බංග්ලාදේශ ජාතිකයා ඇය එක්කරගෙන ගියේ තවත් නිවසකටය.  එහි සිටියේ ඉන්දියන්  ජාතිකයෙකි. ඔහුට කුසුම්ව දී හෙතෙම ඩිනාර් දහසක් ලබාගත්තේය. දැන් කුසුම් ඉන්දියන් ජාතිකයාගේ  ලිංගික ගොදුර වී සිටියි. 
    දරුවන් ගැන කිසිම තොරතුරක් නැත. ඔවුන්ට කුමක් වී ඇත්දැයි ඇය නොදනී. සත පහක ආදායමක් මේ වන තුරුත් ඇයට හිමි වී ද නැත. කුසුම්ට සිය දිවි නසා ගන්නට  සිතුණේ වරක් දෙවරක් නොවේ. නමුත් දරුවන්  ගැන සිතා නැවතත් ඇය සිත ශක්තිමත් කර ගත්තාය.
    සී.අයි.ඩී. එකෙන් ප්‍රශ්න  එයි අපිව අහු වුණොත්. මං ඔයාව ලංකාවේ අක්කා කෙනෙක් ළඟට ඇරලන්නම්.
    සති දෙකකට පමණ පසු ඉන්දියන් ජාතිකයා කීය. කුසුම්ට දැනුණේ මහත් වූ සතුටකි.
    එක්තරා දිනයක ඔහු ඇයව තට්ටු නිවසකට ගොස් ඇරලවීය. එහෙත් ඔහු කුසුම්ව එම ශ්‍රී ලාංකික කාන්තාවට භාර දුන්නේ  නිකම්ම නොවේ. ඔහු විසින් ඒ අවස්ථාවේ ඩිනාර් තුන් දහසකට කුසුම්ව අලෙවි කර තිබිණි.
    එම කාන්තාව කුසුම්ට හොඳින්  සැලකුවාය. විසිතුරු ඇඳුම් ගෙනත්  දුන් අතර මුහුණේ  මේක් අප් ආදිය දමා ප්‍රසන්න ලෙස සිටින අන්දම පුහුණු කළාය. දැන් සති දෙකක් පමණ ගතව ඇත. 
    අනේ අක්කෙ මට මොකක් හරි රස්සාවක් හොයල දෙන්න. මගෙ දරුවො බඩගින්නෙ ඇති කුසුම් පින්සෙන්ඩු වූවාය.
    ඔයා වෙන කොහේ හරි රස්සාවල් වලට යන්න ගියොත්  අහුවෙනවා. අහුවෙලා ජේල් එකට දැම්මොත්  ආයෙ එළියට ඒමක් නෑ. ඔයාට ගෙදරට යවන්න සල්ලිනේ ඕනේ. ඒ හින්දා මං කියන විදිහට වැඩ කරන්න.
    ඒ කාන්තාව උපදෙස් දුන්නාය. ඇය පවසා සිටියේ  කුසුම්ට එහි පැමිණෙන පිරිමින් ලිංගිකව සතුටු කරන ලෙසයි. ඒ සඳහා පිරිමින්  විසින්  ගෙවනු ලබන මුදලින් හරි අඩක්ම ඇයට දෙන බවටද එම කාන්තාව ‍පොරොන්දු වූවාය. නමුත්  කුසුම්ට ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් තිබුණේ නැත. ඇය එම කාන්තාවගෙන් ඉල්ලා සිටියේ  තමාට සැමියාට සහ දරුවන්ට කතා කරන්නට දුරකථන ඇමතුමක් රැගෙන දෙන ලෙසයි. එම කාන්තාව ඊට ඉඩ  දුන්නාය. අසල්වැසි  නිවසක අංකයට කතා කළ පසු සැමියා වහා ඒ නිවසට පැමිණ ඇමතුමට පිළිතුරු දුන්නේය.
    කොහෙද පට්ට ......... යනුවෙන් අමුතිත්ත කුණුහරුපයකින් කතාව ආරම්භ කළ ඔහු මාස නවයක කාලයක් මුදල් හෝ කිසිදු තොරතුරක් නොමැති වීම ගැන කුසුම්ට බොහෝ  සෙයින් දොස් පැවරුවේය. ඇයට දැනුනේ මුළු ලෝකයම තම දෙපා මුල කඩා වැටුණාක් බඳු කලකිරීමකි.
    ඔහාට ආව නම් වල්කමේ ගිහින්  හරි කමක් නෑ. මට සල්ලි එවාපිය. තොගෙ දරුවන්ට කන්න දෙන්න ඕන නම් ඔහු ඇමතුම විසන්ධි කළේ එවැනි  නරුම වදන් පෙළකින් ඇයට සංග්‍රහ කරමිනි.
    මැදපෙරදිග පැමිණි දා සිටම කුසුම්ට සිදුවූයේ පිරිමින්ගේ අතින් අතට මාරු වන්නටය. තෙමිච්ච කුකුළාට සීතල නෑ යි සිතූ කුසුම් අන්ත කලකිරීම් හමුවේ සිත හදා ගත්තාය.
    වසර හතරක් තිස්සේ එම ගණිකා නිවාසයේ රැඳි හිඳිමින්  විවිධාකාර  පිරිමින්ව සතුටු කළ ඇය මාස් පතා රුපියල්       ලක්ෂයකට ආසන්න මුදලක්  සැමියා හට එව්වේ දරුවන් ගැන සිතාය. ඒ අතර ලක්ෂ පහලොවක පමණ රන් ආභරණ මිලදී ගන්නටත් තවත්් ලක්ෂ විස්සක පමණ මුදලක් අතේ ඉතිරි කර ගන්නටත් ඇයට හැකිවිණි. ඉන්පසු කුසුම් මව්බිමට පැමිණියේ  සිය දරුවන් සහ සැමියා  සමග යහපත් ජීවිතයක්  ආරම්භ කිරීමේ බලා‍පොරොත්තුව ඇතිවය.
    නමුත් ඇගේ සැමියාට ඇයගේ පැමිණීම කිසිදු සතුටක් ඉපදවූයේ නැත. ඔහු ඇයට කරදර කරමින්  ඇගේ බැංකු ‍පොතේ තිබූ මුදල්වලින් සුළු කොටසක්  ඉතිරි වෙද්දී අනෙක් සියල්ලම බලහත්කාරයෙන්ම ලබා ගත්තේය. එපමණක් නොව ඇයට පෙර පරිද්දෙන්ම තලා පෙලා  හිරිහැරද කළේය. ඔහුට වෙනත්  බිරිඳක් සිටින බව කුසුම් දැන ගත්තේ තම බැංකු ‍පොතේ තිබූ මුදලින් සෑහෙන කොටසක් ඔහු  විසින් ඩැහැ ගත්තාටත් පසුවය.  අන්තිමේ දරුවන් තුන් දෙනාවද රැගෙන ඇය මව්පියන් වෙත ගියාය.
    ඉන්පසු ඇය දරුවන් ජීවත්  කරවීම සඳහා නොකළ කුලී වැඩක් නැත. බැරිම තැන කුසුම් යළිත්  මැදපෙරදිග යාමට තීරණය  කළේ වෙන කරන්නට දෙයක් නැතිකමටය. එවර ඇයට යාමට ලැබුණේ ඩුබායි රටටයි.
    ඒ රටට ගිය පසු මුලින්ම කරනු ලබන වෛද්‍ය         පරීක්ෂණයෙන් පසු ඇය එක්තරා ස්ථානයකට යවනු ලැබිණි. එය කාමරයක් විය. එහි ඇය වැනි කාන්තාවෝ තව දහ පහළොස් දෙනෙක් සිටියහ. ඔවුන් කිසි හාවක් හූවක් නැත. වෛද්‍ය පරීක්ෂණයෙන් පසු තමාව රැකියාව කිරීම පිණිස අදාළ  නිවසට භාර  නොදෙන්නේ මන්දැයි කුසුම් තුළ ඇති වූයේ විමතියකි. ඒ ගැන දැන ගන්නට කෙනකු  සිටියේ ද නැත.
    මේ අතර ඇය ගැන කිසිදු  තොරතුරක් නැති නිසා ඇගේ සොයුරා මෙරට රැකියා නියෝජිත ආයතනයට කතා කර ඇය පිළිබඳව විමසා ඇත. එහිදී ඔවුන් පවසා ඇත්තේ අමුතුම කතාවකි.
    එයාට භයානක බෝ වෙන ලෙඩක්. තව සතියකින්  ඉන්ජෙක්ෂන් එකක් දීලා  එයාව මරල දායි...
     මේ කතාව ඇසූ කුසුම්ගේ සොයුරා තැති ගත්තේය. ඔහු තැති ගත්තේ තම සොයුරිය මරා දමාවි  යන බියෙන් නොවේ. ඇගේ දරුවන්ටත් එම රෝගය බෝවී ඇතැයි යනුවෙනි. ගෙදර පැමිණි ඔහු ඒ  මොහොතේම කුසුම්ගේ දරුවන් තිදෙනා නිවසින් එලවා දැමීය. ඉන්පසු ඒ  අසරණ දරුවන්ට රැකවරණය දුන්නේ අසල්වැසි  පවුලකි.
    රැකියා ඒජන්සියෙන් පැවසූ අන්දමට  කුසුම්ව මරා දැමුවේ නැත. ඒ වෙනුවට ඇය ටික දිනකින් ආපසු ලංකාවට එවා තිබිණි. එයට හේතුවක් ඇය දැන සිටියේ නැත. ලංකාවට එන විට ඇගේ දරුවෝ අන්ත අසරණ වී සිටියහ. ගමේ තිබූ රජයේ ඉඩමක අසල්වැසි කිහිප දෙනකුගේ උදව්වෙන් ඇය ඉටිරෙදි ගසා පැලක් තනවා ගත්තේ දරුවන් සමග ජීවත් වන්නටය. ඇය ඔවුන් රැක ගැනීමට අතට හසුවන හැම කුලී වැඩක්ම කළාය.
    මෙසේ මාස හතරක් පහක් ගත විය.  කුසුම්ගේ  දිවේ උල්ලෝගම් වැනි කිරි මැලියම්  බැඳෙන්නට වූ අතර ඇගේ කොණ්ඩය අතින් ඇල්ලූ විටත් ගැලවී වැටිණි. සිරුර බලා සිටියදී කෘශ විය. ඇවිදින විට තමා සුළඟටත්  වීසි වනු ඇයට දැනිණි. අව්වේ සිටින විට සිරුර කහ පැහැවිය. ඇය ක්ලාන්ත වී ඇද වැටෙන තත්ත්වයටම පත්විය. බලා ඉන්නට බැරිකමට කුසුම්ගේ පියා ඇය ළගම තිබූ රජයේ රෝහලක නතර කළේය. නමුත් කුසුම්ගේ රෝගයක් සොයා ගත නොහැකි වූ නිසා ඇය වෙනත් ප්‍රධාන රෝහලක්  වෙත මාරු කරනු ලැබිය.
    කුසුම්ට එච්.අයි. වී. ශරීරගත වී ඒ වන විට ඒඩ්ස් තත්ත්වයටම පැමිණ ඇති බව එහිදී  අනාවරණය කර ගනු ලැබිණි. ඇය වහාම කොළඹට නුදුරු අයි.ඩී.එච්. රෝහලට මාරු කරනු ලැබිය. 
    කුසුම් මාස හයක් එම රෝහ‍ලේ ඇඳ මත වැටී සිටියාය. නැගිට ගන්නට ඇයට වාරු නැත. හිසේ එක කෙස් ගහක් වත් නොමැත. ශරීරය අඟුරු  මෙන් කළු පැහැවී තිබේ. සිරුර පුරා ඉබේම තුවාලද මතු වී ඇත.
     කුසුම් මරණය ළං වෙන තුරු ඔහේ  බලා සිටියාය. ඇගේ දරුවෝද ඉඳ හිට ඇය බලන්නට පැමිණියහ. කුසුම්ගේ  දහසය හැවිරිදි වැඩිමහල් දියණිය තරුණයකු සමග පලාගොස් විවාහ වී තිබුණේද මේ කාලයේ දීමය.
    එච්.අයි.වී. වෛරසය වැඩෙන්නේ රුධිරයේ සුදු රුධිරාණු ෙසෙලවල ඇති වසා ෙසෙලවලය. එම වසා ෙසෙල වලද CD 4 නමින් ෙසෙල කොටසක් තිබේ. වෛරසය වසා ෙසෙල වල වර්ධනය වන විට වසා ෙසෙල විනාශ වන අතර CD 4 ෙසෙලද අඩුවේ. CD 4 ෙසෙල සාමාන්‍යයෙන් අපේ ශරීරයේ තිබිය යුතු ප්‍රමාණය දළ වශයෙන්  දහසකට ඉහළ වේ. එච්. අයි. වී. ආසාදිතයකුගේ එය තුන්සියය දක්වා අඩු වීම යනු රෝගියා ඒඩ්ස් තත්ත්වයට පත්වීමය. කුසුම්ගේ CD 4 ෙසෙල හතලිහ දක්වාම අඩු වී තිබිණි.
    කෙසේ හෝ කුසුම්ට ජීවත් වීමට වාසනාව තිබිණි. ඇයට කරන ලද ප්‍රතිකාරවලින් ඇගේ CD 4 ෙසෙල ප්‍රමාණය ඉහළ නැංගේය. මාස හයකට පසු ඇයට ආපසු ගෙදර ඒමට ලැබිණි.
    දැන් ඇයට එච්.අයි.වී. ආසාදනය වී වසර දහයකි. එය දැන ගත්දා සිට ඇය කිසිදු පිරිමියකු සමග කායික ඇසුරක් පැවැත්වූයේ නැත. ඇගේ දරුවන් ද ඔවුන්ගේ කැමැත්තට අනුව අඩු වයස් වලින්ම විවාහ දිවියට ඇතුලත්ව තිබිණ. දැන් අගනුවර නතර වී කුසුම් කුඩා රැකියාවක් කරමින් ජීවත් වන්නීය. උපන්දා සිටම දුකම අනුභව කළ ඇය තමා අද මේ තත්ත්වයට පත්ව හිඳීම ගැන උපේක්ෂාවෙන් බැලීමට තරම් මනසින්  ‍පොහොසත්ය. දිනපතා ඒඩ්ස් ප්‍රතිවිරෝධී ඖෂධ(Antiretro viral drugs) ගන්නා ඇයට දැන් බරපතල රෝගාබාධ කිසිවක් නැත. ඇගේ CD 4 ෙසෙල සංඛ්‍යාවද දැන් 1340 දක්වා ඉහළ නැග තිබේ.
    ඉන්දු පෙරේරා