sha fm

    Monday, 5 August 2013

    නමෝ බුද්ධාය...!
    අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්ථනය කරන ලද "මජ්ඣිම නිකාය උපරිපණ්ණාසකය" නම් වූ උතුම් සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදි...!!!
    “ර්‍තථාගතප්පවේදිතෝ භික්ඛවේ ධම්මවිනයෝ විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ”
    පින්වත් මහණෙනි,තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වු විට ය.සැඟ වී තිබෙන විට නො වේ
    ( අංගුත්තර නිකාය - තික නිපාතය, භරණ්ඩු වර්ගය, 9 සුත්‍රය )
    “දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
    අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතුති
    දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වු මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වු සිහිල් දිය දහරින් හෙබි,උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංඟාව (ලෝ සතුන් ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලාබස්නා සේක්වා !
    ( සළායතන සංයුත්තය - උද්දාන ගාථා )
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
    දේවදූතයන් පිළිබඳව වදාළ දෙසුම

    මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වු අනේපිඩු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහිය. එදා භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණෙනි කියා
    භික්ෂුසංඝයා අමතා වදාළා. පින්වතුන් වහන්ස කියා ඒ භික්ෂුන්ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
    පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දොරවල් සහිත ගෙවල් දෙකක් තියෙනවා. හොඳින් ඇස් පෙනෙන පුද්ගලයෙක් ඒ අතරමැද සිටගෙන බලාගෙන ඉන්නවා. එතකොට ගෙට ඇතුළුවෙන, ගෙයින් පිටවෙන, ගේ ඇතුළේ ඇවිදින, එහා මෙහා හැසිරෙන මිනිසුන්ව දකිනවා. පින්වත් මහණෙනි, මං ඔන්න ඔය විදිහට තමයි මිනිස් ඇස ඉක්මවා ගිය දිවැසින් දැක්කේ. චුතවෙන,උපදින සත්වයන් වගේම ලාමක, උසස්, ලස්සන, කැත සත්වයන් සුගති, දුගති දෙකෙහි ඔවුන්ගේ කර්මානුරූපව චුතවෙන, උපදින ආකාරය මං දැනගන්නවා.ඒකාන්තයෙන්ම මේ භවත් සත්වයන් කයින් යහපතෙහි හැසිරිලා,වචනයෙන් යහපතෙහි හැසිරිලා, මනසින් යහපතෙහි හැසිරිලා, ආර්යයන් වහන්සේලාට ගර්හා නොකොට, සම්මා දිට්ඨියෙන් යුක්තවෙලා, සම්මා දිට්ඨියෙන් යුතු ක්‍රියාවන් සමාදන් වෙලා සිටි නිසා ඔවුන් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව ඉපදිලා ඉන්නවා.ඒ වගේම මේ භවත් සත්වයන් කයින් යහපතෙහි හැසිරිලා, වචනයෙන් යහපතෙහි හැසිරිලා, මනසින් යහපතෙහි හැසිරිලා, ආර්යයන් වහන්සේලාට ගර්හා නොකොට, සම්මා දිට්ඨියෙන් යුක්තවෙලා, සම්මා දිට්ඨියෙන් යුතු ක්‍රියාවන් සමාදන් වෙලා සිටි නිසා ඔවුන් කය බිඳී මරණින් මතු මිනිසුන් අතර ඉපදිලා ඉන්නවා.
    ඒකාන්තයෙන්ම මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි හැසිරිලා,වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිරිලා, මනසින් දුෂ්චරිතයෙහි හැසිරිලා, ආර්යයන් වහන්සේලාට ගර්හා කොට, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තවෙලා, මිත්‍යා දෘෂ්ටියෙන් යුතු ක්‍රියාවන් සමාදන් වෙලා සිටි නිසා ඔවුන් කය බිඳී මරණින් මතු ප්‍රේතයන් අතර ඉපදිලා ඉන්නවා.ඒ වගේම මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි හැසිරිලා, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිරිලා, මනසින් දුෂ්චරිතයෙහි හැසිරිලා, ආර්යයන් වහන්සේලාට ගර්හා කොට, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තවෙලා, මිත්‍යා දෘෂ්ටියෙන් යුතු ක්‍රියාවන් සමාදන් වෙලා සිටි නිසා ඔවුන් කය බිඳී මරණින් මතු තිරිසනුන් අතර ඉපදිලා ඉන්නවා.ඒ වගේම මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි හැසිරිලා, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිරිලා, මනසින් දුෂ්චරිතයෙහි හැසිරිලා, ආර්යයන් වහන්සේලාට ගර්හා කොට, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තවෙලා, මිත්‍යා දෘෂ්ටියෙන් යුතු ක්‍රියාවන් සමාදන් වෙලා සිටි නිසා ඔවුන් කය බිඳී මරණින් මතු අපාය නම් වු, දුගතිය නම් වු, විනිපාත නම් වු නිරයෙහි ඉපදිලා ඉන්නවා
    පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ ඒ උපන් නිරිසත්වයාව වෙන වෙනම අත්වලින් අල්ලා ගෙන යම රජ්ජුරුවෝ ළඟට ගෙනියනවා. දේවයන් වහන්ස, මේ පුරුෂයා මව්ට අයහපත කරපු කෙනෙක්. පියාට අයහපත කරපු කෙනෙක්. ශ්‍රමණයන් වහන්සේලාට අයහපත කරපු කෙනෙක්. උතුම් පුද්ගලයන්ට අයහපත කරපු කෙනෙක්. කුල දෙටුවන් නොපිදූ කෙනෙක්.දේවයන් වහන්ස, මොහුට දඬුවම් පණවනු මැන
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ ඔහුගෙන් පළමුවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වු පළවෙනි දේවදූතයා දැක්කේ නැද්ද?
    එතකොට ඔහු මෙහෙම කියනවා. ස්වාමීනී, දැක්කෙ නෑ
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ මෙහෙම අහනවා. එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද, මිනිසුන් අතරේ ඉතා ලාබාල ළදරුවන් මළමුත්‍රා ගොඩෙහි උඩු අතට සයනය කරලා ඉන්න හැටි? එතකොට ඔහු මෙහෙම කියනවා. දැක්කා, ස්වාමීනී කියල. පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ ඔහුට මෙහෙම කියනවා. එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහළු මිනිසෙක්ව සිටි නුඹට මේ කාරණය සිතුනේ නැද්ද? මමත් ඉපදීම ස්වභාව කොට ඇති කෙනෙක්. ඉපදීම ඉක්මවා ගිහින් නෑ. ඒ නිසා මං කයින්, වචනයෙන්, මනසින් පින් කරන්නට ඕන කියලා. ඔහු මෙහෙම උත්තර දෙනවා.අනේ ස්වාමීනී, එය බැරුව ගියා. ස්වාමීනී, මං ප්‍රමාද වුණා. එතකොට පින්වත් මහණෙනි,යමරජ්ජුරුවෝ මෙහෙම කියනවා. එම්බා පුරුෂය, එහෙම නම් ප්‍රමාදය හේතුවෙන් නුඹ කයෙන්, වචනයෙන්, මනසින් යහපත නොකළේ. එම්බා පුරුෂය, ප්‍රමාද වු කෙනෙකුට යමක් කරනවාද, එයින් නුඹට දඬුවම් ලැබේවි.නුඹේ ඒ පාප කර්මය නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නොවෙයි,පියාණන් විසින් කරපු දේකුත් නොවෙයි. සොහොයුරා විසින් කරපු දේකුත් නොවෙයි. සහෝදරිය කරපු දේකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දේකුත් නොවෙයි. ලේ ඤාතීන් කරපු දේකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් කරපු දේකුත් නොවෙයි. දෙවිවරුන් විසින් කරපු දේකුත් නොවෙයි. නුඹ විසින්ම යි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්න
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ ඔහුගෙන් පළමුවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න අසලා, ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න අසලා, කරුණු විමසලා, දෙවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා.එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වු දෙවෙනි දේවදූතයා දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා. ස්වාමීනී, දැක්කෙ න
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ මෙහෙම අහනවා. එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද, මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, අවුරුදු අසුව පැනපු, අවුරුදු අනුව පැනපු, අවුරුදු සියය වුන, ඒ වගේම හොඳට ජරා ජීර්ණ වෙලා, දිරාපු පරාල වගේ වකුටු ගැහුණු. හැරමිටි ගගහා යන, වෙව්ලමින් යන, ලෙඩ වු, යොවුන් බව නැති වු, දත් කැඩුණු, කෙස් පැහුණු, කෙස් වැටුණු, හම රැළි වැටුණු, තල කැළැල් පිරුණු ශරීර ඇති නාකි උදවිය? එතකොට ඔහු මෙහෙම කියනවා. දැක්කා, ස්වාමීනී කියල. පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ ඔහුට මෙහෙම කියනවා. එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහළු මිනිසෙක්ව සිටි නුඹට මේ කාරණය සිතුනේ නැද්ද? මමත් ජරා ජීර්ණවීම ස්වභාව කොට ඇති කෙනෙක්. ජරා ජීර්ණවීම ඉක්මවා ගිහින් නෑ. ඒ නිසා මං කයින්, වචනයෙන්, මනසින් පින් කරන්න ඕන කියල. ඔහු මෙහෙම උත්තර දෙනවා. අනේ ස්වාමීනී, එය බැරුව ගියා. ස්වාමීනී, මං ප්‍රමාද වුණා. එතකොට පින්වත් මහණෙනි, යමරජ්ජුරුවෝ මෙහෙම කියනවා. එම්බා පුරුෂය,එහෙම නම් ප්‍රමාදය හේතුවෙන් නුඹ කයෙන්, වචනයෙන්, මනසින් යහපත නොකළේ. එම්බා පුරුෂය, ප්‍රමාද වු කෙනෙකුට යමක් කරනවාද, එයින් නුඹට දඬුවම් ලැබේවි. නුඹේ ඒ පාප කර්මය නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නොවෙයි, පියාණන් විසින් කරපු දේකුත් නොවෙයි. සොහොයුරා විසින් කරපු දේකුත් නොවෙයි. සහෝදරිය කරපු දේකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දේකුත් නොවෙයි. ලේ ඤාතීන් කරපු දේකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් කරපු දේකුත් නොවෙයි. දෙවිවරුන් විසින් කරපු දේකුත් නොවෙයි. නුඹ විසින්ම යි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නෙත් නුඹ විසින්ම යි
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ ඔහුගෙන් දෙවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න අසලා, ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න අසලා, කරුණු විමසලා, තුන්වෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වු තුන්වෙනි දේවදූතයා දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා. ස්වාමීනී, දැක්කෙ නෑ.
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ මෙහෙම අහනවා. එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද, මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ලෙඩ වෙලා ඉන්නවා. දුකට පත්වෙලා ඉන්නවා. දරුණු විදිහට අසනීප වෙලා, තමන් ගේ මළ මුත්‍රා ගොඩේ වැටිලා ඉන්නවා. එතකොට අනුන් තමයි නැගිට්ටවන්නේ. හාන්සිකරවන්නේ. එවැනි අය දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා දැක්කා, ස්වාමීනී කියලා. පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ ඔහුට මෙහෙම කියනවා. එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහළු මිනිසෙක්ව සිටි නුඹට මේ කාරණය සිතුනේ නැද්ද? මම ත් රෝගී වීම ස්වභාව කොට ඇති කෙනෙක්. රෝගී වීම ඉක්මවා ගිහින් නෑ. ඒ නිසා මං කයින්, වචනයෙන්,මනසින් පින් කරන්නට ඕන කියලා. ඔහු මෙහෙම උත්තර දෙනවා. අනේ ස්වාමීනී, එය බැරුව ගියා. ස්වාමීනී, මං ප්‍රමාද වුණා. එතකොට පින්වත් මහණෙනි, යමරජ්ජුරුවෝ මෙහෙම කියනවා. එම්බා පුරුෂය, එහෙම නම් ප්‍රමාදය හේතුවෙන් නුඹ කයෙන්, වචනයෙන්, මනසින් යහපත නොකළේ.එම්බා පුරුෂය, ප්‍රමාද වු කෙනෙකුට යමක් කරනවාද, එයින් නුඹට දඬුවම් ලැබේවි. නුඹේ ඒ පාප කර්මය නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නොවෙයි,පියාණන් විසින් කරපු දේකුත් නොවෙයි. සොහොයුරා විසින් කරපු දේකුත් නොවෙයි. සහෝදරිය කරපු දේකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දේකුත් නොවෙයි. ලේ ඤාතීන් කරපු දේකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් කරපු දේකුත් නොවෙයි. දෙවිවරුන් විසින් කරපු දේකුත් නොවෙයි. නුඹ විසින්ම යි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නෙත් නුඹ විසින්ම යි
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ ඔහුගෙන් තුන්වෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න අසලා, ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න අසලා, කරුණු විමසලා, සතරවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා.එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වු සතරවෙනි දේවදූතයා දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා. ස්වාමීනී, දැක්කෙ නෑ
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ මෙහෙම අහනවා. එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද, රජවරු, දරුණු අපරාධ කළ සොරෙක් අල්ලා ගෙන ගිහින් විවිධාකාරයෙන් දඬුවම් කරනවා. ඒ අපරාධකාරයාට කසෙන් තලනවා. වේවැලෙන් තලනවා. දඩු මුගුරුවලින් තලනවා. අත් කපල දානවා,කකුල් කපල දානවා, අත් කකුල් කපල දානවා, කණ කපනවා, නාසයත් කපනවා. කණ් නාසාත් කපනවා, හිස් කබල චප්ප කරල දානවා. හිස් කබලෙ ඇටේ මතු වෙනකල් බොරළු දාල හුරනවා. යකඩ අඩුවකින් කට පළල් කරල ගිනි පන්දම් ඔබනවා. ඇඟෙ තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා. අත්වල තෙල් පාන්කඩ ඔතල ගිනි තියනවා. බෙල්ලෙ ඉඳන් පහළට හම ගලෝල,ඇදගෙන යනවා. බෙල්ලෙ ඉඳන් පහළටත්, කකුලෙ ඉඳන් උඩටත් හම ගලෝල,එකට ගැට ගහනවා. දණිස් දෙකෙත්, වැළමිටි දෙකෙත් යකඩ උල් ගහල පොළවට හයි කරලා, ගින්නෙන් රත් කරනවා, කොකුවලින් ඇණ ඇණ මස් ලේ විසුරුවනවා. මුළු ශරීරයේම මස් චුටි කෑලිවලට ඉරල දානවා. ශරීරයේ තැනින් තැන සිදුරු කරල ලෝදිය දානවා. පැත්තට ඇල කරල බිම දාල කණේ උලක් ගහලා, ඒ උලෙන් හිටෝල, කකුල් දෙකෙන් වටේට කරකවනවා.ගල්වලින් තලල ඇඟ ඇතුලෙ ඇට කුඩු කරල දානවා. ගින්නෙන් කකාරගත්තු තෙල්වලින් නාවනවා. බල්ලන්ට කන්න දානවා. උලේ ඉන්දවනවා. හිස ගසා දානවා නුඹ දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා. දැක්කා, ස්වාමීනී කියලා. පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ ඔහුට මෙහෙම කියනවා. එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහළු මිනිසෙක්ව සිටි නුඹට මේ කාරණය සිතුනේ නැද්ද? භවත්නි, යමෙක් පව්කම් කරනවා නම්, ඔවුන්ට මෙලොවදීම මෙබඳු වු දරුණු විපාකවලට මුහුණ දීමට සිදුවෙනවා. පරලොවදී විපාක දීම ගැන කවර කථාද? ඒ නිසා මං කයින්, වචනයෙන්, මනසින් පින් කරන්න ඕන කියලා. ඔහු මෙහෙම උත්තර දෙනවා. අනේ ස්වාමීනී, එය බැරුව ගියා.
    ස්වාමීනී, මං ප්‍රමාද වුණා. එතකොට පින්වත් මහණෙනි, යමරජ්ජුරුවෝ මෙහෙම කියනවා. එම්බා පුරුෂය, එහෙම නම් ප්‍රමාදය හේතුවෙන් නුඹ කයෙන්,වචනයෙන්, මනසින් යහපත නොකළේ. එම්බා පුරුෂය, ප්‍රමාද වු කෙනෙකුට යමක් කරනවාද, එයින් නුඹට දඬුවම් ලැබේවි. නුඹේ ඒ පාප කර්මය නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නොවෙයි, පියාණන් විසින් කරපු දේකුත් නොවෙයි. සොහොයුරා විසින් කරපු දේකුත් නොවෙයි. සහෝදරිය කරපු දේකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දේකුත් නොවෙයි. ලේ ඤාතීන් කරපු දේකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් කරපු දේකුත් නොවෙයි. දෙවිවරුන් විසින් කරපු දේකුත් නොවෙයි. නුඹ විසින්ම යි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නෙත් නුඹ විසින්ම යි.පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ ඔහුගෙන් සතරවෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න අසලා, ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න අසලා, කරුණු විමසලා, පස්වෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වු පස්වෙනි දේවදූතයා දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා. ස්වාමීනී, දැක්කෙ නෑ.
    පින්වත් මහණෙනි, එතකොට යම රජ්ජුරුවෝ මෙහෙම අහනවා. එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද, මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, මැරිලා එක දවසක් ගතවෙලා තියෙනවා. එහෙම නැත්නම් මැරිලා දවස් දෙකක්, දවස් තුනක් ගතවෙලා තියෙනවා. ඉදිමිලා තියෙනවා. නිල්වෙලා තියෙනවා. සැරව පිරිලා තියෙනවා දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා. දැක්කා, ස්වාමීනී කියලා. පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ ඔහුට මෙහෙම කියනවා. එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහළු මිනිසෙක්ව සිටි නුඹට මේ කාරණය සිතුනේ නැද්ද? මමත් මරණයට පත්වීම ස්වභාව කොට ඇති කෙනෙක්. මරණය ඉක්මවා ගිහින් නෑ. ඒ නිසා මං කයින්,වචනයෙන්, මනසින් පින් කරන්න ඕන කියලා. ඔහු මෙහෙම උත්තර දෙනවා.අනේ ස්වාමීනී, එය බැරුව ගියා. ස්වාමීනී, මං ප්‍රමාද වුණා. එතකොට පින්වත් මහණෙනි, යමරජ්ජුරුවෝ මෙහෙම කියනවා. එම්බා පුරුෂය, එහෙම නම් ප්‍රමාදය හේතුවෙන් නුඹ කයෙන්, වචනයෙන්, මනසින් යහපත නොකළේ.එම්බා පුරුෂය, ප්‍රමාද වු කෙනෙකුට යමක් කරනවාද, එයින් නුඹට දඬුවම් ලැබේවි. නුඹේ ඒ පාප කර්මය නුඹගේ මෑණියන් විසින් කරපු දේකුත් නොවෙයි,පියාණන් විසින් කරපු දේකුත් නොවෙයි. සොහොයුරා විසින් කරපු දේකුත් නොවෙයි. සහෝදරිය කරපු දේකුත් නොවෙයි. යහළු මිත්‍රයන් කරපු දේකුත් නොවෙයි. ලේ ඤාතීන් කරපු දේකුත් නොවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් කරපු දේකුත් නොවෙයි. දෙවිවරුන් විසින් කරපු දේකුත් නොවෙයි. නුඹ විසින්ම යි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නෙත් නුඹ විසින්ම යි.ඊට පස්සේ පින්වත් මහණෙනි, යම රජ්ජුරුවෝ පස්වෙනි දේවදූතයා ගැන කරුණු මතුකරමින් ප්‍රශ්න අසලා, ඔහුගේ මතකය අවදිකරවමින් ප්‍රශ්න අසලා, කරුණු විමසලා නිශ්ශබ්ද වෙනවා
    එතකොට පින්වත් මහණෙනි, නිරයේ ඉපදුනු කෙනාට යමපල්ලෝ පස් ආකාරයක බන්ධනය නම් වු දඬුවමක් දෙනවා. ඒ කියන්නේ ගිනියම් යකඩ හුලක් දකුණු අතේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දෙවෙනි අතේ ගහනවා.ගිනියම් යකඩ හුලක් දකුණු පාදයේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දෙවෙනි පාදයේ ගහනවා. ගිනියම් යකඩ හුලක් පපුවට අණිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වු දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නො තිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ ඔහුව යකඩ පොළොවක බාවනවා. බාවලා කෙටේරිවලින් සහිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වු දැඩි දුකක් විඳිනවා. .... (පෙ) .... ඔහුව කකුල් උඩු අතට හරවලා ඔලුවෙන් හිටවනවා. හිටවලා වෑයෙන් සහිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වු දැඩි දුකක් විඳිනවා. .... (පෙ) .... ගිනිගෙන දිළිසෙන රථයක ගැටගහනවා. ගැටගහලා හාත්පසින් ගිනි ඇවිලි ඇවිලී තිබෙන ගිනියම් වු යකඩ පොළොවේ එහාට මෙහාට ඇදගෙන යනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වු දැඩි දුකක් විඳිනවා. .... (පෙ) .... හාත්පසින් ගිනි ඇවිල ගත් ගිනියම් වු, ගිනි අඟුරු පර්වතයකට මොහුව නග්ගවනවා, බස්සවනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වු දැඩි දුකක් විඳිනවා. .... (පෙ) .... ඔහුව කකුල් උඩුඅතට හරවලා හිස යටිඅතට හරවලා හාත්පසින් ගිනි ඇවිල ගත් ගිනියම් වු ලෝකුඹු නිරයෙහි ඔබනවා. එතනදී ඔහුගේ ශරීරය ඒ ලෝදියේ පැහෙන්නේ පෙණ ගුළියක් බඳු වු දේහයක් ඇතුවයි. ඉතින් ඒ පෙණ ගුලියක් බඳු දේහයකින් යුතු නිරිසතා පැහි පැහී එක වතාවකට උඩට එනවා. ආයෙමත් යටට බහිනවා.ආයෙ වතාවක් හරස් අතට කරකැවෙනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වු දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහු ගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ඔහුව මහා නිරයට ඔබනවා.
    පින්වත් මහණෙනි, ඒ මහා නිරයේ නම්,කොන් හතරක් තියෙනවා. දොරටු හතරක් තියෙනවා. වෙන වෙන
    කොටස් වශයෙන් බෙදලයි තියෙන්නේ. යකඩ ප්‍රාකාරයෙන් වටවෙලයි තියෙන්නේ. යකඩ පියනකින් වැහිලයි තියෙන්නේ.ඒ නිරයේ බිමත් යකඩින්ම යි කරලා තියෙන්නේ. ගිනිගන්නවා. ගිනිදැල් විහිදෙනවා. හාත්පසින් යොදුන් සියයක් පුරාවට ඒ ගිනි ජාලාව හැමදාම පැතිරිලා තියෙනවා
    පින්වත් මහණෙනි, ඒ මහා නිරයේ පෙරදිග බිත්තියෙන් ගිනිදැල් මතුවෙලා ඇවිදින් බටහිර බිත්තියේ වදිනවා. බටහිර බිත්තියෙන් ගිනිදැල් මතුවෙලා ඇවිදින් පෙරදිග බිත්තියේ වදිනවා. උතුරුදිග බිත්තියෙන් ගිනිදැල් මතුවෙලා ඇවිදින් දකුණුදිග බිත්තියේ වදිනවා. දකුණුදිග බිත්තියෙන් ගිනිදැල් මතුවෙලා ඇවිදින් උතුරුදිග බිත්තියේ වදිනවා. යටින් ගිනිදැල් මතුවෙලා ඇවිදින් උඩ වහලයේ වදිනවා. උඩ වහලයෙන් ගිනිදැල් මතුවෙලා ඇවිදින් යටට වදිනවා. එයට මැදිවෙන නිරිසතා දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, ඉතා දීර්ඝ කාලයක්, බොහෝ කාලයක් ගතවුණාට පස්සේ ඒ මහා නිරයේ පෙරදිග දොරටුව විවෘත වෙනවාද, එබඳු කාලයක් එනවා. එතකොට අර නිරිසතා එළියට පනින්නට සිතාගෙන ඉතා වේගයෙන්,මහා ජවයකින් ඒ පැත්තට දුවනවා. එහෙම වේගයෙන් දුවද්දී ඔහුගේ සිවියත් පිචිච්ලා යනවා. සමත් පිච්චිලා යනවා. මසුත් පිච්චිලා යනවා. නහරවැලුත් පිච්චිලා යනවා. ඇටවලින් දුම් දාන්න පටන් ගන්නවා. ගින්දරකින් උඩට ගත්තු සතෙක් ඇද්ද, අන්න ඒ විදිහයි
    පින්වත් මහණෙනි, ඔහු ඒ දුවගෙන එන ගමනට අවුරුදු දහස් ගාණක් ගතවෙනවා. යම් විටෙක ඒ දොරටුව ළඟට ළං වුනාද, එතකොට ඒ දොරටුව වැහෙනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

    පින්වත් මහණෙනි, ඉතා දීර්ඝ කාලයක්, බොහෝ කාලයක් ගතවුණාට පස්සේ ඒ මහා නිරයේ බටහිර දොරටුව විවෘත වෙනවාද, එබඳු කාලයක් එනවා. .... (පෙ) .... උතුරු දොරටුව විවෘත වෙනවාද, .... (පෙ) .... දකුණු දොරටුව විවෘත වෙනවාද, එබඳු කාලයක් එනවා. එතකොට අර නිරිසතා එළියට පනින්නට සිතාගෙන ඉතා වේගයෙන්, මහා ජවයකින් ඒ පැත්තට දුවනවා. එහෙම වේගයෙන් දුවද්දී ඔහුගේ සිවියත් පිචිච්ලා යනවා. සමත් පිච්චිලා යනවා.මසුත් පිච්චිලා යනවා. නහරවැලුත් පිච්චිලා යනවා. ඇටවලින් දුම් දාන්න පටන් ගන්නවා. ගින්දරකින් උඩට ගත්තු සතෙක් ඇද්ද, අන්න ඒ විදිහයි
    පින්වත් මහණෙනි, ඔහු ඒ දුවගෙන එන ගමනට අවුරුදු දහස් ගානක් ගතවෙනවා. යම් විටෙක ඒ දොරටුව ළඟට ළං වුනාද, එතකොට ඒ දොරටුව වැහෙනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, ඉතා දීර්ඝ කාලයක්, බොහෝ කාලයක් ගතවුණාට පස්සේ ඒ මහා නිරයේ පෙරදිග දොරටුව විවෘත වෙනවාද, එබඳු කාලයක් එනවා. එතකොට අර නිරිසතා එළියට පනින්නට සිතාගෙන ඉතා වේගයෙන්,
    මහා ජවයකින් ඒ පැත්තට දුවනවා. එහෙම වේගයෙන් දුවද්දී ඔහුගේ සිවියත් පිචිච්ලා යනවා. සමත් පිච්චිලා යනවා. මසුත් පිච්චිලා යනවා. නහරවැලුත් පිච්චිලා යනවා. ඇටවලින් දුම් දාන්න පටන් ගන්නවා. ගින්දරකින් උඩට ගත්තු සතෙක් ඇද්ද, අන්න ඒ විදිහයි. එතකොට ඔහු ඒ දොරටුවෙන් එළියට පැනගන්නවා.
    පින්වත් මහණෙනි, මහානිරයට සමාන්තරව බැඳිලා තියෙන මහත් වු අසුචි නිරයක් තියෙනවා. ඒ නිරිසතා අන්න ඒ අසුචි නිරයේ වැටෙනවා.
    පින්වත් මහණෙනි, ඔහු අසුචි නිරයේ ගිලෙනවා. එතකොට ඒ අසුචි නිරයේ ඉන්න හිඳිකටු තුඩ වැනි තුඩ ඇති පණුවෝ ඔහුගේ සිවිය සිදුරු කරනවා.සිවිය සිඳ මස් සිදුරු කරනවා. මස් සිදුරු කොට නහර සිදුරු කරනවා. නහර සිදුරු කොට ඇට සිදුරු කරනවා. ඇට සිදුරු කොට ඇටමිදුළු කන්නට පටන් ගන්නවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.පින්වත් මහණෙනි, ඒ අසුචි නිරයට සමාන්තරව ඉතා දරුණු වු, අති විශාල හුණුඅළු නිරයක් තියෙනවා. ඊළඟට ඔහු වැටෙන්නේ ඒ නිරයටයි.එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා.යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, ඒ හුණුඅළු නිරයට සමාන්තරව ඉතා දරුණු වු, සියක් යොදුන් උස අඟල් දහසයේ පමණට දික් වු කටු ඇති ගිනිගෙන දැවෙන ගිනි ජාලාවෙන් යුතු අතිවිශාල හිඹුල් වනයක් තියෙනවා. එතකොට එහිදී යමපල්ලෝ ඔහුව ඒ හිඹුල් වනයේ නග්ගවනවා, බස්සවනවා. ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, ඒ හිඹුල්වන නිරයට සමාන්තරව ඉතා දරුණු වු,අතිවිශාල අසිපත්වන නිරයක් තියෙනවා. ඔහු ඒ වනයට ඇතුළුවෙනවා. එහිදී සුළඟෙන් සෙලවි සෙලවී අසිපත් වනයේ කොළ වැටෙන්න පටන්ගන්නවා. ඒ වැටෙන වැටෙන කොළවලින් ඔහුගේ අතුත් කපා දමනවා. පාදත් කපා දමනවා.අත් පාත් කපා දමනවා. කණුත් කපා දමනවා. නාසාත් කපා දමනවා. කණ් නාසාත් කපා දමනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, ඒ අසිපත් නිරයට සමාන්තරව ඉතා දරුණු වු, අති විශාල වේතරණී නම් ලුණු දිය ගඟක් ගලනවා. ඊළඟට ඔහු වැටෙන්නේ ඒ නිරයටයි. එතකොට එහිදී ඔහු යටටත් ගහගෙන යනවා. උඩු අතටත් ගහගෙන යනවා. යටි අතට උඩු අතට ගහගෙන යනවා. ඔහු ඒ හේතුවෙන් දරුණු,තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ බිලී කොකු දාලා ඒකෙ අමුණලා, ඒ නිරිසතාව වේතරණියෙන් ගොඩට ඇදලා ගන්නවා. අරගෙන මෙහෙම අහනවා. එම්බා පුරුෂය, නුඹ ආශා මොනවාටද? නිරිසතා මෙහෙම කියනවා
    ස්වාමීනී, බඩගිනියි පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ ගිනියම් වු යකඩ අ'ුවලින් ඔහුගේ මුඛය විවෘත කරලා ගිනිගෙන දිළියෙන යකඩ ගුලි ඔහුගේ මුඛයේ ඔබනවා. ඒ ලෝහගුලි ඔහුගේ තොලුත් දවනවා.මුඛයත් දවනවා. උගුරත් දවනවා. පපුවත් දවනවා. බඩවැලුත් දවනවා.අතුනුබහනුත් දවනවා. දවාගෙන ගුද මාර්ගයෙන් පිටවෙනවා. ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය
    ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ
    පින්වත් මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ මෙහෙම අහනවා. එම්බා පුරුෂය, නුඹ ආශා මොනවාටද? නිරිසතා මෙහෙම කියනවා. ස්වාමීනී,පිපාසයි පින්වත් මහණෙනි, එතකොට යමපල්ලෝ ගිනියම් වු යකඩ අඬුවලින් ඔහුගේ මුඛය විවෘත කරලා ගිනිගෙන දිළියෙන ලෝදිය ඔහුගේ මුඛයට වක්කරනවා. ඒ ලෝදිය ඔහුගේ තොලුත් දවනවා. මුඛයත් දවනවා. උගුරත් දවනවා. පපුවත් දවනවා. බඩවැලුත් දවනවා. අතුනුබහනුත් දවනවා. දවාගෙන ගුද මාර්ගයෙන් පිටවෙනවා. ඔහු ඒ හේතුවෙන් දරුණු, තියුණු, කටුක දුක් වේදනා විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.
    පින්වත් මහණෙනි, ඊටපස්සේ යමපල්ලෝ ආයෙමත් ඔහුව මහානිරයට ඇදලා දානවා
    පින්වත් මහණෙනි, මෙය සිදු වු දෙයක්. යම රජ්ජුරුවන්ට මෙවැනි සිතුවිල්ලක් ඇතිවුනා. භවත්නි, ලෝකයෙහි යමෙක් පාපී අකුසල කර්මයන් කරනවා නම්, ඔවුන් මෙබඳු ආකාර වු විවිධාකාර වු දඬුවම් විඳිනවා නෙව.අහෝ! ඒකාන්තයෙන්ම මාත් මනුෂ්‍ය ආත්මභාවයක් ලබනවා නම්, ඒ කාලෙට තථාගත වු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයෙහි පහළ වෙනවා නම්, එතකොට මං ඒ භාග්‍යවතුන් වහන්සේව ඇසුරු කරන්නට අවස්ථාවක් ලබනවා නම්, එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ මට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා නම්, එතකොට මං ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරනවා නම් මොනතරම් දෙයක්ද! කියා.
    පින්වත් මහණෙනි, මං මේවා කියන්නේ කිසිදු ශ්‍රමණයෙකුගෙන් හෝ බ්‍රාහ්මණයෙකුගෙන් හෝ අහලා නොවෙයි. යම්කරුණක් මා විසින් තමන්ම දැනගත්තාද, තමන්ම දැකගත්තාද, ඒ තමන් ම අවබෝධ කරගත්, ප්‍රකට කරගත්
    දේම යි මම මේ කියන්නේ.භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වු ශාස්තෘන් වහන්සේ යළි අන්‍ය වු මේ ගාථාවන්ද වදාළ සේක.
    දේවදූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දී යම් මිනිසුන් ප්‍රමාදයට පත්වෙලා ඉන්නවා. අන්තිමේදී ඒ නරයන් හීන වු නිරයෙහි ඉපදිලා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශෝක කරනවා.
    දේවදූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දී මෙලොව යම් ශාන්ත වු සත්පුරුෂයන් සිටිත්ද, ඔවුන් කිසිකලෙකත් ආර්ය වු සද්ධර්මයෙහි ප්‍රමාදයට පත්වෙන්නේ නෑ
    ඉපදෙන මැරෙන සසර හටගන්නා හේතුව වන උපාදානය පිළිබඳව භය ඇතිකරගෙන යමෙක් ජරා මරණ ගෙවා දැමීමෙන් ලබන නිවන පිණිස උපාදාන රහිතව නිදහස් වෙත්ද,ඒ රහතන් වහන්සේලා තමයි නිර්භය ස්වභාවයට පත්වෙලා ඉන්නේ.සැපසේ වසන්නේ. මෙලොවදී ම නිවී සැනසී වසන්නේ. සියලු භය වෛර ඉක්මවා ගිය ඒ රහත්හු සෑම දුකක්ම ඉක්මවා ගියා.
    සාදු! සාදු!! සාදු!!!
    දේවදූතයන් පිළිබඳව වදාළ දෙසුම නිමා විය. තෙරුවන් සරණයි...!


    Sunday, 4 August 2013

    අසාර සසරෙහි සැබෑව දකින්නට



    වේවැල්දෙණිය, පහළගම
    සමථ – විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ
    ප්‍රධාන අනුශාසක
    පොල්ගහවෙල මිතභාණි හිමි
    නමො තස්ස භගවතො අරහතො
    සම්මා සම්බුද්ධස්ස
    සබ්බෙ සංඛාරා අනිච්චාති
    යදා පඤ්ඤාය පස්සති
    අථ නිබ්බින්දති දුක්ඛෙ
    එස මග්ගො විසුද්ධියා’ති
    සුපින්වතුනි,
    හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියල්ල වෙනස්වෙමින්, විපරිණාමයට පත්වෙමින්, විනාශයට පත්වෙන බව තථාගත දේශනාවයි. නිත්‍ය වූ ජීවයක්, වස්තුවක් තුන්ලෝක ධාතුවෙහිම නැත. සත්වයා යන්නෙන් අදහස් කරන පංචස්කන්ධ ලෝකය (රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) ද කැඩෙන බිඳෙන සුළුය. මිනිසාය, දෙවියන්ය, බඹුන්ය යන සුගති ලෝක සත්වයන්ද, ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූල තුනම මුල්කරගෙන සතර අපාගත වූ සත්වයන් ද ගස්, ගල්, පර්වත, ඇළදොළ, ගංගා, සාගරය, මහපොළොව, යාන වාහන, ගේ දොර සහ නගර යන සියලු සංඛත ස්වභාවයෙන් පවතින යමක් ඇද්ද ඒ සියල්ල විනාශයට පත්වන සුළු ය.
    ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, මනසිකාර යන නාම ධර්මයන්ද ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයන්ගෙන් හටගත් රූපයන්ද අප කැමැති පරිදි, ස්ථිර නොවන්නේ ය. ජිවි, අජිවි සියල්ල හටගෙන විනාශයට පත්වේ.
    මෙලෙස හටගෙන විනාශයට පත්වන, දුකට පත්වන, අනාථ භාවයට පත්වෙන දේ කුමක්ද? ඇස හටගෙන බිඳෙන සුළුය. කන, නාසය, දිව, ශරීරය සහ මනැසද හටගෙන බිඳෙන සුළුය. ඇස හටගෙන විනාශ වන්නේ නම් දුක ඒ තුළ නිර්මාණය වී ඇත. එයින් අනාථ ස්වභාවයම ප්‍රකට වේ. ‘ඉච්ඡ’ යනු සිතක පහළවන කැමැත්තයි. ඇස සැමදා සුවසේ පවතිවා’යි ඇස කෙරෙහි කැමැත්ත පහළ වේ. ඔබ ඇස දිරීමට, විනාශයට පත්වෙනවාට කැමැති නැත. එහෙත් ඇස ජරා, ව්‍යාධි, මරණ ධර්මයන්ට නතුවන බැවින්, කැමැති වූවත්, කැමැත්ත පරිදි, පැතු පරිදි අඛණ්ඩව නොපවති. එනම් ‘අනිච්ච’ නම් වේ.
    එසේ නම් ‘සබ්බෙ සංඛාරා අනිච්චා’ යන්නෙන් අදහස් වන්නේ, අවිද්‍යාසහගත රැස්කරගත් සියලු දේ කැමැත්තට විරුද්ධව ක්‍රියාත්මක වීමේ ස්වභාවයෙන් යුතු වන අතර එය ලොව පරම සත්‍යතාවද වන බවයි. මෙසේ සංඛාරයන්ගේ (හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්) විපරිණාමය හෙවත් දුකට පත්වීම නුවණින් දැකීම කලකිරීමට හේතු සාධක වේ. එය ආර්ය මාර්ගයට, විශුද්ධියට පත්විය හැකි ප්‍රතිපදාවයි.
    ලෝක සත්වයාට විශුද්ධියට පත්වන නිවැරැදි මාර්ගය දේශනා කරනු ලබන්නේ සම්මා සම්බුදුපියාණන් වහන්සේ විසින්මය. ඒතාක් සත්කැල අන්ත දෙකට සිත හසුරුවමින් අනාර්ය ප්‍රතිපදාව තුළින් මිච්ඡා සීලය, මිච්ඡා සමාධිය සහ මිච්ඡා මාර්ගයම බහුල ලෙස වඩති. සමාදන්වෙති. එයින් මුළාවටම පත්වෙති. ඒ බව මනා ලෙස ප්‍රථම ධම්ම චක්කපවත්තන සූත්‍රයෙන් හෙළිදරව් කරයි. කාම සුඛල්ලිකානු යෝගය තුළින් චිත්ත සත්තානය අඳුරට වැටෙන අයුරු ද ශරීරයට අධික දුක් දීමෙන් තවදුරටත් දුකට ම පත්වන අයුරු මෙහිදි පැහැදිලි කරයි.
    හීනො - ලාමක වූ, ගම්මො - ග්‍රාම්‍ය නැතහොත් පහත් වූ, පොථුජ්ජනිකො - පුහුදුන් සත්වයන්ටම අයත් වූ, අනරියො - අනාර්ය භාවයට පත්කරවන, අනත්ථ සංහිතො - අවැඩම ආශ්‍රය කළා වූ ක්ලේශ කාම, වස්තු කාමයන්හි නැවත නැවත යෙදීමක් ඇද්ද එසේ වූ කාමසුඛල්ලිකානු යෝගය අත්හල යුතු බව දේශනා කළ සේක. දුක්ඛො - දුකට කාරණ වූ, අනරියො - ආර්ය මාර්ගයෙන් වෙන් වූ, අනත්ථ සංහිතො - අවැඩටම හිත වූ ශරීරයට අධික දුක් දීම නම් වූ අත්තකිලමතානුයෝගය ද අත්හළ යුතු ය. මෙසේ මේ අන්ත දෙකම අත්හැරිය යුතු බැව් දේශනා කළ සේක.
    එහෙත් නිසි මඟට නොපිළිපන් බෞද්ධ, අබෞද්ධ සැමදෙනාම මෙම අන්තදෙකට සිත හසුරුවමින් ඇලීම්, ගැටීම් බහුල කරමින් සසර වඩන බව කිව යුතුමය. එහි අහිතකර තත්ත්වය මුළු සමාජයම වසාගෙන ඇතිබව වර්තමානයේ සිදුවන ක්‍රියා තුළින් මනාව පැහැදිලි වේ.
    ඇස සතුටු කිරීමට, පිනවීමට මැදුම් මාවතෙන් බැහැර වී සීමාවන් ඉක්මවා කටයුතු කිරීමට උත්සාහ කිරීමෙන් දෙලොවම පිරිහීමට හේතුවන බව තේරුම් ගත යුතුය. සැනසීම, සන්තුට්ඨීය ඇත්තේ මැදුම් මාවත අනුගමනය කිරීම තුළය. අසාරයට බැඳීම අත්හැර නිවීමට සිත පත්කරන මාර්ග අංග අට වැඩිමෙන් සියලු දුකෙන් මිදී ලබන ශාන්ත වූ සැපය ළඟා කර ගැනීමට හැකි බව තථාගතයන් වහන්සේ දේශනා කළ සේක.
    මැදුම් මාවත අප කාගේත් ලෝභ ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි දුරුකර, සසර ආදීනවය සහ බියකරු බව වටහාදෙයි. සියලු සංස්කාරයන් විනාශයට පත්වන බව ද ප්‍රත්‍යක්‍ෂ කරදෙයි. ත්‍රිලක්‍ෂණය විවෘත කොට හෙළිකරමින් ආර්ය සත්‍ය අවබෝධයෙන් ලෝකෝත්තර දහම් ඇස පහළ වීමටද එයම හේතු වෙයි.
    පංච කාමයන්හි අධික ලෙස ගිජුව එයම සේවනය කිරීම දහම් ඇස පහළ කරගැනීමට බාධක වන බව හොඳින් තේරුම් ගත යුතු ය. සියලු දුක් හටගන්නේ මේ පංච කාම වස්තුන් මුල් කරගෙනය. ඇසෙහිත් බාහිර රූපයෙහිත් සාර වූ, නිත්‍ය වූ සැපයක් නැත. සතර මහා ධාතුන්ගෙන් හටගත් සියලු රූපයන් ජරා, ව්‍යාධි, මරණ ස්වභාවයට පත්වී විනාශයට පත්වේ. විනාශයට පත්වන දේ අතහැරීම සැපයට කාරණයක් බව බුදුන්වහන්සේ දේශනා කළ සේක. පංච කාමයෙහි ඇලීම අවිද්‍යා සහගත සිතෙහි පහළවන ස්වභාවයකි. විඤ්ඤාණය යනු මායාකාරයෙකි. නැතිදෙයක් ඇති ලෙස මවා පෙන්වයි. එය නුවණින් නොදැක පුහුදුන් ජනයා පස් ආකාරයකින් ඡන්ද රාගයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කෙරෙහි බැඳී යති. එයින්ම සැනසීම වැසී, වැනසීම හෙවත් අන්ධභාවයට, දාසභාවයට පත්වීම සිදුවෙයි.
    ඇසට අරමුණු වන රූපය කෙරෙහි අවිද්‍යා සහගත ව ඉෂ්ඨ, කාන්ත, මනාප, පි‍්‍රය ස්වරූපී සහ කෙලෙස් වසඟයට යන ආකාරයෙන් බැඳී තණ්හාවට දාසවීමෙන් තම සිත අපවිත්‍ර කරගනී. ගිලන් සිතකින්ම වාසය කරයි. එනම් ලෝභ, ද්වේෂ, මෝහ, ගින්නෙන් දැවෙමින් නිරන්තරයෙන් කර්ම රැස් කරගනී. එම නිසා ලොව්තුරා බුදුන්වහන්සේ, පුහුදුන් අශ්‍රැතවත් පුද්ගලයාගේ ඇස අවුළගෙනය; කන, නාසය, දිව, කය, මනැස යන ආයතන හයම ඇවිළිලාය; රාග ගින්නෙන්, ද්වේශ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ජාතියෙන් ජරාවෙන්, ව්‍යාධියෙන් මරණයෙන් ඇවිළිගෙනය; එම සිත නිරතුරුව ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස කෙලෙස් ගින්නෙන් ඇවිළීගෙනයැයි දේශනා කළ සේක.
    මෙසේ ඇවිළගත් සත්වයන් දුකෙන් මිදෙන්නේ නැති බව පහදා දුන් සේක. එසේ නම් ඔබ සිතන්න, සියලු කළහ, විවාද, දුෂ්චරිත, ලේ වැගිරීම් සහ ඝාතන ආදි ගිනි හටගත්නේ ඇසත්-රූපයක්, කනත්-ශබ්දයත්, නාසයත්- ගන්ධාරම්මණයත්, දිවත් - රසයත්, කයත් - පහසත්, මනැසත් - සිතුවිලිත් තත්ත්වාකාරයෙන් තේරුම් නොගත් නිසාම බව. ආදීනවය හෙවත් දෝෂය නුවණින් විමසා නොබැලීමයි ඊට හේතුව. එසේ නම් දිවා රාත්‍රි ඔබ රැස්කර ඇත්තේ දුක් පිණිසම හේතුවන චේතනා පහළ කරමින් නැවත නැවත ඉපදීම් බිඳීම් ස්වභාව කොට ඇති ජාති ධර්මය නොවේද? මරණ ධර්මය නොවේද?
    වරක් රූප සෞන්දර්යය නිසා අහංකාරයෙන් මත්ව බුදුන්වහන්සේ දක්නට නොගොස් සිටි ජනපද කල්‍යාණි නන්දා නමැති භික්‍ෂුණීයට ද, සිරිමා නම් නගර සෝභීනිගේ රූප ශෝභාව දැක උපන් ඡන්දරාගයෙන් මත් වී ආහාර පවා වැළැඳීමක් නොකොට සසුන් කෙතෙහි සුවය අත්හැර නිදාහුන් එක් භික්‍ෂුවකට ද බුදුන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් සම්මා දිට්ඨියට පත්ව නිවන් සුවය සලසා ගැනීමට හේතු වූ විජයසූත්‍රය හෙවත් කාය විච්ඡන්දනික සූත්‍රය ඔබගෙත් ගිලන් සිත නිවා ගැනීමට, විදර්ශනා පිණිස, එදිනෙදා කටයුතු සහනශීලීව කරගැනීමට භාවිත කරත්වා! බලාපොරොත්තු වන සැනසීම අත්පත් කරගැනීමට මෙයම උපකාරී වේවා !
    ළදරු, තරුණ, මහලු යන සියලු දෙනාගේම ශරීර කූඩුව ජරාවෙන් පිරී ඇත. විවිධ රෝගයන්ගෙන් ගහන වී ඇත. අනුවණයා කාය වර්ධනය සඳහා රස මියුරු ආහාර පාන මහත් ඇල්මෙන් වළඳයි. අගනා වස්ත්‍රයෙන් වසාගෙන ඇත්තේ දුර්ගන්ධ හමන, පණුවන් ආදි සත්වයන්ගේ ගොදුරක් බව නොදකී. ඒ තාක් රූපය කෙරෙහි මානයෙන්, උඩඟු සිතින් සිතා ආශ්වාදය සොයමින් ජාති, ජරා, ව්‍යාධිය මිහිරි කොට උරා මත්වෙයි. කාමයන්හි අතෘප්තිමත්ව කලුරිය කොට දුගතියට වැටෙයි.
    එසේ වන්නේ ජරා, ව්‍යාධි, මරණයට පත්වන බව නුවණින් දුටුවේ නැති නිසා ය. ඒ සඳහා සද්පුරුෂ ඇසුර සේවනය කළේ නැති නිසා ය. අන්ධානුකරණයෙන්, තණ්හාවට, දාස වී කටයුතු කිරීමෙන් ඔබද තරුණ මදයෙන්, ආරෝග්‍ය මදයෙන් හා ජීවිත මදයෙන් යන තුන් මදයෙන් මත් වී සිත අපිරිසුදු කරගෙන අකුසල් රැස්කොට දුගතියට වැටීමට බලාපොරොත්තු නොවිය යුතු ය. එම නිසා රූපයේ ආදීනවය මෙනෙහි කොට, ක්‍රමයෙන් එහි අසාරය දැක, ජන්දරාගය අවම කර ගැනීමට කාය ගතාසතිය වැඩීමට උනන්දු විය යුතු ය. එය වැඩිමෙන්ම සිත සමථයට පත්වේ. ධ්‍යානාංග වැඩිමට මහත් උපකාරයක් වෙයි. ත්‍රි ලකුණු වැටහීමට විදර්ශනාව පුරුදු පුහුණූ විය යුතු ය. යෑම්, සිටීම්, ඉඳීම්, නිදාගැනීම් ආදි ය චේතනාව මුල් වී සිදුවේ.
    සිත්වල බලය උපකාරීවීමෙන් වායුව ශරීරය පුරා පැතිරී සියලු ක්‍රියා සිදුවේ. කරවන කෙනෙකු නැත. මේ සතර ඉරියව්ව තුළ මරණයට පත්වීමට පුළුවන. ආයුෂය ගෙවීයෑමට පුළුවන. එසේ සිතා ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් සිතීමට සිත පුරුදු කරන්න.
    කන, බොන ආහාරය විෂවීමෙන්, අපත්‍යවීමෙන් මරණය සිදුවේ. එසේ සිතා, ගඩුවක්, පිළිකාවක් සුව නොකළ හැකිවාක් මෙන් කොපමණ රස මියුරු ආහාර දුන්නත් කය ස්ථිර කරගත නොහැකි බව වටහාගත යුතු ය.
    එසේ නුවණින් මෙනෙහි කිරීම ඡන්ද රාග ගිනි නිවීමට හේතු වේ. අකුසල් රැස්වීමට තිබෙන හේතු විනාශ වෙයි. හේතු නැතිවීමෙන් දුක නිරුද්ධ වෙයි.
    කොපමණ ඥාති සමූහයා පිරිවරා සිටියත් මරණයත් සමඟ ඔබේ කුණුකය සොහොනට දමා සැමදෙන අනපේක්‍ෂිතව නිවෙස් කරා පැමිණ තම කටයුතුවල යෙදෙති. සොහොනේ කුණුකය පණුවෝද, හිවල්ලුද ආහාරය කොට ගනිති. මෙලෙස අසාරය මෙනෙහි කරන්න. එවිට යථාර්ථය අවබෝධය වී සියලු දුකින් මිදීමට හැකියාව ලැබේ. 

    Saturday, 3 August 2013





    කරුණාකර මෙම වීඩිඔව නැරබීම සදහා ඔබගේ වටිනා කාලයෙන් විනාඩි 14 :32 පමණ කෙටි කාලයක් වෙන්කරගන්න මැලි නොවන්න " අවදානයෙන් නරබන්න "

    මෙතෙක් රහසක්ව පැවති මේ දෙවල් හෙලිකරනුයෙ බුද්ධ ධර්මයේ උන්නතිය සදහාය.

    Area 51 හි අබිරහස...


    කළු කුහර හා ආකාශ වස්තූන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් මහතා පවසන අන්දමට මේ ග්‍රහ ලෝකයෙන් පිට, මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට, මේ චක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින්, බෙලෙන් දියුණු ජීවිහු සිටින බව සනාථ වී තිබේ. මේ නව සොයා ගැනීම් ඔස්සේ ලද, ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන, ඔබගේ කෙස් කෙළින් සිටුවි
    ය හැකි රහසක්ද ඇත.

    ඇමරිකා එක්සත් ජනපදයෙහි, නෙවාඩා ප්‍රාන්තයෙහි,ලාස්
    වේගාස් අග නගර බල ප්‍රදේශයෙහි, මොජාවේ නම් මරු කතරක ඇති අතිශය සංකීර්ණ එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයකි, "එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුර"

    මෙම ගුවන් හමුදා කඳවුරෙහි සේවක සංඛ්‍යාව මේ වනවිට 3,000-3,500 ත් අතර වෙතැයි ගණන් බලා තිබේ. මේ සේවකයන් සියළු දෙනා එක්සත් ජනපදයට ඉතා තදින් ආදරය කරන දේශ ප්‍රේමීන් අතුරින් තෝරා ගත්තවුන් වන අතර ඔවුහු, ඔවුන්ගේ දරු පවුල් සමඟම මෙම කඳවුරෙහිම වෙසෙති. ඉන් පිටව යාම ඔවුන් බහුලව නොකරන අතර එම කඳවුරෙහි සේවයට බැඳෙන්නෝ සිය නෑ, හිත මිතුරන්ගෙන්ද වෙන්ව තම පවුලටම පමණක් සීමා වූ ගුප්ත ජීවිත ගත කරති..

    මෙම කඳවුරට එහි පනස් පස් වසරක ඉතිහාසය පුරා පට බඳින ලද අනවර්ථ නාමයන් ගණන 27 ක් පමණ වේ. එනමුත් වැදගත් වන්නේ ඉන් එකදු නාමයක් වත් නොවේ.ඊට ඔබ අප කවුරුත් හොඳින් දන්නා සුප්‍රකට අනවර්ථ නාමයක් ඇත. ඒ "51 වැනි කළාපය" නොහොත් "ඒරියා 51" යන නාමයයි. (Area 51)

    ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝ මාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්ව රහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක් වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධ කේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි. මෙය ඇමරිකානු "අභ්‍යාවකාශ ආඥා දායකයේ" (United States Space Command)නියෝග මත "තහනම් ගුවන් කළාප අංක 4808"(Restricted Flight Zone R4808) ලෙස සිවිල් හෝ "සාමාන්‍ය" ත්‍රිවිධ හමුදා ගුවන් යානා වලට පිවිසුම ඇසිරූ කළාපයක් කොට ඇත.



    මා මෙම කඳවුර ගැන සැකෙවින් ඔබට විස්තරයක් ගෙන ආවේ පෙර කී "කෙස් කෙළින් සිටුවන රහස" මෙම කඳවුර තුළම ලොවින් සඟවා ඇත්තක් බැවිනි. එහෙත් අනෙක් සෑම ශිෂ්ඨාචාරය සොලවන රහසක් මෙන්ම මේ රහසද සියළු විදුලි ආරක්ෂක පද්ධතීන්, සියළු CCTV කැමරා, සියළු M-16 රයිෆල, සියළු පරිගණක නිරීක්ෂණ පද්ධතීන්, මැඩගෙන මහ ජන සවනට කාන්දු වී තිබේ..එවැනි රහස් සඟවා තැබීම කිසි විටකත් සිදු කළ නොහෙන්නේ ඇයි දැයි ඔබට මෙය කියවන විට වැටෙහෙනු ඇත..

    මෙකී රහස් කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බව සැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමික දිවිය අතර තුර සමීපතමයන්ට හෙළි දරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා ගත්හ. මෙවැනි හමු වළදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි...

    "පිට සක්වළ ජීවිහු අතර "දුර බැහැර ග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පඬි රුවණක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින් බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති..."

    මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය "විශ්ව බෞද්ධ" ප්‍රජාවක් ගැන නොවේද?......( ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි "ආගමික" රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු "පෘථිවි" ආගමික දර්ශණයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දු වූ පළමු අවස්ථාවයි )

    බුදු පියාණන්ගේ විශ්වනීයත්වය.....

    "තථාගත" යනු සිදත් සඟරා ඇජරනට අනුව "‍යථා ගත" හෙවත් "සත්‍ය ගාමී වූ" යන්නය. නො එසේ නම් " සත්‍ය මඟ පිළිපන්" යන්නය. බුදු පියාණෝ දෙවියන් උදෙසා, බඹුන් උදෙසා, අමනුෂ්‍යයෝ උදෙසා මෙන්ම සකළ විධ විශ්ව ජීවීහු උදෙසා කරන ලද සූත්‍ර දේශානායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ "තථාගත" යන නාමයෙනි. උදා: අමනුෂ්‍ය බල පෑමෙන් වේශාලිය මුදවා ගනු වස් කළ රතන සූත්‍රයෙහි "තථාගතන් දේව මනුස්ස පූජිතං" යනුයෙන් සඳහනක් කළ සේක.

    තවද මේ නමින් උන් වහන්සේ විශ්ව ප්‍රචලිත බවට කදිම නිදසුන් වන්නේ "ධජග්ග පරිත්තයෙහිද", "ආටානාටිය පරිත්තයෙහිද","මහා මංගල සූත්‍රයෙහිද", " අනාගත වංශ දේශනායෙහිද" බණවර කථායෙහි සක් දෙව් රජු, සහම්පතී මහ බඹු, වෙසමුණි යක් රජු, සතරවරම් දේවතාවෝ ඇතුළු බොහෝ භගවත් ඇසුර ලද නොමිනිස් ජීවිහු උන් වහන්සේ ඇමතීමටද "තථාගත නාමය" ම යොදා ගෙන තිබීමය.

    එසේ නම් "තථාගත" නාමය මෙ සක්වා තළයෙන් බැහැර වෙසෙන ජීවින් සිය මහා ගුරුවරයා හඳුන්වනු ලබන "තථාග්ගහ" නාමයමය. අප "බුද්ධ" ලෙසින් අමතන විශ්ව ගුරුවරයාණන් ගේ පිට සක්වළ සිසූහු උන්වහන්සේ හඳුනන්නේ මෙපරිද්දෙන් විය හැක.

    දැන් "නිදෝක්" නාමය ගෙන බලමු.

    බුදු පියාණන්ට ඇති සමානාර්ථ නාම 1018 අතුරින් තවත් අතිශය ජනප්‍රිය නාමයකි "නිදුක්ඛ" යන නාමය..අප බුදු රදුන්ට "නිදුකාණන් වහන්සේ" යැයි අමතන්නේද මෙහෙයිනි. පාලි බසට සහ සිදත් සඟරා විවරණයට අනුව "නි" නම් "වැරූ හෙවත් වැනසූ" යන්නය. "දුක්ඛ" යන්න එහි අර්ථයටම යෙදේ..එනයින් "නිදුකාණෝ" යනු දුක විනාශ කර දමා ජය ගත් තැනැත්තාණන් වහන්සේය.

    දැන් ආටානාටිය බණවරය ගෙන බලන්න..එහිදී වෛශ්‍රවණ දිව්‍ය රාජයා තිලෝගුරු පාද මූලයෙහි සිට උන්වහන්සේව මෙලෙස අමතයි..

    "නිදුකාණන් වහන්ස, ඒ රජ හට ආකාශ තලයේ (Outer Space) ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපරිය, පරකුසිතනාට නම් පුරවරයෝ වෙති. නිදුකාණන් වහන්ස, කුවේර නම් රජහු ගේ විසාණා නම් රාජධානියක් ද ඇති"

    (මොවුහුද පිට සක්වළ ජීවිහු වෙති - E.B.E- Extra Terrestial Biological Entities or "Aliens" in short form)


    "නිදුකාණන් වහන්ස, රෞද්‍ර නපුරු ගති ඇති, එකට එක් කරන්නාවූ අමනුෂ්‍යයෝ ද ඇත්තාහුය"

    "නිදුකාණන් වහන්ස, මේ ආටානාටිය ආරක්ෂාව වනාහි භික්ෂු, භික්ෂුණීන්ගේද, උපාසක, උපාසිකාවන්ගේද, ආරක්ෂාව පිණිසද, නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීම පිණිස ද පවත්නේය"

    වෛශ්‍රවණ නම් බල සම්පන්න පිට සක්වළ ජීවි නායකයා තිලෝගුරු බුදු පියාණන් අමතා ඇත්තේද "නිදුකාණන් වහන්සේ" යන නාමයෙනි..

    "බෞද්ධ ආකාශ වස්තු විද්‍යාවට" (Buddhist Cosmology) අනුව මේ "දිව්‍ය" ලෝක තලයන්ගේ ආයු කාලය මිනිස් ලොව ආයු කාලය මෙන් සිය දහස් ගුණයකි. "කාලය" (Concept of Time) ඇල්බට් අයින්ස්ටයින් මහ ඇදුරාට අනුව අප විසින් ගොඩ නඟා ගත් හුදු මනං කල්පිතයක් පමණක් නොවේ. විශ්වයේ සෑම භෞතිකයක්ම වටා ක්‍රියාත්මක "ජීව ඔරලෝසුවක්" ඇත. (Cosmic Biological Clock)..එනයින් මිනිස් ලොව කාලය සහ විශ්ව කාලය එක කුඩා පොදු ගුණාකාරයකට ගෙන බලන කල වෛශ්‍රවණ දිව්‍ය රාජයා රජ කරන "චාතුර් මහා රාජික" දිව්‍ය ලෝකයෙහි ආයුෂ මනුෂ්‍ය ලෝක කාළයෙන් වර්ෂ මිලියන 9.4 ක් වේ..(වසර අනූ හතර ලක්ෂයක් - 9.4 million years )..(මෙම ගණනය පුරාණ ඉන්දීය "සර්වාස්ථිවාද" සංකල්පයන්ට අනුව සිදු කොට ඇත.)

    බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී ඇත්තේ වසර 2550ක පමණ කාළයක් පමණි.. එය විශ්ව ඔරලෝසුවට අනුව නම් ඉතාම සුළු කාළයකි..."චාතුර් මහා රාජික" ඔරලෝසුවට අනුව තප්පර ගණනකි!!...

    මේ අනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාටිය විමසූ දිව්‍ය, යක්ෂ, කුම්භාණ්ඩ, රාජයන්ට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී නොමැති බවයි...!!!!

    එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්" සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය....

    මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් පවසන අන්දමට පිට සක්වළ ඉතා බලසම්පන්න දියුණු ජීවීන් සිටින මුත්, ඔවුන් අප ගැන හොඳින් දන්නා මුත්, ඔවුන් අප ආක්‍රමණය නොකර සිටින්නේ ඇයිද? යන්න ඔහුට බලවත් ප්‍රහේළිකාවකි. ඔහුට එය ප්‍රහේළිකාවක් වුවත් එය මා හට ඔහු යම් දිනෙක පුද්ගලිකව හමු වෙතොත් (මා බඳු කුඩා මිනිසෙක එතුමා පුද්ගලිකව හමුවන්නට තරම් භාග්‍යවන්ත යැයි නොසිතමි. ) මට මෙසේ පහදා දිය හැක...

    "අදටත් ඔවුහු මහ පොළවේ ඔවුන් හා සන්නිවේදනය කර හැකිවුන් සමඟ බුදු දහම ගැන යමක් පවසනවා නම් එය අරුමයක් විය නොහැක..මිනිස් ලොවෙන් පිටතත් දන්නා එකම මිනිස් දහම බුදු දහමයි..!!! ඒ පිළිබඳව කිසිදු සැකයක් තිබිය යුතු නැත.. ඔවුහු පෘතුවි ජීවින්ට වඩා බෙහෙවින් බල සම්පන්න වුවත් ඔවුහු අප ආක්‍රමණය නොකරන්නේ "බුද්ධොත්පාද" ග්‍රහ ලෝකය ඔවුහු පූජනීය කොට සලකන නිසාම විය යුතුය...."

    "මාගේ ධර්මය ඒ දිවයින් හි සුරැකෙන්නේය!" යන බුද්ධ විවරණය ලබා බුදු දහම රකින එක්තරා ජාතියකට එරෙහිව මුළු මහත් ලෝකයක් පැමිණියත්, මොන තරම් දියුණු ත්‍රස්ත ජාල, මොන තරම් ධනවත් රටවල් සමඟ ආවත් මේ අල්ලක් පමණ වූ කුඩා දූපතක සිටින එම ජාතිය සමූල ඝාතනය කිරීමට ඔවුහු අසමත් වන්නේත් උක්ථ බලවත් සක්වළ ජීවින්ගේ රැකවරණය නිසාම විය නොහැකිද??

    ("රෝම, චෝල මණ්ඩල, අරාබි, බ්‍රිතාන්‍ය ආදී වූ මහ බලසම්පන්න ලෝකාධිපති අධිරාජ්‍යන්ට ඒ කුඩා දූපතේ බුදු සසුන අතු ගා දමන්නට හෝ එය රකින සංඛ්‍යාවෙන් අල්පයක් වූ ජාතිය සමූල ඝාතනය කරන්නට කී වතාවක් වැර දැරුවත් නොහැකි විය.")

    එසේ නම් මේ ග්‍රහ ලෝකය රැකෙන්නේ අවිවාදයෙන්ම බෞද්ධයන් නිසාම විය යුතු නොවේද?...

    ඒ රැකවරණය මේ ලොවට ගෙන දුන් මහා මිනිස් වීරයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මිස අන් කවරෙක්ද?

    (රාහු අසුරේන්ද්‍රයා (අසුර නිකාය යනු ඉතා චණ්ඩ ගති පැවැතුම් ඇති විශ්ව ජීවි විශේෂයකි - " Hostile Extra Terrestial Biological Entity" ) පවා " හේ මහා වීරෝ" යන නමින් බුදු පියාණන් අමතා ඇත.)

    "බුද්ධ" ජීවි විශේෂය.....

    "ස්වාමීනි, ඔබ වහන්සේ දෙවියෙක්ද?" .....

    "නැත බමුණ මා දෙවියෙකුදු නොවෙමි"...

    "ස්වාමීනි ඔබ වහන්සේ මනුෂ්‍යයෙකුද, දෙවියෙකුදු, යක්ෂයෙකුදු නොවෙත් නම් ඔබ වහන්සේ කවරෙක්ද?...."

    "කළලේ උපන සියපත ඉන් නික්ම, එහි නොගෑවී පිපී ලෙලෙන්නේ යම් සේද,මමද මිනිසුන් අතර ඉපිද, මිනිසුන් අතර හැදී වැඩී චතුරාර්ය සත්‍යාවබෝධයෙන් කෙළෙසුන් නසා නිර්වාණය ලදිමි. එසේ හෙයින් බමුණ, මා "බුද්ධ" යැයි දනුව"

    මේ වූ කලී බුදු පියාණන් වහන්සේ සහ "ද්‍රෝණ" නම් බමුණු තෙම අතර ඇතිවූ සංවාදයකි..තිලෝගුරුන් තමන් වහන්සේව මෙහිදී හඳුන්වා දුන් ආකාරය ගැන මඳක් අවධානය යොමු කරන්න...

    චාර්ල්ස් ඩාර්වින් හා ඔහුගේ "සත්ව පරිණාම වාදය" (Theory of Evolution) ගැන ඔබ අසා ඇති. ඉක්වදෝරය අසල "ගැලෆගෝස්" දූපත් ආශ්‍රිතව සිදු කල පරීක්ෂණ තුළින් ලොවට, මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන ජීව විද්‍යා නයක් ඔහු හඳුන්වා දුන් නිසා අප ඔහු "පරිණාම වාදයේ පියා" ලෙස පොත් පතින් හඳුනා ගතිමු.

    ඩාර්වින් සැබවින්ම පරිණාම වාදයේ පියාද? නැතහොත් ඔහු පරිණාම වාදයෙන් "අර්ධයක්" පමණක් වටහා ගත්තෙකුද?....ඉතිරි අර්ධය කුමක්ද?...."සම්පූර්ණ" පරිණාම වාදය දෙසුවේ කවුරුන්ද?....

    දැන් නැවතත් ද්‍රෝණ බමුණාට බුදු රදුන් තමන් වහන්සේ හඳුන්වා දුන් ආකාරය සිහිපත් කර ගන්න..."කළලේ පිපී ඉන් නික්ම කළලේ නොගෑවී...මිනිසුන් අතර ඉපිද, හැදී වැඩී.....එසේ හෙයින් මා "බුද්ධ" යැයි දනුව...මා මනුෂ්‍යයෙකුද නොවෙමි.."

    "අග්ග්ඥ සූත්‍රයෙහි" බුදු රදුන් ලෝකාරම්භය ගැන දෙසා ඇත්තේ " ඉතා සරළ ඒක සෛලික ජීවි ස්වරූපයෙන් සිතිවිලි පරම්පරාව හා ඒ ඔස්සේ සැකසුණු කාය පරම්පරාව නිසා ජීවිහු වර්ධනය" වූ බවයි...

    මෙහි "සිතුවිලි පරම්පරාව හා ඒ ඔස්සේ සැකසුණු කාය පරම්පරාව" යන්නට නැවත, නැවතත් ඔබේ දැඩි අවධානය යොමු කරන්න....

    එසේ නම් සම්බුදුන් දෙසූ පරිණාමය කොටස් දෙකකි..."මනෝ පරිණාමය" (Psychological Evolution) හා " කාය පරිණාමය" (Physical Evolution)...!!....ඩාර්වින් අල්ලා ගත්තේ මෙයින් එක කොටසක් පමණි...එනම් කායික පරිණාමය පමණි...එහි අනිත් කොටස ඔහු දැක නැත...එසේ නම් "අංග සම්පූර්ණ පරිණාම වාදය දෙසා ඇත්තේ ඩාර්වින් නොව තිලෝගුරු බුදු රජාණෝමය...." !!!!!....එමතු නොව ඩාර්වින් වටහා ගත්තේ පෘතිවි පරිණාමයේ එක් කොටසක් පමණි..."සම්බුද්ධ පරිණාම වාදය" මුළු මහත් විශ්වයේම ජීවි පරිණාමය විස්තර කරයි...!!!! (Universal Biological Evolution)..!!

    මනස පෙර ගමන් යයි..."මනෝ පුබ්බං ගමා ධම්මා"....මනස අනුව කය සැකසෙයි...ඔබ මනසින් තිරිසනෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේ කඳ ඒ අනුව සැකසේ...ඔබ මනසින් දෙවියෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේ කය "දේව" කයකට "පරිණාමය" වේ...ඔබේ මනස මුලින් පරිණාමය වන ස්වරූපයට ක්‍රමයෙන් ඔබේ කායික පරිණාමය සිදුවේ...මේ "සම්මා සම්බුද්ධ පරිණාම වාදයයි"...මුළු මහත් සංසාරයේම අප යන්නේ මේ පරිණාමය ඔස්සේය..පුනර්භවය සැකසෙන්නේද මේ අනුවය..මනස මුලින් පරිණාමය වන තැනට කය පරිණාමය වේ..මේ සංසාර ගමනයි....

    I know that some of you may not have access to Sinhala fonts. Thus, I will publish this all important faction of my writing in English as following:

    "Mind precedes the Body...Your Physical evolution will take the direction of your psychological evolution..These are the perimeters in the journey of Sansara..This is the Buddhist theory of Evolution..!!"

    එසේ නම් " සාර සංඛෙ‍ය කල්ප ලක්ෂයක්" ඔස්සේ පාරමිතා දහය පිරීම යනු, "ක්‍රමානුකූල මානසික පරිණාමයකි"...සම්මා සම්බුද්ධත්වය ලැබීම යනු "මිනිස්" හෙවත් "හෝමෝ සේපියන්" නයින් අප දන්නා ජීවි විශේෂයේ ඉපිද හැදී වැඩී, අතීත මානසික පරිණාමයේ (පෙරුම් දම් පිරීමේ) ශක්තිය කැටි කොට මිනිස් ජීවී විශේෂයේ සිට "විශ්වයේ එක්වරකට, එක කල්පයකට එක් අයෙකු පමණක් පහළ වන්නාවූ" අති ශ්‍රේෂ්ඨ සුපිරි ජීවි විශේෂය" වන "සම්මා සම්බුද්ධ" ජීවි තලයට කරන "මහා මානසික පරිණාමික පිම්මයි" (කළලේ ඉපිද කළලේ හැදී වැඩී ඉන් නික්ම..... )

    Again in English, "attaining Enlightenment is the GREAT PSYCHOLOGICAL LEAP from what we know as "Human Species" (Homo sapiens) to a "Universally Super specie level" known as " Samma Sam Buddha"

    ඇසට නොපෙනෙන තරම් ක්ෂුද්‍ර බැක්ටීරියා, ඇමීබා ජීවි විශේෂ වල ජීවින් ගණන ක්වෝඩ්‍රිලියන ගණනකි... කුඩා නොදියුණු කෘමි සත්ව ජීවි විශේෂයන්ගේ පහළ වන ජීවින් ගණන ට්‍රිලියන ගණනකි...ඊට වඩා සංකීර්ණ සත්ව විශේෂ වල බිලියන ගණනක් පහළ වෙති...මිනිස් ජීවී විශේෂයේ සත්ව සංඛ්‍යාව බිලියන 7 කි...ඊටත් වඩා දියුණු "දේව" ජීවි විශේෂයේ ගණන මිලියන ගණනක් විය හැක...ඊටත් ඉහළට යන්නට, යන්නට ඒ ඒ විශේෂයේ ජීවින් ගණන තව තව අඩු විය හැක...අනාගාමී වූවන් උපදින "ආකණිෂ්ඨ තලයේ" ශුද්ධ වාස බ්‍රහ්ම ලෝක වල එක වරකට ඇත්තේ ඉතාම සුළු අතළොස්සකි... (සංඛ්‍යාත්මක විස්තර සඳහා මෙතන click කරන්න)

    එනමුත් මානසික පරිණාමයෙන් පමණක් යා හැකි "සම්මා සම්බුද්ධ නම් අති සුපිරි, සියල්ල අවබෝධ කරගත් මහා ශ්‍රේෂ්ඨ ජීවි තළයේ" මුළු කල්පයකටම විශ්වයේ එකවරට පහළ වන්නේ එක් අයෙකුම පමණකි..ඒ තැනැත්තාණන් වහන්සේට සියළු විශ්ව ජීවීහු "බුදු රජාණන් වහන්සේ" ලෙස අමතති....

    ඔබට උපත්තියෙන් උරුම ඒ මහා ශ්‍රේෂ්ඨ විශ්ව ජීවියාණන් වහන්සේ ගේ දර්ශණයයි....සක්වළ කරකවන එකම සැබෑ ඥාණයයි....

    "සුඛෝ බුද්ධානං උප්පාදෝ".......

    සමාව ඉල්ලනවා අවසරයකින් තොරව මෙතෙක් රාහසක්ව පැවති මෙ දෙවල් උපුටා ගැනීමගැන කතෘ [D.K] මහාතා ගෙන් .................................................
    මෙකරන කිසිවක් අප Page ඵ්කෙ උන්නතිය සදහා නොවන බව සලකන්න

    මෙතෙක් රාහසක්ව පැවති මෙ දෙවල් හෙලිකරනුයෙ බුදුද්ධ ධර්මය උන්නතිය සදහාය

    මේ දාන පොස්ට් වලට ඔයාලගේ අදහස් ලියන්න...

    Thursday, 1 August 2013


    Dialog


    * සිම් එක කාගෙද - #132#
    * තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
    *ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
    *ගිණුමේ ශේෂය - *#456#
    *අමතර අවශ්‍යතා - #107#
    *සම්බන්දතාවය ගැන විස්තර #678#
    *ණයක් ගන්න - #356#
    *කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCKBlock කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න

    *එස් එම් එස් ඩයිවරට් කරන්න - DVIDivert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
    *Star Points බලාගන්න - #141#
    *Call Waiting Activate කරන්න - *#43#
    *Missed call Alert Active කරගන්න - **62*0777012012#

    *Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )

    KBBපැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න

    පෙරගෙවුම් වයිෆයි

    පැය 2 - WIFI50

    පැය 4 -WIFI100

    පැය 12 - WIFI200

    පැය 20 WIFI400

    පැය 50 - WIFI1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

    ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

    Mobitel


    * සිම් එක ගැන විස්තර - #132#
    * ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
    * ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
    * ණයක් ගැනීමට - #247#
    * ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
    * GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
    * M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න

    * Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.

    දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )

    Hutch

    * සිම් එක ගැන විස්තර #132#
    * ගිණුමේ ශේෂය *344#
    * Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
    * Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
    * Sms Free Hutch to Hutch පැකේජය *222#

    Etisalat

    * සිම් එකේ විස්තර දැනගැනීමට #132#
    *ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
    *ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
    *Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
    *Call A tune සදහා *359 අමතන්න
    *සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
    *mobile broadband
    දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
    දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
    මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
    * Etisalat Service - #111#

    Air Tel

    * සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#

    * ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
    * ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
    * GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න

    පසුගෙවුම් සබදතා සදහා

    * Outstanding balance - *555*1#
    * Unbilled balance - *555*2#
    * Bill Summery - *555*3#
    * Payment Status - *555*4#

    Tuesday, 23 July 2013

    මත්තා පේ‍්‍රත වස්තුව

    මත්තා සහ ඇයගේ සැමියා ජීවත් වුනේ සැවත්නුවර යි. ඇය ක්‍රෝධ සහගතයි. ඇය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැති කිසිවෙකුට පිහිට වීමට අකැමැති ආඩම්බරකාර තැනැත්තියක්. ඇයට දරුවන් සිටියේ නැහැ. නිතරම ද්වේෂයෙන් ජීවත් වීම ඇගේ ලක්ෂණයක්.
    කාලයකදී තම කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා මත්තාගේ ස්වාමියා තවත් විවාහයක් කරගත්තා. ඔහු බොහෝ නිරහංකාර ශ්‍රද්ධාවන්ත නපුරු සිත් නැති තැනැත්තෙක්. ඔහුගේ දෙවැනි බිරිද වූයේ තිස්සායි. ඇයද ස්වාමියාට බොහෝ පක්ෂපාතියි. පි‍්‍රයශීලියි. තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාසම්පන්න විවාහයෙන් පසු ගැබිණියක් වූ ඇය පුතකු බිහි කළා. ඔහු ‘භූත’ නමින් හැඳින්වූවා.
    තිස්සාගේ ගුණ යහපත්කම නිසා ස්වාමියා ඇයට බොහෝ ආදරය කළා. මත්තා මේ දෙදෙනාටම ඊර්ෂ්‍යා කළා. තිස්සාට බොහෝ විට වද හිංසා කළා. කාලයකදී මත්තා දුෂ්ඨ ගතිගුණ සමඟම මරණයට පත්වුණා. දිගහරින අතක් හකුලන වේගයෙන් ඇය පේ‍්‍රත ලෝකයේ ඉපදුනා. දිනක් ඇය තිස්සා වෙත පැමිණ පෙනී සිටියා.
    තිස්සා- ‘ඔබේ ඇ‍ඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉළඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?
    මත්තා- ඒ කාලේ මගේ නම මත්තා. ඔබට කිව්වේ තිස්සා කියලා අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්දෑවරුන් වෙලා හිටියේ. අනේ මං පව් කරගත්තු නිසයි මේ පෙරේත ලෝකයට එන්න සිදුවුණේ.
    තිස්සා- ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොනවගේ පවක්ද කර ගත්තේ? මොන කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකයට ආවේ.
    මත්තා- මං ඒ කාලේ හරි නපුරුයි. පරුෂ වචන කියනවා. ඊර්ෂ්‍යා කළා. මසුරුයි. කෛරාටිකයි. මං ඒ නපුරු වචන කතා කරලා තමයි මේ පෙරේත ලෝකේ ඉපදුනේ.
    තිස්සා- ඔව් ඔය කියන හැම දෙයක්ම මම දන්නවා. ඔබ ඒ කාලේ හරි නපුරු තමයි. මං දැන් අහන්නේ මුළු ඇඟේම පස් තැවරිලා තියෙන්නේ මොන කර්මයක් කළ නිසාද?’
    මත්තා- දිනක් ඔබ හොඳට වතුර නාලා හිස සෝදලා හිටියේ. ලස්සනට ඇඳගෙන හිටියා. එතකොට මම කළේ ඔබටත් වඩා ලස්සනට තව තවත් අලංකාර වුණ එකයි. මම බලාගෙන හිටියා. ඔබ ස්වාමියාත් සමග බොහෝ වෙලා කතාබහ කරන හැටි. මට එතකොට පුදුම ඊර්ෂ්‍යාවක් ක්‍රෝධයක් ඇතිවුණා. මම කළේ පස් ගොඩක් ගෙනැල්ලා ඔබේ ඇඟ පුරාම දැම්මා.
    තිස්සා- ඔබ කියන ඔය දේ හරි. ඔබ ඒ කාලේ පස්වලින් මට දමල ගැහුවා තමයි.ඒත් දැන් ඔබ මුළු ඇඟම කස කසා ඉන්නේ මොන කර්මයක් නිසාද?
    මත්තා- අපි දෙන්නම බෙහෙත් හොයන්න වනාන්තරයට ගියා. ගිහින් ඔබ බෙහෙත් අරගෙන ආවා. නමුත් මම අරගෙන ආවේ කහඹිලියා ගෙඩි. ඒක ඔබ දැනගෙන හිටියේ නැහැ. ඔබ නිදා ගන්න ඇ‍ෙඳ් මම ඒ කහඹිලියා ගෙඩි විසිරවා දැම්මා. ඒ කර්මයේ විපාකය අනුව තමයි මට මෙහෙම කස කසා ඉන්න වුණේ.
    තිස්සා- ඔය කියන දේ මම දන්නවා.’ ඒත් දැන් ඇයි ඔබ නිරුවස්ත්‍රව ඉන්නේ?
    මත්තා- දවසක් අපේ ගෙදරට යාළුවෝ ඔක්කෝම එකතු වුණා. නෑදෑයොත් එකතු වුණා. ඒකට මගේ ස්වාමියා එක්ක එන්න කියලා ආරාධනා ලැබුණේ ඔබටයි. මට ආරාධනා ලැබුණේ නැහැ. මම ඔබේ වස්ත්‍රය හොරකම් කළා. ඒක ඔබ දැනගෙන හිටියේ නැහැ. ඒ කර්මයේ විපාකය තමයි මම දැන් නිරුවස්ත්‍රව ඉන්නේ.
    තිස්සා- මත්තා ඔබ මගේ වස්ත්‍රය සොරකම් කළ බව මම දන්නවා ඒත් දැන් මම අහන්නේ ඔබ ළඟින් මේ තරම් අසුචි ගඳ ගහන්නේ ඇයි?
    මත්තා- අනේ මම ඔබට අයිති සුවඳ මල්මාලා, සුවඳ විලවුන් වටිනා විලවුන් සියල්ලම එකතු එකරලා වැසිකිලි වලට දැම්මා. ඒක මගේ අතින් සිදුවූ වරදක්. ඒ වරදට තමයි මේතරම් අසුචි ගඳ ගහන්නේ.
    තිස්සා -ඉතින් මොන වගේ දුකට පත්වෙලාද ඉන්නේ? තව මොනවගේ කර්ම කළාද?
    මත්තා- ඒ ගෙදර තිබුණ ධනය අපි දෙන්නටම සමානව ලැබිලා තිබුණා. දන් පින්කම් කරන්නට වස්තුව තිබියදී පවා තමන්ට පිහිට පිණිස මම පින්කම් කළේ නැහැ. අන්න ඒ කර්මයට තමයි මම මෙතරම් දුක් විඳින්නේ. ඒ කාලයේ ඔබ කිව්වා ‘ නුඹනම් කරන්නේ පව්මයි. පව් කරලා නම් සුගතියේ උපත ලෙහෙසියෙන් ලැබෙන්නේ නැහැ’ කියලා’
    තිස්සා- ඔබ මාව සැලකුවේ විරුද්ධකාරියක් ලෙසටයි. ඒ වගේම ඔබ මට ඊර්ෂ්‍යා කළා. දැන් පෙනෙනවනේ පව්වල විපාකවල තරම. ඔබේ ගෙදර සිටි දාසියන් තමයි දැන් ඔබේ ආභරණ පළඳන්නේ. සැප සම්පත් තාවකාලිකයි. දැන් අපේ ස්වාමියා කඩපිලේ ඉඳල ගෙදර එනවා. එතකොට මම ඔබට මොනවා හරි දෙන්නම් එතෙක් ඉන්න.
    මත්තා- අනේ මම නිරුවස්තරෙන් ඉන්නේ. මම විරූපියි. කටු ටික විතරයි නහරවැල් පෑදිලා ස්ත්‍රින්ට මේක ලැජ්ජාවට කරුණක්. ඔහුට මාව පෙන්වන්න එපා.
    තිස්සා- එහෙමනම් මම ඔබට මොනවද දෙන්නේ?
    මත්තා- භික්ෂූ සංඝයාගේ සංඝයා ලෙස භික්ෂුන් වහන්සේ හතර නමකුත් ඒ වගේම පෞද්ගලික වශයෙන් භික්ෂුන් වහන්සේ හතර නමකුත් කියන භික්ෂූන් අට නමකට දානයක් පිළිගන්වන්න. ඒ පින මට අනුමෝදන් කරන්න.
    තිස්සා හොඳයි කියලා භික්ෂූන් වහන්සේ අට නමකට දානය පූජා කළා. සිවුරු පිරිකර පූජාකරලා ඒ පින අනුමෝදන් කළා. ඒ පින දීපු සැණින් පුණ්‍ය විපාක පහළ වුණා. භෝජන වස්ත්‍ර පැන් ආදිය සැප සම්පත් පහළ වුණා. මේ දානයෙහි ඵලය.
    ඒ වගේම ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසී සළුවලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුනු ඒ තැනැත්තිය තම බිරිඳ වන තිස්සා ඉදිරියේ පෙනී සිටියා.
    පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවම බබුලවන ඕසධි තරුවක් වගේ. ඇත්තටම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ මොනවගේ පිනක් නිසාද?
    ඒ කාලේ මගේ නම මත්තා. ඔබ තිස්සා යි. අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරින්ඳෑවරු වෙලා හිටියේ. අනේ මට පව් කරගත්තු නිසයි මේ පෙරේත ලෝකයට ආවේ. ඔබ දීපු දානේ නිසා මට දැන් කිසි දෙයකින් භයක් නැහැ. මම සතුටින් ඉන්නේ ඔබලා සැමදෙනාම නෑදෑයින් සමගින් බොහෝ කලක් ජීවත් වෙත්වා! මත්තා ප්‍රාර්ථනා කළා.
    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
    සටහන – නයනා නිල්මිණි

    Saturday, 20 July 2013

    සිතුල්පව්ව රජමහා විහාරය


    ආගමික වටිනාකමකින් අනූන සිතුල් පව්ව හාත්පස විසිරී පැතිරී ඇති වන ගහණයක් මධ්‍යයේ වන සතුන්ගේ නිජ භූමියක් මෙන්ම අභය භූමියක් වූ යාල වනෝද්‍යානය තුළ පිහිටි අති පූජනීය ඓතිහාසික සිද්ධස්ථානයකි. ඇත්තෙන්ම පුරාතනයේ මෙය යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් ම සැදි තපෝ වනයකි.
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්ද වසම තුළ පිහිටි, තිස්සමහාරාමයේ සිට යෝධ කණ්ඩිය දක්වා පැමිණ එතැනින් වමට ඇති මාර්ගයේ කි.මී. 25 1/2 ක් පමණ වනය මැදින් ගමන් කර මෙම ඓතිහාසික පුදබිම වෙතට පිවිසිය හැකි ය. කතරගම සිට ද සිතුල්පව්වට පිවිසිය හැකි මාර්ගයක් ද ඇත.
    මෙම පුරා බිම මහා වංශයේ හඳුන්වා ඇත්තේ ‘චිත්තල පබ්බත’ විහාරය වශයෙනි. සෙල්ලිපි වල සඳහන් වන්නේ ‘චිතල පබත’ යනුවෙනි. එහි අරුත නම් ‘සිත සතුටු කරන පව්ව‘ යන්න යි. ඇත්තෙන්ම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මෙය සිත් සතුටු කිරීමට හැකි ඉතා ආකර්ශනීය, ස්වභාවික පරිසරය තව තවත් හැඩ වැඩ කරලීමට සමත් ගිරි ලෙන්, දිය කදුරු, සහිත රූස්ස ගස් කොළන් මැද ඉතා සොඳුරු පසුබිමක් මධ්‍යයේ සැකැසී තිබෙ යි.
    මෙවන් සැකැස්මක් නිසාම සිතුල්පව්ව විහාර සංකීර්ණය, වන්දනාකරුවන්ගේ මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ද නොමඳ ආකර්ශනයට ලක්වූ පි‍්‍රය උපදවන්නා වූ, වරක් දෙවරක් නොව කිහිප වරක් වුව යාමට සිත පොළඹවන්නා වූ අපූර්වත්වයෙන් ආඩ්‍ය වූ අඩවියකි.
    මන නන්දනීය වූ සිතුල් පව්ව ස්වභාවික භූමි, සැකැස්ම තුළ භූමි බටහිරින් කතරගම කන්දත්, උතුරෙන් හපුතලේ සහ බණ්ඩාරවෙල කඳු වැටිත්, ගිනිකොන දෙසින් පෙනෙන මහ සයුරත්, සයුරේ කුඩා රාවණා සහ කෝට්ටේ ප්‍රදීපාගාරත්, ආකාශචේතිය, මැණික් ගඟ සහ මිනිස් ගල් කන්ද ද මේ මනරම් භූමිය වටව පිහිටා තිබේ.
    මෙහි ඓතිහාසික පසුබිම සොයායෑමේ දී අති දීර්ඝ දුරක් දක්වා පිවිසිය හැකිව තිබේ. එනම් මීට වසර 28,000 කටත් 18, 000 කටත් අතර දීර්ඝ වකවානුවක් දක්වා ප්‍රාග් ඓතිහාසික යුගයක නිමිති ඇති බවට ප්‍රබල සාධක මෙම බිමෙන් සොයාගෙන ඇත. ඒ බව පවසන්නේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ශිරාන් දැරණියගල ශූරීන් ය.
    සිතුල්පව්ව, දෙකුන්දරා වැව, මඟුල් මහා විහාරය උද්ධකන්දර ආදී ස්ථානවල ඇති ගල් ගුහා හා මේ වටා විහිදුණු පරිසරයේ ඇති තවත් ගල් ලෙන් ගණන 400 ද ඉක්මවයි. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ සිතුල්පව් විහාරයේ දොළොස් දහසක් යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වැඩ වාසය කළ බවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අවට භූමියේ පැරැණි බ්‍රාහ්මී අක්‍ෂර සහිත ගල් ලෙන් සියයක් පමණ සොයාගෙන ඇත. සුවිසල් වපසරියක් තුළ වන සොයාගත් සහ තවත් ඝන වනයේ සැඟව ඇති ලෙන් සමූහය පිළිබඳ සිතීමේ දී එවන් විශාල භික්‍ෂු සමූහයක් මේ පිවිතුරු පුදබිම තුළ වැඩ සිටියා යැයි සිතීම අසාධාරණ නොවෙයි.
    කසල වනය සිඳ බිඳ නිකසල පිවිතුරු සිතැති එදා මහරහතන් වහන්සේගෙන් නොඅඩු වූ මෙපින් බිම ධර්මාලෝකය විහිදාලුහ. මාතෘභූමිය සදහම් දීපය ලෙස විරුද ලැබීම වෙනුවෙන් පූජාසනයක් වූ සිතුල්පව්ව රත්නදීපයේ අධ්‍යාත්මය පෝෂණය කළ අමිල නීලරත්නයක්ම ය. මහාවංශය, මෙන්ම පූජාවලියේ ද සඳහන් පරිදි සිතුල්පව් විහාරය කරවන ලද්දේ කාවන්තිස්ස (ක්‍රි.පූ. 2) රජතුමා විසිනි. සිතුල්පව් මහවෙහෙර සිරසේ පිදුම් ලබමින් වැජඹෙනා මහ සිතුල්පව් දාගැබ කරවන ලද්දේ ද කාවන්තිස්ස රජතුමා බව කියැවෙයි. ඉන් මදක් ඔබ්බෙහි තවත් ගිරගත් මත තනා ඇති කුඩා සිතුල්පව් දා ගැබ ද එතුමා විසින් ම කරවන ලද්දකි.
    එමෙන්ම ලාංකේය බිම එක්සේසත් කළ අසහාය දුටුගැමුණු නරේන්ද්‍රයන් සහ සද්ධාතිස්ස කුමාරවරු අධ්‍යාපනය ලැබූවේ මෙහි දී බව ද කියැවෙයි. රාජ්‍ය අනුග්‍රහනයෙන් නොඅඩුව පුද ලද පින්බිම සඳහා දුටුගැමුණු රජතුමා සද්ධාතිස්ස, ලජ්ජිතිස්ස (ක්‍රි.පූ. 119 – 109 ) වලගම්බා (ක්‍රි.පූ. 103 ) භාතිකකාභය (ක්‍රි.පූ. 22 ක්‍රි.ව. 07 ) වසභ ආදී වූ තවත් රජ දරුවන් දායක වී තිබෙයි. මහා වංශයේ සඳහන් වන පරිදි වසභ රජතුමා විසින් කාවන්තිස්ස රජතුමා කළ ස්තූප වටා පරිවාර ස්තූප දහයක් ඉදි කර ඇත.
    රූස්ස රුක්පෙළ ආවරණය අභිබවමින් නැගී සිටින සිතුල් පව්වේ ඇති පුදුම හිතෙන ගල්කුඩය වටේ කටාරම් කොටා භික්‍ෂූන් වහන්සේගේ පාරිභෝගික වස්තුවක් ලෙස නිමවා ඇත්තේ ද මෙම රජ දරුවා ය. සිතා ගැනීමටවත් නොහැකි ටොන් ගණනාවක බරක් ඇති අති දැවැන්ත මහා ගල් කුට්ටියක් තවත් ගල් තලාවක් මත රැඳී ඇත්තේ කුඩා නෙත්තියකිනි. මෙම මහා ගල් කුළ රඳවා තබා ගැනීමට සියුම් නෙත්තියකට හැකි වූයේ මොන සමතුලිතතා න්‍යායකටදැයි කිසිම ජගතකුටවත් සිතා ගැනීමටවත් නොහැකි තරමට ස්වභාව ධර්මයේ න්‍යාය නූතන විද්‍යා තාක්‍ෂණික ඥාණයෙන් පිරිපුන් මිනිසාවද මවිතයට පත්කරවන සුළු ය.
    එදා මහ රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කළේ මෙම ගල් කුඩාය යට හීල් හෙවනේ වැඩ වසමින් බව ජනප්‍රවාදයේ කියැවෙයි. දහසක් රහතන් වහන්සේගේ දහසක් පා යුග්මයන්ට දස දහස්වර ස්පර්ශ වූ නිසාදෝ මෙම ගල් කුඩය යට ගල් තලාව පොළවට අල්ලන ටයිල් මතුපිටක් තරමට ඔප මට්ටම් වී ඇති ආකාරය ද ඇදහිය නොහැකි තරම් ය.
    පොළව පළා ඉස්මතු වන කඳු ගැට මත සිත් සනහන සුරම්‍යව ධවල පැහැති වෙහෙර සැදී අසහාය පුදබිම වර්ණයෙන් සුගන්ධයෙන් බබළවයි. නෙක ඉසව් සිසාරා නැගෙන පුරා විදු ස්මාරක මේ බිම තව තවත් අසිරිමත් කරවයි.
    මේ අපේ උදාර වූ මාතෘ භූමියේ වරුණ කියා පානා ලෙන් විහාර, ආවාස ලෙන් උපෝසථඝර, ධර්ම ශාලාව, පධානඝරය, බෝධි ඝරය, ආසන ඝරය, හස්ති ලාංඡන සහිත ශිලාමය වේදිකා, සිතුවම් සහිත මූර්ති, බුද්ධ ප්‍රතිමා ශේෂයන්, මකර රූ සහිත කොරවක් ගල් ආදී එකී නොකී දෑ සහිත අමිල ඓතිහාසික ආගමික සංකේතයන් පුද බිමේ දී දැක හඳුනා ගැනීමට පුළුවන.
    අදත් වැලලී ඇති අතීත උරුම උදානය හෙට දින මේ පුණ්‍ය භූමියෙන් තවත් මතු වනු නොඅනුමාන ය. වලගම්බා රාජ්‍ය සමයේ දී, පැමිණි බැමිණිටියාසායේ දී මෙහි වැඩ සිටි දොළොස් දහසක් මහ රහතන් වහන්සේ සමඟ තිස්සමහාරාම බිමේ වැඩ සිටි දොළොස් දහසක් මහරහතන් වහ්නසේ කුසට මදක් හෝ අහරක් නොමැතිව කර කොළ වළඳමින් දිවි ගෙවා අවසාන නිමේශයේ දී “එක්ව මියැදෙම්වායි” පෑ අධිෂ්ඨාන බලයෙන් විසි හතර දහසක් මහරහතන් වහන්සේ මේ පුණ්‍ය භූමියේ දී පිරිනිවන් පෑ බලයෙන් එදා සිතුල්පව්ව පිරිනිවන් මංචකයක් බවට පත් වීය. ඒ ජනප්‍රවාද කතාව ය. එසේ විසිහතර දහසක් රහත් ඵල ලාභීන්ට පරිනිර්වාණය ආසන්නයේම වූ අජරාමර නිවන් සුවය පතා අවසන් නිදි සයනය සෑදුවේ උපේක්‍ෂාවෙන් සියල්ල විඳ දරාගත් මෙ පින් බිම ය.
    විසිහතර දහසක් මහරහත් ඵල ලාභීන්ගේ මහා අධිෂ්ඨාන බලය දහස්වසරක් ගෙවූව ද පහන් සංවේගයෙන් අදත් මෙනෙහි කළ හැකි පරම පිවිතුරු සිතුල්පව් සෙනසුන් බිම වෙත අප පිවිසිය යුත්තේ ඉතිහාසයේ ගමන් මඟ ඔස්සේ ය. වනේ වන සතාටත් අභය දානය ප්‍රදානය කළ අභය භූමිය, මාරයාටත් අභියෝග කරමින් පහන් සිතින් භව මඟ නිමා කිරීමට උර දුන් අජන භූමිය, අපට දැක ගත හැක්කේ එවිට ය.

    බෝදියේ සෙවණ ලබමින් අවබෝදය මගහරින්නේ කිමද?

    ශ්‍රී ලංකාද්වීපයේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ඓතිහාසික විප්ලවයක් සිදු කළ වර්ෂය ලෙස ක්‍රි.පූ. 236 ඉතිහාසයට එක් වී තිබේ. එකී විප්ලවයේ පළමුවැනි කොටස වූයේ එම වසරේ පොසොන් මස පුර පසළොස්වක පොහෝ දිනයේ දී මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මෙරටට බුදුදහම හදුන්වා දෙනු ලැබීමයි. එහි දෙවැනි කොටස වූයේ එම වසරේ උඳුවප් මාසයේ දී සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ විසින් දඹදිව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවනු ලැබීමයි. ඊට සමගාමීව මෙරට භික්ෂුණී ශාසනයද පිහිටුවනු ලැබිණි.
    මෙම විශේෂ සිදුවීම් දෙකටම පුරෝගාමී වූ මහා පුරුෂයන් දෙදෙනෙකි. එවකට ශ්‍රී ලංකාද්වීපයේ රජ කළ දේවානම්පියතිස්ස මහරජතුමා සහ දඹදිව ධර්මාශෝක මහ අධිරාජයා ඔවුහු වෙති. මෙම ශ්‍රේෂ්ඨ පුරුෂයන් දෙදෙනාගේ පුරෝගාමිත්වයෙන් සිදුවූ එම සිදුවීම් පිළිබඳ දීපවංශය, මහාවංශය සහ බෝධිවංශය ආදී ඓතිහාසික ග්‍රන්ථවල මැනැවින් විස්තර කර තිබේ. එමතුදු නොව, මිහින්තලේ, රජගල ආදි ස්ථානවලින් හමු වූ සෙල් ලිපි සහ පුරාවිද්‍යාත්මක තොරතුරු වලිනුත්, දඹදිව සාංචි තොරණේ කැටයම් ආදියෙනුත් මෙම ඓතිහාසික සිදුවීම් වල සත්‍යතාව මැනැවින් තහවුරු වී තිබේ. එබැවින් අපගේ උත්සාහය එකී සිදුවීම් පිළිබඳ නැවත විස්තර කිරීම නොව ඒ හා බැඳුණු සමාජ යථාර්ථයක් අපට හැකි පමණින් විග්‍රහ කිරීම වේ.
    පොදු ජන ව්‍යවහාරයේදී ‘බෝ’ හෙවත් ‘බෝධි’ යනුවෙන් හැඳින්වුව ද මෙම වෘක්ෂයේ නාමය එය නොවේ. ‘අශ්වත්ථ” හෙවත් ‘ඇසතු’ ය. එය බෝ හෙවත් බෝධි යන නාමයෙන් ප්‍රකට වීම ඇරැඹුණේ සිද්ධාර්ථ ගෞතම තවුසාණන් බුද්ධගයාවේ නේරංජනා නදිය අසබඩ වූ ඇසතු වෘක්ෂය පාමුල, ඊට පිට දී වැඩහිඳිමින් සම්මා සම්බෝධිය අවබෝධ කිරීම හේතුවෙනි.
    බුද්ධත්වය, සර්වඥතාඥානය, සහ ආර්යසත්‍යඥානය වැනි නම්වලින් මිනිස් මනැසක ඉතා පරිණත අවස්ථාව හැඳින්වේ. එය බුද්ධි විකාශයේ අතිශය ඉහළම තත්ත්වයයි. ‘බෝධි’ යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ එයයි. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ මෙම අවස්ථාවේදීය. උන්වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කපවත්තන සූත්‍ර‍්‍රයේදීම චතුරාර්ය සත්‍ය දේශනා කළ සේක.
    දුක්ඛ සත්‍යය (දුක)
    සමුදය සත්‍යය (දුක ඇතිවීමට හේතුව)
    නිරෝධ සත්‍යය (දුකින් මිදීම) සහ
    මාර්ග සත්‍යය (දුකින් මිදීමේ මාර්ගය)
    යනු එම ආර්ය සත්‍ය සතරයි. අනතුරුව බුදුරජාණන් වහන්සේ දුකින් මිදීමේ මාර්ගය හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සවිස්තරව පෙන්වා දුන් සේක. බුදුදහමේ හදවත ලෙස, මෙම චතුරාර්ය සත්‍යය සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය හැඳින්වේ.
    මේ අනුව බලන විට ‘බෝධිය’ යනු බෞද්ධයාට තවදුරටත් වෘක්ෂයක් පමණක් නොවේ.බෝධි වන්දනය යනු වෘක්ෂ වන්දනයක්ද නොවේ. ඊට වඩා බොහෝ ගැඹුරු අරුත් ඇත්තකි. සිද්ධාර්ථ ගෞතම තවුසාණෝ බෝධිය හෙවත් බුද්ධත්වය ලැබීම පිණිස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පිරූහ. උන්වහන්සේ මේ තරම් කැපකිරීම් කරමින් බෝධිය අවබෝධ කරගැනීමට වෙහෙසුණේ ඇයි? පිළිතුර ඉතා පැහැදිලි වූවකි. ලෝක සත්වයා තෙරක් නොපෙනෙන සංසාරයේ භවයකින් භවයකට ගමන් කරමින් අනන්ත අප්‍රමාණ ලෙසදුක් විඳින බව සිද්ධාර්ථ ගෞතම තවුසාණෝ සිය නුවණින් දුටහ. මේ බියකරු සසරෙන් මිදෙන මාර්ගයක් ඉන් පෙර ලෝකයේ කිසිවෙකු හෝ දැන නොසිටියේය. එහි අරුත නම් සිද්ධාර්ථ ගෞතම තවුසාණෝ ලොව්තුරා බුද්ධත්වයට පත්වෙමින් සම්‍යක් දෘෂ්ඨිය හෙවත් නිවැරැදි මාර්ගය දකින තුරු මුළු ලෝකයම අවිද්‍යාවේ හෙවත් මිථ්‍යාදෘෂ්ඨීයේ ගිලී තිබීමයි.
    බුදුරජාණන් වහන්සේගේ දහම, එතෙක් ලොවෙහි වූ සියලු මිථ්‍යා දෘෂ්ඨින්ගෙන් වෙනස් වන වැදගත් කරුණු රැසකි. එයින් කරුණූ දෙකක් දක්වනු කැමැත්තෙමි. බුදුදහම ඍජුවම ආත්මවාදය බැහැර කරයි. එමෙන්ම මිනිසාට ස්වච්ඡන්දතාව තිබෙන බව පිළිගනී. අනාත්මවාදී වූද මිනිසාගේ ස්වච්ඡන්දතාව පිළිගනු ලබන්නා වූ ද ලෝකයේ එකම දහම බුදුදහම පමණකි.
    පාලි ‘අත්ථ’ යන පදයේ අර්ථය ‘නැති නොවනසුළු’, ‘වෙනස් නොවන සුළු’ යන්නයි. මිනිසා තුළ ඇති නැති නොවන සුළු වෙනස් නොවනසුළු දෙය ආත්ම වශයෙන් විශ්වාස කෙරිණි. ඇතැම් ආගම්වලට අනුව ජාතියෙන් ජාතියට ගමන් කරන්නේ ආත්මයයි.
    සියලු කුසල හෝ අකුසල කර්මවල විපාක ලෙස වර හෝ දණ්ඩන හෝ ලබන්නේ මිනිසා තුළ ඇති ආත්මයයි. මෙම දර්ශනය ආත්මවාදය යනුවෙන් හැඳින්වේ. බුදුදහම මේ බරපතළ මිථ්‍යාව බැහැර කරයි.ආත්මය යනු බරපතළ මිථ්‍යා විශ්වාසයක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති. බුදුදහම අනාත්මවාදි දහමක් වන්නේ එබැවිනි.
    ‘ස්වච්ඡන්දතාව’ යනු මිනිසාගේ වගකීම් මිනිසාටම ඇති බව පිළිගැනීමකි. ඒ අනුව බුදුදහම මිනිසාගේ් ස්වච්ඡන්දතාව පිළිගනිමින් මිනිසා පිළිබඳ පූර්ණ වගකීම ඇත්තේ මිනිසාටම බව පැහැදිලිවම දක්වයි. පුද්ගලයා කරන කුසලා කුසල කර්මවල ප්‍රතිඵල ඔහුම විඳිය යුතුය. නිවැරැදි මාර්ගයක ගමන් කරන්නේ නම් බුද්ධත්වයට පත්වීමට ඔහුට හැකිවේ. ධම්මපදයේ අත්ථ වග්ගයෙහි එන පහත සඳහන් ගාථාව ඊට මනා නිදසුනකි.
    අත්තාහි අත්තනෝ නාථෝ
    කෝ හි නාථො පරෝ සියා
    අත්තනා’ ව සුදන්තේන
    නාථං ලභති දුල්ලභං
    තමාට පිහිට තමාමය. වෙන කවරකු තමාට පිහිට වේද? තමා මනාව දැමුණූ කල්හි දුර්ලභ වූ පිහිටක් ලබන්නේය, යනු මේ ගාථාවේ අර්ථයයි.
    මේ ආකාරයට විමසා බලන විට සිද්ධාර්ථ ගෞතම තවුසාණන් බෝධිය සෙවණේදී සම්මා සම්බෝධිය අවබෝධ කරගන්නා තෙක්ම මෙලොව සත්වයා විසුවේ අවිද්‍යා ඝන අන්ධකාරයේය. ඔවුහු විවිධාකාර වූ මිථ්‍යා දෘෂ්ඨිවල ගිලී අප්‍රමාණ දුකට පාත්‍රව සිටියෝය. සැනසීම පතා විවිධ බාහිර බලවේගවල පිහිට පැතූ®හ. මෙම දුක්ඛදායක තත්ත්වය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මෙලෙසිනි.
    බියෙන් තැතිගත් මනුෂ්‍යයා පර්වත, කැලෑ, ආරාම, ගස් හා චෛත්‍ය යන මේ දේ බොහෝ සෙයින් සරණ කොට ගනී.
    මේ අකාරයට තමාට පාලනය කළ නොහැකි ස්වභාවික වස්තු හා සංසිද්ධීන් දේවත්වයට පත් කරමින්ද තමාගේ වගකීම් තමා නොගනිමින්ද තමාට බැහැරින් වු බලවේගයකට පවරමින්ද මිනිසා දුකින් දුකට පත් වූයේ මෙම මිථ්‍යා දෘෂ්ඨියේ ගිලී යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි.
    මේ කිසිවක් සරණ යෑම බියෙන් මිදීමට උපකාර නොවේ. එය උතුම් සරණ ද නොවේ..මේ කිසිදු සරණකින් මිනිසා දුකින් නොමිදේ. එය කළ හැකි වන්නේ තිසරණ සරණ යමින්, චතුරාර්ය සත්‍යය සිහිනුවණින් දැකීමෙනි. සම්මා දිට්ඨිය ලබා ගැනීමෙනි.
    මේ සරණම බිය රහිතය. මේ සරණම උතුම්ය. මේ (තිසරණ) සරණට පැමිණ සියලු දුකින් මිදේ. මේ බුද්ධ වචනයයි. අපට මෙයින් වටහාගත හැක්කේ කුමක්ද?
    මිථ්‍යා දෘෂ්ඨීයේ ගිලී සිටි ජනතාවට බුදුරජාණන් වහන්සේ සම්මා දෘෂ්ඨිය පෙන්වා දුන් බවයි. මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට නිර්මල බුදුදහම හඳුන්වා දෙනතුරු මේ දේශයේ වූයේද මිථ්‍යා දෘෂ්ඨියම වේ.ප්‍රාග් බෞද්ධ ඇදහිලි සහ විශ්වාස විමර්ශනය කරන විට මේ වග පැහැදිලි වේ. යක්ෂ වන්දනය, වෘක්ෂ වන්දනය, මළවුන් පිදීම සහ බ්‍රාහ්මණාගම වැනි විවිධාකාර ඇදහීම් මෙරට තිබූ බව වංශකතා හා පුරාවිද්‍යා සාධකවලින් හෙළිවේ.මේ ඇතැමෙක් දඹදිවෙන් මෙහි ලැබුණු ඒවා වන අතර තවත් කොටසක් මෙහි තිබූ ඒවා වේ. ඒ සියල්ල ස්වච්ඡන්දතාව නොතිබීම සහ ආත්මවාදිවීම යන කරුණු මුල් කරගත් ඒවා බව පෙනේ.
    මහින්දාගමනයෙන් එතෙක් මේ දේශයෙහි වූ මිථ්‍යාදෘෂ්ඨිය නිමා වී ශ්‍රී ලාංකිකයන්ට සම්මා දෘෂ්ඨියේ ආලෝකය වැටුණේය. එය මේ දෙරණ මත ස්ථිරසාරව මුල් බැස ගත්තේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අනුරාධපුරයේ රෝපණය කිරීමත් සමඟිනි.එතෙක් වෘක්ෂ වන්දනය කළ සිංහලයන්ට බෝධි වන්දනය හුදු වෘක්ෂ වන්දනයක් නොවිණ. එය බෝධිය හෙවත් බුද්ධ වන්දනයක් විය. එය ඉතා ගැඹූරු අරුත් නංවන්නකි. අතීත සිංහලයෝ බෝධිය වන්දනය කරමින් සිය ජීවිතයේ විවිධ පිරිපතවලට පිහිටක් පැතීමේ සරල ලාමක තත්ත්වයේ නොසිටියහ. එය එසේ වූයේ එහි යථාර්ථය ඔවුන් නිවැරදිව වටහා ගෙන සිටි නිසාය. ඔවුහු බෝධිය අවබෝධ කර ගැනීමේ නිවැරැදි මාර්ගයට අවතීර්ණවීමේ අතිශය වැදගත් දොරටුවක් ලෙස බෝධි වන්දනය යොදා ගත්හ. මිථ්‍යා දෘෂ්ඨියෙන් මිදෙමින් අනාත්මතාව අවබෝධ කර ගනිමින් තමන් සතු ස්වච්ඡන්දතාව වටහා ගනිමින් බුදුන් වහන්සේ පෑ මඟ යමින් සිය විමුක්තිය උදාකර ගැනීමට අනලස්ව කටයුතු කළහ. ධාතුසේන රජතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝධි පූජාවක් පවත්වා බුදු බව ප්‍රාර්ථනා කළ බැව් වංශ කතාවල දැක්වේ.
    එසේ වූ අර්ථ සම්පන්න අතීතයක් හිමිව සිටි අප එයින් වසර දහස් ගණනකට පසුව වර්තමානයේ මුහුණ දෙමින් සිටින්නේ කවර තත්ත්වයකටද? වර්තමානයේ පුවත්පත් වැනි ජනමාධ්‍යවල පිටු ගණන් පිරී ඇත්තේ විවිධ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනි ගුප්ත බලවේගවල පිළිසරණ ලබා දිය හැකි බව පැවසෙන දැන්වීම් වලිනි. නිරන්තරයෙන් දැකගත හැක්කේ ස්වච්ඡන්දතාව පසෙක දමා විවිධ බලවේග පසුපස පිහිට පතා යන ජනතාවකි. බෞද්ධයන්ගේ සම්මා දෘෂ්ඨිය මේ ආකාරයට පිරිහී යෑම ඉතා කනගාටුදායකය. ලෝකයේ එකම අනාත්මවාදි දහමේ ශ්‍රාවකයන් මෙසේ ආත්මවාදි ගමනකට ප්‍රවිශ්ඨ වී සිටීම යළි යළිත් විමසා බැලිය යුතු බරපතළ කාරණාවකි.ලොව්තුරා බුද්ධත්වය ලැබිය හැක්කේ මිනිසාටම පමණක් බව පැහැදිලිවම පෙන්වා දුන් දහමක ශ්‍රාවකයන් එය පසෙක දමා නොපෙනෙන දෙවියන්, භූ®තයින් පසු පස අන්ධයන්, වහලුන් සේ යමින් සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට උත්සාහ කිරීම ඛේදවාචකයකි. අරුත්සුන් උත්සාහයකි. එය මකුළුදැලේ පැටලුණු සතා දඟලන විට තව තවත් එහිම පැටලී විනාශ වී යෑම වැන්නකි.

    Sunday, 14 July 2013

    ථෙරවාදි බුදුදහමේ ඉහළම නිදහසක් තියෙනවා



    දහම්සෙවන සිඟිත්තෝ 
    ළමා සංවර්ධන පදනමේ නිර්මාතෘ
    සුදුහුම්පොළ විමලසාර හිමි
    මිය ගියාට පසු ඔහුගේ භෂ්මාවශේෂ විහාරස්ථාන භූමියෙහි තැන්පත් කරනවා. එහිදී විහාරස්ථානයට පුණ්‍යාධාර ලබාදෙනවා. මිය ගිය පුද්ගලයා රාජ්‍ය සේවකයෙක් නම් ඇතැම්විට ඔහුගේ විශ්‍රාම වැටුප පවා විහාරස්ථානයට හරවනවා. මාස් පතා හෝ අවුරුදු පතා විහාරස්ථානයට යම් මුදලක් පරිත්‍යාග කරනවා. මේ නිසා බුදුදහමේ උන්නතියට නැත්නම් විහාරස්ථානයේ සංවර්ධනයට අමුතුවෙන් බර පැන දැරීමට අවශ්‍ය නැහැ
    බුදුරජාණන් වහන්සේ අපට ලබාදුන් පළමු ආදර්ශය කළගුණ සැලකීමයි. උන්වහන්සේ තරම් අන්‍යයන් ගැන සොයා බලා කටයුතු කළ කිසිම ශාස්තෘන් වහන්සේ නමක් ලොව මෙතෙක් පහළ වී නැහැ. ඒ නිසාම එවකට භාරතයේ අන්‍යආගමික නායකයන්ගේ පැසසුමට පවා උන්වහන්සේ ලක්වුණා. එපමණක් නෙමෙයි අන්‍ය ආගමික න්‍යායාචාර්යවරුන් බුදු දහම වැළද ගත්තේ තම විශාල පිරිස් ද සමඟින්.
    පිරිනිවන් පාන අවස්ථාව දක්වාම උන්වහන්සේ ලෝකයාගේ හිත සුව පිණිස කටයුතු කළා.
    උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු ධර්මය වරින්වර විවිධ වෙනස්වීම් වලට ලක් වුණා. විශේෂයෙන්ම ධර්ම සංගායනා මෙහිදී විශේෂයෙන් ඉවහල් වුණා. මහායාන හා හීනයාන වශයෙන් බුදු දහමේ නිකාය වෙන්වීමක් ඇතිවුණේ ඒ ඇසුරින්.
    ජපානය, කොරියාව, චීනය, භූතානය වගේ රටවල මහායාන දහමත්, ශ්‍රී ලංකව, තායිලන්තය, මියැන්මාරය වැනි රටවල ථෙරවාදි දහමත් වර්ධනය වුණා.
    නිවන් දැකීමේ අරමුණ තිබුණත්, අනිත් හැම රටකම බුදුදහම නැංවීම සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් තියෙනවා. අපේ රටේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ථෙරවාදි බුදු දහමේ ඉහළම නිදහසක් තිබෙනවා. මට පේන විදියට අප ඒ නිදහස අයුතු ලෙසින් භාවිතා කරනව වගෙයි. පිටතින් ඉඳල බලන විටයි ඒ බව හොඳින්ම පේන්නෙ.
    සැලසුම් සහගත නායකත්ව වැඩපිළිවෙළක් ග්‍රාමීය මට්ටම දක්වාම ක්‍රියාත්මක කරන්න ඕන. ජපානය දෙස බැලීමේදී අපට හොඳින්ම පේනවා මෙරටට වඩා නිකායන් රැසක්ම ජපානයේ තිබෙන බව.
    ඒත් ඒ හැම නිකායකම නිවැරැදිව අනුගමනය කරන ව්‍යවස්ථාවක් ප්‍රතිපත්තියක් තියෙනවා. අද පැවිදි පාර්ශ්වයට ඇතුළු වුණ අයෙක් වුනත් ඒ සියල්ලටම ගරු කරමින් ඒ අනුව කටයුතු කරනවා. බුදු දහම අනෙක් රටවල ඉහළ මට්ටමින් දියුණු වී ඇත්තේත් අප රටේ තවමත් දියුණුවන මට්ටමේ ඇත්තේත් අප ඇත්ත නිවැරැදිව දැක ඊට මුහුණ නොදෙන නිසයි. මේ නිසා ඇතැම් විට ග්‍රාමීය මට්ටමින් භික්‍ෂූන් වහන්සේ අසරණ වී තිබෙනවා. ඇතැම්විට ග්‍රාමීය මට්ටමේ භික්ෂූන් වහන්සේගේ ගැටලු විසඳා ගන්න අපහසු වනවා. මේ නිසා ආර්ථික වශයෙන් මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද ග්‍රාමීය විහාරස්ථාන අඩපණ වනවා. එවන් අවස්ථාවල එම භික්ෂූන් වහන්සේ ඡ්‍යොතිෂය වැනි දේට යොමු වනවා. සෙත් කවි, බලි තොවිල් ආදියටත් යොමුවනවා. එතැනින් විහාරස්ථාන ව්‍යපාර මට්ටමට පත්වනවා. මේ තත්වය ඇතැම් විට නාගරිකවත් දක්නට තිබෙන බව ඇත්ත . එහෙත් පොදුවේ සලකා බැලු විට අපට පෙනී යන්නේ එක් එක් විහාරස්ථානවලට වෙන් වෙන් වශයෙන් සකසා ගත් ක්‍රමවේද තිබෙන බවයි. එය වෙනස් විය යුතුයි. අපට ස්ථීර වැඩපිළිවෙළක් බුදුදහමේ දියුණුවට තිබිය යුතුයි.
    මහායාන බුදු දහමේ ආරම්භකයන් ඉතාම කල්පනාකාරිව දීර්ඝ කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. එමඟින් එම රටවල බුදුදහමත් විහාරස්ථාන මෙන්ම භික්‍ෂූන් වහන්සේ සුරැකීමට කටයුතු යෙදී තිබෙනවා.
    ජපන් බෞද්ධයන්ගේ දරුවන්ට නම් ලබා දෙන්නේ පන්සලෙන්, පන්සල අයත් නිකාය ඒ දරුවාගේ වාසගම බවට පත්වනවා. ඒ තැනැත්තා මිය යන තුරුම පන්සල හා සම්බන්ධව කටයුතු කරනවා.
    මිය ගියාට පසු ඔහුගේ භෂ්මාවශේෂ විහාරස්ථාන භූමියෙහි තැන්පත් කරනවා. එහිදී විහාරස්ථානයට පුණ්‍යාධාර ලබාදෙනවා. මිය ගිය පුද්ගලයා රාජ්‍ය සේවකයෙක් නම් ඇතැම්විට ඔහුගේ විශ්‍රාම වැටුප පවා විහාරස්ථානයට හරවනවා. මාස් පතා හෝ අවුරුදු පතා විහාරස්ථානයට යම් මුදලක් පරිත්‍යාග කරනවා .මේ නිසා බුදුදහමේ උන්නතියට නැත්නම් විහාරස්ථානයේ සංවර්ධනයට අමුතුවෙන් බර පැන දැරීමට අවශ්‍ය නැහැ.
    අපේ රටේ බෞද්ධයන් නගා සිටුවීමටත් විහාරස්ථාන ගොඩනැංවීමටත් නිසි වැඩ පිළිවෙළක් ආරම්භ විය යුතුයි. එසේ නිවැරැදි වැඩපිළිවෙළක් නොමැති නිසයි අපේ ස්වාමීන් වහන්සේ සෙත් කවි, බලිතොවිල් වගේම ඡ්‍යොතිෂ වැඩවලට යොමුවන්නේ. ඇතැම් හිමිවරුන් විවිධ ව්‍යාපාරවලටත් යොමු වෙලා. මෙය සැබැවින්ම කනගාටුදායකයි.මේ නිසා බුදුදහම නැංවීමට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් අවශ්‍ය වෙනවා.
    භික්‍ෂූන් වහන්සේ මෙන්ම දසසිල් මාතාවන්ගේ අධ්‍යාපනය නැංවිය හැකි ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුවනවා. භික්ෂුන් වහන්සේ ගතින් මහණ කළාට සිතින් මහණ කර නැහැ.
    අපට උරුම අපේ ගමේ සංස්කෘතියට අප යළි යොමු විය යුතුවනවා.
    අද බොහෝ දුරට චරිත වශයෙන් කැපී පෙනෙන තත්ත්වයක් මිස දහමට අනුව නිසි පරිදි හැඩ ගැසීමේ ක්‍රමවේදයක් දක්නට නැහැ. ධර්මදේශනා සඳහා ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේට ආරාධනා නොකර බාහිර ස්වාමින් වහන්සේ වඩමවන්නේ සප්ත අපරහානීය ධර්මවල දැක්වෙන තම ප්‍රදේශයන්ට නොපැමිණි පූජ්‍ය උතුමන් ගෙන්වා ගැනීමේ අරමුණින් නෙමෙයි. පුද්ගල චරිතයන්ට අපි වැඩි තැනක් ලබාදී ඇති නිසයි.
    ගිහි පැවිදි දෙපාර්ශ්වයම අපේ දහම රැක ගන්න කටයුතු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ ‘’චක්ඛූං උදපාදි , ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි යන්නයි. මට ප්‍රඥාව පහළ වුණා ආලෝකය දැනුණ යන්නයි.
    ඒ කාර්යය සිදු කිරීමට අපේ භික්ෂූන් වහන්සේ ඇප කැපවී කටයුතු කළ යුතුවනවා.
    ‘ආරඤ්ඤ ගතො රුක්ඛ මූලගතො
    සුඤ්ඤගාත ගතො යනුවෙන් භික්ෂූන් වහන්ස කැපවිය යුතු අකාරය බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා.
    ඒ උදෙසා භික්ෂූන් වහන්සේ ඇප කැපවී කටයුතු කළ යුතුවනවා. ගිහියා නිසි පරිදි ධනයෙන්, පිරිසුදු මනසකින් නිරෝගීව සිටියහොත් පමණයි භික්ෂූන් වහන්සේට ඇප උපස්ථාන කළ හැක්කේ. එම නිසා නිරන්තරයෙන්ම මේ දෙපාර්ශ්වය අතර අවබෝධයක් තිබීම වැදගත් වනවා.අද විහාරස්ථානවල අඩුපාඩු සපුරා ගන්නට දායකයට වැඩි බරක් පැටවෙනවා. ඒ තත්ත්වය උදා වී ඇත්තේ අනෙක් රටවල මෙන් අපේ විහාරස්ථාන සියල්ල එකම ජාලයක නොපිහිටි නිසයි. අඩුතැනින් වැඩිතැනට මෙන්ම වැඩි තැනින් අඩුතැනට ගලා යා යුතුදේ තිබෙනවා. එහෙත් අපේ රටේ බුදුදහමේ එවැන්නක් නැහැ. එවැනි ක්‍රමවේදයක් හැදෙන තුරු අපේ බුදුදහමට එල්ල වන අකටයුතු නැවැත්වීම අසීරු වනවා.
    සාකච්ඡා කළේ
    තාරක වික්‍රමසේකර

    හොදි රසය නොදන්නා හැන්ද වැනි මිනිස්ස



    මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
    හොදි හැඳීගාන හැන්ද හොද්ද ඉදෙන තෙක් හැන්ද හොද්දේ බැහැලා හිටියත්, එහි ලුණු ඇඹුල් රසය හරිය හැටි දැනගන්න හැන්දට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි කොච්චර දැන, උගත් මනුෂ්‍යයන් ඇසුරු කළත් කොතරම් දැන උගත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තත් මෝඩ මිනිහා කියන තැනැත්තා හරියට හොදි රසය දන්නෙ නැති හැන්ද වගේ. කෙතරම් පණ්ඩිතයෝ ඇසුරු කළත් ඇසුරු නිසරු කළත් හොද දේ නම් ඉගෙන ගන්නේ නැහැ. උදායි හාමුදුරුවොත් අන්න ඒවගේයි. අපේ සමාජයේ ජීවත් වන අය ගැන හිතල බැලුවත් මේ බණ පදයේ පල ප්‍රයෝජන තියෙනව කියලා හිතෙනවා.
    සැවැත්නුවර ජේතවනාරාමයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී සිව්වනක් පිරිස බුදුරජාණන් වහන්සේගෙන් බණදහම් අසා පැහැදී ආර්ය මාර්ගයට පිවිසුණා. සිව්වනක් පිරිස යනු භික්‍ෂු,භීක්‍ෂුණී, උපාසක, උපාසිකා කියන පිරිස වේ.මෙම කතාවේ මූලිකත්වය දරන්නේ බුද්ධ ශාසනයේ භික්‍ෂූ සමාජය තුළ භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස වැඩ වාසය කළ උදායි හාමුදුරුවන් පිළිබඳවයි.උදායි හාමුදුරුවෝ යහපත් මනා පෙනුමක් ඇති ශරීරය අඟ පසඟ මැනවින් පිහිටි දුටුවන්ගේ සිත් එකවර ඇදී යන මනා ශරීර ස්වභාවයක් තිබූ ස්වාමීන් වහන්සේ නමකි. උන්වහන්සේගේ ශරීරය තුළ තිබුණ මෙම පෙනුම නිසාම උදායි හාමුදුරුවන්ට පැහැදුණු පිරිස විශාලයි.
    උන්වහන්සේ කෙරෙහි ප්‍රසාදයට පත්ව භික්‍ෂූත්වයට නැඹුරුවූ තරුණ තරුණියන් ප්‍රමාණයත් විශාලයි.එසේ වීමට හේතුව වූයේ උදායි හාමුදුරුවෝ මනා පෙනුමකින් යුතු ශරීරය ස්වභාවයිත් යුත් තත්වයක් තිබූ නිසා. උන්වහන්සේ ලස්සන ශරීර ස්වභාවයෙන් තිබූ කෙනෙක් වුණත් උදායි හාමුදුරුවෝ දැනුම ඇති ප්‍රඥා සම්පන්න කෙනෙකුවීමට අපොහොසත් වුණා. බණ දහම් වුණත් නිසි අයුරින් පැහැදිලි කර දීමේ ව්‍යක්ත බවක් උන්වහන්සේ සතුවූයේ නැහැ. ප්‍රඥාව නැති නිසා ධර්මය පිළිබඳ වැටහීමද බොහොම අඩුයි. උදායි හාමුදුරුවන් ගේ ශරීරය ස්වභාවය දියුණුවෙන කොට මානසික ප්‍රඥාව තිබුණෙ අඩුවෙන්. කෙනෙක් එකවර දකින කොට ඒ දකින දැක්මෙන් කෙනෙකුගෙ ප්‍රඥාව , දැනුම,අවබෝධය,තෝරාබේරා ගන්න අමාරුයි. නමුත් ශරීර ස්වභාවයේ හැඩරුව දැන හඳුනගන්න එතරම් අමාරු නැහැ. උදායි හාමුදුරුවෝ තුළ මෙම පිහිටීම් ස්වභාවයන් නිසාම උන්වහන්සේ සමාජය තුළ ලැබූ ජනපි‍්‍රයත්වය ද වැඩියි. පන්සලට එන කෙනෙක් උදායි හාමුදුරුවන් දකින කොට එකවර උන්වහන්සේ කෙරෙහි හිත ඇදී යනවා.
    උන්වහන්සේගෙන් බණ දහම් අහන්නත් හිතෙනවා. පිරිස මේ වගේ වැඩිවෙන කොට, ශ්‍රාවක, ශ්‍රාවිකාවන් වැඩි වෙනකොට, තමන්ගේ දැනුමේ අඩුපාඩු උදායි හාමුදුරුවන්ට දැනෙන්න පටන් ගත්තා. උන්වහන්සේගේ ප්‍රඥාවේ අඩුපාඩු කම උන්වන්සේට දැනෙන්න වුණා. තමන්ට ධර්ම දැනුම අඩුයිනේ කියන හැඟීම උන්වහන්සේට ආවා. එහෙම වුණත් දැන් බණදහම් ඉගෙනගන්න තරම් කාලයක් නැහැ. ඒ කාර්යය බහුල නිසා. සමාජයට තමනුත් දන්න කෙනෙක්ය කියක කරුණ පෙන්වීමට ඕනෑ යැයි සිතිවිල්ලක් උදායි හාමුදුරුවන්ට ඇතිවුනා.උන්වහන්සේ, මමත් බණදන්න කෙනෙක්. මටත් බණ හොඳීන් කියන්න පුළුවන් කෙනෙක්ය කියලා හිතන්න පටන් ගත්තා. එහෙම හිතාගෙන යනකොට උන්වහන්සේ වටහා ගත්තා මටත් බණ දහම් කියන්න පුළුවන් කෙනෙක්ය කියලා. එක දවසක් උදායි හාමුදුරුවො බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන දහම් සභාවේ මූලිකත්වය දරන ආසනයක වාඩිවෙලා උජාරු ලීලාවෙන් තමනුත් බණ දහම් දන්න කෙනෙක්ය කියා අනෙක් අයට පෙන්වීම සඳහා වාඩිවෙලා හිටියා. ඈත දුර බැහැර ඉඳල බුදුහාමුදුරුවෝ දකින්න පන්සලට ආවා. ධර්මය දන්න ධර්මධර භික්‍ෂූන් වහන්සේලා උදායි හාමුදුරුවො ළඟට ගිහිල්ල ධර්මය ගැන කතා කළා. බුදුහාමුදුරුවී දේශනා කළ විනය හොඳීන් දන්න හාමුදුරුවන් වහන්සේලාට කියන්නේ විනයධර භික්‍ෂූන්වහන්සේ කියලා. දුරබැහැර ප්‍රදේශවලින් වැඩම කළ විනයධර භික්‍ෂූන්වහන්සේලා උදායි හාමුදුරුවන්ගෙන් විනය පිළිබඳ කරුණු විමසුවා. උන්වහන්සේගේ දැනුම පරීක්‍ෂා කිරීමේ අදහසින් එහෙම කළා නොවෙයි. උදායි හාමුදුරුවන් හිටිය ලීලාවෙන් උන්වහන්සේ හිතුවා උදායි හාමුදුරුවන් ධර්මධර භික්‍ෂූන්වහන්සේ නමක්ය කියලා. විනයධර,භික්‍ෂූන් වහන්සේ නමක්ය කියලා. එසේ හිතලයි උන්වහන්සේගෙන් මේවගේ ප්‍රශ්න ඇසුවේ.
    කිසි විටකත් උන්වහන්සේ හෑල්ලුවට ලක්කිරීමේ අදහසින් නොවෙයි. එහෙම වුණත් උත්තර දීගන්න බැරිවුනහම දැනුම අඩු බව වැටුහුණු විට උදායි හාමුදුරුවන් ගැන අනෙක් හාමුදුරුවරු හරියට දුක්වුණා. කළකිරුණා. කම්පාවට පත්වුණා. ඒකට හේතුව තමයි, බුදුරජාණන්වහන්සේ ළඟ වැඩ හිඳගෙන ජේතවනාරාමය ඇසුරු නිසරු කරමින් මහා දැන උගත් පඬිවරුන්ගේ සෙවණේ ඉඳගෙන මේ හාමුදුරුවො මේ තරම් මෝඩ කෙනෙක් බවට පත්වුණේ ඇයි? කියලා. ශරීර ස්වභාවය මනාව තිබුණත්, ප්‍රඥාවෙන් හිස්, ප්‍රඥාවෙන් හීන මේ වගේ කෙනෙක් මෙහෙම වුණේ කොහාමද? කියලා ඈත දුර බැහැර සිට පන්සලට වැඩම කළ හාමුදුරුවරු උදායි හාමුදුරුවො ගැන දුක් වුණා.
    උන්වහන්සේලා උදායි හාමුදුරුවෝ ගැන දුක්වුණා විතරක් නොවෙයි, උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙනුත් විමසුවා. බුදුහාමුදුරුවනේ,ඔබ වහන්සේ නිතර නිතර දැක දැක ඔබ වහන්සේගේ උතුම් බණ නිතර නිතර අසා ඔබ වහන්සේගේ සෙවණෙහිමත් වැඩෙන,මෙම උදායි හාමුදුරුවෝ මොනවත් ඉගෙන නොගන්නේ ඇයි? ස්වාමීනි! බුදුපියාණන් වහන්ස, ඒ පිළිබඳ කියලා දෙන්න.උනන්දුවක් නැද්ද කියලා. “ ඒ වෙලාවේ බුදුහාමුදුරුවො එම භික්‍ෂූන් වහන්සේ අරභයා පෙර ඇසූ ප්‍රශ්නය මාතෘකා කරගෙන කරුණු කාරණා කිහිපයක් දේශනා කළා.
    යාව ජීවන්ති චෙ බාලෝ
    පණ්ඩිතං පයිරු පාසතී
    න සෝ ධම්මං විජානාති
    ධම්හිී සූපරසං යථා
    මෙම බණ පදය තුළ ආදර්ශවත් උපමාවක් දක්වල තියෙනවා. හොදි හැඳීගාන හැන්ද හොද්ද ඉදෙන තෙක් හැන්ද හොද්දේ බැහැලා හිටියත්, එහි ලුණු ඇඹුල් රසය හරිය හැටි දැනගන්න හැන්දට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි කොච්චර දැන, උගත් මනුෂ්‍යයන් ඇසුරු කළත් කොතරම් දැන උගත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තත් මෝඩ මිනිහා කියන තැනැත්තා හරියට හොදි රසය දන්නෙ නැති හැන්ද වගේ. කෙතරම් පණ්ඩිතයෝ ඇසුරු කළත් ඇසුරු නිසරු කළත් හොද දේ නම් ඉගෙන ගන්නේ නැහැ. උදායි හාමුදුරුවොත් අන්න ඒවගේයි.අපේ සමාජයේ ජීවත් වන අය ගැන හිතල බැලුවත් මේ බණ පදයේ පල ප්‍රයෝජන තියෙනව කියලා හිතෙනවා. උදායි හාමුදුරුවෝ පැවිදි වෙලා හිටියේ බුද්ධ කාලයේ උදායි හාමුදුරුවො වගේ අය අද කාලේ වුවත්, පැවිදි දම් පුරන අය අතර ඉන්න පුළුවන්. ඒ වගේ උදායි හාමුදුරුවන්ගේ හැඩරුව ගත් ගිහි අය වුවත් අපේ සමාජයේ ඕනතරම් ඉන්න පුළුවන්. පන්සලට යනවා.පන්සලට ගිහින් පින් දහම් කරන්නේ නැතිව වෙන වෙන වැඩ කරනවා. හාමුදුරුවන් සමඟ සාකච්ඡා කරනවා. හාමුදුරු කෙනෙක් සමග කතා කිරීමට අවශ්‍ය බණ දහම් ගැන සහ තමන්ගේ ජීවිතයේ අවුල් වියවුල් නිරාකරණය කරගන්න ආකාරය පිළිබඳවයි. නමුත් ඒවා කතාකරන්නේ නැතිව අනවශ්‍ය දේවල් කතා කරනවා. ඒවගේම පන්සිල් රකිනවාය කියලා පෙන්වමින් හොර රහසේම පන්සිල් කඩනවා. මෙන්න මේ වගේ ගිහි අය අපේ සමාජයේ ජීවත්වෙනවා. ඒ ගිහි අය මොන වගේද කියලා ඇහුවොත් බුදු බණට අනුව අපිට කියන්න වෙන්නේ හොද්දෙම බැහැල ඉන්න හොදි රසය දන්නේ නැති හැන්ද වගේය කියලා.