sha fm

    Sunday 9 February 2014

    වරද හෙළිවෙතැයි බියෙන් තරුණිය මරා දාලා......

    http://ratagiyaattho.blogspot.kr/
    ඉන්දියාවේ බටහිර උත්තර ප‍්‍රදේශ් මතුරා ගම්මානයේ සාමිවරයකු විසින් දූෂණයට ලක් කළ බව කියන තරුණියක අධිකරණ භූමියේදී වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම තරුණිය එදින අධිකරණය වෙත ගොස් ඇත්තේ සාමිවරයාට එරෙහිව සාක්ෂි දීම සඳහායි.
    එම අවස්ථාවට ඇය සමඟ අධිකරණය වෙත ගිය තරුණියගේ මව ද වෙඩි පහරින් බරපතළ තුවාල ලබා දැනට රෝහල්ගතව ඇතැයි එරට වාර්තා සඳහන් කරයි. අධිකරණ භූමියේ දී තරුණියට හා මවට වෙඩි තබා පලායාමට උත්සහ කළ දෙදනකු අත්අඩංගුවට ගෙන ඇතත් සෙසු පිරිස පලාගොස් තිබේ.
    සාමිවරයා විසින් දූෂණය කළ බව කියන තරුණිය 25 හැවිරිදි අයෙකි. ඇය දූෂණයට ලක් කළ බව කියන සාමිවරයා ඉන්දියාවේ උසස් අධ්‍යාත්මික නායකයකු බව පැවසේ. ගෝවින්දානන්දන් ටීරාත් නමැති මෙම සාමිවරයා අතින් තරුණිය දූෂණයට ලක්ව ඇත්තේ 2012 වසරේදී යි. සිද්ධියෙන් අනතුරුව එරට පොලිසිය වෙත ඇය පැමිණිලි කළ ද මේ වනතෙක් සාමිවරයා අත්අඩංගුවට ගෙන නොමැත.

    No comments:

    Post a Comment