sha fm

    Monday 10 February 2014

    පාසල් නේවාසිකාගාරයේ දී අබු සැමියන් ලෙස හැසිරිලා..

    http://ratagiyaattho.blogspot.kr/
    පාසල් සිසුවියක්ව පාසල් නේවාසිකාගාරයක් තුළ දී දුෂණය කළ බව කියන පාසල් සිසුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය පවසයි. මේ අයුරින් අතවරයට ලක්ව ඇත්තේ ආණමඩුව - තෝනිගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වයසැති බාලවයස්කාර පාසල් සිසුවියකි. අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 18 ක් වයසැති පාසල් සිසුවෙකුව ය.අතවරයට පත්ව ඇති දැරිවිය ආණමඩුව ප්‍රදේශයේ පාසලක 10 වන වසර ඉගෙණුම ලබමින් සිටින අතර, සැකකාර ශිෂ්‍යා ද එම පාසලේම 12 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිට ඇත. දෙදෙනා අතර මීට සති කීපයකට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ වී ඇත. පසුගිය 01 වැනිදා පුද්ගලික උපකාරක පන්තියකට යාම සදහා සිසුවිය ආණමඩුව නගරයට පැමිණ ඇත.බස් නැවතුම්පලේ දී සිසුවිය සහ සැකකරු මුණගැසීමෙන් අනතුරුව සැකකරුගේ ඉල්ලීම මත දෙදෙනාම පාසලේ නේවාසිකාගාරය වෙත ගොස් ඇති බවත්, ඉන්පසු නේවාසිකාගාරය තුළදී සැකකරු වූ පෙම්වතා විසින් තමන්ව දුෂණය කළ බවත් සිසුවිය පොලීසිය හමුවේ පවසා ඇත.සිද්ධියට මුහුණ දුන් පාසල් සිසුවියගේ ජංගම දුරකථනයේ තිබූ කෙටි පණිවිඩයක් ඇයගේ මාමා කෙනෙකු දැක මේ සම්බන්ධයෙන් සොයා බලන විට සිද්ධිය අනාවරණය වී ඇත.ඉන් පසුව සිද්ධිය පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකින් පසු අත්අඩංගුවට පත් සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට යොමුකර ඇත. ආණමඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කර ගෙන යයි.  
     

    No comments:

    Post a Comment