sha fm

    Tuesday 19 July 2016

    දකුණු කොරියාව තුල සේවකයාගෙ වැටුප් වර්ධනය

    2017 වසරට අදාල දකුණු කොරියාව තුල සේවකයාගෙ වැටුප් වර්ධනය සහ එහි ඉතිහාසය.


    ________________________________________________
    ලොව රටවල් අතුරින් නමවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන දකුණු කොරියාව ඒක පුද්ගල ආදායම (පැයකට ) අතින් ගත්කල ලොව රටවල් අතුරි දතුන්වන ස්ථානයෙ පසුවෙයි. විකිපිඩියා වෙබ් අඩවියට අනුව 2014 වසරෙ එක පුද්ගල ආදායම දකුණු කොරියාතුල අයෙකුගෙ ( වසරකට ) ඩොලර් 36672කි. එය ලොව රටවල් අතරින් 10 වන විෂාලතම තනි පුද්ගල ආදායම් ඉපයීම වෙයි. ශ්‍රී ලංකාව හා සංසන්දය කිරිමේදි ලංකාව තුල සේවකයෙකු වසර 10කදිවත් උපයනා ආදායමේ සාමන්‍යට වඩා විශාල අගයකි.
    2017 වසරට ආදාලව දකුණු කොරියාව සේවකයන්ට හිමිවියයුතු වැටුප් ප්‍රමාණයන් මේ වනවිට නිකුත් වි ඇත. සාමාන්‍යයෙන් දකුණු කොරියාවෙ ස්‍රමිකයෙකුගෙ වැටුප අවම වශයෙන් 6%කින් වර්ධනය වෙයැයි පිළිගැනිමක් පවති. වසර කිපයක තොරතුරු සංසන්දයය කරමින් මේ වසරෙ වැටුප් වර්ධකය කොපමණ දුරට සේවකයා කෙරෙහි බලපැම් ගෙනදෙනු ඇද්දැයි විමසා බලමු.
    2013 වසර
    --------------
    මුලිඛ වැටුප වොන් - 1015740යි.
    අතිකාල පැයකට වොන් - 7290යි.
    එය 7.2%කින් වැඩිකරමින් 2014 වසරට අදාල වැටුප් වර්ධනය විය.
    2014 වසර
    --------------
    මුලිඛ වැටුප - වොන් 1088890යි.
    අතිකාල පැයකට - වොන් 7815යි.
    මෙම වැටුප් ප්‍රමාණයන් 7.1% වැඩිකරමින් 2015 වසර සදහා වැටුප් ප්‍රමාණයන් සකස්වන්නට විය.
    2015 වසර
    --------------
    මුලිඛ වැටුප - වොන් 1166220යි.
    අතිකාල පැයකට - වොන් 8370යි.
    ආසන්න දශක කිහිපයක ඉතිහාසය තුල දැවැන්තම වැටුප් වර්ධකය හිමිවු වසර ලෙස 2016 වසර හදුන්වාදිය හැකිය. එම වසරෙදි පෙර වසරට සාපේක්ශව 8.06% කින් වැටුප් වර්ධනය විය.
    2016 වසර.-----------------

    මුලිඛ වැටුප - වොන් 1260270යි
    අතිකාල පැයකට - වොන් 9045යි.
    මේවනවිට නිකුත් වි ඇති 2017 වසර අදාල වැටුප් වර්ධනය වු ආකරය විමසා බලමු. පෙර වසරෙ පැවති මුලිඛ වැටුප වන වොන් 1260270ක මුදල මේ වසරෙදි වොන් 1,352,230ක් දක්වා වර්ධනය වි ඇති අතර ඒ 2016 වසරට සාපේක්ෂව 7.2% ප්‍රමාණයකින් වර්ධනය වි ඇත.
    2017 වසර
    --------------
    මුලිඛ වැටුප - වොන් 1,352,230යි.
    අතිකාල පැයකට - වොන් 9,705යි.
    සාමාන්‍ය පැයකට - වොන් 6,470යි.
    ගතවෙන වසරට සාපේක්ෂව එලබෙන වසරෙ වැටුප් වර්ධකය යම් ප්‍රමාණයකට හීන වර්ධණ වේගයක් පෙන්නුම් කළද එය සැහිමකට පත්විය හැකි ප්‍රමාණයක පවති. ගතවෙන වසර තුල දකුණු කොරියාවෙ නැව් කර්මාන්තය සැලකිය යුතු මට්ටමකින් පසුබැමට ලක්වීම මෙරට ආර්ථිකයට තදින් බලපැම් කරනු ලැබු බව පෙනෙනට තිබේ. එහි යම් තාක් දුරකට වන බලපැමක් වැටුප් වර්ධක සදහාද බලපා ඇති බවට උපකල්පනය කල හැක.

    Friday 15 July 2016

    මංගලාරාමයට ෆේස්බුක් ආධාර


    මඩකලපුව දිස්ත්‍රික්කයේ දුෂ්කරතා ඇති ගම්මානවල ජීවත්වෙන පවුල්වලට බෙදාදීම සඳහා වියලි ආහාර , රෙදිපිළි සහ ඇස් කණ්නාඩි තොගයක් ප්‍රංශයේ පදිංචි මනෝරි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ පිරිස විසින් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ට පරිත්‍යාග කර තිබෙනවා.

    මුහුණු පොතේ හා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මගින් මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් කෙවිලියාමදුව , කුන්කුනාව ආදී ගම්මානවල ජනතාව පත්ව සිටින වර්තමාන තත්ත්වය පිළිබඳව හෙළිදරව් කිරීමත් සමග මේ දානපතියන් ගේ අවධානය යොමුවී ලංකාවට පැමිණ මඩකලපුව මංගලාරාමයට ගොස් මෙම ආධාර ලබාදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
    එහිදී විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පැවසුවේ තම දිස්ත්‍රික්කයේ මායිම් ගම්මානවල ජිවත්වන ජනතාවට සේවය කිරීම තම අරමුණු බවත් ඔවුන්ට රජයේ හෝ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය නොලැබෙන නිසා ජනමාධ්‍ය හරහා දානපතියන් බොහෝදෙනකු එක්ව එම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරමින් සිටින බවයි.
    ඒ සදහා මාධ්‍යවේදීන්ගෙන් විශාල පිටුවහලක් වූ බවයි උන්වහන්සේ පවසා තිබෙ

    http://ratagiyaattho.blogspot.kr/
    දකුණු කොරියාවේ අවන්හලක රාත්‍රී ආහාරය පිළිගන්වමින් තිබෙන වෙලාවක අහඹු සිදුවීමක් වෙලා තියෙනවා.
    තරමක් ජනාකීර්ණ බැවින් අඩු  ප්‍රදේශයක තිබුණු මේ අවන්හලට එක පාරටම වල් ඌරෙක් කඩා වැදුණා.
    අවන්හලේ වැඩ කරමින් හිටපු අය විතරක් නෙමෙයි කෑම කන්න ආපු අයත් මේ වැඩේ නිසා නොසෑහෙන්න කලබල වුණා.
    සමහරු බේරුනේ, කෑම මේසවලට මුවාවෙලා.
    කොහොමහරි මේ සිද්ධියෙන් පස් හය දෙනෙක් ම තුවාල ලැබුවා.
    ඒ කලබල වෙලා දුවන්න ගිහින්.
    කොහොම හරි අන්තිමට මේ සතාව එළියට යවාගන්න පුළුවන් වුණා.

    Friday 8 July 2016

    Samsung Korean version දුරකතන ගැන පැහැදිලි අවබෝධයක්

    http://ratagiyaattho.blogspot.kr/
    කොරියාවේ සහ ලංකාවේ ටික දෙනෙක් නම් මේ ගැන දන්නවා. එත්
    ගොඩක් අයට Samsung Korean version දුරකතන ගැන
    පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ අය
    හිතන්නේ කියන්නේ Korean version, International version
    එකේ copy (replica) එකක් කියල. සමහර අය Korean version
    එකට Anycall කියලත් කියනවා.
    දැන් අපි බලමු මොනවද මේ Korean version කියලා...........
    මුලින්ම කියන්න ඕනේ Original Samsung වල version කීපයක්
    තියෙනවා. Model No. එකෙන් හඳුනා ගන්න පුලුවන්,
    දුරකතනය අයිති වෙන්නේ මොන version එකකටද කියලා.
    International version එකක Model No. එක
    වෙන්නේ මේ වගේ එකක්, GT-iXXXX
    Korean version එකක Model No. එක
    වෙන්නේ මේ වගේ එකක් SHW-MXXX/ SHV-
    EXXX
    US/Canada version එකක Model No. එක
    වෙන්නේ මේ වගේ එකක් SGH-iXXX
    Japan version එකක Model No. එක
    වෙන්නේ මේ වගේ එකක් SC-XXX
    මේ හැම එකක්ම original Samsung . ඒත්
    අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නේ international version
    විතරයි Original කියලා.
    South Korean වල Network provider company 3 ක්
    තියෙනවා. (හරියට අපේ රටේ Dialog Telekom, Mobitel,
    Airtel, Hutch, Etisalat වගේ). ඒ company තුනෙන්ම තමයි
    ජංගම දුරකතන දෙන්නෙත්. මොනවද ඒ company????
    1. SK Telecom
    2. Korean Telecom
    3. LG U+ Corporation
    බොහොමයක් Korean version දුරකතන boot වෙනකොට
    මේ කියන Anycall, Olleh, LG U+ logo එක display වෙනව.
    Anycall
    Olleh
    LG U+
    සමහර දුරකතන වල back cover එකෙත් මේ logo එක
    තියෙනවා (උදා: Samsung Galaxy S2)
    එහෙම නැත්නම් Model No. එකෙනුත් දුරකතනය අයිති මොන
    වර්ගයටද කියලා හඳුනාගන්න පුලුවන්. Model no. අගට S
    තියෙන්නේ Anycall , K තියෙන්නේ Olleh , L
    තියෙන්නේ LG U+ .
    Korean version දුරකතන වල model no. වෙන්නේ SHW, SHV
    කියලා එන ඒවා පමණයි. 3G තියෙන ඒවා SHW වලිනුත්, 4G
    Lte තියෙන ඒවා SHV වලිනුත් තමයි එන්නේ.
    උදාහරණ
    S >>> SHW-M110S
    S2 >>> SHW-M250S, SHW-M250K
    S2 Lte >>> SHV-E110S, SHV-E110K, SHV-
    E110L
    S2 HD Lte >>> SHV-E120S, SHV-E120K, SHV-
    E120L
    S3 >>> SHW-M440S, SHW-M440K
    S3 Lte >>> SHV-E210S, SHV-E210K, SHV-
    E210L
    S4 Lte >>> SHV-E300S, SHV-E300K, SHV-
    E300L
    S4 Lte-A >>> SHV-E330S
    Note Lte >>> SHV-E160S, SHV-E160K, SHV-
    E160L
    Note2 Lte >>> SHV-E250S, SHV-E250K, SHV-
    E250L
    SHW හෝ SHV වලින් Model no. පටන්
    ගන්නේ නැතිනම් එක original korean version
    එකක් නෙවෙයි.
    Korean version එක හදන්නේ ඒ රටේ අයට පාවිච්චි කරන්න.
    අපේ රටේ තේ බොන විදියට නෙවෙයි
    කොරියානුවෝ phone හදන්නේ. ඒ
    කිව්වේ අපේ රටේ ලෝකෙන්ම හොඳම තේ (Ceylon Tea)
    නිෂ්පාදනය කලාට අපි බොන්නේ කසල තේ (Dust). එත්
    කොරියානුවෝ එහෙම නැහැ. ඒ අයගේ රටේ අයට
    පාවිච්චි කරන්න ඒ අය හොඳම තත්වයේ phones තමයි
    හදන්නේ.
    අපේ රටේ තියෙන international version දුරකතන
    හදන්නේ China හෝ Vietnam වල. Chinese නිෂ්පාදන ගැනඉතින් අපේ අයට අමුතුවෙන කියන්න ඔනේ නැහැනේ.
    අද ලංකාවේ S4 එකයි, Note3 එකයි brand-new
    කියලා 15,000-20,000 විකුණන්න ඕන තරම් ads
    දාලා තියෙනවා ikman.lk එකෙයි, Facebook groups
    වලයි. අපේ අයත් ඕන තරම් දැකල ඇතිනේ.
    ඒවා විකුණන්නේ "Made by Samsung by Korea"
    හෝ "Made by Samsung by Vietnam" කියලා. ඒත්
    මේ එකක්වත් හදන්නේ Korean වලවත්, Vietnam වලවත්
    නෙවෙයි, China වල. මේවා Original දුරකතන නෙවෙයි
    බාල Copy (Replica). මේවා හඳුනාගන්න විදියYOUTUBE
    එකේ Video වල තියෙනවා ඕන තරම්. Searchකරලා බලන්න.
    ඒ ads වල Korean version කියලා තිබුනට එකේ Model No.
    එක දිලා තියෙන්නේ international version එකේ model no.
    eka එක. උදාහරණයක් විදියට S4 එක ගනිමු. Korean version
    එකේ Model No. එක SHV-E300S/K/L මිසක් GT-i9500
    නෙවෙයි.
    වියදම් කරලා බාල copy එකක්
    ගන්නවට වඩා අතේ තියෙන මුදලට එකක් original phone
    ගන්න එක හොඳයි කියලා.
    ********************************************************
    **************************
    අනිත් අයටත් දැනගන්න එක්ක share කරන්නත් අමතක කරන්න
    එපා.

    ‪#‎උපුටා‬ ගැනීමකි.

    Friday 20 May 2016

    ආවාසනාවන්ත ගංවතුර හා නායයෑම් තත්ත්වය වෙනුවෙන් කොරියාවේ ජීවත්වන ශ්‍රී ලාංකීය තරුණ පරපුර ඔවුන්ගේ දායකත්වය ලබාදීමට පෙල ගැසී අවසන්.

    http://ratagiyaattho.blogspot.kr/මව් බිමේ උද්ගතවූ ආවාසනාවන්ත ගංවතුර හා නායයෑම් තත්ත්වය වෙනුවෙන් කොරියාවේ ජීවත්වන ශ්‍රී ලාංකීය තරුණ පරපුර ඔවුන්ගේ දායකත්වය ලබාදීමට පෙල ගැසී අවසන්.
    මේ අවස්ථාව වනවිටත් එක් දිනක්තුළ ඉතා විශාල අප නොසිතූවිරූ මුඳල් කන්දරාවක් ගලා එමින් පවතිනවා.
    අපගේ ආරාධනාව පිළිගෙන දෙරණ රූපවාහිනය සහ "මනුසත් දෙරණ" ප්‍රජාසත්කාර වැඩ සටහන අපත් සමග අත්වැල්
    බැඳගත්තා.
    මේ ආධාර විඳිමත්ව විනිවිද ව බෙදාහැරීමේ කටයුත්තට සම්බන්ද වෙන්න.
    කොරියාවේ
    "Korea youth policy development instiute "
    ආයතනයේ නිල ගිණුමට තමයි ඔබේ මුදල් ඔබ බැරකල යුතු වන්නේ.
    ඔබ,
    මේවනවිටත් සැකයෙන් විචිකිච්චා වෙන් පසුවන්නෙක් නම් කරුණාකර අපව විශ්වාස කරන්න.හැම බෙගමක් ගානෙම අපි ඔබට වගකියනව.
    එන්න......
    පක්ෂ ,
    ජාති,
    ආගම්,
    ප්‍රදේශ,
    ලොකු,
    පොඩි
    බේද අතහැර ඔබේ ආදරයේ කොටස ,ඔබේ සහෝදරත්වයේ දායකත්වය අපට ලබා දෙන්න
    ඇත්තටම මව්බිමේ නෑසියන් ගොඩක් අසරනයි .....
    මේ ඔබේ මානමේඋදවුව ඔවුන්ට අවැසි මොහොතයි.
    ඔබගේ වටිනා පරිත්‍යාගය බැර කරන්න .
    ස්තූතියි ..
    ###########################
    මේ මොහොත වනවිට ලැබූ ආධාර මුදලේ අගය. වොන්=6951953 (රැපියල් =868994/=)
    ###########################
    ********************************
    ගිණුම් අංකය =581237 01 023882
    බැංකුව = 국민은행
    ගිණුමේ නම = 한국청소년정책개발원
    *********************************
    ඔබගේ වටිනා ආධාර මුදල් 2016.05.25 බදාදා පෙරවරු 10:00 පෙර පහත ගිණුමට බැර කරන්න
    **********************************
    කරුණාකර share කිරීමෙන් ප්‍රචාරණ දායකත්වය ලබාදෙන්න.<

    Thursday 5 May 2016

    යාලුවනේ මම ඔයාලට පොඩි විග්‍රහයක් දෙන්නම් eps web site එකේ ඔයාලගේ ප්‍රොෆයිල් එකේ තියෙන CHART එක ගැන!,,

    http://ratagiyaattho.blogspot.kr/යාලුවනේ මම ඔයාලට පොඩි විග්‍රහයක් දෙන්නම් eps web site එකේ ඔයාලගේ ප්‍රොෆයිල් එකේ තියෙන CHART එක ගැන!,,

    NAME :
    ඔයාගේ නම. මේක හරියටම ඔයා EXAM එක ලියන්න පාවිච්චි කල passport එකේ තියෙන අකාරයටම වැටෙන්නේ!
    EPS - TOPIK:
    මෙතන වැටෙන්නේ ඔයා exam එකට ගත්ත මුලු ලකුනු ප්‍රමානය ප්‍රතිසතයක් ලෙස. එනම් 100 කින් ගත්ත ප්‍රමානය සහ ඔබ exam එකට මුහුණ දුන් දිනයයි.
    Job Seekers Roster Forwading Date:
    එනම් අපේ විදේස සේවා එකෙන් ඔයාගේ විස්තර ඇතුලත් කරල හදන Roster එක (එනම් ඔයාගේ සියලු විස්තර ඇතුලත් සේවා මුර සටහන, තේරුම් ගන්න අමාරු නම් file එක කියලා හිතා ගන්න.) කොරියාවේ අදාල ආයතනයට යවන දිනය. සාමාන්‍යන් මෙය exam දිනයේ සිට මාස 2ක් ඉක්මවීමට පෙර සිදුකිරීමට විදේස සේවා ආයතනය කල යුතුය.
    Job Seekers Roster Approval Date :
    මෙයින් අදහස් කරන්නේ විදේස සේවා එකෙන් ඔබට අදාලව කොරියාවට යවනු ලැබූ Roster එක , කොරියාවෙන් අනුමත කරන දිනයයි. Chart එකේ මෙම කොටුව පිරුනු පසු තමයි ඔබ කොරියාවෙ web එකට වැටෙන්නේ. මෙය එක් අවුරුද්දක් සදහා වලන්ගු වෙන අතර දෙවැනි අවුරුද්ද සදහා නව medical එකක් කල පසු දීර්ඝ කරනු ලබයි!
    Employment Permit Issuance:
    මේ තමයි approval තත්වයේ සිටින සෑම අයෙකුගේම බලාපොරොත්තුව. මෙහි issued යන්නෙන් පිරවේ. එනම් කොරියාවේ කර්මාන්ත සාලාවකින් ඔබ එහි කම්කරුවෙක් හැටියට සේවය කිරීමට අවසරයක් නිකුත් කර ඇති බවයි. එනම් ඔබට agreement එකක් නිකුත් කර ඇති බවයි සහ එම දිනයයි!
    Standard Labor Contract Forwading :
    එනම් කර්මාන්ත සාලා හිමියා විසින් ඔබ නමින් නිකුත් කරන ලද රැකියා අවසරයට අදාල රැකියා ගිවිසුම ලන්කාවේ විදේස සේවා ආයතනයට එවා ඇති බව සහ එම දිනයයි.
    Stadard Labor Contract Signing :
    මෙහි පිරවෙන්නේ කොරියාවෙන් ඔබ නමට එවන ලද රැකියා ගිවිසුම ඔබ මගින් අත්සන් කරපු බවත් එම දිනයයි.
    CCVI Issuance :
    මෙයින් අදහස් කරන්නේ ඔබට කොරියාවට රැකියාවට යාමට VISA නිකුත් කිරීමට අදාල තොරතුරු සහ එම දිනයයි. මෙහි Issued යන්නෙන් පිරවෙන අතර එනම් ඔබට visa ලබාදී ඇති බව තහවුරු කරගත හැක. නමුත් මෙය සදහා පොලිස් වාර්තාව බලපානු ලබයි.
    Tenatative Entry Date :
    ඉහත සදහන් සියල්ලම සම්පූර්ණ වූ පසු කොරියාව විසින් ඔබට කොරියාවට ඇතුලු වීමට ලබාදෙන තාවකාලික දිනයයි. (අවිනිස්චිත)
    Actual Entry Date :
    එනම් ඔබට කොරියාවට යෑමට තිබෙන ස්ථිර දිනයයි. මෙම දිනය තීරණය කරනු ලබන්නේ විදේස සේවා එකෙන්‍ වේ.
    Employment Training :
    ඔබ කොරියාවට ගිය පසු ඔබ හට ලබා දෙන තුන් දින පුහුනුවට අදාල විස්තරයයි. කොරියාවෙ ඔබගේ කර්මාන්ත සාලාවට රැගෙන යාමට පෙර ලබා දෙනු ලබන පුහුනුව වේ. මෙහි complete යනුවෙන් පිරේ ඔබ එය සම්පූර්න කල පසු. සහ දිනය.
    Assign To Work:
    එනම් ඔබ ඔබගේ company එකේ මුලින්ම වැඩට යොමු කරන් දිනයයි.
    ස්තූතියි!
    මම හිතනවා මේ විග්‍රහය ප්‍රයෝජනවත් වෙවි කියල ඔයාලගෙ Chart එක මොකක්ද කියල තේරුම් ගන්න!

    Tuesday 3 May 2016

    සැමියා ගැන සැක කල සෞදි බිරිද නිවසේ කැමරාවක් සවිකල එහි පටිගත වී තිබූණු දෙය දුටුවොත් ඔබ පුදුමයට පත්වේවි..

    http://ratagiyaattho.blogspot.kr/සැමියා ගැන සැක කල සෞදි බිරිද නිවසේ කැමරාවක් සවිකල එහි පටිගත වී තිබූණු දෙය දුටුවොත් ඔබ පුදුමයට පත්වේවි..
    සම්පූර්ණ වීඩියෝව මෙතනින්https://www.youtube.com/watch?v=xtqlUd1Ly-4

    Friday 22 April 2016

    ෂර්ට් අත නවන විදි 5ක්

    ගොඩක් අපේ කොල්ලො ෂර්ට් ඇන්දට අත් නවන හරි විදිහ දන්නෙ නෑ. ඒ වගේම තමයි ඇයි අත් නවන්නෙ කියලත්. හරි…
    ගොඩක් වෙලාවට අත් නවන්නෙ උණුසුම් අවස්ථාවක තව යම්කිසි බරපතල වැඩක් කරන වෙලාවක හෝ අත් දිගට දමා යෑම
    අනවශ්‍ය අවස්ථාවල. අපි දැන් බලමු අත් හරියට නවන විදි 5ක්.

    2
    AIFA Roll
    Cuff එකේ පළලට එක් වරක් නවා එම පළලටම තවත් වරක් නවන්න. නැමුම් වාර ගණන 2කි. මෙහිදී අතෙන් 3/4ක්
    වැසෙන ලෙස නැමීමයි සිදුකළ යුත්තේ. ඒ නිසා අතේ දිග අනුව නැමුම් වාර ගණන වෙනස් විය හැක. අතෙහි ප්‍රමාණය දිගින්
    අඩු අය සඳහා මෙය ගොඩක් ගැළපේ.

    3
    Basic Roll
    මේක තමයි සාමන්‍ය ක්‍රමය. Cuff එකේ පළලට එක් වරක් නමා එලෙසම තවත් දෙපාරක් නවන්න. නැමුම් වාර ගණන
    අතෙහි දිග අනුව වෙනස්වේ. ඒ නිසා වැලමිට පසුවූ සැණින් නැවීම නවත්වන්න.

    5
    High Roller
    මෙයත් පෙර ලෙසමයි. පෙර ලෙසට වඩා එක් නැමුම් වාරයක් වැඩිවේ. සම්පූර්ණ නැමුම් වාර 4යි. ගොඩක් වෙලාවට අතෙහි
    muscles වර්ධනය කරගත් අයට හා අතෙහි tattoo ගැසූ කෙනෙකුට මෙය ගැළපේ. semi-casual or
    informal shirts සඳහා මෙය ගැළපේ.

    6
    Master Roll
    සමහර shirts වල cuff වෙන පාටක් හෝ වෙන design එකකින් එනවා. ඉතිං අත් නැව්වාම ඒක වැහෙනවා. හැබැයි
    මේ ක්‍රමයට එහෙම වෙන්නෙ නෑ. cuff එක වැලමිට දෙසට එනතුරු ආපහු අදින්න.ඉන්පසු එක් වරක් නවන්න cuff එක
    මදක් පෙනෙන ලෙස. මේක තමයි modernම style එක.

    4
    Band Roll
    මේක 60 ගණන්වල යුරෝපයේ තිබ්බ style එකක්. හැබැයි අපි දන්නවා පරණ style ආපහු එනවා. sleeve band
    එකක් වැලමිටට උඩින් දමා ෂර්ට් අත ඉහළට අදින්න.
    (Visited 1,166 times, 1,166 visits today)
    /

    Tuesday 19 April 2016

    විනාඩි 5න් සුදු කෙස් නැති කරගන්න විශ්මිත සත්කාරය මෙන්න


    විනාඩි 5න් සුදු කෙස් නැති කරගන්න විශ්මිත සත්කාරය මෙන්න


    සුදු කෙස් ටික කලූ කරගන්න අපේ ගොඩාක් අය බොහෝ දුක් විදිනවා ඒත් සාර්ථක ප‍්‍රතිඵලයක් නම් ලැබෙන්නේ නැතිව ඇති වෙළදපොළේ තියෙන නොයෙක් නිෂ්පාදනවලට රැවටිලා කෙස් ටිකක් නැති කරගෙන ඉන්නවා නම් අද ලිපිය ඔයාටගොඩාක් ප‍්‍රයෝජනවත් වේවි. ගෙදරදීම සාදාගත හැකි මෙම වට්ටෝරුව මගින් ඔබේ සුදුකෙස් ස්වභාවිකවම කළු කරගත හැකිවනවා සේම කෙස් වර්ධනය වේගවත් කරනවා.

    හොදයි, බලමු මේ සදහා ඕනිකරන ද්‍රව්‍ය මොනවාද කියලා,
    රතු ලූණු ගෙඩි 5ක්
    සුදුළුණු බිකි 10ක්
    ලොකුළුණු ගෙඩියක්
    පොල්තෙල් මිලිලීටර් 300 – 400
    කරපිංචා කොළ 10ක්
    දැන් මේ ද‍්‍රව්‍ය හොදින් මිශ‍්‍ර කරගන්න එයට පොල්තෙල් එක් කරන්න. දැන් එය මිනිත්තු කිහිපයක් රත් කරගන්න. මිශ‍්‍රණය කළු පැහැයට හැරෙන විට ලිපෙන් බාගන්න. එය නිවුණු පසු බෝතලයකට දමන්න.පසුව ඔබ් හිසකෙස් හා හිස්කබල මත මිශ‍්‍රණය මෘදුව සම්බාහනය කරන්න. විනාඩි 30ක් රැදි සිටින්න.පසුව සෝදා හරින්න.
    මේ වට්ටෝරුව එබේ කෙස් ස්වභාවිකව කලූ කරන අතර කෙස් වර්ධනය සදහා ද උපකාරි වනවා/