sha fm

    Thursday 5 May 2016

    යාලුවනේ මම ඔයාලට පොඩි විග්‍රහයක් දෙන්නම් eps web site එකේ ඔයාලගේ ප්‍රොෆයිල් එකේ තියෙන CHART එක ගැන!,,

    http://ratagiyaattho.blogspot.kr/යාලුවනේ මම ඔයාලට පොඩි විග්‍රහයක් දෙන්නම් eps web site එකේ ඔයාලගේ ප්‍රොෆයිල් එකේ තියෙන CHART එක ගැන!,,

    NAME :
    ඔයාගේ නම. මේක හරියටම ඔයා EXAM එක ලියන්න පාවිච්චි කල passport එකේ තියෙන අකාරයටම වැටෙන්නේ!
    EPS - TOPIK:
    මෙතන වැටෙන්නේ ඔයා exam එකට ගත්ත මුලු ලකුනු ප්‍රමානය ප්‍රතිසතයක් ලෙස. එනම් 100 කින් ගත්ත ප්‍රමානය සහ ඔබ exam එකට මුහුණ දුන් දිනයයි.
    Job Seekers Roster Forwading Date:
    එනම් අපේ විදේස සේවා එකෙන් ඔයාගේ විස්තර ඇතුලත් කරල හදන Roster එක (එනම් ඔයාගේ සියලු විස්තර ඇතුලත් සේවා මුර සටහන, තේරුම් ගන්න අමාරු නම් file එක කියලා හිතා ගන්න.) කොරියාවේ අදාල ආයතනයට යවන දිනය. සාමාන්‍යන් මෙය exam දිනයේ සිට මාස 2ක් ඉක්මවීමට පෙර සිදුකිරීමට විදේස සේවා ආයතනය කල යුතුය.
    Job Seekers Roster Approval Date :
    මෙයින් අදහස් කරන්නේ විදේස සේවා එකෙන් ඔබට අදාලව කොරියාවට යවනු ලැබූ Roster එක , කොරියාවෙන් අනුමත කරන දිනයයි. Chart එකේ මෙම කොටුව පිරුනු පසු තමයි ඔබ කොරියාවෙ web එකට වැටෙන්නේ. මෙය එක් අවුරුද්දක් සදහා වලන්ගු වෙන අතර දෙවැනි අවුරුද්ද සදහා නව medical එකක් කල පසු දීර්ඝ කරනු ලබයි!
    Employment Permit Issuance:
    මේ තමයි approval තත්වයේ සිටින සෑම අයෙකුගේම බලාපොරොත්තුව. මෙහි issued යන්නෙන් පිරවේ. එනම් කොරියාවේ කර්මාන්ත සාලාවකින් ඔබ එහි කම්කරුවෙක් හැටියට සේවය කිරීමට අවසරයක් නිකුත් කර ඇති බවයි. එනම් ඔබට agreement එකක් නිකුත් කර ඇති බවයි සහ එම දිනයයි!
    Standard Labor Contract Forwading :
    එනම් කර්මාන්ත සාලා හිමියා විසින් ඔබ නමින් නිකුත් කරන ලද රැකියා අවසරයට අදාල රැකියා ගිවිසුම ලන්කාවේ විදේස සේවා ආයතනයට එවා ඇති බව සහ එම දිනයයි.
    Stadard Labor Contract Signing :
    මෙහි පිරවෙන්නේ කොරියාවෙන් ඔබ නමට එවන ලද රැකියා ගිවිසුම ඔබ මගින් අත්සන් කරපු බවත් එම දිනයයි.
    CCVI Issuance :
    මෙයින් අදහස් කරන්නේ ඔබට කොරියාවට රැකියාවට යාමට VISA නිකුත් කිරීමට අදාල තොරතුරු සහ එම දිනයයි. මෙහි Issued යන්නෙන් පිරවෙන අතර එනම් ඔබට visa ලබාදී ඇති බව තහවුරු කරගත හැක. නමුත් මෙය සදහා පොලිස් වාර්තාව බලපානු ලබයි.
    Tenatative Entry Date :
    ඉහත සදහන් සියල්ලම සම්පූර්ණ වූ පසු කොරියාව විසින් ඔබට කොරියාවට ඇතුලු වීමට ලබාදෙන තාවකාලික දිනයයි. (අවිනිස්චිත)
    Actual Entry Date :
    එනම් ඔබට කොරියාවට යෑමට තිබෙන ස්ථිර දිනයයි. මෙම දිනය තීරණය කරනු ලබන්නේ විදේස සේවා එකෙන්‍ වේ.
    Employment Training :
    ඔබ කොරියාවට ගිය පසු ඔබ හට ලබා දෙන තුන් දින පුහුනුවට අදාල විස්තරයයි. කොරියාවෙ ඔබගේ කර්මාන්ත සාලාවට රැගෙන යාමට පෙර ලබා දෙනු ලබන පුහුනුව වේ. මෙහි complete යනුවෙන් පිරේ ඔබ එය සම්පූර්න කල පසු. සහ දිනය.
    Assign To Work:
    එනම් ඔබ ඔබගේ company එකේ මුලින්ම වැඩට යොමු කරන් දිනයයි.
    ස්තූතියි!
    මම හිතනවා මේ විග්‍රහය ප්‍රයෝජනවත් වෙවි කියල ඔයාලගෙ Chart එක මොකක්ද කියල තේරුම් ගන්න!

    Tuesday 3 May 2016

    සැමියා ගැන සැක කල සෞදි බිරිද නිවසේ කැමරාවක් සවිකල එහි පටිගත වී තිබූණු දෙය දුටුවොත් ඔබ පුදුමයට පත්වේවි..

    http://ratagiyaattho.blogspot.kr/සැමියා ගැන සැක කල සෞදි බිරිද නිවසේ කැමරාවක් සවිකල එහි පටිගත වී තිබූණු දෙය දුටුවොත් ඔබ පුදුමයට පත්වේවි..
    සම්පූර්ණ වීඩියෝව මෙතනින්https://www.youtube.com/watch?v=xtqlUd1Ly-4

    Friday 22 April 2016

    ෂර්ට් අත නවන විදි 5ක්

    ගොඩක් අපේ කොල්ලො ෂර්ට් ඇන්දට අත් නවන හරි විදිහ දන්නෙ නෑ. ඒ වගේම තමයි ඇයි අත් නවන්නෙ කියලත්. හරි…
    ගොඩක් වෙලාවට අත් නවන්නෙ උණුසුම් අවස්ථාවක තව යම්කිසි බරපතල වැඩක් කරන වෙලාවක හෝ අත් දිගට දමා යෑම
    අනවශ්‍ය අවස්ථාවල. අපි දැන් බලමු අත් හරියට නවන විදි 5ක්.

    2
    AIFA Roll
    Cuff එකේ පළලට එක් වරක් නවා එම පළලටම තවත් වරක් නවන්න. නැමුම් වාර ගණන 2කි. මෙහිදී අතෙන් 3/4ක්
    වැසෙන ලෙස නැමීමයි සිදුකළ යුත්තේ. ඒ නිසා අතේ දිග අනුව නැමුම් වාර ගණන වෙනස් විය හැක. අතෙහි ප්‍රමාණය දිගින්
    අඩු අය සඳහා මෙය ගොඩක් ගැළපේ.

    3
    Basic Roll
    මේක තමයි සාමන්‍ය ක්‍රමය. Cuff එකේ පළලට එක් වරක් නමා එලෙසම තවත් දෙපාරක් නවන්න. නැමුම් වාර ගණන
    අතෙහි දිග අනුව වෙනස්වේ. ඒ නිසා වැලමිට පසුවූ සැණින් නැවීම නවත්වන්න.

    5
    High Roller
    මෙයත් පෙර ලෙසමයි. පෙර ලෙසට වඩා එක් නැමුම් වාරයක් වැඩිවේ. සම්පූර්ණ නැමුම් වාර 4යි. ගොඩක් වෙලාවට අතෙහි
    muscles වර්ධනය කරගත් අයට හා අතෙහි tattoo ගැසූ කෙනෙකුට මෙය ගැළපේ. semi-casual or
    informal shirts සඳහා මෙය ගැළපේ.

    6
    Master Roll
    සමහර shirts වල cuff වෙන පාටක් හෝ වෙන design එකකින් එනවා. ඉතිං අත් නැව්වාම ඒක වැහෙනවා. හැබැයි
    මේ ක්‍රමයට එහෙම වෙන්නෙ නෑ. cuff එක වැලමිට දෙසට එනතුරු ආපහු අදින්න.ඉන්පසු එක් වරක් නවන්න cuff එක
    මදක් පෙනෙන ලෙස. මේක තමයි modernම style එක.

    4
    Band Roll
    මේක 60 ගණන්වල යුරෝපයේ තිබ්බ style එකක්. හැබැයි අපි දන්නවා පරණ style ආපහු එනවා. sleeve band
    එකක් වැලමිටට උඩින් දමා ෂර්ට් අත ඉහළට අදින්න.
    (Visited 1,166 times, 1,166 visits today)
    /

    Tuesday 19 April 2016

    විනාඩි 5න් සුදු කෙස් නැති කරගන්න විශ්මිත සත්කාරය මෙන්න


    විනාඩි 5න් සුදු කෙස් නැති කරගන්න විශ්මිත සත්කාරය මෙන්න


    සුදු කෙස් ටික කලූ කරගන්න අපේ ගොඩාක් අය බොහෝ දුක් විදිනවා ඒත් සාර්ථක ප‍්‍රතිඵලයක් නම් ලැබෙන්නේ නැතිව ඇති වෙළදපොළේ තියෙන නොයෙක් නිෂ්පාදනවලට රැවටිලා කෙස් ටිකක් නැති කරගෙන ඉන්නවා නම් අද ලිපිය ඔයාටගොඩාක් ප‍්‍රයෝජනවත් වේවි. ගෙදරදීම සාදාගත හැකි මෙම වට්ටෝරුව මගින් ඔබේ සුදුකෙස් ස්වභාවිකවම කළු කරගත හැකිවනවා සේම කෙස් වර්ධනය වේගවත් කරනවා.

    හොදයි, බලමු මේ සදහා ඕනිකරන ද්‍රව්‍ය මොනවාද කියලා,
    රතු ලූණු ගෙඩි 5ක්
    සුදුළුණු බිකි 10ක්
    ලොකුළුණු ගෙඩියක්
    පොල්තෙල් මිලිලීටර් 300 – 400
    කරපිංචා කොළ 10ක්
    දැන් මේ ද‍්‍රව්‍ය හොදින් මිශ‍්‍ර කරගන්න එයට පොල්තෙල් එක් කරන්න. දැන් එය මිනිත්තු කිහිපයක් රත් කරගන්න. මිශ‍්‍රණය කළු පැහැයට හැරෙන විට ලිපෙන් බාගන්න. එය නිවුණු පසු බෝතලයකට දමන්න.පසුව ඔබ් හිසකෙස් හා හිස්කබල මත මිශ‍්‍රණය මෘදුව සම්බාහනය කරන්න. විනාඩි 30ක් රැදි සිටින්න.පසුව සෝදා හරින්න.
    මේ වට්ටෝරුව එබේ කෙස් ස්වභාවිකව කලූ කරන අතර කෙස් වර්ධනය සදහා ද උපකාරි වනවා/

    Friday 14 February 2014

    කතුන් රවටන ස්ත්‍රී ලෝලීන්

    බැදීමකින් තොරවම කතුන් සමග ඇසුර පවත්වයි....

    මෙවැනි ලිපියක් ලිවීමෙන් මිතුරන් සේම මිතුරන් නොවන අපේම පාර්ශ්වයෙන් දෝෂාරෝපණයක් එල්ලවන්නට ද පුළුවන. මෙය දැකීමෙන් කිසිවකුගේ සිත් රිදවීමකට බඳුන් වූයේ නම් ඒ පිළිබඳව සමාව දුන මැනවි. නමුත් නොලියාම බැරි බැවින් ලියමි. ලිපියේ මාතෘකාව දැනටම ඔබ දැක ඇති බැවින් මේ කතාකරන්නට දඟලන්නේ කුමක් ගැනදැයි නොඑසේ නම් කවුරුන් ගැනදැයි ඔබ දැනටමත් දන්නවා ඇත.කෙළින්ම කතාවට එන්නේ නම්, සැබවින්ම 'ස්ත්‍රීලෝලියකු' යනු කවරෙක්ද ? මදකට සිතනු මැනවි. Womanizer යනු කාන්තා ලෝලීයා යන්න සඳහා ඇති ඉංගිරිසි පදයයි. මෙහි අර්ථය කෙළින්ම ගෙන බැලුවහොත් 'සල්ලාලයා,  ස්ත්‍රීලෝලියා’ හා ගැහැනුසොඩා' වැනි වදන් හමුවේ. ඇතැම් අය මෙවැනි පුද්ගලයන් හට 'ගෑනු පෙරේතයා' වැනි නමක් ද යොදන බැව් පෙනේ.මේ අතරින් බරපතළ බවින් අඩුම වදන 'ස්ත්‍රී ලෝලියා' බැවින් එය මේ ලිපිය සඳහා යොදාගනු ලබනු ලැබේ.
    අප දන්නා කියන කාලයේ පටන්, පාසල් සමයේ සිටම මියෙන තුරාම මෙම වර්ගයට අයත් පුද්ගලයන් නිතර හමුවේ. සමාජයේ මේ සඳහා වෙනත් පදයක් ඇතිදැයි නොදන්නා මුත් දන්නා තරමින් මොවුන් හඳුන්වන එක් ප්‍රකට නමක් වන්නේ 'කොබා' ය.

    නමුත් ඇතැම් විට එය ද මේ සඳහා කොතරම් ගැළපෙන්නේ දැයි කිය නොහැකි ය. ස්ත්‍රී ලෝලියා යනු කාන්තාවන් සොයා ගොස් ඔවුනට අතවර කරන්නවුන් යැයි ඔබ සිතනු ඇත. එහෙත් ඔබ වැරදිය. ඇතැම්විට
    මොවුන්ගේ ක්‍රියාකලාපයන් කරදරයක් විය හැකි මුත් ස්ත්‍රී දූෂකයන්ගේ ගණයට මොවුන් වැටෙන්නේ නැත.

    මොවුන් නිතර කාන්තා ඇසුරට කැමති අතර කාන්තාවන් අතරම ගැවසේ. අවස්ථාවක් ලද සැනින් උපක්‍රමශීලීව කාන්තාවක ඩැහැ ගන්නා මොවුහු එතැනින් නොනැවතී තවත් කාන්තාවක සොයා යයි. ඒ ගස් සොයමින් කොටමින් යන කොට්ටෝරුවකු මෙනි.කෙසෙල් ගසට කොටන අවස්ථාවක් උදාවුවහොත් හොට පැටලෙනු නිසැකය. නමුත් එක්වරම මෙවැන්නන් හඳුනාගන්නට අපහසුය. මෙහි සඳහන්කොට ඇති  කරුණු පිළිබඳ කාන්තා ඔබ යම් අවධානයක් යොමු කරන්නේ නම් ඔබේ ඔබ අතරේ  සිටින ‘ස්ත්‍රීලෝලීන්’ව හඳුනාගැනීමට පහසු වනු ඇත.
    ඉංගිරිසි බසින් මේ සඳහා ඇති වදන වන womanizer යන්න ලොව පුරා ජනප්‍රිය කරවන ලද්දේ "බ්‍රිට්නි ස්පියර්ස්" බව සැලකේ. ඒ ඇයගේ ඛිඪපජභඵ නම් සංගීත ඇල්බමයෙනි. ඇය මෙම වදනින් ස්ත්‍රීලෝලියා යන්නට දී ඇත්තේ බරපතළ තේරුමකි.  ඒ අනුව ස්ථිර සබඳතාවයකින් තොරව කාන්තාවන් සමග ලිංගික ඇසුරු පවත්වන්නට ලොල් තැනැත්තා මේ නමින් හැඳින්වේ. ඔහු මේ සඳහා දහසක් බොරු පවසයි.

    කාන්තාව ඇසිපිය ගසනවාටත් වඩා වේගයෙන් ඔහු ඇයගේ හදවත සොරකම් කරයි. මෙවැන්නෙකුට ස්ථිර සම්බන්ධයක් පවත්වාගෙන යා නොහැකිය. මොවුනට අවශ්‍ය වන්නේ කාන්තාවගේ හදවත නොව මාංශයයි; ඒ බව සඟවන ඔහු කාන්තාවන් මුලාකර ගැනීමට ව්‍යාජ ආදරයක් පෙන්වයි.
    ස්ත්‍රීලෝලියා සියලු අතින්ම හැසිරෙන්නේ නියම ‘මහත්මයකු’ පරිදිය. නමුත් හිත යට ඇත්තේ වැරදි, දුෂ්ට චේතනාවකි. නමුත් කාන්තාවන්ට එය වැටහෙන්නේ බොහෝ විට සියල්ල සිදුවූ පසුය. මීට අමතරව පහත සඳහන් කොට ඇති ලක්ෂණ ද ඔබට ස්ත්‍රී ලෝලියකු පහසුවෙන් හඳුනාගන්නට සහය වනු ඇත.
    1. ඔබ ඇසුරු කරන පිරිමියකු ඔබට විවිධ අවස්ථාවලදී විවිධ නම්වලින් අමතන්නට පුරුදුව ඇත්නම් ඔහු මේ ගණයට අයත් වූවකු විය හැක. වෙනත් ලෙසකින් පැවසුවහොත් ඔහුට ඔබේ නම එක් වරකට වඩා වරදී. එයින් පැවසෙන්නේ ඔහුට විවිධ නම්වලින් තවත් මිතුරියන් ගණනාවක්ම සිටිනා බවය.
    2. කාන්තාලෝලීන් කතාවට අතිදක්ෂයෝ වෙති. ඔහු කිසිවිටෙකත් ‘මම’ යන්න නොකියයි. 'මම නොවෙයි අපි' වැනි වදන් ඔහු නිතර පවසයි. කාන්තාව දෙගිඩියාවකින් මෙවැන්නකු සමග මිතුරු වුවද මෙවැනි කතාබහ නිසා එම තත්ත්වය මගහැරී ඔහුගේ පැත්තට පහසුවෙන් නැඹුරුවේ. ‘අපි‘ යන වචන පැවසීම තුළින් අනාගතයේ ඔහු කාන්තාව සමග එක්ව ජීවත්වන්නට සැලසුම් කරනවා වැනි හැඟීම් පෙන්නුම් කරයි. බොහෝ කාන්තාවක් මුලාවන්නේ මෙවැනි අවස්ථාවකදීය.
    3. මෙවැනි පුද්ගලයන් ඔබ අසල සිටිද්දී ඔබ සමග කතාබහේ යෙදෙමින් සිටිද්දී සිය ජංගම දුරකථනය හරහා දිගින් දිගට කෙටි පණිවුඩ යැවීමේ පුරුද්දක් ඇත්නම්, මේ පණිවුඩ යවනු ලබන්නේ කාන්තාවන්ට නම් ඔහු  නිසැකවම ස්ත්‍රී ලෝලියෙකි.

    4. ඔහු කාන්තාවන්ට සැබෑ නමින් නොව වෙනත්  සුරතල් නම්වලින් ආමන්ත්‍රණය කරයි.  බබා, චූටි, මැණිකේ, රත්තරං, ඩාලිං, සුදා අප සමාජයේ භාවිතා වන එබඳු සුරතල් නම් කිහිපයකි. ඔබත් එවැන්නකුගේ මිතුරියක නම් පරෙස්සම් විය යුතුය. ඔහු මෙසේ සුරතල් නම් භාවිත කරන්නේ විවිධ නම් අතරින් ඔබේ සැබෑ නම අමතක වීම හෝ හරිහැටි මතකයේ නොමැති නිසා ද විය හැක.
    5. මෙවැනි පුද්ගලයන් විසින් කාන්තාවන් අතිශය වර්ණනාවක ලක් කෙරේ. “මම දැකපු ලස්සනම ඇස් තියෙන්නේ ඔයාට”, මම මේ වගේ විවෘතව වෙන කිසිම කෙල්ලෙක් එක්ක කතා කරලා නෑ” ඔයාට තියෙන්නේ පුදුම ආත්ම ශක්තියක්. මෙවැනි වදන් ස්ත්‍රීලෝලියකු වෙතින් නිතර ඇසිය හැකිය. නමුත් මේ සත්‍ය නොවේ.
    6. ස්ත්‍රී ලෝලියකු ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් වුවද හඳුනාගත හැකිය. ඔහුගේ මිතුරු සමාජයේ වැඩි වශයෙන්ම සිටින්නේ කාන්තාවන්ය. ඔහු වැඩි වශයෙන් අදහස් දක්වන්නේ ද කාන්තාවන්ට සම්බන්ධ දේවලටය.
    ඔබත් මෙවැනි ගතිගුණ ඇති පුද්ගලයකුගේ මිතුරියක් නම් කෙටියෙන්ම පැවසිය යුත්තේ පරෙස්සම් වීම නුවණට හුරුය කියාය. ඔබ සිතනවාටත් වඩා වේගයෙන් ක්‍රියාත්මක වන මෙවැන්නන් පිළිබඳ බොහෝ විට අවබෝධ වන්නේ සියල්ල අවසන් වූ පසුය. එබැවින් ඔවුන් පිළිබඳ අවබෝධයෙන් සිටීම ඔබේම ආරක්ෂාවට  හේතු වේ.

    Thursday 13 February 2014

    මංගලී ජීවිතය වරද්දවා ගත් හැටි

    වෙන කරන්න
    දෙයක්
    තිබුණේ නැහැ....
    මමත් එයාට
    අවනත වුණා......"

    මංගලිකාට ජීවත්වීමට ක්‍රමයක් නොතිබිණි. සැමියා මියගියේ හදිසි අනතුරකිනි. සැමියා මිය ගියාන් පසුව ඇයට දරුවන් ද නොසිටි නිසා ඈ ඇගේ අම්මා ළඟට ගියා ය. හිතුවක්කාර විවාහයක් කරගත් බැවින් අම්මා ඒ වනවිටත් සිටියේ මංගලිකා සමඟ අමනාපයෙනි. එපමණක් නොව ඇගේ සොහොයුරියෝ ද ඇය සමඟ අමනාප ය. මේ මංගලිකාගේ කතාවයි.

    "අපේ අම්මා ඒ කාලේ කැමති වුණේම නැහැ මම ගයාන්ව බඳිනවට. අම්මාට ඕන වුණේ හොඳ සල්ලිකාරයෙක්ට මාව දෙන්න. ගයාන් කියන්නේ අපේ අම්මාගේ මල්ලිගෙ පුතා. ඒත් ගයාන් මා එක්ක යාළු වුණේ ඉස්කෝලේ යන කාලෙමයි. අපේ අම්මට හොඳට දේපළ තිබුණා. ඒ කාලයේ අම්මගෙ මල්ලි ඒ කියන්නේ ගයාන්ගේ තාත්තා හිතුවක්කාර විවාහයක් කරගත්තා කියලා මාමට මොකුත් ම දීලා නැහැ.

    ඒත් නැන්දට හොඳට දේපළ තිබිලා තියෙනවා. අම්මයි මමයි අතරෙ යාළුකමක් නොතිබුණාට ළමයි වුණු අපි අතරේ යාළුකමක් තිබුණා. මං ගයාන් එක්ක යාළු බව දැනගත්තම අක්කා මගේ කම්මුලට ගැහුවා. අනිත් අක්කා ඇනුම්පද කිව්වා. මේ ඔක්කෝටම වඩා තරහා ගත්තේ අම්මා.

    "උඹව කපලා ගඟේ මුහුදේ දැම්මත් මං ඕකට නම් උඹව දෙන්නේ නැහැ......" අම්මා මට හොඳටම ගහලා ගහලා එහෙම කියලා කාමරයකට දාලා වැහුවා. මට අම්මත් එක්ක පුදුම තරහක් ඇති වුණේ. ඒ කාලේ මේ දැන් වගේ නෑනේ. මට ගයාන්ට පණිවුඩයක් යවාගන්න ක්‍රමයක් තිබුණෙම නැහැ. ටික දවසක් යනකොට මට ආයෙමත් ගෙදර එහෙ මෙහෙ යන්න අවසර ලැබුණා.



    ඒත් එළියට යනව නම් යන්න වුණේ අක්කලා එක්ක හරි අම්මා එක්ක හරි. මං ගයාන්ව දකින්න නැතුව හරිම හිතේ අමාරුවෙන් හිටියේ. දවසක් ගයාන් අපේ ගෙදර ආවා. ඒ ආවේ පරණ බෝතල් එකතු කරන්නෙක් විදිහට. ගයාන්ව කොහොමවත්ම අඳුන ගන්න බැරි වුණා. අඩුම තරමේ මටවත් හඳුන ගන්න බැරිවුණා. ඒත් බෝතල්කාරයා යන්න පිටත්වෙලා දෙකට තුනට නවපු කොළ කෑල්ලක් මගේ කාමරේ ජනේලය ළඟින් තියලා යනවා මං දැක්කා. ඒ වෙලාවේ තමයි මට හිතුණේ මේ ගයාන්ගේ කවුරුහරි කියලා. රැවුල වවලා කොණ්ඩෙ වවලා හිටපු එයාව කොහොම හඳුනගන්නද ?

    මං අර ජනේලය ළඟ තිබුණ ලියුම කාමරයට වෙලා හොර රහසේ කියෙව්වා.

    "මට ඔයා නැතුව බැහැ..... කැමති නම් ... එන්න. අපි කොහේ හරි ඈතකට ගිහින් ජීවත් වෙමු. අපිට මේ අයගෙ මොකුත් එපා. පුළුවන් නම් අද රෑ අටෙන් පස්සේ ගේට්ටුව ළඟට එන්න.... - මේ ගයාන්"

    "මම හැන්දෑවරුවම කල්පනා කළේ මොකක්ද මේකට කරන්නේ කියලා. මට ගෙදර අය දාලා යන්න නම් දුකක් තිබුණේ නැහැ. ඒත් ගෙදරින් යන්නේ කොහොමද කියන ප්‍රශ්නය විතරයි මට තිබුණේ. කොහොමහරි හැන්දෑවේ හය හත වෙනකොට මං තීරණයකට ආවා.

    ගෙදර හිරකාරියක් වෙලා ඉන්නවාට වඩා යන එක හොඳයි කියලා. ගයාන් මට කිව්වේ මොකුත් ම නැතිව එන්න කියලා. කනේ තිබුණු කරාබු දෙකයි මං ලොකු ළමයෙක් වුණ දවසේ අප්පච්චී දාපූ චේන් පොටයි ගලවලා කණ්ණාඩි මේසය උඩින් තිබ්බා. මට චේන් පොට අරගෙන යන්නත් හිතුණා. අප්පච්චී මතක් වෙන්න. අප්පච්චී මැරුණේ මේ සිද්ධිය සිද්ධවෙන්න අවුරුදු දෙක තුනකට කලින්. සමහර විට අප්පච්චී හිටිය නම් මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.



    කොහොමහරි මං රෑට කෑවෙත් නැහැ. අම්මයි අක්කයි හවස හත හමාරට ටී.වී එක ළඟ වාඩිවුණාම ගෙදර හොරු ගෙනිච්චත් දන්නෙ නැහැ.... මං හීන් සීරුවේ කුස්සිය පැත්තෙන් එළියට ගියා. ඇඳන් හිටපු චීත්ත ගවුම පිටින්ම මම ගේට්ටුව ළඟට ගියා. ගේ දිහා හැරිලා බැලුවම පපුව පත්තුවෙලා ගියා. මං එළියට යනවිට අට පහුවෙලා.

    ගයාන් එයාගේ මෝටර් සයිකලයෙන් ගේට්ටුවට එහායින් හිටියා. මම කළුවරේම ගිහින් බයිසිකලේට නැග්ගා. එයා මාව එක්කගෙන ගියේ එයාගේ මහ ගෙදරට. නැන්දයි මාමයි මාව ආදරෙන් පිළිගත්තා.

    "මේක මෙහෙම වෙන්න තිබුණ දෙයක් නෙමෙයි. දැන් මොනවා කරන්න ද....?" නැන්දා මගේ ඔළුව අතගාලා එහෙම කිව්වා.

    පහුවදා උදේම මාමා එයාගේ කාර්එකේ අපිව එක්කගෙන ගිහිල්ලා කසාද බැන්දුවා. ඊට පස්සේ අපි ගියේ නුවර දවස් ගාණක් අපි නුවර හිටියා. ආයෙමත් නැන්දලගෙ ගෙදර ආවාහම මාමා අපිට වත්ත පහළ ගෙදර පදිංචි වෙන්න හැමදේම සූදානම් කරලා තිබුණේ.

    මහගෙදර හිටියෙ ගයාන්ගෙ අයියා. එයා බැඳල හිටිය අක්කා ටිකක් වෙනස්. මං කා ගැනවත් හොයන්නේ නැතිව මගේ පාඩුවේ හිටියා. නැන්දයි මාමයි මට වෙනස් කම් කළේ නැහැ..... ගයාන් උදේම රස්සාවට ගියා. හවසට ගෙදර ආවා. අපි බැඳලා අවුරුදු තුනක් විතර ගතවුණා. අපිට දරුවෝ හිටියේ නැහැ.... නැන්දා නම් ඒ ගැන නිතර නිතර ඇහුවා.


    ඒ වෙනකොට ගයාන්ගේ අයියගේ බිරිඳට දෙවැනි දරුවා ලැබෙන්න හිටියේ. දරුවෝ නැහැ කියලා අපි අතර ප්‍රශ්න තිබුණේ නැහැ..... ඒත් ගයාන් හිටියේ ටිකක් හිතේ අමාරුවෙන්. ගයාන් මට හොඳට සැලකුවා. ඒත් ඒ හැමදේම නැතිවෙලා යන්න මහ වෙලාවක් ගියේ නැහැ....

    දවසක් උදේ වැඩට ගිය ගයාන් අනතුරකට ලක්වෙලා කියලා අපිට ආරංචියක් ලැබුණා. මං හිතුවේ ගයාන්ට එච්චරම අමාරුවක් නැතිව ඇති කියලා. ඒත් අපි රෝහලට යනකම්ම දැනගෙන හිටියේ නැහැ එයා මැරිලා කියලා. මට මුළු ලෝකයම අන්ධකාර වෙනවා වගේ දැනුණා.

    ගයාන්ගේ මරණයෙන් පස්සේ මාස ගණනක් යනතුරු නැන්දයි මාමයි මට දොස් කිව්වා. මම නිසා එයාගේ පුතාව නැති වුණා කියලා. මට ඒ ගෙදර ඉන්න බැරි තත්ත්වයක් උදාවුණා. අයියයි එයාගේ බිරිඳයි මාව ගෙදරින් යවාගන්නමයි බැලුවේ.

    මම මගේ ඇඳුම්, රත්තරන් බඩු ටිකත් අරගෙන ආයෙම ගෙදර ආවා. අම්මා මාව ගෙට ගන්න කැමති වුණේ ම නැහැ. ඒත් පොඩි අක්කා තමයි කිව්වේ ඇවිත් ඉන්න කියලා. ඒ වෙනකොට ලොකු අක්කා විවාහ වෙලා ගමෙන් ගිහිල්ලා හිටියේ.

    පොඩි අක්කා මාව නතර කරගත්තේ එයාගේ දරුවෝ බලා ගන්න. මාසයක් දෙකක් යනවිට අම්මා මා එක්ක තිබුණ අමනාපකම් අත්හැරලා තිබුණා. ඒත් මං ගෙදර ආවා කියලා සැනසිල්ලක් ලැබුණේ නැහැ.

    පොඩි අක්කගෙ මහත්තයා අක්කා නැති වෙලාවට මට කරදර කරන්න ගත්තා. ටික දවසක් යනකොට මමත් එයාට අවනත වුණා. මං හිතපු නැති විදිහට මට බබෙක් ලැබෙන්න ආවා.

    මේක දැන ගත්ත දවසේ අම්මයි, අක්කයි මාවගෙදරින් පැන්නුවා. නමුත් අක්කගෙ මහත්තයා ගෙදරින් පිට එයා දන්න තැනක මාව නතර කෙරුවා. සුමානයකට සැරයක් එයා ඇවිත් මාව බලලා ගියා.

    ඒත් මේ බව දැනගත්ත පොඩි අක්කා මාව හොයාගෙන ඇවිත් ඒ ගෙදරින් පැන්නුවා. ගෙදර මිනිස්සුත් මාව තියාගන්න බය වුණා. මං බඩත් උස්සගෙන ඔළුව හැරිච්ච අතේ ගියා. කන්න නැති වුණාම පාරේ හිඟා කෑවා. මේ අතර තමයි මාව පොලිසියෙන් අල්ලගත්තේ.

    මං කිව්වා මට බස් එක වැරදුණා කියලා. කොහොම හරි මං උසාවි නොගිහින් බේරුණා. ඊට පස්සේ මං මගෙ යාළුවෙක්ව හොයාගෙන ගියා. එයා මාව ආදරෙන් බාරගත්තා. එයා බැඳලා හිටියේ. එයාට දරුවො හිටියෙ නැහැ.... මගෙ දරුවව බාරගන්න කැමති වුණා.



    මං දරුවා ලැබෙනකම් එහෙ හිටියා. ඒත්.. දරුවා ලැබුණම මට දෙන්න ලෝබ හිතුණා. දරුවට පිටිකිරි පුරුදු වනතුරු විතරක් මම එහෙ හිටියා. දරුවා කිරිපිටිවලට හුරුවුණාට පස්සේ මං එහෙන් එන්න ආවා.

    "අනේ මංගලී ඔයා ආයෙත් මෙහෙ එන්න එපා....."යාළුවා මට වැඳලා කිව්වා.

    කමක් නැහැ කොහේ හරි මගෙ දරුවා හොඳින් හැදෙනවනේ කියලා මං හිත හදා ගත්තා. එතැනින් පස්සේ මට යන්න එන්න තැනක් තිබුණේ නැහැ..... මං සමහර ගෙවල්වල වැඩකළේ බත්වේලේ කුළියට. සමහර ගෙවල්වලින් මට අඳින්න ලැබුණා. මම එක එක ගෙවල්වල හිටියා. අන්තිමටම හිටියේ මැඩම්ගෙ ගෙදර. මැඩම්ගෙ ගෙදර මං ගියේ රස්සාවක් හොයාගෙන. මාව දැකපු ගමන් මැඩම් ඇහුවේ වයස කීයද කියලා.
    මම කිව්වා විසි පහයි කියලා.... මැඩම් මට අලුත් ඇඳුම් අරගෙන දුන්නා.

    "උඹ හොඳ කෙල්ල වගේ හොඳට කාලා පිරිසුදුව ඉඳපන්. මං උඹව බලාගන්නම්...."

    මැඩම් මට එහෙම කිව්වා. ඊට පස්සේ මගෙ දවස ගෙවුණේ ඒ විදිහට. ඒ රස්සාව කවදාවත් ගෑනියෙක් කරන්න ඕන රස්සාවක් නෙමෙයි. ඒත් මම ඒකට පැටලුණේ ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැති තැන. නමුත් දැන් මට හිතෙනවා මං ඒ තත්ත්වයට වැටෙන්නේ නැතිව හිටිය නම් හොඳයි කියලා......



    ඒත් කරන්න දෙයක් නැති කමට මං ඒ වළට වැටුණා. ඉඳලා හිටලා පොලිසියෙන් පැන්නා. අපිව උසාවි දැම්මා. මාසයක් දෙකක් හිරේ හිටියා. අයෙම ආවා. ඔහොම ඉන්න අතරෙ තමයි මගෙ අතින් මැඩම් ළඟ හිටපු කෙල්ලෙක්ට කනට පාරක් වැදුණේ. එයා මගෙ කස්ටමර් කෙනකුට බොරු කියලා තිබුණා.

    මට ඒකට තරහා ගියා. මං එයාට ගැහුවා. මං ගහපු පාර ඒකිට රිදෙන්න ඇති. ඒ සිද්ධිය වෙලා දවස් දෙකකට පස්සේ ගෙදරට හොරු පැන්නා. මං හිටියේ හැන්දෑවේ නිදියගෙන. ඒත් කාමරේ සෝදිසි කරද් දී කොට්ටේ යට තිබිලා කුඩු ග්‍රෑම් පනහක් ලැබිලා තියෙනවා.

    මං දන්නෑ ඒක කොහොම වුණාද කියලා. ඒකට වගකියන්න ඕන අර මගෙන් ගුටිකාපු කෙල්ල. උසාවියෙන් මට ඇප ලැබුණේ නැහැ..... පොලිසියේ දී ග්‍රෑම් 50 ග්‍රෑම් 100 වෙලා තිබුණා. මට අවුරුදු හතරක දඬුවමක් ලැබුණා.

    ඕක තමයි මගේ කතාව ආයෙමත් අග ඉඳලා මුලට, මුල ඉඳලා අගට හිතද් දී තමයි මට හිතෙන්නේ මං ජීවිතේ වරද්ද ගත්තේ හිතුවක්කාරකම නිසයි කියලා.

    Monday 10 February 2014

    පාසල් නේවාසිකාගාරයේ දී අබු සැමියන් ලෙස හැසිරිලා..

    http://ratagiyaattho.blogspot.kr/
    පාසල් සිසුවියක්ව පාසල් නේවාසිකාගාරයක් තුළ දී දුෂණය කළ බව කියන පාසල් සිසුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය පවසයි. මේ අයුරින් අතවරයට ලක්ව ඇත්තේ ආණමඩුව - තෝනිගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වයසැති බාලවයස්කාර පාසල් සිසුවියකි. අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 18 ක් වයසැති පාසල් සිසුවෙකුව ය.අතවරයට පත්ව ඇති දැරිවිය ආණමඩුව ප්‍රදේශයේ පාසලක 10 වන වසර ඉගෙණුම ලබමින් සිටින අතර, සැකකාර ශිෂ්‍යා ද එම පාසලේම 12 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිට ඇත. දෙදෙනා අතර මීට සති කීපයකට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ වී ඇත. පසුගිය 01 වැනිදා පුද්ගලික උපකාරක පන්තියකට යාම සදහා සිසුවිය ආණමඩුව නගරයට පැමිණ ඇත.බස් නැවතුම්පලේ දී සිසුවිය සහ සැකකරු මුණගැසීමෙන් අනතුරුව සැකකරුගේ ඉල්ලීම මත දෙදෙනාම පාසලේ නේවාසිකාගාරය වෙත ගොස් ඇති බවත්, ඉන්පසු නේවාසිකාගාරය තුළදී සැකකරු වූ පෙම්වතා විසින් තමන්ව දුෂණය කළ බවත් සිසුවිය පොලීසිය හමුවේ පවසා ඇත.සිද්ධියට මුහුණ දුන් පාසල් සිසුවියගේ ජංගම දුරකථනයේ තිබූ කෙටි පණිවිඩයක් ඇයගේ මාමා කෙනෙකු දැක මේ සම්බන්ධයෙන් සොයා බලන විට සිද්ධිය අනාවරණය වී ඇත.ඉන් පසුව සිද්ධිය පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකින් පසු අත්අඩංගුවට පත් සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට යොමුකර ඇත. ආණමඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කර ගෙන යයි.  
     

    Sunday 9 February 2014

    වරද හෙළිවෙතැයි බියෙන් තරුණිය මරා දාලා......

    http://ratagiyaattho.blogspot.kr/
    ඉන්දියාවේ බටහිර උත්තර ප‍්‍රදේශ් මතුරා ගම්මානයේ සාමිවරයකු විසින් දූෂණයට ලක් කළ බව කියන තරුණියක අධිකරණ භූමියේදී වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම තරුණිය එදින අධිකරණය වෙත ගොස් ඇත්තේ සාමිවරයාට එරෙහිව සාක්ෂි දීම සඳහායි.
    එම අවස්ථාවට ඇය සමඟ අධිකරණය වෙත ගිය තරුණියගේ මව ද වෙඩි පහරින් බරපතළ තුවාල ලබා දැනට රෝහල්ගතව ඇතැයි එරට වාර්තා සඳහන් කරයි. අධිකරණ භූමියේ දී තරුණියට හා මවට වෙඩි තබා පලායාමට උත්සහ කළ දෙදනකු අත්අඩංගුවට ගෙන ඇතත් සෙසු පිරිස පලාගොස් තිබේ.
    සාමිවරයා විසින් දූෂණය කළ බව කියන තරුණිය 25 හැවිරිදි අයෙකි. ඇය දූෂණයට ලක් කළ බව කියන සාමිවරයා ඉන්දියාවේ උසස් අධ්‍යාත්මික නායකයකු බව පැවසේ. ගෝවින්දානන්දන් ටීරාත් නමැති මෙම සාමිවරයා අතින් තරුණිය දූෂණයට ලක්ව ඇත්තේ 2012 වසරේදී යි. සිද්ධියෙන් අනතුරුව එරට පොලිසිය වෙත ඇය පැමිණිලි කළ ද මේ වනතෙක් සාමිවරයා අත්අඩංගුවට ගෙන නොමැත.

    Friday 7 February 2014

    කුරුණෑගල දරුවෙක් FB නිස සියදිවි නසාගෙන

    http://ratagiyaattho.blogspot.kr/
    කුරුණෑගල දරුවෙක් FB නිස සියදිවි නසාගෙන කියලා මේ දිනවල අප කවුරුත් දන්නා සිදුවීමක්.ඇත්තටම කණුගාටුදායකයි. නමුත් සියල්ල සිදූවී හමාරයි.

    දරුවන් යනු අතදැකීම් බහුල පිරිසක් නෙවෙයි. 15 වැනි වියේ ඉන්න දැරිවියක් යනු කිසි සේත් බරපතල තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් වයසේ කෙනෙක් නෙවෙයි. මේ සිද්ධිය සම්බන්ධම විදුහල්පතිරයා හා ගුරු මණ්ඩලය ගත්ත ක්‍රියවනුත් 100% ක්ම නිවරුදි කීයලා කියන්න බැහැ.නමුත් අප කල යුත්තේ, මේ දෙයට එසේත් නැති නම් දරුවා එල්ලී සියදිවි නසා ගැනීම සාධාරණීය කරනය කිරීම නොවෙයි. මේවා හැම තැනම පෝස්ටර්./වෙබ් සයිට්ස්/පත්තරවල ගියාම වෙන්නේ, මේ වගේ තීරණයක් අනුමත කරනවා වගෙයි.

    අද කාලේ ෆේස්බුක් එකේ ඉන්නේ වැඩිහරියක් නවයොවුන් වියේ දරු දැරියන්. එහෙම තියෙද්දි, මේ දැරිවි කල දේ සාධාරණීය කරනය කර හැම තැනම හඬා වැළපීම යුතු නොහී.

    ඒකෙන් අපි හිතන සුබපල ගන්න බැහැ. අනිත් දරු දැරියනුත් මෙවැනි සිද්ධියක් වූ සැනින් ගන්නෙ, මෙවැනි අතිභයානක මුළු ජීවියම/මුළු පවුලක්ම දරුණූ ආගාධයකට ඇදදාන බරපතල තීරණයක් විය හැකියි.

    ඔබේ දරුවාට/නැගෙණියට/සහෝදරයාට/පුතනුවන්ට මෙම කුරුණෑගල සිසුවිය සිදුකර ගත් විනාශය වරදක් බවත්, මතු අත්භවයක මනුස්ස ආත්මයක් නැවත නොලැබෙන තරමේ මහා පාපකර්මයක් බවත් තේරුම් කර දෙන්න !