sha fm

    Tuesday 17 September 2013

    තාරකා වල හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් කාලගුණ අනාවැකි

    තාරකා වල හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමයක් පාසැල් සිසුවෙකු විසින් සොයාගන තිබෙනවා.

    කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 11 වසරේ සිසුවෙකු වන ඔහු මාලින් ජයනාත් විජේරත්නයි.

    තාරකා වල පිහිටීම නිරීක්ෂණය කල ඔහු ඒ ඇසුරින් වර්ෂාපතනය හා කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමවේදයක් නිර්මාණය කල අතර ඒ සඳහා ජාතික විද්‍යා පදනම විසින් මෙම වසරේ පවත්වන ලද තරඟාවලියේදී ඔහු පලමු ස්ථානය දිනාගන තිබෙනවා.

    ඉන් පසුව ඇමරිකාවේ පීටර්ස්බර්ග් නගරයේ පැවති අන්තර්ජාතික ඉන්ජිනේරු හා විද්‍යා තරඟාවලියට සහභාගීවීමේ අවස්ථාව ඔහුට හිමිවූ අතර ඔහු විසින් ඉදිරිපත් කළ තාරකා හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් කාලගුන අනාවැකි කීමේ ක්‍රමවේදයට එම තරඟාවලියේ හොඳම නිර්මාණාත්මක හා විද්‍යාත්මක නිබන්ධනය සඳහා වන අංශයේ පදක්කම හිමිවුණ.

    ඒ නව නිර්මාණකරණය පිළිබඳව රටවල් 65ක සිසුන් 1,600ක් අතුරින්.

    එම තරඟය පැවැත්වුන දිනයේදී එම නගරයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් එම නගරයේ කාලගුණ අනාවැකිය අනුව ගිගුරුම් සහිත වැසි දිනයක් බවට ප්‍රකාශ කර තිබුණා.

    නමුත් මෙම සිසුවාගේ අනාවැකියට අනුව එය සුළු වර්ෂාපතනයක් ලැබෙන දිනයකි. සැබෑවටම එදින සුළු වර්ෂාපතනයක් පමණක් ලැබී තිබූ නිසා තරඟ සංවිධායකයින්ගේ පැසසුමට පවා එය ලක්වී තිබුණා.

    ඔහුගේ මෙම නව ක්‍රමවෙදය අනුව ඉදිරි වසර 9999 සඳහා ලෝකයේ ඕනෑම රටක ඕනෑම නගරයක කාලගුණය පිළිබඳව අනාවැකි කිව හැකිය.

    වයඹ පලාතේදී ඔහුගේ ක්‍රමවේදයේ නිරවද්‍යතාවය 90%කට ආසන්න වන අතර ඇමරිකාවේ පීටර්ස්බර්ග් හිදී එය 97%කටත් වඩා නිරවද්‍ය වී තිබෙනවා.

    මේ පිළිබඳව සිසුවා පවසන්නේ මෙවැන්නක්.

    මම මාගේ ව්‍යාපෘතියේදී යොදාගන්නවා කරුණු හතරක්. මේ කරුණු හතර තමයි
    1) පිහිටීම
    2) තරු වල පිහිටීම
    3) ඇසිමුත් රේඛා පද්ධතිය
    4) යොදා ගන්න කාලය

    ඇසිමුත් රේඛා පද්ධතිය කියන්නේ අක්ෂාංශ දේශාංශ වල රේඛා පද්ධතියක්. මේ තරුව වල පිහිටීමේ වෙනසක් ඇතිවෙනවානම් ඒ වෙනස සොයාගන්න පුළුවන් මෙම රේඛා පද්ධතිය මගින්.

    මව විවාහ කරගත් පුතා

    මේ ලෝකය පුදුම ලෝකයක්, මේ වගේ ලෝකයක ඉපදිච්ච කරුමයටම ජීවත් වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ. දැන් දැන් මේ ඇහෙන්න දකින්න ලැබෙන දේවල් වලට අන්ධයෙක් බිහිරෙක් වෙලා මේ ලෝකයට ඉපදුනා නම් හොඳයි කියලා හිතන වාර ගණන් ඔබටත් මටත් අපමණ ඇති.
    ඔබ බලනවා ඇති මන් මේ මොකක් කියන්නද මුලාරම්භය ගන්නේ කියලා.. සමහර විට ඔබට මෙය අලුත් දෙයක් නොවන්නත් පුළුවන් සමහර විට ඔබ මේ වගේ දේවල් අහන්න ලැබෙයි කියලා හීනෙකින් වත් හිතන්නේ නැතුව ඇති.
    මේ පුවත නම් වාර්තා වුනේ සිම්බාබ්වෙන්. ඒ තමයි අවුරුදු 40 ක්වන මවක් තම කුසින් බිහිවුන තමා ආදරයෙන් රැකබලා පෝෂණය කර හදා වඩා ගත් තම 23 හැවිරිදි පුතුණුවන් හා විවාහ වීමට සූදානම් වීමයි. ඔබට හිතෙනවා ඇති මේ මොන අහස පොළොව නුහුලන කතාවක්ද කියලා.
    මේ කතාවට පාදක වන අවුරුදු 23 පුතා, පුරා අවුරුදු 20 ක් තුලදී ලැබූ මව් සෙනෙහසට තිත තබා තම මව ප්‍රේම වන්තිය කරගෙන දැන්අවුරුදු 3ක කාළයක් වෙනවා. ඒ නිසා මේ අසම්මත ප්‍රේමයේ ඊළඟ පියවර සටහන් කරන්න මේ මව් ප්‍රේමවන්තිය හා පුත් ප්‍රේම වන්තයා මේ දවස් වල සූදානම් වෙනවා ඒ විවාහයයි. මේ වෙන කොට මේ අවුරුදු 40 ප්‍රේම වන්තිය මාස 6ක ගැබිණියක්. එක් පැත්තකින් මේ ප්‍රේමයෙන් ඉපදෙන දරුවා තම දරුවාගේ පුතුණුවන් වන නිසා මේ ඉපදෙන්නේ ඒ මිත්තණියගේ මුනුබුරයි.
    තමාව මේ ලෝකයට බිහිකරවන කාන්තාවට මව කියා ආමන්ත්‍රණය කරනවාද නැත්නම් මිත්තණිය කියා ආමන්ත්‍රණය කරනවාද යන්න ඒ දරුවට උත්පත්තියේදීම ඇතිවන ගැටළුවක්.
    අවුරුදු 12ක සිට වැන්දඹු කාන්තාවක් වන ඇය පවසා සිටින්නේ හැකි ඉක්මනින් තම පුතාත් සමඟ විවාහ වීමට අවශ්‍ය බවත් එසේ නොවුනොත් තම විවාහක සැමියාගේ සහෝදරයන් තමන් හා විවාහ වීමට ආශාවෙන් මඟ බලා සිටින නිසා තමාව ඔවුන් ඩැහැ ගැනීමට පෙර තම පුතාත් සමග විවාහ විය යුතු බවයි.
    ඒ මව කියන තව දෙයක් තමයි "මට ඉඩ දෙන්න සතුටු වෙන්න මගේ ආදරණීය නිපැයුමෙන්" ඇය නොකියා කියන්නේ මගේම නිෂ්පාදනයක් වන මේ පුතා මට අයිති නිසා ඕනම දෙයක් කිරීමට තමන්ට අයිතියක් තියෙනවා කියලයි. මවක් කියන්නේ දරුවන් වදන මැෂිමක් නොවන බව මෙහිදී මේ මවට අමතක වී ඇති තවත් කරුණක්.
    ඊටම දෙවැනි නොවූ කතාවක් තමයි ඒ මවගේම පුතා වෙච්ච වර්තමානයේ ඒ මවගේම පෙම්වතා වෙච්ච ඒ පෙම්වතා කිව්වේ, සිම්බාබ්වේ රටේ චාරිත්‍රයක් වන "ලොබෝලෝ(Lobolo) චාරිත්‍රය (ඒ කියන්නේ තමා විවාහ වන කාන්තාවගේ දෙමව්පියන්ට විවාහයේදී යම් මුදලක් දෑවැද්දක් වශයෙන් දිය යුතුයි) ඉටු කරන්නට තමාගේ පියාට හැකියාව නොතිබුන නිසා තමා එම මුදල් තමාගේ මිත්තණියට දීමට සූදානම්" බවයි. "අනිත් එක මිනිසුන් දැනගන්න ඕනා එකක් තමයි මන් තමයි මගේ මවව ගර්භනී බාවයට පත් කරේ කියන එක ඒ නිසා මම මගේ අම්මව විවාහ කර ගන්නවා"
    මේ හේතුවෙන් එක්කෝ ඔවුන් ජීවත් වන ප්‍රදේශයන් පිටුවහල් විය යුතු බව හෝ මේ විවාහය කටුගෑ යුතු බව ඒ ප්‍රදේශය භාර මුලාදෑනි වරයෙක් කියා සිටියේ මේ ප්‍රේමය අසම්මත තත්ත්වයෙනුත් එහා ගිය ප්‍රේමයක් නිසයි
    ඔබ මේ දේවල් තාම අපේ රටේ නෑනේ කියලා හිත සනසා ගන්නා හදනවානම් එය වැරදි බව මන් ඔබට මතක් කර දෙනවා. අපේ රටෙන් වාර්තා නොවුනාට මෙවන් සිදුවීම් හොර රහසේ තවමත් සිදු වෙනවා. මේ ආකාරයෙන් තමන් වැදූ මව සමඟ යහන් ගත වෙන පුත්තු අපේ රටෙත් ඇඟිලි ගණනට වඩා වැඩියෙන් ඉන්නවා එහෙත් ඒවා කෙරෙන්නේ හොර රහසේ. ඉහළ පැලැන්ති වල මෙන්ම පහළ පැලැන්ති වලද මේ ආකාරයේ සිදුවීම් සිදුවෙනවා. මෑතකදී අපට දිගින් දිගටම අසන්නට ලැබුනේ "පියා තම දැරිය දූෂණය කරයි", "පියා තම දැරිය අඹුවට ගනී" යන ආරංචීන්ය. මසක් වයසැති බිළිදුන්ව පවා දූෂණය කරන සමාජයක, සමාජයේ ඇති පිළිගත් බැඳීම් වලට එහා ගිය රාගය, කාමය මත පදනම් වෙච්ච තිරිසන් සමාජයක ජීවත් වෙද්දී සමාජය යන රැල්ලෙන් මිදී බුද්ධියෙන් විමසා කටයුතු කිරීමට උවමනා බව ඔබට යළිත් මතක් කරන්නේ හමුවන හමුවන සෑම කෙනෙක් සමඟ සංවාසයේ යෙදෙන ලක්ෂණය ඇත්තේ තිරිසනුන්ට පමණක්ම වන නිසා තිරිසනුන් හා මනුෂ්‍යයන් අතර වෙනසක් තිබිය යුතු බව පසක් කරවීමටයි.

    Friday 13 September 2013

    අසීමිත විශ්වය සොයා ඇදෙන වොයේජර් - 1


    අසීමිත විශ්වය සොයා ඇදෙන වොයේජර් - 1 යානයේ Golden Records නම් තැටි කිහිපයක් ඇත... යම් දිනෙක අපරිමාණ විශ්වයෙහි වඩාත් බුද්ධිමත් ජීවයක් විසින් එම යානය ප්‍රතිග්‍රහණය කරගෙන මෙම තැටි තුළ අන්තර්ගතය පිරික්සුවහොත් අප සහ අපගේ ග්‍රහ ලෝකය ගැන කදිම අදහසක් ඔවුන්ට ලබා ගත හැකි වන ලෙස ඒවා සකස් කර ඇත... මේ Golden Records වල පහත දෑ තැන්පත්ය...

    පෘතුවිය සහ එහි මානව ශිෂ්ඨාචාරය නිරූපණය කෙරෙන ඡායාරූප 116 ක් ඇත... අපේ ලොව ජීවීන්, සුන්දර ස්ථාන, මිනිස් වර්ගයා, මිනිසාගේ නිර්මාණ ආදී දෑ එම ඡායාරූප වල අන්තර්ගතය...

    ලොව ස්වභාවික ප්‍රපංචයන්ගේ නාදය එහි අන්තර්ගතය - සතුන් කෑ ගසන හඬ, මුහුදේ නාදය, ගිරි ශිඛර වල සුළං හමන නාදය, වනයක ගස් වල කොළ සෙලවෙන නාදය, වැසි වැටෙන හඬ, අකුණු පුපුරන නාදය, ගිනි කඳු පුපුරන හඬ, භූමිකම්පාවක හඬ ආදිය.....

    1977 ජූනි 16 වන දින මෙම යානය අභ්‍යවකාශ ගත කරන විට ඇමරිකානු ජනාධිපතිවරයා වූ ජිමී කාටර් මහතා තැන්පත් කළ විශ්ව ජීවීන් ඇමතූ පණිවිඩය...

    මොසාර්ට්, බෙතෝවන්, රවි ශංඛර් ඇතුලු පෙර අපර දෙදිග ලෝ පූජිත සංගීත වේදීන්ගේ සංගීත තනු නිර්මාණ වල ඛණ්ඩයන්...

    මෙහි සුවිශේෂිතම කාරණය වන්නේ මෙයයි.. මෙම තැටි වල පෘතුවියෙහි ඉපැරණිතම භාෂා 55 කින් පටිගත කරන ලද සුබ පැතුම් 110 ක් තිබේ... මේ සඳහා පෘතුවියෙහි ඉපැරණිතම සහ සාහිත්‍යමය වශයෙන්ද, පාණ්ඩිත්‍යයෙන්ද පොහොසත්ම ව්‍යාකරණයක් ඇති භාෂා තෝරා ගෙන තිබේ... එසේ කර ඇත්තේ අතීතයේදී මේ ශිෂ්ඨාචාර පිටසක්වළ ජීවය හා සබඳතා පැවතූ බවට ඇති මති මතාන්තර ආදිය සැලකිල්ලට ගෙනය...

    විශ්වයට කථා කරන්නට යැවූ මේ භාෂා 55 අතුරින් 42 වැනි භාෂාව කුමක්දැයි ඔබ දන්නවාද....?

    ඒ සිංහල භාෂාවයි...

    "ආයුබෝවන්"....!!!!

    හොඳ දේවල් නැවත නැවත දකින්න 
    http://ratagiyaattho.blogspot.kr/

    පොළොන්නරුවෙන් කොලපාට නයෙක්

    පොළොන්නරුව නව නගරය අක්‌කර පන්සීය
    ප්‍රදේශයෙන් තද කොළ පැහැති සර්පයකු හමුවී ඇත. අඩියක්‌ පමණ දිග මෙම සර්පයා අංක 07, 3 පටුමග අක්‌කර පන්සීය ප්‍රදේශයේ පිහිටි ඩබ්ලිව්. ජී. නාමල් ප්‍රසන්න (30) මහතාගේ මිදුලේ සිටියදී සොයාගෙන තිබේ. 
    කිසි දිනක නොදුටු බව පවසන මෙම කොළ පැහැති සර්පයා කැමරාවට හසු කරගත් අයුරු මෙහි දැක්‌වේ.

    Wednesday 11 September 2013

    පොල්ගහවෙල මිතභාණි හිමි

    ලොව එළිය දකින සත්වයෝ කර්මානුරූපව උප්පත්තිය ලබති. මවුපියන් කොතරම් පි‍්‍රයමනාප දරුවකු බලාපොරොත්තු වූවත්, එම අදහස සඵල නොවන්නට ද පුළුවන. උපතින්ම අංග විකල දරුවකු වන්නට ද ඉඩ ඇත. දෙනෙත් අන්ධ දරුවකු ද විය හැකි ය. බිහිරකු ද විය හැකිය. රෝග බහුල වශයෙන් ඇති අයකු වන්නට ද පුළුවන. සම්මත බරින් අඩු දුර්වල දරුවකු ද විය හැකි ය. අඟ පසඟ පිරිපුන් දරුවකු ද විය හැකි ය. කෙසේ වූවත් උප්පත්තිය දුකම වන්නේ ය.

    අපි‍්‍රය වූ අමනාප වූ, දරුවකු ලැබීමෙන් ද හැඬීම්, වැළපීම්, ශෝක, පරිදේව දුක් දොම්නස් පීඩා විඳින්නට සිදුවන්නේ ය. පි‍්‍රය මනාප සිත්කලු දරුවකු ලැබීමෙන් වුවද මවුපියවරුනට හැඬීම්, වැළපීම්, ශෝක පරිදේවයන්ගෙන් අඩුවක් නැත්තේ ය. පි‍්‍රය, අපි‍්‍රය දෙයාකාරයෙන්ම දුකම උරුම වන්නේ ය. සියල්ලන්ම උපත සමඟ මරණය රැගෙන එන නිසා ජරා ව්‍යාධියෙන්ම සත් කැළ අප්‍රමාණ දුක් විඳින්නෝ ය. වයස් භේදයකින් තොරව කාල පරිච්ඡේදයකින් තොරව ළදරු තරුණ, මහලු සැම දෙනාම ජරා, ව්‍යාධි, මරණ යනාදිය මුල්කොටගෙන කායික, මානසික දුක් පීඩා බහුල වශයෙන් විඳින්නෝ ය.

    පළමුවැනි දේව දූතයා තුළින්ම අසාරය, අශුභය ප්‍රකට වන ආකාරය දේව දූත සූත්‍රය ඇසුරෙන් මනාව පැහැදිලි කර ඇත. ඒ තුළින් කැමැති පරිදි කිසිවක් අඛණ්ඩව නොපවතින බව පෙන්නුම් කෙරේ. ‘අනිච්ච’ දහම තුළින් මේ බව අපට අවබෝධ කරගත හැකි ය.

    කාමයන් කෙරෙහි ගිජු වූ සත්වයා නිරන්තරයෙන් කාම විතර්ක සිතයි. එහිම සිත හසුරුවයි. කොපමණ කාම වස්තු ලදත් සෑහීමකට පත් නොවෙයි. ඌන සිතකින්ම වාසය කරයි. නැවත නැවත පංචකාමයන් සේවනය සඳහා ත්‍රිවිධ දුශ්චරිතයේම යෙදෙයි. කාමයන්ගේ ආස්වාදය පතන ඔහුට එහි ඇති බියකරු භාවය ආදීනවය තේරුම් කරගැනීමට බුද්ධියක් නොවන්නේමය. මිථ්‍යා දෘෂ්ඨීය මුල්කරගෙන මිථ්‍යා සංකල්පනාවන්ම රැස්කරයි. එසේ රැස්කොට මිථ්‍යා කර්ම සමාදානයම බහුලව කරයි. මෙසේ පාපයම අග්‍ර කරගත් බාලතෙම මරණින් මතු අපාය දුක් ඇති නිරයට වැටෙයි. වධකයෝ යමරජුට මෙසේ කරුණු දන්වති.

    “දේවයිනි, මේ පුරුෂයා බොහෝ පව්කම් කොට නිරයට පැමිණ ඇත. දීර්ඝකාලයක් මවට පියාට අහිත පිණිස, දුක් පිණිස හිංසා පීඩා පමුණුවා ඇත. වැඩිහිටියන්ට ගරු බුහුමන් දක්වා නැත. ශ්‍රමණයන් කෙරෙහි දූෂිත සිතින් කටයුතු කර ඇත. ආස්‍රවයන් ප්‍රහීණ කරන ලද රහතන් වහන්සේට කරදර පමුණුවා ඇත. ආක්‍රොශ, පරිභව කර ඇත. දේවයන් වහන්ස, දඬුවම් පනවන සේක්වා”යි ඉල්ලා සිටිති.

    යමරජ විසින් පළමුවැනි දේවදූතයා පිළිබඳ මෙසේ විමසනු ලැබේ.

    “තා මනුෂ්‍ය ලොව ජීවත්වන කාලයෙහි ප්‍රථම දේවදූතයා නොදැක්කෙහිද?

    “දේවයනි, මා දැක්කේ නැත”

    “එම්බල පුරුෂය, මිනිස්ලොව පහළ වූ, ඉපිද ටික කලක් ගිය, වා, පිත්, සෙම්වලින් පීඩා විඳින මල මුත්‍රා අසූචි තවරාගත්, සීත උෂ්ණයෙන් දුක් විඳින, අන් අයගේ උපකාර පතන, උඩුකුරුව කෑගසමින් කඳුළු හෙළන කුඩා ළදරුවකු නුදුටුවෙහිද?”

    “වහන්ස, එසේ ළදරුවකු දුටුවෙමි”

    එසේ වූ පුරුෂයාට යම රජු මෙසේ කියයි. “එම්බල පුරුෂය, තා හට යමක් වැටහෙන කල බලය ඇති කල, මම ද ජාතිය ස්වභාව කොට ඇත්තෙමි, ජාති ධර්මය ඉක්මවා නැත. ජරා ව්‍යාධි මරණය ද ඉක්මවා නැත. සසර දුකින් නිදහස් වීම පිණිස කය, වචනය, මනැස යන තුන් දොරින් කල්‍යාණ වූ සද්පුරුෂ වූ කුසල ක්‍රියා සිදුකිරීම සුගති භවයක් ලැබීමට හේතු වන්නේ ය. එයම සසර දුකෙන් මිදීමට ද හේතු වන්නේය’යනුවෙන් සිතක් පහළකොට අප්‍රමාදව කටයුතු කිරීම යහපතැයි සිතුවෙහිද?”

    “ නැත රජතුමනි, මම ප්‍රමාදයෙහිම හැසුරුණෙමි. කළු කර්ම බහුලකොට වැඩුවෙමි.”

    “එසේ නම් ප්‍රමාද වූවන්ට මෙහි දඬුවම් පමුණුවමි. මෙය තාගේ මවුපියන් කළ දෙයක්ද නොවෙයි. අඹු දරුවන් කළ දෙයක් ද නොවෙයි. ඥාතීන් කළ දෙයක්ද නොවෙයි. මිත්‍ර අමාත්‍යන් කළ දෙයක් ද නොවෙයි. මහණ බමුණන් විසින් හෝ දෙවියන් විසින් හෝ කරනු ලැබූ දෙයක්ද නොවෙයි. තාගේ දූෂිත වූ සිතින් කළ නපුරු පාප කර්මය ම වේ. එය තා විසින්ම විඳිය යුතු වන්නේ ය.”

    මේ කරුණු සලකා බලන විට අන්ධානුකරණයෙන් යුතුව, රූපය ස්ථිරසාර වූ දෙයක් ලෙස සලකා අහංකාර මානයෙන් යුතුව දූසිරිතතෙහි යෙදෙන ලෝකයාට සසර බිය වටහාගත හැකි ය. ළදරුවාගේ කය තුළම අසාරය, අසුබය නුවණින් විමසා බලා, අකුසල කර්ම රැස්කිරීම නවතා, නූපදීම සඳහා වීර්යය උපදවා ගැනීමට ප්‍රථමදේවදූතයා තුළින් ම කරුණු අවබෝධ කරගැනීමට හැකියාව ඇත. එහෙත් මේ අවබෝධය ලබනු වෙනුවට අද සිදුවන්නේ කුමක්ද? අසාරය සාරවත් ලෙස දකින ඇතැම් පියවරු දරුවකු බිහිවූ පසු පී‍්‍රතිය විනෝදය සඳහා මත්ද්‍රව්‍ය භාවිත කරමින් මදයට පත්වෙති. මෙය දහම නොදත් අනුවණ, දුබල බාල ජනයාගේ ක්‍රියාවලියකි. අහිංසක මාතාවක නව මසක් අනේකවිධ දුක් පීඩා විඳ දරුවකු බිහිකළ පසු ස්වාමියා වගකීමෙන් කටයුතු කළ යුතු ය. පවුල් ජීවිතය පෙරටත් වඩා සංවිධානාත්මකවද මානසික සුවය සැලසෙන අයුරින් ද ගත කිරීමට දක්‍ෂ වීම ස්වාමියාගේ යුතුකම වන්නේ ය. ආසාර දේ සාරකොට ගෙන මුදල් ද විනාශ කරගනිමින්, කාලයද විනාශ කරගෙන පවුල් ජීවිත අඩාල කරගන්නා ස්වාමිවරුන් අතර, මහත්මා ගති ඇති, මෙලොව පරලොව උභය දියුණුව සලසාගෙන දැහැමි ජීවිත ගත කරන සද්පුරුෂ ගුණයෙන් යුතු, ස්වාමිවරුන් ද ලොව නැත්තේ නොවේ. එවැනි අය ජනසමාජයේ අල්ප වෙති. මෙසේ හෙයින් පරලොව සුගති භවයක් කරා යන්නෝ ද ස්වල්ප වෙති. බොහෝ ජනයා අකුසල් කොට සතර අපායාදි දුකටම වැටෙන්නෝ ය. මනුෂ්‍යත්වය ලැබීමේ පරම දුර්ලභභාවය අවබෝධ කර ගැනීමට නොහැකිවීම ඊට හේතුවයි.

    නැවත අපි ‘ප්‍රථම දේව දූතයා’ දෙසට හැරෙමු. උපන් බිලිඳා ඒ මොහොතේම හැඬීමට පටන් ගනී. එවිට මවගේ සිත ද දරුවාකෙරෙහි අනුකම්පාව උපදවා දුකට පත්වෙයි. දරුවාට, යම් කෙනකු තම ළපටි ශරීරය අතගානවිට, නෑවීම් සේදීම් කරනවිට අපමණ දුකක් දැනෙයි. දරුවාට ඒ මොහොතේ දුක පවසා ගැනීමට හැකියාවක් නැති නිසා හැඬීම විනා වෙත කිසිවක් කර කියා ගැන්මට හැකියාවක් නැත්තේ ය. මෙය උප්පත්ති දුකේ යථා ස්වභාවයයි. රාත්‍රි සුව නින්දක් ලැබූ මවට හා පියාට ද දරුවකු ඇති වූ පසු එසේ තවදුරටත් සුවනින්දක් ලැබීමට අවස්ථාවක් නැත. වරින් වර දරුවා අවදි වී හඬන විට ඔහු සනසාලීමට ළඟින් සිටිය යුතු ය. දිවා රාත්‍රි දෙකෙහිම දරුවා වෙනුවෙන් තම ජීවිතය කැපකිරීමට සිදුවේ.

    එක් අවස්ථාවක මව අසනීප වන විට මව රෝහලවෙත හෝ වෙනත් ප්‍රතිකාර කරන වෛද්‍යවරයකු වෙත රැගෙනයාමට, පියාට සිදුවෙයි. මෙය දිවා රාත්‍රි කාල පරිච්ඡේදයකින් තොරව වෙහෙසවීමට සිදුවන අවස්ථාවකි. තවත් විටෙක ළදරුවා අසනීප වෙයි. දෙදෙනාම එවිට දරුවා වෙනුවෙන් වෙහෙස විය යුතු ය. මව සහ දරුවා තරමක් සුව වන විට පියා වෙහෙස වී රෝගී තත්ත්වයකට පත්වෙයි. එවිට මවට සිදුවන්නේ දෙදෙනාම වෙනුවෙන් මහත් වූ කැපකිරීමක් සිදුකිරීමයි. එහිදී මවගේ සෞඛ්‍ය තත්ත්වය ඉක්මනින්ම දුර්වල වෙයි. අවශ්‍ය කරන විවේකය, පෝෂණය සතුට හීන වන විට ඇයගේ කායික හා මානසික සුවය පිරිහී යයි. ඇතැම් මවුවරුන්ට ස්වාමියාගේ සහ නිවෙසේ ජීවත් වන සෙසු අයගේ තාඩන, පීඩන ආදි අමානුෂික ක්‍රියා හේතු කොට ගෙන මහත් වූ දුක් වේදනා විඳීමට ද සිදුවෙයි. ජන සමාජයේ එවන් විපත්තිදායක කනගාටුදායක සිදුවීම් බහුල වශයෙන් සිදුවනු දක්නට ලැබේ.

    ඇතැම් අය තම බලය, ශක්තිය උපයෝගි කරගෙන තම බිරිඳට හා දරුවාට පමුණුවන හිංසා, පීඩාදිය නිසා ජීවිත විනාශවීම් පවා සිදුවෙයි. අන්ධ බාලතෙම තමා පසුපස අකුසල කර්ම විපාක හඹා එන බව නොදැන තව තවත් අකුසල කර්ම සිදුකොට තාවකාලිකව සුවවේදනා වින්දත්, සතර අපාදී දුකට පත් වී විපාක ගෙවන කාලසීමාවක් නොදැක බොහෝ කලක් දුක් වේදනා විඳියි.

    එම නිසා හරි අවබෝධයක් නොමැතිව කටයුතු කිරීමෙන් සසර දිගුවෙන බවත්, දීර්ඝ කාලයක් අමිහිරි දුක් වේදනා විඳීමට සිදුවන බවත්, නුවණින් විමසා වටහාගත යුතු ය. එම නිසා ප්‍රථම දේවදූතයා තුළින් සසර අසාරය දැක ජාති සංවේගය උපදවා ගැනීම යහපත් ය. මළ මුත්‍රා ගොඩේ වැතිරී දරුවා හඬයි. දුක්වේදනා ප්‍රකාශ කර ගැනීමට නොහැකිව හඬයි. ඒ මේ අතට ඉරියව් වෙනස් කරගැනීමට නොහැකිවද හඬයි. වාත වේදනා, පිත් කිපීම, සෙම් කිපීම ආදියෙන් ද මහත් දුක් විඳියි. ඇතැම් දරුවෝ තුන්දොස් කිපීමෙන්, විවිධ රෝගයන්ගෙන් මිය යති. මේ තුළ ජරා, ව්‍යාධි මරණයම විද්‍යාමාන වේ. දද, කුෂ්ඨ ආදී චර්ම රෝග සෑදී දුක් විඳී. ආහාර අපත්‍ය වී ද දුක් විඳීයි. නා නා පණු රෝගයන්ගෙන්ද විඳින දුක් පීඩාව ඉමහත්ය. මෙලෙස ළදරුවාම ඔබට ප්‍රකාශ කරන්නේ මා දෙස බලා අසාරය මෙනෙහි කර නූපදීම සඳහා අප්‍රමාදව කටයුතු කරගන්න යන පණිවිඩයයි.

    පළමුවැනි දේවදූතයා අපට ලබාදෙන එම පණිවුඩය අපි නිසි පරිදි වටහා ගනිමු. නුවණැතිව කටයුතු කර විමුක්ති සාධනය වෙනුවෙන් අප්‍රමාදී වෙමු.

    ඔබ සැමට තෙරුවන් සරණයි..

    Monday 9 September 2013

    උපන් ලප හෙළි කරන ජීවිත රහස්‌

    උපන් ලප හෙළි කරන ජීවිත රහස්‌

    හිඹුටානේ පියතිලක ද අල්විස්‌

    පුද්ගලයකුගේ අඟ පසඟ පිහිටීම අනුව හෙවත් දේහ ලක්‍ෂණ විද්‍යාව අනුව කෙනෙකුගේ චරිත ස්‌වභාවයන් කිව හැකි සේම කෙනෙකුගේ ශරීරයේ පිහිටන උපන් ලප අනුව ද චරිත ලක්‍ෂණ පැවසිය හැකි බව පැරැණි සෘෂිවරුන් සඳහන් කර ඇත. ශරීරයේ පිහිටන මෙම උපන් ලප පිළිබඳව නොයෙකුත් මති මතාන්තර ඇත. මේවායෙහි ශාස්‌ත්‍රීය තත්ත්වයන් ද නැතිවා නොවේ.

    තල කැලල් හා නියමල් ද උපන් ලප ගණයටම ගැනේ. යම් ස්‌ත්‍රියකගේ නලලේ මැද ලපයක්‌ පිහිටියේ නම් එය තම සැමියාට සැප සම්පත් ලබා දෙන සමාජයේ ගරු බුහුමන් ලබා දෙන කුලාචාර කාන්තාවකට පිහිටන සුබ ලකුණකි. ස්‌ත්‍රියකගේ තද කලු පාට ලපයක්‌ සමඟÊරෝම ගසක්‌ දැක්‌වේ නම් ඇය ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම පත්වන අතර සුවිශේෂ පුද්ගලයකුගේ විවාහයකට පත්වෙයි. එමෙන්ම ඇය සැමගේ ආදරයට ද පාත්‍ර වේ. ධනය, බලය ලබන්නියක්‌ වන අතර රටේ කීර්තියට ද පත්වෙනු ඇත.

    පිරිමින්ගේ දකුණු උරහිසෙහි උපන් ලපයක්‌ පිහිටීම සෞභාග්‍යය පෙන්වන සංකේතයක්‌ වන අතර වම් උරහිසෙහි ඇති උපන් ලපය ගුණහීන පුද්ගලයකු හඳුන්වා දෙයි. දකුණු උරහිසෙහි ඉන්නෙක්‌ හෝ තල කැලලක්‌ පිහිටීම සුබ ලකුණක්‌ වන්නේය. වම් උරහිසෙහි එවැනි ලකුණක්‌ තිබීම සුබ නොවේ. වම් උරෙහි උපන් ලපයක්‌ ඇති කාන්තාව ස්‌වාමිපුරුෂයාට ප්‍රිය වන්නීය. දකුණු උරෙහි උපන් ලපයක්‌ හෝ ඉන්නෙක්‌ පිහිටීමෙන් දිගු කල් ජීවත්වෙන ඉසුරුබවින් පිරුන කාන්තාවක්‌ පෙන්නුම් කරයි. අත්ලෙහි උපන් ලපයක්‌ ඇති පුද්ගලයා අනුන්ගේ සිත් දිනා ගැනීමට සමත් සෘජු ප්‍රතිපත්ති ඇති අයෙක්‌ වේ. අත්ලෙහි උපන් ලපයක්‌ හෝ ඉන්නෙක්‌ පිහිටි වනිතාව උසස්‌ විවාහයකට හිමිකම් ලබන්නීය. දකුණු අත්ලෙහි තල කැලලක්‌ ඇත්නම් වස්‌තු භංගත්වයක්‌ ද, වම් අත්ලෙහි එවැනි ලකුණක්‌ ඇත්තේ නම් නෑදැයන්ගේ ගෞරවයට පාත්‍ර වන බව ද දත යුතුය. කාන්තාවකගේ ඇඟිලිවල උපන් ලප ඇතිවීම අසහනය පෙන්වන පිහිටීමක්‌ වේ.

    ස්‌ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ දෙබැමවල ඇති ලප ඉතාම අභාග්‍ය සම්පන්න කරදරකාරී ජීවිතයක්‌ පෙන්වන ලකුණකි. දෙබැම අතර පිහිටීම කාමයට දැඩි ලොල් බවක්‌ පෙන්නුම් කරයි. එසේම දුර්ජන සිතිවිලිවලින් ගහන වූ හදවතක්‌ හිමිය. ඇස්‌ පිහාටුවල එවැනි ලප බොහෝ දුරට දුක, කනගාටුව ගෙන දෙයි. නාසයේ දකුණු පැත්තේ උපන් ලපයක්‌ ඇති වීම අවාසනාව පෙන්නුම් කරයි. වම් පැත්තේ පිහිටීම ඉසුරු සම්පත් ලැබෙන පිහිටීමක්‌ වනු ඇත. කොපුල් තලයේ පිහිටීම වාසනාවන්ත දරුවන් ලැබීමටද, සංගීත කලා අංශවලට දක්‍ෂ බව ද පෙන්නුම් කරයි. නිකටේ උපන් ලප පිහිටීම වාසනාව ගෙනදෙයි. බෙල්ලේ වම්පස උපන් ලපයක්‌ පිහිටියේ නම් ආයුධ සම්බන්ධ කැපුම් කෙටුම්වලට භාජනය වීමද, බෙල්ලේ දකුණුපස සල්ලාල ජීවිතයක ලක්‍ෂණ ද පෙන්නුම් කරයි. හෘදයේ ලප පිහිටීම දරුලාභ, මිත්‍රලාභද, උරෙහි පිහිටීම නෑදැයන් අතර ආරවුල්ද, කිහිලිවල ධනය, දියුණුව, සැප සම්පත් විනාශවීමද පෙන්නුම් කෙරෙයි. පිටෙහි උපන් ලපයක්‌ පිහිටීම ද වාසනාවන්තය. සෘජු අදහස්‌ ඇති කිසිවෙකුට යටත් නොවී ජීවත්වන අයෙක්‌ වෙයි. මැණික්‌ කටුව ප්‍රදේශයෙහි නම් කීකරු මනා සංයමයකින් ජීවත්වන අයෙක්‌ බව පෙන්නුම් කරන අතර අත් දෙකෙහි එවැනි ලකුණක්‌ පිහිටීම මැණික්‌, ඉඩකඩම් ලාභ පෙන්නුම් කරයි.

    සුරා පානයට ගිජු පුරුෂයාගේ තොල්වල උපන්ලප දිස්‌වෙන බව ශාස්‌ත්‍රීය නිගමනයයි. පුරුෂයකුගේ තොලෙහි ඉන්නෙකු පිහිටීම සමාජශීලී ගතිය පෙන්නුම් කරයි. තොලෙහි උපන් ලපයක්‌ පිහිටි කාන්තාව අන් අයගේ ඕපදූප සොයමින් ගත කරන කේලාම්කාරියක්‌ බව කියනු ලැබේ. තොලෙහි ඉන්නෙක්‌ හෝ තල කැලලක්‌ ඇත්තේ නම් මෙවුන්දම් සේවනයෙහි සීමා රහිත ආශා ඇති ගැහැනියක්‌ ලෙස හඳුනාගත හැකියි. ශරීරය පුරා විසිරී ගිය අධික කළු ලප වලින් ලේ දූෂ්‍ය අසනීප, ඉක්‌මන් කෝප ගතිය, ස්‌වකීය මතයම අභිමත අයකු වේ. බෙල්ලෙහි ලප දිස්‌වීම, විවාහ සැප සම්පත් අඩු වී යැමට හේතු වන අතර නිතර සිත් වේදනාවෙන් කල් ගෙවන අයෙක්‌ බව දැක්‌වෙයි. අත්ලේ බුධ මණ්‌ඩලයේ කළු ලප ඇති වී නම් අධ්‍යාපනයට බාධා ගෙන දෙන සලකුණකි. රවි මණ්‌ඩලයේ කළු ලප පිහිටියේ නම් ඔහු හෝ ඇය බියගුළු ගති ඇති නීතියට බිය ඇති අයෙක්‌ කරවයි. කුජ මණ්‌ඩලයේ කළු ලප වැටීම බන්ධනාගාරගත වීමට හේතු පෙන්වන අභාග්‍යසම්පන්න පිහිටීමකි. සිකුරු මණ්‌ඩලයේ හා දකුණු අත්ලෙහි මැද පිහිටි කළු ලප වලින් අසාර්ථක විවාහයත්, චිත්ත පීඩා හා ධන නාස්‌තිය ද, පෙන්නුම් කරයි. ඇඟිලිවල උපන් ලප ඇත්තේ නම් ඔහු ප්‍රසිද්ධ පුද්ගලයෙකු වියහැක. අත්ලෙහි උපන් ලපයක්‌ හෝ ඉන්නෙක්‌ පිහිටි වනිතාව උසස්‌ විවාහ සැපතක්‌ ලබන්නීය. සිනිඳු වූත්, මට සිළුටු වූත්, වෘත්තාකාර වූත්, ශෝභාව ගෙන දෙන ලපයක්‌ හිසෙහි ඇත්නම් එය ජීවිතයේ මැදි වයසේදී හදිසි ධන ලාභයක්‌ ගෙන දෙන ලකුණකි. හිස මුදුනේම එය පිහිටා ඇත්තේ නම් ධන ලාභ කීපයක්‌ ම හිමිවිය හැක.


     

    අන්තර්ජාලයේ සැරිසරන උම්මත්තකයිනගෙන් බේරාගන්න..

     ඔබේ නැගණිය, ඔබේ සොයුරිය, ඔබේ පෙම්වතිය අන්තර්ජාලයේ සැරිසරන උම්මත්තකයිනගෙන් බේරාගන්න... ඔබට හිතන්නට කාලයයි... ►

    සම්පූර්න ලිපියම කියවන්න..ඉන්පසු Share කිරීම ඔබසතු යුතුකමකි...

    *"මොකද උඹ මගේ මූණ දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නේ. මම කියන්නේ බොරු නෙමේ. එයාගේ නම දූලීෂා. එයා වැඩ කලේ.... ඔෆිස් එකේ. ඒකේ කම්පියුටර් ඉන්ජිනියර් මගේ හොඳම යාළුවෙක්. ඌ තමා මට ඔය නේකඩ් පික්චර්ස් ටික දුන්නේ. උන් එයාව බැලැක් මේල් කළා. මම හිතන්නේ එයාට කීප දෙනෙක් එක්ක යන්න සිද්ධ වුණා. අන්තිමට පවුල් ජීවිතෙත් නැති වුණා. ජොබ් එකත් නැති වුණා. දැන් පොඩි බබත් එක්ක අම්මලගේ ගෙදර ඇවිත් ඉන්නේ."*

    පරිගණකය... මෙය දැන් ලංකාවේ බොහෝ දෙනකු දන්නා මෙවලමක් වගේම තවමත් බොහෝ දෙනකු නොදන්නා මෙවලමක් කිව්වොත් වඩාත් නිවැරැදියි. නව පරපුර මෙය වේගයෙන් ඉගෙන ගනිමින් සිටිනවා. වර්තමානයේ අපේ රටේ පරිගණක සාක්ෂරතාව සියයට 40ක් තරම් අගයක් ගන්නවා. නුදුරු අනාගතයේම මෙය සියයට 60ක් වන බවට අනාවැකි පළවී තිබෙනවා. පරිගණකය
    ගැන වැඩිදුර ඉගැන්වීමටවත් පරිගණකය මඟින් ලබාගන්නා විපුල පල ප්‍රයෝජන සාකච්ඡා කිරීමටත් නෙමෙයි මේ සූදානම. බොහෝ දෙනකු දන්නා පරිගණකයේ නොදන්නා පැතිකඩක් අනාවරණය කිරිමටයි මේ සූදානම. පරිගණකයේ මේ නොදන්නා පැතිකඩ නිසා තරුණ පරපුරේ බොහෝ දෙනකු මෙන්ම වැඩිහිටි පරපුරේ බොහෝ දෙනෙකු තමන්ගේ ජීවිත අඳුරු කරගත් අවස්ථා මෙන්ම වංචනිකයන්ට රැවටුණ අවස්ථා බොහෝමයි කීවොත් මම හිතන්නේ එය නිවැරදියි. මෙවන් කනගාටුදායක තත්වයන්ට මුහුණ දුන් කිහිපදෙනකුත් මෙන්ම, පරිගණක රැවටිලිකාරයන් කිහිපදෙනකුත් ඇසුරෙන් ලබාගත් මේ අත්දැකීම් සමුදාය මම හිතන්නේ පරිගණක දන්න නොදන්නා හැමෝටම ප්‍රයෝජනවත් වෙයි.

    මං දිනක් මගේ මිතුරකුත් සමග කිරිබත්ගොඩ ෆුඩ් සිටියට ගොඩ වැදුණේ නිවෙසට අත්‍යවශ්‍ය කළමනා ටිකක් මිලට ගැනීමටයි. ඩෙනිමක් සහ ටී ෂර්ටයකින් සැරසුණ කුඩයක් අතින් ගත් රූමත් තරුණියක් මා ඉදිරිපස තිබු රක්කයෙන් ආහාර ද්‍රව්‍ය තෝරමින් සිටියා. ඇය දෙස මම වුවමනාවෙන් බැලුවා.

    කොහෙද උඹ බලන්නේ? මීට කලින් දැකලා තියෙනවද එයාව.

    නෑ බං මම නිකන් බැලුවේ.

    හොඳට මූණ බලපන්. පින්තූරෙකින්වත් කොහෙදි හරි දැකලා තියෙනවද කියලා.
    නෑ බං... නෑ... මම නිකන් බැලුවේ...

    ඒකිගේ නේකඩ් පික්චර් මගේ ගාව තියෙනවා...

    මිතුරා පැවසූ දෙයින් මම වික්ෂිප්ත වූයේ ඔහු සාමාන්‍යයෙන් බොරු කියන චරිතයක් නොවූ නිසයි.

    මොකද උඹ මගේ මූණ දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නේ. මම කියන්නේ බොරු නෙමේ. එයාගේ නම දූලීෂා. එයා වැඩ කලේ.... ඔෆිස් එකේ. ඒකේ කම්පියුටර් ඉන්ජිනියර් මගේ හොඳම යාළුවෙක්. ඌ තමා මට ඔය නේකඩ් පික්චර්ස් ටික දුන්නේ. උන් එයාව බැලැක් මේල් කළා. මම හිතන්නේ එයාට කීප දෙනෙක් එක්ක යන්න සිද්ධ වුණා. අන්තිමට පවුල් ජීවිතෙත් නැති වුණා. ජොබ් එකත් නැති වුණා. දැන් පොඩි බබත් එක්ක අම්මලගේ ගෙදර ඇවිත් ඉන්නේ.

    එයා මාව හොඳට අඳුරනවා. පොඩ්ඩක් හිටපන් මම කතා කරල පෙන්නන්න. එසේ කියු මිතුරා සැණෙකින් ඇයට කතා කළා පමණක් නොව ඇයට මාව අඳුන්වා දුන්නා. මා සමඟත් වචනයක් දෙකක කතා කළ ඇය ඉක්මනින් එතනින් ඉවත් වී ගියා. අත්තටම මෙය දැන් මට දැඩි කුතුහලයක් වුණා. මේකෙ ඇත්ත නැත්ත හොයන්න ඕනෙ.
    මිතුරා සමඟ ඔහුගේ නිවසට ගිය මට ඔහු පරිගණකයේ තියෙන ඇගේ නිරුවත් පින්තූර පෙන්නුවා. සැබැවින්ම මේ ඇයම තමා. ෆෝටෝෂොප් ජිල්මාට් එකක්ද? මම මා සතු පරිගණක දැනුමින් පරීක්ෂා කර බැලුවා. කිසිම අයුරකින් සෑදූ පින්තූර නොවන බව මොනවට පැහැදිලි වුණා.

    ඇත්තටම කොහොමද බං මෙහෙම වුණේ?
    එයාගෙ ලැප් එකට වින්ඩෝස දාන්න මගෙ යාළුවට දීලා තියෙනවා. ඌට එයාගේ කොම් එකේ හඩ් එක රිකවරි කරලා තමයි ඔය ෆොටෝ ටික අරගෙන තියෙන්නේ. මාත් එක්ක තියෙන ෆිට් එකට තමයි ඌ මට ඔය ෆොටෝස් ටික දුන්නේ.

    ඇත්තටම මෙය කනගාටුදායක කරුණක් නොවේද? තමන්ගේ පරිගණකය සදාගැනීමට ගොස් මෙවන් අකරතැබ්බයන්ට මුහුණ දුන් අය තවත් ඕනෑ තරම් ඇති. මේ පිළිබඳ තවදුරටත් සොයා බලන්න මම තීරණය කලේ නොදන්නාකමින් තමන්ටම කරගන්නා මේ අපරාධය සමාජයට හෙළිකරගත යුතු නිසාමයි.

    මට අවශ්‍ය වුණේ ඇයගේ කටින්ම මේ ගැන දැන ගැනීමටයි. මිතුරාගේ මාර්ගයෙන් ඇය දැන් පදිංචි වී සිටින අගේ මවුපියන්ගේ නිවස සොයාකත් මම ඇයත් සමඟ කතා බහ කිරීමට මාර්ගයක් සෙව්වා. එහිදී මට දැනගැනීමට ලැබුණා ඇය සතියේ සෑම දිනකම උදේ වරුවේ ඇයගේ කුඩා දරුවා පෙර පාසලට කැන්දගෙන යන බව. මෙය මට හොඳ අවස්ථාවක් වුණා. මම ඇය සමඟ කතා කිරීමට උත්සාහයක් ගත්තා. නමුත් එය උත්සාහය ව්‍යර්ථ වුණා.

    නමුත් මම උත්සාහය අත්හැරියේ නැහැ. ඇය වැඩ කළාය කියපු කාර්යාලයෙන් තොරතුරක් ලබා ගැනීමට පුළුවන්ද? මම මගේ අවධානය ඒ දෙසට යොමු කළා... ඇත්තටම එහිදී මගේ වාසනාව පෑදුණා... මම දන්නා කියන කෙනෙක් එහිදී මට මුණගැසුණා.... ඇගේ නම අනොමා....

    අනෝමා මට මෙහෙම ආරංචියක් ලැබුණා ඇත්තද?

    මෙහිදී ඇය විමතියට පත් වුණා.... මට මේ ආරංචිය ලැබුණේ කෙසේද කියා. කෙසේ වුවත් ඇය මට මෙහෙම කිව්වා.

    ඒ කතාව ඇත්ත. දුලීෂා මගේ හොඳම යාළුවා. හරිම හොඳ කෙනෙක්. තවමත් මාත් එක්ක විතරයි මේ ඔෆිස් එකෙන් කතා කරන්නේ. එයාට මෙහෙම දෙයක් වුණ එක නම් හරිම අපරාධයක්. එයා මිනිසුන්ව ඕනෑවට වැඩිය විශ්වාස කළා. ඒකයි වුණේ... හැබැයි එයාට කරදර කරපු එකෙකුටවත් හොඳින් ඉන්න හම්බ වුණේ නැහැ. උන් ඔක්කොටම යන්න වුණා.

    මම මගේ අදහස ඇයට පැවසුවා. මට ඕනෙ එයාගෙන්ම විස්තර ටිකක් දැන ගන්න මෙහෙම දේවල් තවත් නොවෙන්න සමාජය දැනුවත් කරන්න...

    හොඳයි මම උත්සාය කරන්නම්... මට කාලයක් දෙන්න... ඇගේ වදන් මට සතුට අත් කරන්නක් වුණා....
    සතියක් ගත වුණා...

    අනෝමගෙන් මට දුරකතන ඇමතුමක් ලැබුණා.....



    දුලීෂා අද අපේ ගෙදර එනවා කිව්වා. ඔයත් එන්න...

    අනෝමාගේ නිවසේදී මට දුලීෂාව මුණගැසුණා. ඇයගෙන් ලබාගන්නා තොරතුරු කිසිසේතම ඇයට හානියක් වන අයුරින් පාවිච්චි නොකරන බවත්, ඒවා පොදු සමාජ යහපත උදෙසා පාවිච්චි කරන බවටත් ඇයට ඒත්තු ගැන්වීම වෙහෙසකර කටයුත්තක් වුණා. වර්තමානයේ ඇය සමාජය කෙරේ බොහෝසේ කලකිරී සිටීම මගේ වෙහෙස තවත් වැඩි කරන්නක් වුණා. කෙසේ වුවත් අවසානයේ ඇගේ කටහඬ අවදි කිරීමට හැකියාවක් ලැබුණා...

    කොළඹ ජාත්‍යන්තර පාසලක උගත් ඇය.... ආයතනයේ කලක් විධායක ශ්‍රේණියේ රැකියාවක් කර තිබෙනවා. සුරූපී ඇගේ වයස අවුරුදු 26ක්. අවුරුදු 20දී විවාහ වූ ඇය පෙර පාසල් යන වයසේ දරුවකුගේ මවක්.

    ඔබට කොහොමද මෙහෙම ප්‍රශ්නයක් වුණේ?

    මගේ කලින් ඔෆිස් එකේ අයි ටී ඉංජිනියර් මධුර (මනකල්පිත නමකි) කලින් මගෙ හොඳ යාළුවෙක්. මගේ ඔෆිස් කම්පියුටර් කැඩුණාම හදලා දෙන්නේ එයා. මගෙ විතරක් නෙමේ මුළු ඔෆිස් එකේම කම්පියුටර් වටලට මොනවා හරි ප්‍රශ්නයක් වුණාම මධුරට තමයි කෝල් කරන්නේ. මේ අතරේ මට වුවමනා වුණා ලැප්ටොප් එකක් ගන්න. මධුර කම්පියුටර් ගැන හොඳට දන්න නිසා මම මධුරට තමයි කිව්වේ කම්පියුටර් එකක් තෝරල දෙන්න කියලා. එයා මට හොඳ බ්‍රෑන්ඩ් එකකින් කම්පියුටර් එකක් තෝරලා දුන්න විතරක් නෙමෙයි එකට සොෆ්ට්වෙයාර්ත් දාලා දුන්නා.

    එතකොට කොහොමද ඔබගේ නිරුවත් ඡායාරූප ලැප්ටොප් එකට ගියේ.

    මට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්. (මෙහිදී ඇය විසින් අඳින ලද චිත්‍ර කිහිපයක් දැක ගැනීමේ අවස්ථාව මට ලැබුණ අතර ඒ දුටු මට සිතුණේ ඇත්තෙන්ම ඇය ඉතා දක්ෂ චිත්‍ර ශිල්පිනියක් බවයි)

    මට හිතුණා මගෙ නිරුවත් ඡායාරූප එකක් අඳින්න. ඒ නිසා මගෙ කාමරේ ඉඳගෙන මගෙ කැමරාවෙන් මමම තමයි මගෙ පින්තූර ගත්තේ.
    (ඇත්තෙන්ම එම ඡායාරූප මම දුටු නිසා එය සත්‍යයක් බව විශ්වාස කළ හැකියි.) ඒ පින්තූර බලාගෙන මාව අඳින්න.

    මේ මොහොතේ ඇයට ඇඬුම් ආ අයුරු මම දුටුවා. කෙසේ වුවත් ඇය එම සියල්ල යටපත් කරගෙන මා සමඟ කතා කළා....

    මම ඩෙටා කේබල් එක හරහා ඡායරූප ටික මගෙ ලැප්ටොප් එකට දැම්ම. ටික දවසකින් මගෙ චිත්‍රය ඇඳලා ඉවර කළා... (මම ඒ චිත්‍රය ඇගෙන් ඉල්ලා සිටියත් ඒ මොහොතේ ඇය මට කිව්වේ දැන් ඒක මගෙ ළඟ නැහැ කියලයි.) ඊට පස්සේ මම ඡායාරූප ටික මකලා දැම්ම.. ෂිෆ්ට් ඩිලිට් ගැහුවෙ. මොකද ඒ ඡායාරූප කම්පියුටර් එකේ තියා ගන්න වුවමනාවක් මට කොහොත්ම තිබුණෙ නැති නිසා.

    ඊට ටික දවසකට පස්සේ මගෙ ලැප්ටොප් එකේ ලෙඩක් ආවා... නිතරම රිස්ටාට් වෙන එක. ඒක හදාගන්න තමයි මම ලැප්ටොප් එක ඔෆිස් එකට අරගෙන ගිහින් මධුරට දුන්නේ. එදා මධුර ඒක ගෙදර අරගෙන ගියා හදලා ගෙනත් දෙන්න. මට කිසිම සැකයක් තිබුණෙත් නැහැ. මොකද මගෙ ලැප්ටොප් එකේ ඒ වෙනකොට කිසිම අනවශ්‍ය දෙයක් තිබුණෙත් නැති නිසා.

    පසුවදා මධුර ලැප්ටොප් එක හදලා ගෙනත් දුන්නා.

    ඊට ටික දවසකට පස්සේ තමයි මේ සේරම කරදර වෙන්න පටන් ගත්තෙ. මධර කෝල කරලා කිව්වා මෙහෙම පින්තූර වගයක් තියෙනවා කියලා. මට හිතා ගන්න බැරිවුණා... ඒ වෙනකොට මම රිකවරි සොෆ්ට්වෙයාර් ගැන මුකුත් දැනගෙන හිටියෙ නෑ.

    (කම්පියුටරේ වැඩ කරන කොට අපි අතින් වැරදිලා ෆයිල්ස් ඩිලිට් වෙන්න පුළුවන්. රීසයිකල් බින එකට ගියොත් ඒවා අපිට නැවත ගන්න පුළුවන්. නමුත් ෂිෆ්ට් ඩිලිට් කළොත් ෆයිල්ස් ආපසු ගන්න බැහැ. එතකොට අපිට ඒවා නැවත ගන්න ඕනෙ නම් ඩෙටා රිකවරි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්නම වෙනවා.)

    ඌ මට බලපෑම් කළා ඌත් එක්ක එන්න කියලා... නැත්නම් ඡායාරූප අන්තර්ජාලයට දානවා කිව්වා. අවසානයෙ මට ඒක නොකර බැරිවුණා... ටික දවසක් යනකොට ආයතන ප්‍රධානියටත් මේක ආරංචි වෙලා තිබුණා... මට එයාගෙ ආශාවන් සංසිඳවන්නත් වුණා.... මම හැමදේම කළේ මගෙ පිනතූර ටික ප්‍රසිද්ධ කරයි කියල බයට. මගේ පවුල රැක ගන්න. මම හිතුවා මෙතනින්වත් මේ කරදරේ ඉවර වෙයි කියලා... ටික දවසක් යනකොට ආයතනයේ වෙනත් අයත් මට කතා කරන්න ගත්තා. මධුර මට කිව්වේ එයාගෙ පෙන් ඩ්‍රයිව් එකේ තිබිලා තව කෙනෙක් මේ පින්තූර ටික හොරකම් කරලා කියලා...මට හිතුණා කෝච්චියට බෙල්ල තියන්න. වහ බොන්න... ඒත මගෙ දරු පැටියව දාලා මම කොහොමද එහෙම කරන්නේ?

    මාව ආයතනය ඇතුළෙ සෙල්ලම් බඩුවක් වුණා... අවසානයෙ මම හිතුවා එතනින් අයින් වෙන්න.

    එතකොට ඔයාගෙ විවාහය දෙදරල ගියේ මේ බව සැමියට ආරංචි වීම නිසාද?



    මම විවාහ වුණේ අවුරුදු 20න්. මේ ප්‍රශ්න ටික ටික එයාටත් ආරංචි වෙලා තිබුණා. එක දවසක් එයා මට හොඳටම ගැහුවා. ඊට පස්සෙ තමයි මම දරුවත් අරගෙන මහ ගෙදර ආවේ...

    ඔයාට තිබුණනේ නීතියේ පිහිට පතන්න.

    මම ලැජ්ඡාවට තමයි ඒක නොකළෙ. මගෙ පවුල් ජීවිතේ රැකගන්න ජීවත් වෙන්න ඕන නිසා. නීතිය ඉදිරියට ගිහිල්ලා මුළු සමාජයටම ප්‍රසිද්ධ වෙන්න මට වුවමනාවක් තිබුණෙ නැහැ.

    ඉතින් ඔයාට හැමදාම මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද?

    නැහැ. දැන් මම වෙන තැනක ජොබ් එකක් කරනවා. මට ඕනෙ මගෙ දරුව හදාගන්න. මීට වැඩිය මට වෙන්න දෙයක් නැහැ. ආයෙත් මට බලපෑමක් ආවොත් මම දෙපාරක් හිතන්නේ නැහැ පොලිසියට යනවා.

    ඇත්තෙන්ම ඇගේ ආත්ම ශක්තිය ගැන මට සතුටක් දැනුනත් නොදැනුවත්භාවය නිසා ඇය සිදුකරගත් විනාශය ගැන ඇති වුණෙ කිව නොහැකි තරම් කණගාටුවක්.

    පරිගණක හාඩ්වෙයාර් ආශ්‍රිතව කටයුතු කරන මගේ මිතුරන් සහ ඔවුන් මාර්ගයෙන් හඳුනාගත් පරිගණක හාඩ්වෙයාර් සාප්පු හිමියන් කිහිප දෙනකුගෙනුත් මම කරුණු විමසා සිටියේ මෙවන් අවනඩු තවත් තිබේද යන්න සොයා බැලීම සඳහායි.

    මේ යක්කල පරිගණක හාඩ්වෙයාර් සාප්පුවක් හිමි ඉඳුනිල් කී කතාවයි.
    සමාජයේ නොයෙක් තරාතිරම්වල අය අපි ළඟට කම්පියුටර් අරගෙන එනව හදන්න. මේ අතර ලස්සන ගෑනු ළමයිත් ඉන්නවා. ඔෆිස්වල වැඩ කරන ලස්සන නෝනලත් ඉන්නවා.
    ඇත්තම කියනව නම් ඒ ගොල්ලන්ගෙ පර්සනල් ෆයිල්ස් බලන්න හිතෙන්නේ ඉබේමයි. සමහර වෙලාවට ඒ ගොල්ලන්ගෙ ලස්සන පින්තූර තිබුණොත් අපි කොපියක් දාගන්නවා. සමහර අයගෙ අඩ නිරුවත් පින්තූර එහෙම තියෙනවා. අපිට මොනව හරි ඇති කියලා සැක හිතෙන කම්පියුටර්වලට අපි ඩෙටා රිකවරි සොෆ්ට්වෙයාර් එකක් දාලා බලනවා. සමහර වෙලාවට සාර්ථක ප්‍රථිඵල ලැබෙනවා..
    ඇත්තටම ඔබට දැන් යන්තම් හෝ වැටහීමක් ඇති තත්වය මොනතරම් භයානකද කියලා. නමුත් ඇත්තම තත්වය මෙයටත් වඩා භයානක බව නම් ඉඳුරා පැවසිය හැකියි.

    මීලඟට මම හමුවීමට තීරණය කලේ මිතුරකුගේ මාර්ගයෙන් දැන හඳුනාගත් ඩිජිටත් කැමරාවක් නිසා දුලීෂා මෙන් අපහසුතාවයට පත් වූ තරුණයෙක්.

    විනෝදකාමී තරුණයෙක් වූ ඔහුගේ නම රසික. ඔහු විවාහකයෙක්. ඒ වගේම කුඩා දරු දෙදෙනකුගේ පියෙක්. රසික මට එන්න තැනක්, දිනයක් සහ වෙලාවක් දුන්නා. ගම්පහ - ජාඇල පාරේ පිහිටි අවන්හලකට මා පිය නැඟුවේ ඒ අනුවයි. බීර වීදුරු එක දෙක හිස් වෙන්න වුණා.
    මොකක්ද මචං වුණ කරදරය මම රසිකගෙන් විමසුවා.

    මචං මම ගත්ත ඩිජිටල් කැමරාවක්. අපි ෆැමිලි එක ට්‍රිප් එහෙම යනකොට ෆොටෝස් ගන්න කියලා හිතාගෙන. කැමරාව ගත්ත දවස්වල ආසාවටත් එක්ක නිතරම ෆොටෝස් ගත්ත. එක දවසක් අපි දෙන්නම ෆොටෝ එකක් ගත්ත. අපි ඒවා බලල එවෙලෙම මකල දම්මා. ඒ සිද්ධිය එතනින් ඉවර වුණා. ටික දවසකට පස්සේ මගෙ යාළුවෙක් මගෙන් ඩිජිටල් කැමරාව ඉල්ලුවා... ට්‍රිප් එකක් යනවා ෆොටෝස් ටිකක් ගන්න කියලා. මම කැමරාව ඔහුට දුන්නා. ටික දවසකට පස්සේ ඌ මට උගෙ ගෙදරට එන්න කියලා පෙන්නපු දෙය මට විශ්වාස කරන්නත් බැරි වුණා. බිරියත් මමත් එදා ගත්ත පින්තූර උගෙ කම්පියුටරේ තිබුණා.

    උඹට මම හින්ද හොඳයි. මම කාටවත් මේව පෙන්නුවේ නෑ. වෙන එකෙකුට හම්බ වුණානං ඉවරයි. ඌ මට කිව්වා.

    ඇත්තටම ඌ මගෙ හොඳ යාළුවෙක්. ඒ හින්දා මට ඌව විශ්වාසයි රසික කියාගෙන ගියා.

    ඒත් මචං ලැජ්ජාව... ඒ ගැන කියලා වැඩක් නෑ... බීර බෝතලයට මේ කතා කරන්නේ මට හිතුණා.

    උඹට කොහොමද මේවා හම්බ වුණේ.... මම මේවා මකලා දාලානෙ තිබුණේ. මම උගෙන් ඇහුවා. රසික කිව්වා.... එතකොට ඌ කිව්ව දේවල්වලින් තමයි මෙහෙම දේවලුත් තියෙනවා කියල මම දැනගත්තේ.

    මම උඹෙන් කැමරාව ඉල්ලගෙන ආපු දවසෙ මම ගෙදරදී අපේ බබාගෙ ෆොටෝ වගයක් ගත්තා. ඒ ටික මගෙ අතින් මැකුණෘ. මට ඒ ටික අපසු ගන්න ඕන වුණ නිසා කැමරාවේ මෙමරි චිප් එක රිකවරි කළා. එතකොට ඒ ෆොටෝස් එක්කම තමයි උඹලගෙ ෆොටෝ 2ත් මට හම්බ වුණේ.

    ඒ රසිකගේ කතාව... රසිකගෙ හොඳම යාළුවෙකුට ඒ ෆොටෝස් ලැබීම නිසා ප්‍රසිද්ධ නොකර බේරගන්න පුළුවන් වුණාට හැමෝටම ඒ චාන්ස් එක ලැබෙන්නෙ නැති බව නම් මේක කියවන කට්ටිය හොඳට මතක තියාගත්තොත් හොඳයි.

    ඒ වගේම තමා පෙන් ඩ්‍රයිව් පාවිච්චිය. තමාගේ අත්‍යාවශ්‍ය දත්තයන්එකක් ගොඩක් දෙනා පෙන් ඩ්‍රයිව් තැන තැන දාලා යන ප්‍රවණතාව වැඩියි. ඒ වගේම පෙන් ඩ්‍රයිව් රිකවරි කරලා ඒවාගේ මැකී ගිය දත්ත නැවත ලබාගන්න පුළුවන්. මේ නිසා අමාරුවේ වැටිච්ච ගොඩක් දෙනෙක් සමාජයේ ඉන්නවා. මේ නිසා අමාරුවේ වැටිච්ච දැනට වෙස් මාරු කරගෙන ජීවත් වෙන තරුණයෙක් ගම්පහ ඉන්නවා. සංගීත කණ්ඩායමක සමාජිකයෙක්. ඔහු තමාගේ පෙම්වතිය සමඟ දර්ශනයක් වීඩියෝ ගත කරලා ඒක පෙන් ඩ්‍රයිව් එකක ගබඩා කරලා තිබිලා තියෙනවා. කොහොම හරි මේ පෙන් ඩ්‍රයිව් එක නැතිවෙලා තියෙනවා. දැන් ඒ විඩියෝ ක්ලිප් එක අන්තර්ජාලයේ තියෙනවා. කොහොම අන්තර්ජාලයට ගියාද කියන්න ඔහුවත් දන්නේ නැහැ. ඒක දැන් ලංකාවේ අන්තර්ජාලයෙන් මේව බලන අය අතරේ ගොඩක් ජනප්‍රියයි. මේ හේතුව නිසා තරුණියට වුණේ රට හැර යන්න. මේ යාළුවට වුණේ වෙස් මාරකරගෙන ජීවත් වෙන්න.

    තමන්ගේ වැරදි හෝ නොදැනුවත්කම නිසා එසේත් නැතිනම් සමාජයේ කොතැනක හෝ තියෙන වරදකින් මෙවැනි දේවල් සිදුවෙන ප්‍රමාණය දිනෙන් දින ඉහළ ගොස් තිබෙනවා. මෙයටත් වඩා බොහොම භයානක ලෙසට ෆේස්බුක් වලින් අපරාධ ඉහළ ගොස් තිබෙනවා. ඇත්තටම මෙය තාක්ෂණයේ වරදද? අපේ වරදද? නැවත නැවත හිතන්නට කාලය ඇවිල්ලා තියෙනවා

    කතාව - සුගත් පෙරේරා


    උපුටා ගැනීමකි.මෙවැනි වැදගත් දෑ තවත් දැනගැනීමට මෙය ඩවුන්ලෝඩ් කරගන්න

    Saturday 7 September 2013

    මයික්‍රොසො‍ෆ්ට් සමාගම විසින් නොකියා

    සුප්‍රකයට මයික්‍රොසො‍ෆ්ට් සමාගම විසින් නොකියා ජංගම දුරකථන ව්‍යාපාරය ඇමරිකන් ඩොලර් බිලියන 7.2ක මුදලකට මිලදී ගැනීමට එකගතාව පළ කොට ඇති බව පැවසේ.‍

    මෙම ගණුදෙනුව ලබන වසරේ මුල් භාගයේදී පමණ අවසන් වීමට නියමිත අතර නොකියා ආයතනය සේවකයන් තිස්දහසක් පමණ මයික්‍රොසොෆ්ට් ආයතනය වෙත මාරු කර යැවෙනු ඇති බව කියැවේ. 

    මෑතකාලීනව ජංගම දුරකථන ක්ෂ්‍රේත්‍රයේ සෙසු දැවැන්තයන් වන ‘ඇපල්’, ‘සැම්සුම්’ වැනි ප්‍රතිවාදීන් හමුවේ නොකියා ජංගම දුරකථන අලෙවියේ පසුබැස්මක් දැකිය හැකිව තිබිණි.

    දෙවසරක කාලයක් මයික්‍රොසොෆ්ට් හා නොකියා ආයතන අතර මනා සහයෝගීතිවයක් පැවති අතර නොකියා ජංගම දුකරථන ජාලය මිලදී ගැනීමට ගත් තීරණය දැවැන්ත ඉදිරි පියවරක් වනු ඇති බව මයික්‍රොසොෆ්ට් ප්‍රධානීන් කියා සිටිති.

    මයික්‍රොසොෆ්ට් ප‍්‍රධාන විධායක ස්ටීව් පාමර් විශ‍්‍රාම ගන්නා බව පසුගිය දා ප‍්‍රකාශ වු අතර, ඇතැම් විට මීළඟ මයික්‍රොසොෆ්ට් ප‍්‍රධානියා නොකියා විධායකයෙකු විය හැකි බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි. 

    Thursday 5 September 2013

    ලොවවිසකුරුම නාගයා

    ලොව විසකුරුම සර්ප වර්ගයට අයත් සතකු විසින් දෂ්ට කිරීම නිසා සතියකට වැඩි කාලයක් සිහි විසඥව සිටින දරුවකු ගැන පසුගියදා ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුනා.ටායිපෑන් නමැති මේ නාග වර්ගය එක දෂ්ට කිරීමකදී ඒ සතා නිකුත් කරන විෂෙන් පුද්ගලයන් 100 දෙනකු මැරීමටත් මීයන් 250000 ක් මැරීමටත් හැකියාව ඇත.ටායිපෑන් නාග වර්ගය අඩි 8ක් පමණ දිගයි.මිලිමීටර් 12ක් දිග විස දල ඌට තිබෙනවා.මේ නාගයා විසින් දෂ්ට කරනු ලබන කෙනෙකු විනාඩියක් තුල මිය යනවා.වාසනාවට මේ නයාගේ අපූරු විශේෂත්වයක් තිබෙනවා.ඒ මෙම නයා මිනිසුන් සිටින පළාතකවත් සිටීමට අකමැති,මිනිසුන්ගේ සුවඳ දැනනවිට දිවගොස් සැඟවෙන නාග වර්ගයක් වීමයි.මෙම නාගයන් දෂ්ට කලවිට ලබාදෙන බෙහෙතද මෙම නාගයන්ගේ විසෙන්ම සාදනු ලබනවා.