සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ සහ රියැදුරන්ගේ සංගමයේ, බස්නාහිර පළාත් සංවිධායක පිටකොටුව බෝධිරාජ මාවත රථ ගාලේ කේ.ඩී. සරත් කුමාරගේ අත්දැකීමක්
එදා මහ වැස්ස දවසෙ පිටකොටුවෙ බෝධිය කිට්ටුව පාක් එකේ අපි හැමෝටම ගජරාමෙට හයර් වදිමින් තිබුණ වෙලාවක්. මහ වැස්සෙ තෙමි තෙමීම මගෙ ත්‍රීවීල් එක ළඟට ආව මැදි වයසෙ වගේ හිටපු ගෑනු කෙනා මොකක් හරි ලොකු කරදරේක වැටිලා වග මට බැලූ බැල්මටම තේරුණා. ඒ මූණෙ කියාගන්න බැරි තරම් දුකකින් පිරිලයි තිබුණෙ. ඒ ගලන්නෙ කඳුළුද වැහි වතුරද කියලවත් මට එකපාරටම හිතා ගන්න බැරි වුණා. “ඇයි නෝනාට මොකක් හරි කරදරයක් වුණාද” කියලා මං අහපු වෙලාවෙ ඒ ගෑනු කෙනාගෙ ඉකිබිඳුම තවත් වැඩි වුණා.
“අනේ දෙවියනේ; මං මාසයක් කඹුරල කඹුරලා ගත්ත පඩි සල්ලි ...” එහෙම කියලා ආපහු අඬන්න පටන් ගත්තා. ඒ ගැනු කෙනාගෙ පර්ස් එක කවුදෝ පොකැට් ගහලා. බස් එකටවත් දෙන්න සල්ලි නෑ කිය කියා ඇඬුවා. ඒ වෙද්දී පාක් එකේ කිහිප දෙනෙක්ම මගේ ත්‍රීවීල් එක වටේ රොක් වෙලා හිටියේ. ඒ ගෑනු කෙනා ඊට පස්සෙ කියපු දේ අහල අපි හැමෝගෙම පපුව පත්තු වුණා. ඒ ගෑනු කෙනා කොළඹ රස්සා කරලා සල්ලි හොයන්නේ හොඳටම අසනීප දරුවෙකුට වෙදකම් කරන්නලු. ඊළඟ දවසෙ දරුවව දොස්තරට පෙන්නන්න ඕන නිසා පඩි සල්ලිත් අරන් ගමේ යන අතර තමයි ඔය සිද්ධිය වෙලා තිබුණෙ.
ටයි පටි දාගෙන ඒසී කාමරවල ඉන්න මහත්තුරුන්ට වඩා මහ පාරේ දුප්පත් මිනිස්සු එක්කම ගැවසෙන අපේ හිත්වලට ඒ දුප්පතුන්ගෙ දුක කාටත් වැඩියෙන් දැනෙනවා.
හොඳට හයර් වැදිලා දවස සරු වෙලා තිබුණ වෙලාවෙ අපි හැමෝම කතාවෙලා එක තීරණෙකට ආවා. මමමයි යෝජනා කළේ අපි රුපියල් හත්සීය පන්සීය එකතු කරලා අපිට පුළුවන් විදිහකට ඒ ගෑනු කෙනාට උදව්වක් කරන්න. කොහොම හරි ළඟ අහල පහල අයත් සම්මාදම් වෙලා රුපියල් පන්දාහකට කිට්ටු ගාණක් එකතු වුණා. ගැනු කෙනා නොසෑහෙන්න පින්දිදී ගියාට පස්සෙත් මං සෑහෙන වෙලාවක් ඒ ගැන හිතල; සතුටු වුණා අපි හැමෝම කරගත්තු පුණ්‍යකර්මෙ ගැන.
ඊට පැය බාගෙකට විතර පස්සෙ කොටුවෙ ස්ටේෂන් එක ළඟට මට හයර් එකක් වැදුණා. මම ඒ මහත්තයව එතනින් බස්සවලා ඒ හැටි දුරක් ගියේ නෑ. අර ගෑනු කෙනා තවත් කවුදෝ පිරිමි කෙනෙක් එක්ක ලොකු කතාවකුත් දාගෙන සෙනඟ අතරෙ ඉන්නවා මගෙ ඇහැ ගැහුණා. හැබැයි අර දුක්බර මුහුණේ සේයාවක්වත් එයාගේ මුහුණේ නැහැ. මම වීල් එක නතර කරලා අඩියට දෙකට එතනට ගියා. “ඇයි මේ මොකද මෙතන කරන්නේ කවුද එතකොට මේ” මගෙ කටින් ප්‍රශ්න වැලක්ම එළියට පැන්නේ අපි අතරෙ ඒ වෙද්දී ගොඩනැගිල තිබුණ හිතවත්කම ඉස්සරහට දාලා. ඒත් ඒ ගැනු කෙනා මාව ජීවිතේට දැකලා නෑ වගේ බැල්මක් හෙලද්දී මට පුදුම හිතුණා. “ඇයි මතක නැද්ද ? බෝධිය ළඟ පාක් එකේ අපි කට්ටියනේ ඔයාට දැන් ටිකකට කලින් උදව් කළේ” මං එහෙම කියද්දිත් අර නාඳුනන බැල්ම දාපු ගෑනි “මේ බලන්නකො ඒයි මේ මං මෙයාව දැක්කෙත් දැනුයි” කියලා තොදොල් වෙවී එයත් එක්ක හිටපු මිනිහට කියද්දීම ඒ මිනිහා පැනපු ගමන් මගේ කමිසෙ කොලර් එකෙන් අල්ල ගත්තා. “උඹ දන්නවද මිනිහො මං කවුද කියලා. එන්න එපා සෙල්ලම් පෙන්නන්න අල්ලල දෙනවා පොලීසියට” කියලා කියද්දී මං කාට මගෙ අවනඩුව
කියන්නද? ඒත් ඒ වෙලාවෙ මාත් මගෙ ගැලවුමට “අනේ සමාවෙන්න ඕන මට පොඩි වැරදීමක් වුණේ” කියලා එතනින් අමාරුවෙන් බේරිලා ආවට ඒ ගෑනු කෙනා අපි උදව්කරපු කෙනාමයි කියලා මට සීයයට ලක්ෂ වාරයක් ෂුවර්.

උත්පලා සුභාෂිණී ජයසේකර