sha fm

    Tuesday, 21 January 2014

    අවිවාහක තරුණියක් බදුල්ල මහ රෝහලේදී දරු ප්‍රසුතියක්

    http://ratagiyaattho.blogspot.kr/බඩ රිදෙන බව පවසා රෝහල් ගතවෙලා....


    බදුල්ල මහ රෝහලේදී දරු ප්‍රසුතියක් කළ 18 හැවිරිදි අවිවාහක තරුණියක් සැකකටයුතු ලෙස මියගොස් ඇති අතර ඇගේ මරණය පිළිබඳව පරික්ෂණ ආරම්භ කැර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ බදුල්ල වේවැස්ස වත්තේ පදිංචිව සිටි "ශේකර් දිනේෂා" නැමත්ති තරුණයකි.මේ පිළිබඳව බදුල්ල පොලිසිය විසින් බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර මහේස්ත‍්‍රාත් මහේෂිකා ප‍්‍රියදර්ශනීද සිල්වා මහත්මියගේ නියෝගය මත මෙම තරුණියගේ මෘත දේහය පිළිබිඳව පශ්චාත් මරණ පරික්ෂණයක් බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය එච් .බී.කේ විජේවීර මහතා විසින් 20 වැනි සඳුදා එනම් ඊයේ දිනයේ දී සිදුකළේ ය.එහිදි විවෘත තීන්දුවක් ලබාදි ඇති අතර මියගිය තරුණියගේ සිරුරු කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා යොමු කිරීමට උපදෙස් දී ඇත.ආදාළ සිද්ධිය පිළිබදව දැනගන්නට ලැබුණු ආකාරයට නම් ඇය බඩ රිදෙන බව පවසා බදුල්ල මහරෝහලට ඇතුලත් කිරිමෙන් පසු දරුවෙක් ප‍්‍රසූත කර ඇති අතර රෝහල් ගත් වී පැය 5 කට පමණ පසු ඇය අබිරහස් අන්දමින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඈ බිහි කළ දරුවා ද මේ වනවිට සුවෙන් පසුවෙති.ප්‍රේම සම්බන්ධතාවයක්මත ඈ ගැබ්බර වුවාද නැතහොත් වෙනයම් හේතුවක් නිසා ඈ මේ තත්ත්වයට පත් වුවා ද යන්න පිළිබදව තවමත් කරුණු අනාවරණය වී නොමැත.
    බදුලු පොලීසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුරටත් පරීක්ෂණ සිදුකරනු ලබයි.
     

    Saturday, 18 January 2014

    දරුවා නිසා මානසික ලෙඩෙක් වූ තරුණ මවක්.....

    සනිලගේ එක් ඇසක් යාන්තමට පෙනෙව. ඒ පෙනීම ඔහුට ලැබුණෙත් විශේෂඥ අක්ෂි වෛද්‍යවරයකු විසින් කළ ශල්‍යකර්මයකින් පසුව. ඉතින් මේ පෙනීම උපයෝගී කරගෙන සනිල පුතු බිත්ති අල්ල අල්ලා නිවස ඇතු‍ලේ හිමිහිට ඇවිදිනවා. තවත් වෙලාවකට බිම වාඩි වෙලා පුංචි සනිල අත් දෙකින් ඔළුවට ගසා ගන්නවා. ඒ සමහර විට මේ දුක දරාගන්න බැරි හින්දා වෙන්න ඇති.සනිලට වචනයක් හරි කතා කරන්න පුළුවන්කම තිබුණා නම් ඔහුට මහ හයියෙන් කෑගහලා ඒ පුංචි හිතේ තෙරපෙන වේදනාව වැඩිහිටියන්ට කියාවි. ඒත් මොනවා කරන්නද? ඒ වාසනාවත් සනිලගේ දෛවය ඔහුට ට ලබාදීලා නැහැ.... සනිලට මෙහෙම අවාසනාවක් ළඟා වුණේ කොහොමද දැන් මේ සටහන කියවන ඔබේ හිතේ ඒ ප්‍රශ්නය නිරන්තරයෙන්ම හට ගනීවි. සනිලගේ මිත්තණියඒ විස්තර පුවත්පතකට පවසා තිබුණේ මෙලෙසිනි.
    "මේ මගේ මුණුබුරා එයා ඉපදෙන කොට ලස්සන දරුවෙක්, ඒත් අපේ අවාසනාවට එයා ඉපදුනේ අඩු මාස ගණනකින්. ඒ කියන්නේ මාස 07 කින් එයා ඉපදුණා." 
    ඇය සඳහන් කරන ආකාරයට සනිල ඉපදුනු හැටියෙම වෛද්‍යවරු ඔහුව නොමේරූ දරු උපත් ඒකකයට යවන්න කටයුතු කළා. හැබැයි ඒ විදිහට යැව්වේ තවත් අසුබ ආරාංචියක් සනිලගේ ආච්චිට වගේම සනිලගේ තාත්තාට කියන ගමන්.
    "මේ දරුවා දවසක්වත් ජීවත් වෙන්නේ නැහැ..... අපි ඔයගොල්ලන්ට කියන්නේ මේ දේ අම්මා එක්ක කියන්න බැරි නිසයි. හිත හදාගන්න."
    වෛද්‍යවරු එහෙම කියද්දී සනිල පුතාගේ ආච්චි අත් දෙක ඔසවලා වැඳ වැටුණා.
    "අනේ දොස්තර මහත්තයා බුදු බව අත්වෙයි. මේ දරුවව අපිට බේරලා දෙන්න." 
    ඇය ඇඬූ කඳුළින් කිව්වා. ඒත් වෛද්‍යවරු කිව්වේ දරුවාට ජීවත් වීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් නැති බවයි.
    ඒත් ඊට පස්සේ සනිල ජීවත් වුණා. දවස් දෙක සතිය මාසය ඔය විදිහට කාලය ගත වුණා. අන්තිමට සනිලගේ ඇස්වල ආබාධයක් හට ගෙන තිබෙන බව රෝහලින් පැවසුවා.
    "ඇත්තටම මේ ආබාධය හට ගෙන තියෙන්නේ අපේ දරුවා මිය යාවි කියන විශ්වාසයෙන් නොමේරු දරුවෙකුට ලබා දෙන ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මක නොකළ නිසා කියලා පසුව අපට දැනගන්න ලැබුණා. ඇත්තටම මමත් ඒක දැක්කා." කොහොම හරි මේ දේවල් වලින් සිදුවුණේ දරුවගේ ඇස්වල පෙනීම නැති වෙච්ච එක විතරයි.

    සනිලට පසු දවසක ඒ කියන්නේ ඉපදුනු රෝහලින් කොළඹ රිජ්වේ රෝහලටත් මාරු කර එව්වා. ඒ කියන්නේ ඇස්වල පෙනීම හදන්නට පුළුවන්ද කියලා බලන්න. ඒත් මාස හතරකට පමණ පසුව එතැනිනුත් සාර්ථක උත්තරයක් නොලැබුණු නිසා සනිල පුතාව ගෙදර අරන් යන්න මේ ආච්චි අම්මට සිදුවුණා.
    "මේ වෙද්දී දරුවගේ ඇස් පෙනෙන්නේ නැහැ කියලා දැනගත් නිසා මගේ දුවගේ ඒ කියන්නේ සනිල පුතාගේ අම්මා නදීශානිගේ මානසික තත්ත්වය හොඳටම පිරිහිලා තිබුණා. ඇත්තටම ඒ හේතුව නිසා සනිල පුතාගේ අම්මා මානසික රෝගියෙක් වුණා.
    ඇය දරුවා වෙනුවෙන් අඬලා අඬලා තමයි ඒ තත්ත්වයට පත් වුණේ. කොහොම හරි එදා ඉඳලම සනිල පුතාගේ අම්මා මානසික රෝගියෙක්. ඒ මානසික රෝගය අද වනතුරුත් සුව කරගන්න බැහැ.
     ඒත් වෛද්‍යවරු ඇයව සුවපත් කරගන්න බොහෝ වෙහෙසෙනවා. තව දරුවෙක් හැදුවොත් මේ තත්ත්වය නැතිවේවි කියලා වෛද්‍ය උපදෙසක් හැටියට අපට ලැබුණා. අපි ඒ අනුව නදීශානි දුවව ඊට සූදානම් කළා. ඒ දරුවාට දැන් අවුරුද්දක් විතර වෙනවා. ඒත් තවම සනිල පුතාගේ අම්මා මානසික රෝගියෙක් ඇය ඔහේ බලා ගත්ත අත බලාගෙන කල්පනා කරනවා. අඬනවා. අපට මේ දුකක් දරාගන්න බැහැ....." සනිලගේ ආච්චි අම්මා වේදනාවෙන් යුතුව කිව්වා.
    දැන් මේ වෙද්දී සනිලගේ ආච්චි අම්මා තමයි මේ පුංචි පුතා ගැන සැලකිල්ලෙන් ඉන්නේ. ඔහුගේ දුක සැප බලන්නේ. ප්‍රතිකාර සඳහා රෝහල් ගානේ අරන් යන්නේ. මේ පුංචි දරුවා ඝන ආහාර ගන්නේ නැහැ. ඒ නිසා වැඩිපුර දෙන්නේ දියරමය ආහාරය. ඒ වගේම පිටිකිරි. ඒවාට ලොකු මුදලක් මාසයකට වැය වෙනවා.
    "ඊට අමතරව සිංහල බෙහෙත් වගේම ඉංග්‍රීසි බෙහෙත්වලිනුත් හැකි උපරිම ප්‍රතිකාර ලබාදීලා. දරුවව සුවපත් කර ගන්න බලනවා. මේ හැම දෙයක් වෙනුවෙන් ලොකු මුදලක් මාසයකට වැය වෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම  මුදල් වියදම් කරන්න අපට බැහැ. දරුවගේ තාත්තාත් පුංචි ස්වයං රැකියාවක් කරනවා."

    සනිල පුතාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට ගන්න නම් ඇත්තටම ඔවුන්ට ඔබේ උදව් අවශ්‍යයි. දැනට සනිල පුතාගේ ඕනෑ එපාකම් හොයා බලලා කටයුතු කරන මේ පුතාගේ ආච්චි අම්මා පවා ඉන්නේ නිදන්ගත රෝග ගණනාවකින් රෝගී වෙලයි. ඉතින් පරිත්‍යාගශීලී ඔබ ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ආදරය දයාව, කරුණාව මුසු වෙච්ච ඔබේ කාරුණික මැදිහත්වීම ඔවුන් වෙනුවෙන් ලබා දෙන්න. මතු දවසක ඔබේ ඒ උදව්වෙන් සනිල පුතා කාගේවත් සරණක් නැතිව දෙපයින් සිට ගනීවි. උදව් කළ සැමට ස්තූති කියාවි.

    ඔවුන්ගේ ගිණුම් අංකය
    ඒ.බි. පද්මා මාලිනි
    72263416
    ලංකා බැංකුව වල්ගම
    දුරකථනය-0724866074

    සිසුවාගෙන් අහවල් වැඩේ කරගන්න ගිහින් ටීචර්ට වුණු දේ

    • මමහොදට සළකන්නම්.....හෙට හැන්දෑවට කාටත් හොරෙන් එන්න...

    දූනගහ ප්‍රදේශයේ පනස්එක් හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක්‌ පසුගිය බ්‍රහස්‌පතින්දා සවස දුරකථනය මගින් බාලවයස්කාර සිසුවෙකුට කතා කොට පසු දින ඔහු කැඳවාගෙන යෑමට පැමිණෙන බවත් එහි දී සිසුවාට හොඳට සළකන බවත් පවසමින් ඇය සිසුවාට තම දෙමව්පියන්ට නොදන්වා මුන්නක්‌කරය කොතලාවල පාලම අසලට පැමිණෙන ලෙස දැනුම් දී ඔහුව වරදට පොලඹවා ගැනීමට ගත් උත්සාහයක් පිළිබදව පුවතක්  දැනගන්නට ලැබුණි.අප වෙත දැනගන්නට ලැබුණු අදාළ සිද්ධිය මෙසේ ය.පසුගිය 21 වැනි දින එනම් පෙරේදා දින තම නිවස කරා යමින් සිටි මෙම 13 හැවිරිදි පාසල් සිසුවාට,"මම හොඳට සලකන්නම් අම්මටයි තාත්තටයි හොරෙන් හෙට හැන්දෑවට එන්න...." 
    යැයි පවසා අනතුරුව පාසල නිම වී අදාළ සිසුවා පැමිණි පසු ඔහු ඇගේ යතුරු පැදියේ නංවාගෙන
    පැහැරගෙන පලා යැමට තැත් කළ අවස්ථාවේ එම 51 හැවිරිදි විශ්‍රාමික ගුරුවරිය මීගමු පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දූනගහ ප්‍රදේශයේ පදිංචි "ඉන්ද්‍රානී හංසිනී" නමැති 51 හැවිරිදි විශ්‍රාමික ගුරුවරිය යි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය මගින් සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ මෙම සිද්ධියට මුහුණ දුන් සිසුවා මීගමුව මංකුලිය ශාන්ත අන්තෝනි විදුහලේ 7 වැනි වසරේ ඉගෙනුම ලබන දහතුන් හැවිරිදි 'පසිඳු චමෝ' නමැති සිසුවා බවයි.මූලික පොලිස්‌ විමර්ශනවල දී අනාවරණය වී ඇති කරුණු අනුව මෙම විශ්‍රාමික ගුරුවරියට සිසුවා හදිසියේ මීගමුව වැල්ලේ දී හමු වී හදිසි මිතු දමක්‌ ගොඩ නගාගෙන තිබේ. පසුව අදාළ ගුරුවරිය සිසුවාගේ දුරකථන අංකය ද චාටුවෙන් ඔහුගෙන් ලබා ගෙන ඇත.
    පසුව එම ගුරුවරියගේ ක්‍රියා කලාපයේ අනතුරක සේයාවක්‌ ඇතැයි සිසුවාට සැකයක් පහළ වී ඇති අතර ඒ නිසා ම ඔහු ගුරුවරිය විසින් තමාට එවූ පණිවුඩය පිළිබදව සිසුවා ඔහුගේ දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා. ඉන් අනතුරුව ගුරුවරිය කොතලා වල පාලම අසලට පැමිණ සිසුවා තම යතුරු පැදියේ නංවාගෙන පලා යෑමට තැත් කළ අවස්‌ථාවේ දෙමාපියන් ප්‍රදේශ වාසීන්ගේ සහාය ඇතිව ගුරුවරිය අල්ලා පොලිසියට භාර දී තිබේ.මැදි වියේ පසු වූ මෙම තැනැත්තිය විශ්‍රාමික ගුරුවරියකි. ඇගේ මෙම පහත් හැසිරීම මුළු මහත් ගුරු නාමයට ම කැළලකි.

    රාක්ෂකයෙක්ද?විශාල පනුවෙක්ද?

    රාක්ෂකයෙක්ද?විශාල පනුවෙක්ද?ජාන වෙනස් වීමකින් ඇති වූ  

      ත්වයෙක්ද?                                                                                                   

    පසුගිය දවස් වල ලොව පුරා පැතිරී ගිය වියට්නාමයේ තැතිගත් පුවත වන්නේ මෙයයි. ජපානයේ මාධ්‍ය සියල්ල දින කිහිපයක් ම මේ විශේෂ පුවත ලොව පුර පතුරවා හරිනු ලැබුවා. මේ පිළබද සිද්දිය ලංකා ඊ ගොසිප් නිවුස් වෙත ආරංචි වුන සැනින් අපි ඔබ හට මෙය වාරතා කරනු ලබනවා. සිද්දිය සැකෙවින් මෙසේය.වියට්නාමයේ බිමකින් මතුවූ විශාල අත්භූත සත්වයෙක් සොයා ගෙන තියෙනවා "Monster Found In Vietnam" යනුවෙන් වීඩියෝ පටයක්ද යු ටියුබ් හරහා  ප්‍රචාරය කර තිබෙනවා. මෙම සත්වයා මොන වර්ගයට අයත් එකෙක්ද යන වග ලොව පුරා සිටින  විද්වතුන්ට පවා හදුනා ගත නොහැකි වී තිබෙනවා.අදහාගත නොහැකි දිගකින් යුතු පණුවෙක් වැනි සිරුරක් ඇති, අලියකු තරම් මහත ඇත.
    රාක්ෂකයෙක්ද? විශාල පනුවෙක්ද? ජාන වෙනස් වීමකින් ඇතිවූ සත්වයෙක්ද? තවමත් එය අබිරහසක් ඉතින් ඔබත් මෙම සත්වයා  දැක නැත්නම් පහත පෙනෙන රුප රාමු හා වීඩියෝව තුලින් නැරබිය හැකිය.

    Friday, 17 January 2014

    තානාපති කාර්යාලය ආශ්‍රිත ගැටළු විසඳා ගැනීම

    http://ratagiyaattho.blogspot.kr/ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වන ජංගම සේවය සති අන්තයේ (18,19) පලේර්මෝ නගරයේදී පැවෙත්වන බව තානාපති බැනට් කුරේ මහතා පවසයි.

    පලේර්මෝ නගරයේ ශාන්ත ක්‍රිස්තිනා කොර්තියරේ දෙල් පෙල්ලෙග්රිනෝ ස්ථානයේදී පැවැත් වෙන ජංගම සේවය මගින් සිසිලියා පළාතේ ශ්‍රී ලංකික ජනතාවට තානාපති කාර්යාලය ආශ්‍රිත ගැටළු විසඳා ගැනීමට හැකිබව තානාපති කියයි

    දැරිය කෙළසාතවත් අයටත්විකුණලා.....

    http://ratagiyaattho.blogspot.kr/දැන් දැන් අපේ රටේ සිදුවන ස්ත්‍රී දුෂණ, ළමා අපචාරයන් පිළිබදව අසන්නට ලැබෙන පුවත් කාලින සිදුවීම් සේ මිනිසුන්ට හැගෙන්නට පටන්ගෙන ඇත්තේ එය සාමාන්‍ය දැන් රටේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇති නිසා විය යුතුය.සමාජ සේවය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන බව පවසන ඇතැම් රාජ්‍ය මධ්‍යස්ථාන මෙන්ම පෞද්ගලික සමාජ සේවා ආයතනයන් ද මහමගට බැස පා ගමන් යන්නේ සැබවින්ම දුෂණයන්ට, අපචාරයන්ට ලක් වූ කාන්තාවන්ගේ පටන් බාලවයස්කාර දැරියන් දක්වා වූ පිරිසට ඔවුන්ගෙන් යුක්තිය ඉටුවන්නේදැයි සැකයක් මතු වෙයි. අනෙක් කරුණ නම්, ස්ත්‍රී දුෂකයින් වෙනුවෙන් අප රටේ පවතින නීතිය වරදකරුවන්ට මෙන්ම වැරදි කරන්නට බලාගෙන සිටින කාමාතුරයන්ට ද දැනෙන ලෙසින් ක්‍රියාත්මක කළ යුතු වේ. අප තබන මෙම පුවත අනෙක් පුවත් හා සසදන විට බෙහෙවින්ම කණගාටුදායක ය. ඉකුත් 14 වැනි අගහරුවාදා බිංගිරිය පොලිස් වසමේ නිවසක රඳවා තබාගෙන දාහතර හැවිරිදි වියේ පසු වූ බාලවයස්කාර දැරියක් දූෂණය කරමින් සිටි හත්‍දෙනෙකුගෙන් යුතු පිරිසක් බිංගිරිය පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන ඇත.පොලිසියට ලැබුණ තොරතුරක් මත ප්‍රදේශයේ නිවසක් වටලා පුද්ගලයින් හත්දෙනා අත්අඩංගුවට ගත් බැව් බිංගිරිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.එම්.පී හේරත් මහතා පැවසී ය.පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්වල දී හා දැරියගෙන් ලද කටුත්තරයෙන් අනාවරණය වී ඇත්තේ, සැකකරුවන් විසින් අදාළ දැරිය දූෂණය කර ඉන් පසුව ඔවුන් ඇය පුද්ගලයින් කිහිප දෙනෙකුට මුදලට අලෙවි කර ඇති බවයි.බරපතල අන්දමින් දූෂණයට ලක් වූ බව කියන බාලවයස්කාර දැරිය ප්‍රතිකාර සඳහා මේවනවිට කුලියාපිටිය මූලික රෝහලට ඇතුළු කළ බැව් බිංගිරිය පොලිසිය පවසයි.

    Thursday, 16 January 2014

    කොරියාව තුල වීසා නොමැතිව සිටින ශ්‍රීලාංකිකයන් හට...

    http://ratagiyaattho.blogspot.kr/කොරියාව තුල වීසා නොමැතිව සිටින ශ්‍රීලාංකිකයන් හට විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් මාස දෙකක් ඇතුලත තම රටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලිම් කර ඇති අතර කොරියාවේ ආසියානු ක්‍රිඩා උත්සවය මේ වසරේ පවත්වන බැවින් ක්‍රීඩකන්ගේ ආරක්ෂාව පිලිබද ප්‍රශ්න පැනනැගි ඇත. එම නිසා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් අවසරපත්ලද රැකියා අවසරක්‍රමය යටතේ මේ රටට පැමින වීසා නොමැතිව සිටින සියලුම විදේශිකශ්‍රමිකයන් තම රටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලිම් කරඇත. එම නිසා සියලුම රටවලින් පැමිනි විදේශික ශ්‍රමිකයන් ගෙන්වා ගන්නා ලෙස බලකරඇත. එයට විසදුම් ලෙස විදේශසේවා ආයතනය විසින් තමන්ගේ නිවෙස්වලට ලිපියවා ඇත.

    දකුණු කොරියානු රැකියා අහිමිවීමේ අවදානමක්

    http://ratagiyaattho.blogspot.kr/නීති විරෝධි ලෙස දකුණු කොරියාවේ රැදි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හේතුවෙන් මෙරටට හිමිවන දකුණු කොරියානු රැකියා අවස්ථා අහිමි වීමේ අවදානමක් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 

    එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා කියා සිටියේ 4000ත් 5000ත් අතර ප්‍රමාණයක් මේ වන විට නීති විරෝධි ලෙස කොරියාවේ රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. 


    ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් අද දිනයේ එලෙස නීති විරෝධිව කොරියාවේ රැඳී සිටින ශ්‍රමිකයින්ගේ භාරකරුවන් කොළඹට කැඳවා ඇති බවත් මංගල රන්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

    Wednesday, 15 January 2014

    ඉසුරු සොයා ගිය සුභාෂිනී ඩුබායිහි දී විඳි දුක්

    http://ratagiyaattho.blogspot.kr/


    ඩුබායි ගියසුභාෂිනි මොලොව දීමඅපා දුක් ගැහැටවින්ඳ හැටි

    රඹුක්කන, මුවපිටියේ සුභාෂිනී මනෝහාරි ජයතිලක, උපුල් සංජීව කුමාරතුංග සමග විවාහ දිවියට ඇතුළත් වූයේ 2009 මාර්තු 27 දා ය. එවකට ඇගේ වයස අවුරුදු දහඅට සම්පූර්ණ වූවා පමණි. උපුල් සංජීව විසි එක් හැවිරිදි විය. ඔහු පෞද්ගලික වාහනයක රියැදුරු වෘත්තියේ නියුතු වූ අයෙකි විවාහ වී මාස දහයකට පසු ඔවුනට දියණියක ලැබිණි. දියණිය විහංගා භාසිරි කුමාරතුංග ය.උපුල්ගේ රැකියාව ස්ථිර එකක් නොවූ අතර ඉන් සැලකිය යුතු ආදායමක් ද නොලැබිණි. ඔහුගේ මව ද ඔත්පලව හිඳීම තවත් කරුණක් විය. මේ සියලු කාරණා මැද උපුල්ටත් සුභාෂිනීටත් තමන්ගේය කියා නිවසක් තනා ගැනීම කිසිදාකත් ඉටු නොවන සිහිනයක් වී තිබිණි. අන්තිමේ සුභාෂිනී මැදපෙරදිග යාමට තීරණය කළා ය. දියණියගේ වයස අවුරුදු එක හමාරක් පමණ වූ විට සුභාෂිනී ඇගේ වගකීම සැමියාට පවරා 2011 ජූලි අට වෙනි දින ගෘහ සේවය සඳහා ඩුබායි රටට පිටත්ව ගියා ය. ඒ කුරුණෑගල විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගිනි.එරට සුභාෂිනීට සේවය කිරීමට ලැබුණු නිවසේ සිටියේ මැදිවියේ යුවළක් සහ ඔවුන්ගේ දරු දෙදෙනා පමණි. මෙහි විශේෂත්වය වූයේ මෙම ස්වාමි දුව අනුකම්පාවක්, දයාවක් තබා එහි සෙවනැල්ලක්වත් නොවැඩුණු අතිශය කුරිරු කාන්තාවක වීම ය.  සුභාෂිනී එහි ගිය පළමු දිනයේ ම ඇයට දඬුවම් කිරීම පිණිස මෙම ස්වාමි දුව සවිමත් වේවැලක් තබා ගත්තා ය. සාමාන්‍යයෙන් අපේ රටේ කරත්තයේ බඳින ගවයකුටවත් එපමණ තලන්නේ දඬුවම් කරන්නේ නැත. මේ කාන්තාව  ඉතා සුළු දොසකට පවා සුභාෂිනීට වේවැලෙන් සේම ඇතැම් විට අතින් පයින් පවා තැලුවා ය. ඒ කිසිම හිතක් පපුවක් නැති ආකාරයට ය. මේ නිසා සුභාෂිනීට නිතරම තුවාල සිදු වූ අතර සිරුර පුරා තැලුම් පහරවල් සහ තුවාල කැළැල් හට ගෙන තිබිණි. 
    සියල්ල ඉවසාගෙන සුභාෂිනී වැඩ පළ කර දෙමින් එම නිවසේ වැටී සිටියේ වසර දෙකේ ගිවිසුම් කාලය අවසන් වන තුරුය. ඒ තම දියණිය සැමියා සහ නිවස තැනීමේ දැඩි අධිෂ්ඨානය වෙනුවෙනි. 
     මෙම ඛේදනීය පසුබිම යටතේ 2012 ජූලි අට වෙනි දින ඇගේ ගිවිසුම් කාලය අවසන් විය. ඒ අනුව ඇගේ වීසා බලපත්‍රය ද අහෝසි වී තිබිණි. නමුත් හාම්පුතුන් ඇයට ලංකාවට පැමිණීමට අවසර දුන්නේ නැත. එසේ අවසර ඉල්ලන හැම අවස්ථාවකදීම ස්වාමි දුව කළේ සුභාෂිනීට පහර දීම ය. තමාගේ දරුවා අසනීප වී හිඳින බවට වරක් සුභාෂිනීට සැමියාගෙන් දුරකථන පණිවුඩයක් ලැබිණි. නමුත් කුමන හේතුවකටවත් ඇයව ලංකාවට එවන්නට හාම්පුතුන් කාරුණික වූයේ නැත. අන්තිමේ කර කියා ගන්නට දෙයක් නැතිව නිවසින් පැන සුභාෂිනී ‍පොලීසියට ගියා ය. තමාගේ අත් පා ආදියෙහි තිබෙන තුවාල කැළැල් සියල්ල පෙන් වූ ඇය ස්වාමි දුවගෙන් සිදුවන හිරිහැර පවසා තමාගේ ගිවිසුම් කාලය අවසන් වී තිබියදීත් බලෙන් රඳවාගෙන හිඳින බවට ද පැමිණිලි කළා ය. සුභාෂිනීගේ එකම ඉල්ලීම වූයේ කෙසේ හෝ තමාව මවුබිමට යවන ලෙසයි. 

    පොලිස් නිලධාරීන් සුභාෂිනිගේ හාම්පුතා ‍පොලීසියට කැඳවී ය. ඔවුන්ගේ, භාෂාවෙන් දීර්ඝ ලෙස කළ සාකච්ඡා කිසිවක් සුභාෂිනීට තේරුණේ නැත. අන්තිමේ ‍පොලීසියෙන් මින්මතු සුභාෂිනීට දඬුවම් නොකරන බවට හාම්පුතාව ‍පොරොන්දු කරවාගෙන ඇයව එම නිවසටම භාර දෙනු ලැබි ය.
    නිවසට පැමිණි මොහොතේම උඩු මහ‍ලේ දී ස්වාමිදුව ඇයට පහර දුන් අතර සුභාෂිනී පඩි පෙළ මත ඇද වැටුණා ය. ඉන්පසු එම හිත්පිත් නැති කාන්තාව කළේ පඩි පෙළ දිගේ ඇය පහළට පෙරළී යන තුරුම පයින් පහර දීමය. මින් සුභාෂිනීට බොහෝ තැලුම් තුවාල සිදුව තිබිණි.  

    මේ අතර තම බිරිඳ මෙතරම් හිංසනවලට ලක් වන බව හා ඇය ගිවිසුම් කාලය අවසන්වීත් බලෙන් රඳවාගෙන හිඳින බව උපුල් සංජීව මෙරට විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබිණි. ඒ පැමිණිලි විභාග වෙමින් පවතින බව ද ඔහුට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් දැන ගන්නට ලැබුණි.
    සුභාෂිනීට සිදු වූ දුක් ගැහැට නම් අංශු මාත්‍රයකින්වත් අඩු වූයේ නැත. ඉවසා ගන්නට බැරිම තැන ඇය යළිදු නිවසින් පැන ගොස් ‍පොලීසියේ පිහිට පැතුවා ය. කෙසේ හෝ තමාව ලංකාවට යවන ලෙස ඉල්ලමින් හඬා වැටුණත් ‍පොලිස් නිලධාරියා කළේ යළිත් ඇගේ හාම්පුතා කැඳවීම ය. 
    වෙනත් සේවිකාවක් සොයාගත් වහාම සුභාෂිනීව ලංකාවට යවන බව මෙහි දී හාම්පුතා ‍පොරොන්දු වී තිබිණි. ඒ අනුව සුභාෂිනී යළිත් තල්ලු වූයේ එම නිවසටම ය. දෙවතාවක්ම නිවසින් පැන ගිය සුභාෂිනීට ස්වාමි දුවගෙන් ලැබුණු දඩුවම් පෙරටත් වඩා වැඩියෙන් විඳීමට සිදුව තිබිණි. ඇය මෙහි දී ස්වාමි දුව වෙතින් ඉල්ලා සිටියේ එකම දෙයකි. එනම් තිරිසන් සතකුගේ පවා ස්වභාවික උරුමයක් වන නිදහස පමණි.
     දෙවසරකට අධික කාලයක් තිස්සේ බොහෝ සෙයින් කායික දඬුවම්වලට ලක්ව කායිකව මෙන්ම මානසිකවත් හෙම්බත්ව සිටි  සුභාෂිනී අවසානයේ නිවස තැනීමේ ආශාව අත හැරියා ය.  අන්තිමට ඇගේ සිතේ තිබූ එකම සිහිනය වූයේ කෙසේ හෝ පණ බේරාගෙන සැමියාත් දරුවාත් වෙත යාම පමණි.ඇය දෙවරක්ම ‍පොලීසියේ පිහිට පැතුවේ ද එම අරමුණෙනි. නමුත් දැන් එයද ඉටුවන බවට ලකුණකුදු නැත. ඒ අනුව මේ නරකාදියෙන් මිදෙන්නට සුභාෂිනීට තිබුණේ එකම විසඳුමක් පමණි. 
    ඒ ලංකාවට යාමට කෙසේවත් අවසරයක් නොලැබිම මත හාම්පුතුන් බිය වද්දා හෝ ඒ අරමුණ ඉටුකර ගැනීම ය. ඉන්පසු ඇය තම කාමරයට වැදී දොර අගුල්ලා වසා ගත්තේ ගෙල වැලලා ගන්නා බව කියමිනි. මෙයින් ඇගේ හාම්පුතුත් බිය වන්නට ඇත.
     ලංකාවට යවන බවට ‍පොරොන්දු වෙමින් ඔවුහු සුභාෂිනීව පිටතට ගත්හ. 
    අන්තිමේ සුභාෂිනීව ලංකාවට යැවීමට ඔවුන් කටයුතු යොදා තිබිණි. මාස හතක හිඟ වැටුප් ඇයට ඔවුන්ගෙන් ලැබිය යුතුව තිබිණ. එහෙත් ඔවුන්ගෙන් ඇයට සත පහක මුදලක් ලැබුණේ නැත. එපමණක් නොව අලුතෙන් ඇඳුමක් පැළඳුමක් කිසිවක් ඇයව නොලැබිණි. අඩුම තරමින් තම කුඩා දියණියට ටොෆියක් චොකලට් පෙත්තක් මිල දී ගන්නටවත් සතයක් නැතිව, විදේශ ගත වන විට ඇඳ ගෙන ගිය ඇඳුමින්ම සැරසී සුභාෂිනී හිස් අතින්ම ලංකාවට පිටත් වූවා ය. ඒ එන අතරමග දී නිවසේ සිට ගුවන් තොටුපළ දක්වා මෝටර් රථයෙන් ඇය ඇරලවන අතරේත් ස්වාමි දුව ඇයට දොස් නගමින් තඩි බාන්නට ද අමතක කළේ නැත. මෙසේ ඉකුත් මාසයේ දිනයෙක  සුභාෂිනී හිස් අතින් ආපසු ගෙදර ආවා ය. ඇයට ඩුබායි රටට ගොස් ආපසු ගෙන එන්නට ලැබුණු එකම දායාදය වූයේ තුවාල කැළැල්වලින් පිරී ගත් සමක් සහිත සිරුරක් පමණි.මෙලෙස විදේශ රැකියාවලට ගොස් අගතියට ලක්වූවන්ට වන්දි, හිඟ වැටුප් ආදිය ලබා ගැනීමේ ක්‍රම, වෙනත් වරප්‍රසාද හා සුබසාධන වැඩපිළිවෙළ පිළිබඳ කොතෙකුත් රජයෙන් පුරසාරම් දොඩනු අපට මාධ්‍යය මගින් අසන්නට දකින්නට ලැබේ. නමුත් මේවා අලංකාර වචනවලට පමණක් සීමා වී ඇති බවක් හැඟී යන්නේ සුභාෂිනීලා වැනි කතුන්ගේ ඉරණම පිළිබඳව සිතන විටය. "රට විරුවෝ" නමින් රියැලිටි ෂෝ පවා අරඹමින් විදේශ රැකියා ප්‍රවර්ධන වැඩසටහන් දියත් කර විදේශ රැකියාවලට යෑම සඳහා ජනතාව පෙළගස්වමින් මේ සිදු කරන්නේ අපේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන අහිංසක මිනිසුන් එතෙර වහල් කඳවුරුවලට සිරකොට විදේශ විනිමය ඉපැයීමට පමණක් ද යන සැකය මෙවන් කතා ප්‍රවෘත්තීන් තුළින්  අප තුළ මතුවේ. 
    http://ratagiyaattho.blogspot.kr/

    කාන්තාරයේ අතරමං වී සිටි ඔවුන් දෙදෙනා කුඩා කල සිටම හොඳම මිතුරන් විය. නමුත් එක් වරම එක් මිතුරෙකු අනෙකාට මුහුණට වැරෙන් පහරක් ගැසුවේ ඔවුන් දෙදෙනා ඒ පැමිණි විනෝද ගමන සැලසුම් කරේ ඔහු බැවිනි. පහර කෑ මිතුරාට රිඳුනද ඔහු කරන ලද්දේ වැලි කතරේ වාඩිවී තම ඇඟිල්ලෙන් ''අද මගේ හොඳම මිතුරා මට පහරක් ගැහුවා'' ලෙස වැලි මත ලිවීම පමණි.

    කෙසේ නමුත් දෙදෙනාම තම ගමන අත් නොහැර දිගින් දිගටම එක් දිශාවකට ඇවිද ගියේ ක්‍ෂේම භූමියකට ලං වීමේ අරමුණ ඇතිවය. ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටුවිය, අවසානයේ ඔවුන් දෙදෙනා හට ක්‍ෂේම භූමියක් දැකගත හැකිවිය. සතුටින් උදම් වූ දෙදෙනා වහා වතුරට පැන දිය නෑමට පටන් ගත්හ. සිදුවූයේ නොසිතූ දෙයකි, පහර කෑ මිතුරා ජලයේ ගිලෙන්නට විය. වහා ඔහු වෙත පීනා ගිය අනෙකා තම මිතුරා රැගෙන ජලයෙන් ගොඩට පැමිණියේය. මද වෙලාවක් ගිමන් හරිමින් සිටි ගිලෙන්නට ගිය මිතුරා ගල් කැබැල්ලක් ගෙන ඒ අසල වූ ගල් තලාවේ මෙසේ සටහන් කරන ලදී. ''අද මගේ හොඳම මිතුරා මගේ ජීවිතය බේරුවා''

    මේ දෙස බලා සිටි අනෙකා ඔහුගෙන් මෙසේ විමසීය...

    ''මම කලින් ඔයාට ගැහුව වෙලාවේ ඔයා ඒක ගැන ලිව්වේ වැලි වල , ඒත් ඇයි දැන් ඔයා මෙතනදී ගල් තලාවේ ලිව්වේ???''

    එවිට අනෙකා මෙසේ පිළිතුරු දුනි...

    ''කෙනෙක් අපිව රිදෙව්වම අපි ඒක ගැන හදවතේ සටහන් කරන්න ඕනේ සමාව කියන සුලඟට ඒ රිදවීම හදවතින් මකලා දමන්න පුළුවන් විධියට. ඒත් අපිට කෙනෙක් හොඳ දෙයක් කරාම අපි ඒ ගැන ජීවිතේ පුරාවටම හදවතේ රැඳෙන පරිදි සටහන් කරන්න ඕන, කිසිම දේකින් එය මැකී නොයන විධියට.''