sha fm

    Tuesday 15 November 2016

    ඔයාගේ පඩියට ගහන අලුත්ම බද්ද

    Image result for sri lanka money
    මෙවර අයවැයෙන් වැටුප් Salary ආදායම් සඳහා බදු අයකිරීමේ ක්‍රමවේදය සංශෝධනය කර තිබෙන අතර මූලික වැටුපට සියලු දීමනා ද එකතු වූ විට වැටුප් ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා යන්නේ නම් ඒ සෑම පුද්ගලයෙකුටම බදු ගෙවීමට සිදු වනවා.
    නව බදු සංශෝධන වලට අනුව මාසිකව රුපියල් ලක්ෂය බැගින් වාර්ෂික ව ලක්ෂ 12ක් හෝ ඊට අඩු අදායමක් උපයන පුද්ගලයින් වැටුප් අදායම් සඳහා බදු ගෙවීමෙන් නිදහස් කර තිබෙනවා.
    මාසිකව රුපියල් ලක්ෂ එකහමාර බැගින් වාර්ෂිකව දොළොස් ලක්ෂයේ සිට ලක්ෂ 18 දක්වා ආදායමක් ලබන පුද්ගලයින් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩි වන ලක්ෂ 06 ක මුදල සඳහා 04%ක බද්දක් රජයට ගෙවිය යුතු වනවා.
    මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් වාර්ෂිකව ලක්ෂ 24 ක ආදායමක් ලබන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 12ක මුදල සඳහා රජයට ගෙවිය යුතු බදු ප්‍රතිශතය 08%ක්.
    මාසිකව රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ලක්ෂ 30 ක වාර්ෂික ආදායමකට හිමිකම් කියන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 18ක මුදල සඳහා 12%ක බදු ප්‍රතිශතයක් රජයට ගෙවිය යුතු වන අතර මාසිකව රුපියල් ලක්ෂ 03 බැගින් උපයන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 24 සඳහා රජයට ගෙවිය යුතු බදු ප්‍රතිශතය 16% ක්.
    රුපියල් ලක්ෂ 36 ට වැඩි වාර්ෂික ආයමක් හිමිකම් කියන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 24ට වැඩි සෑම මුදලක් සඳහාම 24% ක බදු ප්‍රතිශතයක් රජයට ගෙවිය යුතු බව නව බදු සංශෝධන යෝජනා වල සඳහන්.
    chart/

    No comments:

    Post a Comment